2017-02-16

ෆෝටබල් මහන මෙෂින් කියලා විකුණන සෙල්ලං බඩු වලට අහුවෙන්න එපා .....Beware of portable sewing mechines scam...they are just toys..



මං මේ කියන්න යන්නේ මෙන්න මේ වාගේ පුංචිම පුංචි මෙෂින් ගැන , මේවා එක එක නම් වලින් , එක එක හැඩයෙන්  සහ එක එක පැහැයෙන් එක එක ගනන් වලට විකුනන්න තියනවා , සමහරක් වෙලාවට අන්තර්ජාලය හරහාත් විකුනනවා දැකලා තියනවා ,

කරුනාකරලා හොද ෆෝටබල් මෙෂින් එක්ක මේවා පටලවාගන්න එපා , මම මේ කියන්නේ පුංචිම පුංචි ....එලියේ තියන dc පවර් සප්ලයි එකකින් කරන්ට් එක දීලා මහන මෙෂින් ගැන , සමහරක් ඒවා තියනවා රීචාර්ජ් කරන්න පුලුවන් බැට්රියක් එක්ක ,  සමහරක් සමාගම් වලින් රුපවාහිනියේ පවා ...වෙළද දැන්වීම් දමමින් විකුනනවා .

එක වරක් දෙවරක් මහලා අයින් කරන්න වෙනවා , අහුඋන කෙනෙක් ලැජ්ජාවට කියන්නෙත් නැ , එක්කො කාටහරි අහිංසකයෙකුට විකුනලා දාල අත හෝදගන්නවා , එහෙම නැත්නං පැත්තකට දාලා සද්දෙ වහලා ඉන්නවා.

මෙව්වට අහු නොවී ඉන්න තියන හොදම ක්‍රමය තමයි , ....ලාබ බඩුවේ හිලක් කියන කතාව විස්වාස කරන එක .....හොද  ෆෝටබල් මහන මෙෂින් එකක් රුපියල් 15000 කට අඩුවෙන් ගන්න බැ .



සමහරක් පිටරට ගිහින් එන අය මේවා අරං එනවා , එක්කෝ කාටහරි තෑග්ගකට දෙනවා , සමහරු බිස්නස් එකට ගෙනලා කාවහරි රවට්ටලා ඇගේ ගහනවා.

ෆේස් බුක් එක හරහත් මේ ජාවාරම කෙරෙනවා දැක්ක නිසා , මේ ගැන ලියන්න හිතුනේ , පහල තියන ඡායාරුප සහ වීඩියෝව බලලා ඔයාලම තීරනය කරන්න මේවා ගන්නවද නැද්ද කියලා





මෙන්න මෙහෙම ස්ටිකර් එකක් එහෙම ගහලා තියනවා , ඒ උනාට මේක සෙල්ලං බඩ්ඩක්






මෙන්න කුණූ ගොඩවල් අදුරගන්ඩ තියන හොද ක්‍රමයක් , ෆෝන් චාජර් එකක් වාගේ පවර් සප්ලයි එකකුයි , අගල් දෙක තුනක ෆුට් කන්ටෝලර් එකකුයි , පෙට්ටිය ඇතුලේ තියනවා






මෙන්න බලන්න  4.5 වොට් විදුලියෙන් වැඩ කරනවා කියල ගහලා තියෙන්නේ ....ඔහොම මෝටරයකට ...රෙදි කෑලි දෙකකට  , නුල් දවටන්ඩ තරං ශක්තියක් තියද






මේ බලන්න ෆුට් කන්ටෝලර්  ප්ලග් එක සහ සොකට් එක .... සාමාන්‍ය මොනෝ හෙඩ්ෆෝන් ජැක් එකක්






මෙන්න තියනවා ඔයාල දකින්නම ඕන දේ , මේ මෙෂින්වල තියෙන්නේ ..අර ඉස්සර අපි වෙසක් එකට බුදුරැස් මාලාව  කරකවන්ඩ පාවිච්චි කරපු මෝටර් එකක්





මෙන්න බොබින් වයින්ඩරය




නිඩ්ල් බාර් ලින්ක් එක සහ ස්ටඩ් එක ප්ලාස්ටික් වලින් හදලා  එක යකඩ ඇනයක් දාල හයිකරලා තියෙන්නේ , නිඩ්ල් බාර් එක යකඩ බට කෑල්ලකින් හදලා තියනවා , ඒකත් ප්ලාස්ටික් වලින් පුලුවන් උනානං මුං එකත් කරයි





