2015-03-31

ජනරංජනී


‘‘ගාට් නෝනා ගාට් නෝනා කෝ ගෙදර කවුරුවත් නැද්දෝ‘‘

‘‘ආ මේ සොපි නැන්දනෙ‘‘

‘‘උදේ වැටිල තිබුන රටඅඹ .......කොලුවට දීල යන්ඩ ආවා , මයේ කිරි ගෙනාපු හොර්ලිස් බෝතල් දෙකකුත් මෙහෙ නේද නෝනා‘‘

............අනේ එයාගෙ අඹේ ............එනව මෙතන මට අඹ කවන්ඩ .......මට තියෙන්නෙ ලෑටි පුකකුයි ..........පුක මැස්සෝ බීලයි කිය කියා , ලොඹු කටෙං ලොඹ ලොඹ ගගා,  .....අපිටත් ඕන්නං ඔය තියෙන් යාපනේ අඹයි , පොල් අඹයි ...............දැං ඕක මේං කියලම හම්බෙයි මට ...........හැමදාම කනව කියයි ...අඔ හරි සැරයි කියයි තුවාල දානව කියයි. හංගගන ඒ දෙන්නා කයි..................ආව මෙතන

‘‘අම්මේ මට ඉස්කෝලෙ යන්ඩ ඕන ‘‘

‘‘යන්කො යන්කෝ දැං හොද පුතා වගේ ඇද උඩට වෙලා අකුරු ලියන්ඩකෝ‘‘

‘‘ඇට්ටිච්චා වගේ ඉදගන වයසක්යැ ඉස්කෝලේ  යන්ට ‘‘

‘‘ නැ නැන්දේ ජනවාරිනෙ , අවුරුද්දක් කලින් ඉස්කෝලෙ ගිය හැකි , සාවස්තිපුර මොන්ටිසෝරියක් තියනව කියල අපේ එක්කෙනා කියුවා , ලබන අවුරුද්දෙ ගමේ අරිනකං ඒකටවත් දානව‘‘

‘‘එතකොට එක ළමයෙක්වත් ගෙදර කොයි‘‘

‘‘ලොකු දුවට නං එන්ඩ බෑලු චූටි දුවවවත් ගෙන්න ගන්නව . මේ කැලේ ඉස්කෝලෙට නං දාල හරියන් නැ කෙල්ලව , අනුරාධපුරේටවත් දානව , උදේට අරය වැඩට යන කොට බයිසිකලේ ඇරල දවල්ට මට බස් එකේ ගිහින් ගන්ඩවත් බැරියැ‘‘

‘‘අම්මේ...වැලිආත්ත ගහේ ගෙඩි ඉදිල ඇති ‘‘

‘‘යන්නෙ එහෙම නැ ..ඒ පැත්ත පලාතෙ දැක්ක නේ එදා හිටිය නයා ‘‘

‘‘නයා ආයෙත් ආවෙයි‘‘

‘‘ එකනේ නැන්දෙ බලන්ඩකො ඒකා දැන් යන්නෙම නැ , ඊයේ දවාලෙත් තැඹිලි පැලේ උඩ උන්නා , ගිය ඉරිද අපි රේල් පාර දිගේ ඇවිත් ලිද පැත්තෙන් වත්තට පැන්නා , බුරුත ගහ මුලින් එනකොට .....පුෂ්......ගාල පිම්බහමයි  දැක්කේ  මේක ඉන්නව මුල උඩටවෙලා , අපේ මනුස්සය ගෙට ඇවිත් තුවක්කුව ගේනකලුත් ගියේ නැතුව පෙනේ කරගන හිටියනෙ‘‘

‘‘මරන්ට දෙන්ට එපා ..ඔය එන්නේ නෝනලගෙ ආරස්සාවට ..දැක්කනෙ එදා පෑගිලාවත් කැවේ නැ නේ.....මෙතුවක් කාලෙකට මං ඔහෙම දිග එකෙක් දැක්කමයි , ...දිස්නෙ ගහන පාට ............නයෙක් නෙවෙයි නාග රාජයෙක් වෙන්ටැ ‘‘

‘‘කොහෙද නැන්දෙ පොඩ්ඩක් කටේ ගාගත්තහම කියන එකක් අහන එකක් යැ , පොරකාල උදුර නොගන්ඩ මේ මිනිහ වෙඩි තියනව .....පවුකාර කම ..බකමූණටත් වෙඩි තිබ්බ මිනිහනෙ‘‘

