2015-03-31

ජනරංජනී


‘‘ගාට් නෝනා ගාට් නෝනා කෝ ගෙදර කවුරුවත් නැද්දෝ‘‘

‘‘ආ මේ සොපි නැන්දනෙ‘‘

‘‘උදේ වැටිල තිබුන රටඅඹ .......කොලුවට දීල යන්ඩ ආවා , මයේ කිරි ගෙනාපු හොර්ලිස් බෝතල් දෙකකුත් මෙහෙ නේද නෝනා‘‘

............අනේ එයාගෙ අඹේ ............එනව මෙතන මට අඹ කවන්ඩ .......මට තියෙන්නෙ ලෑටි පුකකුයි ..........පුක මැස්සෝ බීලයි කිය කියා , ලොඹු කටෙං ලොඹ ලොඹ ගගා,  .....අපිටත් ඕන්නං ඔය තියෙන් යාපනේ අඹයි , පොල් අඹයි ...............දැං ඕක මේං කියලම හම්බෙයි මට ...........හැමදාම කනව කියයි ...අඔ හරි සැරයි කියයි තුවාල දානව කියයි. හංගගන ඒ දෙන්නා කයි..................ආව මෙතන

‘‘අම්මේ මට ඉස්කෝලෙ යන්ඩ ඕන ‘‘

‘‘යන්කො යන්කෝ දැං හොද පුතා වගේ ඇද උඩට වෙලා අකුරු ලියන්ඩකෝ‘‘

‘‘ඇට්ටිච්චා වගේ ඉදගන වයසක්යැ ඉස්කෝලේ  යන්ට ‘‘

‘‘ නැ නැන්දේ ජනවාරිනෙ , අවුරුද්දක් කලින් ඉස්කෝලෙ ගිය හැකි , සාවස්තිපුර මොන්ටිසෝරියක් තියනව කියල අපේ එක්කෙනා කියුවා , ලබන අවුරුද්දෙ ගමේ අරිනකං ඒකටවත් දානව‘‘

‘‘එතකොට එක ළමයෙක්වත් ගෙදර කොයි‘‘

‘‘ලොකු දුවට නං එන්ඩ බෑලු චූටි දුවවවත් ගෙන්න ගන්නව . මේ කැලේ ඉස්කෝලෙට නං දාල හරියන් නැ කෙල්ලව , අනුරාධපුරේටවත් දානව , උදේට අරය වැඩට යන කොට බයිසිකලේ ඇරල දවල්ට මට බස් එකේ ගිහින් ගන්ඩවත් බැරියැ‘‘

‘‘අම්මේ...වැලිආත්ත ගහේ ගෙඩි ඉදිල ඇති ‘‘

‘‘යන්නෙ එහෙම නැ ..ඒ පැත්ත පලාතෙ දැක්ක නේ එදා හිටිය නයා ‘‘

‘‘නයා ආයෙත් ආවෙයි‘‘


‘‘ එකනේ නැන්දෙ බලන්ඩකො ඒකා දැන් යන්නෙම නැ , ඊයේ දවාලෙත් තැඹිලි පැලේ උඩ උන්නා , ගිය ඉරිද අපි රේල් පාර දිගේ ඇවිත් ලිද පැත්තෙන් වත්තට පැන්නා , බුරුත ගහ මුලින් එනකොට .....පුෂ්......ගාල පිම්බහමයි  දැක්කේ  මේක ඉන්නව මුල උඩටවෙලා , අපේ මනුස්සය ගෙට ඇවිත් තුවක්කුව ගේනකලුත් ගියේ නැතුව පෙනේ කරගන හිටියනෙ‘‘

‘‘මරන්ට දෙන්ට එපා ..ඔය එන්නේ නෝනලගෙ ආරස්සාවට ..දැක්කනෙ එදා පෑගිලාවත් කැවේ නැ නේ.....මෙතුවක් කාලෙකට මං ඔහෙම දිග එකෙක් දැක්කමයි , ...දිස්නෙ ගහන පාට ............නයෙක් නෙවෙයි නාග රාජයෙක් වෙන්ටැ ‘‘

‘‘කොහෙද නැන්දෙ පොඩ්ඩක් කටේ ගාගත්තහම කියන එකක් අහන එකක් යැ , පොරකාල උදුර නොගන්ඩ මේ මිනිහ වෙඩි තියනව .....පවුකාර කම ..බකමූණටත් වෙඩි තිබ්බ මිනිහනෙ‘‘


‘‘නයි මැරිල්ලනං පරංපරාවකට සහගහන වැඩක් නෝනේ ඔය ආනංතරියනං කොරන්ට දෙන්ට එපා‘‘

‘‘ ඒකනේ නැන්දේ........ ඔය අපේ ලොකු මල්ලි ඒ දවස්වල ගෙදෙට්ට ආපු නයෙක් මැරුවා , ඒකද කොහෙද ඔච්චර හොදට ඉගන ගනත් රස්සාවකුත් නැ , පලස්තාවකුත් නැ ‘‘

