ඔන්න මම කක්කා හෝදපු හැටි කියන්ඩ තනන්නේ.කක්ක කතන්දර අහන්ඩ කැමැති කට්ටිය බලන්ඩ. අකමැති කට්ටිය ..........................
අකමැති කට්ටියත් කැමතිනම්........... ඒත් බලන්ඩ
මේ කියන කාලයේ මට වයස තුනක් විතර ඇති . මම ආච්චිලෑ ගෙදර ගිහිල්ල හිටියේ , අප්පේ ... ඒ ගෙදර මගේ කක්කා හෝදන්ඩ කට්ටිය ඕන තරම් හිටිය . ආච්චි අම්ම ,පුංචිලා ,මාමල ,අක්කලා ,අහලපහල කට්ටිය, ගෙදෙට්ට එන කට්ටිය,
තරගෙටවගේ මගේ කක්කා හේදුවා. මම එයාලට තෑගී දුන්නෙත් නැ .
අනේ මන්ද මොකද කියල , සමහරක්ව්ට මම අලුත් පරම පරම්පරාවේ පළවෙනි කොල්ල හින්ද වෙන්ඩඇති .
මොන නසරානි වැඩේ කලත් මට කටපුර ලොකුපුතා ,ලොක්කා,ලොකුඑකා ,ලොකුකොල්ල , කියල අදටත් මට ඔය කට්ටිය කතා කරන්නේ ඒකනේ.
කොහොමත් ඉතින් තාත්තාගේ නෑදෑයන්ටවඩා අම්මලාගේ නෑදෑයෝ දරුවන්ට බලනවා ,සලකනවා,
කොහෙත් ඉතින් ඔය කතන්දරය ඔහොමතමා.
මේ කියන දවසේ ගෙදරහිටියේ මම සහ අපේ ලොකුමාමා විතරයි ,ලොකුමාම හෙනවස පොරක් හැමවෙලාවකම මලපැනල ඉන්නේ, අපි මාර බයයි පොරට .( දැන් හොදටම නිමිල )