2012-05-28

ආ එයා ලොකූ වැඩක්


කතන්දර අංක එක 





මෙයා ගියේ කොළඹ පළමුපෙලේ පාසැලකට. මට සෙට්උනේ දහම් පාසැලේදි. පට්ට කපටියා. ඒ කාලේ ලගින් හිටියට දැන්නං අදුරන්නැ වගේ යනවා. මාත් එක්ක යාළුඋනේ ඕකා අපේ අල්ලපු ගෙදර කෙල්ලට පැණි හලපු හින්දා . අපි ඒ කාලේ 10 වසරේ


මැන්ගේ තාත්තා කනීෂ්කයා වගේම තමයි නරි කපටියා. අම්මානං හරිම හොදයි. ඌට නංගියෙකූත් හිටියා , හිතන් හිටියේ හරි කෑල්ල කියලා. උන්දැ හොදයි නත්තලට මරන්ඩ.

දවසක් මම දවාලක ගියා මැන්ව බලන්ඩ ගෙදරට. අම්මා ඉන්නවා එළියට වෙලා බිත්තියට අත් දෙක තියාගන හේත්තූ වෙලා. ඇන්ටිගේ මූණ හරි නැ කියලා මට දුරටම තේරුනා. 

''ඇන්ටී කනිෂ්ක ඉන්නවද''


''එයා ලොකූ වැඩක්. ඔයාම කතා කරන්ඩ කියලා ඇන්ටී මගේ මූණවත් නොබලා කොහාටද මන්දා යන්ඩ පාරට බැහැලා ගියා.''


''කනිෂ්කයො උඹ කොහේද ඉන්නේ''


''ආ- ආ  වරෙන්කො මං කාමරයේ''


''අම්මා කියුවා උඹ ලොකූ වැඩක් කියලා මොකක්ද උඹ කර කර හිටියේ''


''හපොයි මචං මං ඉවරයි ......  අම්මගේ මූණ බලන්ඩත් බෑ බං......   හවසට තාත්තටත් කියයි.....''.


මැන් දැන් දෑතින් ඔලුව බදාගන කියොනවා.


''ඇයි බං මොකද උනේ ''


''අනේ මචං මම      හෑන්ඩ් ෆයිට් එකක්      අල්ල අල්ල  හිටියේ''


.........................................................................................................

කතන්දර අංක දෙක



මට එ දවස්වල වයස 18ක් විතර ඇති. යාළුවෙක් හිටියා ඌත් මගේ වයසේ.මැන්ගේ අක්කගේ පුතාට වයස 12ක් විතර ඇති.
අපේ තව යාළුවෙක් හිටියා බුවාට වයස 25ක් විතර ඇති. මැන්ට අපි  උඹ,බං,බොලං,වරෙන්,පලයන්, කියුවට අන්තිමට කටපුරා අයියා කියුවා.වයස නිසා නෙමෙයි, මැන් ඇත්තට පොරක්.මොන දහදුරා වැඩක් කලත් ඌ සාර්ථක මනුස්සයා.හැම දෙයක්ම බැලන්ස්කරගන කරා.

දවසක් බුවා  ගෙදරට ආපු ඔෆිස්එකේ යාළුවෙක් එක්ක තණමල්විල යන්ඩ කියලා රිංගලා තියනවා ඒ කාලේ මේ පැත්තේ තිබුන පොඩි කැළැවකට.දැන්නං එ ඉසව්වේ දඩාර ගෙවල් හදලා.දැනට අවුරුදූ 15කට විතර කලින් පුංචි දියපාරවල්, පිඹුරො. ඉත්තැවො, අදුන් දිවියො, හාවො හිටං හිටියා.

ලොකූ පොඩි හැම එකාම රහසින් කරන වැඩ වලට රිංගන්නේ ඔය කැලය අස්සට තමයි ඒ කාලේ. ඔය කියන දිය පාර ලග එක තැනක් තිබුනා කුඹුක් ගස්වලට ටිකක් සමාන එච්චර ලොකූ නැති ගස් හතඅටක් හැදිලා කවර් වෙච්ච තැනක්. අර පුංචී ඇලපාරත් එතනදි අඩි තූනක් විතර පළලයි. ගැඹුරත් අඩි දෙකක් විතර. බැම්මේ තණකොළ වැවිලා.කට්ටිය ආසම තැන තමයි ඔතන. රතු වෙදමහත්තයාගෙන් බෙහෙත් ගන්ඩ. තණමල්විල යන්ඩ. රහස් කම්සැප විදින්ඩ කියාපු තැන. වතුරට කකුල් දෙක දාලා තණකොළ ගැට්ටේ ඉදගත්තහම සුරසැප තමයි ඉතින්.

මැන් යාළුවත් එක්ක එතනට යනකොට මම අර කියුව අනිත් යාලුවගේ අක්කගේ පුතා තව පොඩි උන් සෙට් එකක් එක්ක ඇළට කකූල් දාගන සමුහ හැන්ඩ් ෆයිට් එකක යෙදෙනවලු.

එකෙක් අනිත් උන්ට උපදෙස් දෙනවලු. අරෙහෙම කරපන් මෙහෙම කරපන් කියලා. 

ඒ පොට් එකට අදාල වෙච්ච නීතියක් තිබුනා ( කට්ටිය සාකච්චා කරලා   අනුමත කරපු එකක් නොවුනත් හැමොම එ නීතිය පිළිපැද්දා) කව්රුහරි  එතන ඉන්නව නං එතනට නොයන්න.

අයියාකාරයත් එ නිහඩ නීතියට හිස නමලා වෙන තැනකට ගියත් එදා හවසම අපිත් එක්ක ඔය කතන්දරය කියුවා.අපි ඉතින් හැදෙන පරම්පරාව  හරියට හැදෙන්ඩ නං ඔය කාරණා කටයුතූ ටිකත් හරියට පුරුදු පුහුණු වෙන්ඩ ඔන නිසා මොකූත් කියන්ඩ ගියේ නැ.පොඩි උන්ගෙන් අහන්ඩ ගියෙත් නෑ.

දවසක් දෙක තූනකට පස්සේ දවසක  මමයි අර අයියකාරයයි,  පොඩි එකාගේ මාමා වෙච්ච අපේ අනිත් යාළුවයි උන්ගේ ගේ ඉස්සරහ කතා කරකර ඉන්නකොට ගේ ඇතූලේ ඉදලා කොල්ලා බැස්සා පාරට


''ආ කොල්ලෝ උඹලා ආයේ   -තේ ගහන්ඩ කැළේ පැන්නේ නැද්ද''


''ඈ   -ත්තො  අපේ   -යිය  අපි අල්ලලා ගහන්නැතූව තෝ  ගහනවද''

...........................................................................................................


කතන්දර අංක තුන



මෙයාගේ නම ඇවිල්ලා , මදූරංග ගියේ කොළඹ පාසැලකට.හොද කොල්ලා මාත් එක්ක හරි එකතූයි.ඒ කාලේ අපේ  සෙට් එකේ කොච්චර කෂ්ටිය හිටියත් අපිදෙන්නා අතරේ වෙනමම බැදිමක් තිබුනා.  මාට්ටුවෙයි කියලා හිතෙන මගෝඩි වැඩක් තිබුනොත් කාටවත් නොකියා හිමිහිට කරලා නොකර සද්ද ඉන්නවා.බුවාට මම නැතූව බැ.මට බුවා නැතූව බැ.දැන්නං කොහේ ඉන්නවද දන්නැ.මෙ කියන දවස්වල මම 9 වසරේ මැන් 8 වසරේ මගේ හිතේ.



