2013-05-01

Machine oil facts related to singer zigzag 288,1288,974,972,248,247,988,8974 sewing machines.


288,1288,974,972,248,247,988,8974
මාදිලියේ මහන මෙෂින්වලට තෙල් දමන නිවැරදි ආකාරය.

ඔන්න ඔය උඩින් තියන පින්තූරය ආකෘතියේ  මෙෂින් වලට තෙල් දැමිය යුතු නිවැරදි ආකාරය ගැන තමයි අද මම කියලා දෙන්න යන්නේ. ඔය විදිහේ මහන මෙෂින් එක එක නම් වලින් එක එක වර්ග වලින්  තිබුනත් මුලික සැකැස්ම බොහෝ දුරට සමානයි.

වෙනත් වෙළද නාම වලින් අද අපිට මේ වාගේ එව්වා දකින්න තිබුනත් , මේ ආකෘතියේ මෙෂින් මුලින්ම නිර්මාණය කලේ සිංගර් සමාගම විසිනුයි.

288,1288,974,972,248,247,988,8974,  ඔන්න ඔය විදිහේ අංකවලින් තමයි කාලෙන් කාලෙට හදුන්වාදුන් මාදිලි හැදින්වුවේ. ඔය එක් එක් මොඩ්ල් අතර සුළු සුළු වෙනස්කම් තිබුනත් මූලික හැඩය , උපාංග , යාන්ත්‍රනය ගත්තහම එකම තමයි.

මේ ආකෘතියේ මහන මෙෂින්  බ්‍රසීලය , එංගලන්තය , තායිවානය , චීනය  වගේ රටවල් වල වැඩි වශයෙන්  නිෂ්පාදනය කරලා තියනවා.

මම දැකලා තියනවා නිෂ්පාදිත රට විදිහට ,   දකුණු අප්‍රීකාව , ජපානය , තුර්කිය , ඉතාලිය , කියලා සදහන් කරපු මෙෂිනුත් .

හැබැයි ඇමරිකාවේ මේ මාදිලිය නිෂ්පාදනය කරලා නැ.

මෙෂින් එක ඔයිල් කරන්ඩ ඉස්සෙල්ලම උඩ සහ පැති ආවරණය ගලවන්ඩ ඕන,





තෙල් දැමීමට කලින් බ්‍රෂ් එකක් ආධාරයෙන් මෙෂින් එක තුල ඇති කූණු දුහුවිලි පිසදා ඉවත් කරන්න



කිසිවිටකවත් බෙල්ට් වලට සහ රබර් රින්ග් එකට තෙල් දාන්න එපා



තෙල් දැමීම නිසා රබර් රින්ග් එකක් පුපුරා ඉදිමී ඇති ආකාරය බලන්න



මෝටර් බෙල්ට් එකට සහ ටයිමින්ග් බෙල්ට් එකටත් තෙල් දාන්න එපා, බෙල්ට් කෑඩීයාම ඉක්මන් වීමට සහ බෙල්ට් ලිස්සායාම ඉක්මනින් සිදුවීමට පුළුවන.


පහත පින්තූරවල පෙන්වා ඇති තැන්වලට තෙල්  දැමීම කරන්න




දැන් තේරුනා නේද කොහාටද තෙල් දැමිම කරන්න උවමනා කියලා. මෙෂින් එකේ එහාට මෙහාටවෙන කැරකෙන හෙල්ලෙන සියළුම තැන් වලට තෙල් දැමීම කරන්න ඕන. ලෝබ කමට තෙල් බින්දුවක් දෙකක් නොපෙන්වා ටිකක් තෙල් බේරිලා යන විදිහට දානවානං පංකාදු පහයි.



ප.ලි//කැමරා එකක් ගත්තහම පැහැදිලි ෆොටෝ ටිකක් දාන්නං.


No comments:

Post a Comment

අදාල පාර්ශවයකින් ඉල්ලීමක් ක‍ලහොත් හැරෙන්නට කිසිදු අදහස් දැක්වීමක් ඉවත් කරන්නේ නැත

කමෙන්ට් වලට ලින්ක් දානකොට
<a href="LINK HERE"> WORDS HERE</a>