2017-04-15

වලක්වාගත හැකිව තිබූ මීතොටමුල්ලේ ඛේදවාචකය




ඒ කෙසේ වෙතත් 2009 වසරෙන් පසු කොළඹ කුණු ප්‍රශ්ණය විස්දන්නට ඍජුවම මැදිහත් වූ අයෙකු ගැන අපි සියලු දෙනාම දනිමු. ඒ 2010 වසරේ නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් වරයා වශයෙන්ද අමතර රාජකාරියක් බාරගත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතායි. කුණු ප්‍රශ්ණය නගර සභාව විසඳන තුරු බලා නොසිටි ගෝඨාභය තමුන්ම ඒ ගැන සොයාබලා නිසි තීරණ ගෙන කොළඹ කුණු එකතුකිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කලේය. අපිරිසිදු නගරයක්ව තිබූ අගනුවර වසර කිහිපයක් තුල ආසියාවේ පිරිසිදුම නගරයක් බවට පත් කිරීමට ඔහුට හැකි වූයේ අනුන්ගේ වගකීම්ද කරට ගෙන රටට අවශ්‍ය දේ හරියට කරන පුරුද්ද නිසාය.

කුණු එකතුකිරීමේ තිබුනු ගැටලුව විසඳූ පසු ගෝඨාභයගේ අවධානය යොමුවූයේ කුණු බැහැර කිරීමේදී ඇතිව තිබුන ප්‍රශ්ණ විසඳන්නටය.

ඉතිහාසය පුරා කොළඹ නගර සභාව පුරුදුව සිටියේ එකතු කරගන්නා කුණු කොහේ හෝ තෝරාගත් පිටියක ගොඩගසන්නටය. එක තැනක ඉඩ මදිවූ විට කුණු පිටිය ලෙස වෙනත් තැනක් තෝරාගැනුනි. අද අපට බ්ලූමැන්ඩල් හා සේදවත්තේ දකින්නට ලැබෙන්නේ කලකට පෙර නගර සභාව ගොඩ ගැසූ කුණු කන්දවල්ය. දැනට වසර ගනනාවක සිට ප්‍රධාන වශයෙන්ම කුණු ගෙන යනු ලබන්නේ මීතොටමුල්ලටය. මේ වන විට මීතොටමුල්ලේ ගොඩ ගැසී ඇති කුණු ප්‍රමාණය ටොන් මිලියන ගනනක් වන අතර කුණුකන්ද පසුගිය දිනවල මීටර් 200කටත් වඩා ඉහලට ගොඩ ගැසී තිබුනි. අලුත් අවුරුදුදා අහිංසක මිනිසුන් පිරිසකගේ හිස මතට කඩාවැටුනේ එසේ ගොඩ ගැසී ඇති කුණු වලින් කොටසකි. මෙවන් හදිසි අනතුරක් සිදු නොවූනත් කුණු කන්දෙන් නිකුත්වන අපිරිසුදු වායු හා පොලව යට ජලය අපිරිසිදු වීම නිසා පලාතේ ජනතවගෙන් 90% කටවත් විවිධ ලෙඩ රෝග සෑදෙන බව රාජ්‍ය නොවෙන සංවිධාන මගින් කල පරීක්ෂණ වලින් දැනටමත් සොයාගෙන ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත 2013-2014 කාලයේ කොළඹ හා තදාසන්න නගරවල කුණු බැහැර කිරීමේ ප්‍රශ්ණයට පිලිතුරක් සෙවීමට ලෝක බැංකුව නාගරික සංවර්ධන අමාත්‍යාංශය සමඟ එක්වී අධ්‍යයනයක නිරත විය. ලෝකයේ අනෙක් රටවල මේ ප්‍රශ්ණයට සොයාගෙන ඇති විවිධ විසඳුම් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

එම අධ්‍යයනයේ ප්‍රථිපලය වූයේ සමාන්‍යයෙන් යෝජනා කරණු ලබන කුණු දහනය කිරීම, කුණු වලින් පොහොර හෝ විදුලිය නිපදවීම වැනි කිසිදු ක්‍රමයකින් මෙම ගැටලුවට නිසි පිලිතුරක් නොලැබෙන බවයි. අවසාන විසඳුම ලෙස යෝජනාවූයේ ආසියාවේ බොහෝ දියුණු රටවල් විසින් භාවිත කරනු ලබන කුනු සනීපරක්ෂක ප්‍රමිතීන්ට යටත්ව බැහැර කිරීමේ ක්‍රමවේදයයි. මෙහිදී සිදුවන්නේ යමි පිටියක කුණු විවෘත්ව ගොඩගසනවා වෙනුවට ඒ වෙනුවෙන්ම සැකසූ ස්ථානයක විද්‍යාත්මක ක්‍රමයකට අසුරාලීමයි. මේ තුලින් විශවායු හා අපිරිසුදු ජලය පරිසරයට එක්වීම වලක්වා ගත හැකිය. දකුණු කොරියාව මෙම ක්‍රමය ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරන රටකි.

