2012-10-20

ඇස්වහ කටවහ


දැනට කාලෙකට ඉස්සර ඒ , කියන්නේ ගොඩක් කල්, අපි බැන්ද දවස්වල , මං ඉතින් කොහේ හරි ගිහිල්ලා එනකොට අපේ උන්දැට මොනවාහරි අරගන එනවනේ . මොකෝ ඉතින් දරුවො මල්ලො ඉන්නවා කියල යෑ , පෙගිච්ච හුළං විස්කෝත්තක් උස්සගන ආවත් රසයි කියන කාලෙනේ, දෙන්න එක්ක දෙකට බෙදාගන  අඹරල දානවා ඉතින්. ගෙනාවේ නැතත් අවුලක් නැ ඉතින් , කරදරයක් නැති ගෑණිනේ .

දැන්නං ඉතින් උන්දැට රස කෑමක් , පලතුරක්  කන්ඩ ලැබෙන්නැ , පොඩි උන් දෙන්නටම ගිල්ලන එක තමා වැඩේ . උන් දෙන්නා කෑවේ නැතත් ඔහේ මේසය උඩ වේළි වේලි තිබිලා විසික් කරත් මේ ගෑණි නෙමෙයිනේ කන්නේ. 

බත් කන කොටත් ඔය සෙතේම තමා ඉතින් , ලොකු කෑලි දෙක තුනක් කෙල්ලෝ දෙන්නගේ බතට පොඩි කරන්ඩ තියලා , ඊ ලගට හොද ලොකු කෑලී දෙකක් මට බෙදලා , බත් එකට ඇබින්දං හං  කෑල්ලක් බෙදාගන කනවා දකින කොට තමා මම කාපුවා පිච්චිලා යන්නේ. ඒ මදිවට පහුවදා වැඩට ගිහින් මට ගැට ගහලා දෙන බත් ගෙඩිය දිග ඇරියහම තමා ඉතින් කුණුහාරප එන්නේ මගේ කටට. ඇයි යකෝ තව තඩි මාළු කෑල්ලක් බත් එකේ .

කතා කරලා බණින කොට ඉතින් හම්බෙනවා හොද උත්තරයකුත් 

'' නැ ලොකු මේ දෙන්නට බත් කවලා මටත් කෑල්ලක් ඉතුරු උනා , මම බත් කාලත් දැන් ගොඩක් වෙලා ඔයා දැන්ද බත් කන්නේ''

ඇ ඕයි තලපත් පන්සීයක කොහෙද ඔච්චර කෑළි කියලා අහන්ඩ හිතුනත් මම එහෙම කවදාවත් ඇහුවේ නැ , 

මොකද දන්නවද , මම දන්නවා මේකි මටයි මගේ දරු දෙන්නටයි කොච්චර ආදරෙයිද කියලා.

අපේ අම්මවත් මට මෙච්චර ආදරේ නැද්ද කොහෙද

‍ඉදලා හිටලා ගෙදර ඉන්න දවසටත්  ඔය සෙතේම තමා

''මොනවද චුටී අපරාදේ මෙව්වා නිකං වේලිලා විසික් කරනවා ඔයාවත් කන්ඩකෝ''

''අනේ මේ කෙල්ලෝ දෙන්නා කන්නැ ලොකු මම කොහොමද තනියම කන්නේ''

ඔන්න ඉතින් මේ මනුස්සයා මට තව මළ පන්නවා


''එයාල කන්නේ නැත්තං නිකා ඉන්ඩ කියලා කනවකෝ''

''අනේ මට එහෙම කන්ඩ බැ ලොකු''

''කිව්වහම අහලා කනවා මගේ යකා අවුස්සනේ නැතුව''

''ඉතින් මට කියන්නේ ඔයා කන්නෙත් නැනේ''

''ඇයි මම කන්නේ''

''අනේ නිකං ඉන්ඩ ලොකු , පිරිසියට දාලා ලගට ගෙනත් දුන්න අඹ කෑල්ලවත් කෑවද ඔයා , ගෙදර ආපු වෙලාවේ ඉදන් ඕක බදාගන ටොක ටොක ගගා ඉන්නවා මිසක් ඔයාට ‍කන්ඩවත් සිහියක් තියද''