‘‘..අපේ අමාමෑනියන්ට සතියක් සෙවන දුන්න මුචලින්ද කුලේනෙ දෙයිහාමුදුරුවනේ‘‘

‘‘අම්මේ මං ජනරංජනිලැ ගෙදර යන්නං ‘‘

‘‘හැබැයි මංඤක්කා ගස් අස්සෙ රිංගන්නැ හරිද ‘‘

‘‘මං මොකටද එහෙ යන්නේ මංඤක්කා කොටුවේ මල්ලිල ගෙදර නැ එයාලගේ අම්මත් එක්ක නංගියෙක් හරි මල්ලියෙක් හරි ගේන්ඩ කියල ඉසිපිරිතාලෙ ගිහින්‘‘

‘‘කවුද නෝනේ ජනරංජනි කියන්නේ‘‘

‘‘ඔහේ ඇති එකෙක් නැ නැන්දේ අකුල් අස්සේ රිංග රිංග තනියම කියවනව.... .මෙතන මනුස්සයෙක්ට එන්ඩ නැ වචනයක් දෙකක් කතා කරන්ඩ නැ මයේ අස්සෙම රිංගනව , දැං ඔය නැන්ද ඉන්න හන්ද ඔය‘‘

..........මට අරක මේක කිය කිය ගුටි ගගහ ....මං ටල්අම්මලැ දිහැ ගියහම බලාගන්ඩ බැරියැ මෙයා තනියම ඉන්න හැටි ....අඩ අඩා...............

බයිසිකලේම යනව ,  මංඤක්කා කොටුවෙ මල්ලිත් නැති එකේ ජනරංජනීට හොදට බයිසිකල් පැද්දහැකි , ඒ මෝඩය ඉන්නකොට ඒ ළමයට පදින්ඩ දෙන එකක් යැ , .................බ්රුම්  බ්රූම්.....ඇම්ම්ම්ම්ම්....ම්ං..ම්...........කරාස්.....

...............ජනරංජනී.    ...ජනරංජනී......ඔයාල ගෙදර නැද්දො ..............ජනරංජනීලැ නැන්දේ....ජනරංජනිලැ නැන්දෙ..............කෝ අප්පා මේ ගොල්ලො ගෙදර නැනේ........ මංඤක්කා මල්ලිලැ චුටි බබාව ගේන්ඩ මේ ගොල්ලොත් ගිහින්ද දන්නැ .............එ්ත් මීයුවත් පේන්ඩ නැනේ .................මීයු ...මීයු .......ඉසේ ඉසේ......ඉසේ...ඉසේ.......මියු මියු ....පූස් ..පූස් ...පුස් ඉදා පුස් ඉදා..............කවුද අප්ප ඉස්පිරිතාලෙට පූසන්ව එක්ක යන්නේ............

.............සෙල්ලං කරන්ඩ කෙනෙකුත් නැ , කම්මැලිත් එක්ක ....බෙරයත් අරගන ඇවිත් පෙරහැරක් ගියානං හරි ...........ඒකටත් කෑගහයිද දන්නැ .....එහෙම කොහෙද තාත්තගෙනේ බෙරේ, එයා මට ලණුවකුත් දාල දුන්නේ බෙල්ලෙ එල්ලගන පෙරහැරේ යන්ඩනෙ................කුස්සි දොරෙන් ගිහින් හොරෙන්ම අරං එනව එතකොට කොහෙද අම්ම දකින්නෙ

‘‘ඒ පාර කොහෙද ඔය ඩෝලේ උස්සං යන්නෙ ‘‘

‘‘ මරවිසේට ඕක පලල දායිද දන්නැ නෝනා එහෙම උනොත් මහත්තය එක්ක මේකෙ වසන්ටද ‘‘

‘‘ඔන්න ඔහේ ඕන මගුලක් කරගත්තදෙන් නැන්දෙ ...නැත්තං මං  නිදහසේ කනක් ඇහිල ඉන්ඩද‘‘

‘‘ඕකත් එල්ලල අරින්ටයි තියෙන්නෙ මහතුන්ගෙ දේවාලේ උඩැක්කි ගහන්ට‘‘

කටේ හැටි.... ..මට අනං මනං කිය කිය ....එනකොටම රෝසිවත් කන්නැනේ කකුල .......අපේ ටල් අම්මනං එහෙම නැ ...ලස්සනට දතුත් තියනව සුදුම සුදුයි ....මෙයා නං කුණු පාටයි.

