2018-05-07

සමාවන්න


මෙතෙක් කලක්  මා සමග රැදි උන් සියල්ලනි ... යම්කිසි අපහසුතාවයකට පත්වන්නේ  නම් සමාඋව මැනව

මින් පසු අටම්පහුර , අටම්පහිය , ස්ටිච්මෙක් , සහ මහනමැසිම යන නම්වලින් වෙන වෙනම බ්ලොග් අඩවි පවත්වාගන යාමක් සිදු නොවන අතර ... ඒ සියල්ල අටම්පහුර බ්ලොග් අඩවිය වෙතට එක්කරනු ලැබේ.

අටම්පහිය නම් මාගේ බ්ලොග් සින්ඩිකේටරයක් වාගේ  බ්ලොග් රෝලට ඔබ ලබාදුන් සබැදියන් එලෙසින්ම ක්‍රීයාත්මක වන අතර ... එය ක්ලික් කල සැනින් ... අටම්පහුර බ්ලොග්  අඩවිය වෙතට පැමිනීම සිදුවන අතර , ඒ සදහා අටම්පහුර බ්ලොග් අඩවියේ මැද කොටසේ ඉහල කෙලවරේ ....බ්ලොග් අඩවියේන් 50% ඉඩ ප්‍රමාණයක් වෙන්කර ඇති අතර , එක්වරකට බ්ලොග් අඩවි 25ක්  අවසන් ලිපිය පලකල වේලාව මූලික කරගන යවත්කාලිනවන අතර ,   Show All  බොත්තම එබීම මගින් පිටුව මත දිස්වන බ්ලොග්  අඩවි 25 ට කලින්  ලිපි පලකල බ්ලොග්  අඩවි වල ලිපි කියවිය හැක.

දැනට මා දුටු සියලු බ්ලොග් අඩවී මෙම ලයිස්තුවට ඇතුලත්ව ඇති  අතර , අටම්පහියට එක්ව තිබී මගහැරුන   කිසිවක් ඇත්දැයි දැනට පරික්ෂාකරමින් සිටින අතර ... ඔබේ බ්ලොග්  අඩවිය අටම්පහුර නවතම බ්ලොග් රෝලට ඇතුලත්ව නැත්නම්  atampahura@gmail.com  වෙතට බ්ලොග් ලිපිනය එවීමට කාරුණිකවන්න.


පසුගිය මාස 12ක් තුල එක් ලිපියක් හෝ පලකල සිංහල බ්ලොග් අඩවි 746ක් අටම්පහුර බ්ලොග් රෝලට එකතු තර ඇති අතර .... වසර කිහිපකින් ලිපි පලනොකල මා කැමති ... සහ ...  හරවත් සහ රසවත් බ්ලොග් අඩවි කිහිපයක් කොයියම් මොහොතකහෝ ලිපියක් පලකරනු ඇතැයි අදහසින්  ඇතුලත් කර ඇති නමුත් තවත් කෙනෙකුට අවස්ථාව ලබාදීමට සහ අටම්පහුර බ්ලොග් අඩවිය මංධගාමී වීම වලක්වාගැනීම සදහා මාස 12ක් තුල ලිපි පල නොකල බ්ලොග් අඩවී ඉවත් කරනු ලබන අතර , අළුත් ලිපියක් පලකිරීමෙන් පසු එම ඉවත්කල බ්ලොග් ඊමේල් පණිවිඩයක් මගින් බ්ලොග් ලිපිනය එවීමෙන් නැවත එක්කරගත හැක.

අලුතින් ආරම්භකරන බ්ලොග් අඩවිගැන අවදානයෙන් සිට ඒවා  දුටු සැනින්  බ්ලොග්  රෝලට එකතු කරන අතර ........... කාලයක් ලිපි පලනොකර ඉවත් කල බ්ලොග් අඩවියක් යවත්කාලිනව ඇතැයි දුටුවහොත් ... ඊමේල් මගින්  කරනු ලබන ඉල්ලීමක් නොමැතිව උවද එක්කර ගැනීම සිදුවේ.

කලින් අටම්පහිය වෙතට තමන්ගේ බ්ලොග් අඩවියෙන් සබැදියක්  ලබා දුන් අයට සහ , අළුතින් එක්වන අයටත් , දැනට මාගේ බ්ලොග් අඩවියට සබැදියක් ලබාදී නොමැති අයට ... තමන් කැමතිනම් පමණක් , තමන්ගේ අඩවියට පහත  සදහන් කේතය එක්කරගනිමින් මගේ අඩවිය වෙත සබැදියක්  ලබාදෙන මෙන් කාරුනිකව ඉල්ලා සිටිමි