මීලඟ අභියෝහය වූයේ සනීපාරක්ෂක ප්‍රමිතීන්ට යටත්ව කුණු බැහැර කිරීම සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගැනීමයි. ඒ අනුව පුත්තලමේ කුරුක්කාල් ප්‍රදේශයේ කලකට පෙර සිමෙන්ති නිශ්පාදනයට ලයිම් ගල් ගැනීම සඳහා හාරා තිබුන විශාල වලවල් සහිත හෙක්ටයාර් 30ක පමණ විශාල භූමි භාගයක් මේ කටයුත්තට සුදුසු බව නිර්දේශ විය. මෙම ව්‍යාපෘතියෙන් පරිසරයට වන බලපෑම පිළිබඳ කල ශක්‍යතා අධ්‍යයනයකින් පසු මේ පිළිබඳ යෝජනාවක් රජයට ඉදිරිපත් කරණ ලදී.

එම යෝජනාවේ අන්තර්ගතය සරලව මෙසේය.

සනීපාරක්ෂක ක්‍රමවේදයකට අනුව කුණු බැහැර කිරීම සඳහා පුත්තල කුරුක්කාල් ප්‍රදේශයේ හඳුනාගෙන ඇත් හෙක්ටයාර් 30ක භූමිය දැනට කොළබ විවිද තැන්වල ගොඩගැසී ඇති ටොන් මිලියන ගනනාවක්වූ කුණු සියල්ලත් අනාගතයේ වසර පනහක පමන කාලයක් පුරා එකතුවන කුණු බැහැර කිරීමටත් ප්‍රමාණවත්ය. මේ ස්ථානය පිහිටා ඇත්තේ කොළඹින් කිලෝමීටර 170ක් පමන දුරින් නිසා කුණු ප්‍රවාහණය කරනු ලබන්නේ දුම් රියෙනි. මේ සඳහා විශේශයෙන්ම ගෙන්වූ අඩි 20 කන්ටේනර් වල අසුරන ලද කුණු මීතොටමුල්ලේ සිට කුරුක්කාල් දක්වා දුම් රියෙන් ප්‍රවාහනය කරන්යු ලබන අතර මීතොටමුල්ල භාවිත කරනු ලබන්නේ මෙම ක්‍රියාවලියේදී දිනක හෝ දෙකක කුණු පමනක් එකතුවන අතරමැදි ස්ථානයක් ලෙස පමනි. මීතොටමුල්ලේ දැනට ගොඩ ගැසී ඇති ටොන් මිලියන ගනනාවක කුණු වලින් නිදහස් වීමට මේ අනුව ප්‍රදේශවාසීනට හැකි වෙයි.

ලෝක බැංකුවේ සහාය ඇතුව මීතොටමුල්ල හා කුරුක්කාල් ප්‍රදේශ වල ජනතා නියෝජිතයයින් දකුණු කොරියාවට කැඳවාගෙන ගොස් සනීපාරක්ෂක ක්‍රමවේදයන්ට අනුව කුණු බැහර කරනා ආකාරය පෙන්වීමට නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රියාකලේය. තාවකාලිකව කුණු එකතු කොට අසුරා පිටතට ප්‍රවාහනය කරන ස්ථානය තිබෙන්නේ සියොල් නගර මධ්‍යයේ බවත් විද්‍යාත්මකව සියල්ල සිදුවන නිසා ඉන් ප්‍රදේශවාසීනට හෝ පරිසරයට වන හානිය අවම බවත් ඔවුන්ට පෙන්වා දෙන ලදී. මුලින්ම කල මේ කරුණු පැහැදිලිකිරීම නිසා යෝජිත ව්‍යාපෘතිය සඳහා ප්‍රදේශවාසීන්ගෙන් විරොදතාවක් ඉදිරිපත් වූයේ නැත.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අලුතින් කොටස් කිහිපයක් දුම් රිය මාර්ග පද්ධතියට එක්කිරීමට අවශ්‍ය වූ අතර ශ්‍රී ලංකා දුම් රිය දෙපාර්තුමේන්තුව වහාම ඒ සඳහා අවශ්‍ය සැලසුම සකස් කොට අවසන් කරන ලදී.
ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුලු වියදම වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 107ක් හෙවත් රුපියල් බිලියන් 14 ක් 2014 අගෝස්තු 14දා එවකට තිබූ කැබිනට් මන්ඩලය විසින් අනුමත කරන ලදී. ඒ අනුව 2015 වසර සඳහා අදාල වියදම 2014 නොවැම්බර් මස පසුගිය රජය මගින් අනුමත කල අයවැයෙහි අන්තර්ගතව තිබුනි.