ඩං කුටු ......කුටු .....කුටු ....ඩං කුටු ....කුටු ....කුටු ...ඩං කුටු ...කුටු කුටු....ඩකුටු ..ඩඩං

ඩෙං කුටු...... කුටු ....ඩෙං කුටු..... කුටු ...ඩෙං කුටු ....කුටු .......ඩෙකුටු ....ඩෙගං

චැ ..චෑ ..ඒකත් හරියන්නැ ..කෝ නැට්ටුවේ..කෝ කසකාරයෝ.....තනියම මම අලියෙක්වත් වෙන්ඩ යැ....මේ බෙරෙත් උස්සගන .......... ගමේ ගියහමනං මට ෂෝක්එකට තියෙයි , සුදු මැනිකෙ නංගියි , කුමාරි අක්කයි , ලොකු නංගිලයි , වාසනා නංගිලත් එයි , එතකොට අපිට ඉස්කෝලයක් දැම්මහැකි .........නැ..නැ...දානව ඉස්පිරිතාලයක් ....මං දොස්තර වෙනව ...නර්ස්ල වෙන්ඩ ඔය ඉන්නෙ කෙල්ලො පේලිමක්ම..........


............ඇත්තටම මේ බෙරෙං කොහොමද අප්පා සද්දෙ එන්නෙ ..........., තාත්ත කියුවට මේකට හයිකරල තියන හමෙන් එනව කියල .......එහෙනං වෙන ඒවට ගහනකොටත් මෙහෙම සද්දෙ එන්ඩ එපැය , අනික එයා ගහන කොට එක විදිහක් මං ගහනකොට තව විදිහක්..........මේක එයාගෙ හන්දද දන්නැ.............බාගදා මාව රවට්ටන්ඩ කියුවද දන්නැ ..........රේඩියෝ එකේ සද්දේ එන්නේ ඒක ඇතුලෙ ඉදං සින්දු කියල නෙමෙයි , කොළඹ ඉදං , අනුරාධපුරේ ඉදං කියන සින්දු හුලං දිගේ ඇවිත් කියුවට ......කෝ එහෙනං ලොකු අක්කයි චූටි අක්කයි කියන ඒවත් මට ඒකෙන් ඇහෙන්ඩ එපැය .................මොකක් හරි හොරයක් තියන හන්දනෙ රේඩියෝ එක ගලවල බලමු කියුවහම... ..බෑ කියල .....අල්මාරිය උඩිනුත් තිබ්බෙ.

........මේක පලල බැලුවනං හරි මේ තියෙන්නේ කැඩිච්ච කුඩේ මිට ...........කුඩ ණනේට අත කැපිල ආයෙත් අල්ලන්ඩ එපා කියල අම්ම විසික්කරාට මට කියුවේ නැනේ කුඩ මිට අල්ලන්ඩ එපා කියල .

.........දබං.....දබං....දබං...දීං.......

...........මේක ඇතුලෙ මොකවත් නැනේ ..........අපරාදේ ..............දැන් පොඩි පැත්තට ගැහුවටත් සද්දේ නැ ,.......  කවුද මේක පැලුවෙ කියල ඇහුවහම මොකද කරන්නෙ.............අම්ම නාන්ඩ ගියහම සද්ද නැතුව මේක ගිහින් තියනව ...එතකං කොස් ගහ මුල තිබිච්චාවේ , ආයේ තාත්ත මේක හොයන්නේ කවුරු හරි ඇවිත් අරක්කු බීපු දවසටනේ.............අවුරුද්දත් ලගයිනෙ

 .......සුදු මල්ලි දැන්නං සිංදුවක් ගැහුවනං හොදයි ඇරං එමුකෝ ඩෝලේ ...........කියුවහම පත්තර පත්තු කරල පුච්චල එහෙම ගන්නේ සුදු මාමනේ එයාව  අහුවෙන්නැතැ පැලිච්ච එකට ...........

.....සීනි අහුරක් කාල වතුර ටිකක් බිලා ඇවිත් බයිසිකල්වත් පදිනව.......මේ තියෙන්නෙ අම්ම බැද්ද මුං කැවුං මුට්ටිය මේස යටට දාල .......අවුරුද්දට කන ඒවා කලින් කන්ඩ හොද නැ කියල මට එකක්වත් දුන්නැ ...ලෝබ කමට පත්තර කොල දාල කට බැන්ද ...සීනී එපා කනව කැවුං .........

මේ මොනවද එතකොට සිමෙන්ති කවරයක් අස්සේ දාල තියෙන්නෙ......ආව් ..ආව්..රතිඥඤ පෙට්ටියක්.....කඩල බලන්ඩ ඕන ...හම්ම්  සුවද.....තාත්ත පත්තු කරන විදිහටනං මේක මට පත්තු කරන්ඩ බැ ......අරගන ගිහිල්ලා පිලිකන්නෙන් තියල , ....ගිණි පෙනෙල්ලක් අරන් ගිහින් මේක උඩට දාන්ඩ ඕන ...........


