2017-05-23

අහිංසක මුස්ලිම් දැරියක් ඝාතනය කල අපේ සිවිල් සමාජය....



තමීම් ෆාර්තිමා ශර්මිලා ඊයේ රෑ මිය ගියා

අවුරුදු 16 දී කනෙන් ඇදගන ගිහින් පුත්තලමේ, මුන්තාල් වල නාලන්තලුව කොඩි පල්ලි මුස්ලිම් පල්ලියෙදි තව භාර්යාවන් දෙන්නෙක් හිටපු, අවුරුදු 22ක් වයස මොහොමඩ් ඉම්‍රාන් කියන පුද්ගලයගෙ තුන් වන භාර්යාව වශයෙන් බලෙන් විවාහ කර දුන්න...............

අවුරුදු 18ක් වෙනකොට

මාස හතක දරුවෙක් අතේ හිටපු........
මාස හතරක දරුවෙක් බඩේ හිටපු........

අහින්සක ශර්මිලා....

මේ කාලකන්නි ස්වාමි පුරුෂයා.....
ගිය සිකුරාද ( 19 )

පුටුවකට තියල බැදල....
ලම්පු තෙල් දාල ගිනි තිබ්බ.

දවස් දෙකක් හොස්පිට්ල් එකේ දුක් වින්ද ශර්මිලා 20 රෑ මේ කාලකන්නි ලෝකෙ දාල ගියා.....

දරන්නම බැරි දේ තමයි.......

""මාව මරන්න දෙන්න එපා......."" කියාගන පොලීසියට ආපු ශර්මිලා.......

පොලීසියෙන් ඒ මිනීමරු ස්වාමිපුරුශයාටම කතා කරල ආපහු බාර දීපු එක.......

දරන්නම බැරි දේ තමයි.....

""අනේ මාව මරයි....මාව දික්කසාද කරල දෙන්න....."" කියල අඩාගන පල්ලියට ඇවිත් ක්වාසී  උසාවියෙන් ඉල්ලපු ශර්මිලාව....

පල්ලියෙන් ඒ මිනීමරු ස්වාමිපුරුශයාටම කතා කරල ආපහු බාර දීපු එක......

දරන්නම බැරි දේ තමයි.....

මහා ලොකු මාධ්‍ය සංස්කුරුතිය........ දවස් ගණනක් තිස්සෙ මෙ සිද්ධිය හංගාගන ඉදපු එක......

මේ කාලකන්නි සමාජය.... මහ ලොකු පුරවැසි සංවිධාන කිසිවක් අසරණ ශර්මිලාගෙ තනියට හිටියෙ නෑ.......

දෙයියන්ගෙ නාමෙන්......

Muslim Marriage and Divorce Act (MMDA)   වෙනස් කරවමු....... ව්‍යවස්ථාවෙන් රටේ සේරටම තියන අයිතිය ජීවතුන් අතර ඉන්න ශර්මිලා ලට අරන් දෙමු........


Amith Bandara  ෆේස්බුක් පිටුවෙන් කල උපුටාගැනීමකි
https://www.facebook.com/profile.php?id=100010223118102&fref=nf

21 comments:

  1. අටම්, මේවා සඟවාගෙන සිටියයුතු කාරනා නෙවෙයි කෑගසා සමාජය අවධිකරවිය යුතු පුවත්. ඔබ මේ ගැන කථා කරන තුරු ලංකාවේ මෙවන් සිදුවීමක් වුනු බව මාවත් දැන සිටියේ නැහැ.
    සමස්ථයක් වශයෙන් ගත් කල අපේ රටේ පවතින්නේම පුරුශෝත්තම වාදි නිලධාරි පැලැන්තියක්.

    උදාහරණයකට මාවිසින් ලියා ඇති "මිනිහාට අයිතියක් නැද්ද ගෑනිට වෙඩි තියන්න" කියන ලිපිය තුලින් මා සාකච්චා කරන්නේත් එයයි. ඒ මා කථා කරන සිද්ධියේදීත් තම අභ්මතයෙන් තොරව ඒ ගැහැණිය රඳවා තබා ගැනීමට සැමිය බලහත්කාරය යොදා ගැනීම පොලීසිය විසින් අනුමත කරනවා මේ මුස්ලිම් ගැහැණියක ගැන නොවෙයි.
    මා විශ්වාස කරනා හැටියට ගැහැණියක් හෝ පිරිමියෙක් යන්න හේතු නොවී ඕනෑම කෙනෙකුට තම අභිමතය පරිදි ජීවත් වීමේත් තම ජීවිතයේ ආරක්ශාව සලසා ගැනීමේත් නිදහස තිබිය යුතුයි. තම ආරක්ශාව පතා පැමිණි පොලිසිය එය ඉටු නොකොට එම පුද්ගලයා අනාරශිත තත්වය තුලටම හෙලුවා නම් මූලිකවම මේ මිනිස් ඝාතනය ගැන අදාල තීන්දුව ගත් පොලිස් නිලධාරියා හෝ නිලධාරීන් අනියම් මිනීමැරුමකට චෝදනා ලැබිය යුතුයි.

    එසේ අද නොවුනොත් මේ වගකීම හෝ වගවීම කියන කාරනය ලංකාවේ නිලධාරීන් ඉගෙන ගන්නේ කවදාද?

    අනෙකුත් ජනවර්ග වලට සාපේක්ශව මුස්ලිම් සමාජය තුල මේ තත්වය අති බිහිසුනු බවනම් සත්‍යයයි.

