2017-06-30

සේන මාමගේ විසප්පුව



සේන මාමා කියන්නේ බොහොම අහිංසක මනුස්සයෙක් , මං දන්න හිතවතෙක් ලග වැඩ කරනවා නෙමෙයි   වැටිලා ඉන්නවා කියුවොත් නිවැරදියි ... නියමිත වැඩක් පලක් නැ .... ඔය බැංකුවට අරිනවා ... කඩේට   අරිනවා වගේ   දේවල් තමා .... බොහොම විස්වාස වන්තයි ... ලස්සයක් දෙකක් දුන්නත්   ... බැංකුවට හරි ගෙනියන්ඩ ඕන තැනට හරි ගෙනියනවා .....  පොඩි  මොලේ හොද ගතියකුත් තියනවා ....හැම වෙලේම තනියම හිනා වෙනවා. ඉක්මනට තරහ යනවා ... තරහ ගියාම බඩු මුට්ටු හිටං පොලවේ ගහනවා .... ඒත් ටික වෙලාවයි.

‘‘සේන බැංකුවට ගිහින් එනවද  තුනට කලින් ‘‘

කියුව ගමන්   ලෑස්ති වෙලා  එනවා ගමන යන්ඩ , අර තරහ ගිය එක මතක නැ ....  ඕන සබාවක් මැද්දේ   බීඩියක් ගහගන තමයි   ඉන්නේ .... අවුරුදු විස්සකට   විසිපහකට   ඉස්සර  දුම්බීමට තහනමක් නැති  කාලේ බැංකු යන්නෙත්   බීඩියක් ගහගනලු. ඔය කොහෙන්   හරි  රට සිකරට්  පැකට්  එකක් හම්බෙලා අතේ  තියන වෙලාවට  ... මං එයින්  දෙකක්  තුනක් දෙනවා  පොරට  ....  ගන්නෙම නැ   පෙරැත්ත කරලා කරලා   බලෙන් ඇගේ   ගැහුවම.


‘‘ ආ නැව් සිකරට් .....  යාලුවෙක්  රට ඉදං ආවද ‘‘

‘‘ ඔව් පැකට් එකක් හම්බුනා ‘‘

‘‘ තුනක් එපා  එකක් ඇති ‘‘

‘‘ ඇයි.. ඒ ...  මේ තුනම ගන්ඩ ‘‘

‘‘ බීඩි වාගේ  නෙමෙයි ... මෙහේ තියන සිකරට්  වලටත්  සැරයි   ඔව්වා  ... මට අල්ලන්නේ   අරවා තමා ‘‘

කියලා    සිකරට් එකක් පත්තු කරං   අනික් දෙක සාක්කුවට දාගන   ... සිකරට් එකේ   පිල්ටරෙනුත් බාගයක් අදිනවා ..... ඒත් කවදාවත්    සිකරට්   බාගයක් නං    දුන්නට ගන්නේ නැ .... අරක්කුත්   අරහං...

ඔන්න ඉතින්  දවසක් මං එහේ  ගියහම  අර හිතවතා   කියනවා .... අන්න අර යකා  බෙහෙත් ගන්ඩ යන්ඩ  එන්නේ   නැ  දවස් ගානකු උණ හැදිලා  ... නැගිට ගන්ඩ බැරුව  පැදුරට වැටිලා ඉන්නවා ටිකක් බලහං කියලා , මං ගිහින් පොරගේ  කාමරයට එබෙන කොට   පොර පොලිතින් කොල   දාල   වෙනිවැල් ගැට පත්පාඩගං   තම්බනවා .... කොහොම  හුස්ම ගන්නවද මන්දා කාබරේ   ඇතුලේ ....  ඇගෙයි ..හිතෙයි හයියෙන්   අල්ලං ඉන්නවා මිසක්    .... පොරට හෙන අමාරුයි කියලා පේනවා.