''හරි හරි කට පියාගන කනවා මේක . ....මගුල''

වේලිලා ඇද වෙච්ච දෙළුම් බෑය මම දික්කරනවා ‍අටමිට

ඒකවත් තනියම කන්ඩ ගැණී

කළු වෙච්ච පැත්ත ඒකිට තියාගන මට දෙනවා හොද පැත්තෙන් ලොකු කෑල්ලක් 

( අයියේ කතාව පැන්නා කැලේ , යන්නේ කොහෙද මල්ලේ පොල් , මේ වෙලාවට තමා ඉතින් අර හැරියගේ මෑණියන්වත් සිහිවෙන්නේ)


ඉතින් ඔය වාගේ ඉස්සර දවසක මම ගෙනාවා අර කහපාට රට දොඩං ගෙඩි දෙකක් , පොඩ්ඩක්වත් ඇඹුල් නැති කහම කහපාට එව්වා. ඒ වායේ ඇටත් ඇත්තේ නැනේ . තිබ්බත් ඉතින් ඇබිත්තං පුස් ඇටයක් දෙකක් නේ, ඒත් ඒ එක ගෙඩියක තිබ්බා පත සයිස් ඇට පහක්ද කොහෙද ,

''හානේ ලොකු මේ බලන්ඩ , මේ ගෙඩියේ ඇට තියනවා''

කියපු  අපේ උන්දැ ඔය ඇට ටික දැම්මා මල් පෝච්චියකට 

''අපි ගහක් හදාගම්මු''

''ඔව්වා පැල වෙන්නැ, ජාන වෙනස් කරලා හදපු පළතුරු ඔව්වා, පැල හදාගන්නෙත් ඇට වලින් නෙමෙයි , පටක රෝපණය කරලා''

''එහෙනං මේ ඇට තියෙන්නේ''

''තිබුනට පැල වෙන්නැ''

''නැත්තේ මොකද මේ ඇට පුපුරලත් එක්ක''

''එහෙනං බලාගන ඉන්න‍වකෝ''

ඔහොම ඉතින් සතියක් දෙකක් ගියා, දවසක් අටමී මාලගට ඇවිත් කියනවා
''ඔයා කියුවා නේද අර දොඩම් ඇට පැල වෙන්නේ නැ කියලා , අන්න ගස් දෙකක්ම හැදිලා''
අපොයි මට සරමේ රෙවුනසේක 

''ඔව්වා ඔය පැල උනාට හරි යන්නැ , බිම හිටෝපු ගමන් මැරිලා යනවා , අනික ගෙඩි හැදෙන්නේත් නැ, මෙහේ දේසගුනේ ඔව්වට හරි යන්නැ , සීතල රටවල හැදෙන ගස්''

''ඒ උනාට කමක් නැ මට ඔය පැලයක් බිම ඉන්දලා දෙන්න''
බේරෙන්ඩ බැරිතැන මම ඉතින් , ටිකක් ලොකු වලක් කපලා ඒකට කුණු පුච්චන තැනින් කළු පස්ටිකක් එහෙම අරගන දාලා , අර එක පැළයක් හිටවලා දැම්මා

(අනිත් පැලය අපේ නැන්දම්මා අරගන ගිහිල්ලා හිටෙව්වට ගෙඩි හැදුන්නැ) 

ඒකට එක්ක අපේ පැලය මගේ අත් ගුණයටද කොහෙද ඒක බස බස ගාලා හැදුනා කියන්ඩකෝ, 

අවුරුද්දක් දෙකක් යනකොට පත සයිස් ගහක් උනා කියන්ඩකෝ, කොළ නං ඉතින් සිදරං කොල වාගේ , දවසක් අටමී මිදුල අතු ගගා ඉදලා දුහගන ඇවිත් මට කියනවා 

'' ලොකූ ලොකූ අන්න දොඩං ගහේ ගෙඩි හැදිලා ''

මමත් ඉතින් ගිහිල්ලා බලන කොට දොඩං තමා , ගෙඩි දහයක් දොලහක්ම තිබ්බා , මම ගෙඩියක් කඩා ගන්ඩ හදනකොට අටමී කෑ ගහනවා