යුද්ධයෙන් පසු වසර 4 1/2 ක් තුල මේ රටේ සිදුවූ යෝධ සංවර්ධන ව්‍යාපෘතීන හා සසඳන විට කුණු බැහැර කිරීම සඳහා වූ මේ ව්‍යාපෘතිය වසරක් හෝ දෙකක් තුල අනිවාර්යෙන්ම නිම කිරීමට පසුගිය රජය හැකියාව තිබුන බව ඕනෑම අයෙකුට වටහා ගත හැක.

රජයට අවශ්‍ය වූ අකාරයට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූවානම් විසදෙන්නේ මීතොටමුල්ලේ කුණු ප්‍රශ්ණය පමනක් නොවේ. එය සැලසුම් කර තුබුනේ කොළඹ මෙන්ම තදාසන්නන ප්‍රදේශ රාශියක් ඉලක්ක කරගෙනය.
සියලු සැලසුම නිමකොට තිබුනද ව්‍යාපෘතිය ආරම්ඹ කිරීමට පෙර 2015 ජනවාරි මාසයේ රජය වෙනස් විය. එතැන් සිට පසුගිය වසර දෙක පුරා අපට අසන්නට ලබෙන්නේ විවිධ බලධාරීන්ගේ කයිවාරුව පමනි. ව්‍යාපෘතිය පටන් ගත් තැනමය.

මීතොටමුල්ල අනතුරෙන් මියගිය අයට අපි නිවන් සුව පතමු. අපිරිසිදු පරිසරය නිසා රෝගී තත්වයට පත්වන පලාතේ ජනතාවගේ වේදනාව අපට දැනෙන නමුත් අපට ඒ ගැන කල හැකි දේ සීමිතය.



Nalaka Godahewa   මහත්මාගේ ෆේස්බුක් පිටුවෙන් උපුටාගන්නා ලදි



https://www.facebook.com/photo.php?fbid=10154243302271986&set=a.10151621652941986.1073741832.698406985&type=3&theater

47 comments:

  1. මූලාශ්‍රය ෂුවර්ද...
    වැඩේ නං හොදයි වගේ ඒත් අතරමග ප්‍රොජෙක්ට් එක කඩං වැටුනෙ ඇයි කියන එක රජය පෙරලීම විතරද

    ReplyDelete
    Replies
    1. ෂුවර්!


      http://www.sundaytimes.lk/151004/news/environmentalists-derail-garbage-train-to-aruwakkalu-166659.html

      Delete
    2. මේ එම පුත්තලම් අරුවක්කාලු කුණු සෞක්යාරක්ශකව බැහැර කිරීමේ බිමේ අපේක්ශිත ද්‍රාවන බැසයෑම පිලිබඳ කෙරුනු පර්යේශන වාර්තාවක්!

      http://link.springer.com/article/10.1007/s12665-014-3905-2


      Environmental Earth Sciences

      June 2015, Volume 73, Issue 11, pp 7255–7274

      A case study on anticipated leachate generation from a semi-aerobic sanitary landfill at Aruwakkalu (Puttalam District) and its impacts

      Delete
    3. Aruwakkalu කියන තැන ගූගල් අර්ත්වල පෙන්වන්නේ නැ නේද සාරස

      Delete
    4. //වැඩේ නං හොදයි වගේ ඒත් අතරමග ප්‍රොජෙක්ට් එක කඩං වැටුනෙ ඇයි කියන එක රජය පෙරලීම විතරද//

      කතා බහකරන්ඩ හොද පොයින්ට් එකක් මහේෂ්

      Delete
  2. නාලක ගොඩහේවා කියන්නේ ,රජයේ මුදල් හොරකම් කරලා හිරෙත් හිටපු පොර නේද? ෂුවර්ද මිනිහා කියන දේ දැන්?

    ReplyDelete
    Replies
    1. මු පට්ට හොරෙක්

      Delete
    2. මහජන මුදල් මගඩිකාරයා බොරදියේ මාළු බානවා.

