2018-05-21

ආදර හැරී අයියා වෙත



ආදර හැරී අයියා වෙත,

ඔබ එවු ලිපිය ලැබුනා. මඟුල් ගෙදර එන්න බැරි වෙයි. මේ මාසෙට මඟුල් ගෙවල් තුනයි, තවත් නං බෑ වගේ. පුළුවන් නං රැවුල වවාගන්න,  එතකොට නිලමේ ඇන්දැහැකි කියලා එහා ගෙදර බිසෝමැණිකේ අක්කා කියන්න කිව්වා. ඒත් කෝකටත් ඔයාගේ රැවුල වැවෙන්නෙ නැති විත්තිය මෙගාන් අක්කට නං දැනගන්න තියන්න එපා,  මේ සමග පොල් පෝර ඇබිත්තක් එව්වා, උදේ සවස මූණෙ ගාන්න ඒක, හරි යයි.

ඉතිං අයියේ, ඔයා ඒ දවස් වල අපි එක්ක  ඇල ගාව චාර්ලිස් සීයලගේ ගේ ගාව වෙරළු ගහ යට වෙරළු ඇහින්ද හැටි අද වගේ මතකයි, ඒ දවස් වලත් ඔයා කැමති කවුරු හරි කාපු වෙරළු කන්න, මොකද එතකොට වෙරළු ගෙඩියේ පණුවෝ හිටියොත් කලින් කාපු එකාට ඉස්සෙල්ලම බඩේ ගාය එන නිසා. ඉතිං ඔයා කසාද බඳිද්දිත් ඔය තියරියම කරපු එකෙන් අපිට තේරෙනවා ඔයා තාම හිටපු හැරී අයියාමයි කියල. කලින් එකාට බඩේ ගාය හැදුනොත් ඔයා ටක් ගාල වෙන සෙට් වෙන්න තව වෙරළු ගෙඩියක් හොයල තියාගන්න, ඔයාගෙ තාත්තා කලා වගේ.



ඉතිං අයියේ, එලිසබෙත් ආච්චීයි, කැමිලා නැන්දයි ආදරෙන් මතක් කලා කියන්න, මේත් එක්ක අළුවා පාර්සලයක් ඇති, එයාලටත් දෙන්න. දැන් ඉතින් ඔය එපා කියද්දි ගත්තු සෙකන්ඩ් හෑන්ඩ් කාරෙක පුළුවන් තරං හොඳින් එලවන්න බලන්න, නැත්තන් වෙන ඩ්‍රයිවර්ලා ඕක පදින්න පටං ගනී. ඔයාලගේ තාත්ත ගත්තු බ්‍රෑන්ඩ් නිව් එකත් කොච්චර නං ඩ්‍රයිවර්ලා පැද්දද? ඔය වගේ ඇමරිකන් සෙකන්ඩ් හෑන්ඩ් කාර් කොච්චර එලෙව්වත් මදි කියල අහල තියනවා, උදව්වක් ඕන නම් කියන්න, අපිත් හොඳ ඩ්‍රයිවර්ලා තමා ඉතිං මෙහෙම හිටියට.

 එහෙනං මම නවතින්නම්.
ඔයාටයි මෙගාන් අක්කටයි බුදු සරණයි!


ලියාපු කෙනා නොදනි , ඇතුල් පෙට්ටියට ලැබුන එකකි

19 comments:

  1. පට්ටයි ඕයි...
    අපි නිකම්ම නිකන් ඩ්‍රයිවර්ල නෙමෙයි, පයිලට්ල....

    ReplyDelete
  2. බොලාට වැරදිලා ඔය පොටෝ කෑල්ලේ ඉන්නේ හැරියාගේ ලොකු අයියා විලියා. එකා නම් උපන්ගෙයි උපාසකයා පවුලට හරි ලැදියි. පරණ කාර් ගත්තේ නෑ. පවුලත් පහුගිය දොහේ බඩිං ඉදලා සරම් කෑල්ලක් වැදුවාද කොහේද.

