2017-06-03

'' නාකි විසේ ගෙටත් උසේ කියුවලු '' දහ අටේ කොල්ල කියලා හිතන් ඉන්න ...තවත් නාකියෙක්



ආත්මශක්තිය ශරීරයේද ඇති බවට තිබූ විශ්වාසයෙන් ඔබ්බට ගොසින් බැලීමට මාහට අවශ්‍ය විය . මේ පිළිබඳව ප්‍රථයක්ෂ කර ගැනීමට මා කලේ හක්බෙල්ලාවක සිට කඩවතට කිලෝ මීටර් 69 ක දුරක් පා පැදියකින් පැමිනීමයි . මෙයද රසබර කථාවකි. Kayakය හක්බෙල්ලාවකට ගෙන ගොස් ප්‍රථම වතාවට එය දියට දැමීමෙන් සති කිහිපයකට පසු යෙදුනු සිකුරාදාවක මම එහි ගියෙමි . ඒ හිත උපන් අදහස ක්‍රියාවට නැගීමට ප්‍රථම කරණු ලබන “ඉව ඇල්ලීමටය” ! සිකුරාදා රාත්‍රිය පහන් කරණ තෙක් කල්පනා කලේ ; මේ ක්‍රියාව ප්‍රායෝගිකව ඉටු කිරීමට ඇති බාධක කවරේද පිළිබඳවයි. මෙහිදී මාහට දැනුනු ප්‍රධාන බාධකය වන්නේ ශරීර ශක්තිය , දරා ගැනීමේ හැකියාව  යන කාරණා දෙකයි . මේ ගැන සිතමින් සිටින මාහට එකවරම සිහියට නැගුනේ වසර ගනනාවකින් පැද නැති මාගේ පැරණි බයිසිකලයයි . “මේ බයිසිකලය මට ගෙදරට පැදගෙන යා හැකි නම් ; අනිවාර්‍යයෙන්ම මාහට Kayakය රැගෙන හක්බෙල්ලාවක සිට කැළණියට හෝ කඩුවෙලට හැක !” ඒ මා සිතට ආ අදහසයි . “මේ බයිසිකලය ඒතරම් දුරක් යන්නට තරම්   සෞඛ්‍ය සම්පන්නද ?( වසර ගනනාවක් හුලං බැස තිබුනු) “ටයර් ටියුබ් වලට හුලං ගසා පැයක් තබමි ! එම පැය තුල හුලං ටයර් ටියුබ් තුල රැදී පැවතුනහොත් මා මගේ ශක්තිය පිළිබඳ ශක්‍යතා අධ්‍යනයට මුහුණ දෙමි . නැතහොත් බයිසිකලය මෙහිම දමා ආ ලෙසටම බසයෙන් ගෙදර යමි.”

අපේ ගෙදරට එනම්  A7 මාර්ගයට  ඉහලින් ඇති  අපේ පැරණි නිවසට ඉදිරියෙන් ඇත්තේ රෑ කඩයකි. කුඩා නිවසක් ඉදිරියේ පවත්වාගෙන ගිය මෙම කඩය ලඟට ගෙනගිය මකුළු දැලින් පිරුණු බයිසිකලයට මා ; එම කඩෙන්ම ඉල්ලාගත් පොම්පයෙන් හොඳින් නොව ඉතා හොඳින් හුලං ගැසුවෙමි . “ දෙකෙන්  එකක් වෙයං !” සිතා තදින් හුලං ගැසූ බයිසිකලය පසෙක තබා නැවත මා සුපුරුදු වැඩ කටයුතු වල නිරත වන්නට සැරසුනා පමනි ; මහත් හඬින් ලමයින් පිරිසක් “හලෝ !? හලෝ !!??” යනුවෙන් කෑගසනු මට ඇසුනි. මා එකවර  මාර්ගයේ ඉහල පෙදෙස එනම් හැටන් දෙස බැලුවෙමි . විශාල බෑග් කිහිපයක් ඉදිරි පස හා පසුපස පටවාගත් ; අඩි 7 ක් පමන උසැති විදේශිකයකු තම පා පැදිය පදවාගෙන් එනු මට පෙනුනි . දසුනින් මා වික්ෂිප්ත විය . චාල්ස් ඩිකන්ස් ගේ පොත්වල නම් මෙවැනි අහම්බයන් සිදුවේ . එහෙත් සත්‍ය ලෝකයේ…? ඉතා පහසුවෙන්ම මා ඔහු නවතා ගතිමි . මා කොළඹ බයිසිකලයෙන්  යන බවත් සුළු මොහොතක් රැඳී සිටිය හොත් මාහටද ඔහු හා එක්විය හැකි බව ඔහුට පැවසූයෙමි .