දවසක් බුවා එනවා නයා මැරිච්ච අහිකූන්ටකයා වගේ 

''යන්ද බං නාන්ඩ වැවට , මං ගාව රුපියල් 10කූත් තියනවා සිකරට් දෙකකූත් ගහලා එමු''

''බැ බං මට උණ'' 

''ඒ මොකැ බං ඒ''

''අම්මලට කියන්ඩත් බැ බං'' 

''අම්මට කියන්ඩ බැරි මොකැ , කියලා උණ නං බෙහෙත් ගනීන්''

''බැ බං ''

''වනචර වැඩ කරලා ලෙඩ වෙලා ඉස්පිරිතාලේ ගියහම පොලිසියට බාර දෙනවද බං''

''පාරේ ඉන්න සල්ලිවලට  බුදියන ගැණුන්වනං අල්ලගන ගිහින් නඩු අහලා හීරේ දානවා.''

''පිරිමින්වත් අල්ලනවද''

''ඔව් අහුඋනෝතින් ඉවරයි.  පාරේ ඉන්ඩත් බැරිනං බෙහෙත් ගන්ඩ ගියහම අල්ලගන් නැතූව ඉදිද''

''මම හෙට ඉස්කෝලේ ගිහින් එන කොට කැළණි පාළමෙන් පැනලා මැරෙනවා ''

''එ ඇයි මදුරුවො උඹට ඩෝ_   හැදිලද අම්මලටත් නොකිය බෙහෙතූත් නොගෙන මැරෙන්ඩ හදන්නේ''

''නෑ යකෝ මගේ  ජුං-   කැඩුනා''

''කැඩුනා කියන්නේ මුලින්මද''

''ඉස්සරහින්''

බලන්ඩම වැඩේනේ මූට වෙලා තියෙන්නේ බලෙන්ම කාමරය‍ට එක්ක ගිහින් බැලුවා.

හත්දෙයියනේ  ‍මු මැරෙන්ඩ හදන්නේ     -තේ   -හලා   -ප්පිය  වටේ හම ගැලවිලා.

 

2012-05-24

එග් බන් ඇන්ඩ් පුක් බන්



මෙ ඇවිල්ලා එක්තරා දෙපාර්තමේන්තූවක පාපන්දු කණ්ඩායමක මැලේ ජාතික පාපන්දු ක්‍රීඩකයෙක් ගැන කතන්දරයක්.

 ජා ජාතිකයෝ පාපන්දුවලට දක්ෂයි කැමතියිනේ. මම හිතන්නේ ඒක ලේ වලම තියනවා. මොකද එයාලටම වීශේෂ  වෙච්ච සෙල්ලමක් තියනවානේ වේවැල් බෝලයකින් කරන. එකට කියන්නේ රාග දැමිල්ල කියලා.

 ජා ජාතිකයෝ  හරි දක්ෂයි පාපන්දුව හිසෙන් පහර දෙමින් වැඩිවේලාවක් ගූවනේ තියාගන්න අනිත් ජාතිකයන්ට වඩා.

මෙයත් ඒ වාගේ වැඩර් කෙනෙක් , ඇත්ත නම දාන්නත් බැරි‍කොට  අපි මෙයාට කියමුකො තූවාන් කියලා.  එක්කො ලේසි හින්දා     තූවා     කියමුකො.

දවසක් තූවාලගේ ටීම් එකට මැච් එකක් සෙට් උනාලු සීතල පලාතකට.මැච් එක හෙටයි කියලා කට්ටිය ගියාලු එ පැත්තේ හිතවතෙකූට අයිති කූලියට  නවාතැන් දෙන ගෙදරකට.

එහේ ඉන්නේ ඒ ගේ බලාගන්න අංකල් විතරයි. කැම සමග නවාතැන් නොමිලේ.කට්ටිය හවස හතරපහ වෙනකොට ගියාලු එහාට , නිකම්ම නෙමෙයි බෝතල් හතඅටකූත් අරගන. ඇයි ඉතින් කට්ටිය ඔක්කොම විසි පහකටත් කිට්ටුයිනේ.දැන් කට්ටිය සාලය මැද්දෙ ආපු වැඩේ කරන්ඩ පටන් ගත්තලු.

බෝතල් දෙක තූනක අඩිය දකිනකොට වැඩිය අනුමත නොවෙන තූවාට ඉක්මනටම බඩු පැකට් උනාලු. අනිත් උන්ට ඇණයක් වෙලා ටික වේලාවක් ඉදලා පොර නැගිට්ටලු

''මම බොගක් දාන්ඩ යනවා කියලා ගියාලු බොග රෑම් එක පැත්තට.''

සැහෙන වේලාවකට පස්සේ එකෙක් කියුවලු මෙහෙම

''මචංලා තූවා තවම ආවේ නැනේ''

අප්පට ඌ කොහාට ගියාද කියලා කට්ටිය හොයනවලු තූවාව. බොග රෑම් එක ලොක්කරගන තූවා ඇතූලේ ,කතා කෙරැවට නො ආන්සර්.

කතාකරලා බැරිම තැන ගැහුවලු පයින් දොරට.  

තූවා ඉන්නවලු හෙලුකොට්ටෙන් කොමඩ් එක බදාගන.එක අතක් කමඩ් එක ඇතූලට ගිහින් දාපු බොගත් එ අල්ලට මීරිකගන. එ අතදිගටම කබරයා පාරකූත් දාගන, නලලත් සීස්ටන් එකේ වැදිලද කොහේද චුට්ටක් විතර පැළිලා.

 බොගදාගන ඉන්න කොට කබරයත් ඇවිල්ලා තූවා අනිත් පැත්ත හැරිලා කමඩ්එකට කබරයා දාන්න ෂීට් එක උස්සලා කොමඩ් ගැට්ට අල්ලනකොට අත ලිස්සලා ඇතූලට ගිහින්. නැගිටගන්ඩත් බැරි කොට මෙහෙමත් හොදයි කියලා එහෙම්ම කමඩ්එකේ  එල්ලිලා කොමඩ්ගැට්ටට ඔළුව ගහගන කොල්ලා නිදි.

දැන් කෂ්ටිය එකතූවෙලා තූවා ෂවර් එක යටට දාලා නාවනවා.තව එකෙක් හැන්ඩ් ෂවර් එක අරගන කක්කා හෝදනවා. සබන් ගානවා. සමහරක් උන් බනිනවා.සමහරක් උන් හිනාවෙනවා. කාලේකට පස්සේ ගන්ඩ  ලැබිච්ච පට්ට ෆන් ආතල් එක විනාසයි.

කොහොම හරි නාවලා කරලා තූවාව ගෙනත් දැම්මා සාලය මැද්දට.

''මචංලා  මෙ  -ත්තට මොනවා හරි ගිල්ලමු නැත්තං මු හෙට පිට්ටනියට ගන්ඩ හම්බෙන්නැ.''

එහේම කියපු වීරේ ගියා කූස්සිය පැත්තට , අංකල් කාරයා එළටම කෑම ටික හදලා. බිත්තරත් තම්බලා. බත් මාළුපිනි බෙදාගන තූවාට ගිල්ලන්ඩ බීත්තර ගෙඩි දෙකකූත් පිගානට දාගන ආවා සාලයට. කට්ටිය නවත්තපු තැනින් ආයෙත් වැඩේ පටන් අරගන.