      Delete
    3. උඩ ඉන්න ගොඩක් උන් හොරුනේ බං

      ඔය මහබැංකුවට කෙලපු උනුත් , උන්ට උදව් කරපු එකාලත් ඉහලින්ම වැජබෙන්නේ

      බොරදියේ මාළු බානවා කියල කියන්නත් පුලුවන්

      හැබැයි තමන් යෙදිලා හිටපු කාර්ය්‍යක් , තමන් දන්නා කාරනාවක් ගැන කියන්ඩ අයිතියක් හොරෙකුට උනත් තියනවා නේද

      අනික ඉතින් උසාවියෙන් තවම වරදකාරයෙක් වෙලත් නැ නේද

      Delete
    4. //අනික ඉතින් උසාවියෙන් තවම වරදකාරයෙක් වෙලත් නැ නේද //

      ඔව් නේ.පව‍ු නේ

      Delete
    5. බැදුංකර කාරයෝ පව් නැ ද

      Delete
  3. මගේ මතකය නිවැරදිනම් මාසයක්වත් නෑ ඉතියෝපියාවෙ කුණු කන්ද කඩන් වැටිලා මිනිස්සු මැරිලා. අඩුම ගානේ ඒ වෙලාවෙවත් බලධාඑිනට හිතුනනම් මේකත් දැන් (එතනින් යන ඕන එකෙක්ට දැක්කම හිතෙන දෙයක් ) කඩන් වැටෙන්න පුළුවන් කියලා, මේ විනාශය නවත්ව ගන්න තිබුනා. අතීසාරෙට අඹුඩ ගහනවා වගේ කුණු වෙනත් තැනකට ගිහින් අතාරින එක තමා දන්න එකම පිළිතුර..

    ReplyDelete
    Replies
    1. කඩා වැටුන කියලා අහපු ගමං මට මතක් උනේ එදා අපි තුන්දෙනා කතා වෙච්ච දේවල් ඕක දැකලා

      Delete
  4. ම් ..ඇත්ත කතාවක්ද? අපරාදෙ ඒ ව්‍යාපෘතියට මේ දක්වා වියදම් කරල තියන සල්ලි

    ReplyDelete
    Replies
    1. අපරාදයක් වෙන්නේ නැ දිගටම කරගන ගියානං

      Delete
  5. අම්මට හුඩු ඇත්තටම මටහිතුනේ අටමා දන්න දේවල් කියලා බැලින්නම් නාලක එක්ක ෂෙයාර් කරපු එකක් නේ කමක් නැ අපිත් දැනුවත් වුනානේ

    ReplyDelete
    Replies
    1. එච්චර ලොකු දේවල් මගෙන් බලාපොරොත් වෙන්ඩ එපා බං

      මේක ඇවිල්ලා

      අමාරුවෙන් අටවගත්ත අටංපහුර පිලිවෙලක් නැති ජීවිතේ අපිලිවෙල අකුරු ගෙත්තම

      ඔය පුලුවන් දෙයක් තියනවනං කාටහරි කරලා දීගන ඉන්නවා ඉතින්.... ඉදගන

      Delete
  6. මේ මිනිස්සුන්ට නම් මේ දේශපාලන කාලකන්ණි විසින් කලේ පුදුම කාලකන්ණි වැඩක්.

    දැන් ඉතිං ශෝක ප්‍රකාශයක් කියල සරමෙ අත්දෙක පිහිද ගනියි.

    ReplyDelete
    Replies
    1. ටික්කා මට දරාගන්නම අමාරුදේ තමයි ....එක තාත්තා කෙනෙක් උද්ගෝෂනවලදි ඉස්සරහින්ම ඉන්නවා මම දැක්කා .... ඒ තාත්තා අඩන වීඩියෝ එකක් දැක්කා ඊයේ දරුවෝ තුන්දෙනාම යටවෙලා ..... ඒ මනුස්සයා අඩනවා ..... මේ දේ වෙනවා කියලා දැනුන නිසා දන්න නිසා තමයි කියුවේ කියලා

      Delete
    2. ප්‍රශ්නේ තියෙන්නෙ එතන බන්. මමත් සහ සුද්දෙන් දැක්ක මේ මිනිස්සු මේ දෙය වෙන්න අවුරුද්දකට කලින් කෑ ගහල විසඳුම් හොයයනව.

      මැරුණේ කාගෙ උනත් මිනිස්සු. මේ කාලකන්ණි රජය තමන්ගෙ බඩ වඩාගන්න කෝටි 4 වාහන ලක්ෂෙ ෆෝන් දීමනා ගන්න එක නවත්තල මේ ප්‍රශ්නෙට දෙයක් කලානම්? තුක් නොකින් මෙහෙම රටක්. මේ වගේ රටක නායකයා කියන්නෙ අනිවාර්යයෙන්ම පොන්නයෙක් වෙන්න ඕන.

      😡😡😡😡

      Delete
  7. This so sad thing. But I want tell you this not yahapalana new garment wrong. Blam to prasant garment wrong here. I also tell it gotabaya not do any thing and Mahinda garment want to theef money this gabege projet. new garment try to anser the qestion no time it becase day to day gabege collect fast. Marikkar minister also good man try to anser qestion hard there. But any way sad thing hapan no wron garment and no gotabaya can anser this.

