2018-05-21

මහත්තයා දැකලා පුරුදුයි



මහත්තයා දැකලා පුරුදුයි

Pick-Me Driver කතාවට ආවා

ආ .... මම යන්න ඇති ඔයත් එක්ක කලින්

මම කෙටි පිළිතුරක් දුන්නා

මොකද බැරෑරුම් කල්පනාවෙන් එලියට එන්න මට ආසාවක් තිබුනේ නැහැ

' මහත්තයාට කලින් ඇල්ටෝ එකක් තිබුනද '

මම ඔහුගේ මුහුණ බැලුවේ ඒ වෙලාවේ

ඒත් මතකයක් වත් හුරු ගතියක් වත් තිබුනේ නැහැ

ඔහු සුහද ලෙස හිනා උනා

මාව දන්නේ කොහොමද

මම ප්‍රශ්න කලා

මහත්තයට මතකද අවුරුද්දකට එකහාමාරකට කලින් කොහිලවත්ත කොටිකාවත්ත පාරේදී බළු පැටියෙක් හැප්පිලා ඉන්නකොට .........

ඔහ් .........!

මම අතීතයට ගියා
ඔහුව අමතක උනත් මට සිදුවීම අද වගේම මතකයේ රැදුන සිදුවීමක්

________________

රෑ 11 .30 විතර මම වැඩ ඇරිලා අංගොඩට එනවා
කොහිලවත්ත ඉදලා කොටිකාවත්තට වැටෙන පාරේ බළු පැටියෙක් පාරේ ඉන්නවා දැක්කා
වංගුව නිසාත් අදුර නිසාත් මම වාහනය පුළුවන් තරම් ඈත් කරලා ගත්තා
නමුත් ........ නුහුරු හඩක් .........

ඌ යට උනා වත්ද ?
හිතේ දෙගිඩියාව නිසා මම මිටර් 200 එහා ගිහින් හිටියත් හරවගෙන ආවා

එතන රතු පාට ත්‍රීවිල් එකක් නවත්තලා
චූටි ගැණු ලමයකුයි අම්මා කෙනෙකුයි බිම වාඩි වෙලා බලන් ඉන්නවා


මම වාහනය පාරේ අයිනට කරලා බැහැලා ලං උනා
මගේ වාහනයට අහු උනේ අමාරුද ?

මම ත්‍රිවිල් රියදුරාගෙන් ඇහුවා
ඒ අම්මයි දුවයි තාත්තයි කියලා වටහාගන්න මට වෙලාවක් ගත උනේ නැහැ

චුටි බළු පැටියාගේ එක කකුලක් සෑහෙන්න තුවාල වෙලා තිබුනා
අනිත් කකුලක් තරමක ඩැමේජ්
කම්මුලේ කොණයක් ලේ බේරෙමෙන් ඌ අසරණ විදිහට බලාගෙන හිටියා

- දැන් මොකද කරන්නේ
මට ගෙදර ගෙනියලා මෙයාව බලාගන්න ක්‍රමයක් නෑ
මම ඉන්නේ රෑට විතරයි ගෙදර .....
මම ප්‍රශ්න ගොඩක හිරවෙලා කල්පනා කලා

' මහත්තයා යන්න ....
අපි මෙයාව බෙහෙත් දාලා අරන් යන්නම්
අපි පිටිපස්සෙන් ආවේ දැක්කා වදිනවා
ඔහු කාරුණික විදිහට කිව්වා

අංගොඩ හන්දියේ ඇනිමල් ක්ලිනික් එකක් තියෙනවා
එතන පැය 24 ඔපන්
එතනට අරන් යමු

නෑ අපි අරන් යන්නම් මහත්තයා කරදර වෙන්න එපා
ඔහු නැවත කාරුණික විදිහට කිව්වා

සතාට බෙහෙත් දාන්න මේක තියාගන්න
මම ඔහු එපා කියද්දීම මුදලක් සාක්කුවේ එබුවා

කොටිකාවත්ත රාත්‍රී හොටලයයෙන් කෑම එකකුත් අරගෙන ගෙදර යන්න පිටත් උනත් මට යන්න හිත දුන්නේ නෑ
වරද මගේ වගේ හැගීමක් තිබුන නිසා

මම කෑම එකත් අරගෙන ඇනිමල් ක්ලිනික් එකට යනකොට
එයාලා එතන

ගාන කීයද මම අහනකොට බිල පියවලා තිබුනා
මම දුන් මුදලට වඩා මුදලක් වැය වෙලා තිබුනත් ඒ මුදල ගැණිම ඔහු තරයේම ප්‍රතික්ෂේප කලා

මම ස්තූති කරලා නිවසට පිටත් උනා

______________

කෝ දැන් ඒ බලු පැටියා

මම අතීතය ක්ෂණික ආවර්ජනය කරගෙන ඔහුගෙන් සුහදව විමසුවා

' එයා හොදින් ඉන්නවා මහත්තයා
පොඩි නොන්ඩියක් තියෙනවා ඒත් දුවලා පැනලා ඉන්නවා
මගේ කෙළිට දැන් එයාව නැතුව බෑ !

ඔහු ආදරණිය විදිහට හිනා උනා

- ත්‍රීවිල් කාරයා -

ඔවු ඒ කියන ත්‍රීව්ල් කාරයන් අතරේ
මොන තරම් ආදරණිය මිනිස්සු ඉන්නවද
මොන තරම් සංවේදී මිනිස්සු ඉන්නවද

බැලැන්ස් එක එපා තියාගන්න
නෑ මහත්තයා මේකත් අරන් යන්න
නොහදුනන ඔහු පිට උනේ රුපියලට මගේ හයර් එකේ බැලැන්ස් එකත් පියවලා

- අපි ලෝකය කියවීමේ කොතන හෝ වරදක් ඇති -



දැක්කේ මෙතන තිබිලා

ලියල තිබුනේ KB Wijewardena

cctv කුප්පිය ලියුවෙත් මෙයාමද මන්දා

6 comments:

  1. කාරයො අතරෙ මිනිස්සුත් ඉන්නව.

    ReplyDelete
  2. හැම දෙයක්ම අපි මවං ඉන්න රාමු විතරයි. එයින් පිට බලන කෙනෙක්ට ඊට වඩා ලස්සන දේවල් බලාගන්න පුළුවන්

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Blog Archive

popular articles of today

Popular articles of this year

Always popular articles