2016-12-20

අම්මගේ පිංකං







අනේ අම්මාපල්ල මුං ....බණ අහන්නෙත් ගෑවි ගැවි එකට ඉදගන බොරුවට දොහොත් මුදුන්නං දීගන ඉන්නවා ....කසාද බදින්ඩත් කලිං ජෝඩු දාල පන්සල් ඇවිත් ...මහ ඒවුන්ගේ වැරද්දනේ ...ඒ කාලේ අපිටනං ඔහොම සමයං නටන්ඩ අපේ වැඩිහිටියෝ ඉඩදුන්නේ නැ ....අපේ සිරිවර්ධන මාව කැන්දං ආ දවසේ තමා හරියට වචනයක් කතා කලේ ..ඊටත් මාස ගානකට පස්සේ වෙසක් එකකටනේ අපි පන්සල් ගියේ ...එදත් මං   මහ අම්මන්ඩිගාව ....අර මිනිහා කොහෙවත් ......  ..ඒකට මුං .... ...පට පට ගගා බයික්කෙ නැගල කරෙත් එල්ලිලා පන්සල් එන්නේ....කොහේ එකෙක්ද දන්නැ  ...ඔය කොලුවා ....ඉන්තේරුවෙන්ම කොහේ හරි දුර පලාතකිං රසස්සාාවකට  ආපු  එකෙක් .....  අහල පහලක එකෙක් නං ඔය සක්කර වට්ටම එල්ල ගනි යැ ....

..නෙදකිං අපේ මිනිහගේ මහ  ගෑනි ..මේ බණ පදයක් අහන වෙලාවෙත් මතක් උනානේ ....ඉන්නකං මට වධ දීලා දීලා ...ඇදටත් වැටිල එකතැං වෙලා    ඉදලා මට කියල ගූ හුජ්ජත් අතගාවගන මටම බැන බැනා  ඔත්පලේම මැරිලා ගියා .....ආවතේව කරපු ගුනේවත් තිබ්බට පට්ට වේසි අන්තිම  ඉඩමත් හොරාට තුනට බෙදලා පැත්තවත් නොබලපු දෝනියැන්දලට දුන්නා ...දැං අවිචියේ දැවි දැවී විදවනවා  ඇති ....ඒ ගෑනිටනං කල්පයකට ගොඩ ඒ්මක් නැති වෙයි.

......සාදු ...සාදු ...සාදූ.....

අනේ අපේ පන්සලේ හාමුදුරුවෝ හොදයි   වාගේ ..මෙයාට වඩා....මොනවද මේ කියන සම්මප්ප්‍රලාප  බණ පදයක් කියල දෙන්නේ නැතුව ......කොන්ඩෙත් වවාගන ....ඉස්සරහ ඉන්න දහම්පාසල් කෙල්ලෝ දිහාමයි බලන්නේ ....යකෝ මං විතරක්යැ   අපේ සීමාවේ බාගයක්ම මෙතනනේ ....හොදවැඩේ ...අසිතයටත් ....දං සීට්ටුව බලාන ඉදලා .....ඇරෙන ඇරෙන දවසක්  ගානේ ...බත් තම්බ තම්බ ගිහිං දෙන මගේ නම කවදාවත් කියනවද ඉස්පිකර් කටෙන් ....මහ ලොකුවටට කරේ තියාගනන  ඉන්නෙ  අර ...දාබරේලයි ....ඩැනියෙල්ලවයි...පොන්සේකලයි .....විට්ටච්චිලයි .....ඇයි සීවරං මැණියනේ   සිංහල නමක්වත් තියනවද ....උන්ගේ පරම්පරාවල ඉන්න තරමක් ඉන්නේ ආගං කාරයෝ.


අනේ මන්දා අදනං  මේ බනේ ඉවර වෙන පාටක් නැ , අන්න ඒකටත් එක්ක  අස්සජිි හාමුදුරුවෝ් , සාන්ත කමට හෙලවෙන්නෙවත් නැතුව  බණ කියන  අපුරුව..එදා ගිය  පෝ්යට මහපාන්දර  ඒ්  පන්සලට ත්‍රිවි්ල් එකක්  අරං සිල් ගන්ඩ ගිියාට පාඩුු නැ....පැය එක හමාරක් ගියා දැනුනෙවත් නැ  අපුරු බණ පොඩ්ඩ......මගේ කකුල නවන්ඩ බැරි අමාරුවවත් දැනුනේ නැ  නෙ.


......සාදු ...සාදු ...සාදූ.....

 මේ  මිනිිස්සු ධර්ම දේසනාව  අතරතුරේ හරිියට සාදුකාර  දෙන්ඩ දන්නෙත් නැ ......සාදුකාර දෙන්ඩ ඕන  දොහොත්  මුදුන් දීලා...