දැන් තූවාට කවන්ටයි වීරේ තනන්නේ. මොන මේකා ජා බාසාවෙන් මොනවද කිය කිය ඔලුව හරවනවා.වීරෙගේ අතට ගහනවා. වීරේගේ ට්‍රයි එක කොහොම හරි මුට බත් කටක් කවාගන්ඩ.
විරෙව තල්ලුකරලා දාපු තූවා මුනින් අතට බිම නිදාගත්තා.

මාමීලා කෂ්ටිය ඕක්කං හෝදලා කක්කි හෝදවලා චෝයි එකක් අන්දපු නැති නිසා චුටි පැටියා දැන් ඉන්නේ හෙලුකොට්ටෙන්. සුදූ චුටි  කක්කි පැත්ත ලස්සනට පේනවා.

මෙච්චර කරලත් මෙ  -රියට බත් කටක් කන්ඩ බැනේ කියලා මළ පැනපු වීරේ


බිත්තර ගෙඩීයක් කඩලා ගැහුවා කක්කා දාරය අස්සේ
මාළු මිරිස් කැල්ලක් ,තක්කලි කෑල්ලක්,ළුණු පෙත්තක්, එහේම කූස්සියට ගිහින් ගෙනල්ලා ඒවත් කක්කා දාරය අස්සේ ලස්සනට පිලිවෙලට අඩුක්කලා. දැම්මා තක්කලි සෝස් ටිකකූත් උඩින්.


''මෙන්න මම උඹලට කන්ඩ බීත්තර පාන් එකක් හැදුවා , කන එවුන් කාහල්ලා කියලා පෙන්නුවා අනිත් උන්ට,''

 ඊටපස්සේ වෙච්ච හරිය කියන්ඩ ඔන නැනේ.කට්ටිය දැන් පලාතටම ඇහෙන්ඩ හු කියකිය හීනාවෙනවා..තූවා සුව නින්දේ.

කට්ටියත් ටික වේලාවකින් එකා දෙන්නා තැන් තැන්වල නිදා ගත්තා.

පාන්දර කට්ටිය අවදි උනා ලස්සන කූනුහරැප සොලෝකයකින්

සීංහල,දෙමළ,ඉංග්‍රීසි,ජා බාසාහතරෙන්ම ලස්සනට තූවා වීරෙයාගේ බේකරි නිෂ්පාදනය ගැන ගූණවර්ණනා කරනවා.ගෙදර බලාකියාගන ඉන්න අංකලුත් කට ඇරගන බලාගන ඉන්නවා, අවුරුදු 65ක් 70ක් වයසට ගියාට මොකද අංකල් එවාගේ ක්‍රීයේටිව් කූණුහබ්බ කවදාවත් අහලා තිබුන් නැ.

තූවා අන්තිමට කියුවා මැන්ගේ අවසාන තීරණය ,


''ඕන   -කෙක් එක්ක ගහපියවු මම එන්නැ තොපිත් එක්ක පුට්බෝල් ගහන්ඩ.''

එතකොට තමයි කට්ටියගේ බොක්ක කූල් උනේ, මෙච්චර කාලයට උන්ගේ පුට්බෝල් ටීම් එක ගහලා තිබුනේ ගෝල් හතරයිපහයි , ඉස්සා වගේ එහෙට මෙහෙට පැනලා එ ඔක්කොම ගැහුවේ තූවාන් තමයි. දැන් ඌ එන්නේ නැලු, දැන් කොහොමද සෙල්ලං කරන්නේ. දැන් එක එකා යනවා තූවා ලගට ගිහිල්ලා වැදවැටෙනවා.

''අනේ තූවා එහෙම කරන්ඩ එපා උඔ නැතූව අපි කොහොමද සෙල්ලං කරන්නේ.''

''මචං ඔයා එන්නැත්තං අපිත් කොළඹ යනවා.''

''යකො මිනිස්සු අපිට ගූ ගහයි''

''කොහොමද අපි සදුදට වැඩට යන්නේ''

''අපිට සමාවෙයන් රත්තරනේ''

මු අහුවෙන්නැ ඔය මොත්තේට , කොළඹ කොල්ලනේ, එන එන එකාට පට්ට කූණු හබ්බෙන් බනිනවා.

ඔය සෙට් එකේ හිටියා උන්ගේ ටිකක් විතර ලොක්කෙක් . පොරට දෙපාර්තමේන්තූවෙ හොද ප්ලේස් එකක් තිබ්බා. මැන් හිමිහිට කිට්ටු කලා.

''මල්ලී මේ අහන්ඩකො -----කියලා කට අරින්ඩ හම්බුන් නැ, සර් මේ  සර්රුත් අම්මට අහවල් කරගන් නැතූව යන්ඩ කියුවා.''

අනේ බැරි උන්ට නිකා ඉන්ඩ කියලා යමල්ලා යන්ඩ ග්‍රවුන්ඩ් එකට , මටත් දිහල්ලා ෂෝටකූයි,ජර්සියකූයි මම පෙන්නන්ඩ ගෝල් ගහන හැටි.

කියලා කියපු ලොකූ මහත්තයා බැස්සා පාරට. කට්ටියත් ගවරැල වගේ පොර පස්සෙන් යනවා.පිට්ටනිය තියෙන්නේ ටවුම මැද්දේ, ලගනිසා කට්ටිය පයින්ම යනවා.වීරේ කිට්ටු කලා හිමිහිට ලොක්කට.

වැඩට එන්නැතූව සෙල්ලං කරන්ඩ යන එකානේ සර් ඕකා, අපිත් එක්ක තරහා උනාට පුට්බෝල් එක්ක තරහාවෙලා ඉන්ඩ ඌට බැ. අනිවා තූවා මැච්එකට බහිනවා.

එක්කොම කරලා තො තව අනාවැකි කියන්ඩත් ආවද , කටවහගන හිටපිය පාඩුවේ . අර  -රියා අපිව කන්ඩ හදන කොට තො කොහේද හැංගිලා හිටියේ.

''අනේ මචංලා මම කලා කියලා නං කියන්ඩ එපා, මාව මරාගන කයි''

විරෙයාගේ පතූරු ඇර ඇර කට්ටිය ගියා කඩයකට උදේට කන්ඩ කියලා. ඒ වේළාවට කඩවල් වල ඉන්න සෙනග ගැන කියන්ඩ ඔන් නැනේ.කට්ටිය කන දේවල්වලට ගාණ හදාගන්ඩ මුදලාලියි ගෝලයො ටිකයි මාර ගේමක් දෙනවා. කොහොමත් මුං කවදාවත් හරියට සල්ලි බේරන්නැ.‍කොහේහරි ගියොත් හොරටමයි කන්නේ. දැන් සෙනග කඩේ පිරිලා.


ඔය අතරේ දැක්කා එකෙක් තූවා ඉන්නවා කඩේ ඉස්සරහා හිටගන , මැන් තූවාට ඇහෙන්ඩ මෙන්න මෙහේම කියුවා.


''මල්ලී ගේන්ඩකො මට කන්ඩ  * එග්බන් * එකක්''

කඩේ පැත්තට කක්කා පැත්ත දික්කරලා බොටම්එක පාත්කරපු තූවාන් 


''කාපියවු වල්හැත්ත   * පුක්බන් *''

2012-05-19

තෙල් දැමීමෙ කලාව (How to Oil a Sewing Machine)



මෙ කතන්දරය මට උනේ මීට වසර ගානකට කලින් මම පිට කොටුවේ ඉන්න කාලයේ.මම අර කලින් කියලා තියන ප්‍රඩක්ෂන් හවුස් එකෙන් දොට්ට දැම්මට පස්සේ සෙට් උනා මහන මෙෂින් ගෙන්නන තැනකට .කාගෙන්වත් කවදාවත් ඉගනගෙන නැතත් තනියම කොරලා දන්න පොඩ්ඩ හොදටම ඇති කියලා හිතූන නිසා බැස්සා පොට් එකට හිතූවටත් වඩා සිම්පල්.හැම තැනම තියනවා වාගේ තියන එකම අවුල තමයි.