''කඩන්ඩ එපා මෝඩයෝ ඔව්වා කහ උනහම කඩමු''

''මෙව්වා කහ වෙන්නේ නැ''

''දන්න එක තමා , මහ ලොකුවට මට කෑගැහුවේ ඔව්වා හැදෙන්නෙත් නැ කියලා , දැන් එනවා ගෙඩි කඩන්ඩ ''

''ඉතින් මමනේ හිටෙව්වේ''

මං භයවෙයි අටමිගේ කටට , කොහොම හරි අත්ත පාත් කරලා හොදට මෝරපු ගෙඩි දෙකක් කඩා ගත්තා, ඒ වෙන කොට අපේ ලොකු කෙල්ලත් හම්බෙලා, අපි තුන්දෙනා ඉතින් ඔය ගෙඩි දෙක හදාගන බිව්වා , ගෙඩිය පැණි දොඩං ගෙඩියක් වාගේ උනාට , ඇඹුල් ගතියක් තිබ්බා ටිකක් , පට්ට රහයි. කොහොම හරි අනිත් ගෙඩි ටික කහ වෙනකං අටමී බලාගන උන්නට එව්වා කහපාට උනේ නැ, ගෙඩියක් දෙකක් ඉදිලා බිමට වැටෙනකොට උන්දැටම වැඩේ තේරිලාද කොහෙද , ගෙඩි හතරක් පන්සලේ හාමුදුරුවන්ට ගිහිල්ලා දීලා , අනිත් ටික කෙල්ලට පොවලා වැඩේ චප්පාක්ලොස් කරලා දැම්මා, ඊට පස්සේ ඉතින්අවුරුද්දක් විතර යනකං ගෙඩියක් නං හැදුන් නැ, ටික දවසකින් ආයේ අපිට දොඩං ගහ අමතක වෙලා ගියා, ඒ වෙන කොට අපේ ලොකු කෙල්ල එළිපහලියේ  ඇවිදින්ඩ ගත්ත කාලේ .‍ හොදට කතා කරන්නත් පුළුවන් , කුරුල්ලෝ පෙන්න පෙන්නා කෙල්ලට බත් කවන වෙලාවක අපේ උන්දැ ආයෙත් දැකලා ඇබින්දං ගෙඩි වාගයක් හැදිලා තියනවා, වැඩට ගිහිල්ලා උන්න මට ටුංගාලා දුන්නා කෝල් එකක් .

''ලොකු දොඩං ගහේ ආයෙත් ගෙඩි ඇවිත් , ගොඩාක් තියනවා අනේ''

''හා හා ඇවිත් බලන්නං මම වැඩක් ''

මේ වැඩ අස්සේ මේ ගෑණි දොඩමක් කියවනවා කියලා මම තිබ්බා ෆෝන් එක

හවස ගෙදර ඇවිත් බැලුවට පස්සේ  අටමටත් මාර චූන් එකක් ගියේ , ඇයි යකෝ පුංචී පුංචී ගැට තුන් සියකටත් වඩා හැදිලා , දැන් ඉතින් අපි හරි ආසාවෙන් දවස ගානේ ගෙඩි පැහෙනකං බලාගන ඉන්නවා, ටික දවසක් යන කොට ගෙඩි බිත්තරයක් විතර සයිස් එකට හැදිලා , උදේට ගැට දෙකතුනක් බිම වැටිලා තිබුනට ඒක ඉතින් ඔය දෙහි කූලේ ගස්වල හැටියක්නේ, ගහේ අතු බරවෙලා ගෙඩි අතින් අල්ලන්ඩ හැකි මට්ටමටත් ආපු හන්දා අටමට අමාරුවෙන් හොයාගන අතු දෙකකට කරු තියන්ඩත් උනා , ලාවට මේරලා තිබ්බ ගෙඩි දෙකතුනක් අපි ආතල් එකට හදාගන බිව්වත් එක්ක . ඔන්න ඔහොම වැඩේ යනකොට දවසනක් උදේ පාන්දර දහයට විතර මම වැඩට යන්ඩ එළියට බහින්ඩ හදනකොට ආවා අපේ උන්දැගේ නැන්දා කෙනෙක් , දුර තියාම මම බලාගන ඇස්දෙක තිබ්බේ දොඩං ගහ දිහාට , ගෙට ගොඩ වෙන්නෙත් නැතුව දොරකඩ හිටගත්ත උන්දැ දොඩං ගහට අත දික් කොරලා අටමිගෙන් අහනවා