.........තාත්ත රතිඥඤ පත්තු කරන්ඩ කලින්  නුල්වල තියන මේ කොල ඉරල ගලවල දානව .....හම් දැං හරි ....ගිනි පෙනෙල්ල ගෙනත් දාල බඩඉරුගු ගස් අස්සේ හැංගිලා බලා ඉන්ඩ ඕන ....මේකට නං මට අම්මගෙන් ගුටියක් දෙකක් කන්ඩ වෙනව මයි , තාත්ත ආවහම බැරියැ එලියට එන්ඩ.........

......කෝ අප්පා තාම නැනේ .......ෂික් ...මට අමතක උනානේ තාත්ත වගේ ගිනිපෙනෙල්ලට පිඹල ඉවරවෙලා රතිඥඤ උඩින් තියන්ඩ ..........ගිනි පෙනෙල්ල අහකට වැටිලද කියල ලගට ගිහින් බලන්ඩත් බැ ....මං යනකොටම පිපුරුවොත් එහෙම........

ඩෝං...පටොං ...ඩිඩිං ...ඩං...ඩං.....දඩබඩං....දඩදඩං...ඩංඩං...ඩං....

‘‘ පුතේ පුතේ උඹ කොහෙද මයේ පුතේ..............අනේ බලන්ඩ නැන්දේ .......මේ වරත්තුවා කරල තියන වැඩේ.....අදනං මං මූට ‘‘

‘‘ඔය කොහේ හරි අකුලකට රිංගල නැතැ , දෙන්ට එපා කන්ට මරවිසේ බහිනකං‘‘

‘‘ කන්ඩ නෙමෙයි මම අද උන්දැට දෙන්නේ , අම්මප මේ පොල්ලෙන් ගහනව නැන්දේ මලත් කමක් නැ‘‘

‘‘ හපොයි නෝනේ මෙන්න මේකත් දෙපලුවෙලා, අරින්ටයි තියෙන්නේ මග්ගොන‘‘

‘‘ හැංගිලා ඉන්න තැනකිං වරෙන් කොල්ලෝ එලියට , කැලේ අස්සේ රිංගල සත්තු සරපයි එල්ල ගන්නේ නැතුව , මහ මිනිහ එනකොට මම තෝව එල්ලල තියනව කොහොඹ ගහේ ‘‘

......වෙනදට නං මරනව කියල නොමැරුවට අදනං අම්මා මාව ඇත්තටම මරයිද කොහෙද , පේන්නැද්ද අතේ තියන පොල්ල , එදා කක්කුස්සිය අස්සේ හිටිය පොළගට තාත්ත ගැහුවෙත් ඔය පොල්ලෙන් . දෙපාරද තුන්පාරද මන්ද ගැහුවේ , ......පොළගත් මැරුනා ...........ඔය පොල්ලෙන් ගුටි කෑවොත් මටත් වෙන්නේ ඉස්කෝලෙත් නොයා මැරෙන්ඩ . එතකොට මං කොහොමද ගෙවල් හදන්නේ , වාහන හදන්නේ , ගල් කඩන්නෙ .......

..........මෙහෙම්ම කැලේ අස්සෙන් හැංගිලා වැව අයිනෙන් පැනල රේල් පාරෙන් ඉස්ටේසමට ගිහින් නගිනව කෝච්චියට ......වේයන්ගොඩිං බැහැල නගිනව රතු ඉරි තියන රුවන්නැල්ල බස් එකට, ............ඉහලගම සමූපකාරේ ලගින් බැහැල යනව ටල්අම්මලගේ ගෙදර .....බලමුකෝ මං නැතුව ඉන්න හැටි ................

75 comments:

  1. පට්ට ඇම්ඩෙක්.. හැක්

    ReplyDelete
  2. මේ උඹ කරපු වැඩක් නේද බං.

    ReplyDelete
  3. ඒ ඇට්ටර පොඩිකම පට්ටම පට්ටයි...
    'ටොම් සෝයර්', හරි අපූරු ඉස්කෝලෙ හිටපු 'ටොට්ටෝ චං' එහෙම මතක් උනා..
    මේ වයසට තියෙන කුතුහලේ... තියෙන අටෝරක් ප්‍රස්න.. හිතෙන් මවාගෙන්න ලෝක... හරි රහයි අප්ප..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඉදල හිටල එහොම කලාට ඉස්සර මං අහින්සකයි

      Delete
  4. පුදුම ඇම්ඩෙක් තමා මේ යකා.

    ReplyDelete
  5. තිලක් ගුණවර්ධන මහත්තය මිය පරලොව යන්න කලින් අටංව ඇහැ ගැහුනෙ නැත්තේ අපේ අවාසනාවට!
    බලමු සුසිරන් ද සිල්වාට වත් මුලිච්චි වෙයිද කියල!!

    ReplyDelete
    Replies
    1. ත්ස්ස අයියා...මගේ ලිවිල්ලට ලැබුන පලවෙනි උත්පේරකය , සුමිත් අයියත් හිටියනං

      Delete
  6. මහම මහ ඇට්ටර කොල්ලෙක් නෙ අප්පා. ඇත්තටම අටම් මේ ඔයාම නේද? ඉස්සර කොහොමට ඉන්න ඇතිද? කියල හිතා ගත්තැකි.