මගෙන් වරදක් වීමට කෙසේවත් බැරිය.

ලොක්කා කරන සියලුදේ ඉවසිය යුතූය.

පාරිබෝගිකයා ගැහුවත් ඉවසිය යුතූය.

ලොක්කා දෙන දෙයක් කා වෙන දෙයක් බලා ගතයුතූය:

කවුරු කොහොම කියුවත් ලාංකීය සාප්පු සේවකයාට ලැබෙන්නේ ඔච්චරය.(මල්ලේ පොල් උනාද මන්දා)

දවසක් පොරක් ආවා ඉන්දියන් ඔවර් ලොක් මෙෂින් එකක් ගන්න. පො‍රටිකක් වාතපහේ පොරක් වධදීලා දීලා  තෝරගත්තා මෙෂින් එකක්. සෙල්ස් කරන්ඩ කට්ටිය කොච්චර හිටියත් ඔය වගේ කූන්ඩවාලි අන්තිමට සෙට් වෙන්නේ අපිට තමයි. දැන් පොර මගේ පිටටම තියලා කපන්ඩ හදන්නේ පුහුල.

''මල්ලී කියන හින්දා මල්ලි මම මේක ගන්නේ''

''මොනවා හරි උනොත් ඔයා ඇවිල්ලා හදලා දෙනවනේ ''

''ඔයා මාව දන්නවා කියලා තව ටිකක් අඩු කරලා දෙන්ඩකො''

''මාසයක්වත් දුහන්ඩ පුළුවන්ද මේක''

පරාල ඇනයක් මු.කොහොම හරි නූල් දාන හැටිත් කියලා දිලා.මහන හැටිත් කියලා දිලා.අන්තිමට මම කියුවා සුද්ධ කරලා තෙල් දාලා මහන්ඩ ගොඩක්කල් මහන්ඩ පුළුවන් කැඩෙන් නැතූව කියලා.

''දැන් ඔය කොහාටද තෙල් දාන්ඩ ඔන.''

''වැඩකරන හැම තැනටම දාන්ඩ''

''කොච්චර තෙල් දාන්ඩ ඕනද ''

''මම නං දානකොට කෑන් එකෙන් බාගයක් විතර දානවා.''

''හැමදාම  දාන්ඩ ඔනද''

'''නැ මාසෙකට දවසක් දැම්මත් ඇති''

දවස් හතරක් පහක් ගියා කියන්ඩකො. මු එනවා නහයෙන් පුෂ්  පුෂ් ගාලා පිඹ පිබ .

''මහ ලොකුවට කයියගහලා තමුසෙලා බඩු විකූනනවා.බලනවා සතියක් නැ මෙ මෝටරය වැඩකරන්නැ.දෙනවල මට වේන මෝටරයක්.''

හැම බොසාම වගේ අපේ බොසත් හිමිහිට මාරු . මම දැන් තනියම ෆේස් කරන්ඩ ඔන සීන් එකට, සේල්ස් නංගිලත් බයවේලා බලාගන ඉන්නවා.

ඉස්සෙල්ලම මැන්ට කියලා දුන්නා ගැරන්ටියේ සහ වොරන්ටියේ වෙනස.

''තමුසේ මේ මගූල විකූනන කොට ඔය සුරතල් කතා කෙරුවේ නැනේ. ඔය  -ත්තවල් මට වැඩක් නැ, උඹ හිතාගන ඉන්නේ මම මොකෙක් කියලද. මාව  -රියා කරගන් නැතූව දීපන් මෝටරයක්''

 (වෙන්ඩ දෙයක් නැත දැනටම මු එහෙම තමා) තව කතා කෙරුවොතින් අඩු පඩියට ගූටිත් කත හැකිය. දැම්මා සුදු කොඩියක්.

''හරි මහත්තයා කො දෙන්ඩකො මෝටරය බලන්ඩ''

''අයියෝ මේකට තෙල් දාලනේ .අපරාදේ අළුත් මෝටරය.''

''ඇයි ඔයි තමුසෙනේ දාන්ඩ කියුවේ''

''මහත්තයට මම කියුවේ මෙෂින් එකට තෙල් දාන්ඩ මිසක් මෝටරයට නෙමෙයිනේ'''

''එ කියන්නේ දැන් මාරු කරලා දෙන්ඩ බැ.''

''මේක නිෂ්පාදන දෝෂයක් නෙමෙයිනේ .එ නිසා කරන්න අමාරුයි.''

''හදන්ඩත් බැරිද''

''තෙල් ගියාට පස්සේ හදන්ඩ අමාරුයි මහත්තයා.''

කව්ද මල්ලී දන්නේ ඔව්වා.කනට ගැහුවත් බැලන්ස්වෙන්ඩ දෙපැත්තටම කියනවනේ.   මම ඉතින් ඔයිල් කෑන් එකෙන් භාගයක් මැසිමට දාලා, ඉතූරු භාගේ මෝටරයට දැම්මා

2012-05-17

අපේ හාමිනේට අත මාරුවීම



බලන්ඩකො අප්පා මට වෙන දේවල්. ඇයි දෙයියනේ මටම මෙහෙම වෙන්නේ. 

අනේ යකෝ තොපි දුහගන ආවා නේද අන්න අටම්පහුරගේ ගෑණි ඒ නසරාණියා එක්ක ඉන්ඩබැරුව වෙන එකේක් එක්ක පැනලා ගිහිල්ලා කියලා.

ඒකි ගියේ නැ බොලවු , ඔය ඉන්නේ බත් තම්බ තම්බ මගේ දෙවනි දරැපැටියවත් කූස ඇතූලේ තියාගන ආරක්ෂා කොරගන , ලොකූ කෙල්ලවත් ඇස් දෙක වගේ බලා කියාගන.

මේ වෙන්ඩහාමීනේ (එ වචනය කතන්දර කාරයාගෙන් හොරකම් කලෙමි) කාලයේ වෙච්ච එකක්.

රාගම අර තියෙන්නේ මැඩිකල් පැකල්ටියක් අන්න ඒකට ආපු පොරක් හිටියා අපේ හිතවතෙක් , දොස්තර පැට්ටෙක් උනාට මොකද පොර ටැක්නිකල් පැත්තට ටිකක් බරයි. මගේ මතකය නිවැරදිනං පොර තමයි රාගම ඉස්සෙල්ලම කොම්පීතර් සම්බන්දව ව්‍යපාරයක් පටන් ගත්තේ.මගේ පොඩි කාලයේ ඉදන් යාළුවෙකූත් රේඩියො ටීවි රෙපයාර් කලා එ කාලයේ.ඔය සම්බන්ධකන් හින්දා පොර හිටියේ දොස්තර පැට්ටන්ට වඩා අපිත් එක්ක.

දවසක් පොර අපිට ඇවිත් කියුවා උන්ගේ වෛද්‍ය ප්‍රදර්ශනයක් තියනවා, එකට තියන්ඩ යන ගැජට් එකක් හදන්ඩ උදව් කරන්ඩ කියලා.

මමයි අපේ එකයි ගියා එ පැත්තට.බලන්ඩ එපැයි  ජාති ජාති බඩු තියනවා බලන්ඩ.ගිය වැඩෙත් කරලා. ප්‍රදර්ශනයට තියන්ඩ මීනී හම ගහන කපන එව්වත් බලලා දෙන්නත් එක්ක ආවා.පස්සේ මට හිතූනා හාමිනේව එක්ක යන්ඩ ඕන ඒක බලන්ඩ කියලා.