''ඇ කෙල්ලේ මේ මොනවද මේ''

''කන්ඩ ගෙනාපු දොඩං ගෙඩියක ඇටයක් පැලවෙලා නැන්දේ''

''ඇඹුල් දොඩංද ළමයෝ''

උන්දැ මයේ දිහාට හැරිලා අහනවා

'' හම්ම් ''

ගහ යටටත් ගිය නැන්දා බිම තිබ්බ ගෙඩියක් අහුලාගන කරකවලා බලලා

'' පැණි දොඩං වගේ , මේ පෑවිල්ලට හරි යන්නැ ගස් වේලිලා යනවා''

ගෙට ගොඩ වෙලත් දැන් දොඩං ගැන තමා කතාව , ළමයින්ට හොදයි කියයි , ලෙඩ්ඩුන්ට හොදයි කියයි , දේව පුජාවකට පැණි දොඩං ගෙඩියක් රුපියල් සීයිය ගානේ හතක් ගෙනාව කියයි.

'' නැන්දට ගෙඩියක් දෙකක් කඩලා දෙන්ඩද , හැබැයි තවම හරියට පැහිලා නැ''

'' එපා ළමයෝ ඔය ගැට කඩන්ඩ , මම පස්සේ එන්නංකෝ ''

කියාගන උන්දැ එළියට බැස්සා , ඒ පස්සෙන් කෙල්ලවත් වඩාගන යන අටමි දොරකඩට ගිහිල්ලා

''මම ගෙඩි කඩපුවහම නැන්දගේ පංගුවත් ගෙනත් දෙන්නංකෝ''

යන ගමනුත් උන්දැ ගහ දිහා බල බලා තමයි ඉතින් ගියේ

පහුවදා හවස මම බලනකොට ගහේ කොල ඔක්කොම මැලවිලා , පෑවිල්ලට කියලා හිතපු මම හෝස් එක අරගන ගහ මුලටයි හොදට වතුර දාලා අතු වලටත් ඉස්සා

ඊලග දවස වෙනකොට කොළ , ගෙඩී  එක එක වැටෙන්ඩ ගත්තා , දවස් දහයක් විතර යනකොට ගහේ කෝටු විතරයි ඉතුරු උනේ , අපි දෙන්නට දැන් හෙන දුකයි , ඊ ලගට මම වැඩට නොයා ගෙදර උන්න දවසේ  මුල හරියෙන් අඩි දෙකක් විතර ඉතුරු කරලා කපලා ගේ පිටිපස්සේ තියන වගුරට ( පුරං වෙච්ච කුඹුරක් ) විසික් කරලා දැම්මා , ( ඕක දකින කොට අපි දෙන්නටම හිතට දුක හන්දා ) , ඒ ගහ කොච්චර ශක්තිමත්ද බලන්න දැන් අවුරුදු තුනකටත් වැඩියි එක අත්තක් තාම එහෙම්ම වෙලේ තියනවා .

මාසෙක් විතර මුලින් ලියලයිද කියලවත් බලාගන ඉදලා . එහෙම උනේ නැති හන්දා , මුලත් ගලවලා බැලුවා මුල කූණුවෙලාවත් ගහ මැරිලද කියලා , නෑ මුලත් කට්ට වෙන්ඩ වේලිලා තිබ්බා.
මට තියන ප්‍රශ්නය තමයි එහෙම වෙන්නේ ඇයි

2012-10-13

Ladies who insert wrong needle in wrong end


මහන මෙෂින් ගැන ලියන්ඩ ගත්තාට ටිකක් අමාරු වැඩක් කියලා දැන් මට හිතෙනවා. මොකද දන්නවද . නොදන්න කෙනෙකූට මේක ටිකක් ග්‍රීක් වගේ කේස් එකක්.  

