2017-02-16

ෆෝටබල් මහන මෙෂින් කියලා විකුණන සෙල්ලං බඩු වලට අහුවෙන්න එපා .....Beware of portable sewing mechines scam...they are just toys..



මං මේ කියන්න යන්නේ මෙන්න මේ වාගේ පුංචිම පුංචි මෙෂින් ගැන , මේවා එක එක නම් වලින් , එක එක හැඩයෙන්  සහ එක එක පැහැයෙන් එක එක ගනන් වලට විකුනන්න තියනවා , සමහරක් වෙලාවට අන්තර්ජාලය හරහාත් විකුනනවා දැකලා තියනවා ,

කරුනාකරලා හොද ෆෝටබල් මෙෂින් එක්ක මේවා පටලවාගන්න එපා , මම මේ කියන්නේ පුංචිම පුංචි ....එලියේ තියන dc පවර් සප්ලයි එකකින් කරන්ට් එක දීලා මහන මෙෂින් ගැන , සමහරක් ඒවා තියනවා රීචාර්ජ් කරන්න පුලුවන් බැට්රියක් එක්ක ,  සමහරක් සමාගම් වලින් රුපවාහිනියේ පවා ...වෙළද දැන්වීම් දමමින් විකුනනවා .

එක වරක් දෙවරක් මහලා අයින් කරන්න වෙනවා , අහුඋන කෙනෙක් ලැජ්ජාවට කියන්නෙත් නැ , එක්කො කාටහරි අහිංසකයෙකුට විකුනලා දාල අත හෝදගන්නවා , එහෙම නැත්නං පැත්තකට දාලා සද්දෙ වහලා ඉන්නවා.

මෙව්වට අහු නොවී ඉන්න තියන හොදම ක්‍රමය තමයි , ....ලාබ බඩුවේ හිලක් කියන කතාව විස්වාස කරන එක .....හොද  ෆෝටබල් මහන මෙෂින් එකක් රුපියල් 15000 කට අඩුවෙන් ගන්න බැ .


සමහරක් පිටරට ගිහින් එන අය මේවා අරං එනවා , එක්කෝ කාටහරි තෑග්ගකට දෙනවා , සමහරු බිස්නස් එකට ගෙනලා කාවහරි රවට්ටලා ඇගේ ගහනවා.

ෆේස් බුක් එක හරහත් මේ ජාවාරම කෙරෙනවා දැක්ක නිසා , මේ ගැන ලියන්න හිතුනේ , පහල තියන ඡායාරුප සහ වීඩියෝව බලලා ඔයාලම තීරනය කරන්න මේවා ගන්නවද නැද්ද කියලා





මෙන්න මෙහෙම ස්ටිකර් එකක් එහෙම ගහලා තියනවා , ඒ උනාට මේක සෙල්ලං බඩ්ඩක්






මෙන්න කුණූ ගොඩවල් අදුරගන්ඩ තියන හොද ක්‍රමයක් , ෆෝන් චාජර් එකක් වාගේ පවර් සප්ලයි එකකුයි , අගල් දෙක තුනක ෆුට් කන්ටෝලර් එකකුයි , පෙට්ටිය ඇතුලේ තියනවා






මෙන්න බලන්න  4.5 වොට් විදුලියෙන් වැඩ කරනවා කියල ගහලා තියෙන්නේ ....ඔහොම මෝටරයකට ...රෙදි කෑලි දෙකකට  , නුල් දවටන්ඩ තරං ශක්තියක් තියද






මේ බලන්න ෆුට් කන්ටෝලර්  ප්ලග් එක සහ සොකට් එක .... සාමාන්‍ය මොනෝ හෙඩ්ෆෝන් ජැක් එකක්






මෙන්න තියනවා ඔයාල දකින්නම ඕන දේ , මේ මෙෂින්වල තියෙන්නේ ..අර ඉස්සර අපි වෙසක් එකට බුදුරැස් මාලාව  කරකවන්ඩ පාවිච්චි කරපු මෝටර් එකක්





මෙන්න බොබින් වයින්ඩරය




නිඩ්ල් බාර් ලින්ක් එක සහ ස්ටඩ් එක ප්ලාස්ටික් වලින් හදලා  එක යකඩ ඇනයක් දාල හයිකරලා තියෙන්නේ , නිඩ්ල් බාර් එක යකඩ බට කෑල්ලකින් හදලා තියනවා , ඒකත් ප්ලාස්ටික් වලින් පුලුවන් උනානං මුං එකත් කරයි





ත්රේඩ් ටෙක් අප් ලිවර් එක  යෝගට් හැන්දක් වාගේ




මෝටරය මේන් ශාෆ්ට් එකට සම්බන්ද වෙන තැන , සෙල්ලං නැ ..ඩිරෙක් ඩ්‍රයිව් .....හේ ..හේ්..හේ