    ReplyDelete
    Replies
    1. අනේ නැ මං ඉස්සර අහිංසක ළමයෙක් , හැබැයි දකින දකින එක පලල බලනව ඇතුලෙ මොනවද තියෙන්නෙ කියල

      Delete
  7. ඌරාපොලයි ගෝනගල්දෙනියයි අතරේ තියන පාලු රබර් වත්තක ඉඳලා කවුරුහරි කොල්ලව බස් එකෙන් බස්සවාගනියි. බලාගෙන යන්නේ.

    මූට ලැප්ටොප් එකක් දුන්නොත් මොනවා කරයිද?

    [im#]https://jangun.files.wordpress.com/2015/03/screenshot-18.png[/im]

    ReplyDelete
    Replies
    1. ආයෙත් පොටෝ සින් එක වැඩ නොකර තිබිබනෙ ...දැන් හරි.

      බය වෙන්ඩ ඒන මගින් බහින්ඩ නෙමෙයි රුවන්නැලි යන්ඩ .....ඔය කියන කාලේ ඔය මහත්තැං එහෙ නේද උන්නෙ

      Delete
  8. එතකොට මං කොහොමද ගෙවල් හදන්නේ , වාහන හදන්නේ , ගල් කපන්නෙ, මැෂින් හදන්නෙ....... ඔහොම නේද එන්න ඕන.

    ReplyDelete
    Replies
    1. මං උඹ වාගේ කොල්ලන්ව දං කඩන්ඩ එක්ක යන් නැ

      Delete
  9. පට්ටම රහයි.. අවුරුදු තිස්පහකින් තරුණ උනා..

    ReplyDelete
    Replies
    1. ඇ එත කොට දැං වයස විස්සයිද

      Delete
  10. මේක නම් පට්ටයි ඈ! ටොම් සෝයර්ව මතක් උනේ. ඇයි ලොන්නබැරියේ එමිල්. ඌත් ඔහොමයි. මේ කතාව තව දිගට ලියමුකෝ. ආසයි කියවන්න.

    ReplyDelete
    Replies
    1. එමිල් ඊඩාව කොඩි ගහේ ඉස්සුවේ පරම පවිත්‍ර චේතනාවෙන් නෙව..
      කැප් තොප්පෙයි කැප් බටෙයි අරන් වෙඩි තිබ්බෙ..
      අඩුවක් පාඩුවක් නැතිව පොඩි කම ටච් කොරපු ජනරංජනී මේවට දෙවනි වෙන්නෙ නම් නෑ...
      බස්සි කිව්ව වගේ කතා පෙලක් හදමු අයියෙ.. නියම අදහස.

      Delete
    2. ලොන්නබැරියෝ කියනකොට මට කුප්ප කතාවක් හිතට එනව බං

      Delete
    3. පෙලට ලියන්ඩ ගිහින් අලට හැරෙයිද දන්නැ

      Delete
  11. හෙහ්..අටම්..නියමයි...කොල්ල මරු වැඩකාරය නේද?...මගෙත් හිටිය පොඩි කාලෙ ඔයවගෙ කාටවත්ම පේන්නැති යාලුවො තුන්දෙනෙක්...

    ඊ-මේල් වලින් ගෙන්න ගන්න දාපං උඹේ ලිපි..නැත්තං මඟ ඇරෙනව බං...:)

    ReplyDelete
    Replies
    1. කාටවත්ම පේන්නැති යාලුවො ගොඩ දෙනෙකුට ඉන්නව , විශේෂයෙන් කතා කාරයන්ට කවි කාරයන්ට ,

      අදටත් මං තනියම කියවනව සමහරක් වෙලාවට

      ඔන්න ඒ ගැජට් එකත් දැම්මා , මං හිතුවේ නැ ඒක එච්චරටම වැදගත් කියල නැත්තං කලින්ම දානව

      Delete
  12. මේක අළුත් අවුරුදු කෙටි කතාවක් නම්.. මම මගේ ජීවිතයෙදි කියවපු හොඳම අළුත් අවුරුදු කෙටි කතාව..

    අගේ කොරන්න වචන නෑ බං.... වල්ල පට්ට එක්ස්පෝට් කරලා හදපු එක්ස්පෙන්සිව් ෆ්‍රෙන්ච් පර්ෆියුම් එකකටත් වඩා වටිනවා.. අම්මපා....

    ReplyDelete
    Replies
    1. මාතලමෝ ඔහේ මට දිරවන ජාතියේ ඩයල් එකක් නෙවෙයි. ඒත් මෙතනදී උඹත් එක්ක 100%ක් එකඟයි.

