2018-06-14

වෙඩිපිටිය



විශේෂ කාර්ය බලකායේ අපගේ රයිෆල් වෙඩි තැබීමේ මුල්ම අභ්‍යාසයේදී මීටර් 15 ක දුරින් ඇති ඉලක්ක පුවරුවකට බිම වැතිරී සිටින ඉරියවුවෙන් වෙඩි උණ්ඩ 10 ක් වෙඩි තැබීමට සිදුවේ..මීටර් 15 යනු ඉතා කෙටි දුරක් වූවද කිසිදා ගිණි අවියක් අත නොගැටුණු ආධුනිකයෙකුට ඒ දුරක ඇති ඉලක්කයකට මුලින්ම වෙඩි තැබීම අපහසු වියහැකිය.මුල්ම වෙඩි තැබීමේ අභ්‍යාසයෙදී මට සිදුවුවේද අසමත් වෙඩික්කරුවෙකු ලෙස අවමන් විඳින්නටය.එක පෙලට බිම වැතිරී සිටි පිරිස 15 දෙනෙකු පමණ වියයුතුය.වෙඩි තැබීමට අණ නිකුත් වූ විට මගේ හිස දෙපසින්ම ඇසෙන කන් බිහිරි කරවන වෙඩි හඬින් කම්පනයට පත්වී සිටියෙමි.මා සිතුවේ මාද වෙඩි තබන බවයි.වෙඩි තැබීම අවසානයේ බලන විට මගේ අවියේ උණ්ඩ 10 ම ඉතිරිව තිබුණි.



අපගේ පුහුණු උපදේශක වරයා වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක සොයිසා මහතාගේ වේවැල් පහර වලටත් වඩා මට දැනුණේ අපගේ පිරිසගේ සමච්චල් සිනහවයි..එදින වෙඩි පිටියේ බූරු පුංචා වුවේ මාය.මෙතනදී ප්‍රධාන පොලිස් පරීක්ෂක සොයිසා මහතාගේ හැසිරීම ගැනත් යමක් කිවයුතුය,ඔහු ඉතා දක්ෂ වෙඩික්කරුවෙකු වූවත් හොඳ උපදේශකයෙකු නොවුණු බව මගේ අදහසයි.ඔහු විසින් ආධුනික අපට එල්ල කලේ අනවශ්‍ය තරම් කායික, මානසික හිංසනයකි.මගේ වාසනාවට මෙන් සොයිසා මහතා අපගේ පුහුණු උපදේශක තනතුරින් ඉවත්වී එකල අප සමඟම පුහුණුව ලැබූ මාලදිවයින් හමුදා සාමාජික පිරිසකගේ වෙඩි පුහුණු උපදේශක වරයා ලෙස කටයුතු කරන්නට ගියේය.

අපගේ පහුණු උපදේශකයා ලෙස පත්ව ආවේ පොලිස් පරීක්ෂක වෝල්ටර් ප්‍රනාන්දු මහතායි.ඔහු අපට සැලකුවේ වඩාත් මෘදු ලෙසිනි.ඔහු හාස්‍යට ලැදි ඔහු, ඇතැම් විටක "ලස්සණ කෙල්ලක් මේ පැත්තට එනවා උඹලා එකෙක් වත් බලන්න එපා" යැයි කියයි.ගෙල හරවා බලන අප දකින්නේ ගෙදර දොරට අවශ්‍ය බඩු මල්ලක් ඔසවාගෙන එන ඔහුගේ බිරිඳයි......වෝල්ටර් මහතාගේ ගුරු හරුකම් ලැබූ මගේ වෙඩි තැබීමේ හැකියාව වේගයෙන් දියුණු විය.ඒ ලෙසම වෙඩි පිටිය ප්‍රියජනක ස්ථානයක් බවටද පත්විය.....වෙඩි පිටියේ සිදුකරන බොහෝ අභ්‍යාස වලින් පසුව අපගේ අවසන් පුහුණු අභ්‍යාසය සිදුකරන දිනය උදාවිය....

