2012-07-12

කාගෙද බං මූ



මේ සිද්ධිය මට කියුවේ මාත් එක්ක කාලයක් වැඩ කරපු ජයන්ත කියලා පොරක්,  හැබෑම  දක්ෂයෙක්, අදාල රස්සාවේ පහලම තැනින් පටන් අරගන වසර හතඅටක් ඇතූලත ඉහලටම ගිය පොරක්,නිතර  සතූටින් ඉන්න කපටි බුද්ධියක් තියන මිනිහට ඉන්නේ මට වාගේම දුවලා දෙන්නෙක්.

ජයන්තලාගේ ගෙදරට අල්ලපු ගෙදර ඉන්නවාලු ඇම්ඩන් ටයිප් කොල්ලෙක්,කොල්ලා කියුවට කොලු තාත්තෙක්.කොල්ලගේ නම ශාන්.ඒ කාලයේ පෙර පාසල් ගිය කොල්ලා උනාට කොල්ලත් එක්ක කතා කරලා දිනන්ඩ බැරිලු.දවසක් ජයන්ත උන්ගේ නැන්දම්මට කතා කරනවලු , කතා කරනවලු උන්දැට ඇහෙන්නැලු.ජයන්ත ශාන්ට කියුවලු ගිහිල්ලා උන්දැට කතා කරන්ඩ කියලා, මු ගිහිල්ලා කියනවලු මෙහෙම.

!! ආච්චියේ කන්දෙකේ හොටුද අන්න නල්ලමලේ බෑණා ගිරිය පුප්පගන කැගහනවා  උඹ මෙතන බණ පොත් පෙරලනවා !!

හිතාගන්න පුළුවන්නේ කොල්ලගේ තරම

දවසක් ඉරිදා දවාලක ආවාලු ජයන්තගේ අයියා.

 අයියාකාරයා ගෙට ගොඩ වෙන කොටම ශාන් කොල්ලා ආවාලු ඉස්සරහට.

කාගෙද බං මු කියලා ආදරේට කොල්ලගේ ඔලුව පොඩ්ඩක් අතගැවලු අයියාකාරයා.

අයියට රවල බලපු කොල්ලා දැක්කහම ජයන්තගේ ඇග හීතලවෙලා ගියාලු මූ මොනවා කියයිද කියලා.

කොහොම හරි අයියා ගෙනාපු බෝතලයත් ගහලා මදිහරියට ගෙදර තිබුන කොටයකටත් වග කියපු දෙන්නා දැන් නන්දොඩවනවලූ,

අයියා කාරයා දිහා සැරින් සැරේ ශාන් කොල්ලා බලනවලු දිරවන්නැති ඩයල් එකකින්, ජයන්තයත් සැරින් සැරේ බලනවලු කොල්ලා කොයි වෙළාවේ පටී රෝල් කරයිද කියලා.

කොහොම හරි අයියාකාරයා යන්ඩ කියලා නැගිට්ටලු,

ලොකූ මල්ලි මම එහෙනං ගිහිල්ලා එන්නං ඈ කියලා මැන් නැගිටලා එලියට යනවලූ ආයෙත් මොනවා හරි කියාගන ගෙට එනවලු.

මං යනවා කියලා එළියට බැහැලා ආයෙත් කුස්සියට රිංගලා ජයන්තගේ පවුලත් එක්ක කයිය ගහනවලු 

මං යනවා නංගියේ කියලා සාලේට ඇවිත් කෝමගේ කෙල්ලො දෙන්නා කියලා ළමයි දෙන්නත් එක්ක කයිය ගහනවලු 

මං යනවා එහෙනං කියලා  ආයෙත් ගෙට ගොඩවෙලා ...................ඒක නෙමෙයි ලොකු මල්ලි දැන් අර චමින්දලාගේ අක්කලා කොහෙද බං ඉන්නේ කියලා තව කතාවක් පටන් ගන්නවලු.

බැරිම තැන ජයන්ත අයියව ඇදගන ගේට්ටුව ලගට ඇවිත් 

අයියේ හවස් වෙනකොට පාරට පොලිස්කාරයෝ බහිනවා වැඩියි දැන් තමුසේ යනවකො කියුවලු. 

හරි හරි බං අවුලක් උනොත් එක කෝල් එකයි කියලා බයික් එක ලගට  ඇවිත්

බයික් එක ලග හිටපු ශාන් කොල්ලට මෙහෙම කියුවලු


මං ගිහිල්ලා එන්නං කොල්ලො එහෙනං ඈ


!!   යනවා කියලා කියකියා දැන් කීපාරක් ගෙට රිංගූවද, ඉතින්  දැන්වත් යන මගුලක පලයන්කො      -ත්තො    !!


4 comments:

  1. බීල කොරන මෙහෙම නාඩගං හිංදා නේන්නං යන තරමක් වලි යන්නෙ.ඕක කිව්වෙ පොඩි එකා නෙවේ නං බලන්න තිබුනා...
    රහයි කතාව

    ReplyDelete
  2. මෙහෙම කතා ලියන්ඩ එපාබන් තව පොඩ්ඩෙන් ඔෆිස් එකේ උන් හිතන්නේ මටපිස්සුවෙන් හිනාවෙනවා කියලා ,,,,එළකිරි ආ !

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>