ඔහු එක පයින්ම එයට කැමති විය . මා වහාම මාගේ Back pack එකට පෙර දින ගෙන ආ ; අතට අහුවුනු රෙදි හා අනෙකුත් ලට පට සියල්ල ඔබා ගතිමි . කාමරයේ  දොර වසා ඉබ්බා තද කොට බයිසිකලය ගෙන ඔහු හා එක් විය . ඔහු නමින් Ulf ය. ජර්මන් ජාතික හේ ලොව පුරා රටවල් 25 ක බයිසිකලයෙන් ගමන් ගන්නා අයෙකි . සෑම වසරකදීම  එක් රටක් තෝරගෙන රටවටා ගොස් නැවත ගම රට බලා යෑම ඔහුගේ විනොදාංශයයි. කටුනායකින් ගොඩ බට ඔහු ගුවන් තොටුපලෙන් පිටට පැමින  ඇත්තේද බයිසිකලයෙනි .එතැනින් මීගමුව - හලාවත -පුත්තලම - යපනය -ත්‍රිකුණාමළය - මඩකලපුව -අරුගම් බේ - අම්පාර - නුවර එළිය  - තලවකැලේ - හැටන් -ගිනිගත්හෙන - කිතුල්ගල - හක්බෙල්ලාවක් - යටියන්තොට - අවිස්සවෙල්ල - රත්නපුර  -හම්බන්තොට - මාතර - ගාල්ල - අලුත්ගම - බේරුවල - දෙහිවල - කොළඹ -කටුනායක තෙක් කිලෝ මිටර් 1900 ක ගම්නක් අතර තුරේදී ඔහු මට හමු විය . ඔහු සමග අවිස්සවෙල්ල තෙක් කිලෝ මීටර් 27 කදුරක් එකට ආ මා එතැනින් ඔහුගෙන් වෙන්වී කඩවතට එන්නට මහ දවල් පැද්දෙමි . අවිස්සාවෙල්ලෙන්  හංවැල්ලටත් ; එතැනින් සමනබැද්ද හරහා ගිරිදරටත් ; ගිරිදරින් දොම්පෙ හරහා දෙල්ගොඩටත් ; එතැනින්  උඩුපිල හරහා කඩවතටත් පැමිනියෙමි . කඩවත නිවසට මා පැමිනියේ කැළණි ගඟ දිගේ එන ගමනට අවශ්‍ය ශක්තියද අතැතිවය. ඊට දින  ගනනාවකට පසු තම අසහාය පා පැදි චාරිකාව නිමකල උල්ෆ් කඩවත නගරයේ දී මාහට හමු වූයේ ;  මාගේ ආරාධනාවකට අනුව රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වන්නට අප නිවසට පැමිනෙමින් සිටියදීය . එදින රාත්‍රියේ අප නිවසේ ගතකල උල්ෆ් පසුදින දහවල් මමත් මාගේ බිරිඳත්  ගුවන් තොටට ඇරළුවෙමි !


මේ සියළු  කරුණු සිදු වෙමින් පවතිද්දි මා Google Map අනුසාරයෙන් කැළණි ගඟේ සිතියමක් ගෙන එය මුද්‍රණය කොට ලැමිනේට් කර  ගත්තෙමි .යොදා ගත්තේ 2015 මැයි 23 නි සෙනසුරාදා දිනයයි . මේ දිනය තහවුරු කර ගැනීමත් සමග Lakdasun හි Trip Invitation එකක් නැතහොත් විවෘත ආරධනාවක් පල කලෙමි .මාහට ඒ සම්බන්ධයෙන් පිළිතුරු  පණිවිඩයක් හෝ ලැබුනේ Dhamz නමැති අනවර්ථ නාමයෙන් තමන් හදුන්වාදෙන ධම්මික මහෙන්ද්‍ර නමැති තරුණයාගෙන්  පමනි .