ත්රේඩ් ටෙක් අප් ලිවර් එක  යෝගට් හැන්දක් වාගේ




මෝටරය මේන් ශාෆ්ට් එකට සම්බන්ද වෙන තැන , සෙල්ලං නැ ..ඩිරෙක් ඩ්‍රයිව් .....හේ ..හේ්..හේ



මේන් ශාෆ්ට් එක , බොබින් වයිඩර් ශාෆ්ට් එක සහ කැරියර් ශාෆ්ට් එක සම්බන්දවෙන විදිහ





කැරියර් ඩ්‍රයිවරය මේන් ෂාෆ්ට් එකට සවිවන විදිහ




ෆීඩ් බාර් එක ලස්සනයි නෙ





කැරියර් එක කරකවන්නෙත් ....කට්ට තියන ප්ලාස්ටික් කෑල්ලකින්




මැසිමක් උනහම බර තියෙන්ඩත් එපැය , ඔන්න ඒකනං හරියට කරල තියනවා , කාස්ට්අයන් කුට්ටියක්  ඇතුලට බස්සලා





පුට් බාර් එක දත් බුරුසු මිටක් වාගේ




සුදට සුදේ ලස්සනේ බැ , අලුවා කෑලි වාගේ ....කැරියර් රේලින්ග් කේ අනිත් පැත්තත් ඔය පේන්නෙ



කැරියර් එක ෂටල් එක සහ තනි ඇණයකින් හයි කරල තියන ෂටල් ස්ප්‍රීන්ග් එක







ෂටල් එක සහ කැරියර් එක නිඩ්ල් බාර් එක , පුට් එකත් පේන්ඩ තියනවා , ඔය ලකුනු කරලා තියන කැරියර් පොයින්ට් එක ටිකක් බලන්න , ඉදිකටුවේ නූල ඔය ප්ලාස්ටික් තුඩට ඇමිනිලා උඩට එයිද , ආවත්   කීවාරයක් දවස් කීයක් වෙයිද.




මේ වීඩියෝ එකත් බලන්ඩකෝ වැඩ කරන විදිහ

දැං මොකද හිතෙන්නේ ..මේවා සල්ලි දීලා ගන්නවද


මෙන්න තියනවා ඔය වාගේ තව මොඩ්ල් කිහිපයක් 















88 comments:

  1. සල්ලි දීල ගන්නැතුව උඹ හිතන්නෙ ඕව ගෙන්නන එවුවො නිකං දෙයි කියල ද? හැක්..

    මොක උනත් උඹ වගේ සබ්ජෙක්ට් එක ගැන දන්න එකෙක් මේ ගැන දැනුවත් කිරීම වටිනව.

    ReplyDelete
    Replies
    1. /සබ්ජෙක්ට් එක ගැන දන්න එකෙක්/
      එතකොට මූත් සබ්ජෙක්ට් කාරයෙක්ද?

      Delete
    2. ඔව් සබ්ජට් තමා ...කළු කෙට්ටු උන්ට තමා කැමති

      Delete
  2. අද මැෂින් බිජ්ජා ස්පෙෂල්

    ReplyDelete
    Replies
    1. සර්ටිපිකෙට් ට්‍රුත්. මේකෙන් මැෂින් බිජ්ජාගේ බිජ්ජ මහන්න පුලුවන්ද.

      Delete
    2. ඕකගේ බිජ්ජ මහන්න අත් යන්ත්‍ර රෙදි මැෂිමක් තමයි හරියන්නේ...

      Delete
    3. ඒ මොකටද ඒක මහන්නේ

      Delete
  3. අනික ඔය චයිනීස් සෙල්ලංබඩු ඔක්කොගෙම වගේ තියෙන්නෙ ඔය බුදුරැස්මාලා මෝටර් තමයි.

    ReplyDelete
    Replies
    1. /බුදුරැස්මාලා මෝටර් තමයි./
      බුදු දහමට අත නොතබනු...

      Delete
    2. වෙන එකක් තිබ්බට කමක් නැද්ද?

      Delete
    3. ඔව් ගොඩක් එව්වායේ තියෙන්නේ එව්වා තමා

      Delete
  4. අනික ඔය කැරි බාර් අර බාර් මේ බාර් ගැන අපි දන්නවැයි. දන්නෙ ඉස්සරහ බාර් එක ගැන විතරයි.

    ReplyDelete
    Replies
    1. අයියේ ඉස්සරහ බාර් කියන්නේ මක්කටෙයි?