2015-03-25

අම්මේ මැරෙයිදෝ එලිවෙන කොට හෙටට


නොසැහෙන්ඩ දොස් කියල අපේ          තාත්තට
අපි දෙන්නව ගෙනියන්නට අතින්     අදිනකොට
මගේ මල්ලිව තුරුල් කරන් එයාගේ         පපුවට
අපි දෙන්නව නොදුන්න හැටි මතකද       අම්මට

සුදු අම්මේ යන්න එපා කියල            අඩනකොට
මල්ලි කොල්ල අඩල අඩල සද්දෙත් නැති කොට
යන්න එපා ඉන්නට බැ ඔයා නැතුව              මට
තාත්තාගේ  කදුළු බින්දු වැටුනා              ඔලුවට

සරත් මාම ගෙට ඇවිදින් බෑග්              ගන්නකොට
තාත්තාට තරහගිහින් ගහන්ඩ                     පැන්නට
ඇවිත් උන්න අය ගහද්දි මගේ                    තාත්තට
එපා කියන්නට මොකදෝ ඇරුනෙ නැත්තෙ      කට

තාත්ත හදනා කුක්කුව නැනේ කිසිම        රස
ඉස්කෝලෙදි අපි කන්නේ කැන්ටිමේ අර වස
උදේට උයලා යනවා තාත්තගේ              රස
අපිට ඒවා කන්නට බැ දයියා මිරිස්           රස

තාත්ත එන්නට රැවෙන  දවසටනං              මට
ඉන්නට බැ ඉවසාගන පනුවෝ නටන     කොට
මල්ලි පුතා කනුකුනු ගා නිදාගන්න         කොට
මං තනියෙන් දොර අරින්නේ තාත්ත එනකොට

දවසක පාං තව දවසක                 ආප්ප
ගෙන එන ඉදිආප්ප අම්මේ           පාප්ප
කොත්තුවෙ මස්කට්ට මල්ලිය       සුප්ප
මට හොද රයිස් උයන්නේ     අෂ්රෝප්ප

කාමරේ ඇදත් ඇරගනවිත්  එකටදා
මදුරු දැලත් ඉදිකට්ටෙන්    පුරුද්දා
අපි තුන්දෙනා කාමරයේ     ලයිට්දා
අම්මව මතක් වෙනවා මට  සියලුදා

මල්ලිය බිත්ති පැත්තට හැමදා        යන්නේ
තාත්ත මැද්දෙනුයි හැමදා      දොයියන්නේ
නරක හීන දැකල මම          ඇහැරෙන්නේ
භය නැති වෙන්න කාවද මම    සිපගන්නේ

ඉස්සර වගේ නැ තාත්ත            ඇදගන්නේ
කොන්ඩය කපන්නැ රැවුලත් කෙදි වැන්නේ
ඔයා ගැනයි හැමදාමත්              කියවන්නේ
හවසට කටින් සැර ගදකුයි          පිටවන්නේ

ගස් ගල් නැගල හැමදාමත් කුනු       වෙනවා
මල්ලිගේ ඇදුම් හෝදන එක පන       යනවා
අත පය ලෙලි ගහන් හැමදා ගෙට       එනවා
මොනවා උනත් ඉස්කෝලෙත් එක   වෙනවා

අම්මට මතකයිද දිල්රුක්                 දියකාවා
තැන තැන කොන්ඩෙ නැ කාල    උදුගොව්වා
අම්මා පැනල ගිය බව පන්තියේ           කිව්වා
සුමනා ටීචගෙන් හොදටම ගුටි              කෑවා

අම්මේ බයයි අදනං හොදටම             හිතට
තමරා ඇන්ටි එලෙව්වනේ මාව          ගෙට
කලිසම එක්ක ගවුමත් තෙමිලා          රතට
අම්මේ මැරෙයිදෝ එලිවෙන කොට හෙටට

2015-03-23

අස්සට දාන්නේ කොහොමද



කාලෙකට ඉස්සර මං වැඩකරපු තැනක මම යනකොටත් හිටියා අංකල් කෙනෙක් , පොරට සිංහල,  ඉංගිරිසි , දෙමළ ,අරාබී , ජාබාසාව , මාලදිවයිනේ බාසාව , එතනින් ගියහම හින්දි තව ඔය බන්ගලි බාසාවත් පුලුවන්ද කොහෙද , පොර කියන්නේ පොරට භාෂා එකොලහක් කතා කරන්ඩ පුලුවන් කියල ,

