2012-05-07

අලේ අලේ මෙහේ--


අලේ අංකල්ගේ තවත් වික්‍රමයක් තමයි අද මම කියන්නේ.පොරගේ ත්‍රිවිල් එක හෙණ පරණයිනේ ,මම කලින් එ ගැන කියලා තියනවනේ.

අපේ ගෙදරට යන්න තියන පාරට හැරෙන්නේ හතරමන් හන්දියකින්. වමට හැරුනොත් තැනිතලා පාරක් , දකූණට හැරුනහම තියෙන්නේ පට්ට කන්දක්.ප්‍රධාන පාරේ නිතරම වාහන යනවා.පාර පනින්නත් අමාරුයි.

අලේ අංකල්ගේ අයියා කෙනෙක් ඉන්නවා ඔය කන්ද උඩ පාරේ.දවසක් එ අංකල් ඇන්ටිත් එක්ක රාගමට යන්ඩ එනකොට අලේ ඒ දෙන්නව පාස්කරලා ටිකක් දුර ගිහිල්ලා නවත්තලා දාගත්තලු ඩබලව.


''කොහෙද දෙන්නා යන්නේ''

''අපි රාගමට යනවා මල්ලි''

''එ පැත්තට යන්නේ මාත් ගිහින් දාන්නම්''

දැන් අලේ පල්ලම  බස්සනවා  හැටට හැටෙ , වයසක ඩබලත් ඉන්නවලු ගානක් නැතූව.හන්දියට ඇවිත් එකපාරටම මහපාරේ වාහන අතරින් දැම්මලු අනිත් අතූරු පාරකට, තත්පරයක් මිස් උනානම් හැප්පෙනවලු බස් එකක. එත් පොර සද්දයක් නැතූව එ පාරේ ඉස්සරහට යනව,  අලේට පාර මතකනැතූව කියලා හිතපු අංකල් කියුව මෙහෙම

''අලේ අලේ ඔහේ නෙමෙයි යන්ඩ ඔන මෙහෙ''


'''දන්නවා --------දන්නවා''


කොහොමහරි තවත් ටිකක් ඉස්සරහට ගිහින් නවත්ත ගත්තලු ත්‍රීවීල්එක , පස්ස හැරිච්ච අලේ


''මම බ්රේක් හදන්ඩ යනගමන්''


''තමුසේ මාර මිනිහෙක්නේ, අපිට කියන්ඩ එපෑ''


.''..........................
දෙන්නට හාට් ඇටෑක් නේද, කියුවනම් කන්ද උඩදි දෙන්නගේම හුළංයයි.................''

No comments:

Post a Comment

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>