2017-05-29

අම්මට දෙන්ඩ



ඔන්න ඉතින් දැන් ටික කාලෙකට කලින් දවසක මම සේවාව සපයපු ආයතනයකට උදේ පාන්දර දහයට පහලවට විතර ගියා , මම එතනට යන්නේ සතියකට දවසක් දෙකක් , මට නිවාඩු පාඩුවක් තියන දාට යනවා.
 ...  ඒ ආයතනේ හිමිකරුවා ඉතින් ඔය එන වැඩ ටික ජොබ් කාඩ් එකක් දාල නම්බර් කරල තියනවා ,අළුත්වැඩියාවන්ට අවශ්‍ය ඔයිල් , ඩබ්ලිව් ටී හතලිහ , විදුලිය ... තව අනං මනං ඔක්කොම ඔහුගෙන්. මගේ ශ්‍රමය සහ දැනුම ,  මං ඉතින් ගිය දාට තියෙන්නෙ මෙෂින් කීයද ඔක්කොම ටික හදලා දානවා , සේවා ගාස්තුවෙන් බාගයකට ආසන්න මුදලක් මට , මෙෂින්වලට යොදන අමතරකොටස් වල ලාභය සහ සේවා ගාස්තුවෙන් බාගයකට වඩා ටිකක් වැඩියෙන් ඔහුට.ඔන්න එදා ඔහු හිටියේ නැ , වැඩබලන ස්ථානාධිපති විදිහට ප්‍රීයම්බිකා තෙමෝ ආසනයේ වැජබෙනවා.
‘‘ අම්මො ඇති යන්තං .... අනේ මට මේ කෝල් වලට උත්තර දීලා ඉවරයක් නැතුව හිටියේ ‘‘
‘‘ කීයක් තියනවද ‘‘
‘‘ හත අටක්ම තිබුනා ‘‘
‘‘ ආයේ කතා කලොත් දෙකෙන් පස්සේ එන්ඩ කියන්ඩ ඔක්කොටම ‘‘
‘‘ පාට්ස් හොයාගන්ඩ පුලුවන් නේද ... මං නං දන්නැ ඔව්වා තියන තැන් ‘‘
‘‘ මං දන්නවා   මං ගන්නං ඕන දේවල් ........කොහෙද ඉතින් ලේබල් කරලා පාට්ස් නම්බර් දාල පිලිවලට හදලත් දුන්නා ....  තියාගන්නව යැ .... එකගොඩේ ඔක්කොම ‘‘
‘‘ හම් ‘‘
( මොන ගෑනිද කැමති මිනිහගේ අඩුපාඩුවක් කියනවට )

ඔය ඩයල් එක ඉන්නවා නේ ....  පොරට නැ කිසිපිලිවලක් .. 

 ( ආ උඹට එහෙම හිතුනා නේ ... ඔව් බං මාත් හෙන අපිලිවෙල පොර .... , බ්ලොග් එකේ හෙඩිම කියවහං  )

........... සල්ලි විතරයි   පිලිවලට නමලා සාක්කුවේ දාගන්නේ .... බැංකු ගැන විස්වාසයක් නැ , ....  නමට තියනවා   හැටන් නැෂනල් එකෙයි ...  ලංකා බැංකුවෙයි ... මහජන බැංකුවෙයි ... එකවුන්ට් තුනක් ...  චෙක් දෙන්නේ    නොදීම  බැරි ලොකු කොම්පැනි  දෙක තුනකට විතරයි ....  එතනින් එහාට බඩු ගත්තත් ... බඩු වික්කත් ... කෑෂ්ම තමා....
මහන මෙෂින් ඇරුනහම තව ගොඩක් දේවල් විකුනනවා  , සේවාව සපයනවා    .... , මට හරි අමාරුයි මට අදාල වැඩේ ....  පොර ගේන්නේ ...  පොරට ලාභදේ     මිසක් හොද දෙයක් නෙමෙයි  ,  ඉතින්  අර කුනුගොඩවල්  හයිකරගන  මම නහින්ඩ  ඕන  , ඒ මදිවට  මොකක්හරි  බාල අමතර කොටසක්  හන්දා  කෙල උනහම  මං එපෑය මිනිස්සුන්ට උත්තර බදින්ඩ.  
ඔන්න එක වංගියක්  මම  මෙෂින් පාට්ස්  ගෙන්වන  එක එක  ආයතනවල  ඒ  ඒ පාට්ස්  වලට  අදාල  හදුනාගැනිමේ   අංක ටික   ලයිස්තුවක්  හදලා ,  කොම්පැනි  වෙන වෙනම  ,  මෙෂින්   මොඩල්  වෙන වෙනම  වෙන්කරලා  ,  ඒ පිලිවලට  වෙනමම  පෙට්ටිවලට දාල  , නොම්මර  ගහලා  මිලත්  ගහලා  හදලා  දුන්නා.

ආයේ  ඉතින්  පාට්ස් හොයන්ඩ  විතරක්  නෙමෙයි  ,  ඉවර වෙන  එව්වා  ඕඩර්  කරන්ඩත්  ලේසියි  , කෑලිවල  නම්  කියන්ඩ  ඕන නැ  ,  නම්බර්  ටික දාල  ඕඩරේ  දෙන්ඩ විතරයි  තියෙන්නේ  ,  මොකද  ඔය කොම්පැනි  වල උන්  කියන්නේ  වෙන  නමක්  අපේ  මහත්තැං  කියන්නේ  වෙන නමක්  ,  අන්තිමට බඩු  ආපුවහම  පෙට්ටිය  අස්සේ  තියෙන්නෙ  වෙන රෙද්දක් .
මං ඉන්න වෙලාවකනං  ෆෝන්  එකේ  එල්ලිලා  නාන කොට ෆෝන් එක අරං  අහවල්  එක කියලා  කියනවා  ,  පාට්ස්   නම්බර්එක   කියුවහම  වැඩේ  ගොඩ  ,  ඒ   උනාට  එයාට  ඒක හරියන්නේ   නැ  ,  මහා වැල් වටාරං  ගොඩක්  කියනවා  ,  අන්තිමට  වැඩේ  වෙන්නෙත්  නැ , පස්සේ  ඉතින්  මං  සතියක්   විතර  නිදිමරං  හදාපු  ලිස්ට්  එකේ හැටියට  ,  දවල්  වරු දෙක තුනක්  අතිං කාල හරක් බලලා  හදල  දුන්න  උපරිම පිලිවලට ,  ඒ නම්බර්ස් ටික   නමට  තියන බිලින්ග්  සිස්ටම්  එකට ඇඩ්  කලානං  ෂපාන් එකේ  ඉන්ඩ තිබ්බා     ,  .... කොහෙද  ... ම් හූ  ... සතියක්  යන  කොට  ....  ෆීඩ්  රෙගියුලේටර්   ⁣වලට   නම් ගහලා  , ප්‍රයිස්  එක  දාල  ,  පාට්ස්   නම්බර්  දාපු   පෙට්ටියේ
මේල්  ඇන්ටනා ජැක්  දෙකයි
පීමේල්  ඇන්ටනා  ජැක්  හතයි
ගෑස්  කුකර්  නොබ්
පරණ ඇන 
රබර්පටි
තව රෙද්දවල්   පුරවලා  ,  ඒක අරින්ඩත්  බැ  හිරවෙනවා  ,  ඉතින්  ඔන්න  අටං  පුෂ්පේ  විකසිත  වෙනවා.
" කෝ මේකේ  පීඩ් රෙගියුලේටර්  නැනේ වෙන රෙද්දවල්   ඔබලා "
" ආ  ඉවර  උනානේ  "
" ඉතින්  ගේන්ඩ එපැය "
" ඕඩර්  කලා කොම්පැනි  යේ  බඩු නැ "
" කොහෙද ඉතිං තියන කොට කෑලී තුනක්  ගේනවා  ,  ඒක  විකුනලා  දානවා  ,  රෙපයාර් වලට  බඩු   නැ  ,  එක්කෝ   වැඩිපුර  ගෙනත් තියාගන්ඩ  ... නැත්තං  ....ගේන කැලී තුන රෙපයාර්  වලට  තියාගන්ඩ "
" හරි  හරි   කලබලවෙනවනේ   කැ නොගහ  ඉන්ඩ  ,  තිබ්බා  අප්පා  ඔව්වා"
   