හක්බෙල්ලවක පිහිටියේ යටියන්තොටට සැතපුම් 4 ක් එනම් කිලෝ මීටර 6.4 දුරිණි . ඒ මාගේ පාරම්පරික නිවස තියෙන ස්තානය ; අපේ ගමනේ ආරම්භක ස්ථානය ලෙස ඒ වන විට අප තෝරාගෙන තිබුනේය . අදාල සිකුරාදා හවස් වන විට පසිඳු ; ඔහුගේත් අම්රාන්ගේත් solo Kayakය න් දෙක ; ඩීමෝ බට්ටෙකුගේ පටවා ගෙන ඔරුගොඩවත්තේ පිහිටි මාගේ සේවා ස්ථානයට පැමිනියේය . එතැන් සිට මෙම . Kayakය න් හබෙල්ලාවකට ප්‍රවාහනය කිරීම භාරගෙන තිබුනේ මා ගේ මිතුරෙකු විසින් . ඔහුගෙ කැබ් රථය එන තුරු මද වේලාවක් රැදුනු අප සවස 6.30 පමන වන විට ඔරුගොඩවත්තෙන් නික්මින.  අම්රාන් අපසමග එක්වූයේ රාත්‍රී 12.30 – 1.ට පමනි . අම්රාන් පැමින තවත් ටික වේලාවක් දොඩමළුව සිටි අප නින්දට ගියේ පසුදින පාන්දරින් නැගිටින අදසින් . පසුදින උදෑසනින් අවදි වූ අප ගමනට අවශ්‍ය ආහාර ලෙස ; බිත්තර  යොදන ලද සැන්විච් පෙති කිහිපයක් සකසා ගෙන තොටුපොල වෙත පිය නැගුවෙමු.


එතෙක් තොටුපොල  පිහිටි ඉඩමේ ස්ථාපනය කොට තිබුනු අඩි 20 කන්ටේනරය තුල  දිගු විවේකයක් ගෙන තිබුනු මාගේ  Kayakය ද එලියට ගත්තෙමු. ඊළගට කලේ අල්ලපු වත්තේ සිටිනා ශාන්ත බාප්පා එකතු කර  ගැනීමට සැරසීමයි . අහෝ දුකකි ! ඉරකි ! තිතකි !! බාප්පාගෙ ඇඹේණිය පැමින  ඒ දුක්බර  කථාව අප ඉදිරියේ ගෙනහැර දැක්වීය . ඔහු ඒ සඳහා ; සෞඛ්‍ය ය  අතින් ගමනට සුදුසු මට්ටමකට නොසිටින බව දැන්වීය  !! ඒ සමගම කවුරු නාවත් පටන් ගත් ගමන තනිව හෝ අවසන් කිරීමට අප සිතා ගත්තෙමු . මෙහිදී පොදුවේ අප තිදෙනාමත් ; තනිව මමත් මුහුණ දිය යුතුව තිබුනු ගැටළුව වූයේ මාගේ triyek තනිව පැදගෙන එන්නට සිදුවීමය. එහෙත් කිසිවෙකුට කල හැකි දෙයක් නොමැත. අප  තිදෙනාට Kayakය යන් තුනක්  ගෙන එන්නට ඇත . අප අධිෂ්ඨානයෙන් ගමනට සූදානම් විය .

මෙතනට ගිහින් බලහල්ලා ..... http://thattayagekolama.blogspot.com/2017/06/4.html  .... මේ බ්ලොග් එක රහයි ......බ්ලොග් එකේ  දෙපැත්තනං නිකං පරණ බඩු කඩයක් වගේ ... මෙලෝරහක් නැ හරිපටලැවිල්ලයි ..... නට් කේස් එකක්ද කොහෙද .... ලියල තියන ඒවනං පට්ටම පට්ටයි ........