කොම්පියුටරයකට         රැම් එකක් ගහනවා වාගේ, සොප්ට්වෙයාර් එකක් ඔබනවා වාගේ මේක ලේසි නැ ඔලුවට දාගන්ඩ. මෙෂින් එකින් එකට , උපාංග සහ ක්‍රමවේදය වෙනස් තරමක් දුරට

මෙහෙම හිතමුකෝ

ඔයාලට සිංගර් නෝමල් මෙෂින් එක කියපුවහම  පැනපු ගමන්
'' ආ මම දන්නවා අර කළුපාට ආච්චිලාගේ කාලේ මැසිමනේ ''

ඔක්කොම කළුපාට මෙෂින් උනාට ඔව්වා එකින් එකට වෙනස්

එක් එක් රටවල්වල නිෂ්පාදනය කරන ලද මෙෂින් වල සමහරක් කොටස් වල වෙනස්කම් දකින්න පුළුවන්, කළුපාට නොමල් මෙෂින් වෙළද නාමයන් විශාල ප්‍රමාණයක් යටතේ  දකින්න පූළුවන් 


තවත් කෙනෙකුට හිතෙන්න පුළුවන් 

" අනේ ඕක මොකක්ද මෙයා ඉදිකට්ට දාන එක මහලොකූ වැඩක්ද "

මහලොකු වැඩක් නෙමෙයි උනාට දවසකට එක්කෙනෙක්වත් මැසිම උස්සගන එනවා ඉදිකටු වැරදියට දාගන

 '' අනේ බලන්ඩකො මැහෙන්නැ අප්පා කියාගන ''

එහෙම එන සමහරක් උන්දලා රටේ නම්දරාපු මැහුම්කාරියෝ, ඒක හන්දා මේ කතන්දරය මහන ඈයොන්ට ඉතාමත් වැදගත්වෙනවා

*** බහුලව සිද්ධවෙන ඉදිකටු සම්බන්ද වැරදි ***

1) මේෂින් එකට අදාල නොවන වැරදි ඉදිකටු භාවිතා කිරිම

2) ඉදිකට්ට වැරදි පැත්තට සවිකිරිම සහ ඉදිකට්ට බාගෙට සවීකිරිම

3) මොට්ට , ඇදවු ඉදිකටු , ගලවා ඉවත්කල ඉදිකටු භාවිතා කිරිම , බාල ඉදිකටු (ගුණාත්මක බවින් අඩු) භාවිතා කරීම

දැන් මෙව්වා ඔක්කොම ඔක්කොම එකට ලියන්ඩ ගියොත් පැටලිලි සහිත වෙයි , 

උඩින් කියපු කරුණු තූන ගැන වෙන වෙනම  ලියන්නම් , එතකොට හැමෝටම ලේසිවෙයි.

ඉදිකටු ගැන සරලව තේරුම් කරන්න තියන ලේසිම විදිහ තමා මෙෂින් එක පෙන්නලා ඉදිකට්ට මොකක්ද කියලා කියන එක. ඒක නිසා මම එහෙම කරන්නං.

2012-10-05

Which machine is good ? Singer Soje Hispeed sewing or Old juki Hispeed sewing machine


''අපේ ගෙදර උන්දෑට සෙකන්ඩ් හෑන්ඩ් ජුකී මැසිමක් ගන්ඩ ඕනලු, හොද එකක් හොයලා දියන්''
මට නිතරම අහන්ඩ ලැබෙන මෙන්න මේ ඉල්ලීම හන්දා

