2018-05-17

අහිංසක පොලිස්

මාස කීපෙකට උඩදි මනුස්සයෙක් ආවා ෆොටො දෙකක් ගන්න අයිඩී එකකට.

.

ඇදුමක් මාරු කරගන්න ඕන කිව්වම ඩ්‍රෙසින් රූම් එක පෙන්නුවම ගිහින් එලියට ආවෙ තරු 2ක් තියෙන පොලිස් යුනිෆෝම් එකක් ඇදගෙන.

.

මට පුදුම හිතුනා, සාමාන්යෙන් පොලිසියෙ අය දොරෙන් ඇතුලට එද්දි කියන්න පුලුවන් පොලිස් කියලා. බොහෝ විට එන්නෙත් යුනිෆෝම් පිටමයි. 

.

ඒ නැතත් ආව වැඩෙ කියන්න කලින් " මම අහවල් පොලිසියෙ" කියලා තමයි පටන් ගන්නෙ. ඊලගට සේරටම කලින් අහන්නෙ මිල ගනන්. අන්තිමට කේවල් කරලා ගාන අඩු කරලා ඒකෙනුත් කීයක් හරි අඩුවෙන් දීලා යන්නෙ.

.

ඔය බව අත්දැකිමෙන් දන්න නිසාම මම ගොඩක් වෙලාවට එයාලට මිල ගනන් කියන්නෙත් ටිකක් වැඩියෙන්.

ගොඩක් වෙලාවට PC ලා තමයි ඉතින් ;) .

.

ඒ ෆොටො එක අරන් ඉවර උනාම, තව එකක් ගන්න තියෙනවා කියලා ඇතුලට ගිහින් STF යුනිෆෝම් එකක් ඇදන් ආවා.

.

මන් ඒ වෙනකල් හිතන් හිටියෙ STF කියන්නෙ ආමි එකෙ එකක්, පොලිසිය සම්පූර්නෙන්ම වෙනස් අංශයක් කියලා. දෙකම කොහොමද එක මිනිහෙක් අදින්නෙ හොර අයිඩින්ටිවත් හදන්නද දන්නැ කියලත් හිතුනා.


.

මිනිහගෙ පොලිස් පාටකුත් නැති නිසා ( ඒ කිව්වෙ සිරිසේන වගේ කැද පාටක් නෙවෙයි, හොද උස මහත ඇගක් එක්ක පෞර්ශයක් තිබ්බට බොරුවට පුම්බන පුස් පාට් නැති නිසා ) තවත් සැක හිතුනා. 

.

ඔය ගැන අහන්න ගිහින් කුනුහරප අහගන්න වෙයිද දන්නෙත් නෑ කියලා කටවහන් ඉන්නත් හදලා ෆොටො දෙක එඩිට් කරන ගමන් ටිකක් වෙලා කතා කර කර හිටපු නිසා ශේප් එකෙ ඇහුවා.

.

අනේ මොකුත් නෑ පර්ස් එකෙන් එලියට අරන් අයි ඩී දෙකම පෙන්නලා විස්තර කරලා දුන්නා එහෙම අදින්න පුලුවන්. මේ දෙක විතරක් නෙවෙයි තවත් යුනිෆෝම් එකකුත් තියෙනවා මෙහෙමයි මෙහෙමයි කියලා.

.

පස්සෙ ෆොටො එක හිතුවට වඩා හොදට තිබ්බ නිසා වෙන්න ඇති තියෙන ලොකුම සයිස් එකට ලොකු කරලා ෆ්‍රේම් කරන්න ඕන කිව්වා. ඒකටත් ගනන් කිව්වම ඇඩ්වාන්ස් වෙනුවට කෙලින්ම කිව්ව ගාන ඔක්කොම දීලා හදලා තියන්න එන වෙලාවක ගන්නම් කියලා ගියා.
.

අද එයාගෙ වයිෆ් ආව ඒක අරන් යන්න. අනේ අර මනුස්සයටම ගැලපෙන ගෑණු කෙනෙක්. කිසිම අහංකාරකමක් නෑ. සෑහෙන වෙලාවක් කතා කර කර ඉදලා ගියෙ.

.

මම කිව්වා සර් වගේමයි මිසුත් හරි හොදයි. සාමාන්යෙන් පොලිසියෙ අය ඔහොම නෑනෙ කියලා. ඒක කිව්වට පස්සෙ හස්බන්ඩ්ගෙ වැඩ ගැන දැනගන්න සුලු සිද්දි ටිකක් කිව්වා. 