මේන් ශාෆ්ට් එක , බොබින් වයිඩර් ශාෆ්ට් එක සහ කැරියර් ශාෆ්ට් එක සම්බන්දවෙන විදිහ





කැරියර් ඩ්‍රයිවරය මේන් ෂාෆ්ට් එකට සවිවන විදිහ




ෆීඩ් බාර් එක ලස්සනයි නෙ





කැරියර් එක කරකවන්නෙත් ....කට්ට තියන ප්ලාස්ටික් කෑල්ලකින්




මැසිමක් උනහම බර තියෙන්ඩත් එපැය , ඔන්න ඒකනං හරියට කරල තියනවා , කාස්ට්අයන් කුට්ටියක්  ඇතුලට බස්සලා





පුට් බාර් එක දත් බුරුසු මිටක් වාගේ




සුදට සුදේ ලස්සනේ බැ , අලුවා කෑලි වාගේ ....කැරියර් රේලින්ග් කේ අනිත් පැත්තත් ඔය පේන්නෙ



කැරියර් එක ෂටල් එක සහ තනි ඇණයකින් හයි කරල තියන ෂටල් ස්ප්‍රීන්ග් එක






ෂටල් එක සහ කැරියර් එක නිඩ්ල් බාර් එක , පුට් එකත් පේන්ඩ තියනවා , ඔය ලකුනු කරලා තියන කැරියර් පොයින්ට් එක ටිකක් බලන්න , ඉදිකටුවේ නූල ඔය ප්ලාස්ටික් තුඩට ඇමිනිලා උඩට එයිද , ආවත්   කීවාරයක් දවස් කීයක් වෙයිද.




මේ වීඩියෝ එකත් බලන්ඩකෝ වැඩ කරන විදිහ

දැං මොකද හිතෙන්නේ ..මේවා සල්ලි දීලා ගන්නවද


මෙන්න තියනවා ඔය වාගේ තව මොඩ්ල් කිහිපයක් 















2017-02-15

මිනී පෙට්ටියක් කරගහගන යනකොට බර වැඩි වෙනවාද


මිනී පෙට්ටියක් කරගහගන යනකොට බර වැඩි වෙනවා කියල මතයක් තියනවා , ඉස්සර කාලේ ඉදන් කියවෙන ආකාරයට තුංමංහන්දි  හතරමංහන්දි වලදී තමයිලු මේක වෙන්නේ , මටනං හිතෙන්නේ ඕක වෙනවා ඇත්තේ මෙහෙමයි.

සිහිය නැති වෙලා ඉන්න කෙනෙක් උස්සන කොට දැනෙන බර ගොඩක් වැඩියි සිහිය තියන කෙනෙක් උස්සනවට වඩා , මට හිතෙන්නේ එහෙම වෙන්නේ සිහි නැති කෙනෙක් ඔහේ පරඩැලක් වාගේ කඩා වැටිලා ඉන්න හන්දයි කියල

මැරිලා ටික වෙලාවක් ගිය කෙනෙක් පෙට්ටියක් නැතුව උනත් උස්සනකොට සැහෙන බරක් දැනෙනවා කියලා එහෙම අවස්තාවකට මුහුණ දුන්න කෙනෙක් ඉන්නවා නං දැන් මතක් වෙයි.

යම් බර දෙයක් කර තියාගන දුරකට යන කොට එන්ඩ එන්ඩ බර වැඩි වෙනවා .

ඒ වාගෙම තමයි දිග පුවක් ගහක් දෙන්නා එක්ක කරගහගන යනකොට දැනෙන බරට වඩා බරක් දැනෙනවා කොන්ක්‍රීට් වැට කනුවක් කරගහගන යනකොට

මිනී පෙට්ටිය උස්සගන යන කොට එකපාරටම  බර වෙනස් වෙනවා , සමහරක් වෙලාවට කලින් කරගහගන ගිහින් තව කට්ටියකට දීලා දෙවනි පාර කර දෙනකොට කලිනු තිබුනට වැඩිය බරක් දැනෙනවා

වමට හරි දකුනට හරි හැරෙනකොට .... උස්සගන යන අය අඩිය තියන රිද්මය වෙනස් වෙනකොට ..... කන්දක් නගිනකොට  එකපාරට බර වැඩිවෙනවා ....දරාගන්ඩ බැරි විදිහට ....එතකොට අපි කර දෙනවා හොදට .....පෙට්ටිය සහ බර අපේ කරට හොදට සෙට් වෙනවා .... ඉතින් එතන ඉදන් දිගටම බර තමයි

දෙනකට පලවෙනි පාර කර තියන්නේ පුරුදු කාරයෝ .....මාරුවෙන් මාරුවට උස්සගන යන්ඩ උසින් සමාන අය කන්ඩායම් බෙදිලා  හිටියත්  .....දෙවනි , තුන්වෙනි පාර කර ගහනකොට සාමාජිකයෝ  වෙනස් වෙනවා .....සමහරු හැලිලා ...... එක්කෝ වෙන මොකක් හරි උවමනාවකට දෙන ලගින් අහකට ගිහින්. ඔය ඉන්න කවුරුහරි කර තියනවා.

