2012-12-19

දරුවෙකුට වාගේ සලකන්නං





ලසන්ත මගේ පරණ මිත්තරයෙක් . දැනටත් හම්බුනහම එන්නං මචං යන්නං මචං කියලා යනවා.ඒ දවස්වලනං ඌට මට වඩා එකෙක් හිටියේ නැ , දැන්නං ඌ මට වඩා හොදට ඉන්න හින්දද , මම මජං නාගන ඉන්න හන්දාද මන්දා ''එන්නං මචං යන්නං මචං'' වෙලා.
 ඒ උනාට ඉස්සර එහෙම නැ . 
මම අදුරන ගෙදරක් හිතවත් කමට වයරින්ග් කරලා දිලා . ඒ මනුස්සයා මට දුන්න රුපියල් දාහෙන් හොද කලිසමක් නෑනේ  කියලා හිතලා මම මහගත්ත කලිසමත් , ගෙදර අරගන එන ගමන් ඕකට දුන්නා, 

''කොහෙද බං ගියේ''

''කලිසමක් මහන්ඩ දුන්නා ඒක ගේන්ඩ''

''උඹ දෙයියෙක්නේ බං මම මේ කාගෙන්ද කලිසමක් ඉල්ලා ගන්නේ කියලා හිත හිතා උන්නේ''

''අනේ පල ඩෝ යන්ඩ , මටත් අදින්ඩ කලිසමක් නැති හන්දා මේක මැහුවේ , මම එක දවසක් වත් අදින් නැතුව උඹට දෙන්ඩ . එහෙනං නාලා වරෙන්''

''එහෙම කරන්ඩ එපා බං මම දැන් දවස් ගානක් එකම කලිසම ඇදගෙන ගියා අරකිව බලන්ඩ, ඔය කලිසම හෝදන්නේ නැද්ද කියලත් ඇහුවා, මම ඒ කලිසමට කැමතියි කියලා ෂේප් උනා, මම හෙට විතරක් ඇදලා දෙන්නං දියංකෝ''


කියලා උදුරා ගත්ත කලිසම මාස හයකට විතර පස්සේ මට දුන්නා පස්ස පැත්ත පළලා,  ෆෝල්ට් එක පාගලා ඉරලා දාලා එහෙම . මම ඉතින් ඌට මොකවත් නොකියා කලිසම ගෙදර අරගන ගිහිල්ලා ගෙදර උන්ගෙන් හොදට අහගත්තා.

සටන් සාත්තරේ ඉගන ගන්ඩ පන්ති යනවා ඇරුනහම ,ගෙදරින් දෙන දෙයක් කාලා ඊට අමතරව ගෙදර උන්ව කකා හිටපු ලසන්තයා එක පාරට රස්සාවකට යන්ඩ තීරණය කරලා අපිටත් කියුවා,

''දැන් නිකා හිටියා ඇතිබං මට ජොබ් එකක් සෙට් උනා රෙස්ටුරන්ට් එකක මම ඒකටවත් යනවා''

''එළ..එළ කොහෙද බං ''

''  ---වේ බං , රූම් එහෙමත් තියන ටිකක් ලොකු එකක් ලු , අජිත් අයියා තමා සෙට් කරේ . බර තියන පොරවල් ඩ්රින්ක් එකට එහෙම සෙට් වෙන හන්දා ටිප් එක එහෙම හම්බෙනවලු''

''අඩේ එහෙනං උඹට හොද ගානක් කපාගන්ඩ පුළුවන් , පලයං පලයන්''


කොහොමින් කොහොමින් හරි ලසන්තයා රස්සාවට ගියා කියමුකෝ , 

දවස් පහලවකට විතර පස්සේ දවසක බුවා  ආවා නත්තලට ගෙදර ඇවිත් යන්ඩ , ‍ඒ ටික දවසට සැලකිය යුතු මුදලක් ටිප් එක විදිහට ලැබිලත් තිබුනා . 


'' එහෙනං ගෙදර ගිහිල්ලා අනිද්දා උදේට එන්ඩ , නෑවිත් ඉන්ඩ එහෙම එපා''

කියලා එන්ඩ ලෑස්ති වෙන කොට ‍ඒ රෙස්ටුරන්ට් එකේ අයිතිකාරයා ගමන් වියදමට කියලා වැඩ කරපු දවස් ගානට හරි යන මුදලකුත් මිට මොලවලා තිබ්බා, 

අපේ නත්තල් පාටියේ , දැන් ලසන්තයාට වෙන කතා කොරන්ඩ දෙයක් නැ .

''අඩෝ... පට්ට වන්ඩි වලින් පොඩි කෑලි පන්නගෙන එනවා බං හම්පඩ  නාකි
 -ත්තලා , උන්ට පාරේ යන්ඩ පණ නැ . කොහොම
-කනවද දන් නැ . සල්ලි බලේ බොල''

(අපේ එකෙක්)  ''එතන බඩුත් ඉන්නවද බං''

''අපේ හොටේල් එකේ නෑ මචං පිටින් අරගන එනවා සමහරක් උන්,
 බොසාට හොරෙන් වැඩ කරන එකෙක්  නිතරම එන  උන්ට ගෙන්නලා දෙන කෑලි දෙකක් ඉන්නවා ,ඒ දෙක අමු චා බං , උන් දෙන්නා අරූට ගානක් දෙනවා සෙට් කරලා දෙනවට''

''බයිට් නං තියනවා බං , පට්ට රහයි , අපිට නං එව්වා කන්ඩ හම්බෙන් නැ ජීවිතේට, සුද්දන්ට එහෙම ‍ටෝක් කරලා දෙනවා බං දඩමසුත් , දඩු ලේන්නු හිටං  සප්ලයි කරන උන් ඉන්නවා''