.

" එයා එහෙම තමයි, වාහනවල උනත් එයා යන්නෙ ලයිසන් ඉන්ශුවරන්ස් සේරම හරියට පිලිවෙලට තියෙනවනම් විතරයි. වැරදිලාවත් නතර කරොත් නිකන් රාලහාමිලා ලගට උනත් දුවනවා ඩ්‍රයිවින් සීට් එකෙන් බැහැලා අර සේරම අරගෙන පෙන්නන්න.

.

කිසිම හේතුවකට එයා පොලිසියෙ අහවලා කියාගෙන යන්නැ. දැන් අහවල් කෑම්ප් එකේ ඉන්නෙ. මේ පැත්තෙ ආවොත් මට කෝල් කරලා කියනවා තව හතරපස් දෙනෙක් එනවා කෑම හදන්න කියලා.


අර පොඩි කොල්ලො එයත් එක්ක එකට ඉදගන්න බයයි. ඒත් මෙයා " වරෙල්ලා බන් මේ ගෙදරනෙ කෑම්ප් එක නෙවෙයි" කියලා එක මේසෙ ඉදන් කන්නෙ.

.

එයා තත්වෙන් වැඩක් ගන්නැ. තත්වෙ හැටියට ඉන්න දගලන්නෙත් නැ. ඒ නිසා ගමේ මිනිස්සුයි, කෑම්ප් එකෙයි හැමෝම කැමතියි.

.

මමනම් ඉතින් එහෙම නෑ. මන් ටිකක් සැරයි. අනික වැරදි කරනවත් වැඩියි. ලයිසන් අනන් මනන් නිතරම අමතක වෙනවා. ඔය හිටපු ගමන් සේරම ගෙදර දාලත් යනවා.

.

දවසක් මහියංගනෙ පාරෙ ස්කූටරෙ පැදන් යද්දි වංගුවක ඉස්සර කරා විතරයි හැංගිලා හිටිය දෙන්නෙක් පැනලා නවත්තලා ලියන්නම හැදුවා.

.

නිකන් යන්න දෙන්න කියලා කෙදිරි ගාලා හරි ගියෙ නැති නිසා බැරිම තැන,

මන් කිව්වා ලියන්න එපා මන් IP xxxxx ගෙ නෝනා කියලා.

.

උන් කිව්වනෙ එයාට කෝල් එකක් ගන්න කියලා. සාමාන්යෙන් ඔය වගේ කේස් කියලා දන්න නිසාම එයා මගෙ කෝල් උස්සන්නැ. එදා එක පාරම ඉස්සුවා.

.

මන් විස්තරෙ කියන්න ගියාම එයා මුලින්ම ඇහුවෙ කරපු වැරැද්ද මොකක්ද කියලා විතරයි. ඊට පස්සෙ කිව්වනෙ "එයාලට ලියන්න කියන්න" කියලා. එක්කො ෆෝන් එක උන්ට දෙන්න කියලා උන්ටම ලියන්න කිව්වනම් ඒක එකක්.

.

ෆෝන් එක තිබ්බ ගමන් අර මොකුත්ම රෑන්ක් නැති නිකන් උන් දෙන්නා ඇහුවා " සර් මොකද කිව්වෙ? " කියලා.

.

මන් කිව්වා " එයා කිව්වා ලියන්න කියලා, මට මොකද මට ජොබ් එකක් නෑනෙ, එයාගෙ සල්ලිවලින්නෙ දඩෙත් ගෙවන්නෙ ඔයාලා ලියන්න" කියලා.

.

ඒ දෙන්නා හිනාවෙලා යන්න කිව්වා. ලිව්වෙ නෑ.



8 comments:

  1. මෙහෙම මිනිස්සු ඉන්නව කියල අහන්න ලැබෙන එකත් සතුටුයි...

    ReplyDelete
  2. පුදුමයි කියන්නනෙ පට්ට පුදුමයි

    ReplyDelete
  3. එළ කොල්ලෙක්.. හැබැයි ඉතින් ඌටම අවාසි වෙන වෙලාවලුත් තියෙනවා.. ඒ වගේම මේ දේවල් ඌ හිතේ කැමැත්තෙන් කරනවානම් අවුලක් නෑ.. මගේ පුද්ගලික අද්දැකීම නම් ලංකාව වගේ රටක ඕනෙවට වඩා පොලයිට් වෙන්න ඕනෙම නෑ.. මොකද හාල් කෑලි ගෝනි නැතුව කරේ යන්නේ එතකොට.

