2018-06-21

ස්කුබී



හෙද සේවයේ නිරත මගේ සහෝදරයා එකල වාසය කලේ, වර්තමානයේ මා ජීවත්වන නිවසෙහි වූ අතර ඒ නිවසට තරමක් ඉහලින් වූ අපේ පැරණි නිවසේ මා ජීවත් වුණි...එක් දිනක මගේ සොහොයුරා බලු පැටවෙකු නිවසට රැගෙන ආ අතර තම බිරිඳට පැවසුවේ සුවපත්වූ රෝගියෙකු විසින් ත්‍යාගයක් ලෙස ලබා දුන් බවයි.නමුත් සත්‍ය වශයෙන්ම ඔහු බලු පැටවා මිලදී ගෙන තිබුණු අතර එය ඔහුත් මාත් අතර පැවතුනු රහසක් වුණි... ග්‍රේඩ් ඩේන් පෙළපතට අයත් වූ ස්කුබී අප අතරට පැමිණියේ එලෙසිනි.නිවසට රැගෙන එන සමයේ මඳ වශයෙන් මන්ද පෝෂණ තත්වයෙන් සිටියද.නිවෙස් දෙකෙන්ම ලැබුණු සත්කාර නිසා ඉක්මණින්ම බලු යෝධයෙකු බවට පත්වුවද ස්කුබි, සුප්‍රසිද්ධ කාටුන් චරිතය මෙන්ම බොළඳ,අහිංසක, සහ කෑමට අතිශයින්ම කෑදර සත්වයෙකු බවට පත් විය.

දම්වැලෙන් මුදා හල විගස ඉහලින් ඇති අප නිවසට ඔහු පැමිණෙන්නේ වට පිට බලමින් මහත් සැකයෙන් යුතුවය.අප නිවසට පැමිණි විගසම අපේ නිවසේ හැදී වැඩෙන කුඩා බල්ලාගේ සිරුරට පැන ඔහුව කෙල වලින් නහවමින් සෙල්ලම් පොරයකට වැටෙන්නට පටන් ගන්නා ස්කුබීට අසරණ කුඩා බල්ලාගේ අපහසුතාවය වැටහෙන්නේ නැත.කෙසේ වෙතත් දෙදෙනා හොඳ මිතුරන් වූ අතර, ස්කුබි විසින් තම කුඩා මිත්‍රයාට ගරු සරුවක් දක්වන බවද දක්නට ලැබුණි.මගේ සහෝදරයා තම බලු මිතුරා වෙනුවෙන්ම වෙනම බතක් පිසූ අතර ඔහු ආහාර ගන්නා විට ලඟින් සිටියේ බත් පිට උගුරේ යන විට පිටට පහරක් දෙකක් දීම වෙනුවෙනි....රැලේ වැටෙන සමයේ ඔහු ගමේ නිවෙස් වලට රාත්‍රීයේ ගොස් ඇති අතර අසාමාන්‍ය විශාල සිරුර නිසා ඇතැමුන් අවතාරයක් ලෙස සිතා බියවූ අවස්ථාද තිබූ බව ආරංචි වුණි...කෙසේ වෙතත් ඔහුගේ විසල් සිරුර නිසාමදෝ කිසි විටෙක පෙම්වතියකගේ ආදරය ලබන්නට නොහැකි වුණි...ස්කුබීට මගේ ශාරීරික ආබාධිත කම ගැන කිසිදු වැටහීමක් තිබුනේ නැත. ඇතැම් විට වේගයෙන් දිව එන ඔහු රෝදපුටුවේ වාඩිවී සිටින මගේ උරහිස මත ඉදිරි ගාත් තබයි.ඔහුගේ මහා දිගු දිවෙන් මගේ මුහුණ ආරක්ෂා කරගන්නට මට මහත් ආයාසයක් ගන්නට සිදුවුණි...

වසර දෙක තුනකට පසු මගේ සොහොයුරා තමාගේම නිවසක පදිංචියට ගිය අතර ඔවුන් සමඟම ස්කුබීද යන්නට ගියේය.එයින් පසු මට මේ බලු යෝධයා දෙතුන් වරකට වඩා දක්නට ලැබුනේ නැත.... තම ජීවිතයේ අවසන් සමයේ ඔහු නිතරම රෝගී තත්වයන්ට ගොදුරු වූ අතර,ශරීර ප්‍රමාණයෙන් විශාල බල්ලන්ට නියම වී ඇති කෙටි ජීවිතය ස්කුබී හටද උරුම විය...ස්කුබී ජීවත් වුවේ වසර නමයකි..ඔහු මියගොස් දැන් වසර ගණනාවක් ඉක්ම ගොසිනි...මගේ පරිඝණකයේ තිබූ ජායාරූප පිරික්සන විට එවක පැටි වියේ සිටි 
ස්කුබී ගේ මෙම සේයාරුව දක්නට ලැබුණි.තම සිරුරේ පමණ නොදැන සිටි අහිංසකයා වෙනුවෙන් මේ සටහන ලියැවුණි........
චමින්ද ජයසේනගේ  ෆේස්බුක් බිත්තියෙන්

7 comments:

  1. කන්දෙවිදාන ආරච්චිලාගේ ලක්මාල් අටම්පහුර කන්දෙවිදාන නම් වන මම මෙතැන් පටන් රිටිගල ජයසේනගේ චමින්ද අටම්පහුර ජයසේන යන නම භාවිතා කරන බව සියලු ශ්‍රී ලාංකික ජනතාවට මයින් දැනුම් දෙමි

    ReplyDelete
  2. බල්ලො ගැට ගහලා හදන එක පව් නේ බන්... මම නම් උන්ව ගැට ගහන්නෑ, හැබැයි ඒකම අපේ කලින් හිටිය බල්ලට හෙනේට හිටියා...

    ReplyDelete
    Replies
    1. බදින්න කුඩුවේ දාන්න නරකයි , එහෙම කරහම ලේසියි කීකරු ඩියුටිය හරියට කරන බල්ලෙක් හදාගන්න ,

      Delete
  3. https://www.youtube.com/watch?v=bsF8Lr86Emk

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Blog Archive

popular articles of today

Popular articles of this year

Always popular articles