2018-05-26

සියදිවි නසාගැනීම් සහ වලක්වාගැනීම..පොඩි පැහැදිලි කිරීමක්..

මම මේ ලියන්නේ ප්‍රේම සම්බන්ධ තා නිසා සිය දිවි නසාගත් අයගේ ආකල්ප සහ සමාජය ඒවාට මොකද කල යුත්තේ යන්න පමණයි..



ලංකාවේ නීත්‍යානුකූල නොවුනත් වෛද්‍ය වරයෙක් ලෙස මම මේ ගැන පරීක්ශනයක් කලා.. ඇත්තටම ඒ පරීක්ශනය තුලින් මට ඕන උනේ සියදිවි නසා ගත් පුත්ගලයෙක්ගේ මානසික මට්ටම හදාරන්න..



ඔබ ලගම අයෙක් සියදිවි නසාගත්තානම් නීතිය අනුව නොවුනත් ඔබත් ඒ මරණයට වගකිව යුතුයි..එය ඔබේ නොසැලකිල්ලෙන් සිදුවූ ඝාතනයක් ලෙසයි මම දකින්නේ. විශේෂයෙන් මම එතනදි දැක්ක සමාජයේ ලොකුම වරද තමා යම් යම් කාරණා නිසා පුත්ගලයෙක් සමාජයෙන් ඈත් කිරීම..විශේෂයෙන් දෙමාපිය අඩ දබර නිසා දරුවෙක් අපි නොදැනුවත්ව හෝ දෙමාපියන්ගෙන් ලැබිය යුතු රැකවරණය ආදරය සහ ආරක්ශාව නොලැබීමෙන් වැඩිහිටියෙක් වෙලා සමාජ ගත වීම ඉතා බයංකාරයි.




.ලෝකයේ මිලේච්ඡ කියා හදුන්වන සෑම චරිතයක් පසු පසම මෙකී කරුණු ඇති බව ඔබට අධ්‍යනය කලොත් දැනගන්නට ලැබේවි... මෙම තත්වයට ලක් වූ දරුවන් තනියම සිනහ වීම කතා කිරීම සිහිනෙන් දෙඩවීම සහ පිරිසක් නැතත් හඩ නගා ඔවුන් ඇමතීම යන ලක්ශන පෙන්වනවා.. බොහෝ විට ඔවුන් යම් යම් ක්‍රියාවලට ඉතා සමත්කම් දක්වනවා.. පසුව මේ අය සමාජගත වීමේදී ඔවුන් සීමා වුන රාමුව විහිදෙනවා සමාජය තුල..හරියට නිකම් අහසින් පහත් උනා වගේ..ඒකෙන් වෙන්නෙ දෙකයි..එක්කෝ මොවුන් එම සමාජයට හසුවෙනවා..එක්කෝ සමාජය මොවුන්ට හසුවෙනවා...



මේ දෙකම බරපතළයි ..



සමාජයේ මොවුන් තනි උනොත් මොවුන් සමාජය තමා වෙතට ඇදගැනීමට විවිධාකාර දේ කරනවා..සමහර විට ඉතා නරක දේ වෙන්න පුලුවන්.. හොද දේ වෙන්නත් පුලුවන්..හොද දේ උනොත් ඇත්තටම මෙතෙක් කල් ආ තනිවූ සමාජ දෙමාපිය අසාදාරණයට ලක් වූ පුත්ගලයා ලෝකයේම පිලිගත්තෙක් බවට පත් වෙනවා..එය නරක දේ උනොත් වෙන්නේ දරුණු දෙයක්.. ඇතැම් විට සමාජයෙන් තනි වූ ඔවුන් සිදුකරන ක්‍රියා වයසට නොගැලපෙන ක්‍රියා.. මේවා සමාජයේ ඔබ මම දකිනවා..නමුත් කිසිවක් කරන්නෙ නෑ..අන්න එතනයි ඔබ සහ මම වරදකරුවන් වෙන්නේ මෙකී ජීවිතය ගැන...



මෙවැන්නන් බහුතරයක් ප්‍රේමය යන මාතෘකාව තුල සාදාරණ අය.. සහ එයට ඇබ්බැහි වෙන අය..බොහෝවිට ප්‍රේමවන්ත අය ..එහෙත් බාහිරය එසේ උනත් අබ්‍යන්තරය තුල ආදරයේ ඒකාධිපති ක්‍රමයක් තමයි මෙයාලගේ තියෙන්නේ.. අනෙකා වහලෙක් වහලියක් කරගෙන හෝ ආදරය ලබා ගැනීමයි අරමුණ... හේතුව තමයි මේ අය ජීවිතය තුල නොලැබුනු එකම දේ ආදරය වෙනුවෙන් අන්ධයි ඔබට මටත් වඩා..ඒ සදහා ඔවුන් ඕනෑම දෙයක් කරාවි..විශේෂයෙන් අත පය කපා ගැනීම වැනි ලක්ශන සිත් බිදීම් වලදි මෙයාලා සිදුකරනවා...