කියල දැං පොර   හොයනවා  , කඩේ  පීර පීර  , මාත් ලගට  වෙලා  ඉන්නවා
"   ආ  මේ  තියෙන්නේ  , මේකේ  තමා  තිබුනේ  "

‘‘ ඔය මොනවද ඔය ...ඔය ඉන්දියන් කුනු ගොඩවල් දාන්ඩ බැ  , හෙන පොඩියි ,  එජස්මන්ට් එක හිරවෙනවා  රෙගියුලේටර් ප්ලේට් එකට ‘‘

‘‘ අම්මප මේ හම්බයෝ මොකට ගේනවද ඈ මෙව්වා ....  ගේන ඒවා මුහුදට දානවද දන්නැ ‘‘
‘‘ මුහුද දාන්නේ මොකටද   .... ඔයාල ඉන්නවනේ කුනුගොඩවල් සල්ලි දීලා ගන්ඩ ‘‘

‘‘ ඔය මැකැනික්ලා ගෙනියන්නේ උනුත් ගෙනියලා විසිකරනවා ඇති ‘‘

‘‘ ගෙනියන උන් ගෙනිහින් විසිකරනවද තම්බලා කනවද කියල මට වැඩක් නැ , මම දාන්නේ නැ ... එච්චරයි .... මිනිස්සු මේවට සල්ලි දෙනවා .... හදාගන ගිහින් වැඩකරගන්ඩ බැරි උනහම  සාපකරන්නේ මට .... අර වේසිගේ පුතා සල්ලි මෙච්චරක් අරගනත් හරියට හදලා දුන්නේ    නැ කියල ..... මේ ආත්මේ මට මෙව්වා අහන්ඩ වෙලා ...තියෙන්නේ ... මෙහෙම වෙලා තියෙන්නේ ගිය ආත්මේ කරපුවට   වෙන්ඩ ඇති ...  ලබන ආත්මෙත් මෙහෙම උපදින්ඩ මට ඕන නැ .... අනික මැසිමක් තියාගන මහන්නේ අසරන මිනිස්සු ....  කුණු ගොඩවල් හයිකරලා දීලා අතේ තියන තුට්ටු දෙකට  කෙලලා මොන අපායේ යන්ඩද ....... ඔයා ඔය හොදයි කියලා ගෙනියන උන්ට කියලා  මෙෂින් හදාගන්ඩ මින් මනත මං එන්නේ නැ ..... කොටින්ම කියුවොත් ..දෙක පහේ බාල කෑළි දාල මෙෂින් හදන්ඩ තරං වැඩ්ඩෙක් නෙමෙයි ... ඔයා ඔය කියන සුපිරි වැඩකාරයෙක් ගෙන්නලා කරගන්ඩ ‘‘

‘‘ ඔය ඉතින් ඕකනේ ... කලබල වෙනවනේ .... තරහ ගන්නවනේ ... මූලක් ගින්න ...මූලක්ගින්න‘‘

‘‘ ඔයා මෙෂින් රස්සාවට බැස්සේ මං අපේ තාත්තගේ ඇට දෙකට එන්ඩත් කලින් ... මං කියන්නේ මොකක්ද කියලා ඔයා හොදට දන්නවා ‘‘

‘‘ හරි හරි පොඩ්ඩක් ඉන්ඩකෝ බලන්ඩ කලින් නැවක බැස්ස කෑලී වගයක් තිබ්බා ‘‘

ඔන්න ටිකකින් හොයාන එනවා අවුරුදු  ගානකට කලින් මොකෙක් හරි පන්නගන ඇවිත් දුන්න කෑළි ටිකක් , කඩදාසි කොලවල ඔතලා කබඩ් එකක් අස්සේ ගහල තියලා

 ඔය රස්සාව සම්බන්ද  දෙයකට මල පැන්නහම මම ....  නොදන්නවා වාගේ කතා කරන්ඩ එපා  ...මම මේවා කියන්නේ නිකං නෙමෙයි කියලා  ඔයා හොදට දන්නවා ...  ඔයා මේ මෙෂින්  රස්සාවට බහිනකොට මං අපේ තාත්තගේ ඇට දෙකෙත් නැනේ කියලත් මම කිහිප විටක් කියලා තියනවා ,  ......ඔහොම  නෙමෙයි  ඔයිට වැඩිය දෙයක් කියුවත් පොර මොකවත් කියන්නේ නෑ ... කරබාගන ඉන්නවා ...  මොකද උන්දැ දන්නවා මම නිකං කෑනොගහන බව ....

ඔන්න ඉතින් මම එදා ඇවිත් තිබුන මැෂින් ටික හදලා දාන වැඩේට බැස්සා .... ටික වෙලාවක් යනකොට  කඩේ ඉස්සරහ කොටසේ සද්දේ ටිකක් වැඩි උනා , කියන දෙයක් නං හරියට ඇහෙන්නේ නැ , මම ඉන්න තැනට ඉස්සරහ හරිය පේන්නෙත් නැ .... ඔන්න ටිකකින් සෙල්ස් කරන ගෑණු ළමයෙක් දුහගන එනවා

‘‘ මංජු අයියේ .. පිස්සු ගෑනියෙක් ඇවිත් ... යන්ඩ කියුවට යන්නේ නැ ... අක්කට ගහන සයිස් ... අතේ පොල්ලකුත් තියනවා ‘‘

‘‘පිස්සු ගෑනියක් .... එහෙනං උඹලැ නෑදැයෙක් වෙන්ඩ ඇති... අක්කට ගහන්ඩත් හදනවද ඔන්න ඔහේ ගහපු දෙං බං  ‘‘

‘‘ මගුලක් කියනවා වරෙං යකෝ යන්ඩ ‘‘

මං දැන් කෙල්ල පස්සෙන් වැටෙනවා ....