      Delete
    2. මං හිතන්නෙ බොලා දන්නෙ බෆර් ගැන විතරයි ද කොහෙද.

      Delete
  5. මගේ තරහකාර යාලුවෙක් ඉන්නවා මෑන්ට මෙයින් එකක් අරන් දෙන්නද?

    ReplyDelete
    Replies
    1. එපා ඌට බෝතලයක් අරං දියං.

      Delete
    2. එහෙම ඕන්නෑ ... ඌත් එක්ක කොහෙ හරි ගිහිං බීපං .... එන දඬුවමක් ඕනෙ නෑ ...

      Delete
    3. එහෙම ඕන්නෑ ..............බිලා උට කෝල් එකක් දීපන් වෙන දඬුවමක් ඕනෙ නෑ ...

      Delete
    4. මෝටබයිසිලකෙල්ක නග්ගලා යවපන්

      Delete
    5. බීල ඌත් එක්ක කාර් රිවස් කරපං තාප්පෙට

      Delete
    6. මාව කාපං

      Delete
    7. මාව කාපිය

      Delete
    8. මං ආයේ උඹල එක්ක බොන්නැ

      Delete
  6. මේවා ගැන අටං හොදටම දන්නවනේ ඉතින්... දැනුවත් කරපු එක වටිනවා...

    ReplyDelete
  7. ප්ලාස්ටික් දැති රෝද...ඒ ටිකම ඇති තත්ත්වය හිතා ගන්න... සිංගර් එකකුත් තියෙන්නේ.. ඇත්ත සිංගර් එකක්ද, හොරට ගහපු එකක් ද ?

    ReplyDelete
    Replies
    1. මම ඇස් දෙකට දැකලා නැ ඒක , හොරට හදපු එකක් කියලයි මගේ විස්වාසය

      Delete
  8. ඔය මොක කිව්වත් දැන් වැඩක් නැහැ බං...
    2015 දීම අහුවෙලා ඉවරයි, හැබැයි ඒක 18,500/- ක් උනා...
    තාම වැඩ කරනවද කොහෙද...
    මොඩලය සිංගර් 8280...

    ReplyDelete
    Replies
    1. සිංගර් 8280 හොද ෆොටබල් මෙෂින් එකක් මචං ....

      Delete
    2. ///සිංගර් 8280 හොද ෆොටබල් මෙෂින් එකක් මචං ....///

      වැඩකට ඇති දෙයක් සල්ලි දීල ගත්තමද කොහෙද...

      Delete
    3. ඔන්න මමත් අටං අයියගෙන් අහලා ගත්තා සිංගර් 8280 මෙෂින් එකක් ආදරවන්තයින්ගේ දිනේ දවසේ.. දවස් කීපයක්ම ෆුල් රොමෑන්ටික්..
      බොහොම ස්තුතියි අයියේ ඔබ කළ සේවාව... ඔබට ඡය...

      පලි- මේක දැකලා අපේ කට්ටිය අටං අයියට කරදර කරනවා නෙවෙයි මෙෂින් ගැන අහලා....

      Delete
    4. මගේ සතුට මේක තමයි බං ... ජංජාලේ අවුරුදු හය හතක් කටු ගාල එකෙකුට හරි වැඩක් උනාන් එච්චරයි .... අරුන්දැට කියහං ඉදල හිටලා හරි යට සායක් හරි මහන්ඩ කියල නැත්තං ඕක හිරවෙයි ... නැත්තං ආදරේට දුන්න ඒක ආදරේ පොරවල ඔතලා මුල්ලක ගහයි

      Delete
    5. මේ ඔයි ඔය 8280 තාම කැඩුනේ නැද්ද ... සිංගර් ඉතිහාසෙට ඔහොම පෝටබල් එකක් ආවේ නැනේ බං

      Delete
  9. හොඳ බ්‍රැන්ඩඩ් ඒවා ගැනත් විස්තරයක් දාපන්.. දැක්කහම ගන්න හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. බ්ලොක්ගල් මහන්න ද?