ලබන පෝ්යට යන්ඩ ඕන සාන්ත අසපුුවට , එහේ භාවනා වැඩ සටහන ලකේ්ට තියනව...හම්මේ දුර ඉදං කාර් බාර් වලින්නේ ... කට්ටිිය භාවනා කරන්ඩ  එන්නෙ ........මේ අවුරුද්ද ඉවර වෙන්ඩ කලියෙං කොහොම හරි ..ගෙදෙට්ට ධම්මසිද්ධි හාමුදුරුවෝ ගෙන්නල බණක් කිියවනන්ඩ ඕන ......අහල පහල හෙල්ලිලා යන්ඩ ...අතේ තියන එකට තව හැට හැත්තැවක් එකතු කරගත්තහම ඇතිවෙයි.....හාමුදුරුවන්ට පිරිකරට කීයක් දෙන්ඩ වෙයිිද ..දන්නැ ......කොහොම උනත් මොකද ....උන්නාංසෙගේ මූනේ පිං  පාට බලා හිටියත්  හිත හැදෙනවා.

......සාදු ...සාදු ...සාදූ.....


ඉධං මේ ඥාතී නං හෝතූ
සුඛිතා හොන්තු ඥාතයෝ
.................................
...............................



ආකාසට්ඨා ච භුම්මට්ඨා
දේවා නාගා මහිද්ධිකා
................................
................................

......සාදු ...සාදු ...සාදූ.....


යකෝ  මුුන්ට දෙයියන්ට  මළගිය ඇත්තන්ට පිිං දෙන්ඩ තියන හදිස්සිියක්  ....කෝච්චිය වාගේ කියවගන කියවගන ..යනවා... කඩදාසි ලිිපේ ඔබලා ඇවිත්ද  කොහෙද.....මේ හාමුුදුරුවන්ට නං වදිින්ඩත් ඕන නැ ...ඔය  ලමිස්සියො පෙරලි පෙරලි  කකුල් අත ගගා වදින්නෙ  .....මේ මල විකාර  බලන්ඩ  බැ  හිමිහිට     එලියට   බැහැල  යනව  ...

‘‘ අනුලක්කේ්  ...අනුලක්කේ ‘‘


......අප්පෝ  අර  ගෑණි නැහුුනා වාගෙ යන්ඩ ඕන ......


‘‘ අනුලක්කේ්  ...අනුලක්කේ ‘‘


......මළ  වදේ පස්සෙම්ම එනවනේ   දැං අහගන   හිටහං    කෝ   පුතාලගේ   දුවගේ    රට  පංපෝරී  ...


‘‘ මේ අනුලාවතී අක්කේ ..ඇහුනදෝ  ...ඔහොම .....ඉන්ටෝ...‘‘


‘‘ මොකැ  බං බෙරිහං   දෙන්නෙ .....  මගේ   කං    ඇහෙනවා ‘‘


‘‘  කඩිිමුඩියේ  යන්නේ මොකැ  .......   බෝදිංනාන්සෙට  කරන   චීීවර  පූජාව   ගැන කතා  කරගන්ටයිි  මං  බලාන උන්නෙ ‘‘


‘‘......අනේ   දැන්  ඔව්වා කතා කරකර ඉන්ඩ  වෙලාවක්   නැ  .....  හෙට   අනිද්දට   මං  එන්නං  කෝ්    ඒ පැත්තේ ...... අපි   ඒ්ක     ලකේ්ට   කරන්ඩ   ඕන  ... අහල      ගොදුරු ගං    හෙල්ලෙන්ඩ......  හැබැයිි        නෝනේ්     මතකයිනේ  ....අපිි    දෙන්නා    විතරයි ඕං ...  වෙන    අලුක්කාල්    එපා ......  මොකැ    අපිට    බැරුව  යැ  තනිියම   ඔව්වා    කරන්ඩ  ....  අපේ්   ළමයිනුත්   කියනවා  ........අම්මේ   යන වියදමක් දෙන්නං අම්මා තනියම ඕක කරන්ඩ කාන්ති ඇන්ටිව විතරක් උදව්වට එකතු කරගන්ඩලු ....‘‘

‘‘ අනේ  අක්කේ   ....ලොකු  ළමයා    යුරෝ  එවනවා ...  පොඩිි පුතා  එවන්නෙ  රියාල් නේ....  දෙන්ම   කියන්නෙ   අම්මට   එවන   සල්ලි   අම්මගේ  පිංකං  වලට තමා තියාගන්ඩ කියල  ...  වියදමට  වෙනම සල්ලි     අපේ්  සරනෙගේ   නමට   එවනවනේ  ...........ගෙදර  වියදමට ඉතිං  පෙන්ෂන්  එක තියනවයිං  සරනෙගේ පොතට වැටෙන සල්ලිත් එහෙම්මයි.....  ‘‘

......හරි  හරි  හොද   විිදිහක්   කරමු  කො   නංගියේ .....මං දැං ඉක්මනට ගෙදර දුහන්ඩ ඕන ..... අපි  ගේ   හරියට  මස්  මාළු ගන්නෙ   නැනේ්    ....    බැදුමක්   හදන්ඩ  කියල  බෙම්පි කඩෙං  ගෙනාව   හාල්   මැස්සො   දෙසිය  පනහ  මට  කරෝ්ල මුට්ටියට  දාන්ඩ  බැරි  උනා   ....මෙලහට   මක්   වෙලාද   දන්නැ   ........මං   යනෝ..‘‘



පලි//

කතාව තව ටිකක් දිගට හිතට ආවත් මෙතනින් නැවැත්තුවා ....මේ රෙද්දේ ඉස්පිලි පාපිලි දෙක දෙක වදිනවා මක මකා ලියන්ඩ ගියහම අපෝ වෙනවා