ටිකක් විතර අපිරිසිදු   කිමෝනාවක් වගේ දිග නැති ගවුමක් ඇදපු ගෑණු කෙනෙක් ... ඒක එච්චර දිගනැ ... ඒකට යටින් තවත්  තැබිලිපාට වාගේ ගවුමක් ඇදලා .... අතේ තියනවා   හැරමිටියට වාගේ හදාගත්ත  පොල්ලක්  පෙනුමට කැටකෑල ලීයක් වාගේ , පොල්ල උරුක් කරකර ... හොදටෝම බයිනවා ... කඩේ අයිතිකාර නෝනට

‘‘ හරි වැඩක්නේ යකෝ මේක .... මැෂින් නැ කියන්නේ .... අර තියෙන්නේ මොනවද .... විකුනන්නේ නැ කියන්නේ .... මගුලක්නේ ... අහවල් එකටද  කඩදාන්නේ .... කඩ අරින්නේ ... ඇයි යකෝ අපි රොඩියොද අපිට බඩු දෙන්ඩ බැ කියන්නේ ... සල්ලි දීලා නේ මං බඩු ඉල්ලන්නේ ..... මෙයා නිකං මේ මං හිගමනේ ආවා වාගෙනේ කතා කරන්නේ ‘‘

 මං තව ටිකක් කිට්ටු කරා ..ඒ මනුස්සයා ලගින් ඉදුල් ගදක් වාගේ පොඩි කුයිලෙකුත් එනවා .... පොඩි අප්සට් එකකුත් තියන පාටයි.... කඩේ කට්ටියත් මොකක් හරි වර්චස් පිඩක් හෙලාගන වාගේ ,

‘‘ දැං කීපාරක් කියුවද .... වදනොදි යන්ඩකෝ ... නැත්තං පොලිසියට එන්ඩ කියලා අල්ලලා දෙනවා‘‘

‘‘ මේ ගෑණියේ උඹ මගෙන් බස්තං පාර කන්ඩමයි හදන්නේ .... කෝ කතා කරපං කඩේ අයිති මහත්තයට , ඒ මහත්තයව මං හොදට දන්නවා . එයා මට හොද මැෂින් එකක් දෙයි ..... ඇයි දෙයියනේ මාව පොලිසියට අල්ලලා දෙන්ඩ මං හොරකමේ ආවා යැ ‘‘

‘‘ මං එයාගේ නෝනා ... එයා නැ එහෙනං එයා ඉන්න වෙලාවක එන්ඩ ‘‘

‘‘ හෙක් හෙක් හෙක් ... මේ නෝනලු .... ඒ මහත්තයගේ නෝනලු ....එ වගේ රත්තරං ටිකට ඉන්න මහත්තයෙක් ... උඹ වගේ මල හොන්තුවක් බදීද ... අනේ පලයං ගෑණියේ යන්ඩ ‘‘

අපරාදේ කියන්ඩ බැ ඒ කතාවනං ඇත්ත ... මටත් බක්ස් ගාල හිනා ගියා , සෙල්ස් නංගිලත් හිනා වෙනවා

‘‘ ඔතනට වෙලා හිනා වෙවී ඉන්නේ මේ පිස්සිව ඇදලා එලියට දාන්ඩ මංජු ‘‘

හුට්ටං පරි ජාලේ  ඒ මනුස්සයා පිටි පස්සට වෙලා බලා ඉන්න මගේ දිහාට හැරුනා .... බස්තං පාරක් හම්බෙන්ඩ කලින් දරුණු මූණක් හදාගත්ත මං

‘‘  මොකද මොකද මේ නෝනා කෑ ගහන්නේ ‘‘

‘‘ කැ ගහන්නේ ... කැ ගහන්නෙද .... මුං මට මහන මැසිමක් විකුනන්නේ නැ .... කෝ මේ අයිතිකාර මහත්තයා ‘‘

‘‘ මහත්තයා නැ ගමනක් ගිහින් මැඩම් දැං ගිහින් මහත්තයා ඉන්න වෙලාවක එන්ඩ ‘‘

‘‘ අනේ එහෙම සැරින් සැරේ එන්ඩ බැ ළමයෝ අදත් මේ හරි අමාරුවෙන් ආවේ ‘‘

කියුව උන්දැ කෑගහල දගලලා මහන්සියටද කොහෙද රාක්කයකට හේත්තු උනා

එහා පැත්තේ තිබුන ස්ටූල් එකක් ලං කරපු මං

‘‘ ආ මැඩම් මේකෙන් වාඩි වෙන්ඩකෝ ‘‘

අර කලබල ගතිය නැතුව ගිහින්  මූණ එහෙම වෙනස්කරගත්ත උන්දැ

‘‘ මැඩම් කෑළි ඕන නැ පුතේ ... අම්මට ...  පයින්මයි ආවේ හරි මහන්සියි .... වතුර චුට්ටක් බිවිවහැක්ද ‘‘

‘‘ නංගි වතුරක් එකක් අරං එන්ඩ ‘‘

දැං කේල්ලො දෙන්නා එහෙට මෙහෙට වතුර ගේන්ඩ ඒවා හොයනවා .... මට ඉතින් මල .....

 ‘‘ අර මගේ වතුර බෝතලය ඇරං වරෙං ‘‘

කෙල්ල ගොපු වතුර බෝතලය ඇරලා මූඩිය අතේ තියාගත්ත මං  උන්දැ දිහාට බෝතලය දික්කරා

‘‘ පුතාගේ බෝතලේ කටේ තියන්නේ නැ පුතේ අම්මා ‘‘

 කියුව උන්දැ උඩ බලාගන කටට වතුර උගුරු පහ හයක් වක්කරගන බෝතලය මට දීලා .. රෙද්ද උස්සලා අරගන කට පිහාගත්තා