එයද බිම වැතිරී සිටින ඉරියවුවෙන් සිදුකරන වෙඩි තැබීමකි.යොදා ගන්නේද වෙඩි උණ්ඩ 10 කි....නමුත් ඉලක්ක පුවරුව පිහිටුවා ඇත්තේ මීටර් 300ක දුරිනි.සාමාන්‍ය දිනවල ඉලක්ක පුවරු 15 ක් පමණ සවිකරණ මුත් එදින පිහිටුවා තිබුණේ ඉලක්ක පුවරු 5 ක් පමණි.එසේ කරන්නේ අනෙකුන් තබන වෙඩි පහරවල් වෙනකෙකුගේ ඉලක්ක පුවරුවකට නොවැදෙනු පිණිසය...මගේ වාරය පැමිණියේය..මා වමත් කරුවෙකු නිසා මට සෑමවිටම වම්පස මුල්ම ඉලක්ක පුවරුවට වෙඩි තැබීමේ වරප්‍රසාදය හිමිව තිබුණි.එයටද හේතුවක් ඇත. එක පෙලට වෙඩි තබන්නන් පිරිසක් අතර සිටින විට අනෙකුත් ගිණි අවි වලින් පිටවෙන හිස් උණ්ඩ කොපු වලින් වමත් වෙඩික්කරුවන්ගේ ඇස් වල ගැටීමෙන් හානී සිදුවිය හැකි නිසාය...

එදින මා සිටියේ සැහැල්ලුවෙනි...තවත් සිවු දෙනෙකු සමඟ අපගේ ස්ථානය වෙතට ගොස් බිම වැතිරුනෙමි.ගිණි අවිය හොඳින් ග්‍රහණය කරගෙන එහි ලෝහ දර්ශක තුලින් ඉලක්ක පුවරුව දෙස බැලුවෙමි.මීටර් 300ක දුරින් පිහිටි රෝස පැහැති ඉලක්ක පුවරුව දිස් වුනේ දැව ගිණි කූරු දෙකක පමණ පළලටය.M16 ගිණි අවියේ ඉදිරිපස දර්ශකයෙන් එය සම්පුර්නයෙන්ම පාහේ ආවරණය වූ බව මට මතකය....වෙඩි තැබීමේ නියෝගය නිකුත් විය.මට හදිසියක් තිබුනේ නැත,දීර්ඝ ආශ්වාසයක් කර එයින් අර්ධයක ප්‍රාශ්වාසයක් කලෙමි.එය වෙඩි තැබීමේදී අනුගමනය කල යුතු මුලධර්මයකි.ඉන්පසුව ගිණි අවියේ ට්‍රිගරයට සෙමින් ,සෙමින් තෙරපුම යෙදුවේ මනසින් 10 ට ගණන් කරමිනි.එයද සාර්ථක වෙඩි තැබීමකදී යොදා ගන්නා උපක්‍රමයකි.එයින් අවියේ ගැස්සීම අවම වෙයි.පළමු වෙඩි උණ්ඩය නිකුත් විය.එය වදින බව පෙනුනේ නැත නමුත් ගත් ඉලක්කය නිවැරදි බව මට දැනුණි.මිනිත්තුවක් පමණ ගත වෙන්නට ඇත. වෙඩි උණ්ඩ 10 ම වෙඩි තැබුවෙමි.....

ඉන් පසුව මා ඇතුළු වෙඩික්කරුවන් පස් දෙනාටම ඉලක්ක පුවරු ඇති වෙඩි පිටියේ අන්තයට දිවයන ලෙස කී පොලිස් පරීක්ෂක වෝල්ටර් මහතා සහ ඔහුගේ සහායකයා අප පිටුපසින් යතුරු පැදිය පදවාගෙන ආවේය.සහය උපදේශකයා අපගේ ඉලක්ක පුවරු පිරික්සා රටහුණු සලකුණු තැබුවේය.

මා තැබූ වෙඩි පහරවල් 10 න් 8 ක් ඉලක්ක පුවරුවට වැදී තිබුණි.අපගේ 30 පමණ පිරිස අතර එවැනි කිහිප දෙනෙකු සිටි අතර එය ඉහලම වෙඩි තැබීමේ තත්වය විය.කෙසේ වෙතත් මගේ ඉලක්ක පුවරුව දෙස බලා සිටි වෝල්ටර් මහතා කීවේ "උඹේ ටාර්ගට් එකට වෙන එකෙක් වෙඩි තියලා" යනුවෙනි.ද්විත්ව අරුතක් ඇති ඒ ප්‍රකාශය කීවේ හාස්‍ය රසය මතු කිරීමට බව දැන සිටියෙමි.

