‘‘සර් මම මේ කතා කරන්නේ ජයසිංහ රාලහාමිගේ මල්ලි ‘‘
‘‘ මොන ජයසිංහද ‘‘
‘‘ ඇල්ලේවෙල ජයසිංහ .....සර් ...වරකපලට මාරුවෙලා ගියේ ....එයාගේ මල්ලි ‘‘
‘‘ අප්පට සිරි මල්ලියා කියහං ..මොකද බං මේ වෙලාවේ ‘‘
‘‘ සර් මං මේ ගමනක් ගිහින් යාලුවෙක් එක්ක එනගමන් රැ උනා කෙටිපාර හන්දා තේක්ක කැලේ මැද්දෙන් පැනගන්ඩ ආවේ , කැලේ අස්සේ සද්දයක් ආවට බැලුවහම වැන් එකකට හරක් පටවනව ‘‘
‘‘ වැන් එකකට ‘‘
‘‘ ඔව් සර් හයිරූප් එකක් වැඩිය කතා කරකර ඉන්ඩ බැ ...........‘‘
‘‘ බලහං නොම්බරේ ‘‘
‘‘ නොම්මර බලන්ඩ ලං වෙන්ඩ බැ සර් ...අපිව මාට්ටු වෙයි .......එතන කට්ටි තුන්දෙනෙක් ඉන්නව ...ලොකු උන් දෙන්නෙක් පැටෙව්වා , තව පැටියයි මහ එකයි ඉන්නව ....... සර්ල ඉක්මනට බටපැලැස්ස හන්දිය පහු කරල ඇල්ලේවෙල පාරේ ආවොත් උන්ට වෙන යන්ඩ පාරක් නැ , මුනටම මාට්ටු වෙනව ‘‘
‘‘ මං මේ තේ එකක් බොන්ඩ නයිට් කඩේට ඇවිත් ඉන්නේ අපි ටක් ගාල එන්නං , උඹල ඔහොම හිටහල්ලා ‘‘
‘‘ අපිට සීන් එකට පේස් කරන්ඩ බැ සර් ගමේ එකෙක් ඉන්නව , අනික සර්ල එනකොට උන් මෙතනින් අනිවා පිටවෙනවා , අපි යන්නං සර්ල එන්න ‘‘
‘‘ හරි හරි එහෙනං පලයං ..., ෆෝන් ඒක ඕප් කරන්නේ නැතුව තියාගනින්‘‘
‘‘ හරි සර් එහෙනං ජයවේවා ‘‘
‘‘ එයි කොල්ලෝ ............ඉක්මනට සිකරට් දහය අරගන ඇවිත් මේ විදුරු ටික අරන් පලයං ‘‘
‘‘ හරි සර් මේ එනව ‘‘
‘‘ යකෝ උඹ තාම කනවද .... ඔය %ත්ත ඉක්මනට කාල මේ @යිය ඉස්ටාට් කරල ගනිං ‘‘
ඉතිරිව තිබු බිත්තර රොටී කෑලි කිහිපය හනිකට කටට ඔබාගත් පොලිස් රියැදුරා දෙකකුල් මැදින් තබාගන හුන් ප්ලේන්ටියෙන් උගුරු දෙකක් ගිලදමා වේටර් කොලුවාට පිගාන සහ ප්ලේන්ටිය දී ජිප් රථය පනගන්වා ගත්තේය
‘‘ යමන් ඉක්මනට ඇල්ලේවෙල පාරට ‘‘