2018-06-18

SOORYAKADDAIKADU

මගේ සේවා කාලයේ අවසන් සමය ගතවුනේ මන්නාරම උයිලන්කුලම් නානාට්ටාන් මාවතේ පිහිටි විශේෂ කාර්ය බලකා කඳවුරේය.අප කඳවුරු ලෑ පෙදෙස සූර්යකඩ්ඩකාඩු (SOORYAKADDAIKADU) නමින් හැඳින්විණි.මන්නාරමේ යෝධ වැවෙන් පෝෂණය වූ මෙම පෙදෙස සෑහෙන තරමින් ජනාකීර්ණ තත්වයක පැවතුණි.මෙම පෙදෙසේ සිට මැදවච්චිය මන්නාරම ප්‍රධාන මාවතේ වූ පොලිස් මුරපොලවලට සහ වාහන වලට නිතරම කොටි සාමාජිකයන්ගේ ප්‍රහාරයන් එල්ල වෙන නිසා විශේෂ කාර්ය බලකාය ක්ෂණිකව දියත් කල මෙහෙයුමකින් පසු ප්‍රදේශය අත්පත් කරගත් අතර සූර්යකඩ්ඩකාඩු පෙදෙසේ සහ නානට්ටාන් පෙදෙසේ කඳවුරු දෙකක් ස්ථාපනය කරන ලදී.ගරා වැටුණු විවිධ සේවා සමුපකාර සමිති ගොඩනැගිලි වල අපගේ කඳවුර ආරම්භ කළෙමු.

ප්‍රදේශයේ ජනතාවගෙන් බහුතරය ද්‍රවිඪ කතෝලිකයන් විය.අභ්‍යන්තරිකව කුමන මතවාදයන් දැරුවා වියහැකිව වුවත් ඔවුහු අප කෙරෙහි සුහදශීලී ආකල්පයක් දැරූහ.අපගේ ප්‍රතිචාරයද එලෙසම විය.අපගේ කඳවුර ආසන්නයේම නිවසක් තිබූ අතර අනෙකුත් නිවාස පිහිටියේ කඳවුරට මුහුණලා මාවතෙන් අනිත් පැත්තේය.එවක මෙම පෙදෙසට විදුළි බලය නොතිබුණි.දිනක අප කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක සංජීව සිල්වා මහතා,අසල්වැසි නිවසේ ගෙහිමි කාන්තාව අමතා ප්‍රකාශ කලේ කඳවුරේ විදුළි ජනන යන්ත්‍රයෙන් ඇයගේ නිවසට විදුළිබලය ලබා දිය හැකි බවයි.ඇය එකවරම බෙහෙවින් සතුටට පත්වූ බව පෙනුනද මොහොතකට පසු පැවසුවේ තමන්ට පමණක් විදුළිබලය ලැබීම තුල කොටි සංවිධානයෙන් උපද්‍රව සිදුවිය හැකි බවත් හැකිනම් අවට නිවෙස් කිහිපයටම විදුළි බලය ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියාය.ඇගේ ඉල්ලීම බෙහෙවින් සාධාරණ එකක් බව පිළිගතිමු.අවට නිවෙස් වල හිමිකරුවන්ගෙන් විමැසූ විට ඔවුන් බෙහෙවින් ප්‍රීතියට පත්විය...

මගේ මතකයේ ඇති අන්දමට කඳවුර අවට ඇති නිවෙස් 6 කට පමණ විදුලි බලය සැපයුයෙමු.මෙහිදී විදුලි බලය යනුවෙන් අදහස් කලේ එක නිවෙසකට විදුළි බුබුළු තුනකින් ආලෝකය සැපයීම බව කිවයුතුය.නිවාස වයර් කිරීම ඇතුළු සියලු කටයුතු කෙරුනේ අපගේ සාමාජිකයන් අතිනි..විදුලි බුබුළු තුන ස්ථානගත කිරීම නිවැසියන්ගේ කැමැත්ත පරිදි සිදුවිය.මෙය කියවන කෙනෙකුට මෙම සිදුවීමේ එතරම් වැදගත් කමක් නොදැනෙන්නට වුවත් හැකිය. නමුත් කිසිදිනක විදුළිබලය නොතිබුණු සහ එය ලැබේයැයි බලාපොරොත්තුවක්ද නොතිබුණ පිරිසකට එහි මහත් වටිනාකමක් තියෙන්නට ඇත.... වර්තමානයේ නිවැරදිවම නිශ්චය කල නොහැකි වුවත් මෙම සේයාරුවෙන් දැක්වෙන්නේ එකල අපගේ කඳවුර පිහිටි පෙදෙසේ ගූගල් ජායාරූපයකි.

චමින්ද ජයසේනගේ මුහුනු පොතෙන්

5 comments:

  1. විශේෂයෙන් උතුරේ සහ නැගෙනහිර බහුතර ද්‍රවිඩ මුස්ලිම් ප්‍රජාවට නිදහසේ ජිවත් වීමේ අයිතිය මෙන්ම දකුණේ බෝම්බ බිය දුරු කර නිදහස් වට පිටාවක් රට තුල නිර්මාණය කිරීමේ අයිතිය තහවුරු කරදුන් ඒ අපගේ දේශයේ වීරෝධාර රණවිරුවන් ට සහ විදෙස් රාජ්‍ය බලවේග වලට නොනැමුණු අභිත දේශපාලණ නායකත්වයට අපි සදා ණය ගති වෙමු !

    ReplyDelete
  2. මොකද්ද අටමෝ බුකියේ තීන ඔක්කොම මේකෙ ගහන්නේ????
    අනේ උඹේ එකක් ලිහාන්කෝ ...

    ReplyDelete
    Replies
    1. වේලෙන පුකට කපුටෝ කොටනවා බන්

      Delete
  3. සංහිඳියාව ඇති කරන්න හැකි වෙන්නේ මෙහෙම දේවල්වලින්. නැතිව කොටි ගණන් වය කරන සෝබනවලින් නෙවෙයි!

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Blog Archive

popular articles of today

Popular articles of this year

Always popular articles