‘‘ සිඩ් සැඩ් මැසිමක් කීයක් වෙනවද පුතේ ‘‘

‘‘ තිස් හතරක් වෙනවා දැං ‘‘

‘‘ තිස් හතර දාහක් .... කමක් නැ පුතේ ...  මට හොදවැයින් එකක් දෙන්ඩ ‘‘

‘‘ මෙහෙමයි නැන්දේ ... ගෙදර කවුරු හරි එක්ක ආවානං නේද හොද ‘‘

දැන් සෙල්ස් මල්ලිත් හිමිහිට කිට්ටු කරනවා .... මෙච්චර වෙලා ඌ හැංගිලා ඉදලද කොහෙද

‘‘කා එක්ක එන්ඩද පුතේ ‘‘

‘‘ ඇයි දරු මුනුපුරෝ නැද්ද ‘‘

‘‘ නැත්තේ මොකැ .. මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා රජ පැටව් වාගේ ‘‘

‘‘ ඒකකේ ඒකනේ ... එයාල කා එක්කහරි ඇවිත් ගම්මු .... නැන්දට ඇරං යන්ඩත් කරදරයිනේ තනියම ‘‘

‘‘ මොකැ ළමයි එක්ක ආවා කියලා එයාල කරගහගන යනව යැ ඕක ....  ඔය පුතා  මට ලොරිබාගයක් හොයලා පටවලා දෙන්ඩ  අම්මා දැම්ම ඇරං යන්නං ...... සල්ලි තියනවා පුතේ අම්මා ගාව ... බය වෙන්ඩ එපා ‘‘

‘‘ ගෙදර කා එක්ක හරි ආවනං හොදයි කියලා මට නං හිතෙන්නේ ‘‘

‘‘ අනේ බැ කියන්ඩ එපා පුතේ ... මට මැසින් එකක් දෙන්ඩ .... අම්මා ගාව සල්ලි තියනවා බය වෙන්ඩ එපා ‘‘

කියුව ඇන්ටි පපුවට එකක් අතක් තියලා , ගවුම අස්සේ තියන සල්ලි පොදිය මිරිකුවා , අපිරිසිදු පෙනුමයි , අවුල් වෙච්ච කොන්ඩෙයි , තේරුමක් නැතුව හිනාවෙන එකයි , එකම වචනේ නැවත නැවත කියන එකයි , චුට්ටක් ගද එකයි ඇරුනහම... එහෙමට පිස්සුවකුත් නැ වගේ ....අනික සල්ලිත් අතේ තියනවා .... මැෂින් එක අරං ගිහින් පස්සේ වාතයක් වෙයිද .....  මැෂින් එකක් විකුනනවාද නැද්ද කිය කියා හිත හිත ඉන්නකොට

‘‘ කොයිකද පුතේ අර කියුව සිඩ් සැඩ් මැසිම ‘‘

‘‘ නංගි මේ මැඩම්ට මෙෂින් පෙන්නලා ගණන් කියන්ඩ ‘‘

කියලා කෙල්ලෝ දෙන්නට පංගඩත්තු කරනවත් එක්කම . සේල්ස් මලය මට කිට්ටු කරා , කෙල්ලෝ දෙන්නා මූණ හපුටු කරං ඇන්ටිත් එක්ක මැෂින් ලගට ගියා

‘‘ ඊයෙත් ලොකු බිලක් වැටුනේ නැ   අයියේ ... ඇන්ටිට බිලක් දාමුද ‘‘

‘‘ එහෙමට පිස්සුවකුත් නැ වගේ  බං ,  ආයේ උස්සං එයිද ‘‘

කියාගන මං කැසියර් එක දිහාට ගියා , මලයත් මා පස්සෙං

‘‘ මොකද කරන්නේ ඔන්න ඔහේ දීලා දාමුද ‘‘

‘‘ අම්මෝ..... එපා... එපා.. දැක්කනේ තව පොඩ්ඩෙං මට ගහනව අර පොල්ලෙං ‘‘

‘‘ අතේ සල්ලිත් තියන පාටයි ... අනික පව්  හෙන ආසාවක් තියනවා මැෂින් එකක් ගන්ඩ ‘‘

‘‘ මං නං දන්නැ ඔන්න ...අයියත් නැති වෙලාවේ ...  ඕන එකක් ‘‘

සල්ලි තියනවා කියුවහම හිත චුට්ටක් වෙනස් උනාද කොහෙද ...හෙක් හෙක් ....

‘‘ දෙමු දෙමු .. බොසා එනකොට බිලක් දාල තියන්ඩත් එපැ ‘‘

මලය නං එක පයින් .... මොවහරි උනොත් අන්තිමට මගේ පිටින් අරී කට්ටියම ලස්සනට ඒ අස්සේ මෙෂින්වල   මිල ගණන් එහෙම අහගන ඉවරවෙලා ඇන්ටි නංගිලාට හොද ළමයි වෙන්ඩ ඔවදන් දෙනවා

‘‘ අන්න එහෙම කතා කරන්ඩ ළමයෝ .... ඉස්සෙල්ලා ඔය ළමයි මට කතා කරපු අකාරුනික කම . මං තනි වයසක ගෑනියෙක් නේද .... එහෙම තලා පෙලලා ... පහත්කරලා කතා කරන්ඩ එපා .... ඔය ළමයිනුත් මං වාගේ ... වයසට යනවා ... ජරාජිර්න වෙනවා ..... ඔය හැබිචොල් රේඩියෝ නෙමෙයි , අහන්ඩ බවුද්ධයා නාලිකාව ‘‘

( සිරසද කොහෙද දාල තිබුනේ උන්දැ රේඩියෝ සද්දේ එන පැත්ත හැරිලා රේඩියෝ එක පේනවද කියල බලන ගමං කියනවා)

‘‘ නැ නැ ඇන්ටි මේ ළමයි තාම පොඩි ඇයොනේ තේරුමක් නැ ... නැතුව එහෙම ඇන්ටිට වෙනස්කමක් කලා නෙමෙයි ‘‘

‘‘ නැත්තේ මොකැ පුතේ .... මේ ළමයි හිතුවේ මං පිස්සු ගෑණියෙක් කියලා .....අම්මට පිස්සු නැ පුතේ ..... අපේ පැත්තේ එවුන් විතරක් නෙමෙයි ...... ‘‘

කියලා ඇන්ටි කියන්ඩ ආපු එක ගිල ගත්තා

‘‘ ඇන්ටි කොහෙද ‘‘

‘‘ මං  අක්බාර් පාරේ  පුතේ ......ඉස්සරනං කියුවේ දඹහේන කියලා .... ඒ කාලේ ගෙවල් හත අටයි තිබුනේ .... අපිත් මුල් ගං කාරයෝ නෙමෙයි .... මං කුරුණැගල අපේ මහත්තයා .... අකුරුස්සේ .. එයා කච්චේරියෙනේ වැඩ කලේ ... අපි කසාද බැදලා ඉස්   ඉස්සෙල්ලාම පදිංචි වෙච්ච පාර තමා මේ ‘‘