ගෙදරින් අවසර අරගන එහේම දැක්කූවා පැකල්ටිය පැත්තට. හැතැම්ම එක හමාරක් විතර දිග පොළිමක් තියෙද්දි මීතූරුකමේ ආනුභාවයෙන් කොල්ලයි කෙල්ලයි පැන්නා ඇතූලට.

මගේ අම්මො පඩීන්ඩවත් ඉඩක් නැ මාර සේනග, මම අර මුලින් ආවේ පටන්ගන්ඩ කලින්නේ, දැන් තවත් මරු , වෙන වෛද්‍ය වීද්‍යලවලිනුත් එකඑක අයිටම් බස්සලා. අඩී 23ක් දිග පටී පණුවෙකූත් හිටියා. එක තැනක කෂ්ටිය පොරකනවා, වැඩීපුරම 12 හේ 13 නේ පොඩී එවුන්, බැලුවා මමත් බෙල්ල දාලා , යකෝ ගෑණු අහවල් එකක් හොදට දිග ඇරලා කෑලි බෑලි ටිකත් හොදට පැහැදිලිව දකින්ඩ පුලුවන් වීදිහට. මල්ලීලා හොදට  කෑප්චර් කරගන්නවා අයිටම් එක.මට කියන්ඩත් හිතූනා යකූනේ ඔකට හොදට ෆොමලින් දාලා වේළලා තියෙන්නේ කියලා.

දැන්ඔය ප්‍රජනන අයිටම් තියන අංශයට තමයි වැඩිය කට්ටිය රිංගන්නේ.  ගෙදරදි ගෑණියි මීනිහයිවත් කතා නොකරන දේවල් හාපැටව් වගේ ලස්සන වෙන්ඩ දොස්තර පැටික්කියො අහවල් එව්වා ‍අල්ලල පෙන්න පෙන්න විස්තර කරලා දෙනකොට කව්ද අප්පා අහක බලාගන යන්නේ. සමහරක් අංකල්ලට මුල් ඇදලා පැළවෙලා.

සෙනග වැඩිකමට දැන් අපේ හාමිනේ මගෙන්ඈත් වෙනවා වගේ.

''චූටි.. හයියෙන් අල්ලගන්ඩ මගේ අත.කොච්චර තල්ලුකලත් අත අරින්ඩ එපා, නැත්තං ඔයාව තල්ලුවෙලා ගිහිල්ලා නැතිවෙයි මට හොයාගන්ඩ බැරිවෙන්ඩ.''


''හරි අනේ. ඇයි මාව නැතිවෙයි කියලා බයද''


‍ඉදිරියට යෑමේ වේගය පැයට අඩී එකකි. වීනාඩි පහකට වීතර පස්සේ මම ආයෙත්


'''අල්ලගන්ඩ අතින් අතඅරින්ඩ එපා''


''හරි හරි අනේ .මට ආදරේ වැඩිකමට මාව නැතිවෙයි කියලා බයයි නේ ඔයාට''


මේ ගෑණි මගූලක් කියනවා.ගෙදෙට්ට ගිහිල්ලා දක්කගන ආපු හුචක්කූව ඩැමේජ් එකක් නැතූව බාර දෙන්ඩ එපැයි. මම ඉන්නේ එ සිහියෙන් ,සෙනග අස්සේ මේකි මාත් එක්ක නැලවෙන්ඩ හදනවා.තවත් වීනාඩි දෙක තූනක් ගියා. මම දැන් ඉන්නේ මල් වත්තක් පැනලා.

''අල්ලගන්නවකො ඔයි අතින්''

''ඉතින් මම හයියෙන් අල්ලගනනේ ලොකූ ඉන්නේ''


මොකක්ද යකො මේකී මේ කියන වදුරු කූණුහරපේ කියලා බැලුවා මම අත දිහා.


''මෙන්න බලහල්ලා වැඩේ අපේ ගෑණි වෙන එකෙක්ගේ අතේ එල්ලිලා ප්‍රජනන ප්‍රදර්ශනයක් බලනවා.''


දැම්මා හාමීනේගේ අතේ එල්ලිලා උන්න එකාගේ අතට තට්ටුවක්, ඇහුවා ඇයි කියලා. පොර මාරු උනා මාරුවිල්ලක් හිතාගන්ඩ බැ  සෙනග අස්සෙන් කොහොම මැන් වාෂ්ප උනාද කියලා.


දැන් අපේ උන්දැට පොළව පලාගන යන්ඩතරන්. ෂුවර් එකට බිමට සිමෙන්ති දාලා තිබුන්නැත්තං උන්දැ එතන වලක් කපාගන වැළලේනවා


''ඇ මනුස්සයො තමුසේ අරුගේ අතේ එල්ලුනේ කොයි වේලාවෙද.''


''අනේ මට බනීන්ඩ එපා ලොකූ , ඔයා පළවෙනි පාර මට අත අල්ල ගන්ඩ කියන කොටත් මම අල්ලගන තමයි හිටියේ''

2012-05-13

පිස්සු පෙති කැහි පැණියෙන් දියකර බීම



දවසක් මම අලසසුවය ලබමින් ඉන්න කොට ආවා අපේ නෑදෑ සහෝදරයෙක්

''අයියේ සුපර්ග්ලු එක ටිකක් දෙන්ඩකො''

''මොනවා අලවන්ඩද බං''
''ඇණයක් ගහලා පුටු සෙට් එක බිත්තියේ එල්ලුවා, හිටින්නැ අප්පා, සුපර්ග්ලු ටිකක්ද දැම්මනං හරි, තියනවනම් දෙනවකො මම ඉවර කරන්නැ.හරි මම පස්සේ එකක් තමුසෙට ගෙනත් දෙන්නං''

පුටුවෙන් නොවැටි බේරුන මම නොනිදා බලපු පට්ට ෆන් හීනය අත ඇරලා හැරිලා බැලුවා කොල්ලා දිහා තූන්හතරපාරක් තණමල්විලවත් ගිහිල්ලද කියලා. නෑ මම කලින් දැකලා තියනවා මු තණමල්විල ගිහින් ආපුවහම ඩයල් එක.එදා අහිංසක පාට අද නැ.
ඇස් ගිලිලා ,කට ඇදවෙලා සතෙක් වගේ.

''එතකොට සුපර්ග්ලු නෑ''
''නෑ''
''උඩහ කඩේ තියනවද දන්නැනේ''

''දන්නැ''

''මම කඩේ යනවා මොනවද ගේන්න ඔන''

''මොකවත් නැ''

''මම යනවා''

''හා''

මම ගියා අපේ හාමිනේ ලගට

''අර යකාට මොකද අර වෙලා තියෙන්නේ''

''අනේ ලොකූ බලන්ඩකො සිහිකල්පනාවක් නැනේ.දවස් තූනක් නිදාගනත් නැ.ඒ ගෙදර මිනිස්සුන්ට නින්දකුත් නැ.පිස්සුනටනවා.මොනවද බීලා ඇවිල්ලා.එක එක විකාර කියනවා.''

''ඇයි මට නොකීවේ.''

''දන්නැද්ද ඔයාගේ හැටි.ගමටම ඇහෙන්ඩ කෑගහලා,සිහිකල්පනාවක් නැති එකාටත් ගහයි කියලා කියුවේ නැ.''

