2018-07-04

අර ගෑනු දෙන්නව එක්කරගෙන එන්න



රාජකාරි මේසය වෙත පැමිණ විගස සැකකාරියන් දෙදෙනා කැඳවාගෙන ඒමට මම කාන්තා නිලධාරිනියකට උපදෙස් දුන්නෙමි. මොහොතකින් ඇය ඔවුන් මා ඉදිරිපිටට කැඳවාගෙන ආවාය.

“මේ ඔයා ඩී.අයි.ජී ට බැරිනම් ඊට වැඩි කෙනෙකුට හරි කම්ප්ලේන් කරන්න... මානව හිමිකම් බැරි නම් ඕන තැනක ගිහින් කම්ප්ලේන් කරන්න..., හැබැයි මම ඒ එකකටවත් බය නෑ..., මොකද, මම මගේ රාජකාරිය අවංකව කරන නිසා...”

මගේ සිතේ කැකෑරෙමින් තිබූ කලකිරීම, කෝපය වචන වලට හැරවිනි.

“අනේ සමාවෙන්න සර්..., සර් ගැන නම් මගේ ඊනෙකින්වත් අයිතක් ඉතන් නෑ... මෙතන සර්ගේ රාජකාරිය අවංකවම කරනවා කියලා අපි දෙක්කා... ඒත් සර්ලගේ පොලීසිය ගෙන නම් කියන්න ලෙජ්ජයි....”

කාන්තාවගේ ප්‍රතිචාරය මම කිසිවිටකත් බලාපොරොත්තු නොවූවකි. මා බලාපොරොත්තු වුයේ ඈ මේ අවස්ථාවේ සිතින් මට දොස් පවරමින් නිහඬව සිටී යන්නයි. එහෙත් ඇයගේ ප්‍රතිචාරය මා කිසිසේත් බලාපොරොත්තු නොවුවකි. ඇයට පවසන්නට ලොකු කතාවක් ඇති හැඩකි.

“ඒ මොකද ..?”

විශ්මය මිශ්‍රිත හැඟීමෙන් මම ඈ විමසුවෙමි.

“සර් ඊයේ රෑ ඉදලා අපට උදව් කරන්න තමා කට්ටිය ඉදිරිපත් වෙනවා.... සර්ට විරුද්ධව අතෙන්ට මෙතෙන්ට කම්ප්ලේන් කරන්න කියාගෙන...., ඕන උදව්වක් ඉල්ලන්න කරනවා කියාගෙන..., ටෙලිෆෝන් නම්බර්ස් දෙනවා බේරෙන්ඩ බේ සර්..., හරිම ලෙජ්ජයි සර්...”

ඇයගේ ප්‍රකාශය සත්තකින්ම මා හතර විලිලැජ්ජාවට පත් කලේය. ඇය මා සිතුවාට වඩා අත්දැකීම් සහිත බුද්ධිමත් කාන්තාවක් බව මට තේරුම් ගියේය. මේ ගෙන්දගම් පොලොවේ මැනවින් තෙම්පරාදු වී ඇය ලබා ඇත්තේ විශිෂ්ඨ දැනුමකි. මට ඇය ගැන සංවේගයක් හා පැහැදීමක් ඇති වුනි.

“හැමතැනම ඔහොම තමයි..., ඔයාලට විරුද්ධව කරලා තියෙන කම්ප්ලේන් එක අනුව, අරූව අල්ලගන්න ඔයාලව ඇරෙස්ට් කරලා ප්‍රශ්න කරන් නැතිව බෑ... ඔයා ඒ මිනිහගේ විස්තර ටික දුන්න නම් ඔයාට මේ මොකුත් කරදර නෑ... දැන්වත් ඇත්ත කියන්න කෝ... මට උදව් කරන්න මූව අල්ලගන්න මම ඔයාට ඇප අරන් දෙන්නම්...”

මට ඇයට දෙන්නට වෙනත් උත්තරයක් නොවිනි. කාන්තාව මා කෙරෙහි පැහැදීමක් ඇති කරගෙන තිබීම ගැන මම සතුටු වුයෙමි. විමර්ශනය සාර්ථකව කරගෙන යාමට ඇයගේ උදව් ද ලබාගත හැකි බව ඒ තුල විය.

“සර් කුමාරගේ ටෙලිෆෝන් නම්බර් එක නම් මගේ ළඟ තියෙනවා....”

සුවිශේෂී තොරතුරක් ...සැකකරු අත්අඩංගුවට ගැනීමට මාර්ගය පාදාගැනීමට අතිශයින්ම වැදගත් වන. ...

සැබැවින්ම මේ කාන්තාව හා තරුණිය මා අත්අඩංගුවට නොගත්තේ නම් ඇයගෙන් මේ තොරතුරු කිසිවක් හෙලිදරව් වන්නේ නැත. ඇය අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ ඇය උත්සාහ කලේ මේ මුදල් වංචාවට ඇය කිසිසේත් සම්බන්ධ නොවු බව පෙන්වා මඟහැර යාමටයි. උසස් නිලධාරීන්ගේ උදව් ඉල්ලමින් ඇය උත්සාහ කලේද ඒ සදහායි. එහෙත් මේ වනවිට ඇයගේ ඒ මුරණ්ඩු හැසිරීම නැතිවී කෙසේ හෝ ඇය මුහුණ දී සිටින කරදරයෙන් මිදීමට උත්සාහ දරමින් සිටියාය.