    ReplyDelete
  4. ජුන්ඩා නොහොත් චූ පැටියා.
    ඇත්තෙන්ම ජුන්ඩා කියන්නේ ලොකෙට අති අවශ්‍යම දෙයක්... ශරීරයේ යටි බඩට පහලින් ඇති කූරක් වැනි ව්‍යුහය අප ජුන්ඩා නොහොත් චූ පැටියා ලෙස හඳුන්වයි. උපත්තියේ සිටම ජුන්ඩාට ලැබෙන ගෞරවය ඔය හිල් වලට ලැබෙන්නේ නෑ..
    කුඩා කාලයේදීම අපට අමුතු ගැජට් එකක් වූ මේක පොළවට ලම්භකව දෝලනය කිරීමට වැඩි කැමත්තක් දක්වයි.
    ඒ සමඟම ඇති බෝල දෙක ජුන්ඩාගේ අගය දෙඟුන තෙඟුන කරයි. මෙසේ ආතල් එකේ සිටි ජුන්ඩාට.ජුන්ඩාගේ අයිතිකරුවා වැඩිවියට පත් වීමේ සිටම නොයෙක් තාඩන පීඩන වලට එල්ල වෙයි.. ඒ මක් නිසාද ජුඩු හිමියන් තම ජුන්ඩා අතට ගෙන අඩන තෙක්ම දෝලනයට ලක් කරයි..


    පුරුෂ ලිඟුව හා වයස අතර සම්බන්ධය

    (×>05) චූවා
    (06-08) චූ පැටියා ��
    (09-12)ජුන්ඩා ☺️
    (12-16) මීයා��
    (17-20) පයිය
    (20-30) අරක/මේක/මගේ එක ��
    (30-50)පක
    (50<×)බාව

    ඒ වගේම ජුන්ඩා නිසා සමාජයෙන් කොන් වූවන් ද සිටී ඔවුන් තනි ඇටයා,පොන්නයා යන නාම වලින් හැඳින්වේ...
    තවද ජුන්ඩා හිල් දෙසට ආකර්ශනය වන අතර ඇතැමුන්ගේ ජුන්ඩාවල් තවකෙකුගේ ජුන්ඩාට ආකර්ශනය වේ. මොවුන් කොල්ලෝ කාරයන් ලෙස හඳුන්වයි.
    මේ හා සබැඳි පරුෂ වචන
    පක,පකයා වේ..
    තවද ඔයිල් ලීක් නොකිරීම,කැඩී බිදී සුනු විසිනුව යන පෙට්ටියක් නොමැතිවීම නිසා ජුන්ඩන් හිමි පුද්ගලයන් නිතරම සතුටින් පසු වෙයි.
    හිල් හිමි අය ඇත්තියො,කාන්තාවන් ලෙස හඳුන්වන අතර ජුන්ඩා හිමි වුන් පිරිමියන්,පුරුෂයන් ලෙස හැඳින්වේ. සෑම කාන්තාවක්ම ජුන්ඩා ඉඳිරියේ දන නමා ගෞවරව කරයි.

    ලෝකයේ පැවැත්ම රඳා පවත්වාගෙන යෑමට මහඟු කර්තවයක් ඉටු කරන ජුන්ඩාව අප අපගේ පණ මෙන් රැක ගත යුතුය..
    ඔබටත් ජුන්ඩෙක් හිමිද එසේ නම් ජුන්ඩාට ගෞවරවයක් වශයෙන් මෙය නොවරඳවාම ජුන්ඩන් ඇති වුන් හට ⁣ශෙයාර් කරන්න.. මගේ යාලුවෙක් මේ මැසෙජ් එක කියවලා ශෙයාර් කරේ නෑ එයා දැන් පොන්නයෙක්....

    ReplyDelete
  5. පොලිස් විශේෂ කාර්ය බලකාය

    ReplyDelete
  6. පොලිෂ් පොලිස්

    ReplyDelete
  7. දැං කාලෙ පාරෙ යනවනං ඔයවගේ තනතුරක් තියෙන්ඩ ඕනෙ. නැත්තං ඒ වගේ කෙනෙක් අඳුරගෙන ඉන්ඩවත් ඕනෙ. නැත්තං අබසරණයි... සාදු සාදු සාාාදු...!!!

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Blog Archive

popular articles of today

Popular articles of this year

Always popular articles