<a href="https://atampahura.blogspot.com//" target="_blank">
<img src="https://4.bp.blogspot.com/-zU1dgwSkaIw/WOM9B_56JmI/AAAAAAAAF5k/NGT0UED5Pgw-oRfHGtqsDcXazNSCFA96QCLcB/s1600/%25E0%25B6%25B4%25E0%25B7%2599%25E0%25B6%25A9%25E0%25B7%2592%2B%25E0%25B6%25B6%25E0%25B6%25B1%25E0%25B6%25BB%25E0%25B7%258A%2B%2B%2B222.jpg" width="250"height="100" border="2" style="border:4px solid #080F21;"alt="" />
</a>

එය සිදුකරන ආකාරය

Design ක්ලික් කරන්න dashboard එකට යන්න Layout ක්ලික් කරන්න Add a Gadget ක්ලික් කරන්න HTML/JavaScript සිලෙක්ට් කරන්න Content වලට මේ ඉහල තියන JavaScript එක පේස්ට් කරල save කරන්න.

මින් ඉදිරියට අටම්පහුර බ්ලොග් අඩවියේ පලවන ලිපි .... ඉහල මැද විශාල බ්ලොග් රෝල ඇති තීරුවේ  යවත්කාලින බ්ලොග් පසුකරමින් මදක්  පහලට පැමිනීමෙන් කියවිය හැකිය.

 වම් පස කුඩා තනි තීරුවට ... මහන මැෂින් සම්බන්දව පලවන ලිපි පමනක් එක්කරනු ලැබේ.

දකුණු පස කුඩා තීරු දෙක  අටම්පහුරට පලකල ලිපි ... එම දිනයට , එම සතියට , එම මාසයට , එම වසරට , පෙර වසරට සහ බ්ලොග් අඩවිය පටන්ගත් දින සිට ඔබ දකින මොහොත දක්වා වැඩි දෙනෙක් කියවු .. ලෙස ... වර්ගීකරනයන් හයකින්  කියවීමට හැක.

බ්ලොග් අඩවියේ මැද විශාල කොටසේ  බ්ලොග් රෝල , බ්ලොග් පොස්ට් එක පසුකරමින් පහලට යමින් ... අමතර ගැජට්  සහ ... වෙනත් උපාංග සහ පහසුකම් දැකගත හැක.

වම්පස කුඩා තීරුව මහන මැසිම නමින්ද , මැද විශාල තීරුව අටම්පහිය ලෙසින්ද , දකුණු පස කුඩා තීරු දෙක අටම්පහුර ලෙසද නම්කරනු ලබමි.

උපුටාගැනීම් වෙන වෙනම ලේබල් කරමින් ... අදාල ලිපිය උපුටාගත් තැන සහ පළකල කෙනා වෙතට සබැදියක් සමග පලකරනු ලබන අතර ...  පෙර පරිදිම .... මා විසින් ලියනු ලබන දෑ පෙර මෙන්ම බ්ලොග් අඩවියට එකතු කරනු ලබන අතර .... මා විසින් අටම්පහිය නමින් නම්කල  ඉහල කෙලවරේ හරි මැද පිහිටි බ්ලොග් සින්ඩිකේටරයක් වාගේ මෙව්වා එක පසුකරමින් පහලට පැමිනීමෙන් කියවිය හැක.

ස්තුතියි


නවත වරක් කාරුනිකව ඉල්ලනේ ............ වාත කලාට සමාවෙන්න





31 comments:

  1. Replies
    1. අම්මපා බෝ හා කීව හැටි
      චික් විතරක් මුගේ මුළු පොස්ට් එකම ඉවරයි

      Delete
    2. හා හා ඌට මොකුත් කියන්ඩ එපා ... අහස වාගේ ඉන්න එකා

      Delete
    3. ප්‍රසන්න බ්ලොග් එකත් මේකේ තියෙනවැයි?

      Delete
  2. බ්ලොග් එකට ආවම ලිපිය කියවන්න පොඩ්ඩක් වැඩිපුර පහලට ස්ක්‍රෝල්කරන්න වෙනවා.එච්චරයි අවුල

    ReplyDelete
    Replies
    1. ඒකනේ රත්තරනේ .... ඒ අස්සේ මං මගේ ආතල් එකත් ගන්නවා .... නෝනත් සතුටෙං බබත් සනීපෙන්

      Delete
  3. එහෙමයි තුමනි! එසේ කරන්නම්.

    ReplyDelete
    Replies
    1. මේ ඒක නෙමෙයි නැද්ද මොකවත් ලියන්නේ පරණ කතා ඉස්සර එව්වා ... පැණි හද කනවද මන්දා තාම ...

      Delete
    2. ලියනව ලියනව. ලඟදි දාන්නම්.