    ReplyDelete
    Replies
    1. කෙනා කවුද කියන එක නෙමෙයි වැදගත් හොදම විසදුම දෙන එක සමහරක් විට ඒක හරිම එක නොවෙන්න පුලුවන් ...අවශ්‍ය වඩාත්ම හොද විසදුම

      Delete
    2. How you tel any way new garment give best anser near futcher.

      Delete
  8. අටමෝ,

    මේ ප්‍රතිචක්‍රීකරණය කරන වැඩේ දී ඇමරිකාවේ මහාපරිමාණයෙන් මෙය කරපු ශ්‍රී ලාංකිකයකු උත්සාහ කළා ප්‍රතිචක්‍රීකරණ පහසුකම් ලබාගන්න නමුත් මහින්දගේ කාලෙත් දැන් රනිල් මයිත්‍රී කාලෙත් ඉන්න කාලකන්නි දෙසපලුවෝ ඒ වැඩේ කරන්න දුන්නේ නෑ

    ReplyDelete
  9. කුණු කන්ද කුණු උනෙ ඇයි
    .....................................
    කොළඹ කුණු ප්‍රශනය මුලින්ම පටන්ගන්නා අවදියෙ එයට විසඳුමක් දීමට 1996 කොළඹ නගරාදිපති වශයෙන් කරුජයසුරිය මහතාත් එවකට බස්නාහිර පලාත් මහඇමති සුසිල් ප්‍රෙමජයන්ත මහතාත් ලෝක බැංකු ආධාර යටතේ පදුක්කෙ මීපේ ප්‍රදෙශයෙ විද්‍යාත්මක කසල කලමණාකරන වියාපෘතියක් ක්‍රියාත්මක කිරීමට උත්සහා කල අතර එකල දිනෙශ් ගුණවර්ධන මහතා ප්‍රමුක කොටගත් ජවිපෙ රතුවහල් පිරිස ප්‍රදෙශ වාසින් සමග එකතුව අවුරුදු දෙකක් පමණ කලයක් උද්ගෝශන කල අතර ලෝක බැන්කුව එම වියාපෘතිය අකුලාගෙන ගියෙය.එම උත්ගෝශනයෙ ප්‍රතිපලය බ්ලූමැන්ඩල් කුනු කන්ද විය.

    2007 කොටිකාවත්ත ප්‍රදෙශයෙ එවකට පරිසර ඇමති පාටලි චම්පික රණවක මහතාගෙ යොජනවකට පිලිසරු කසල ප්‍රතිචක්‍රියකරන වියාපෘතියක් ලෙස විද්‍යත්මක කසල රඳවනයක් නිර්මනය කිරීමට උත්සහා කල අතර එයටත් සුපුරුදු ජනතා උගොශනයම දියත්කලෙය.අවසනයෙ එම වියාපෘතිය දොම්පෙ ප්‍රදෙශයට ග්න ගියතර එම වියාපෘතිය නිසා පරිසරය විනාස වන බවත් ජලය විනාශ වෙන බව පවසමින් මහජන උද්ගොශන දියත් කල් අතර එහෙත් එය එම ස්තානයෙ ස්තාපනය කලෙය.එම ස්තානයට ගිය පරිසර නිලදාරින්ට පවා පහරදි එලව දමා තිබුනි.අදටත් ලංකවෙ එකම විද්‍යතමක කස්ල රදවනය වන්නෙ එය වන අතර කිසිම ප්‍රශ්නයක් උද්ගතවී නැත.

    2007 බ්ලූමැන්ඩල් කුණු කන්ද පුපුරා ගිය අතර එය කඩාවැටුන නිසා අධිකරණ නියොගයකින් මීතොටමුල්ලෙ අක්කර දෙකක ඉඩක් කුනුගොඩගැසිමට එවකට අරක්ශක ලෙකම් ඇතුලු කොළබ ලස්ස්න කරනවා කියා උදම් ඇනූ පිරිස මද්‍යා පන්තිකපිරිසට සැප දෙමින් කොළබ මිනිස් දූවිලි බවට පත් වූ මේ මීතොට්මුල්ලෙ ජනතාවට කුනුගොඩ පටවා අත පිසගත්තෙය. අද එම කුනුගොඩ අක්කර අටක් පුරා පැතිරගොස් අවසන්ය.