    ReplyDelete
    Replies
    1. වැරදුනේ නැ බොල දැන දැනමයි දැම්මේ

      Delete
  3. මොකෝ මේ විලියොන් අය්යගේ පොටෝ කෑල්ලක් දාලා ඈ...?

    ReplyDelete
    Replies
    1. අටන් අයියා අයියා තිලක් අයියාගේ කාබනික මලක් ගහපු වෙලාවක ද කොහේද පොස්ට් එක දාලා තියෙන්නේ. අතුල් පෙට්ටියේ තියන් හිටියොත් කැඩෙයි කියාලා බයේ ඔන්න ඔහේ දාලා

      Delete
    2. දෙන්නම ඩයනගේ පුත්තුනේ අයියා මොකැ මල්ලි මොකැ

      Delete
    3. බොන කෙල්ලෙක් නං හා අම්මේ ... මල් ගහනවනං බැ

      Delete
  4. මගුල් ගෙදර නම් එන්න බැරිවෙයි.. ඒත් පස්සේ උදව්වක් ඕනි උනොත් ඕනි වෙලාවක.. හෙහ්..

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි මේකප් නොදාන ඒවට මනාපයි අපි

      Delete
  5. ඇංජිම හොඳනං සෙකන්ඩ් හෑන්ඩ් උනාට අවුලක් නැහැ කියලා හැරී අයියලා වගේ හොඳට වාහන පැදලා පුරුදු ඈයෝ දන්නවාය. අනික උන්දැලා වාහන ගන්නේ හොඳට ට්‍රයල් ගිහිල්ලා බලලාය. අපේ උන්දැලා අනුන්ගේ වාහන හොරාට පැද්දාට ගන්නකොට හොයන්නේ බ්‍රෑන්ඩ් නිව් ඒවාය. ඒවායේ ලෙඩ අහුවෙන්නේ ටික කාලයක් පදින කොටය. සමහරවෙලාවට බ්‍රැන්ඩ් නිව් කියලා සෙකන්ඩ් හෑන්ඩ් ඒවාට අහුවෙන වෙලාවලුත් නැතුවා නොවේ.වාහනේ හරියට සර්විස් නොකර පදින්න විතරක් යන උන්ට කෙළ වෙන්නේ වාහනේ වෙන උන් සර්විස් කොරන්ඩ ගෙනිහිල්ලා හොරාට ටුවර් එහෙමත් යන්ඩ ගත්තාමය.

    ReplyDelete
  6. අන්න ඒකයි මාත් කියන්නේ

    නැන්දම්මලා කෙල්ලන්ව ටුයල් පදින්ඩ එවන්ඩ
    අම්මලා අපිට ට්‍රයල් පදින්ඩ ඉඩ දෙන්ඩ
    කෙල්ලනේ් වරෙව් ට්‍රයල් පදින්ඩ


    හෝව් හෝව් තොපි දෙන්නා කොහෙද ඔය යන්නේ

    ඇයි තාත්ත කියුවේ ටුයල් පදින්ඩ කියලා ... නංගියි මායි මේ යනවා

    කොහෙද

    ට්‍රයල් පදින්ඩ

    ගහප් උස්සල පොලවේ ... දුහපියව් කෙල්ලො දෙන්නා ගේ ඇතුලට

    ReplyDelete
  7. හැරියා පට්ට ඩයල් එකක් ඔහොම හිටියට. ඇෆ්ගනිස්තානේ ෆ්රන්ට් එකේ හිටපු ඩයල් එකක්. Apache Helicopter pilot කෙනෙක්.. පොර ඔය එන්ජින් ගැන ඒ තරම් කරදර වෙනවා කියල හිතන්න අමාරුයි...

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Blog Archive

popular articles of today

Popular articles of this year

Always popular articles