‘‘ මොකද සේන මාමේ සනීප නැ කියන්නේ ‘‘

‘‘ ඔ..ව්  .... උණ  ..න   ගැනීලා  ....දවස් දෙකතූ... නක් ‘‘

දැං පොර වෙව්ලන ගතිය මග ඇරගන්ඩ ට්‍රයි කරන ගමං   උත්තර බදිනවා

‘‘ ඉතින් බෙහෙත් ගන්ඩ යන්ඩ එන්නෑ කියන්නේ ... ඇයි චූටි මහත්තයට බැනලා පන්න ගත්තා කියන්නේ‘‘

‘‘ කසාය ...වේ..ල්..ල් ..දෙක ...තුන..ක්... බිව්වහම හරි .... දොස්තර බෙහෙත් ඕනෑ...න්නේ ...නැ ...‘‘

‘‘ දැං මහ නරක උණ තියනවා    ...වෙනිවැල් ගැට බීලා හරියන්නෙ   නැ ‘‘

‘‘ එහෙම ලොකු ලෙඩක් නෙමෙයි ‘‘

‘‘ එහෙනං ‘‘

‘‘ විසප්පුවක් ‘‘

‘‘ කොහෙද ‘‘

‘‘ හික් හැක් හැක් හැක් ‘‘

ඔන්න දැං පොරට උරුම වෙච්ච   උමතු  හිනාව දානවා

‘‘ කොහෙද  පස්ස පැත්තෙද ‘‘

‘‘ ම්...හූ ‘‘

‘‘ ආ ඉකිලියෙද   ... ඉතින්  ඒකට   ඔච්චර අමාරු  වෙනවද ‘‘

‘‘ ඒක තාම මෝරලා නැ   ....  ඔය සැර පිට කරන්ඩයි   ... ඇග පෙරලන්නේ  ....   ඇගේ  තියන විස   තල්ලු කරලා  අරං ඇවිත්  පිට දාන්ඩනේ   ඔව්වා හැදෙන්නේ .... තාම   මුවවිට මෝදු වෙලා නැ   ...දවසකින් දෙකකින්   හරියයි .... මම හැට්ට  කට්ටකිනුත්   කැඩුවා .... ඒත් තාම ගෙඩිය මෝරලා නැ ‘‘

‘‘...හෑ  ......හැට්ට කට්ටෙන්   කැඩුවා   කෝ   බලමු බලමු ‘‘

පොරට කනිපින්දං   ගහලා ....  අඩලා ....ආයෙම  තර්ජනය කරලා   .... පෙන්වන්ඩ කියනවා   පොර නෙමෙයි පෙන්වන්නේ ..... පස්සේ   මගෙන් බේරෙන්ඩම  බැරිතැන   ලිප ලග  ඇණ තියාගන හිටපු පොර  කැහපට ගහපු   සරම    උස්සලා   මට බලාගන්ඩ තියලා වල්ල උගේ නෙමෙයි වාගේ   නිකං හිටියා.

හත් දෙයියනේ   ඇටවල්ල   කොට වැටකොලු  කරලක්   වාගේ  සරමත් බේරගන   බිම ගෑවෙනවා ... සර්පයත්   හොද සයිස් ..... සර්පයා  වාගේ තුන් ගුණයක්   දිගට ඇට වල්ල බිම ගෑවෙනවා .... බය හිතෙන තරම්   මහතට ....  හැටි නිකං   මස් කඩේ   එල්ලා තියන   හරක් පෙන හල්ලෙන්   එක පැත්තක් වාගේ.

‘‘ කෝ කොතනද හැට්ට කට්ටෙන් හෑරුවේ ‘‘

ඔන්න ඉතින් පොර  ව‍ෙන කාගේදෝ  එකක් වාගේ  උස්සලා අනිත් පැත්ත කරකවලා පෙන්නුවා.... සත විසිපහක් සයිස් තුවාලයක්  ... සැහෙන දවසක්  තිබුන පාටයි ...සැරවත් ගලනවා ...