මේ ඒක නෙමෙයි .... බ්ලොග් වලට කමෙන්ට් දාන්ඩ බැනේ බංලා .....  කමෙන්ට් දාන්ඩ ගියහම .... ෆෝපයිල් සිලෙක්ට් කරන්ඩ ... එනවා .... එහෙම කරලා .... දාන   කමෙන්ට්  කොහේ යනවද දන්නැ ..... වෙච්ච දෙයක් නැ .... බොලාටත්   එහෙමද .... වරද මොකක්ද කියලා හොයාගන්ඩ බැ ..... දන්න එකෙක් කියහල්ලා.........

17 comments:

  1. Phone එකෙන් comment කරද්දී එහම උනා දැන්නම් හරි පේන විදිහට

    ReplyDelete
  2. මටත් ඔයවගේ වෙලා තියෙනවා. ඊමේල් එකයි රහස් වචනයයි දීලා ආයිත් කමෙන්ට් දුන්නම හරි ගියා. ඒත් ඒක ස්ථිර විසඳුමක් නෙමෙයි.

    ජයවේවා!!!

    ReplyDelete
  3. ගිහින් බලඤ්ඤං. ඒත් ලියල තියෙන විදියට මඤ්ඤං වෙන සයිස් එකක් වගේ තියෙන්නෙ.

    ReplyDelete
  4. මරු පොරක් වගේ

    ReplyDelete
  5. උඹ නෙවෙයිද අයියේ?? මං හිතුවා උඹ බයිසිකල් පැද්දා කියලා!!

    ReplyDelete
  6. ම්ට් ක්ම්න්ට් ක්‍ර්න්න් ැ

    ReplyDelete
  7. හක්බෙල්ලාවක කියද්දි මං බැලුව මෙහෙ අටම ආවෙ කවද් කියල ේ වෙන තට්ටයෙක් ගෙ නෙ
    මාත් තට්ටයෙක්නේ හිහි
    ගිහිංගොඩ වෙඥ්ඥං

    ReplyDelete
  8. මටනම් කමෙන්ට් දාද්දි එහෙම එකක් උනේ නෑ

    ඒක නෙමේ ගමනේ ඉතුරු ටික කෝ

    ReplyDelete
    Replies
    1. අහ් දැන් තේරුනා. මේක මේ අටමස් ගිය ගමනක් නෙමේ. මම ඒත් බැලුවා යකෙක් වත් වැහිලද කියලා

      Delete
  9. Acharya ChanakyaJune 8, 2017 at 6:41 PM

    මේ වන විට ලංකාවට කාලයත් සමඟ දැන් ගෝණා සායනිකව වැදගත්. කොත්තු හදන රොටියට ගිණි තබාගැනීම නොව ගෲප් එකක හෝ පෙජ් එකක ගහපියව්, මරාපියව් කිරිල්ලියෝ රෑනක් ගිය ගමනක් කොටන්ඩ ගත්තු දා ඉදන්ම,මෙහෙම එකක් ගෑවි ගෑවී හතරමංහන්දි වලදී තමයිලු මේක වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මංගල්ලේ තේරෙන්නේ නැ එයි

      Delete
    2. රහස් පණිවිඩයක් වගේ

      Delete
  10. මටත් සමහර වෙලාවට බ්ලොග් වලට කමෙන්ට් දාන්න ගියාම මාර ප්‍රශ්ණ එන්නේ :D

    ReplyDelete
  11. කදිම අත්දැකීමක් ....

    ReplyDelete
  12. මට නම් ෆෝන් එකෙන් කමෙන්ට් දාන්න අවුලක් නෑ..කම්පියුටරෙන් කොහොමද දන්නෑ...ළඟකදි කම්පියුටරෙන් බ්ලොග් බැලුවෙ නෑ.

    ReplyDelete
  13. අර බ්ලොග් එකට කමෙන්ට් කොටහල්ලකෝ

    ReplyDelete

අදාල පාර්ශවයකින් ඉල්ලීමක් ක‍ලහොත් හැරෙන්නට කිසිදු අදහස් දැක්වීමක් ඉවත් කරන්නේ නැත

කමෙන්ට් වලට ලින්ක් දානකොට
<a href="LINK HERE"> WORDS HERE</a>