මගේ නම් පත්‍රිකාවක සටහන් කරගත් පුහුණු උපදේශක වරයා, ක්‍රියාන්විත පෙදෙසට ගොස් මාස කිහිපයකින් වෙඩි තැබීමේ උසස් පාඨමාලාවක් හැදෑරීම පිණිස මා කැඳවන බව දැනුම් දුන්නේය....කෙසේ වෙතත් ඒ වරම මට නොලැබී ගියේ යුද්ධයේ දරුණු කම නිසාම අපගේ උසස් පාඨමාලාවන් එකල තාවකාලිකව අත් හිටුවා තිබූ බැවිනි...


මුහුනු පොතට ලියුවේ
Chaminda Jayasena

36 comments:

  1. Replies
    1. ලින්ක් එක ක්ලික් කරලා ඔරිජිනල් පොස්ට් එකට මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම කරන්න

      Delete
  2. අප්පච්චි ඉස්සර කියන විස්තර මතක් උනා යුධ බිමේදී ලබන අත්දැකීම් ගැන. හොඳ ලියැවිල්ලක්.

    ReplyDelete
  3. නියමයි ... විදානේ අය්යේ

    ReplyDelete
    Replies
    1. මං අටමා බං විදාය් අයියා කියන්නේ විදානේ මල දානේ ලියන එකාට

      Delete
    2. කන්දෙවිදානෙ යන්න කෙටියෙන් ලියන්න පහසුව නිසා තමයි "විදානේ අය්යේ" කිව්වේ

      Delete
  4. උන්ඩ 10 කින් මීටර් 300 දුර ඉලක්කපතක උන්ඩ 8 ක් පමණක් තිබීම හොද වෙඩිතැබීමක් වෙන්නනම් බැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ ඇයි කියා පැහැදිලි කරනවා නම් අගය කරනවා...මෙවැනි අවියක ප්‍රථිපලදායක දුර මීටර් 360 කි..

      Delete
    2. සමහර විට විශේෂ කාර්‍ය බළකායේ මේක හොද වෙඩි තැබීමක් වෙන්න ඇති. හමුදාවලනම් එක උන්ඩයක් හෝ ඉලක්කපතෙන් ඉවත්ව ඇත්නම් ඒක හොද වෙඩි තැබීමක් ලෙස සලකන්නෙ නැහැ.

      මම පෞද්ගලිකව M16 අවියකින් වෙඩි තබා නැහැ. අපි භාවිතා කලේ T56. ඒකෙ ප්‍රථිපලදායක දුර 400m හා ඉලක්කපතක තියන්නෙත් ඒ දුරින්. අපේ පුහුණුවේදි හොද වෙඩි තැබීමක් ලෙස සැලකුවේ උන්ඩ සියල්ලම ඉලක්කපතේ තිබීමත් එයින් 8වත් අඟල් 8 අරයක් තුල පිහිටීම. නමුත් බොහෝ දෙනෙක් උන්ඩ 10 අඟල් 8 අරගන්න සමත් වුණා. කිහිපදෙනකුගේ උන්ඩ අඟක් 4 ක අරයක් තුල තිබුනා.

      මම දන්න තරමින් M16 අවිය T56 වඩා හැසිරවීම පහසුයි. මම එයින් වෙඩි තබනවා දැකල තියනවා.

      සමහර විට මේ මූලික පුහුණුවක නිසා ප්‍රශ්නයක් නැතුව ඇති.

      Delete
    3. මීටර් 400 දුර ඇති ඉලක්ක පුවරුව පියවි ඇසින් කොතරම් පමණකින් පෙනෙනවාද?...එතරම් දුරක ඇති ඉලක්ක පුවරුවක මාධ්‍ය ලක්ෂ්‍යයට ආසන්නව වදින ලෙස පියවි ඇසින් බලා වෙඩි තැබිය හැකිනම් එය අගය කල යුතුය....