ඉතින් මේ අයට ලංවෙන අයට ඉස පුරා ආදරයක් ලැබෙනවා.. හැබැයි ඒකදි වෙන්නේ ගැටහහපු බල්ලෙක්ට හොදින් සලකනවා වගේවැඩක්.. මේ අයගේ ආදරයෙදි අනෙක් පාර්ශවයට වෙන්නේ එහෙමයි...ගැට ගැසීමක් නිදහස අහිමි කිරීමක්..හැබැයි මේ අය ඒක කරන්නේ සිතලා නෙමේ බයට ..මෙයාලම කියනවා ඒක තමයි හොදම ආදරය කියලා.. මෙයාලට තේරෙන්නෙ නෑ විශේෂයෙන් නිදහස කියන එක අනෙක් ජීවීන් බලාපොරොත්තු වෙන බව..ඒකට හේතුව තමා ජීවිතය තේරුම්ගන්න කාලයේ මෙයාලා සමාජයෙ ඔබෙන් මගෙන් කොන් වී හිර වී සිටීම



ඉතින් මේ අය එක්ක ජීවිතය ගත කිරීම පහසු නැහැ.. ඒ වගේම මේ අය නිතරම ඒකාධිපති මත දරන අය.තමන් හරි කියන න්‍යාය තුල ජීවත් වෙන අය..තමන් හරි කියන්න මෙයාලා ඕනෑම දෙයක් කරනවා..ඒකේ බරපතළ ම එක සියදිවි නසා ගැනීම එක්කෝ මරාගෙන මැරීම



හිතන්න එල්ටීටීඊය තම සාමාජිකයෙක් විමුක්තිය උදෙසා මරාගෙන මැරෙන්න එවන්නේ දවසක් දෙකක පුහුණුවකින් නෙමේ ශාරීරක පුහුණු ව්‍යායාම වලට වඩා එයාලා මාස අටක් මානසික පුහුණුවීමක් ලබා දෙනවා.. ඒ ඔස්සේ බිහිවෙන පුත්ගලයා තමයි සිය ගනනක් එක්ක මරාගෙන මැරෙන්නේ..එතකොට අපි දකිනවා පෙම්වතිය ඇගේ පවුල එක්කම ඇතැම් අය මරාගෙන මැරෙනවා..ඒ එල්ටීටීඊය පුහුණු කරලද නෑ..එල්ටීටීඊය පුහුණු කරපු ටික වසර ගනනාවක් පුරා සමාජය විසින් ඔහුට පුහුණු කරනවා..අන්න ඒකයි මම කියන්නේ සෑම සියදිවි නසාගැනීමකම හරි අඩක වගකීමක් සමාජය මත වැටෙනවා කියලා



ඉතින් මම කිව්වා මේ අයගේ ප්‍රේමය ඒකාධිපති ක්‍රමයක් කියලා... ඒක හරියට ඒකාධිපති පාලකයක්ගේ දැඩි නීති වගේ උදාහරණයක් ලෙස ජර්මනිය හිට්ලර් සංවර්ධනය කලා..එයාට හරස් උන අයව මැරුවා..අහලා තියෙද හිට්ලර් පොඩි කාලේ ගස් එක්ක කතා කලා කියලා..හ්ම්ම්.හිට්ලරුත් අවසානේ සිය දිවි නසා ගත්තා..දැන් මම කියපුවා හරි වගේ නේද



මේ අයගේ ඒකාධිපති ප්‍රේමය එකපාරට වටහා ගන්න අමාරුයි..ඇයි මේ අය මාර ප්‍රේමවන්තයි නේ අන්න ඒ නිසා..ඒත් මෙයාලගේ ප්‍රේමයේ නීතිය වටහාගැනීමට පසුකාලීනව එක මැසේජ් එකකට රිපලයි කිරීමට ඔබට අතපසු උනොත් සත්තකින්ම බලාගන්න පුලුවන්..ඇතැම් විට නොමනා පරුශ වචන වලින් ඔබව වෙනත් අයෙකුට පාවාදීම් වලින් ඔබට තර්ජ්නය කිරීම් වලින් මේ අය පිලිතුරු දෙනවා..