‘‘ ආ එහෙමද ‘‘

‘‘ ඒ උනාට ඉතින් දැං අපි තමා  පරණම ගං කාරයෝ .... ඒ කාලේ හිටපු අය ඔක්කොම ඉඩං විකුනලා ගිහින් .... අනේ පුතේ මට හොදවැයින්  සිඩ් සැඩ් මැසිමක් දෙන්ඩ .... අම්මා ගාව සල්ලි තියනවා ‘‘

‘‘ ඇන්ටි කලින් මහලා තියනවද ‘‘

‘‘ නැතුව පුතේ ... ඔය අපේ දුවගේ මගුල් ඇදුම මැහුවෙත් මං ‘‘

‘‘ ආ ෂොක්නේ ... ඒ මෙෂින් එක සිග් සැග් එකක්ද ‘‘

‘‘ නැ පුතේ ඒක   නිකං කළුපාට එකක් ‘‘

‘‘ ඉතින් දැං ඇයි සිග් සැග් එකක් ගන්ඩ හදන්නේ .... ආයෙත් ඇදුම් මහන්ඩද හදන්නේ ‘‘

‘‘ නැ නැ පුතේ ඔය සුකුරුත්තං වැඩ කෑලි මට අල්ලන්නේ නැ ... ඒ උනාට වියදං කරන මුදල යාදෙන්ඩ කරන්ඩ එපෑය ... අපේ දුවගේ දුව ... අත්තම්මේ  අාත්තම්මේ කියාගන මගේ පස්සෙම්මයි  ... මැහුං ගෙතුන් වැඩ වලටත් ආසයි ... ඉතින් තව ඉන්න පොඩි කාලේ ඒකිට ගවුමක් යට කලිසමක් මසලා දීලා ... පස්සේ දෑවැද්දට හරි අරං යයිනේ ‘‘

‘‘ මෙහෙමයි මට හිතෙන විදිහට ඇන්ටිට හරියන්නේ .... කළු පාට නෝමල් මෙෂින් එකක් ...ගානත් අඩුයිනේ ‘‘

‘‘ අනේ පුතේ මට ඒ ජාතියේ එකක් තියනවා ‘‘

‘‘ ඉතින් එහෙනං මොකටද තව මෙෂින් ‘‘

‘‘ ඒක අපේ අම්මගේ මැසිම පස්සේ මට දුන්නා ... දැං කාලෙක ඉදන් ලෙඩ වෙනවා .... මං කියල කියලා ... අපේ බෑනා අර මිනිහෙක් ගෙන්නලා කිහිප විටක්ම හැදෙව්වා, ලාම්පු තෙල් දදා හෝදනවයි .... තේ බොනවයි ... විට කනවයි  ..... නිකං අපරාදේ දාහ හමාර යනවා විතරයි ‘‘

‘‘ එහෙනං ගොඩක් පරණ ඇති හදන්ඩම බැරි විදිහට ... අලුතෙන් කෑලි දාල එක පාරක් හදලා බලමු .. අරං එන්ඩකෝ ‘‘

‘‘ වැඩක් නැ පුතේ මං නිරපරාදේ ඒ මිනිහට බයිනවද මන්දා ..... දැං ඉතින් අවුරුදු සීයකටවත් කිට්ටු කරලා නැතැ .... ඔන්න ඔය සිඩ් සැඩ් මැසිමක් දෙන්ඩ .... අම්මා ගාව සල්ලි තියනවා පුතේ ‘‘

‘‘ මෙහෙමයි ඇන්ටි .. මටනං හිතෙන්නේ ඇන්ටි ගන්ඩ ඕන නෝමල් මෙෂින් එකක් ... මොකද දැං හැදෙන ගෑනු ළමයි ඔය මහනවයි මහන්ඩ ආසයි කියුවට .. ඇදුං ගන්නෙම කඩෙං ... අනික ඔය ඇන්ටි කියන මෙෂින් එක .. කළු පාට එකක් වාගේම පරණ මොඩල් ඩිස් මාරු කරන සිග් සැග් එකක් .... ඒකෙන් මහන එක ඇන්ටිට අමාරුයි .... අනික දැං හැදෙන ළමයි ... එව්වට කැමති නැ .... එයාලට ඕන බොත්තං ඔබලා මෝස්තර මාරු කරන .... කරන්ට් එකෙන් මහන ඒවා ‘‘

‘‘ අන්න  හරි පුතේ මටත් ඕනේ කරන්ට් එකෙන් මහන්ඩ පුලුවං විදිහට මැසිමක්  ගන්ඩ .... මගේ පුතා එහෙම හදලා දෙන්ඩ .... අම්මා ගාව සල්ලි තියනවා පුතේ ... බය වෙන්ඩ එපා ‘‘

‘‘ ඔව් එහෙම පුලුවන් මෝටරයක් හයි කරලා දෙන්නං ‘‘

‘‘ දැන් මැසම පාගන්ඩ බැ පුතේ .. අම්මට කකුල් රිදෙනවා ‘‘

‘‘ හරි ඇන්ටි මේ අහන්ඩකෝ .... අපි  කළුපාට නෝමල් එකක් ගම්මු ...මෝටර් එකක් හයි කරලා , ඒකට අපි ඔය පොලිෂ් කරපු ගනන් වැඩි ටේබල් එක නෙමෙයි ... අර තියන ෆෝමිකා අලවපු  ටේබල් එකක් දාමු .... එතකොට ගාන අඩුයි .. හැබැයි අරට වැඩිය හයිය හොදයි .... සත්තු ගහනවත් හොරයි ..... සල්ලිත් ගොඩක් ඉතුරු වෙනවා ... ඒ සල්ලි වලට මදි පාඩුවක්  දාල මිනිබිරි කසාද බදින දවසක බට්න් ඔබන ඉලෙක්ටොනික් එකක් අරං දෙන්ඩ බැරියැ ‘‘

‘‘ හා පුතේ .... පුතා දන්නවනේ   හොදම විදිහට කරලා දෙන්ඩ මං මොකවත් කියන්නේ නැ .... අම්මා ගාව සල්ලි තියනවා පුතේ ‘‘

‘‘ මෝටරයක් ඕනනේ දැං ... එකක් තියනවා   පංදාහයි ... තව එකක් තියනවා දෙදහයි ....  තවත් එකක් තියනවා එක්දාස් දෙසියයි ... හැබැයි අර හත්දාහේ එක වාගෙම තමා දෙදැහේ එක ... අපි ඒකක් දාමු ‘‘

‘‘ සල්ලි නෙමෙයි පුතේ ... පුතාට ඕන  විදිහට හදලා දෙන්ඩ .... මං ගාව සල්ලි තියනවා ... මහත්තයගේ පැන්ෂන් එකම ඉතින් මටනේ ‘‘

