2014-09-23

How to Add youtube video, Image, Smileys & Emoticons, color text, marquee text in Blogger Comments

youtube video, Image, Smileys & Emoticons, color text, marquee text  කමෙන්ට් වලට දාගත්තේ  මෙන්න මේ විදිහටයි

හිනා මුහුනු මෙන්න මෙතනින් ගත්තා http://www.hackinguniversity.in/2014/01/emoticons-blogger-comments.html

පීන්තුර දාන හැටි මෙන්න මෙතනින් ගත්තා http://nohimlokaya.blogspot.com/2012/08/blog-comment-box-video-image-comment.html?m=1

සමහරක් විට  මේකත් ඕනවෙයි www.bloggersentral.com/p/html-escape-tool

2014-09-14

මටම දාවුණ පැටවුනට සහ මටද අම්මා වන්



'' ඇයි සරත් අදත් අටේ බස් එක මගඇරුනද ''

'' දැක දැක ඇද්දුවනේ අළුත් කොන්දෙක්ද කොහෙද ''

'' හවස ගත්ත මාළුටික දැනුයි සුද්දකරල ලිපට කරේ , ඔයාට තේ එකක් හදලා දෙන්නං ''

'' ඔන්නැ ...බත්ම කමු ''

'' මාළු ටික ලිපෙන් තිබ්බේ දැන් , ඔයාට කන්ඩ හාල් ටිකක් තියන්ඩත් ඕන , ඇග හෝදගන එන්ඩ මම තේ හදන්නං  ''

'' එපා ඕන නැ ''

'' එහෙනං මම ඉක්මනට ඇග හෝදගන එන්නද ''

'' හා ''

'' මාළු එක ලිපේ චුට්ටක් බලනවද ''

'' මොන මාළුද  ගත්තේ ''

'' කෑලි මාලු වෙන මොකවත් තිබුන්නැ අනේ , තෝර දෙසිය පනහක් ගත්තා  හාරසීයක් ''

පිටු පස දොරින් ලිද ලගට යන බිරිදගේ හඩට සවන් දෙමින් කාමරයට වැදුන සරත් දරු දෙදෙනා අවදි වේයැයි බියෙන් විදුලි පහන නොදල්වා ඇද සිටි ඇදුම් උනා දමමින් යට ඇදුමට උඩින් තුවාය ඉන දවටාගන පැමින ලිප මත තිබෙන ඇතිලියේ කරමූඩිය මතින් පොලුකටු හැන්ද රැගෙන කරමුඩිය ඉවත් කලේය

..................යකෝ දෙසිය පනහට මාඵ කෑලි පහද අල්ලන්නේ.............

දෙතුන් විඩක් හොද්ද හැදිගා වසාදැමු සරත් , කුස්සියෙන් මිදුලට බැස හදිස්සියෙන් සියොලග සබන් තවරන බිරිද දෙස බලමින් ලීං ගැට්ට මතින් හිද ගත්තේය.

'' දවල් නාගන්ඩ හම්බුන්නැ අනේ අර දෙන්න අද නිදාගත්තේ නැ , මං නාන්ඩ ආවනං එයාලටත් නාන්ඩ ඕන වෙනව , තාම සෙම ''

'' අද දෙන්න රංඩු උනේ නැද්ද ''

'' දෝනිගේ ඉස්කෝලෙ පොතක් ඉරුවනේ පුතා ''

'' අච්චු පොතක් ''

'' නැ.......සිංහල ලියන  පොත , අරන් දීල සතියක් නැ අනේ , හොද වෙලාවට පිටු හතරයි පහයි ලියල තිබුනේ , ...මම අරන් තියපු පොතක් තිබිල දුන්නා ...පවු කෙල්ල ඔයා ආපුවහම කියනව කියල අඩ අඩා ඉරපු පොතේ තිබිච්ච අළුත් පොතේ ලියාගත්තා ''

'' කොල්ලට ගැහුවද ''

'' හයියෙන් නෙමෙයි අනේ හිමීට පාරක් ගැහුවා ..........එයත් බලාගන හිටියේ ඔයා එනකං ............කියල මට හොද වැඩක් කරවන්නංකෝ කිය කිය හිටියේ ''

2014-09-04

මට හෙන බුදි මතයි



තාත්ත අපේ කට්ට කාල අරන්දුන්න මට
බයිසිකලේ තෝ කෑවා මතකද පෙර දින
එපා කියද්දි නැගල ඒදණ්ඩක් උඩ
කෙලෙව්ව හැටි මතකද තොට පෙරදා බෝ දුර

බයිසිකලේ පැදගන්ඩත් ඉගැන්නුවේ මම
හති රටේ කරක් ගසා වින්කල් එක එක
මවුන්ටන් එකක් ගෙනැවිත් පරණ කඩේ කින
හද‍ා දුන්න හැටි මතකද පෙරදා මං තොට

දහදාහට චැලි කට්ටක් කොහෙන්ද අරගන
දුන්නද තෝ එක වටයක් ආසාවට ම‍ට
පස්සේ කාලේ අරගත් අර ඩීටී පිප්ටිය
තල්ලු කලේ මං හිසකේ ගානට

රාගම යන්ඩ මං බස්නැවතුමේ ඉන්නේ
ත්‍රීවිල් කට්ටේ නැග තෝ දැක දැක යන්නේ
තව වෙන දිනක හයර් එකට මම නැග්ගේ
එකසිය තිහට දෙසියක්ම තෝ ගත්තේ

එහෙම කලත් ලැජ්ජාවක් මට නැත්තේ
මගේ පොඩි කෙල්ල වැන් එකට තොගේ දැම්මේ
දරුවන් අතර ඉස්කෝලට ලග ඉන්නේ
ඔක්කොම බස්සලයි කෙල්ලව ගෙන එන්නේ

හෙ‍ාදහැටි පදං දාගන දැන් මං එන්නේ
පාන්දර දෙකයි වොච් එක පවසන්නේ
වැන් එකක් නවත‍ාගන දැන් ඉන්නේ
ජංගී යාලුවා පාරට අත දැම්මේ

බැට්රියෙ වයර් බුරුල් වෙලයි දැන් ඇත්තේ
පෙට්ටියේ පියන ඇරලා දැන් දිය යුත්තේ
ඇණයේ නියම සයිස් එකත් නොම දන්නේ
ෂිප්ටර් එකක් රත්තරනේ දීපන්නේ

අයියෝ වස්තුවේ ආයුද බාමින්නේ
රහමෙර බිමටයි ගෙදරින් පිටවුයේ
කවුරුන්‍ හෝ ගෙනත් ගේමක් ගහගන්නේ
මට හෙන බුදි මතයි අටමා පිට වෙන්නේ