      Delete
    4. ඇත්තටම වෙඩි තැබීම පුහුණුවේ අත්දැකීම් අමතක වෙන්නෙ නැහැ.

      මුල් කාලයේ වෙඩි තබල තුවක්කුවත් අරන් මීටර් 400 දුවන්න ඕනෙ target එකට. ඒක check කරල ආපහු දුවගෙන ඒ දුර එන්න ඕනෙ. හරියට වැදිල තිබ්බෙ නැති අය හිටපු තැනින් නතර නොවී දිගටම මීටර් 1000 සීමාව වෙනකන් weapon එක අත් දෙකෙන් ඔලුවට උඩින් උස්සගෙන දුවල එන්න ඕනෙ.

      හොදටම අවුල්නම් ඒක ගිහින් එන්නෙ forward roll එකෙන්. ඒව ගුටිකෑමටයි, මහජන මුදල් නාස්ති කලායැයි බැනුම් ඇසීමට අමතරව ����

      හොද ලිපියක් !!!

      Delete
    5. බොහෝ කලකට පෙර සිදුවූ සිදුවීමක් නිසාත්...මගේ මතකයෙන් සමහර දේවල් ගිලිහී ඇති නිසාත් ඔබ සමඟ වාදයකට එලෙඹෙන්නට අදහසක් නැත...නමුත් මගේ මතකයේ හැටියට මීටර් 300 ක දුරින් පිහිටි ඉලක්ක පුවරුව පවා ගිණි අවියේ ලෝහ දර්ශක වලින් ආවරණය කර ගත්තේ අසීරුවෙනි. ඉලක්ක පුවරුව දෙස අවියේ ඉදිරි දර්ශකය තුලින් බැලූ විට එය සම්පුර්ණයෙන්ම ලෝහ දර්ශකයෙන් වැසී තිබූ බව මතකයි.කල හැකිව තිබුනේ අවියේ ඉදිරි දර්ශකය දශම ගණනක් ඉහලට ගෙන යන්තමින් පෙනෙන ඉලක්ක පුවරුවට වෙඩි තැබීම පමණයි.....

      Delete
    6. අහලා තියන විදිහට M16 හැසිරවිමට පහසු අවියක් උනත් T56 එයට වඩා දුරක් සාර්තකව ඉලක්කය ගත හැකි අවියක් නේද ,

      Delete
    7. Jay-c Z කියන්නේ චමින්ද ද?

      අටම් කියුව වගේ M16 එක බර අඩු හසුරවන්න ලේසි උනත් T 56 එක ඊට වඩා ගොඩක් ස්ටේබල් වෙඩි තියනකොට.. M 16 එකෙත් A2 එක ග්‍රෙනේඩ් ලෝන්චර් එකත් එක්ක ගත්තම බරත් වැඩියි ස්බිටැලිටි එකත් වැඩියි. හැබැයි ඇකියුරසි එක ගැන නම් එහෙම කොමෙන්ට් කරන්න අමාරුයි. පුද්ගලිකව මම නම් T 56 ට තමයි කැමති.. :) (ඒ දවස්වල- දැන් නම් එකකටවත් කැමති නෑ..) අනික අපි range එකේ SMG Firing කරනකොට මීටර් තුන් හාර සීය දුර යන්නේ නෑ.. උපරිම මීටර් දෙසියයි. ඒ වගේම ෆුල් මැගසින් එකක් ඒ කියන්නේ ඇමෝ තිහක් ගහනවා ගොඩක් වෙලාවට.. Pistol Firing නම් ඇමෝ 10 යි range එක මීටර් 30-50 උපරිම. මුහුදේදී නම් මීටර් හාරසිය වෙනකම් SMG/ LMG Fire කරනවා. ඒ ගොඩක් වෙලාවට main guns fire කරල ඉවර වෙලා ටාගට් එක නොගිලී ඉතුරු වෙලා තිබ්බොත් විතරයි. මුහුදේදී නම් මීටර් හාරසිය කියන්නේ ඔහොම මෙහෙම.. අත ළඟ වගේ. :)

      Delete
    8. /// (ඒ දවස්වල- දැන් නම් එකකටවත් කැමති නෑ..) ///

      එහෙනම් තෝ එදා අර බිත්තියක් හිල් කරන්න හැදුවේ අටම එක්ක එකතු වෙලා...