      Delete
    3. ලගදි කියන්නේ කවද්ද ඉක්මනට දා

      Delete
  4. අටං තුමනි ඔබ බ්ලොග් ආකාසයේ පෑයු පුර හදයි.. රන් තරුවයි...මිණි කිරුලයි.....එ නමුදු දැන් ලින්ක් එක කිලික් කල සැනින් වෙන්නෙ මොකදැයි නොතේරේ

    ReplyDelete
    Replies
    1. මදුරු කොයිල් පැකට් එකේ ඉතුරු වෙලා තිබුන කොයිල් අටම හැනපියර් බාගේ උඩට කාල , තිබුන ඔයිල් කෑන් එකකුත් බීව්වා ... වෙනස් නැති නිසා wd40 කෑන් එකත් හිල් කරලා බිව්වා , පස්සෙයි දැක්නේ සුපර් තිනර් බෝතලේ , ඒකේ ඉතුරුවෙලා තිබුන ටිකත් බිව්වා .... වෙන වසක් විසක් ගෙදර නැ .... පැයක් දෙකක් ගිහින් බඩු වැඩකරයිද දන්නෙත් නැනේ ... තියන දෙයක් කාල නිදාගන්නවා .... ආ තව එකක් මතක් උනා ... හවස බයික් එකට දෙසීයක පෙට්රල් ගැහුවා ... එකසිය විස්සකවත් ඉතුරුවෙලා ඇති ... කාල ඒකත් බීලා නිදාගන්නවා .... හෙට උදේට ඇවිත් ... බලපං මං හුස්ම ගන්නවද කියලා .... පණ තියනවා වගේ නං .... පොල්ලකින් ඔලුවට ගහපං .... ඊට පස්සෙත් දැගලුවොත් .. කෙදිරි ගෑවොත් තව එකක් ගහපං ... අනේ සුදෝ දෙවනි එකවත් මොල කෑලි එලියට එන්ඩ ගහපං .... මට හරියට රිදෙනවා .... අනික රිදෙනවට ... තුවාල වලට ... ඉස්පිරිකාලේට මම නෙ බයයි
      .... හාද

      Delete
    2. ඇයි බොලා රස්පුටින් කියලැයි හිතන් ඉන්නෙ...?

      Delete
  5. උඹ ඕනෑ තරං වාත වෙයං, අපිව වාත නොකර.

    ReplyDelete
    Replies
    1. හා හැලපයියා
      එදැයින් පස්සේ ඇලට බැස්සෙ නැතෙයි
      ?

      Delete
  6. ඒ කියන්නේ මගේ බ්ලොග්ග් පඩංගුවත් උඹේ අටම්පයියේ තියනවා කියන එක නේද ?

    සන්‍තෝශයි...

    ReplyDelete
  7. Replies
    1. හරි හාවා

      Delete
    2. හා හා හ‍රි හාවා කැලේ මැදින් ආවා
      හිටගෙන ගඟ ගාවා වටපිට ඇහැ ලෑවා
      කොළ දෙකටක් කෑවා පැන් උගුරක් බීවා
      තොල කට ලෙව කෑවා ඉතින් ඇතැයි කීවා

      Delete
    3. අරුණයියා සිම්දුත් දන්නො

      Delete
  8. Replies
    1. ජ යි න් ජයිම වීවා.........

      Delete
  9. After I initially commented I appear to havе clicked the -Notify me
    when new comments are added- checkbox and now whenever a comment
    is addeԁ I recieve 4 emailѕ with the same comment.
    Is there a means you are able to rem᧐ve me from that service?

    Thanks a lot!
    visit their websitе : How To Learn To Lock Fileѕ In 1 Hour

    ReplyDelete
  10. මම නම් වෙනස් වුණාට පස්සේ ආපු මුල්ම දවසේම තේරුම් ගත්තා වැඩේ...
    ඒත් දෙවෙනි දවසේ පැටලුණා තත්පර ගාණකට...

    ReplyDelete
  11. Excеllent post. I used to be checking continuously this webⅼog and I am imⲣressed!

    Vеry helpful info particularly the last phase :
    ) I ϲarе for such information much. I was looking for this certain info for a very long time.
    Thank you and good luck.
    diѕcover here : How To Password Protect Foⅼder And Influence People

    ReplyDelete
  12. /* 1. මින් පසු අටම්පහුර , අටම්පහිය , ස්ටිච්මෙක් , සහ මහනමැසිම යන නම්වලින් වෙන වෙනම බ්ලොග් අඩවි පවත්වාගන යාමක් සිදු නොවන අතර ... ඒ සියල්ල අටම්පහුර බ්ලොග් අඩවිය වෙතට එක්කරනු ලැබේ.

    2. තවත් කෙනෙකුට අවස්ථාව ලබාදීමට සහ අටම්පහුර බ්ලොග් අඩවිය මංධගාමී වීම වලක්වාගැනීම සදහා මාස 12ක් තුල ලිපි පල නොකල බ්ලොග් අඩවී ඉවත් කරනු ලබන අතර ....... */


    ඒ කියන්නේ අටම්පහිය, ස්ටිච්මෙක් සහ මහනමැසිම බ්ලොගයන් තව මාස දොළහකින් අටම්පහුරෙන් හැලී යාමට නියමිතයි!

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Blog Archive

popular articles of today

Popular articles of this year

Always popular articles