2018-06-02

එෆ් බී ගෲප් දැන් මැරිල ඉවරයි ...

එෆ් බී ගෲප් දැන් මැරිල ඉවරයි ...
අලුතෙන් ගෲප් එකක් හැදුවත් ... ඒවා

99.99% ක්ම වියාපාරික අරමුණු ... දේශපාලනික අරමුණු පෙරදැරි කරගෙන හදන ඒවා ... නැතිනම් ගෲප් එකක් කියන්නෙ මොකද්ද කියල දන්නෙ නැතුව ලගදි ෆේස් බුක් ආපු එකෙක් මොකක් හරි උගේ වැඩකට අටෝපුවා ...

නිස්චිත අරමුණක ඇතුව ක්‍රියාත්මක වෙන ගෲප් නෑ දැන්

ඒව ඔක්කොම මැරිලා ...

ඒව කනත්ත වගේ හරියට
එහෙම මැරිච්ච ඒවයෙ බූතයො හොල්මන් කරනවා ...

අපරාදකාරයො..
හොරු..
කසිප්පුකාරයො ...
පොලීසියේ ඇහැට වැලි ගහල නයි නටවන කිරි කාරයො එහෙම ඒවයෙ ගැවසෙනවා ...

බුකියෙ රන් අකුරුන් ලියවුන සමූහ = ගෲප් සියල්ලමටම ඒ සෙතේ උදාවෙලා ...

පරිගණක උදවු
ඔන්ලයින් හෙල්ප්

වගේ ඒවයෙ අදටත් රතිඤ්ඤා වගේ ඒව පුපුරනවා ...
ඒත් යුද්දෙ ඉවරවෙලා අවි නිහඩ කරලත් ඉවරයි ..
වැඩක් නෑ ...


ඇක්ටිවු කියල පෙනුනට දේශපාලන අරමුණු ගත්ත ගෲප්වලත් හොඳ පන ගිහිලා ...
දැන් ඒවයෙ ඉන්නෙත් මල පෙරේතයො කුම්බාන්ඩයො .. පිසාචයො ... බහිරවයො ...

මල සොහොනක මල සමයන් මල මගුල් විතරයි තියෙන්නෙ ...

තුලාව .. දැන් හෙන තුවාලයක් ..
දීනියස් එකතුව ..
ඒකෙ ඉන්නෙ දීනියස් වෙන්න ඕනෙ උන් සහ එහෙම පෙන්නන්න ඕනෙ උන් ....

බොහොම හදිසියෙන් මනුස්සයෙක් දෙන්නෙක් ඉන්නවා ...

එච්චරයි ....

ෆේස් බුක් පරිණාමයත් එක්ක අලුත් පරම්පරා ගානක් මේකෙ බිහිවෙලා ...
ඒක නිසා තර්ක විතර්ක බොහොමයි ...
පලක් ඇති දෙයක් වෙන්නෙ බොහොම අඩුවෙන් ....

අලුත් පරම්පරාව බඩ බුරුල් වෙලා බඩ එලිය ගියත් උන් ඒක දියේනියස් එකතුවේ දානවා ...

ඒකට හේතුව
උදේ කාපු පැපොල් ගෙඩියද ..
ඒක කපපු පිහියද
කියල රංඩු වෙනවා ...
උන් කරන්න ඕනෙ ජොබ් එක
ලවු කරන හැටි
කසාද බඳින්න ඕනෙ හැටි ...
හනිමුන් එක පවා මේකෙ උන්ගෙ අදහස් විමසනවා ...

රීල පුක ඇයි දකුණු අතෙන් හෝදල වමෙන් බත් කන්න බැරි කියල රැඩිකල් වෙනවා ...

බුදුන්ගෙ පුරුස ලක්සනේ කන්නාඩියෙන් බලාගෙන් ඌට ඇප්ලයි කරල
නිරාගමික වෙන්න හදනවා ...

මොනවහරි විකුනන උන්
නඳ දෙන පාන්කඩ ආත්ම ඇරුනාම ... එදා මෙදා තුල ෆේස් බුක් එකේ නොවෙනස්ව පවතින්නෙ ...

වඩා ප්‍රබුද්ද විදියට හා විලි ලැජ්ජා සහගත සහ නොවන විදියට වෙන සෙක්ස් ඇරියස් සෙන්ටිමෙන්ටල් කරගැනීම පමනයි ...

නම්කිලා ... පුංකිලා .... අයියලා .. පයියලා .. මාමිලා ..ඇන්ටිලා ... බයියලා ..ටොයියලා ..

නගිනව බහිනවා ..
තෙමෙනවා වේලෙනවා ...

එච්චරයි ...

ෆේස් බුක් ගෲප් මැරුනා ...
සහයෝගීතාව ...
එකමුතුව කියන එක මැරුනා ...

ගෲප් = සමූහය කියන වචනෙ සාමූහිකත්වය කියන එක දැන් ඉන්න අයට තේරෙන්නෙත් නෑ ...

කන්න බොන්න රෙන්න මැරෙන්න
ගෲප් තියෙනවා ...
ටීවී එකේ ටෙලිඩ්‍රාම එකක් ගියත් ගෲප්
ළමයෙක් හැදුවත් ..
කෑමක් හැඳුවත් ...
ලැට් එකට ගියත් .. ඒකෙ පඩයක් ගියත් ...
ගෲප් එකක ඩිස්කශන් ....

මේ අගල් පහ හය ඇතුලෙ ජීවිතේ කොච්චර ෆැන්ටසිකරනයට ලක්වෙලාද .. ඒක ඇතුලෙ මිනිස්සු කොච්චර අසරන වෙලාද ...
හිත රවට්ටගන්නවද කියල දැක්කම
මල හොල්මන් දැක්කටත් වඩා මේ මගුල ගැන දැන් බය හිතෙනවා ...

මං කිවුවනෙ ...
ගෲප් ... සමූහ ... කියන කන්සෙප්ට් එක මැරුනා ...

ඒක නියම විදියට අවසන් කටයුතු කරල මල පෙරේතයො කුම්බාන්ඩයො බිහි නොවන්න අවසන් කටයුතු කරේ ...
" රූ සැඳෑව " විතරයි ...

ගෲප් මැරිල ආයුබොවන්ඩ ....
තව ඒකෙ පෲෆ් බලන්න දෙයක් නෑ ... 😉

ඉස්සුවේ මෙතැනින්

Ridma Hewavitharana

http://mamaiarui.blogspot.com

2 comments:

  1. ඇයි බොල අපේ ගෘප් එක.

    ReplyDelete
  2. අම්මපා අැත්තයි ෙම් කියන්ෙන්.

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Blog Archive

popular articles of today

Popular articles of this year

Always popular articles