‘‘ මේ පිස්සු කෙලින්නේ නැතුව ඇදුම් දාගන  ලෑස්ති වෙලා   එන්ඩ ... මැරෙයි  මනුස්සයෝ  ‘‘

කියලා ... ඇවිත්  හිතවතා එක්ක විස්තරේ කියල මූ එනකං බලාගන ඉන්නවා .... එන පාටක් නැ .... ආයෙත්  ගිහිං කතා කලහම ... මහ හයියෙන් හිනා වෙනවා .... හොදින් කතා කරලා කරලා එන පාටක් නැ .... පස්සේ  තව අපේ හිතවතාගේ නෑදෑයෝ වෙන  නහයට අහන්නේ නැති ...හැඩිදැඩි  මලයෙකුටත් කතා කරලා ගෙන්නගෙන .... ඌ ලව්වත්  කොච්චර  කියෙව්වත් එන්නෙම නැ   ..... පස්සේ  ඉතින් ... ඉක්මනට වෙන ඇදුමක් දාගත්තේ  .... ලෑස්ති වෙලා ..ඇවිත් වාහනයට  නැග්ගේ  නැත්තං .... ඇග රිදෙන ජාතියෙන් දීලා ..අතපය හතර බැදලා උස්සලා පටවං යන බවට අවසාන නිවේදන චණ්ඩි මලයා විසින්   නිකුත් කරනු ලැබුවා..... සේන මාමා  අහක බලාගන ඒකටත්  හිනා උනා.

අපි තුන්දෙනා  ආයෙත්  එතනින් අහකට ගිහින් දහ අතේ කල්පනා කරනවා මේකව  බෙහෙත් ගන්ඩ ගෙනියන විදිහක්... අර විදිහට අඩංතේට්ං කරලා ඇදගන යනවා කියුවට කවදාවත් අරුන් දෙන්නා   එහෙම කරන්නේ නැ ඔය මනුස්සයට.... පොඩි කාලේ  හිටං බලාගත්ත මනුස්සයනේ ... උන් දෙන්නව ඉස්කෝලේ හිටං.... ගෙනිහින්  තියෙන්නේ සේන මාමා..... අනික   වයසට  ගියාට  හයිය හත්තිය තියන මනුස්සයා .... අපි තුන්දෙනාම එක්ක උනත්  තුන්මුල්ල පාගන්ඩ පුලුවන් යෝදයා...... පස්සේ  ඉතින්  වෙන කරදරයක් නොකර උස්සං ඇවිත් වාහනයට පටවමු කියලා  ... ආයෙත් කාබරේට එබෙනකොට .... වෙන ඇදුමක් නං ..දාගන   ...මුල්ලකට ගුලිවෙලා එක දිගට හිනා වෙනවා ..... කොහොමින් කොහොමහරි වැඩි කරදරයක් නැතුව  පටවගත්තා කියමුකෝ  වාහනයට.

‘‘ කොහාටද දැං ගෙනියන්නේ ‘‘

‘‘ ඉස්පිරිතාලේ  නං ගියොත්  නවත්ත ගන්නවා .... අනික මෙයා ඉන්නෙත් නැ පැනලා එයි ... ප්‍රයිවට්  පෙන්නලා බලමු ‘‘

කියලා ඔන්න ඉතින්  සල්ලි ගෙවන ඉස්පිරිතාලෙකට ගියා කියමුකෝ .... එතන ලෙඩ්ඩු බාරගන්න තැන හිටියේ දොස්තර නෝනා කෙනෙක් ... ලෙඩේට   කලින්  ලෙඩාගේ ගේ විස්තර   ....ලෙඩාගේ ගතිසොබාව එහෙම ඒ නෝනට  විස්තර කලහම එයා ... හොදින් තේරුම් ගත්තා සීන් එක.

ඊලගට  තුවාලේ බලන්ඩ ගියහම  හෙන  වලිය මේකා  පෙන්වන්නෙම නැ ... වදෙන්  පොරෙන්  ඇදේ බුදිකරලා  සරම කැඩුවහම .... හෙන රෙදිකෑලි පොට්ටනියක්   බිජ්ජ වටේ ඔතාගන .... දොස්තර නෝනටත්    හිනා  .... ඒ මදිවට කවදාවත්  ස්තිරිපරානයක්  ඇගේ ගෑවිලා නැති සේන මාමා  ඇද මත්තේ  ඇඹරෙනවා... අත්තෙම ඇට හැලිලා වේලිච්ච හවරිනුග කරල වාගේ.