හැබැයි පැය බාගයයි පැයයි වරුවයි උපරිම දවසයි..මේ අය හඩා වැටෙනවා..ආදරේටනේ මම එහෙම කලේ..මට දුකට මාව පාලනය කරගන්න බැරි උනා". අන්න අවස්තාව..අන්න අවස්තාව..එයාම ප්‍රකාශ කලා..එයා මානසික රෝගියෙක් උනා සමාජය නිසා.. දැන්ම එයාට ප්‍රතිකාර අවශ්‍යයි 

.එත් ඔබ ඒ බව මග හරිනවා..ඉතින් තවත් ප්‍රශ්නය ඇදෙනවා...



පසු කාලීනම මොහු හෝ ඇය එක්ක ඔබට ජීවිතය ගත කිරීමට අපහසුයි..ඔබ වෙන්වෙනවා.. ඒක දරාගන්න බැරුව ඔවුන් පස්සෙන් එනවා.හඩා වැටෙනවා..හරි මම ඒ විදියට ඉන්නම් කියනවා..කකුල් අල්ලලා වදින්නම් කියනවා.. ඒ තමා මුල් අවාතාව..මේ රෝගීන් ගේ..අවසානයේ ඔබ එකග නොවුනහොත්.. තත්වය දරුණු වෙනවා.. මම මැරෙනවා ඕයි..කාටත් නොපෙනෙන්න මැරෙනවා..



මෙන්න මේ ප්‍රකාශය ගමු.. මේ අය මැරෙන බවට කියනවා..කාටත් නොපෙනෙන්න?... ඇයි ඒ.. ඔබ වෙනුවෙන් ද..නෑ සියදිවි නසාගත් ප්‍රේමවන්තයන්ගෙන් වතියන්ගෙන් කාටත් නොපෙනෙන්න මැරුණ අය ඉතා අඩුයි..ඒ කියන්නේ බොරුවක්..මේ අය මැරෙන්නේ මාර සැලසුම් සහගතව



අපේ මාතෘකාව සියදිවි ගැන මිසක් මරාගෙන මැරීම ගැන නොවෙන නිසා අපි ඒ ගැන කතාකරමු...



මෙවන් අවස්තාවල සියදිවි නසා ගන්නා අය මුලින්ම කරන්නේ ඩීටේල්ස් නැත්නම් තොරතුරු ඒකරාශි කරගැනීම..පත්තර වල සියදිවි නසා ගත් තොරතුරු රූපවාහිනියෙන් රේඩියෝවෙන් මේ අය ඒ ගැන විස්තර ගන්නවා.. ආසම ක්‍රමය වේලාව.. තැන ගැන මොවුන් තනියම සැලසුම් කරනවා විතරක් නෙමේ බොහෝවිට ඒ ගැන දෙතුන් දෙනෙක්ට කියනවා..ඉතින් ඒ ගොන්නුත් පිස්සුද මූ නැත්නම් ඒකි ඔය දුකට කියන ඒවා එහෙම කරගන්නෙ නෑ උගත් නේ බුද්ධිමත් නේ නගරෙනේ ගමේනේ ...



බම්බුව සියදිවි නසා ගැනීමට සීමා මායිම් නෑ..ඒවගේම එකපාර සියදිවි නසා ගත් අයත් නෑ..හොදට ප්ලෑන් කරලා තමයි මේ අය කරන්නේ... ඒ වගේම සුලුතරයක් හොදින් ඉන්න මම ගියා කියලා මැරුණට මේ අය සියදිවි නසාගන්නෙ ජීවත් වෙලා ඉන්න අයගෙන් පලි ගන්න.. මෙයාලා හිතනවා මම මලාම තේරේවි..අඩාවි..එයත් මැරේවි..ගමේ උන් ඒකිට හොදට කියාවි..ඌට ගමේ උන් බනීවි..අපේ අම්මලා තාත්තලත් හොදම වැඩේ ඔන්න ඔහොමයි එයාලගෙ අවසාන මොහොත..



