2016-10-13

how to thread indian overlock sewing machine ඉන්දියන් ඔවර්ලොක් මෙෂින් එකට නූල් දාන නිවැරදි ක්‍රමය




ඉන්දියන් ඔවර්ලොක් මැසිම කියන්නේ අද අපේ රටේ නොමල් මෙෂින් සහ සිග්සැග් මෙෂින්වලට අමතරම වැඩිපුරම භාවිතා කරනු ලබන මෙෂින් වර්ගය .

නොදන්නම කෙනෙකුට පැහැදිලි කරනවානං මේකෙන් කරන්නේ ඇදුම් මහලා තියන‍ රෙද්දේ නූල් ගැලවෙන්නේ නැති වෙන්ඩ කෙලවර එකතු කරලා ගැට ගහන එක.


බලන්ඩකෝ ඔයා ඇදගන ඉන්න ඇදුම කනපිට හරවලා මැහුම් පාරට පිටින් රෙද්ද කොනේ ගෙතිලා තියන මැස්ම. අන්න හරි ඔය දැන් ඔයා අතගාලා බලන නූල් ටික තමයි.

ටේලර් සාප්පු, ගෑණූ ඇදුම් මහන අක්කලාට නැතූවම බැරි මැසිමක් තමයි මේක.


මම නිතරම දැක්ක දෙයක් තමයි අවුරුදු 20ක් 30ක් මහපු අයත් සමහරක් වේළාවට වැරදියට නූල් දාන එක.


සමහරක් මෙෂින් වැරදියට නූල් දැම්මත් මැහෙනවා, හැබැයි කිසිම නිමාවක් ලස්සනක් නෑ.


අනික් වැදගත්ම දෙය තමයි හරිට නූල් දැම්ම නැති මැසිමක මහපුවහම මැහුම  හරිම බුරුල්, එහෙම මහලා වැඩක් නෑනේ . අනික සමහරක් වේලාවට මහන්ඩම බෑ නූල් කැඩෙනවා , අතරින් පතර මැහෙනවා, එහෙමත් නැත්තං මැහෙන්නෙම නෑ
ඉතින් ඔන්න මම කියන්ඩයි යන්නේ ඔයාලට ඉන්දියන් ඔවර් ලොක් මෙෂිමට නූල් දාන විදිහ.


ඔයාගේ යන්ත්‍රයේ ගහලා තියන නම මොකක් උනත් හැදුවේ ඉන්දියාවේ නං හරිම ක්‍රමය තමයි මේක


එක පාරටම නූල් තූන ගැනම කියන එක අපි දෙන්නටම ඇණයක් , වාතයක් හන්දා ඉස්සෙල්ලා මම කියලා දෙන්නේ දකූණු පැත්තේ තියන  ලූපරයට ( අර නූල දාන කොක්කට කියන නම ) නුල දාන විදිහ . ඊලගට අනිත් නුල් දෙක ගැන කියනනම්

දකුණු පැත්තේ නූල ( මහපුවහම මහන එකේ උඩපැත්තට එන නූල )




ඔය 1 කියලා නම් කරපු සිදුරේ යට පැත්තෙන් නූල ඇතූල් කරලා 2 කියන සිදුරේ උඩ පැත්තෙන් ඇතූලට දාලා යට පැත්තෙන් එලියට ගම්මු. 



ඊලගට 3 කියන සිදුරේ උඩින් යට පැත්තට දාල 4 කියන ටෙන්ෂන් ඩිෂ් ( යකඩ පෙති) දෙක අතරට දාලා, ටෙන්ෂන් ප්ලේට් ( ඕවල් හැඩයට වගේ පේන යකඩ තහඩුව) එකේ තියන සිදුරට දාන්න.

ඊලගට අංක 5 ටෙක් අප් ලිවර් එකට දාන්න.

ඊලගට අංක 6 ත්රේඩ් ගාඩ් එකේ ඇතූල් පැත්තේ කොක්කට දාන්න

 ඊලගට අංක7 ත්රේඩ් ගාඩ් එකේ පිටත කොක්කට දාන්න

අංක 8 කියන සිදුරේ ඇතුල් පැත්තෙන් එලියට නූල දාන්න , 

ඊලගට අංක 9 කියන සිදුරෙ එලිය පැත්තෙන් ඇතුලට දාලා ටිකක් දිගට තියලා නූල කඩලා දාන්න


ඔන්න දැන් ඔයා එක නූලක් දාන ක්‍රමය දන්නවා,

''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

දෙවනි නූල (ඉදිකතට්ටේ නූල)




ඉස්සෙල්ලම ඔය රුපයේ තියන විදිහට අංක 10 සිදුරේ යට පැත්තෙන් උඩට නූල දාන්න, ඊලගට ටෙන්ෂන් ඩිෂ් අතරින් නූල දාලා  අංක 11 සිදුරේ උඩ පැතෙන් යටට දාන්න


මේ අංක 13 කියන සිදුර ගොඩක් අය නොසලකා හරින තැනක් , මෙතනට  නූල දැමීමෙන් අපිට මැහුම්වල හොද නිමාවක් ලබාගන්න පුළුවන්. ඒ සිදුරටත් ඇතූල් පැත්තෙන් එලියට නූල දාන්න. ඊලගට අංක 14 සිදුරෙත් ඇතූල් පැත්තෙන් එළියට අරගන  අංක 15 සිදුරේ උඩින් යටට නූල දාන්න.