පස්සේ ඉතින් තුවලේ සුද්ද කරලා  බෙහෙත් දාල .... ඉන්ජෙක්ෂන් එහෙම ගහලා ...  ආයෙත්  බෙහෙත් දාන්ඩ අනිද්දට එන්ඩ කියලා  ... දොස්තර නෝනා කියුවහම.....අපි කියුවා   මෙයාව ගේන්ඩ අමාරුබවත් ...  තුවාලෙට දාන බෙහෙත් ගෙදරදි  දාගන්ඩ දුන්නොත්  පහසුවක් බවත්.

පස්සේ ඉතින් එතුමිය බොහොම අකමැත්තෙන් .. අපේ  ඉල්ලිමට කන්දීලා .... බොන බෙහෙත් එක්ක පාමසියෙන් ගන්ඩ තුවාල බෙහෙතුත් ලියලා දීලා.  නාල කරලා පිරිසිදුව ඉන්ඩ.... කියලා සේන මාමට කියලා... තව ඔය තුවාලේ සුද්දකරලා බෙහෙත් දාගන්න හැටිත් කාරුනිකව කියලා දීලා.

ඒ තුවාලය විසප්පුවක්  නොවන බවත් .... ඉදිමිලා තියෙන්නේ වෙන රෝගයක් නිසා බවත් .... ඒක හොද කරන්ඩ නං ඔපරේෂන් කරන්ඩ ඕන බවත් කියුවා. තුවාලය හොදින් සුව උනාට පස්සේ .... ඇවිත් එයාලගේ ලොකු දොස්තර මහත්තයව චැනල්  කරලා ..පෙන්වලා ... එයාගෙන්  දිනයක් දාගන නවතින්ඩ ඕන බවත්  කියුවා.

පස්සේ ඉතින් ආපිට අපි එනගමං

‘‘ සේන මාමේ දැං ඉතින් ගෙදර ගියහම අර නෝනා කියුවා වාගේ  හොදට පිරිසිදුවට නාල කරලා .... ඉන්ඩ ඕන  ඈ.. බෙහෙත් හරියට වෙලාවට  බොන්ඩ ඕන ... තුවාලෙට දාන්ඩ දුන්න බෙහෙත් ඇර වෙන මොකවත් දාන්නේ එහෙම නැ... රෙදි පොට්ටනි බදින්ඩත් එපා...  මතකනේ කියුවා  ඕක විසප්පුවක් නෙමෙයි.... හැට්ට කටුවලින්  හිල් කරන්නේ එහෙම නැ ‘‘

‘‘ නෑ නැ... මම නෙමෙයි ආයේ මේකට අත තියන්නේ .... දැං ඉතින්  ඒ නෝනට  මේක  බාර දීලනේ තියෙන්නේ ‘‘

පස්සේ ඉතින්  සතියක් දෙකක් ගිහින්  උණත් බැහැලා තුවාලෙත් හොදවෙලා සේන මාමා ආයෙත් බෙහෙත් ගන්ඩ යන පාටක් නැලු ..... පස්සේ අපේ හිතවතාගේ තාත්ත කියුවලු සේන මාමට

‘‘ ඇ සේන ... ළමයි එක්ක ගිහින්  ඔය ඔප්රේසන් එක කරගත්තානං නේද හොද ‘‘

‘‘ මට බැ බොට ඕන නං ගිහිං කපාගං බොගේ වල්ල ‘‘


60 comments:

  1. Back to අටං ස්ටයිල්... ජයවේවා

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් .. කාලෙකින් බං ... හිතටයි ගතටයි දෙකටම නිදහසක් ආවේ

      Delete
  2. කුද්දැටියද හැට්ට කට්ටෙන් හාරලා තිබුනේ?

