2018-05-01

මගේ හොදම ගුරුවරයා...



උපාධි ප්‍රදානෝත්සවයෙන් පසු ගෙවුනු මුල් දින කිහිපයේ එතරම්ම අලසකමක් නොදැනුනත් එන්න එන්නම අලසකම තදින්ම දැනෙන්නට පටන් අරන් ඇත්තේ දහවල් කාලයේ මා නිවසේ තනියම සිටින නිසා විය යුතුය. අම්මා අප අතරින් වියෝවන විට මට අවුරුදු පහලවක් පමණය. මගේ පියා ගමේ පාසලේම ගුරුවරයෙක් නිසාවෙන් අපටද ගමේ පිලිගැනීමක් තිබිනි. පවුලේ බාලයා වන මට වැඩිමහල් සහෝදරයෙකු සිටියි. තරමක දඩබ්බර ගති පැවතුම් වලින් යුතු ඔහු හංදියේ මුදලාලිගේ බසයේ රියදුරාය
.
අයියාගේ රියදුරු රැකියාවට අප්පච්චි තදින්ම විරුද්ධ වූවත් අයියාගේ ආසාව එයම විය. කුඩාකල සිටම කිසිවෙකුගේ බසට කන් නොදුන් ඔහු තමාගේ මතයම පමනක් ක්‍රියාවට නැංවූ අයෙකි. පාසල් අධ්‍යාපනයටත් වැඩි කැමැත්තක් නොදැක්වූ ඔහු සාමාන්‍ය පෙළ විභාගයෙන් පාසල් දිවිය නතර කලේය. ගුරුවරයෙකු වූ අප්පච්චිට මෙය මහත් කලකිරීමට ලක්වූ කරුනක් වුවත් , පාසලේ සිටි දක්ශතමයන් අතරින් මම ප්‍රමුඛතාවක් ලබාගත් බැවින් අප්පච්චි එතරම්ම කනස්සල්ලෙන් පසු නොවීය. මේ හේතුව නිසාම ගෙදරින් වැඩි ආදරයක් මට ලැබුනු බවක් හැගුනි..

ගෙවුනු පාසල් කාලය පිලිබඳ සිතුවිල්ලෙන් පියවි සිහියට ආවේ මිදුලට පැමිනි වාහනයක සද්දෙනි.
"බට්ටො කොහොමද භාණ්ඩේ"

අයියා හඩ අවදි කලේ මිදුලේ තිබුනු අලුත්ම වෑන්රිය පෙන්වමිනි.. කුඩාකල සිටිම කුඩා ඇගක් තිබුනු මට අයියා කතා කලේ බට්ටා නමිනි. ඒ නමින් මා ඇමතීමට ඔහුට තැනක් නොතැනක් නැත. ඒනිසාම ඒ නම මට මහත් හිසරදයකි.

"ශා.. මරුනේ.., ඉස්සෙල්ලාම දේවාලෙට ගිහින් එමු නේද.."

මම ඔහුට පිලිතුරු දුන්නෙමි...

"අනේහ් උබේ දේවාලේ තියාගනින්.., මහලොකු උපාධි කාරයා ඒ උනාට ඉන්නෙ හනමිටි කාලේ.."

සුපුරුදු බස් වහරින්ම මාව කපාදැමීමට අයියා වගබලාගත්තේය. මා දන්නා තරමට ඔහු මාත් සමග හිතෛෂිව කතාබහ කලේ අම්මාගේ අවමඟුල් වැඩකටයුතු වලදී පමනි. අනිත් සෑම මොහොතකම ඔහු ඇමතුවේ මාව පහත් කොටය...