      Delete
    2. කෝ වෙලාව .... මගේ හිතේ ආසාවක් තියනවා ....කාලෙක ඉදන් ...පරිවර්ථනය කරගන්න බැරුව ඉන්නෙ

      Delete
  10. මේවත් අපි පත්කරගන්න ආණ්ඩු වගේ....පත්කරලා පැත්තකට දාන්න තමයි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒවා අහක යන්නෙ නෑ බොස්, ඒවාගේ පාර්ට්ස්වලින් වෙන ඒවා හැදෙනවා ඉබේම

      Delete
    2. හැ ඒ මොනවද එහෙම හැදෙන්නෙ

      Delete
  11. සෙල්ලම්බඩුවක් විදිහට නම් හොඳයි...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එකක් අරං දෙන්නා එක්ක සෙල්ලං ගෙයක් දාහං

      Delete
  12. හොඳ දැනුවත් කිරීමක්. අපේ නැන්දලා ගෙ දුව ලඟත් තිබුනා ඔය වගේ මැෂින් එකක් එයා ඒක අන්තිමට පොඩි එවුන්ට දුන්නා සෙල්ලම් කරන්න.

    ReplyDelete
  13. බය වෙන්ඩ දෙයක් නෑ මොනා හරි උනොත් උඹ ඉන්නවනේ ...

    ReplyDelete
    Replies
    1. උස්සං එන්ඩ එහෙම එපා පැත්ත පලාතේ

      Delete
  14. අනේ මටනම් ආස හිතුනා ඔය පල්ලෙහා පින්තූර ටික දැක්කම.මහන්න දන්නෙ නැති මට සෙල්ලම් බඩ්ඩක් උනත් මොකෝ ඔන්න ඔහෙ

    ReplyDelete
  15. හොද පනිවිඩයක් නොවැ ඔහෙ දීලා තියෙන්නේ

    ReplyDelete
  16. මචං අටමෝ බැරිද ඔයවාගේ පොටබල් මැසිමක් හදන්න කට වාචාල ගෑණුන්ගේ කටවල් මහන්න. උඹ බිල් ගේට්ස්ටත් වැඩිය සල්ලිකාරයෙක් වෙනවා සත්තයි.

    ReplyDelete
    Replies
    1. බෑග් ක්ලෝසර් එකක් ගන්ට හිටං

      Delete
  17. මොනා උනත් හරි කියුට් නේද...බොහොම තැන්කු දැනුවත් කිරීමට

    ReplyDelete
  18. ඔයා ඔය උඩින්දාල තියන ස්ටේප්ලර් මාදිලියෙ එකකුත් අපේ ගෙදර තිබ්බ, මතක හැටි්‍ය පෙන්ටෝච් කෑලි 4කින් වැඩ කලේ. දැන් සිංගර් කියල කරන්නෙත් ඔය වගේ ගේමක් තමයි තනිකරම චයිනීස් රීබැජ් ඒව,
    උදා:- 588 මොඩල් පෝටබල් මැෂින් එක ( හැබැයි මේක චයිනීස් වුනත් යම් තත්වයක් තියන එකක්).

    ReplyDelete
    Replies
    1. 588 පරණ මොඩ්ල් එකක් නේද

      Delete
    2. 588 ඩොමැස්ටික් එකකුත් ආවා ...ලගදි පෝටබල් එකකුත් ආවා ... ඒ දෙකම ලේසියෙන් දකින්ඩ නැ ......... හරිම දුරුලභයි

      Delete
  19. පොස්ට් එකේ හොඳම එක.. \\..අහුඋන කෙනෙක් ලැජ්ජාවට කියන්නෙත් නැ , එක්කො කාටහරි අහිංසකයෙකුට විකුනලා දාල අත හෝදගන්නවා , එහෙම නැත්නං පැත්තකට දාලා සද්දෙ වහලා ඉන්නවා...//

    ඕක අපේ ජාතියේ තවත් ලක්ෂණයක්. තමන් වැටුණු වලේ අනිත් ඇවුනුත් වැටෙනවට පුදුම ආසාවක් තියෙන්නෙ.. 😡

    ReplyDelete
    Replies
    1. සක්කිලිම වැඩේ ගෙනත් විකුනන එක

      Delete
  20. සිංඟර්කාරයත් ඕවගේ ප්ලාස්ට්ක් අටමගල් විකුණනවා ලොකු ලොකු ගණන් වලට, මාත් අහුවුනා නෙව.

    දාල තියන පොටෝ කෑලි වල තියන සමහර ඒව්වා ආවේ 20වන සියවසේ, ඒවා තාමත් ප්‍රොඩක්ෂන් යනවාය කියන්නේ අළුත් ජෙනරේෂන් එකෙත් අපට නොදෙවෙනි මොඩයෝ ඉන්නවා කියන එකයි.

