2018-06-26

අත්බෝම්බ


විශේෂ කාර්ය බලකායේ පුහුණුව ආරම්භ කල මුල්ම දිනකිහිපය ඇතුලත අප සියළු දෙනාටම අත්බෝම්බය බැගින් ලැබුණි. පුහුණු උපදේශකයන් ගේ අවවාදය වුවේ මෙම අත්බෝම්බය සෑමවිටම අප ලඟම තබාගත යුතු බවය.එයින් අදහස් වුවේ අප ක්ෂේත්‍රයේ පුහුණු වන විට, පන්ති කාමර වල අධ්‍යන කටයුතු වල යෙදෙන විට පමණක් නොව භට නිවාසයේ ගත කරන විටත් අත්බෝම්බය අප සමඟම තිබිය යුතු බවයි..

ඝන ලෝහමය ආවරණයකින් යුතු මලකඩ පැහැති බෝම්බය සෑහෙන බරකින් යුතු විය...පුහුණුවේ ආරම්භක දිනවල පාසැල් කොළුවන්ගේ මානසිකත්වයෙන් සිටි අපට මෙම අත්බෝම්බය සෑහෙන කනස්සල්ලකට හේතුවක් වී තිබුණි.පුහුණු ක්‍රියාකාරකම් අතරද සෑම විටම අප ආසන්නයේ බෝම්බයක් ඇති බව සිතෙන විට මහත් චකිතයක් දැනුනි.රාත්‍රී නින්දට යන්නට පෙර මෙම භයංකර වස්තුව මගේ ලෝහමය කබඩය පිටුපස තැබුවේ වැරදීමකින් හෝ පුපුරා ගියහොත් එයින් සුළු හෝ ආරක්ෂාවක් ලැබෙයි යන අදහස ඇතිවය...

මෙසේ ටික කලක් ගතවී ගියේය ඒ වන විට අත්බෝම්බය පිලිබඳ බිය සැක නැතිවී, එය සුපුරුදු දෙයක් බවට පත් වී තිබුණි. තවදුරටත් එය කරදරයක් ලෙස අපට දැනුනේ නැත...එය සෑම විටම අපගේ උණ්ඩ හා වෙනත් උපකරණ බහාගෙන යන වෙබිනයේම (Webbing) තිබුණී..නොබෝ දිනකින්ම පුපුරණ ද්‍රව්‍ය පාඨමාලාව ආරම්භ වූ අතර පුපුරන ද්‍රව්‍ය හඳුනා ගැනීම,ඒවායේ ක්‍රියාකාරීත්වය පමණක් නොව අත්බෝම්බ ඇතුළු පුපුරන ද්‍රව්‍ය අත්හදා බැලීමේ අවස්ථාවද ලැබුණි....

එක් විවේකි ඉරිදා දවසක අපගේ මිතුරෙකු සිනහසෙමින් පැවසුවේ අපට සෑහෙන කලක් පුරා බිය සහ සැකය ගෙන දුන් අත්බෝම්බය පුහු එකක් බවයි...ඔහු එහි පතුලේ වූ මූඩිය ප්‍රවේසමින් ගලවා බෝම්බයේ අභ්‍යන්තරය පිරික්සා ඇත.එහි පුපුරණ ද්‍රව්‍ය අඩංගුව තිබුණත් මුලික පිපුරුම් ශක්තිය ලබා දෙන ඩෙටනේටරය ගලවා ඉවත් කර තිබුණි.අප සතුව තිබූ අත්බෝම්බ වල පතුලේ ඇති මූඩි ගලවා පිරික්සූ විට ඒවායේද ඩෙටනේටර් තිබුනේ නැත.ඒ කෙසේ වෙතත් ඒ වන විට අත්බෝම්බයකට වඩා විශාල විනාශකාරී ශක්තියක් ඇති පුපුරන අවි සමඟ නිවැරදිව කටයුතු කරන ආකාරය පිළිබඳව ප්‍රගුණ කර සිටියෙමු...ඒ වන විට අප තවදුරටත් පාසැල් කොළුවන් මෙන් වූවේ නැත...

චමින්ද ජයසුමනගේ ෆේස්බුක් බිත්තියෙන්  

4 comments:

  1. ඛාඝේධ මේ ෆේස්බුක් ෆෝස්ට්

    ReplyDelete
  2. අටමා මේක දවස් තුනක් අයින් කරලා තිබුණේ පිංතුර ගොඩක් තියෙනවා එඩිට් කරන්න ඕනෑ කියල. මොන හුයන්නක්ද?

    ReplyDelete
  3. දැං මේක අටං අයියා නෙමෙයිද ලියන්නේ

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Blog Archive

popular articles of today

Popular articles of this year

Always popular articles