      Delete
  5. නියමයි ... විදානේ අයියේ

    ReplyDelete
    Replies
    1. යකෝ කුඩැල්ලගේ නම මට කියන්ඩ එපා .... තියඩෝල්ටුවක් ආදාරයෙන් උඹව කොටස් කරයි

      Delete
  6. බොලොග් එක පිළිවෙලක් කරලා

    ReplyDelete
    Replies
    1. මෙහෙම හොදද ... මමනං කැමති කලින් තිබුන විදිහට ... මලවදේ හන්දා වෙනස් කරේ

      Delete
  7. මතක් උනේ කැඩෙට් කරපු කාලේ ඉලක්කයට වෙඩි තියපු එව්වා!

    ReplyDelete
    Replies
    1. අපිට කොහෙද එහෙම වාසනාවක්

      Delete
  8. නියමයි විදානේ අයියේ.. :)

    බ්ලොග් එක පිළිවෙලක් කරලා.. ඒකත් නියමයි විදානේ අයියේ..

    චමින්ද ජයසේන නම ෆේස් බුක් එකේ නිතර දැකල තියෙනවා. හිටපු STF පොරක් කියල නම් දැනගෙන හිටියේ නෑ.. Firing Range එකේ අත්දැකීම් මතක් උනා.. :)

    ReplyDelete
    Replies
    1. උඹේ ටාගට් එකටත් වෙන එකෙක් වීදි තිබ්බද? :P

      Delete
    2. අනුන්ගේ ටාගට් වලට මම වෙඩි තියපු එක තමයි හැමදාම වගේ උනේ.... මට වෙඩි තියපු ආතල් එක විතරයි හැබැයි.. කොම්පෙටිෂන් එක හැමදාම ෆේල්.. :)))

      Delete
    3. පොස්ට් එක යට තියන ලින්ක් එක ක්ලික් කරලා එතනට යන්න , ඔය මහත්වරුන්ට බුකි ෆෝපයිල් තියනවා නේ

      Delete
    4. මේක විදානෙගේ බ්ලොග් එක නෙමෙයි අටමගේ බ්ලොග් එක

      Delete
  9. බ්ලොග් එක පිලිවෙලක් කරපු එකට අටම් අයියට තෑන්ක්ස්...👍

    ReplyDelete
  10. වෙඩි පිටියෙ මැෂින් බිජ්ජව හිටවලා උගෙ පොරෝ පාරට වෙඩි තියන්න තිබ්බා නම් මම තියෙනවා තොගෙ පොරෝ පාර කුඩු වෙලා යන්න අවලං වේසාවා....

    ReplyDelete
    Replies
    1. මෙහෙම කරන්න ... සිරාවටමයි මේ කියන්නේ ............ ලෑලී කාමරේ මැද්දේ තියලා පුකට ලෑල්ලකුත් තියන්ඩ , ඊලගට ඔයාගේ සිරා ගන්එක ඇරං , සිරාවට ටාගට් එක ගන්ඩ .... තියලා දාන්ඩ ඔයා කියුව තැනටම ... සිරාවටමයි කියන්නේ ......... සිරාවටම මාත් ආසයි ඔයාගේ සිරා ගන්එකෙන් .... මගේ සිරා පොරෝපාර ( ආ නැ නැ වැරදුනා මගේ වේසා පොරෝ පාර ) සිරාවට කුඩුකරගන්ඩ .... සිරාවටම කියුවේ ..... මොකද කියන්නේ .... ඔයා සිරාවටනං මාත් සිරා

      Delete
  11. ලිංක් එක වැඩ නැහැ, ඌ සමහර විට ඒක පබ්ලික් නෙමෙයි වෙන්න ඇති ෂෙයාර් කරන්න ඇත්තේ...

    මටනම් ස්කෝප් එකෙන් බලාගෙනවත් මීටර් 25 දුරට වෙඩ්ඩක් තියා ගන්න බැහැ...

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Blog Archive

popular articles of today

Popular articles of this year

Always popular articles