  සැහෙන කාලයක් එතන වැඩ කරගන හිටිය බුවා මගේ ආගමනය ගැනනං එච්චර සතුටක් දැක්කුවේ නැ , ලොක්කා පොරට කට් එක දෙන්ඩ මාව ගෙනත් දැම්මා කියන සිතුවිල්ල සහ මමත් පොරට අරී කියන සිතුවිල්ල තදින්ම මිනිහගේ හිතේ වැඩකලා . හැබැයි ලොක්කා මට වැඩට කතා කරනකොටම කියුවේ

‘‘ දැනටත් අපේ ටෙක්නීෂියන් කෙනෙක් ඉන්නව සමහරවිට ඔයා අදුරනවත් ඇතිනේ නිහාල්ව , දැන් මිනිහට වැඩ කරන්ඩ අමාරුයි හැටත් පැනලනේ, ඔයා බලල තියන වැඩටික කරල දාන්ඩ එයත් ඔය මොනවහරි කරගන ඉන්නේ නැතැ කියල‘‘

ඇත්තටම පොර මා එක්කත් සැහෙන කාලයක් වැඩකරකර හිටියා . හැබැයි ඉතින් ටිකෙන් ටික මෙෂින්වලින් ඇත්කරල ඔය කඩේ යන වැඩ වාගේ පක්කලි වැඩ වලට පටලවන්ඩ තරම්  ලොක්කා කපටි උනා, නිහාල් හිටියේ කෙහොමටත් ඒ ගැන සතුටෙන් නෙමෙයි ඒකත් එක්ක පොර ලොක්කට දෙන්ඩ ඕන රිටන් ටිකත් මටම තමා දුන්නේ ,

කස්ටමර් කෙනෙක් ලෙඩක් දැම්මත් , ලොක්කා ලෙඩක් දැම්මත් , කුණු මැසිමක් හදන්ඩ ආවත් ගානට මගේ ඇගට කපල පොර ඇග බේරගත්තා , පොරට සෙල්ස් කරන ළමයෙක් හරි , මැනේජර් ළමය හරි ( කැෂියර් උනාට එයා හිතාගන හිටියේ එහෙම තමා ) මොකක් හරි කියුවහම

‘‘ඇයි අර බොස් ගත්තේ හෙන වැඩ්ඩෙක් ඌට කියන්ඩකො , මෙච්චර කාලයක් මේවා ඔක්කොම කොරගන මං හිටියේ ඔය එකෙක්වත් ඉදලද‘‘

කියල තමයි පොර කියන්නේ , හැබැයි ඉතින් ඩීලර් කෙනෙක්  ( නිකං නමට ඩීලර්ස්ල , උන්ට කිසිම පහසුකමක් දුන්නේ නැ , ඔයා අපේ හොදම ඩීලර් කෙනෙක් කියල අන්දල තිබ්බා මිසක් , නිකංම නිතර බඩු ගන්ඩ එන පොරවල් ) හරි වොරන්ටි තියන මැසිමක් උස්සං එන රීටෙල් කස්ටමර් කෙනෙක් හරි ආපුවහම නං පැනල තමයි මැසිම බදා ගන්නේ.

වැඩ කරන ගමං ..............තාම උදේට කෑවෙත් නැ කියල හරි .............ලොක්ක හරියට පඩි දෙන්නේ නැ කියල හරි ..............හීනියට ටෝක දාල එන එවුන්ගෙන් ගානක් කඩාගන්න එක තමයි පොරගේ වැඩේ හැමදාම. එතන ඉදපු අනිත් හතර පස්දෙනත් දිය යටින් ගින්දර ගෙනියන , ටොනික් මුඩියෙන් බෙල්ල කපන ,
 යක්කුන්ටත් කොක්කු පෙන්නන ඩයල් සෙට් එකක් , කොටින් හිටපු ගෑනු දෙන්නා ලංකට් අදිනකොට අනිත් පිරිමි අදින්නේ ජංගී , කට්ටිය මුලදි මුලදි මොන සෙල්ලං දැම්මත් ටික දවසකින් මගේ පුකේ ඇගිලි ගහන්ඩ එන එක නවත්තල දැම්මා , කාටවත් පෙන්නන්ඩ වරදක් නොකරන මම වැරැද්ද දැක්කහම ලොක්කට උනත් හොදම එකෙන් කියල දානව කියල දැක්කහම මට අරින්ඩ බැරි බව කට්ටිය දැනගත්තා.