    ReplyDelete
  3. අපේ කුතුහලය දිගටම තියාගන්න විතරක් නෙවෙයි හිත් ඇදගන්න ලියන්නත් ‍කවදත් හපනා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගුනසිංහ මහත්තයෝ

      Delete
  4. නියමයි මචෝ...!
    මේ දවස්වල ඔයිටත් වඩා කියනදේ නාහන ලෙඩෙක් බලාගන්න නිසා වෙන්ටෑ බොට සේනයා මතක් උනේ...මරු ඕයි..!

    හැබැයි සර් හෙඩිම ඩේන්ජරස්‍...කටු ඇනගනී....!

    ReplyDelete
    Replies
    1. හප්පා කියල වැඩක් නැ .... මූණ බුකවගන ඇදට වෙලා ඉන්නවා .. බහින්ඩ දෙන්නැ කියලා

      Delete
  5. Replies
    1. ඔය වැටඉනි ඉවර වෙන්නේ නැද්ද අප්පා .... කොහෙන්ද ඔච්චර වැටඉනි කපාගන්නේ

      Delete
  6. අපේ මහතැනත් බෙහෙත් ගේන්න අරං යන්න ඔය විදිහට හත්වද කරන්න ඕනෑ. එක දවසක් උණ හැදිලා බෙහෙත් ගේන්න අරං ගියේ මැරෙයි කියලා බය කරලා. සමහර විට අපිත් වයසක වෙද්දි ඔහොමම වෙයි.

    ReplyDelete
    Replies
    1. අපිත් දැනටත් එහෙමනේ බං ... රතු වෙද මහත්තයා ගැනනේ වැඩි විස්වාසේ

      Delete
    2. ඒ අපි වයසට ගියාමනේ බන්. අටමා දැනටම වයස්ගත කොල්ලෙක් නෙ

      Delete
    3. අනේ පල ... පට්ට නාකියා

      Delete
  7. හැක්.. හැක්.. මදැයි ඔහොම බේරුනා.

    ReplyDelete
  8. තොගේ ඇස්වහ වැදිලා අරූගෙ සර්පයා ඇකිලිලා ගිහින් ද දන්නෑ....
    අටමා...පට්ට ආතල් මචන්...මරු කතාව

    ReplyDelete
    Replies
    1. ඒක කොහොමටත් ඔලුව උස්සන වයසක නෙමෙයි

      Delete
  9. මගෙ යාලුවෙක් ලබ්බෙ ගෙඩියක් හැදිල මලා

    ReplyDelete
    Replies
    1. Very sad. If there ill in sex place that imediat take medical action. If no take medisin futere big trubal.

      Delete
    2. Ratathota WistharaJune 30, 2017 at 3:53 PM

      හරිම දුකයි. ලිංගික ස්ථානවල අසනීප තත්ත්වයක් ඇතිවුවහොත් වෛද්ය ප්රතිකාර ගන්නවා නම්. මිනිසුනේ ෆුටේරා ලොකු ට්රැබල් ගන්න එපා.

      Delete
    3. surangamlrJune 30, 2017 at 9:01 AM


      දැං කවර් නෝට් දාල වැඩක් නැ මල්ලි ... කිලුටු පොතේ ලියලා ඉවරයි

      Delete

    4. AnonymousJune 30, 2017 at 10:20 AM

      හා මචං ... උඹ නං එහෙම මැරෙන්ඩ එපා

      Delete
  10. Replies
    1. කමෙන්ට් කලේ තොගේ අවතාරෙද

      Delete
  11. කලවන් නැති KG ගැහුවහම ඔය වගේ විස්ප්පු එනවා ඉඳලා හිටලා. අටමෝ උඹට එහෙම ඇවිත් ඇතිනේ

    ReplyDelete
    Replies
    1. තාත්තා හවසට වැඩ ඇරිලා ගෙදර එනකොටම මග රැකලා ඉඳලා අහන්න
      What KG? කියලා එයා කියලා දෙයි බබෝ

      Delete
    2. Actualy I not know this what meen. This KG a medisin?