ඒ වගෙම මෙ අය රියසල් කරන්නත් අමතක කරන්න් නෑ..සියදිවි නසාගන්න ප්‍රදේශය බූ විශමතා අනුව වෙනස් වෙනවා..ලගම තියෙන මූද වල රේල් පාර වැව නියගලා කනේරු රජරට නම් වස ලග තියෙන ආයුධ ඕන එකක්...මෙයාලා ට්‍රයි කරනවා



මේ අය අනිවාර්යයෙන් ම එක් වතාවක් හෝ එම තෝරාගත් ස්තානය පරික්ශා කරනවා..හිතින් මවා ගන්නවා.. පස්සේ ආයෙම කාටහරි කියනවා..මට මැරෙන්න හිතෙනවා බන් කියලා මරණය සාදාරණය කරනවා...



අවසානේ මේ අය වැඩේට බහිනව... එක වෙන්නේ එක පාරට.. කාලා නිදාගන්න යන ගමන්..කඩේ යන ගමන්..අන්න එහෙම..ඒකයි එකපාරට කරගත්තා කියන්නේ..ඒත් එකපාරට කරගත්තට ප්ලෑන් එක ගොඩක් කල්..



#ඉතින් එහෙම සියදිවි නසාගැනීමක් වැරදුනොත් අපි මොකද කල යුත්තේ?



වස බීම එක්කෝ එල්ලුනු කඹය ලිහීම නැතිනම් අන් අයෙක් විසින් වලක්වා ගැනීම යන කරුණු උඩ සියදිවි නසාගැනීමක් ව්‍යර්ථ වෙන්න පුලුවන්..එහෙම බේරාගත්තම කරන්න ඕන මුලින්ම වටව්ලා..තොට හෙනගහපිය මෝඩ මූසලයා කියන එකද..එහ්ම උනොත් ඊලගට වෙන්නේ බෝ විට එහෙම කියපු එකාවත් මරාගෙන අරූ මැරෙනඑක..එක්කෝ බරපතළ මානසික රෝගියෙක් බවට පත් වෙන එක..



කලයුත්තේ සන්සුන් කරවීම මේ අවස්තාවේදී ඔවුන් අඩනවා..කිසිම විටෙක වලක්වන්න එපා අඩන්න දෙන්න...හේතුව දැන දැනත් ඇයි ඒම කරගත්තේ කියලා අහන්න යන්න එපා..වහාම නිදහස් පරිසරයකට රැගෙන යන්න... ඔහු ටිකක් හෝ විශ්වාසය තැබූ අයෙකුට කියලා ඔහුගේ සිත හදන්න..අනාගත බලාපොරොත්තු ගැන මව පියා ගැන සෙමෙන් මතක් කරවන්න .. මූදේ ඉන්නේ එක මාලුවා නොවෙන බව ටිකක් ආදරෙයෙන් කියලා දෙන්න...



දැන් දෙක..රෝහල් ගත කලොත්..



මෙතනිදී ටිකක් සංකීර්ණයි



විශේෂයෙන් ලංකාවේ ගොඩාක් රෝහල් කාර්‍යමන්ඩලය මෙහෙම නැති උනත් බහුතරයක් කරන්නේ වහ බීපුඑකාට නැත්නම් වෙනත් ක්‍රමයකින් සියදිවි නසාගන්නට තැත් කල එකාට හොදටෝම හමන්න එක...



ඒක ඉතාමත් වැරදී මේ අයට අනිවාර්යයෙන් ම විශේශ මානුශික ලංවීමක් අවශ්‍යයි.. එසේම මොවුන්ට මුලින්ම බොන්න දෙන ද්‍රාවනය දෙන කොට තෝ මැරෙනවා මැරෙන්න ඕන නැත්නම් බීපං කිව්වට පස්සේ මේ අය කරන දේ හාස්‍යජනකයි.. එක මෙගා බෝතලයක් වෙනුවට දෙක තුන බොන අය ඉන්නවා එකපාරට..මැරෙන්න බයට..



ඒ කියන්නේ මම කිවේ උඩ මේ අය ඉක්මමනට කම්පා වෙනවා කියලා..ඔය ක්ශනික කෝපය තියෙන අයත් පරිස්සම් වෙන්න.. ඊලගට මෙයාලා බොහෝවිට දාන්නේ විශ ශරීර ගත අයගේ වාට්ටුවලට එහිදී විශේෂයෙන් අනෙක් රෝගීන් සහ හිතවතුන් බොහෝ දෙනෙක් මේ අයට දොස් පවරනවා.. පිස්සෙක් මෝඩයෙක් ලෙස එය වෙන්න ඉඩ තියන්න එපා.