‘‘ අපරාදේ මහත්තයත් එක්කම එන්ඩ තිබුනේ ‘‘

‘‘ හැක හැක හෙක් හෙක් ‘‘

 ඒ පාරනං පිස්සුම පිස්සු මූණක් .... හිනාව හරිම වෙනස් ....  ඇන්ටිගේ මෝඩ් එක ආයේ මාරු උනාද මන්දා

‘‘ එයා මැරුනේ ළමයි පොඩි කාලේ ... මං ඉතින් කොහොමහරි  ඒතුන්දෙනාට උගන්නලා ලොකු කරගත්තා , එක එකක්කෙනාගෙං  එක එක  යෝජනා හිටං ආවා ..  (ඇන්ටිට ලැජ්ජා බරිත හිනාවකුත් ගියා )..... අපේ ගෙවල් වලින් නැදැයෝ හිටං බැලුවේ .... මාව ආයෙත් කසාද බන්දන්ඩ ..... කොහොමද පුතේ එහෙම කරන්නේ ....එයා මං ලග දැවටි දැවටි ඉන්නකොට ‘‘

‘‘ ඒ කියුවේ .. මට තේරෙන්නේ ‘‘

( මයිල් කෙලින්වෙන කතානේ යකෝ මුන්දැ කියන්නේ )

‘‘ එයා මාව දාල ගියේ නැ පුතේ .... කොච්චර කියුවත් අහන්නේ නැ .... මං මැරෙන දවසක් වෙනකං ඉන්නවලු ‘‘

‘‘ දැ  දැ...දැ .... දැනුත් ඉන්නවද ‘‘

‘‘ නැ දැං නැ මං පාරට බැහැලා එනකොට මා  පස්සෙන්ම ආවා ....ඔය එලියට වෙලා ඇති ‘‘

..... පිස්සු බංපෙනවා .. මට ඕන දැං මේ කතාව නවත්තන්ඩ .....

‘‘මං ඉතින් දරුවෝ තුන්දෙනා ට හොදට උගන්න ගත්තා .... පොඩි පුතා රට .... ලොකු පුතා නං ලංකාවේ ඉන්නවා එයත් ලොකු රස්සාවක් කරන්නේ ... දුව තමා වැඩිමලා ... එයත් ඉගන ගත්තා .... තුන්දෙනාම  උපාදි කාරයෝ ..... දුව එක්ක තමා මං ඉන්නේ .... මයේ කොල්ලො දෙන්නා අක්කන්ඩිට මහගේ දුන්නා ‘‘

‘‘ ආ එහෙමද ‘‘

‘‘ කොහෙද මේ ළමයින්ට .. මට මැෂින් එකක් ගන්ඩ එක්ක යන්ඩ කියුවට එක්ක එන්නේ නැනේ ...  අම්මා මොකටද තවත් ඔය මෙසින් එක්ක එල්ලිලා මහන්සි වෙන්නේ ... නිදහසේ ඉන්ඩකෝ කියනවා ..... මං ඉතින් කොහොමද එන්නේ කිය කියා බල බල උන්නේ ..... අද ගෙදර කට්ටියටම මගුල් ගෙදරක ගියා ... අදනං පුතේ .... අමතක වෙලා ... හෙහ් හෙහ් .... මං පැනගත්තා එලියට ... දැං හවසට ආපුවහම උඩ යයි ‘‘

‘‘ අමතකවෙලා කියුවේ ‘‘

‘‘ මේ ළමයි කොහේහරි යනකොට ගේට්ටුව ලොක් කරනවනේ .... මාව පරිස්සං කරන්ඩ .... බයයි මං කොහේහරි ගිහින් මොනවහරි වෙයි කියල .... එක පාරක්  මාව කානුවක කොන්කිරිට් ලෑල්ලක් අස්සේ කකුල ගිහින් වැටුනත් එක්කනේ ‘‘

‘‘ මෙහෙමයි ඇන්ටී ... මේ මෙෂින් වලට එන මේ නුල් තදකරන ටෙන්ෂන් එකයි ෂටල් එකයි ඒ තරං හොදනැ , මම මේ දෙක අයින් කරලා වෙන හොද දෙකක් දැම්මට කමක් නැද්ද ....වෙන දෙයක් නෙමෙයි .. තියන දෙක ඒ තරං හොද නැති හින්දා ‘‘

‘‘ හා පුතේ හොද විදිහට කරලා දෙන්ඩ .... සල්ලි ගියාට කමක් නැ .... තෙල් එහෙම දාල හදලා දෙන්ඩකෝ ‘‘

‘‘ නැ නැ ඒ දෙකට සල්ලි ඕන නැ .... මං එහෙම කියුවේ ..... අළුත් මෙෂින් එකේ කෑලි මොකට ගලවලා අළුත් ඒවා දානවද කියලා හිතෙනවනේ .... ඒකයි ‘‘

කොහොමහරි ඉතින් මෙෂින් එක සෙට් කරලා දීලා සාම්පල් කෑල්ලකුත් ගහලා ... එහෙම ඇන්ටිට මහන හැටි එහෙම කියලා දෙන්ඩ කියලා

‘‘ ඇන්ටි ටිකක් මේක මහලා බලන්ඩකෝ ‘‘

‘‘ ඕන නැ පුතේ පුතා දැං මැහුවනේ ‘‘

‘‘ ඒ උනාට මහලා බලන්ඩ ...අඩුපාඩුවක්  තියනවනං දැනෙනවනේ .... එතකොට එකපාරින් ඉවරයි නැත්තං ආයේ උස්සං එන්ඩ ගියහම කරදරයිනේ ‘‘

ඔන්න ඉතින් දැං ඇන්ටි බොහොම පුරුදුකාරියක් විදිහට මහලා එහෙම බලලා

‘‘ හරි පුතේ  ෂෝක් එකට තියනවා ... පුතාට පිංසිද්දවෙනවා මට වැඩේ හොදට කරලා දුන්නට ‘‘

‘‘ ඇන්ටි මහන හැම වෙලාවෙම පුට් එක උස්සලා නුල ටේක් අප් ලිවර් එකට වෙනකං මෙහෙම දාල , පුට් එක පල්ලෙහාට දාල ඇදලා බලන්ඩ .... හොද තදට නුල තියෙන්ඩ ඕන .....මෙන්න මේ වාගේ .... ටෙන්ෂන් එකේ නොම්බර මතක තියාගන කරකවන්ඩ එපා ...  ඇදලම බලන්ඩ ‘‘

‘‘මං දන්නව පුතේ ... මම ඉස්සර ඉදන් එහෙම තමා කරන්නේ ‘‘

‘‘ නුල් එහෙම ඕනද ‘‘

‘‘ නුල් නං තියනවා පුතේ ... මට අර ඉදිකට්ටට නුල් දාන එකකුයි නුල් කපන එකකුයිත් ඕන ‘‘