''අනේ නිකන් ඉන්නවා.මම ගිහිල්ලා බලලා එන්නම්.''
''අනේ ලොකූ මොකවත් කියන්ඩ කරන්ඩ නම් එපා.''

මමත් ගියා එ පැත්තට යනකොට පොර නැ.ඌගේ අම්මා කූස්සියේ බංකූව උඩට වෙලා ලිපට ඔරවනවා,ගියා ගෙදර ඉස්සරහට තාත්තා අහස බලාගන දුමක් දානවා.බැලුවා පුටු ටික කො කියලා.ඔය තියෙන්නේ යසට.හිමිහිට කිට්ටු කරා උන්ගේ තාත්තට

''මොකද වෙලා තියෙන්නේ''

''මෙ කාළකන්ණියා මොනවද බීලා ඇවිත්.මුට කෑමක් ගැනවත් සිහියක් නැ.නීන්දකූත් නෑ.වීකාර කරකර ඉන්නවා''.

''දවස් තූනක් උනානම් ඇයි බෙහෙත් ගන්ඩ නොගියේ''.

''ඉස්පිරිතාලේ ගියොත් ප්‍රශ්නයක් වෙයි. මත් පෙති ගහන උනුත් දැන් කූඩ්ඩන්ව වගේ අල්ලගන යනවලු. පිස්සු හින්දා පිස්සන් කොටුවටවත් දැම්මොත්.''

''එහෙම කියලා හරියන්නැ දොස්තර කෙනෙකූට පෙන්නමු.''

''දැන් රෑ උනා හෙට උදේට යනවා.''
කෝල් කලා මම මගේ නිතරම මත්වෙලා ඉන්න යාළුවෙකූට ,මිනිහට මත්වෙන දේවල් ගැන ආචාර්ය උපාධියක් තියනවා. කිව්වා සිද්ධිය.

''අයියේ ෂුවර් එකට ඕකා පැණියකට ටැබා දාලා ගහන්ඩ ඇති. නොදන්න කමට පෙති7ක්8ක් දාන්ඩ ඇති,''

''උඹලා එකපාර පෙති කීයක් ගහනවද''

''තූන හතරක්, අම්මො පෑණිවලට දියකරලනම් කවදාවත් බොන්නැ.''

''උඹටත් ඔව්වා බීලා පිස්සු හැදිලා තියනවද.''

''අපි ඉතින් ගානට මිම්මට කිරලා මැනලා ලාවටනේ ගන්නේ.... පුල් ආතල්.''

''මොනවද බං ඔය පෙති.''

''පිස්සන්ට දෙන ඒවා, පැණි ඇවිල්ලා කැස්සට දෙන ඒවා.''

''ෆාමසී වලින් තූන්ඩුවක් නැතූව කොහොමද බං ගන්නේ,දැන් ඉස්සර වගේ දෙන්නැ නේද''''

''බම්බුව ඕනතරම් ගන්ඩ පුලුවන්, ඇරත් දැන් ඕනතරම් ගන්ඩ බඩු තියනවා එළියේ''

''කීයක් විතර වෙනවද මචං''

''එළියේ පැණියක් 800ක්  විතර වෙනවා, පෙත්තක් 20ට 30ට විකුණනවා. මෝරුන්ට ,හාවන්ට ගාණ වැඩියි. ෆාමසියෙන් ගත්තොත් ලාභයි''
(අයියෝ සල්ලි මගේ එක දවසක පඩීය)

''දැන් අරූට මොනවද බං කරන්නේ.''

''තවම දවස් තූනයි කියුවා නේද, මොකවත් කරලා ඌගේ ආතල් කඩන්ඩ එපා හෙට හවසට හරියයි. ''

''හා හරි හරි තැන්කීයු මචං, මෙ මං තියන්ඩද එහෙනං''

''මොකද කියන්නේ ගහමුද පැණියක්''

''අනේ තො‍පේ  -ත්තේ පැණි ''
කියලා තිබ්බා ‍ෆොන් එක.

මම ගෙදර ඇවිත් බුදිය ගත්තා.මහ පාන්දර එකට විතර ඇහෙනවා හෙණ වැළපිල්ලක්. කබ කඩ කඩා ගියා එ පැත්තට.

මහ උන්දැ බිම පෙරලි පෙරලි අඩනවා.

''ජීවිතේ වැඩක් නැ, කිසි පං එකක් නැ කියලා මාත් එක්ක කියෝ කියො හිටියේ.‍ජීවත් වෙලා වැඩක් නැ ,මට හැමෝම බනීනවා. මම හිතූනොත් කෝච්චියට පනිනවා කියලත් කියුවා. අනේ මගේ කොල්ලා හොයලා ගෙනත් දියල්ලා.මම වහටිකක් කාලා මැරෙනවා.ඔච්චර  ලගට වෙලා ඇහැරගෙන ඉදලා මට ඇස් දෙක පියඋන ටිකට කොහේද ගියේ මගේ රත්තරන් පුතේ.''

ඉක්මන් නොවුනොත් මළ ගෙවල් දෙකයි.දුහලා ඇවිත් ගත්තා බයික් එක.පාරට යන කොට ටැබා කාරයගේ තාත්තාත් ආවා පුෂ් බයික් එකේ

''ඔයා ඔය පැත්තට යන්න මම ස්ටෙෂන් එක පැත්තේ බලන්නං''

කියලා පාන්දර  තූනහමාර විතර වෙනකන් හෙව්වා, කිසිම හොඩුවාවක් නැ.කව්රුවත් කෝච්චියට බෙල්ල තියලත් නැ.ආපහු ආවා ගෙදර ටැබාකාරයාගේ  තාත්තා තවමත් ඇවිත් නැ
මෙන්න බොලේ ටැබා ඉන්නවා ගෙදර.

''කොහෙද  -රියො ගියේ''

''මම කොහෙවත් ගියේ නැ''

''එහෙනං තො හිටියේ නැත්තේ.මම දැන් හැම තැනම තො හොයා ඇවිද්දා. ගහනව  -කයා උස්සලා පොළවෙ.ගිහිල්ලා බුදියා ගනින්.''

''නිදාගන්ඩ බැ අයියො මීයො ඉන්නවා.''

''කො කොහේද මීයො ඉන්නේ''

''ඇයි මම දැන් හත් අට දෙනෙක්ම මැරුවා,අන්න දොර මුල්ලේ.''

''කො ඉන්නව නම් මටත් පෙන්නපන්''

''කො දැන් නැනේ අම්මා විසිකරලද කොහේද''.

ඔන්න දැන් එනවා ටැබා ගේ තාත්තා පාන් කියාගන්ඩ බැරුව.

''කොහෙද තාත්තේ දෙගොඩහරිජාමෙ යන්නේ. පවු මෙ අයියලත් ඇහැරගෙන ඔයාව හොයනවා.ඔයාගේ යාළුවො සෙට් එක මට අල්ලන්නැ. ගෙන්නන්ඩ එපා මෙ ගෙදරට. කොටනවා මන්නයක් අරගන උන් ඔක්කොටම.''

යකෝ දැන් ටැබා ගහලා තියෙන්නේ අපිද


(ප.ලි.)  


*    අපේ ටැබා එක්ක ටැබා ගහපු අනිත් ටැබා උගේ අම්මාගේ ඔලුවට භූමිතෙල් දාලා ගිණි තියන්ඩ හදලා.උගේ අක්කා ගීණි පෙට්ටිය උදුරා නොගන්ඩ අම්මා ඉවරයි

*    අපි මේ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න ඔන. නැත්නම් රට ඉවරෙටම ඉවරයි.ඇත්තම කතන්දරය දැන් කොල්ලො දහයක් ගත්තොත් තුන්දෙනෙක්වත් ටැබා ගහනවා.බලන්ඩ කැතයි උන්ගේ මුහුනු දිහා ඇවිදින මළමීනි වගේ.