    මේ ආන්ඩුව මෙ අවුරුදු දෙක පුරා මේ ඉලිබදව කුමක් කලෙද අසන පිරිසට මැද ඇගිල්ල දිගුකරමින් කියන්නෙ නොදන්න මගුල් කතා නොකර සිටින ලෙසයි.මේ කුනු ගොඩ දවස් දෙකෙන් ඉවත්කල නොහැක මෙය ඉවත්කිරීමට යන අඩුම කාලය අවුරුදු 10කි.ඒ සඳහා මේ වනවිට ආයොජකයන් සොයාගෙන වියාපෘති සකසා අවසන්ය මුලික අධියරය ක්‍රියත්මක කිරිමට අවුරුදු තුනක් ගතවෙයි. මුලින්ම මේ කුනුගොඩ වර්ධනය වීම නැවැත්විය යුතුය එමෙන්ම කසල ප්‍රතිචක්‍රියකරනයට යොමුකිරීමට වියපෘතියක් මේවන විට ක්‍රියත්මක අතර එම නිසා කසල වෙන්කර ලබදෙන මෙන් මහජනතාව්ගෙන් ඉල්ලා සිටී.එහෙත් එය කරන්නෙද ඉතා අඩුවෙනි.
    කොලඹ කුනුගොඩවිමට ප්‍රධාන වැරදිකරුවන් වන්නෙ බොරු විරොධතා දක්වමින් නිවැරදි ක්‍රියවලියකට ඉඩ නොදෙන රතු වහලුන් සහ කලින් කලට මාරුවෙන කොල සහ නිල් වහල් ජනයින්ය.

    එක එක දෙශපලකයින්ගෙ මොඩ සටන්පාටයන්ට රැවටෙන අනෙ අපි ස්වාධිනයි කියමින් පරිසරය පිලිබදව අනියත බියක් ඇත්කරමින් හැසිරෙන උන් මුලින්ම මෙම විරොධතා අකල්ප වලින් ඉවත්විය යුතුය.විරොදතා නිස කලහැක්කක් නොමැත.

    ReplyDelete
    Replies
    1. //2007 බ්ලූමැන්ඩල් කුණු කන්ද පුපුරා ගිය අතර එය කඩාවැටුන නිසා අධිකරණ නියොගයකින් මීතොටමුල්ලෙ අක්කර දෙකක ඉඩක් කුනුගොඩගැසිමට එවකට අරක්ශක ලෙකම් ඇතුලු කොළබ ලස්ස්න කරනවා කියා උදම් ඇනූ පිරිස මද්‍යා පන්තිකපිරිසට සැප දෙමින් කොළබ මිනිස් දූවිලි බවට පත් වූ මේ මීතොට්මුල්ලෙ ජනතාවට කුනුගොඩ පටවා අත පිසගත්තෙය. අද එම කුනුගොඩ අක්කර අටක් පුරා පැතිරගොස් අවසන්ය//

      පොඩි නිවැරදි කිරිමක් කරන්න තියනවා

      ඔය කුණුගොඩ අපි පොඩි කාලෙත් තිබුනා ,

      කොළඹ මහනගර සභාවේ කුනු ඔතනට ගෙනත් නොදැම්මට කොලොන්නාව වැල්ලම්පිටිය රාජගිරිය වගේ ආසන්න ප්‍රදේෂවල කුනු ගෙනත් දැම්මේ ඔතෙන්ට

      Delete
  10. ලංකාවේ කිසිම දෙයක් ක්‍රමයකට කරන්න මිනිස්සු ඉඩ දෙන්නේත් නැහැ.
    වගකිව යුත්ටෝ කරන්නේත් නැහැ.
    අන්තිමේ අහින්සකයෝ ජීවිත වලින් වන්දි ගෙවනවා..
    අවිස්සාවේල්ලේ සාලාව අනතුර වගේ මේකත් අපිට අමතක වෙලා යයි ටික කාලෙකින්
    මැරුණු මිනිස්සු මැරුණා, අත අය කැඩුනු උන් විඳවාවි. දේපල අහිමි වුනු උන්ගෙන් කොටසකට යමක් ලැබේවි කොටසකට ඇඳිවතවත් නැති වේවි.
    රටේ මිනිස්සු තමන්ගේ වේල සොයා ගැනීමේ අරගලයේ ඉඳීවි.
    දේශපාලකයෝ දෙන අරමුනු ඔස්සේ සටන් පාඨ කියාවි.....