      ++++++++++++++++++++++++++

      Delete
    2. අළුත් අවුරුදු කෙටි කතාවක් කියලත් ගත්තහැකි නේද

      Delete
    3. චෝයි ඇනෝ කෙනෙක්

      Delete
  13. අර කිව්වත් වගේ ටොම් සෝයර් කෙනෙක් තමා. අටම ආයි ට්‍රැක් එකට වැටිල ඉන්න එක ගැන සන්තෝසයි. මගෙත් ඔහොම සිද්ධියක් තියෙනව, ලියන්ට ඕන.

    ReplyDelete
    Replies
    1. පරණ රටාව මගෙන් ගිලිහුනා කියල පිලි ගන්නව

      ඒ කතාවත් ලියමුකො

      Delete
  14. මූ ටිකක් ලොකු උනානම් එහෙම කොහොම තියේද...දැන් මරවිසේ...ඊලගට *(*&&^ විසේ....

    ReplyDelete
    Replies
    1. මේ දවස් ටිකේ ගෙදර තනියම නේද

      Delete
  15. ජජනරංජනීයයි...ජනරංජනීයයි.....
    ගාට් මහත්තයා ඩෝල ගහනවා කියලා දැනගත්තේ අද....
    ටල් අම්මලැයි දිහා ගියානම් ඉතින් අපිට මෙහෙම කථා කියවන්න වෙන්නේ නෑ..මොකෝ ඒ දවස්වල පොඩි ඈයොන්ව උස්සනවනෙව කරවල වාඩිවලට...
    බුදු අම්මේ මමත් පොඩිකාලේ කී සැරයක් ගෙදරින් පැනලා ගියාද (හිතෙන් විතරයි )...

    ReplyDelete
    Replies
    1. මම නං මෙදා යන්ඩමයි හිටියේ , කොහෙද මවුයානේ අහල පහල එවුන් ගෙන්නල කැලේ වටලල මාව අත්අඩංගුවට ගත්තනෙ

      ඉස්සර වගේ ලියන්ඩ කියල හිතුවා කාලේ තමා හරස් වෙන්නෙ

      Delete
  16. කතාවේ පටන් ගැන්ම හරිය කියවද්දී තේරෙන්නේ පළපුරුදු නවකතා කාරයෙක්ගේ කතාවක් වගේ.. ඔයාගේ මේ ස්ටයිල් එක නියමයි නවකතා වලට..

    එක්සලන්ට්

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන් උඹ මාව අන්දන්ඩයි හදන්නේ

      Delete
  17. අඩේ මරු ඈ...අටං අයියගේ කතාවද මංදා හැබැයි....

    ReplyDelete
  18. අනේ මන්ද අටම්.... පොස්ටුවත් හරි ඔයාගේ මාතෘකාවත් හරි! අම්මප වෙන එකක් තිබ්බෙම නැද්ද හැබෑට? එක අතකට මේ වගේ දෙයක් ලියල අහවල් නමක් දාන්නද නේද?

    පිස්සු හැදෙන පොඩි එකෙක්ගේ ජිවිතයක්. ඇඟේ මාළු නටනවා ඇති අම්මලා තාත්තලාට නම්

    ReplyDelete
    Replies
    1. මට තියන ලොකුම අවුල තමා ෆොටෝ දැමිල්ලයි නං දැමිල්ලයි

      එයාලට වඩා මගෙයි මාලු නැටුවේ ඒ කාලේ

      Delete
  19. මේ වගේ කොල්ලෝ ඇත්තටමත් ඉන්නවා. ටල් අම්මා කියන්නේ උඹලාගේ ආච්චි නේද ? ශෝක් කතාව බං. ඒකාංගික ටෙලියකට හොඳයි.

    ReplyDelete
    Replies
    1. ටල් අම්මා මැරුනා බං දැනට අවුරැදු දොලහකට විතර කලින්

      Delete
  20. එළ කොළු පැටියෙක්...
    අපේ එකාට තාම අවුරුද්දයි මාස නමයයි.
    ඇටිකිත්තෙක් වගේ හිටියට ඌ දැනටම ඇම්ඩන් ගති ලක්ෂණ පෙන්නුම් කරනවා.
    උගේ පස්සෙන් දුවලා ඉවරයක් නැහැ.
    ඇහැ අහකට ගත්තු ගමන් එක්කෝ මේසයක් උඩ, නැත්නම් වැට අයිනට ගිහින් පහළ ගෙදර පුංචි අක්කල තුන්දෙනාට ටෝක් කරනවා...
    ඇඳුම් අල්මාරිය, පොත් කබඩ් එක එහෙම ඇරලා තිබුනොත් බඩුම තමයි. ඔක්කොම බිමට ඇදලා දානවා

    ReplyDelete
    Replies
    1. අපි හොදයි දැං ඉන්න උන්ට වඩා , ඔය අපේ ගෙදරත් ඉන්නේ නහයේ මදටිය ඇටයක් දාගන කියුවලු හාමිනේට ..හච්චිමක් ඇරල එලියට ගම්මු කියල

      Delete
  21. Replies
    1. මාරයෙක් කියලත් කියුවා මට මල පැන්නහම

      Delete
  22. පික්ෂු ඇම්ඩා ටයිප් කොල්ලෙක්නෙ අෆ්ෆා .