2015-03-03

හැකිනං පොලව හාරාගන වැලලෙනවා


චේන් එකක් බෙල්ලෙ දාං ගාටනකොට       හැමදාමත්
චේන් එකේ පුරුක ගානේ පාස්සල තිබුන          උනත්
චේන් එකට කැපුනු පාර අළුත් වෙලා       පෙනුනාමත්
උඹනං මහ වස බල්ලෙක් හිතුනා මට          හැමදාමත්

තට්ට තනියේ රැ තිස්සේ බ්ලොග් බලලා       හිදුනාමත්
බත් ජුංඩක් බෙදං ඇවිත් බන්ඩි ගෙඩියේ       එබුවාමත්
බිත්ති හිලෙන් උඹ දැකලා ඉජුක් ඉජුක්        කියුවාමත්
දෙන කට්ටක් උඹ කෑවේ කවදද බං             වනලාවත්

කාගෙද ලොකු අර බල්ලා නොවෙයි දන්න    කාගේවත්
ලගට ගියත් නැ ගන්නේ හිතට කිසිම          ගැස්මක්වත්
කාටත් බය නැති බෘනෝ දුවන මූ                 දැක්කාමත්
දරුවො දෙන්න කයිද මන්ද ලං වෙනවා    සැරකෙරුවත්

දවල්ටනං එන්නේ නැ රෑට එන්නේ              හැමදාමත්
දවස තිස්සේ බැදල තියල වරෙං කියල             රීලාවත්
රෑ උනහම අරිනව ඇති නාලත් නැ                කවදාවත්
ඔහොම සත්තු හදන උන්ට ඉඩක් නැනේ    අපායෙවත්

ගනන් ගන්න එපා චූටි ඔන්න ඔහේ ඇවිත්               ගියත්
පේනවාද ඉන්නා හැටි කකුල් හතර කරන්               උඩත්
කැමති ලෙසට ඌට ඉන්ඩ තැනක් නොමැති බවක් හැඩත්
ඔන්න ඔහේ ඉන්ඩ අරිමු අරං දාල දාන                 බෙටිත්

තාත්තිච්චි බලන්නකෝ මිදුලේ මේ  මෙමං           ඉන්න
කළු බව්වා අදත් ඇවිත් මාත් එක්ක යාළු             වෙන්න
මාලෙත් නැ අද බෙල්ලේ වෙනදට ඌ දාගන            එන
මං දුන්නම ක්‍රීම් බික්කෝ බරස් ගාල කන            ලස්සන

ජනෙල් හිලෙන් බලන මෙමට යම දෙයියන්    සිහිවෙනවා
බිස්කට් ටින් එක අරගන බල්ලට බිස්කට්              දෙනවා
එකක් ගිලින්ඩත් කලින් තවත් එකක්                ඔබ්බනවා
කලින් දුන්න බිස්කට්ටුව දෙපා මුලට                 වට්ටනවා

මොකද බික්කෝ වට්ටනේ පිස්සුද බව්වෝ            ඔයාට
කෑම බිමට වට්ටන්නේ නෝටි ළමයි නෝට්           කමට
බිස්කට්ටුව අහුලන්ට නන්දිබතුව නැමුන                කලට
බව් බව් ගාගන බල්ලා පැන්නනේ කෙල්ලගේ      මූණට

අවිහිංසාව තිරිසං පෙම දුරක                           ගියා
බුර බුර නැගෙන දරු සෙනෙහස පෙරට           ගියා
අත රැදි හාඩ් ඩිස්කුව එල්ලයට                        ගියා
වට හත අටක් බල්ලා කැරකිලා                       ගියා

බිම දගලමින් කෑගසමින්                 පසුවෙන්නේ
යන මග හොයාගන්නත් බැ         මොර දෙන්නේ
ගේ වටෙ වට තුනක් බල්ලා          කැරකෙන්නේ
අයියෝ දෙයියනේ හොද සිහි         එලබෙන්නේ

පවුලයි ලොකු දුවයි අටමට                 ඔරවනවා
පොඩ්ඩි ගල් ගැහිල එතනම             පසුවෙනවා
අහල පහල උන් හිමිහිට ඇහැ                දෙනවා
හැකිනං පොලව හාරාගන              වැලලෙනවා