   නිදි මරල නොකා නොබී  ...පාං වෙලා ඉන්න උන් ....තමන්ගේ නෑයගේ මිනියට කරගහනවා කියල නිකං පෙට්ටිය අල්ලං යනවා .....( සමහරක්  උස්සං යනවා නෙමෙයි පෙට්ටියේ එල්ලිලා යනවා ) හරියට කර දීලා ඉන්න එකාට බුදු සැප.

අනික බාල ලී වලින් හදනවා කියුවට  මිනී පෙට්ටියකත් සැලකියයුතු බරක් තියනවා.

ඔය කාරනා ටිකත් එක්ක අපේ  යටි හිතට වැඩිහිටියෝ ඔබ්බලා තියන .....තුන්මං හන්දි කතාවයි .......යක්කු නගින කතාවයි ...කනත්ත ලංවෙනකොට පොඩි උත්තේජනයකුත් දෙනවා.

අනික තමයි ...ඔය යක්කු මිනීපෙට්ටියට නගින කතාවට ...මිනියට කර ගහන උනුත් උල්පංදං  දෙනවා....මොකද  හැමෝම මිනීවලට කරගහන්නෙත් නැති එකේ ...පොඩි පොරත්වයක් ...ලකුණක් දෙකක් දාගන්ඩත් පලුවන්නේ

‘‘ ඈ නිමල් අයියේ .... වැලි පාරෙන් මහපාරට ගන්නකොට පට්ට බරක්නේ ඕයි ආවේ ‘‘

‘‘ මගෙත් කොන්ද ඇඹරිලා ගියා ....මල්ලියා....‘‘

‘‘ කනත්තේ වැට පයිනකොටනං මට කෙදිරිගෑවෙන සයිස් ‘‘

‘‘ උඔ දන්නේ නැ ....අර ලයිසාච්චිගේ මිනිය ..ගෙනියනකොට ...බොරුනං අහපන්කෝ   උඹලගේ බාප්පත් එදා හිටියා ....  බර උහුලාගන්ඩ බැරුව කර මාරු කරනකොට තව ඩිංගෙං පෙට්ටිය බිම ‘‘

ඔන්න ඉතින් එතකොට ජීවිතේ පලවෙනි පාරට මිනියක් කරගහපු එකෙකුත් මැද්දට පයිනවා.

‘‘ ඇත්තටම ඇයි අයියේ එච්චර බර ...මං අදමනේ   මිනියක් කරගැහුවේ ...මං හිතුවේ මිනී පෙට්ටි කොහොමත් බරයි කියලා ‘‘

‘‘ ඔව්වා ඔහොම තමා බං ....  අන්න  මල බතට බෝතලෙත් තිබ්බා ...වරෙන්කෝ කන ගමං කියලා දෙන්නඩ ‘‘


// හිතට කාවැදිලා තියන දේවල් අයින් වෙන්නේ නැ , ලේසියෙන් අයින් කරන්නත්  අමාරුයි ......මොකෙකුටවත්  බය නැති මම එලියක් නොපෙනෙන අදුරට  හුස්ම හිරවෙන තරමටම බයයි //

මේ ගැන ඔබේ අදහස් දැනගැනිමට කැමැත්තෙමි



දිනියස් එකතුවට මා දැමු කමෙන්ටුවක් අනුසාරයෙන් ලියුවෙමි .....


2017-02-04

අනන්තයක් වෙනකං




වෙන ළමයි සැර කෙරුවහම
දුහලා මාරු වෙනවා
කොහේ හරි හැංගෙනවා
එක්කෝ තරහ වෙනවා
නැත්තං අඩනවා

ඒකටත් එක්ක උඹ
කපටි හිනාවක් දානවා
තාත්තේ මේ දන්නවද
චුට්ටක් ඇඹරිලා කිට්ටුවට
නගිනවා ඔඩෙක්කෙට

වැල් වටාරං ගොඩයි
වැඩියක් පණ්ඩිත වාක්‍ය
කාගෙවත් වැරදි නැ
කියන්නෙ වැරදිලාවත්
නොකියන්නෙත් නැ

එව්වට ඉල්ලුමක් නැතිකොට
ඔයා දන්නවද තාත්තා
මං දැං දන්නවා සීයට ගයින්ඩ
ඔයත් දන්නවද ගයින්ඩ
අනන්තයක්  වෙනකං

අනන්තයක් දන්නවද
නැ මං දන්නේ නැ
එහෙනං කියන්නේ
අනේ බඩ තඩියෝ
මොන්ටිසෝරි ළමයෙක් මම

මේ අහන්ඩකෝ මේ
අපරාදේ නේද කැපුවේ
අම්මගේ කොන්ඩය
ඇයි ඉතින් කැපුවට
මොකද ඒකෙන් ඔහේට

කොහේහරි යනකොට
අපිව වැටෙනවා වතුරට
පහල ගහගන යනකොට
ගොඩවෙනවා එගොඩට
එල්ලිලා කොන්ඩෙට