මේ ගැන ටිකක් ලියන්ඩ ඕන කියලා හිතුනේ

මගෙන් අහන ප්‍රශ්න සහ ගොඩක් වෙලාවට මම  දෙන  උත්තරය තමයි මම මේ අද ලියන්ඩ යන්නේ

හැල්ලක් වාගේ ලියාගන යනවට වඩා හොදයි කියලා හිතෙනවා කරුණු එකින් එක ලියුවානං

එතකොට කියවන අයට ලේසිවෙයි

දැන් ඔය තඩී මෝටරයක් තියන පත මැෂින් ඔක්කොම මෙෂින් ජුකි ඒවද
අධිවේගි මහන යන්ත්‍ර සියල්ලම ජුකි නොවේ. ජුකි යනු වෙළද නාමයක් පමණි
බ්‍රදර් . සන්ස්ටාර්.පැප්.ටොයොටා.වැනි වෙළද නාම ගණනාවකින්ම ජපානයේ නිෂ්පාදනය කරන ලද පරණ මෙෂින් දකින්න පුළුවන්

චයිනීස් එව්වායෙත් එක එක ජාත් තියනවද
නැතුව, අළුත් චයිනීස් මෙෂින්නං වෙළද නාම හැටහුටහමාරකින් දකින්නට පුළුවන්

මොකක්ද ඔව්වායේ තියන සාමාන්‍ය මෙෂින් වලට වඩා වෙනස
අතින් ඔයිල් දැමීමක් සිදු නොකරන මෙව්වායේ , තෙල් මහන යන්ත්‍රයේ අවශ්‍ය තැන් කරා ගෙනයාමට පොම්පයක් සවිකොට ඇත.වේගයෙන් මැසීම සිදුකල හැක.මහන තැනැත්තාට පහසුවෙන් හැසිරවිය හැක.  තම කාර්ය්‍යයන් පහසු කර ගැනීමට අවශ්‍ය අතර උපකරණ , උපාංග සිය ගනනක් ඇති අතර ඒවා පහසුවෙන් සවිකල හැක


ඉතින් ඔය එක එක ජාතිවල ජපන් මෙෂින්වල පාට්ස් එක සමානද
මේ මෙෂින්වල නිතරම අවශ්‍ය වන කොටස්   බොහෝ දුරට එක සමානයි, (උදාහරණ, ෂටල් බොබින් , කැරියර්, පීඩොක් , නිඩ්ල් ප්ලේට්,ස්ලයිඩ් ප්ලේට්, නිඩ්ල් බාර් වාගේ එව්වා)

ඒ කියන්නේ වෙනස්කම් තියනවා
ජපන් මෙෂින්වල අනිත් අමතර කොටස් ගැන නං කතා කරලා වැඩක් නැත . එකකට එකක් ගැලපීමක් නැත.

චීනයේ හදාපු එව්වාට අවුලක් නැ ඒ කියන්නේ 
පරණ ජපන් මෙෂින්වලට පාට්ස්  නිෂ්පාදනය කිරිම නවත්තලා හන්දයි ඔය අවුල .මැත කාලයේ ජපානයේ නිෂ්පාදනය කල වෙළද නාම ,මෙෂින් වර්ග , මාදිලි කොපි කරමින් චින නිෂ්පාදනයන් එළි දක්වා තියන නිසා එව්වාට පාට්ස් එයාලා නිෂ්පාදනය කරනවා. අනික නම වෙනස් උනාට බොහෝවිට ඒ ‍මෙෂින් එකින් එකකට සමානයි

ඒ කියන්නේ ජපානයේ නිෂ්පාදනය කරපු මෙෂින් වර්ග ඔක්කොම එයාලා කොපි කරනවා
බොහෝ විට චීන නිෂ්පාදනයන් කොපි කොට ඇත්තේ ජපන් ජුකි සහ , කොරියානු සන්ස්ටාර්      මහන යන්ත්‍රයන්ය,

දැන් ලංකාවේ අළුතින් නිෂ්පාදනය ජපන් මෙෂින් ගන්න තැනක් නැද්ද
මා දන්නා තරමින් දැනට . ජපානයේ නිෂ්පාදනය කරනු ලබන අළුත් මහන යන්ත්‍ර කිසිවක් ශ්‍රීලාංකීය වෙළදපොලේ දක්නට නොමැත, ජපන් යැයි කියන එව්වායේද ඇත්තේ චීනයේ නිෂ්පාදනය කල අමතර කොටස්ය (එහෙම ජපන් එකක් තියනවානං කමෙන්ට් එකක් දාන්න  මං කැමතියි දැනගන්න , ගන්න කියනවා හැමෝටම)