"පොඩිපුතා ජොබ් ඇප්ලිකේශන් දාපු තැනට කට්ටිය අරන් ඉවරයිලු නේද.."
රෑ කෑම මේසයේ නිහැඩියාව නැති කරමින් අප්පච්චි හඩ අවදි කලේය.
"ඔව් අප්පච්චි.., ඒවා හරියන්න ඉතින් එලියෙන් සපෝර්ට් ඕනි"
මම පිලිතුරු දුන්නේ ලංකාවේ දේශපාලනය සිහිකරවමිනි.
"එහෙනං හෙට යමුකො ඇමතිතුමා හම්බවෙන්න.."
අප්පච්චි එසේ කියමින් නින්දට ගියේය.
"මහලොකු උපාධිය වැඩක් තියෙද බන් රස්සාවක් ගන්න බැරුව.. අපරාදේ අප්පච්චිගේ සල්ලි..."
මෙවැනි අවස්තාවක එකම සහෝදරයාගෙන් ලැබුනේ එවැනි ප්‍රතිචාරයකි.. සහෝදරත්වයක් හදවතේ කොනකවත් ගෑවි නැතැයි මට සිතුනි..
උදෑසනින්ම ඇමතිතුමා මුනගැසී අප්පච්චීත් මමත් ආපසු ගෙදර ආවේ නිමල් අයියාගේ ත්‍රීරෝද රියේය. නිමල් අයියා කුඩාකල සිටම අයියාගේ හොදම මිතුරාය. අයියාත් සමගම හංදියේ මුදලාලිගේ බස් වල වැඩට නිමල් අයියා ගියත් ඔහු එය අතරමග දමා දවස් කුලියට ත්‍රීරෝද රථ දුවන්නට විය. බස් රැකියාව අතරමග දමා එන්නට හේතුව කුමක්දැයි මා විමසූ කල නිමල් අයියා දුන්නේ මෙවන් පිලිතුරකි.
"අප්පෝ මල්ලි ඒක හරිගියේ නෑ.., අපි එතනට යනකොට අපිට එලවන්න බෑනේ, ඉතින් මුලින්ම කරන්න ඕනි ගෝල වැඩේ තමයි. ගෝල වැඩේ කරනකොට හැමදාම බස් හෝදන්න ඕනි, ගැරිජ් යන දවසට එතන බර වැඩ කරන්නත් ඕනි, මුදලාලිගේ ගෙදර වැඩත් කරන්න ඕනි මල්ලි, ඒ මදිවට පඩි දෙන්නෙත් නෑ එලවන්න පුරුදු කරන හින්දා ඔහොම අවුරුද්දක් විතර ගෝල වැඩේ කරලා තමයි එලවන්න පුරුදු කරන්නේ, පුරුදු කරනකොටත් ටොකු කාලා ඉවරයක් නෑ.."
නිමල් අයියා කතාව ඉවර කරනවාත් එක්කම පලවෙනි වතාවට අයියා ගැන දුකක් ඇතිවුනේ හිත පත්ලෙන්මය...
අප නිවසට පැමින සුලු මොහොතකින් අයියාද ගෙදර ආවේ
"අද හයර් අඩුයි" කියාගෙනය. ආලින්දයට වී පත්තරයක් බලමින් සිටි අප්පච්චිගේ හා නිවසට ගොඩවුනු අයියාගේ කතාබහ මට කාමරයට ඇසුනි.
"ඇමතිතුමා මොකක්ද අප්පච්චි කිව්වෙ?"

"ඊලග ඡන්දෙට වැඩ කරොත් උදව්වක් කරන්න බලන්නම් කිව්වෙ"

"උන්ගෙන් රස්සා හම්බෙනකොට කාලෙ හරි, බට්ටෝ මෙහෙ එනවා.."
අප්පච්චිත් එක්ක කතාව අතරතුර අයියා මටද කතා කලේය.
"ඇයි අයියේ.?"
දෙගිඩියාවෙන් යුතුව මම ඇසීමි.
වෑන් රියට ගොඩවන ලෙස අතින් පෙන්වමින්, ඔහු රියදුරු අසුනේ වාඩිවිය.. මද දුරක් ගොස් වෑන් රිය නැවැත්වූ ඔහු මට රියදුරු අසුනට යන ලෙස කීවත් කිසි දිනක වාහනයක් එලවා නැති මම පසුබෑවේ වාහනය මිලදීගෙන සතියක්වත් නොඉක්මවූ නිසාය. අයියාගේ බලපෑමටම රියදුරු අසුනේ ඉදගත් මා හට ළදරුවකුට මෙන් සියල්ල පැහැදිලි කරමින් රිය පැදවීමට පුරුදු කරන මොහු වෙනදා සිටින අයියා නොවීය.. විශේෂම දේ වන්නේ නිමල් අයියා පැවසූ පරිදි කටුක ලෙස, මහත් පරිශ්‍රමයක් දරා උගත් දෙය එකදු බැනුමක්වත් නොමැතිව මා හට පුරුදු කරන්නේ මන්දැයි මට සිතාගත නොහැකිය..
මෙලෙස දවස් කිහිපයක් පුරුදු වූ තැන දැන් ඇතැයි අයියාම තීරණය කොට රියදුරු බලපත්‍රය ලබගැනීමට අවැසි මුදල් මා අත තැබීය..
පසුව ඔහුගේ හිතවතෙකුගේ වාහනයක රියදුරු රැකියාවක් සොයා දී ඔහු පැවසුවේ
"ජොබ් එකක් හම්බෙනකල් මෙතන වැඩ කරනවා"