‘‘ නංගි ත්රේඩර් එකකුයි , ටිමර් එකකුයිත් දාල  මේ නෝනට බීල දාල දෙන්ඩ .... මල්ලි ත්‍රීවිල් එකක් ඇරං ඇවිත් මේක පටවලා දියං ‘‘

‘‘ හෙඩ් එක ගලවලද ගෙනියන්නේ ‘‘

‘‘ අනේ පුතා ගවලා ගෙනිහින් හයිකරගන්ඩ අම්මට දන්නේ නැ නේ ‘‘

‘‘ ගලවන්ඩ ඕන නැ , ඩීසල් ත්‍රීවිල්  එකක් අරං වරෙන් ‘‘

‘‘ ඒකට උඩහටම යන්ඩ එපෑ ‘‘

‘‘ ඉතින් ගිහින් අරං වරෙන් ‘‘

ඔන්න ඉතින් කොල්ලා කට නිකං පුක වගේ හදාගන ත්‍රීවිල් හොයන්ඩ පිටත් උනා

‘‘ ආ පුතේ මෙන්න මෙතනින් ගන්ඩකෝ සල්ලි ටික ‘‘

ඇන්ටි පපුව  අස්සට අතදාල  රෙද්දක් ගැටගහපු සල්ලි පොදියක් ඇං මා දිහාට දික්කරා . දාහේ කොල . පන්සියේ ... දහයේ හැම කොලයක්ම එතන .. සැහෙන ගානක සල්ලි පොදියක්

‘‘ අනේ ඇන්ටි මටනං බැ අනුන්ගේ සල්ලි අතගාන්ඩ ...ඇන්ටිම ගැනලා දෙන්ඩකෝ .. ඔය ළමයෙකුට ‘‘

කෙල්ලෝ දෙන්නටත් ඕන ගාන එතනින් ගන්ඩ කියල ඇන්ටි දික්කලත් උන් දෙන්නා ඒකට කැමති නොවුන තැන ඇන්ටිම හෙන වෙලා අරං සල්ලි  කොලය කොලය ගැන ගැන දෙනවා .... කෙල්ලො දෙන්නා එකතුව කිය කිය ගන්නවා

‘‘ දැං හරි ඇන්ටි මේ ඇති ‘‘

ආයෙත් ඉතුරු ටික රෙදිකෑල්ලේ ඔතාගත්ත ඇන්ටි ...ඒක අතේ මිට මොලව ගත්තා

‘‘ ඇන්ටි යනකොට මග වැටෙයි ඔය සල්ලි ටික ආයෙත් අැතුලට දාගන්න ‘‘

‘‘ හා හා පුතේ .... මංනැති කරගන්නේ නැ .... මං පරිස්සං ගෑණි ‘‘

කියාපු ඇන්ටි සල්ලි ටික ආයෙත් පපුව අස්සේ හංගාගත්තා , ත්‍රීවල් එකට මෙසින් එක පටවලා උන්දැවත් ඒකට නැග්ගුවට පස්සේ

‘‘ අනේ මට අමතක උනානේ පුතාලට තේ බොන්ඩ කීයක් හරි දෙන්ඩ ‘‘

කියලා ආයෙත් සල්ලි පොදිය අදින්ඩ ලෑස්තිය ...  නැ නැ ඕන නැ කියල වදෙන් පොරෙන් නවත්තලා ..... මේ අයියට තනියම බැනේ ....  උඹත් ගිහින් මෙෂින් එක බාල දීලා මේකෙම වරෙන්  කියලා සෙල්ස් මලයවත් ත්‍රීවිල් එකට නග්ගලා පිටත් කරලා මම ඇතුලට එනකොට , ෂොප් එකට ආපු ගෑණු  කෙනෙක්.

‘‘ ඔයාල අර මනුස්සයට මෙෂින් එකක් විකුණුවද ..... ඔය මනුස්සයට පිස්සු ..... ළමයි එහෙම හොද සල්ලි කාරයෝ , එහේ මෙහේ ඉබාගාතේ යන හන්දා .... වහල කරලා තියාගන ඉන්නේ ...... දැං ගෙදර මිනිස්සු  ඔය මෙෂින් එක ආයෙත් අරං  එයි ..... ඒ පැත්තේ කඩවල් වලටත් ගිහින් වැඩකට නැති  බඩු පොදි උස්සං එනවා .... ගෙදර මිනිස්සු ඒවා ආයෙත් කඩවල් වලටම ගිහින් දීලත් තිබුනා ‘‘

‘‘ ඒකනේ ඒකනේ ... මං කියුවේ    ....අරයත් නැති  වෙලාවේ  එපා කියල .... කොහෙද ඇහුවේ නැනේ .... දැං ඉතින් බැනුම් අහන්ඩත් වෙයි අපිට ...‘‘

‘‘ නැ මට හොදටම ෂුවර් .... ඕක ආයේ අරගන එන්නේ නැ ‘‘

55 comments:

  1. පව් ඕයි.
    මොනා උනත් එල වැඩක්

    ReplyDelete
    Replies
    1. අඩේ මම එක 👑👑👑

      Delete
    2. කලින් එක වෙලා නැතෙයි

      Delete
    3. අටම්පහුරෙ නම් නෑ මම හිතන්නෙ.

      Delete
  2. aththa kathavakda ban.
    lalith perera.

    ReplyDelete
  3. ඉතිං ආපහු ගෙනාවද මැශිම. කඩ කාරයගෙ ගෑනි ගැන කියපු කතාව නං ඇත්ත වෙන්ටැ

    ReplyDelete
    Replies
    1. නැ ගෙනාවෙ නැ .... ඒකනං ඇත්ත කතාවක් තමා

      Delete
  4. මොනා වුණත් පව් අසරණ ආන්ටි. ගොඩක් කාලෙකින් අටංගේ කතාවක් කියවන්න ලැබුණේ. ඒත් කලින් කතාවලට වඩා ටිකක් විතර වෙනස් ලියලා තියෙන විදිහ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙමද අ .... කාලෙකින් නොලියපු හින්දා වෙන්ඩ ඇති බං .... මටත් සමහර පරන කතා කියවන කොට හිතෙනවා මේක මම ලියුවද කියලා

      Delete
  5. Replies
    1. මදි මදි ඔය දිග මදි ගහපු වැට

      Delete
  6. උඹ විට කාගෙන ඉන්නවා දැක්කම අනිවාර්යෙන් ඇන්ටිට හිතෙන්න ඇති තේ බොන්න කීයක් හරි දෙන්න

    ReplyDelete
    Replies
    1. විට කාගන ඉන්නකොට තේ බොන්ඩ සල්ලි දෙන්ඩ හිතෙන්නේ ඇයි