    ReplyDelete
    Replies
    1. අවිස්සාවේල්ලේ සාලාව අනතුර හදිස්සියේ උන එකක් නෙමෙයි සැලසුම් සහගතව සිද්දකරපු එකක් කියලා කතා බහක් තිබුනා නේද පහුගිය කාලේ ...ඒ කතාවත් එහෙම්ම යට ගියා

      Delete
  11. මේ විපත් වලට, දේශපාලකයෝ වගේම ජනතාවත්, හැම එකටම විරුද්ධ වෙන බොරු පරිසරවේදීනුත් වගකියන්න ඕනේ.
    මේ කුණු ගොඩවල් ජන්ද කාලෙට නිදන් වස්තු වගේ වටින ඒවා. තව ටික දවසකින් ඔය වේදනාව අඩුවෙලා යයි. ඊට පස්සේ ඔය මැරිච්ච මිනිස්සුත්, කුණුගොඩත් විකුණලා තව සෙට් එකක් ප්‍රාදේශීය සභාවට, පළාත් සභාවට, පාර්ලිමේන්තුවට යයි. කවුරු එපා කිව්වත් මිනිස්සු කුණුගොඩ පාමුල, ලාබෙට ඉඩම් අරගෙන තමන්ගේ සබ්බ සකල මනාවම වියදම් කරල ගෙවල් හදයි. කවුරු හරි විසඳුමක් ගෙනාවත්, හැම එකටම විරුද්ධ වෙන එවුන් පෙළපාලි යයි.

    එක්කො මිනිස්සුන්ට මොලේ එන්න ඕනේ. නැත්නම් ආණ්ඩුවට කොන්දක් එන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. තිත්ත ඇත්ත... 👍🏽

      Delete
    2. මෙතනදී නං අනවසර පදිංචි කරුවන් ඉවත් කරලා නේද තියෙන්නේ , ඔය කැඩිලා බිදිලා තියන ගෙවල් එයාලට අයිති ඉඩම්වල තිබුන ඒවා කියලා නේද වාර්තාවෙන්නේ , එයාල කියන්නේ එයාල කුණු ගොඩ ලග ගෙවල් හදාගත්තේ නැ , එයාල ලගට කුණු ගොඩ ගෙනාව කියලා

      Delete
  12. http://www.sundaytimes.lk/151004/news/environmentalists-derail-garbage-train-to-aruwakkalu-166659.html


    Garbage disposal has been a major headache for Colombo which generates as much as 1,200 metric tonnes of rubbish every day. The dumping sites, some of them in the midst of residential areas, are also bursting at the seams.

    No solution yet for Colombo’s garbage problem: The Meethotamulla garbage dump

    As the crisis aggravated, a new project to collect the garbage, transport it by train and dump it in a Sanitary Landfill in Puttalam emerged as a solution. But environmentalists are now raising serious concerns over the project.

    The plan seeks to convert the present garbage dump at Meethotamulla in Kolonnawa into a collection center complete with rail tracks and loading facilities.

    The compacted waste will be packed in 20-foot containers and sent by train to the landfill site at Aruwakkalu, just North of Puttalam, about 170 kilometres away from Colombo.

    The 30-hectare Aruwakkalu site, leased out to Holcim Cement Company, has many abandoned quarries, from where limestone was extracted by the Cement Corporation some 20 years ago.

    The site will be designed to absorb up to 4,700,000 cubic metres of garbage for 10 years in 2 phases.

    ReplyDelete
  13. I am personally aware that the previous Govt under Gota was seriously working on this project. The curse of the dead peopole and the tax payers of Colombo city should fall upon those whoever canned that project.

    Sri lanka always has only band-aid solutions, never a national effort to solve any problem. The only exeption was the war effort recently. No such thing for anything else. Take the Kidney issue in the Rajarata area for example, has the Health dept even established what the root cause is, let alone finding a solution ? Should not there be a conerted effort made by every Govt institution concerned ? Should not there be a presidential task force looking in to the ways and means on how to curb it. Is that not the responsibility of the Govt?

    There will be a few loud mouths talking in the parliament about this for a few days and the matter will be swept under the carpet, nothing will happen.

    God bless Sri lanka !

    ReplyDelete
    Replies
    1. ජාතික ප්‍රතිපත්තියක් නැති එක තමා ගැටලුව

      හිටපු එකා කලේ හොද දෙයක්ද නරක දෙයක්ද

      අලුතින් එන එකා නවත්තලා දානවා

      Delete
  14. මම මේක ඇෆ් බී එකේ තිබිල කියෙව්වා. එතන දාපු කමෙන්ට් එක උබේ බ්ලොග් එකේ දාන එක හරි නෑ, මේ කුලියට ලියන්නෙක් කියලයි මට හිතෙන්නේ.
    අනික කුණු ප්‍රති චක්‍රීකරණය කරනවා නැත්නම් පොහොර හෝ ගෑස් සෑදීමට නොගෙන බැහැර කිරීම කියන එක පිළිගන්ඩ අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ දාපං බං

      මචං මෙහෙමයි ඔය වහගන්ඩ බැරුව ඉන්න වලක් නියම ක්‍රමවේදයන් යටතේ කැලි කසල වලින් වහලා දාන එක වෙන රටවල් වලත් කරන දෙයක් නේද

      Delete
  15. ගෝඨාබය තමයි ඔතන කුණු දාන්න පටන් ගත්තේ. නාලක ගොඩහේවා ඒවා ලියන්නේ නැහැ.
    නාල ගොඩහේවා කියන්නේ මහින්දගේ ආණ්ඩුව කාලේ මුදල් අවභාවිත කරලා මේ ආණ්ඩුව කාලේ රිමාන්ඩ් එකෙත් තැපපු කෙනෙක්. මේ ආණ්ඩුව නරක මිනිහ වෙලා මීතොටමුල්ලේ කුණු දාන්න පටන් ගතිපු ගෝඨාබය මෙයාට හොඳ මිනිහ වෙන්නේ ඇයි ?