.එසේම මේ අයට සුවය ලැබුනත් ටික දවසක් යනකම් මුත්‍ර සාම්පල පරික්ශා කිරීම වැදගත් බොහෝ විට ශරීර ගත වූ විශ හේතුවෙන් ශරීරයේ කොටස් දියවීම කැබලි වීම සිදුවිය හැකියි..එවන් රෝගීන් ඕනෑතරම් මුත්‍ර බටය දිගේ යන රෝස පාට කැබලි වලින් හදුනා ගත් වහාම දැඩි සත්කාර ඒකකයට යොමු කරනවා..



හොද උනාට පස්සෙයි මේ ටික..



අනිවාර්යයෙන් ම මානසික වෛද්‍යවරයෙකු වෙතට යොමුකරන්න..ඒත් කනගාටුවට කරුණ වෙන්නේ මුදල පසුපස හබා යන ඇතැම් වෛද්‍ය වරු ඉතා ඉහල ගානක් එක විනාඩි පහලවකට අය කරනවා.. රජයේ රෝහලකින් ප්‍රතිකාර ගැනීමයි ඉතා සුදුසු..මොකද මේ අයගේ දුක අපි අහන්න ඕනි..ඉතාමත් සන්සුන්ව ආදරෙන්..



මුදල් වලට චැනල් කරන වෛද්‍ය වරයා දුක නෙමේ හබා යන්නේ මුදල්..විශේෂයෙන් මෙවන් අය ආර්තික අපහසුතා ඇති අය..ඉතින් කමක් නෑ මලේ නෑනේ කියලා ගොඩාක් බාරකාරයෝ මෙයාලව මානසික වෛද්‍ය වරයෙක් ලගට ගෙනියන එක කරන්නෙ නෑ..අන්න ඒකට රජයේ රෝහල් වල තියෙනවා වෙනම එවන් අයට සුව සරණ කියලා අංශයක්.



.ඒක තියෙන්නේ මේ වගේ අයට විශාධ්‍යෙන් පෙලෙන අයට..පූර්ණ රහසිගත බාවය එක්ක මනා ප්‍රතිකාර ලබා ගන්න පුලුවන්..විශේෂයෙන් මේ අයට ඇහුම් කම් දීමට එම අංශයේ වෛද්‍ය වරු පැකිලෙන්නෙ නෑ... ඒ නිසා එයයි එකෙන්ම කල යුත්තේ..



හැබැයි එහෙම නොවුනොත් මේ අය දෙවෙනි පාර උත්සහය වරද්දා ගන්නෙ නෑ..හේතුව එහෙම බහුතරයක් යලි සියදිවි නසාගෙන තියෙනවා.. සිම්පල් වැඩක් ලෙස මෙයාලා තනියෙම උද්‍යෝගීමත් වෙනවා.. ඉතින් කල යුත්ත මම පැහැදිලි කලා.. කරන විදියත් වෙන විදියත් වලක්වා ගන්න විදියත් මම කිව්වා...



කරන අවසාන ඉල්ලීම මේ ලක්ශන ඇතිඅයව කොන් කරන්න එපා.. ඒ අයව සමාජ ගත කරන්න... දරුවන්ට අවධානය යොමු කරන්න..



එහෙම උනොත් අපිට ලෝක ශ්‍රේනිගත් කිරීම් වලට අනුව සියදිවි නසාගැනීම් වලින් ලැබුන අංක එක අහිමි කරගන්න පුලුවන් වේවි..



Charith Janapriya විසින් මුහුනුපොතට ලියන ලද්දකි

5 comments:

  1. රොබට් නොක්ස් ගේ පොතේ තියෙනව , ඉස්සර ලංකාවේ යම්කිසි කෙනෙක් සියදිවි නසා ගත්තොත්, රජතුමා මුළු ගමටම විශාල දඩයක් ගහනවලු.
    ඒ කාලේ ගමක වැසියන් අතර තිබුන සමීප සම්භන්ධතා අනුව ඒක සාමූහික වගකීම පිලිබඳ නිදර්ශනයක්.
    ලිපියෙත් ඒ අදහස ගැන කතාකරලා තිබුන නිසයි දැම්මේ.
    Mundeer

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ එහෙම වෙනව ඇත්තෙත් කලාතුරකින් ... අදටවඩා මිනිස්සු සමීපනිසා

      Delete
  2. අපේ ගම්වල ටැමරෝන් තමයි

    ReplyDelete
    Replies
    1. රෙද්දක් කියනවා ....... වහ කදුලක් මාකට් එකේ නෑ බං බං මල්ලියා

      Delete
    2. කෝල් එකක් දාල අහලා බලහං

      Delete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Blog Archive

popular articles of today

Popular articles of this year

Always popular articles