අංක 16 නීඩ්ල් බාර් එකේ තියන පුංචී ටෙන්ෂන් එකේ ඩීෂ් දෙක අතරින් නූල හිටින විදිහට වම් පැත්තෙන් අරගන චුට්ටං කම්බී කොක්කක් වගේ තියන කෑල්ලේ දකූණු පැත්තෙන් නූල දාන්න.  

ඊළගට අංක 17 ඉදිකට්ටේ ඉස්සරහින් ඇතූල් පැත්තට නූල රිංගවලා , ටිකක් දිගට හිටින්ඩ නූල කඩලා  ඔහේ තියෙන්ඩ අරින්ඩ

..........................................................................


ඔන්න ඒකත් හරි , ඊලගට අනිත් නූල දාන හැටි ( යට ලූපරයේ නූල දාන හැටි )

තුන්වෙනි නුල ඒ කියන්නේ අපි මහන රෙද්දේ යටට එන නූල..  ගොඩක් කට්ටිය වැරදියට දාන නුලත් මේක තමයි.  නිවීහැනහිල්ලේ ඔලුවට දාගත්තොත් මේක තමයි දාන්න පහසුම නූල













අංක 18 වම් පැත්තේ අරින වහන කවරයේ පිටි පස්සේ සිදුරට නුල දානවා

අංක 19 ටෙන්ෂන් ෆෙෂර් ෆ්ලේට් සිදුරෙන් නූල දානවා. ඊලගට උඩ පැත්තෙන් ටෙන්ෂන් ඩිෂ් අතරට නූල දානවා

අංක 20 සිදුරෙන් ඉස්සරහට නූල දාගන්නවා











අංක 21 සිදුරෙන් නූල එලියට ගන්නවා

අංක 22 ත්රේඩ් ගාඩ් එකට නූල දානවා

අංක 23 ලූපරයේ යට සිදුරෙන් එලියට නූල දානවා

අංක 24 ලූපරයේ කට් එක දිගේ හිටින විදිහට උඩ සිදුරෙන් ඇතුලට දාල ටිකක් දිගට දාල කඩලා දාන්න



මේ ලෙසට නියමාකාරයෙන් නුල දැමිම මගින් රූපයේ පරිදි ලස්සනට ඔවර් ලොක් කරගත හැක

තේරෙනවා මදිනං පහත තියන වීඩියෝ ටික බලන්න 



ගැටලුවක් ඇතොත් කතා කරන්න. 0776531595 

2016-10-01

තෘප්තිය

මං බය උනා
ඔයා යයි කියල
අසරණ මාව
තනිකරල දාල
කීදෙනෙක් නං
ආවද මාලඟට
ජීවිත කාලෙටම
විඩෙං විඩේ
ඒත් ඔයා තරං
ඒ කෙනෙක්වත්
මට ඕන දේ
දුන්නේම නැ
දුකට සැපට හැමදාම
ලඟ හිටිය එයා
යන්නම ගියහම
ඒ අඩුව පිරෙව්වේ ඔයා
ඒත් මට හිතුනේම නැ
ඔයාට පුලුවන්  වෙයි
මාව හුරතල් කරන්න
තෘප්තිමත්  කරන්න කියල
මට දැනුනා නං
කොහොමටවත්
ඒ පොව්වන වතුරට
බහින්ඩ දෙන්නේම නැ
ඇස් මානයේ ඔයාව හොයනකොට
වතුර යට ඉදං ඇස් පිල්ලං ගහනවා
මගේ පපුව පිච්චුන තරම දන්නව නං
ආයේ දග කරන එකක්ම නැ ඔයා
ඔය එක එක්කෙනා කතා කලාට
ඔයා ඇහුන්නැ වගේ ඉන්න
ඔයාට කතා කරල මට කියන්න කියුවට
මම ඇහුන්නැ වගේ ඉන්නේ
එයාල මට ඕන නැති නිසා
මං කොච්චර වඳ වින්ඳද
ආයෙත් ඔයාව මාලඟට ගන්න
උදව්වට ඕන දේවල් නැතුව
මා ලඟ තියන ලාභ බාල
කොත්තමල්ලි වෙනිවැල්ගැට එක්ක
මහා ගොං විදිහට ඒ අවදානම අරං
කාලගටවත් ඔයාව
ගෙනිච්චෙ නැත්තේ
හුස්ම පිබින මුවාවෙන්
ඔයාගේ තොල් හපයි කියල
ඒ නැතත් චුට්ටංම චුට්ටං
හංස පැටව් අතගායි කියල
කොහොම හරි මං දින්නා
නැ නැ හරි හරි සොරි සොරි
අපි දෙන්නාම දින්නා
දැං ආයෙත් ඔයා
මගේ තුරුල්ලේ
වෙච්ච දේ ඉවරයි
හැබැයි ආයේ කියන්න එපා
ඔයා මාව බලාගත්තේ නැතුව
මාව වතුරේ ගිලුන හන්දා
මට අරක බැ මේක බැ කියල
මට කරදර කරපු අය
මං කොච්චර ආදරේ කරත්
අන්තිමට නැවතුනේ
පල් වගරු මඩේ