    මේ නාලක ගොඩහේවා පක්ෂ්ග්‍රහීව ලියන බව තමයි හිතන්න වෙන්නේ ඒ කාලේ ලොවපු මස්කටු වලට හරියන්න.

    ReplyDelete
    Replies
    1. ඔයා කියන්නේ ඔතන කුණු තිබුනෙම නැ කියලද , අපි පොඩි කාලෙත් ඔතනින් යනකොට කුනු ගදයිනේ ..... මට ඒක හොදට මතකයි ...1995 දී මගේ ඇස් දෙකටම දැක්කා සැලකිය යුතු කුනු ගොඩක් තිබුනා .... ගෝටාභය පටන් ගත්තා කියන එක වැරදියි

      Delete
    2. මහින්දගෙ කාලේ හොරකම් = බැදුම්කරේට කියල අටම්පහුර කියනව.
      එවිට නාලක හොරෙක් නෙවෙයි.

      Delete
    3. මං එහෙම කියුවේ කවදද , කිනම් තැනකද

      Delete
  16. පහුගිය ආණ්ඩුව මොන වැරදි කරා කිව්වත් කරපු මේ වගේ හොඳ ගැන අද හාවක් හූවක් වත් නෑ. මේක ඉතාමත් හොඳ ව්‍යාපෘතියක් වෙන්න තිබ්බා. ඕක සැලසුම් කරන දවස් වල මමත් අවධානයෙන් හිටියා මොකද අපිත් බයෝ වලට කසල කළමනාකරණය ගැන ඉගෙනගන්න නිසා.
    හැබැයි මේකෙත් පැති දෙකක් තියනවා. මිනිස්සු ඔය වගේ කුණු කඳු ගාව ගිහින් පදිංචි වෙලා ඒකෙන් ජීවත් වෙන්න පටන්ගන්නවා. ඊට පස්සේ මොකක් හරි උනාම ලෝකෙටම කෑගහනවා. එහෙම අයත් ඉන්නවා.
    මේ ඉරිදා ලංකාදීපේ ඔය කුණු සම්බන්ධ පොඩි පුවතක් පළ වුනා. එකත් බලන්නකෝ.

    ReplyDelete
    Replies
    1. ඇ අඟහරු බිජ්ජෝ උඹ දන්නා අලෙ ගහගන් තොගේ පුකේ

      ඔය කුණු කන්ද ඔතනට එන්න කලින් ඔතන කොහොමද තිබුනේ කියලා ඉගෙන ගෙන වරෙන්
      තොපි පිනට ඉගෙන ගත්ත නිසා නොදන්නා දේ නොලියා හිටහන් ඔය ඉඩන්වල ඔප්පු තිරප්පු කොහොමද තියෙන්නේ කියලා බලාපන් ඒවා අඟහරු ලෝකෙන් ඇවිල්ලා ලියපුවා නොවෙයි ඒ මිනිස්සු පරම්පර්කව හිමිකම් කියපුවා
      තෝ කසල කළමනාකරණය පිනට ඉගෙනගත්තා කියලා රටට වැඩක් උනාද ?

      Delete
  17. කුනු ප්‍ර‍ශ්නෙට මහින්ද අගමැති කරවමු.හා ද?

    ReplyDelete
  18. මෙතන කමෙන්ට් කියෙව්වම තේරුම් යන දේ තමයි 1990 ගණන්වල සිට තිබු මේ කුනුකන්ද තමන්ට ඕන වර්ෂවලට හරවා, සියල්ල මෙය නිරාකරණය කරන්න සාර්ථක විසඳුමක් ගෙනා ගොටාභය පිටම පටවන්නට තැත් කිරීම. වැඩක් කරන මින්ස්සු ගැන එසේ නොකරන මිනිසුන්ගේ තියන භය

    ReplyDelete

අදාල පාර්ශවයකින් ඉල්ලීමක් ක‍ලහොත් හැරෙන්නට කිසිදු අදහස් දැක්වීමක් ඉවත් කරන්නේ නැත

කමෙන්ට් වලට ලින්ක් දානකොට
<a href="LINK HERE"> WORDS HERE</a>