    ReplyDelete
  23. අණ්ඩපාලයෙක් නෙ මූ... උඹේ කතාවක්ද මන්ද මේ කිව්වෙ.

    ReplyDelete
    Replies
    1. අපේ අම්මගෙන් මං නියත විවරන ලබල ඉන්නේ මෝඩයෙක් කියල

      Delete
    2. සජ්ජො : වෙන කාගේද...!!

      Delete
  24. අනේ මන්දා අටමෝ...මෙව්වා අගේ කරන්න වචන හොයාගන්න එක තමයි ප්‍රශ්නේ.

    සුපිරි ලිවිල්ලක් තමයි ඉතින් ආයේ එකෙන්ම..

    අර කොල්ල පට්ට ඩයල් එකක් නේ බන්...

    ReplyDelete
    Replies
    1. අදටත් කොල්ල පට්ට ඩයල් එකක් තමා

      Delete
  25. //සාවස්තිපුර මොන්ටිසෝරියක් තියනව කියල අපේ එක්කෙනා කියුවා//
    //කෙල්ලව , අනුරාධපුරේටවත් දානව //
    //ගිය ඉරිද අපි රේල් පාර දිගේ ඇවිත් ලිද පැත්තෙන් වත්තට පැන්නා//
    //අනුරාධපුරේ ඉදං කියන සින්දු හුලං දිගේ ඇවිත් කියුවට//

    මේ ටික කියද්දී තාත්තා මාරුවෙන වාරයක් පාසා රටවටේම ගියපු,ශාවස්ත්‍රිපුර ස්ටේශම ලඟ කාලයක් පදිංචිවෙලා හිටපු දැන් රාගම පැත්තේ පවුල් පන්සල් වෙලා ඉන්න ඇම්ඩන් කොල්ලගේ අත්දැකීම් මේකේ නෑ කියලනම් කියන්න එපා.
    කතාව එල.ඇත්ත හරි රහයි බං මවාගන ලියන ඒවට වඩා.සිරාවට අර රතිඥඥා කේස් එක උඹ කලාද බන්?ටොම් සෝයර්,හක්ල්බරී ගැන කතාකරන අපිට අපේ රටේ මේවගේ චරිත කොච්චර මග ඇරිලා ඇද්ද?
    මටත් හිටියා පොඩිකාලේ හිතින් මවාගත්තු හෙන සෙට් එකක්.ඒකේ හොඳම යාළුවගේ නම "සුනිල්".හැබැයි මම කාටවත් ඇහෙන්නනම් කතාකලේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් බං ඇත්තටම එහෙම කලා

      මමත් ඔව්වා ඇහෙන්ඩ කියුවේ නැ

      ඒ උනාට අනිත් උන් හොරෙන් අහගන ඉන්නව

      Delete
  26. ඒකාලෙ ජනරංජනී... දැං මොන රංජනීද ..???
    අපි හැමෝටම ඉන්නව බං ඔහොම රංජනීල ...
    ඒත් ඔහොම ලස්සනට ලියන්ඩ බැරි එකනෙ වැඩේ .....

    ReplyDelete
  27. පොඩි ලමයි ගෙවල් වලින් පැනයාමට යොමුකරන මෙවැනි පෝස්ට් නිසා අපරාධ වැඩි වේ ඒ නිසා මේවා තහනම් කල යුතුය...
    -පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    පොලීසීයට හෙනගහපන්.....පට්ටම පට්ට කතාව.....
    මේ කතා සීරීස් එකේ අනිත් ඒවාත් ඉක්මනට දාමු...

    ReplyDelete
  28. පොඩි අටංගෙ වැඩක් කිව්වා? අප්පුච්චාගේ ළමා කාලෙ හිතාගන්ට ඇහැකි. නියම ඇම්ඩෙක් තමා.

    ReplyDelete
  29. හප්පේ... ලංකාවේ ටොම් සෝයර් වගේ....... නෑ නෑ කිව්වට අටං පොඩි කාලෙ වෙන්න ඕනා.........
    ලස්සන කතාව....

    ReplyDelete
  30. අන්න හැදෙන කොල්ලො. ඒත් අර උඩ තියෙන පිංතූරෙයි මේ කතාවෙයි සම්බන්ධයක් හොයාගන්න බෑ නොවෑ මට.

    ReplyDelete
    Replies
    1. කියාලා වැඩාක් නෑ බාං... අටමා දැම්මෝත් ඔහෝ...ම එකා...ක් ම තමා....