    ReplyDelete
  2. අප්පට හුඩු අටමෝ මාර අපරධයක් වෙලා ජිවිතයක් නැතිවෙලා බ්ලොග් ලියපු විචාරක වගේ මරණයක් ද වගේද මේ මරණය. හනිකට ශෝක ප්‍රකාශක බ්ලොග් දුසිමක්වත් පලවෙන්නඕනේ. සිංහල බ්ලොග් ලියන්නන් අතරින් ඔය කලින් ලියපු එවුන්ට කියාපන් ඉක්මනට මේ මරණය ගැන හදවත කඩාවැටෙන බිත්තියේ ඔලුව ගහගෙන අඬන්න හිතෙන ආකාරයට ඔය මොනවා හරි ටිකක් ලියලා දාන්න කියලා එකවල්ලේ පොල් වගේ

    ReplyDelete
  3. අටං.. බ්ලොග් කියන්නෙත් පොඩි වලක් විතරයි. ෆේස් බුක් ට්විටර් වගේ ඒව එකක් සැසදුවම. ඒ අස්සේ මේ ගොං බිජ්ජො මහ ලොකු කතා කියවනව. මේ වගේ දේවල් ගැන කියන්න යන්නේ නෑ. මේවයින් උන්ට වැඩක් නෑ නේ. තමන්ට දෙයක් වෙනකම් මේ බූරුවන්ට ගානක් නෑ. පව් අහිංසකී. කෝ බලමු මේ ගැන මහ ලොකු බ්ලොග් ඔස්තාර්ල කියන ඒව.

    ReplyDelete
  4. රටකට තියෙන්න ඕන එක නීති පද්ධතියක් විතරයි. ඒක සම්පූර්ණයෙන් ආගමවලින් තොර වෙන්න ඕන. හුඟක් රටවල නීති හැදෙනකොට ආගම්වලින් ඉන්ෆ්ලුවන්ස් එක ආව, රීති නීති වුනා. බටහිර රටවලත් එහෙමයි. ඒත් රට ශිෂ්ඨවෙනකොට නීතිය ආගමෙන් ඈත්වෙලා secular වෙනවා.

    ReplyDelete
    Replies
    1. ප්‍රා ජේ,
      ඔබේ කියමන සම්පූර්ණ ඇත්ත.
      මේ වගේ සිදුවීම් පාදක කරගෙන හරි මේ ලංකාවට එකම නීති පද්දතියක් වෙනුවෙන් සැවොම සටන් කල යුතුයි
      ජාති ආගම් පදනමින් නීති පොතත් බෙදා වෙන්කර තබාගෙන කථා කරන සහජීවනය මොන වර්ගයේ කුණුහරුපයක්ද කියල මට තේරෙන්නේ නැහැ.

      Delete
    2. Maxxa... Thanks for your great comment.
      https://srilankanatheists.wordpress.com

      Delete
  5. දෙයියනේ මෙහෙමත් අපරාධයක් !

    ReplyDelete
  6. සුළු ජාතික ඡන්ද පදනමේ වාසිය ගන්න වලිකන මහාජාතියේ දේශපාලනය තියෙන තුරු මේමා මෙහෙම්මමයි.

    ReplyDelete
  7. මේවා සාකච්චාව සන්හිදියාවට හොද නැතිබවයි කියන්නේ හැබැයි ලෝකය මේ වචනය අවබාවිතාකරන ආකාරය ගැන දැනුවත් වෙමින් තියනවා
    https://www.facebook.com/seen.everything/videos/1154800587957810/

    ReplyDelete
  8. ඕක වෙන ආගමක මිනිහෙක්ට කරන්න බැරිද?

    ReplyDelete
  9. ගඳ ගහන සංහිඳියාව... ඔක්කොටම ඉස්සැල්ලෑ අපේ නිතී පද්දතිය සංශෝධනය කරන්න ඕනේ...කොහෙවත් යන ඕපදූපයක් බදං දවස ගෙවනවා ඇර මේ වගේ දේවල් වලට කතා කරන එක සංහිඳියාවට හනිකරයි නේ...ටහිකෙන ලොජික් බම් මේවා...

    ReplyDelete
  10. ටහිකෙන සීන් එකක්නෙ මම හිතන් හිටියෙ පිටරටක සීන් එකක් කියල

    ReplyDelete
  11. දැන් ඒ මිනිහට නඩු නැද්ද එතකොට? සේයාගෙ මල කුනත් විකුනන් කාපු මාධ්‍ය කාක්කො මේ ගැන නිහඬ මොකද? බයේද ?

    ReplyDelete
  12. රටක් තුළ පැවතිය යුත්තේ එකම නීතියක්. එක උසාවි පද්ධතියක්. මේවා මේ රටේ පාලකයින්ගේ වැරදි. ඔය ගිනි තියපු මිනිහාට මොකද උනේ කියලා කවුරුත් දන්නේ නැද්ද? අපි දන්න නීතියට අනුවනම් ඒ "මිනීමරුවෙක්".

    ReplyDelete
  13. අපේ රටෙත් එක එක නීති ටික අයින් කරලා රටේ නීතියට වැඩ කලොත් රට මීට වඩා ශිෂ්ඨ සම්පන්න වෙයි. දැනටත් තියෙනවා නේද මුස්ලිම් විවාහ නීති, උඩරට නීති, ඉඩම් සම්බන්ධ ද්‍රවිඩ ජනයාට අදාල නීති එහෙම.

    ReplyDelete
  14. කමෙන්ට් කල සියල්ලන්ට ස්තුතියි

    ReplyDelete

අදාල පාර්ශවයකින් ඉල්ලීමක් ක‍ලහොත් හැරෙන්නට කිසිදු අදහස් දැක්වීමක් ඉවත් කරන්නේ නැත

කමෙන්ට් වලට ලින්ක් දානකොට
<a href="LINK HERE"> WORDS HERE</a>