''දවස තිස්සේ ඉතුරු වෙන කොටටික ඇති බං සමහරක් දවසට අපි එකොලොස් දෙනාටම , මදි උනොත් එකතු කරලා කැෂියර් එකට සල්ලි දාලා . ගල් එකක් ගන්නවා''

(අපේ එකෙක් )  '' ගලුත් තියනවද බං''

''ලයිසන් නැතුවට ඕනම දෙයක් තියනවා බං, ගල්වල ඉදන් හත් අට දාහටත් යනකං බෝතල් තියනවා''

''උඹලත් දවසක වරෙල්ලා තව මාසෙකින් දෙකකින් , ෆන් එකක් අරගන යන්ඩ . කුකත් මාත් එක්ක ෆිට් , දෙන්නං කන්ඩ බොකු දිගඇරෙන්ඩ''

'' මේ විදිහට හම්බ කරන්ඩ තිබොත් මාස හත අටකිං බයික් එකක් ගන්න එක නතිංග් මචං''

(අපේ එකෙක්) ''මේ ඔය අයිති කාරයා කොල්ලෙක්ද බං''

''පිස්සුද ..තුත්තුවෝ හෙන වයසයි , පොර වැඩිය ගෙදර යන්නෙත් නැ ,හෝටලයේම කාමරයක ඉන්නවා, දුවලා  දෙන්නේ ඉන්නවා බං මාර ලස්සනයි , පොරගෙ පවුල ඊටත් ලස්සනයි, හැබැයි බං බොසා වාගෙම තමා උන්ගෙත් ලොකු කමක් නැ , අපි හැමෝටම අයියා ,කියලා තමයි කතා කරන්නේ''

''අපේ රූම්වල නිදාගන්න එක තමා බං අමාරුයි හෙන රස්නෙයි, අපි නිදාගන්නේ රෙස්ටුරන්ට් එකේ පුටු අයින්කරලා , මේස දෙකක් ලංකරලා එකට දාගන , ඔච්චර තමා අවුලකට තියෙන්නේ''

ඔය විදිහට ඉතින්  නත්තලත් සතුටින් ගතකරලා ලසන්ත ආයෙත් වැඩට ගියා

ඊට දවස් හතරකට පහකට පස්සේ විතර පස්සේ දවස උදේ පාන්දර මමත් කොහාටදෝ යන්ඩ ආවා ඒ කාලේ හිටපු  ගෙවල් ලග ගමනාන්තය තියන බස් එකට.
ටික වේලාවකින් බස් එක ආවා, මෙන්න යකෝ ලසන්තයා බස් එකෙන් බහිනවා, මූණත් හරි නැ.

''ලසා මොකෝ බං''

''වැඩන් නැ ඕයි ජොබ ඉවරයි මම ගෙදර ආවා''
''ඇයි මොකද උනේ''

''ඊයේ රෑ අර  -රියා ආවනේ මට  -රින්ඩ, දුන්නා කික් එකක් , පුටු අට්ටියක් පෙරලගෙන වැටෙන්ඩ , ගත්තා බෑග් එක , ආවා ගෙදර''
''කව්ද බං උඹට  -රියේ''
'' -රියේ නෑ  -ත්තෝ ...හම්.....මට අරින්ඩ මරණවා  -රියා''

ලසන්තයා පාර මැද්දේ ඉදගන දත්මිටි කනවා

''කව්ද බං මොකද උ‍නේ''

''  බොසා බොල , මම නිදාගන ඉන්න කොට මූ ඇවිල්ලා මාව අත ගෑවා බං,  මම ගැස්සිලා ඇහැරුනා , ඌ මට කියනවා 

''බය වෙන්ඩ එපා පුතා මම ...මේ මම  කෑගහන්ඩ එපා , චුට්ටක් මම කියන එක අහන්ඩකෝ කියලා''

''ඉතින්''

''මම නිදාගන හිටපු මේසයේ නිදාගන මාව අත ගගා ඌ කියනවා''

'' අනේ වස්තුවේ මම උඹ  කියන ඕන දෙයක් දෙන්නං මම කියන විදිහට හිටහං''

''අනේ බොස්  මම ඔව්වට කැමති නැ කරුණාකරලා අත අහකට ගන්ඩ , මට පාඩුවේ ඉන්ඩ දෙන්ඩ , අච්චර ලස්සන නෝනා කෙනෙක් ඉන්ඩැද්දි මොනවද මේ කරන වැඩ''


''වයිෆ්ගෙන් මට කිසි සතුටක් ලැබෙන්නැ මම කැමති ඔයා වගේ ලස්සන කොල්ලන්ට , මම කියන විදිහට හිටහං රත්තරන් කොල්ලෝ''
''සර් කරුණාකරලා වද නොදි යනවද , මම ආවේ වේටර් කමට මිසක්  -ක දෙන්ඩ නෙමෙයි , හෙට උදේම ගෙදර යනවා මම ''

''අනේ එහෙම කරන්ඩ එපා පුතා , මම කියන එක අහගන හිටපං මම උඹට මගේ දරුවෙක්ට වාගේ සලකන් නං''  කියලා මාව ඉම්ඹනේ බං ඌ

( මම ) '' ඉතින්....... ඉතින් ''

( ලසන්තයා ) කෙලලා ඇරියා පයිං දෙකක් පුටු අට්ටියක් පෙරලාගන බිමට වැටෙන්ඩ , බිම වැටිලා  කොන්ද අල්ලාගන කෑගහද්දි ගියා ලගට , අල්ලා ගත්තා බෙල්ලෙන් 

'' තමන්ගේ දරුවන්ට   -කේ  -රිනවද  -රියෝ ''

No comments:

Post a Comment

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>