      Delete
  31. මේ වගේ පට්ට රස පෝස්ට් ලියන උඹට ඉරිසියාකාරයො ඇතිවෙන එක අහන්න දෙයක්ද.
    ඇත්තටම පොඩිකාලෙ මේ තරම් ඇම්ඩෙක්ද? කොල්ලෙක් හිටියනම් දෙයි තාත්තට රිටන් එක ඩබල් කරල.

    ReplyDelete
  32. උපරිමයටම රසවිඳිමි. මරෙ මරැ

    ReplyDelete
  33. පට්ට පට පට ....අන්න අටන් ස්ටයිල් එක ආයෙත් ඇවිත් ...නියමයි මචෝ ,

    මොනමොහොතේ මොන විදියට...
    මොකක් වෙයිද හිතන්න බැරී...
    මොන කෙනෙකුට මොන තාලෙට...
    මක්කරයිද කියන්න බැරී....

    අනේ මෙහෙම දඟමල්ලක්...
    හරිම අමුතු දඟමල්ලක්...//

    ඉසිරී විසිරී සුළි නංවන.. සුළඟක් වාගේ..
    හිටිහැටියෙම පුපුරායන.. අකුණක් වාගේ...
    අහස කඩන් බිමට වැටෙන.. වැස්සක් වාගේ...
    අමනාපෙන් රැල්ල ගහන.. මුහුදක් වාගේ.......

    හුම්මානය දෙගොඩතලා.. ඉවුරු බිඳිනවා...
    තව ටිකකින් හිනාවෙවී.. සින්දු කියනවා...
    මද්දහනේ ඉර වාගේ.. පුපුරු ගහනවා...
    හරි පුදුමයි හඳක් වෙලා.. ආයෙ පිපෙනවා.....

    මොනමොහොතේ මොන විදියට...
    මොකක් වෙයිද හිතන්න බැරී...
    මොන කෙනෙකුට මොන තාලෙට...
    මක්කරයිද කියන්න බැරී....

    අනේ මෙහෙම දඟමල්ලක්...
    හරිම අමුතු දඟමල්ලක්.............////

    පියාපතක්...හිරකරගෙන
    පියාඹන්න පුලුවන්දෝ....
    පුංචි දෙතොල්...හිරකරගෙන
    හිනාවෙන්න පුලුවන්දෝ.....

    සිතසපුරා සැරිසරන්න
    මුවපුරවා හිනාවෙන්න
    සන්තෝසය උපන් තැනට
    අපි ආවා....හා.....හා......

    වේවැල් නැති දඩූවම් නැති
    හරිම අමුතු ඉස්කෝලෙක
    රැවුම් බැනුම් ගෙරවුම් නැති....
    ආදරයේ නවාතැනක....

    වෙල් ඉස්මත්තට ඉහලින්
    ගුරුතරු පොකුරක් ඇවිදින්

    අපට කැමතී තැනට යන්න
    පාර කියන්නේ........
    ඒ පාරෙන් අපි යනතුරු
    බලාසිටින්නේ.....
    හා......හා....
    හා......හා....

    අපට උඩින් කවුද යාලු
    අපිම තම්යි ඉන්නෙ යාලු
    අපට යටින් කවුද යාලු
    ඒත් අප්ම තමයි යාලු //

    (දඟමල්ල)

    ReplyDelete
  34. කාලෙකින් බ්ලොග් කියවන්න සෙට් උනේ අම්මට සිරි අටමා බැක් ටු ට්‍රැක් . එල කිරි.

    පසුබිම ගැන දැන ගන්න බලෙන් වගේ ඔබ්බවන කෑලි ඕනේ වෙනවා ලේසියට ලියන්න ගියොත්. අර exposition කියන්නේ. එහෙම කෑලි මොකුත් නැතුව මෙහෙම ලියන එක සෑහෙන්න අමාරු වැඩක්. නියමයි මචෝ.

    ReplyDelete
    Replies
    1. මම කැමති මේ විදිහට ලියන්න

      Delete
  35. පොඩි අටංද?
    එල ද බ්‍රා කොල්ලෙක්

    ReplyDelete
  36. අප්පටසිරි .මෙන්න පරණ අටමා .

    ReplyDelete
  37. තුන්පාරක් කියෙව්වා. පුදුමාකාර රස වින්දනයක් ලැබුවා . මේ තමයි උඹේ හැකියාව අටම්. මේ පාරෙන් යන්න.

    ReplyDelete
  38. අති අලංකාරයි. මේවා කියෝනකොට බැරි බැරි ගාතේ හරි ලියන්ඩ මටත් හරි මෙව්ව එකක් එනවා.

    ReplyDelete
  39. අර **** ඉවානය ටල් අම්ම හොයා ගෙන තියෙන්නේ මේකෙන්නේ . ඉවනය කියපුව දීලත් විශ්වාස කරලා. හොඳ කෙටී කතාව.
    http://nelumyaya.com/?p=1678

    ReplyDelete
  40. එකනම් උබේ වැඩක්ද කොහෙද

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>