*      ටැබා ගහන උන්ට කියන්ඩ තියෙන්නේ.තොපිට මත්නොවී ඉන්ඩම බැරිනං  ගහපියවු රට පුරාම ආණ්ඩුවෙන් විකූණන ලයිසන් කසිප්පු.(මම වගේ) 


2012-05-11

සිකරට් බීලා අහුවෙලා තියනවද



දවසක් මම මගේ මිතූරෙක් සමග ගමනක් යනකොට හම්බඋනා මිනිහගේ ඉස්කෝලේ යාළුවෙක්.ලස්සන ,රතූ ,පීන් පාට ,උසේ තරමට මහත,වටින ඇදුම් ඇදපු,කැරට් 18ටෙ මාල දාලා, වහනයක යතූරකූත් අතේ තිබුනා.අපේ ඒකා මිනිහට කතා කලේ බූලා කියලා.බොහොම සුහද විදිහට කතාබහ කරලා මැන් ගියා

''උඹට ඉන්නේ මාර යාළුවොනේ බං, බරකාරයෙක් නේ, මොනවද බං ඌ කරන්නේ,මම දැම්මා ඕපේ ඇන්ටනාව.''


''ඌ දැන් සුද්දන්ට  -ක දෙනවා''


''පලයන් යන්ඩ බොරු නොකිය, ''

 මම හිතූවෙ මම හාර හාර අහන හින්දා මු මාව අන්දන්ඩ හදනවා කියලා


''නැ මචං ඇත්ත ,ඌ කරන රස්සාව ඒක තමයි''


''හීරිකිත නැද්ද බං දෙයියෝ කක්කා කරන්ඩ දුන්න එක දෙන්ඩ''

''එ වගේද බං සල්ලි, අපිනං ඒ කාලයේම දැන ගත්තා ඕකා ඔහොම වෙයි කියලා''


''ඒ කොහොමද , ඒ කාලේ උඹලත් --යද''

''නැ බං  පොර දවසක් මරු වැඩක් කලා''

------කියලා යාළුවා මට කියපු කතාව තමයි මෙ.

දවසක් උන් කට්ටිය ඉස්කෝල‍ වේලාවෙ සීකරට් බිව්වාලු. ඉංග්‍රිසි ටීචර් පන්තියට එනකොට පන්තියම සිකරට් ගද ගහනවාලු. එ ටීචර් හරිම සැරයිලු.සමහරක් විට මහත්තයා පොලිසියේ නිසාද කොහෙද.උන්දෑ මුන්ට බැනලා බැනලා උන්දෑට හොද ළමයි ටික ඉතූරු කරලා අනිත් උන්ට එලියට ගිහිල්ලා පෝලිමක් හැදෙන්ඩ කියුවලු.

දැන් කට්ටියට මළ පැනලලු ඇයි ඉතින් සිකරට් ගහපු සමහරක් උන් ඇතූලේ ,ගහපු නැති සමහරක් උන් එළියේ.හැම ගූරුවරයම එහෙමනේ ඉතින් තමන්ට හොද ළමයි මොන වරදක් කලත් පේන්නැනේ.

දැන් පෝලිමෙ අන්තිමයා වෙන්ඩ කට්ටිය පොරකන කොට බූලා වීරයා වගේ පළවෙනියට හිට ගත්තලු


මම තොපි ඉස්කෝලෙන් එළවලා තමයි පස්ස බලන්නේ, දෙමව්පියන්ගේ සල්ලි කන කාළකන්නි. ඉස්කෝලේ ඇවිත් කැහිකූරු අදින්ඩ තොපි හිතූවා මදි. දික්කරපියවු අත් දෙක ඉස්සරහට.

බූලා ලගට ආපු ටීචර් ඉම්බලු උගේ අත් දෙක , ඉබපු පරක්කූවෙන් නහය අකූලගෙන ඔළුව ගස්සලා ගත්තලු අහකට. දත්මිටි කාගන සක්කිලියා කියලා බූලාට බැනලා දුන්නලු කන පුරවලා එකක්.

''මම ආයේ එන්නැ තොපේ පන්තියට ඕන එකේකූට කියපියව් කියලා , ''

රසපරික්ෂනය නවත්තලා ගියාලු.

කට්ටිය දැන් පුල් හොල්මන්වෙලා ඉන්නවලු උනේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව.

''ඇ බූලෝ  මොකද බං ඒ උනේ''

''එළියට දාන කොට මට තේරුනා  වෙන්ඩ යන වැඩේ , මම එළියට බැස්සේ මැදඇගිලි දෙක පුකට බස්සලා කරකොගන බං''

සර්ලට මොකටද කසිප්පු


අයිසේ අංකල් රජයේ රැකියාවක් කරලා 80 වැඩ වර්ජනයට සම්බන්ධවිම නිසා රැකියාව අහිමි උන අහිංසක මනුස්සයෙක්.කතා කරන්නේ හරිම අඩුවෙන්.කට ඇරපුවෙලාවට අනිත් උන්ට ඇපත්නැ.රස්සාව නැති උනාට පස්සේ බැස්සා මේසන් රස්සාවට.

ඔය දවස්වල අදාල පලාතේ පොලිසියට ඇවිත් හිටියා ip මහත්තයෙක්. හරිම සැරයි.බොහොම කැපවීමෙන් වැඩකලා.Oic නෙමෙයි උනත් ටික දවසක් යන කොට නිකම්ම ලොක්කා උනා.හැබැයි වැඩි කාලයක් ඉන්න ලැබුන්නැ.යාපනේද කොහෙද ඇරියා.එයත් මෙ කතාවට සම්බන්ධයි


අයිසේ අංකල් දවසක් වැඩකරලා ගෙදර එන ගමන් ගියාලු කසිප්පු බොන්ඩ කියලා ,පලාතේ හැමෝම දන්න තැනකට .අදාල තැනට යන්ඩ අතූරැ පාරට හැරෙන කොටම හඩු සරමක් ඇදගත්ත මනුස්සයෙකූයි.කොට කලිසමක් ඇන්ද කොල්ලෙකූයි අංකල්ට කතා කරාලු.


'' අංකල් කසිප්පු ටිකක් බොන්ඩ තැනක් නැද්ද''


  ''සර්ලට බොන්ඩ කසිප්පු ඔන තරම් තියෙන්නේ පොලිසියේ''

  ''තමුසේ මාව අදුරගත්තා නේද.ඉස්සෙල්ලා යනවකො තමුසේ, පස්සේ බඩු එලියට ගත්තහම අපි එනවා හැබැයි වැඩෙ කන්ඩ බැ හරිද.''

අයිසෙත් හා කියලා පොට් එකට විස්තරය කියලා, වැටකින් පැනලා ගියාලු වෙන පොට් එකකට.එතන කරන්නේ ගෑණු කෙනෙක් .සාමාජිකයන්ට පමනක් පොට් එකක්.

''අක්කේ සියබලා ගහ මුලට පොලිසිය පැන්නා.ඉක්මනට මට පොඩ්ඩක් දීලා බඩු හංගපන්.''


''එහෙනං උඹ මේක බීලා මල් පදුර යටින් ජැම් බෝතලය තියලා පලයන් මම දොර වහගන්නවා.''