      Delete
  7. සෑහෙන කාලෙකින්... පව් බං තනි උනු මිනිස්සු

    ReplyDelete
    Replies
    1. හම් .... ඒකත් ඇත්ත .... සමහරක්විට ගෙදර මින්සුසුන්ට ඇත්තටම වාතයක් වෙනවත් ඇති

      Delete
  8. අපට තේරෙන්නෙ නෑ බං අම්මලාගෙ ආදරේ.මෙහෙ වහිනවා කියල අම්මලා එහෙ ඉඳන් අඬනවා.මල පැනලා කෑ ගහල ඉවර උන ගමන් මේක කියෙව්වෙ. මාවම එපා උනා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔහේ වහිනවා කියලද මෙහේ වහිනවා කියලද

      Delete
    2. මම ඉන්න දිහාට... මම තෙමෙයි කියලනෙ බය

      Delete
  9. නියමයි අටම්. අත්දැකීම නම් අපූරුයි

    ReplyDelete
    Replies
    1. ඔහොම සීන් එක එක එව්වා වෙනවා .... සමහරක් ලියන්ඩ බැරි එක එක සීමාවල් වල .... තව සමහරක් රෙද්ද කඩලා මූණ වහගන්නවා වාගේ ... කොහේ ලියන්ඩද ඉතින්

      Delete
  10. සංවේදී කථාවක් අයියේ, එයා ආපහු එන්නේ නැහැ කියලා ෂුවර් කොහොමද,

    ReplyDelete
    Replies
    1. එන්නැ බං .... මට ඒ වෙලාවෙම ඒක දැනුනා .. ඇන්ටි දුන්නේ ... දරුවන්ට සහ බෑණට රතු වෙන්ඩ කනේ පාරක් .... එයාල ඒකට .. අක්ෂන් ගන්නේ නේ පොඩි එකෙක් කරපු දඝ වැඩකට වැඩිහිටියෝ හිනා වෙනවා වාගේ ... හිනාවෙලා කතා කරලා අත අරිනවා

      Delete
  11. මරු අත්දැකීමක් අයියේ......

    ReplyDelete
  12. Replies
    1. තේරෙන්නේ නැ .... දැනෙන්නෙත් නැ

      Delete
  13. අපෙ අම්මත් ඔහොම තමයි ඉතිං ....

    ReplyDelete
  14. මේ කතාව කියවාගෙන යද්දි මට මැවිලා පෙනුනේ අටං විටක් එහෙම කකා ඇන්ටිට මැසිම විකුනුව හැටි. මොනවා උනත් අටමෝ උඹ කරගත්තේ බොහෝම ලොකු පිනක්.

    ReplyDelete
    Replies
    1. එහෙම විට කන්ඩ බැ බං ... මට එක පාරකට එක විටක් එපෑය .... බුලත් කොල හතරක් අඩු වැඩිය එක්ක කන්ඩ බැ ... ඔහොම වෙලාවට .... නිදහසේ එලි පහලියක තමා .... විට කන්ඩ හොදම තැන බයික් එක

      Delete
  15. එක හුස්මට කියව්ව. ලස්සන කතාවක්.

    ReplyDelete
  16. මේකනං මාර කතාවක් බං.
    හැබැයි ඔය මැසිම ආපහු ආවොත් බොසාට කියන්න වචන ටිකක් දැම්මම ලෑස්ති කරගනිං.

    ReplyDelete
    Replies
    1. දැං අවුරුද් ගානක් ... තාම ඇවිත් නැ දන්න තරමට

      Delete
  17. //ඔව් බං මාත් හෙන අපිලිවෙල පොර .... , බ්ලොග් එකේ හෙඩිම කියවහං//

    පේනව. බොට අර ඉස්පිල්ල දාන්න කියල එකපාරක් මම කියල ඇති.

    ReplyDelete
    Replies
    1. කොයි ඉස්පිල්ලද බං

      Delete
    2. පලිවෙලක් නැති ජීවිතේ කියලනෙ තියෙන්නෙ.ඒක වෙන්ටැ

      Delete
    3. ඕං ඔය ලබ්බ කිවුව එක තමයි.

      Delete
  18. කථාවනම් මරු,
    ඇත්ත සිද්දියක්ම වෙන්න ඕනේ කියල තියෙන විදියට.
    අසරණ මනුස්ස ජීවිත.

    ReplyDelete
    Replies
    1. ඔව්වයෙන් අපි අසරන වෙනවා ඊට වැඩිය

      Delete
  19. ඉතුරු ටිකත් කියහන් බං...
    මොනවා උනත් හිතට දැනුන සිද්ධියක්...

    ReplyDelete
    Replies
    1. ඉතින් එච්චරයි .... ෂෙිම ආපිට ගෙනාවේ වත් .... ආයේ ඒ ඇන්ටිව දැක්කේ වත් නැ

      Delete
  20. මරු බන්. බොක්කටම වැදුනා.
    ඇහැට කඳුලකුත් ඉනුවා.
    මේක හිතලා ලිව්ව එකක් ද මන්දා ඒත් උඹ ගැන දන්න හින්දා ඇත්ත කතාවක්ම වෙන්න ඇති කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. සමහර තැන්වල පොඩි රේන්ද කෑලි දෙක තුනක් ඇල්ලුවට ... මේක සාමාන්‍ය බහුල යට ... ගොඩ දෙනෙක් අදින යට සායක් බං .... හෙක් හෙක්

      Delete
    2. මෙහෙ නම් ඉතිං යට සායත් ණෑ ,, අනිත් එව්වත් තියෙනවද දන්නෙත් නෑ.

      Delete
  21. ඕකනේ කියන්නේ මිනිස්සු ඇඳුමෙන් මනින්න බැහැ කියලා.

    ReplyDelete
  22. ජීවිතවල මාර ඇරියස් තියෙන්නේ නේද බං

    ReplyDelete
  23. උන්දැට පන්සල් ගානෙ ලගින්න යන්නයි දඹදිව යන්නයි නැතුව මෙහෙම හිතිච්ච එක උන්දැ හිතින් තරුණ බවට හොඳ සාධකයක්.

    ReplyDelete
  24. පලයං බොරු නොකියා.. මං උඹ බලන්න ගිය වෙලාවෙ මට වඩේ එකයි ප්ලේන්ටියයි නොදුන් උඹ ඔහොම කරයිද ?

    ReplyDelete
  25. ඉතින් මං මක් කරන්නද දෙයියනේ .... ඒ අහල පහල එක කඩයකවත් වඩයක් ප්ලේන්ටියක් විකුනන්නේ නැති කොට

    ReplyDelete
  26. කාලෙකට පස්සේ කියවපු හොද කතාවක් ... නෙත්නම් හැමදාම කියවන්නේ පුක් කතා නේ ...

    ReplyDelete
  27. ⁣බොහොම අපූරුයි... සංවේදී කතාවක්... එක හුස්මට කියෙව්වා..👍

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>