පුතුන් දෙදෙන සමගින් පියෙකුයි ඉන්නේ
ඒ තිදෙනාට රුකවරනය සලසන්නේ
හිරු සදු වගේ මව්තුමියත් ගෙයි ඉන්නේ
පෙරකල පටන් මත් වතුරට ලොල් වන්නේ
බීගත් කලට වෙසමුනියා සමවන්නේ
පිය බිරිදටත් දරුවන්ටත් ගුටි දෙන්නේ
පෙරකල පටන් ඔහු එහෙමයි හැසිරන්නේ
සට සට ගාල කඩ්ඩෙන්මයි දොඩවන්නේ
ලොකු ලොකු තැන්වලයි රස්සාවට යන්නේ
යන යන තැනින් ටික දිනකින් අස්වෙන්නේ
උගතෙක් නිසා තව තැනකින් වැද්දන්නේ
මම ලොකු පොරක් මං ඇර ජගතෙක් නැනේ
ඔය ගද යක්කු මට රට කජ්ජක් වැන්නේ
නින්දිත ලෙසින් අන් මිනිසුන් පාගන්නේ
අසරණයන්ට නිතරම කරදර දුන්නේ
අසල් වැසියනට ගූ බෙට්ටක් වැන්නේ
නැදෑ හිතවතුන් මිනිහව හැර යන්නේ
හැදු වැඩු පියා සමගත් වලියට යන්නේ
තම සොහොයුරා නැ ඔහු හමුවට එන්නේ
කාලය වේගයෙන් ගතවී වැය වන්නේ
දරුවන් දෙදෙන දැන් ටික ටික ලොකු වෙන්නේ
සීයගේ පිං පතෙන් උන් පොත පත ගන්නේ
කරදර මැදින් ඉස්කෝලෙන් පිට වන්නේ
සරසවි දොරටුවට දෙන්නා පිවිසෙන්නේ
විය පැහැදමට කොහොමද මිළ සරිවන්නේ
අයියා ළමයින්ට ශිල්පය ලැබදෙන්නේ
මලයා ගෙයින් ගෙට ඒක එක විකුනන්නේ
කොහොමින් කොහොමහරි දෙන්නා ගොඩයන්නේ
නමගිය කන්තෝරු දෙකකයි වැජබෙන්නේ
හද බැදි යුවතියව නිවසට කැදවමිනේ
අයියා තුමා යුගදිවියට එලබෙන්නේ
ලොක්කගේ ඉට්ටයිල් කෙල්ලට ගල් වැන්නේ
මාසෙන් දෙකෙන් කේසුත් ලිපිගොනු වන්නේ
ඔයලගේ තාත්තා එක්කල මට බැනේ
කුලියට කමක් නැ අයියෝ අපි යන්නේ
ලොකු ලොකු තැන්වලයි රස්සාවට යන්නේ
යන යන තැනින් ටික දිනකින් අස්වෙන්නේ
උගතෙක් නිසා තව තැනකින් වැද්දන්නේ
මම ලොකු පොරක් මං ඇර ජගතෙක් නැනේ
ඔය ගද යක්කු මට රට කජ්ජක් වැන්නේ
නින්දිත ලෙසින් අන් මිනිසුන් පාගන්නේ
අසරණයන්ට නිතරම කරදර දුන්නේ
අසල් වැසියනට ගූ බෙට්ටක් වැන්නේ
නැදෑ හිතවතුන් මිනිහව හැර යන්නේ
හැදු වැඩු පියා සමගත් වලියට යන්නේ
තම සොහොයුරා නැ ඔහු හමුවට එන්නේ
කාලය වේගයෙන් ගතවී වැය වන්නේ
දරුවන් දෙදෙන දැන් ටික ටික ලොකු වෙන්නේ
සීයගේ පිං පතෙන් උන් පොත පත ගන්නේ
කරදර මැදින් ඉස්කෝලෙන් පිට වන්නේ
සරසවි දොරටුවට දෙන්නා පිවිසෙන්නේ
විය පැහැදමට කොහොමද මිළ සරිවන්නේ
අයියා ළමයින්ට ශිල්පය ලැබදෙන්නේ
මලයා ගෙයින් ගෙට ඒක එක විකුනන්නේ
කොහොමින් කොහොමහරි දෙන්නා ගොඩයන්නේ
නමගිය කන්තෝරු දෙකකයි වැජබෙන්නේ
හද බැදි යුවතියව නිවසට කැදවමිනේ
අයියා තුමා යුගදිවියට එලබෙන්නේ
ලොක්කගේ ඉට්ටයිල් කෙල්ලට ගල් වැන්නේ
මාසෙන් දෙකෙන් කේසුත් ලිපිගොනු වන්නේ
ඔයලගේ තාත්තා එක්කල මට බැනේ
කුලියට කමක් නැ අයියෝ අපි යන්නේ