"තාත්තේ.. මහප්පලා ඇවිත්"
චූටි පුතාගේ හඩින් මගේ මුලු දැහැනම බිදී ගියේය. එදා අයියා මට පුරුදු කල රැකියාව නිසා අදවන විට මගේම බස්රථ තුනක හිමිකාරයෙක් වීමට මට අවස්තාව ලැබුනි. මගේ ජීවිතේට මුනගැසුනු ගුරුවරුන් සියල්ලම පාහේ මට ඉගැන්වූ දෙයට වඩා දෙයක් දැන සිටියත්, මා දැන් මුණගැසෙන්නට යන ගුරුවරයා, මගේ එකම සහෝදරයා මට ඉගැන්වූයේ ඔහු දැනසිටි එකම දේය..

"අයියා දැන්ද ආවේ.." මගේ පුතාව සුරතල් කරමින් සිටි අයියාගෙන් අසමින් මම පුටුවක් ඇද වාඩි වීමි. එයට පිලිතුරු ලෙස අයියා
"මං ආවේ උබව බලන්න නෙවෙයි බට්ටො, මෙන්න මෙයාව බලන්න කියමින්" ළමයාව වඩාගත්තේය.
බස්රථ වල සේවකයින් ඉදිරියේ අයියා මෙසේ ඇමතීමෙන් මගේ ලැජ්ජා නහරය කැපී ගියාක් මෙන් දැනුනි. කොපමණ කල් ගත වූවත් මාව අපහසුතාවට පත් කරන පුරුද්දනම් තාම වෙනස් වී නැත...


මම උස්සපු  එකක්


Shan Jayarathna කියල කෙනෙක්  ලියාපු  එකක් , මම දැක්ක තැන ලියපු කෙනාගේ  ලින්ක්  එකක්  තිබුනේ නැ

ඇල්. ආර්. බන්ඩාර මහතාගේ  පිටුවෙන් තමයි උපුටා ඇරං තිබුනේ ( එතන ලින්ක්  එකක්  තිබුනෙත් නැ )

අරුණාලෝකයේ  තමයි තිබුනේ

නිමලවංස මහත්තයා තමයි දාල තිබුනේ


8 comments:

  1. මොකක්ද බොල මේ බ්ලොග් එකට කරල තියෙන්නෙ.

    ReplyDelete
  2. මන් අටම්පහියෙන් අටම්පහුරට යන්න හෙණ ගේමක් දුන්නා....අන්තිමට උඩ කමෙන්ට් එක කියෙව්වා...

    ReplyDelete
    Replies
    1. අටම්පහිය අටම්පහුර උඩට ගත්තා මචං සොරි වේවා

      Delete
  3. චුට්ටක් විතර මොකක්දෝ වුණා ආපු ගමන්...

    ReplyDelete
    Replies
    1. දවසකින් දෙකකින් හුරුවෙයි ... පේලි තුනක් නැතුවට ... සියලු බ්ලොග් එකතු කරලා තියෙන්නේ

      Delete
  4. පයිය පහුරට දාල පහුර පයියට දාල ...අටම ගංජ ගහලද

    ReplyDelete
    Replies
    1. තිබුන පයියවල් ඔක්කොම අටංපහුර උඩට ගත්තා ඇනෝ ... පොඩි අවුලක් තියනවා තමයි ... එව්වා හිමිහිට මගඇරවලා දෙන්නං .... ඔතලා දුන්නට .... ටී , මිල්ක් ටී හදලා දුන්නට .... පිට් එකට උගුරක් දෙකක් ඇද්දට ... අටමට ඔය ගංජා ආතල් එපා වෙලා අවුරුදු විස්සකටත් වඩා පැනලා මචං ....

      Delete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Blog Archive

popular articles of today

Popular articles of this year

Always popular articles