      Delete
    3. yees. it is a medisin. yu bayi kan it faamacy.

      Delete
    4. AnonymousJune 30, 2017 at 12:40 PM

      මම කේ ජී ගහන්නේ නැ බං ... අතිජාත පොඩි මස්සිනා ... තනමල්විල මල් ගෙනත් දෙනවා..... එකකුස උපන් යලුවා කූෂ් ගෙනත් දෙනා..... අපි සැපේ ඉන්නේ ආ ..... ආසද

      Delete
    5. Ratathota WistharaJune 30, 2017 at 3:05 PM


      What KG?

      උඹ බබා උක්කුං දානවා නේද

      k g කියන්නේ කේරල ගංජා කියල උඹ දන්නේ නැ .... උඹ බබා ... මම බේබි

      Delete
    6. Oh thanks atam frend now I know what KG. I no use KG. But I no oposite to KG use people.

      Delete
  12. You good tasty post write here agane. Your uncal sena funny man. I laufgh no stop. How ever sex place woons very bad. If there have woons sex place, any one must go consalt doctor and take medisin. If too late it can truble more. Helth is the mane thing all people must considar.

    ReplyDelete
    Replies
    1. ඔබ හොඳ රසවත් පුවතක් මෙතනට ලියන්න. ඔයාගේ අත්තනෝමතික සෙඤ්ඤාණික මිනිසා. මම නැවතිලා නැහැ. ලිංගික අවයව ඉතාම නරක අතට හැරේ. ලිංගික ස්ථානයක් ඇති වුවහොත්, කවුරුහරි වෛද්යවරයෙකු ලවා වෛද්ය ප්රතිකාර ලබා ගත යුතු ය. ප්රමාද වැඩියි නම් එය තවත් වැඩිවිය හැකිය. හෙල්ත් සියල්ලම සැලකිය යුතුයි.

      Delete
    2. Ratathota WistharaJune 30, 2017 at 1:11 PM


      අනේ සුදෝ මට කමෙන්ට් දානවනං සිංහලෙං දාහං ... නැත්තං අය අතක පලයං... වදනොදී

      Delete
    3. I more like to comant put English. Becase now days we must use intenational langwage. Do all things English the more inteligen thing today.

      Delete
  13. Replies
    1. Good good, this write post very tasty.

      Delete
    2. තොපි දෙන්නාවම කොටි කන්ඩ ඕන

      Delete
  14. දාන තුරු හොඳ කෙටි කතාවක් කියවගන්නට නිරතුරූ
    මාන බලමින් හිටියෙ මානම් ඇඟිලි ගනිමින් නැහැබොරූ
    පේන රහගුන අටංගේ කෙටි කතාවට දෙමි මම තරූ
    සේන මාමගෙ _ _ _ හැඩරුව ලිව්ව හැටිනම් මරු මරූ.....

    හැමදාමත් වගේ අදත් අටංගේ කතාව මරු.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කයියත් හරියන්නේ නැ බං හැම එකටම

      Delete
  15. මේකත් වෙන කාගෙ හරි බ්ලොග් එකක් ගැන වෙන්නැති කියල හිතාගෙන උඩින් පල්ලෙන් කියවගෙන ආවෙ මගක් එද්දි තේරුනා ආයෙ මුල ඉදන් කියවගෙන ආව.මරු..!

    ReplyDelete
    Replies
    1. අනේ බං අදවත් කියහං ඔය කියවගන්ඩ බැරි නම මොකක්ද

      Delete
  16. අටමගේ වල්ලේ වලක් හෑරිලා
    ඒක කපන්නට දොස්තර කියලා
    කපන්න ඉස්සර වල්ල හැලීලා
    හිස් තැන වහන්න මැටිගුලි ගහලා

    ReplyDelete
  17. හැට පැන්නත් වඳුරා බිම යන්නේ නැහැ කියන්නේ නිකන්ද...
    වැඩක් ගන්න බැරි වයසක ඉඳිද්දී ආයේ ඔය ලබ්බ තිබුණය නැතිය කියල මොන අවුලක්ද...