    ReplyDelete
    Replies
    1. ඔව් එයාලගෙත් සමහරක් මොඩ්ල් ටෝටලි ෆේල්

      Delete
  21. දන්න දේ කියලා දෙන ගුණේ කොහොමත් තියෙන පුද්ගලයෙක් නෙවැ අටම් කියන්නෙ

    ReplyDelete
    Replies
    1. ෂික් කමෙන්ට් කියවනකොට කොලර් තියන ෂර්ට් එකක් ඇදගන ඉන්ඩ ඕන

      Delete
  22. වටින පොස්ට් එකක් අටම්... අපේ ගෙදරත් අර සෙල්ලම් මැෂින් දෙකක් තියෙනවා එකක් දෝණිගේ අනික මගේ :) :)

    ReplyDelete
  23. ඉඳි කටුවා ගැලෙව්වා නම් පොඩි එකීට සෙල්ලම් කරන්න දෙන්න තිබුණා. ගෑණුන්ට ඉතින් අඩුවට දෙනවා නම් ඔ.පු. තමයි

    ReplyDelete
    Replies
    1. සිරාවට අඩුවට දෙනවනං බලු බෙට්ට හරි ගන්නවා

      Delete
  24. දැනගත් එකනම් හොඳයි. දෙවරක් තුන්වරක් මහන්න හදල පරිසරේට කොතරම්නම් ප්ලාස්ටික් ගොඩක් එකතු වෙනවද? මිනිස්සු රවටන්නම හදන බාල බඩු

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ගේ තියන කුනු පෙරේත කම හන්දාමයි මෙහෙම දේවල් නිෂ්පාදනය කරන්නේ

      Delete
  25. කන ගාවින් බේරුනා ....අහුඋනනම් මොන විලි ලජවක්ද

    ReplyDelete
  26. හරිම අනුවේදනීය කතාවක් බං.

    ReplyDelete
    Replies
    1. කමෙන්ටුවට ස්තුතියි , නැවත පැමිනෙන්න

      Delete
  27. සිංගර් ඒවත් තියෙනවද එහෙම හපොයි

    ReplyDelete
    Replies
    1. ඔය වගේ ඒවා නැති උනාට නරක ඒවත් තියනවා

      Delete
  28. මේවා සෙල්ලම් ඒවනේ බං. අපේ ලොක්කි ටත් කවුද උපන්දිනේට දීල තිබ්බ. දැන්නම් කෑලිවත් නැහැ. මෙහෙ toys ආ අස් කියන එකෙයි ආගෝස් එකෙයි විකුනන්න තියනවා.
    http://www.toysrus.co.uk/toys/totally-me-sewing-machine/0130194
    http://www.argos.co.uk/product/5420829

    ReplyDelete
  29. අපේ නෝනා මහත්තයාගේ උජාරැව ඉවසන්න බැරුව මාත් ගත්තා ඔය ඇබින්ද මැෂි එකක්. මනං එකෙන් නෝනාගේ ගණංකාර කම බැස්සුවා. මටනං එක ඒ හින්දා ලස්සෙකටත් වඩා වටිනවා ඕං..

    ReplyDelete
  30. අපේ වගේ රටවල මේවට හොඳ වෙළඳපලක් තියන බව චීන්නුත් දන්නවා !

    ReplyDelete
  31. මට නං ඔය චුටි බඩ්ඩ මහ උන්දැගේ මට දාන ගණකාරකං බස්සන්න උදව් වුණාය. දැං මං නිවිහැනහිල්ලේ මගේ කමිස්සයක් අරකක් මෙකක් මහ ගන්නවාය.

    ReplyDelete
  32. Pink Mini ඒක නං නරකම නැ අජියා

    අනික නං ටෝයි එකක්

    ReplyDelete
  33. දැනුවත් කිරීමට ස්තූතියි. ලස්සන දැක්කම අහුෙවන සම්භාවිතාවය වැඩියි.

    ReplyDelete
  34. ඇතුළේ ප්ලාස්ටික් කෑලි ටික දැක්කම හීල්ලුනා බං...

    ReplyDelete
  35. මේවට අහුවෙච්චි උදවියට වෙන මොනව හරි මහ ගන්න හිතෙන‍ව ඇති දැං , පව් බං කවුරු උනත් අමාරුවෙන් නෙව සල්ලි හම්බ කරන්නෙ 🤔

    ReplyDelete
  36. මොනා උනත් පට්ටට වටිනවා මේ පොස්ට් එක .විසේසෙන් පණ්ඩිත ගෑනුන්ට

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>