කියලා උන්දැ වැහුවා දොර. අයිසෙත් උඩ බලලා කටට හලාගන ජැම් බෝතලය මල් ගහයටට විසිකරලා පාරට පැන්නා විතරයි  ,වැන් එකක් ඇවිත් නැවැත්තූවා. අප්පට සිරි ip මහත්තයා.  පැන්න ගමන් අල්ලා ගත්තාලු අයිසේ අංකල්ගේ බෙල්ලෙන්


  ''නාකී  -සිගේ පුතා ‍තො මෙතනටත් ආවාද''


''මොනවා කරන්ඩද සර් , සර් යන්නෙත් නැති තැන් වලට මම යන්නෙත් නැති තැන් වලට''

2012-05-08

ඔයත් තාත්තට බයද


මතකයිනේ බඩු නැ සර්  කතාවෙ oic මහත්තයා, එයාගේ පුත්තරය එයාට කරපු හරියක් තමයි මෙ.

මෙ කියන කාලයේ එ මහත්තයා හිටියේ ස්ථානාධිපති වෙලා හිටපු පොලිසියේම තිබුනු නිළනිවාසයේ. මහත්තයාගේ කොල්ලා මහත්තයා බලන්ඩ හිතූන ගමන් එනවා පොලිසියට. දවසක් කොල්ලා ආවා පොලිසියට.ස්ථානාධිපති  තාත්තා බැහැරට ගිහින්.

තාත්තා නැති පොලිසියේ කොල්ලට  රජමගූල් (එතකොට ඌට වයස තූනක් විතර දැන් ගජඉලන්දාරියා)  වැඩ බලන oic මු දැන්, පොලිසියම පෙරලනවා. කට්ටියට නම පස්සට ආන්ටි අංකල් කෑල්ල දාලා නියෝග දෙනවා. wpc  ආන්ටීලා බබා පරිස්සන් කරන්ඩ හිනා වෙවි මුගේ පස්සේ එළවනවා. 

පොලිසියට ආපු මිනිස්සුත් විසදාගන්න ආපු තමන්ගේ කරදර අමතක කරලා කොල්ලගේ හුරතල් විදිනවා. පොලිස් අංකල්ලා මළපැනලා කට පියාගන ඉන්නවා  ගහන්ඩද , බනින්ඩද  oic පැටියනේ. කොහොම හරි මු පැන්නා ස්ථානාධිපති කාර්යාලයට, ඇයි  බැරිද තාත්තාගේ කාමරයනේ.


දැන් තමයි නියම ජෝගිය , කොල්ලා මේසය උඩත් නැග්ගා.  දැන් අදිනවා හැම බඩකඩුත්තූවක්ම. බලාගන ඉන්ඩ බැරි තැන පොලිස් හාමිනේ කෙනෙක් කියුවා මෙහෙම.


''අනේ බබා  අදින්ඩ එපා බහින්ඩ බිමට තාත්තා ආවොතින් අපි ඉදලා ඉවරයි''


''අයියො ඔයාල අපේ තාත්තට ඔච්චර බයද , මම නම් එයාට බය නැ.''

'' ඒ ඔයාගේ තාත්තා හන්දනේ , අපි නං බයයි ''

''අයියෝ ලැජ්ජයි .....තාත්තට අපේ අම්මත් බය නෑ''

2012-05-07

අලේ අලේ මෙහේ--


අලේ අංකල්ගේ තවත් වික්‍රමයක් තමයි අද මම කියන්නේ.පොරගේ ත්‍රිවිල් එක හෙණ පරණයිනේ ,මම කලින් එ ගැන කියලා තියනවනේ.

අපේ ගෙදරට යන්න තියන පාරට හැරෙන්නේ හතරමන් හන්දියකින්. වමට හැරුනොත් තැනිතලා පාරක් , දකූණට හැරුනහම තියෙන්නේ පට්ට කන්දක්.ප්‍රධාන පාරේ නිතරම වාහන යනවා.පාර පනින්නත් අමාරුයි.

අලේ අංකල්ගේ අයියා කෙනෙක් ඉන්නවා ඔය කන්ද උඩ පාරේ.දවසක් එ අංකල් ඇන්ටිත් එක්ක රාගමට යන්ඩ එනකොට අලේ ඒ දෙන්නව පාස්කරලා ටිකක් දුර ගිහිල්ලා නවත්තලා දාගත්තලු ඩබලව.


''කොහෙද දෙන්නා යන්නේ''

''අපි රාගමට යනවා මල්ලි''

''එ පැත්තට යන්නේ මාත් ගිහින් දාන්නම්''

දැන් අලේ පල්ලම  බස්සනවා  හැටට හැටෙ , වයසක ඩබලත් ඉන්නවලු ගානක් නැතූව.හන්දියට ඇවිත් එකපාරටම මහපාරේ වාහන අතරින් දැම්මලු අනිත් අතූරු පාරකට, තත්පරයක් මිස් උනානම් හැප්පෙනවලු බස් එකක. එත් පොර සද්දයක් නැතූව එ පාරේ ඉස්සරහට යනව,  අලේට පාර මතකනැතූව කියලා හිතපු අංකල් කියුව මෙහෙම

''අලේ අලේ ඔහේ නෙමෙයි යන්ඩ ඔන මෙහෙ''


'''දන්නවා --------දන්නවා''


කොහොමහරි තවත් ටිකක් ඉස්සරහට ගිහින් නවත්ත ගත්තලු ත්‍රීවීල්එක , පස්ස හැරිච්ච අලේ


''මම බ්රේක් හදන්ඩ යනගමන්''


''තමුසේ මාර මිනිහෙක්නේ, අපිට කියන්ඩ එපෑ''


.''..........................
දෙන්නට හාට් ඇටෑක් නේද, කියුවනම් කන්ද උඩදි දෙන්නගේම හුළංයයි.................''

2012-05-03

මරාගන කෑම


අපේ හිතවත්  ගෙදරක ගේ හදන වැඩේට හෙල්ප් එකට වයරිනග් කරන්න ගිහින් උන සීන් එකක් ‍ඔන්න අද මම කියන්ඩ යන්නේ. එ ගෙදර ගංකොක්කා බාබලා ඉන්නවා ලස්සන ලස්සන උන්. 

එ උන්දගේ හාමිනේගේ අම්මන්ඩිත් ඉන්නවා එ ගෙදර. රියල් ආච්චි අම්මා කෙනෙක්.මමත් ඉතින් ගිය රාජකාරිය කොර කොර ඉන්නවා. ආවා එවුන්දැ මගේ ලගට.( අතේ මේසපිහියක්). 


‍ ''..අනේ පුතේ කපලා දියන්කො අර කූකූළා..''

අහුලන් කන සතා කොහොමද දෙයියනේ කපන්නේ , මම ආච්චිට අහිංසක බැල්මක් දැම්මා.උන්දැ කට පැත්තට හිනාවක් දැම්මා එ හිනාව ඇතූලේ නොදකින් පොන්නයා වගේ අදහසක් ගැබ්වෙලා තියනවා කියලා මට හිතූනා.කොහොමින් කොහොමින් හරි දවල් බතටත් කතා කලා.

  දවල්ට කන්ඩ බෝම්බ ගහලා වගේ චුටියට කපපු කොක්කා මාළුත් තිබුනා. මමත් දැන් හිමිහිට කනවා, ආච්චි කෑම මේසය ලග කැරකි කැරකී ඉන්නවා.ටික වේළාවකින් උන්දැ අහක බලාගන මෙන්න මෙහෙම කියාගන කූස්සියට ගියා.


  ''....සුද්ධකරලා දෙන්ඩ බැරුවට මුන්ට අඹරන්ඩනම් පුළුවන්....''