    ReplyDelete
  18. මගේ පස්සෙත් විසප්පුවක් ඇවිත් හරි ජංජාලයක් උනා කැම්පස් එකේ ඉන්න කාලේ. බේත් ගන්න ගියාම දොස්තර නර්ස්ට කිව්වේ මෙයාව පරීක්ෂා කරන්න ලෑස්ති කරන්න කියලා. ලැජ්ජාවේ පන ගියා බං. දොස්තර කිව්වා ඔපරේෂන් කරලා සතියක් විතර ඇදේ ඉන්න කියලා.මොන බේත්ද. පස්සේ එලඟිතෙල් ගාලා විසප්පුව පැසවපුවාම සැරව අයින් කලා.

    ReplyDelete
  19. වැඩක් ගත්තෙ නැතත් වල්ල් නැතිව පුලුවන් ද ?හේහ්!

    ReplyDelete
  20. කාලෙකට පස්සෙ ඔය ලියල තියෙන්නෙ මරු කතාවක්.

    ReplyDelete
  21. අපේ පුංචම්මලගේ ගෙදරත් හිටිය ඔය වගේම පවුලට බොහොම හිතවත් තරුණ පහේ මනුස්සයෙක් කතා කරනකොට පොඩි ගොතයක් එහෙම තියන. ලෙඩක් හැදුනම මළාට බෙහෙත් අරන් දෙන්න බැහැ. ගෙදර ඉන්න බාප්පයි පුංචම්මටයි පස්සේ මේ යකා තමයි ගෙදර වැඩට, වත්තේ වැඩට ලොක්ක. කොටිම්ම දුන්න මොන වැඩෙත් බැහැල නාගෙනම කරනවා උට ඕන විදිහට උට ඕන වෙලාවට :-D

    අනිත් කවුරු කිව්වත් හිනා වෙලා ව්හිළුවක් කරලා මග අරිනවා, හැබැයි බාප්ප මොනවා හරි කිව්වොත් ෆුල් සරෙන්ඩර්.

    හැබැයි ඉඳහිට සල්ලි ඇති දවසට ආණ්ඩුවේ එව්වත් නැති දවසට සුදුවත් ලාවට දා ගත්තත්, කට හොඳ මදි නිසා පිට මිනිස්සු එක්ක කතා බහ වලට පැටලුනත් හෙනම අහිංසකය !

    කෝටියක් දුන්නත් සතයක් අඩු නැතිව බලා ගන්න නිසා මෙයාව තමයි එහෙ මෙහෙ යනකොට මුරට තියන්නෙ. නමුත් දවසක් මේ යකාව තියල ගමනක් ගිහන් එද්දි හොරු පැනල මේ මනුස්සයට ගෙදර මෝල් ගහෙන් තඩි බාල ඉවරයක් කරලා ගිහින් තිබ්බ.

    පොලිසියෙන් ඇවිල්ල කිව්වා මේ මනුස්සයව තුන් පොලක දමාගෙන ගහල කියල, මිනිහ ගැන දන්නා හන්ද අප හිතා ගත්තා මේ යකා තුන් පාරක්ම හොරු එක්ක ඔට්ටු වෙලා බැරිම තැන තමයි උන් මේ අහිංසකයව මරල තියෙන්නේ කියල :-(

    ප.ලි.

    ඒක නෙමෙයි අටමෝ උඹේ එහෙම ලබ්බ බැස්සොත් ලැජ්ජාවට ඉවසගෙන ගුලි ගැහිලා ඉන්ට එපා, අපිට කෝල් එකක් දාල කියපන් අහවල් ලෙඩේය කියල, හොහින් ඇඩ්මිට් කරන්නම් :-D

    ReplyDelete
  22. පුරවැසියන්ගේ සමාජ ජාලා හරහා විශාල ණය උගුලක පැටලී සිටින බව පිළිගන්නා කරුණකි. රජයේ වෛද්‍ය වරයෙකු SEX ලබ්බ දමාගෙන ගහල මළාට බෙහෙත් අරන් දෙන්න බැහැ!

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>