2018-02-09

ඔටුවා සහ කූඩාරම



මම හැමදාමත් හිතෙනවා සහරාව වැහිල තියෙන්නේ ඔටුවන් ගෙන්ද ෆර්දාවෙන් ද කියලා.. ඇත්තට ම කියනවා නම් ඔටුවන් ගෙන් . මෙහෙ ඉන්න ඔටුවො පුදුම මැවිල්ලක්, මුහුණෙන් පේනවා අහිංසක...කාටවත්ම කරදරයක් නැති අති විශාල සත්ව කොට්ටාශයක් කියල. උන් හරිම හික්මීමකින් යුතුව තමයි ජීවත් වෙන්නේ.

උදේට ඇරියහම ඔවුන්ගේ කොටුවලින් කාන්තාර ගානේ ඇවිදලා අහුවෙන අහුවෙන කටු පඳුරු වල මල් කොළ සියල්ලම ආහාරයට ගෙන අඳුර වැටී ගෙන එද්දී තමන්ගේ කොටුව කරායන බොහොම හික්මීමක් ඇති සත්ත්ව කොට්ඨාශයක්.

මේ හික්මීම දෙවියන් වහන්සේගේ අපූර්වතම නිර්මාණයක් කියලා කියන්න පුළුවන්. හුදෙක්ම ඔවුන්ගේ මේ හික්මීම ඔවුන්ගේ ඇති නියම ස්වරූපය වසා දැම්මා කියලා හිතන්නත් පුළුවන් මේ හැම ඔටුවන්ට ම තමන්ගේම වෙච්ච පර්දාවෙන් වැහිච්ච ලස්සනට පිපුණු මල් පහක් හයක්ම තමන්ගේ කූඩාරම තුළ තියෙනවා කිව්වොත් නිවැරදි. ඒ මල් කූඩාරම් තුළම පිපිලා කූඩාරම් තුළම ඵල දරලා කූඩාරම් තුළම එකම ඔටුවෙකුට ජීවිතය පුද දීලා ලොවේ අප හැමටම හොරා මියැදිලා යනවා.

ඔටුවන් සහ ෆර්දාවෙන් වැසුණු මල් සියල්ලම එක්තරා විදිහක කෲරත්වය කින් පිරිලා තියෙන්නේ ඒ කෲරත්වය දකින්න මෙම ගිනිගෙන දැවෙන කතර පුරාවට ඔටුව පිටට නැගි ඔවුන්ගේ කූඩාරමක් තුලටම රිංගා බැලිය යුතුය. හැබැයි රිංගීමට කලියෙන් ඔබට සුළු මොහොතකින් එළියට යාමට සිදුවෙන බව මතක තබාගෙන ඔටුවන් සමග කූඩාරම් ගත වෙන්න සිද්ධ වෙනවා. ඒ බව අනාවබෝධයෙන් සිදු වන්නේ ඔවුන් අපට පුදදෙන සහෝදර බැති පෙමට අන්ධ වී ඔබ ආ ගිය තැන් උන් හිටි තැන් අමතක වීම නැතහොත් ෆර්දාවට යටවී වහල් සේවයේ යෙදීමය.

 මේ කෲර ෆර්දාවල් ඔටුවන්ගේ ියම ප්‍රතිපත්ති ඉදිරියට රැගෙන යන කෲරත්වයෙන් සැහැසි කාන්තාරයේ  බාදුරා මල් කිව්වොතින් මම වැරදි නැහැ. ඔටුවන් සමග මේ සහරාවට සිහින පොදි බැඳගෙන මිරිගු සොයා අහසේ පියාඹනවා ට වැඩිය හරාකිරි ක්‍රමයට බඩ කපාගෙන මිය යෑම යෙහෙකි යැයි මට සිතෙන්නේ.

උපුටාගත්තේ මෙන්න මෙතනින්  
https://gahaniyablog.blogspot.com/2018/02/blog-post.html

6 comments:

  1. හිතන්නට බොහෝ ඩේ ඇති සටහනක්.පසුවට අදහස් දක්වන්නම් :)

    ReplyDelete
  2. ආ... මැෂින් බිජ්ජා... මොකද බං උඹ ලියන්නෙ නැත්තේ .....

    ReplyDelete
  3. එළකිරි. මේකත් ෆලෝ කරන්නං ලොක්කා.. 👊🏽

    ReplyDelete
  4. දාන එව්වා කපන්නෙ මොන මඟුලකටද? නොදා ඉන්නවා නං එකක්.

    ReplyDelete
  5. මගුල ලියපන් බං. කෝ පෝස්ටුවට මක් වෙලා?

    ReplyDelete

අදාල පාර්ශවයකින් ඉල්ලීමක් ක‍ලහොත් හැරෙන්නට කිසිදු අදහස් දැක්වීමක් ඉවත් කරන්නේ නැත

කමෙන්ට් වලට ලින්ක් දානකොට
<a href="LINK HERE"> WORDS HERE</a>