“ආ.... මිනිහගේ ටෙලිෆෝන් නම්බර් එක ඔයා ළඟ තියෙනවා...? ඔයා පුදුම එක්කෙනෙක්නෙ...., ඇයි ඕක මට කලින් නොකීවේ....?

මුල් අවස්ථාවෙම මෙම තොරතුර ලබානොදීම ගැන මම ඇයට දොස් පැවැරුවෙමි.

“අනේ නේ සර්..., හිතලා නෙවෙයි..., මේක මට අමතක වුනා.., එත්තටම කීනවනම් මේ මනුස්සයා තුන් හතර සැරයක් තමයි මගේ ඒජන්සියකට එවිත් තීනවා..., මේ නම්බර් එක මිනිහා දුන්නේ මේ නෙංගිට දෙන්ඩ කියලා..., එයා මේ නෙංගිට කෙමෙතියි කීලා මට කෝම අරි මෙයාව යාලු කරලා දෙන්ඩ කීවා..., මෙනියා වෙඩිපුරම මගේ ඒජන්සියට ආවේ ගියේ මේ නෙංගිව යේලු කරගන්ඩ.....”

ඇයගේ ප්‍රකාශයෙන් සැකකරුගේ එක් දුර්වලතාවයක් මම ක්ෂණිකව හඳුනා ගත්තෙමි. ඔහු ස්ත්‍රී ලෝලියෙකි. ඔහුගේ මේ දුර්වලතාවය උපයෝගී කරගෙන ඔහුව කොටුකරගැනීමට ඇති හැකියාව මම වටහාගත්තෙමි.

“හ්ම්..., හරි දැන් ඉතිං මට ඇත්ත කියන්න..., එතකොට ඔයාලා මුකුත්ම දන්නේ නැද්ද ..., මේ කොල්ලන්ගෙන් සල්ලි ගත්තා කියලා...?”

මට තවදුරටත් ඇවැසි වුයේ මොවුන් දෙදෙනාගේ කිසියම් හෝ සම්බන්ධතාවයක් ඇත්දැයි සැකහැර දැනගැනීමටයි. එය බොහෝ සීරුමාරුවෙන් කල යුත්තකි.

“දෙයියම්පල්ලා යෙපි දෙන් නේ සර්...”

ඇයව මට විශ්වාස කල නොහැක. දෑස් පනාපිට සොරකම් කල සොරෙකු වුවද පොලීසිය ඉදිරියේ මුලදී දිව්රුම් ප්‍රකාශ ලබාදෙන්නේ මෙසේය. මම තවදුරටත් ඇයව ප්‍රශ්න කලෙමි.

“එහෙම නම් ඔයාල මොකද මිනිහගේ වෑන් එකේ නැගලා කොටහේනට ආවේ...?”


ඉතිරි හරිය  කියවලා  කමෙන්ට් පාරක් දාල ....ෆලෝ පාරක් දාල අප්කරලා ගන්න ... යාලුවනේ 

ඉස්සුවේ  මෙතනින් 

ලියන්නේ  මෙයා 




36 comments:

  1. මචං අටම්, උබ මාතලන්ගේ පත්තරේ කොපි කරලා නේද මෙහෙම ලිපි දාන්නේ. උබට මාතලන් වෙන්න බැහැ බං. උබ නුගත්, දිළින්දෙක් විතරයි. උබට බැහැ මාතලන් කෙනෙක් වෙන්න. උබ ලියන දෙයක් ලියන් පාඩුවේ හිටපං මචං, බ්ලොග් එකත් සරලව තියාගෙන. මේ තොරණ වගේ හතර වටෙන් කෑලි එල්ලං ඉන්නේ නැතුව බ්ලොග් එකේ.

    -රසික

    ReplyDelete
    Replies
    1. මම මේ වැඩේ කරන්නේ බ්ලොග් එක පටන් ගත්ත කාලේ ඉදන් බං ... තොරං වගේ වටේ කෑලි එල්ලලා නැ බං .. උබ කියනවා වාගේ නුගත් දිලිදු කමට ...මැෂින් රෙපයාර් එකක්වත් අන්තර්ජාලෙන්වත් හොයාගන්ඩ පුලුවන් වෙයිද කියලා ඔය ඇඩ් එකක් දැම්මේ ....

      Delete
    2. ඔතනටත් ගිහින් කමෙන්ට් එකක් දාල වරෙන්

      Delete
    3. මචං අටම්, උබ මහන මැෂින් ගැන දැන්වීම් දාලා තියෙන එක ගැන නෙමේ මචං තොරණ වගේ කිව්වේ. උබ මටත් මහන මැෂිමක පාර්ට්ස් වගයක් ගන්න ඕනි වෙලා ප්ලේස් එකක් හොයලා දීලා උදව් කරලා තියෙනවා.

      උබ අනුන්ගේ බ්ලොග් වල ඇඩ් තොරණ වගේ එල්ලං ඉන්න එක ගැන කිව්වේ. උබේ දෙයක් ලියන් පාඩුවේ හිටපං මචං. මොකද මේකට අපි එන්නේ උබේ ගොන් කතා, රස කතා බලන්න මිසක් මේක සින්ඩියක් විදියට පාවිච්චි කරන්න නෙමේ.

      බලපන්, මේකේ උබේ පොස්ට් එකක් පෙන්නේ කොයි තරං පොඩි තීරුවකද කියලා. මොබයිල් ෆෝන් එකෙන් එහෙම මේක කියවන්න මාර අමාරු.

      උබ ඒ නිසා උබේ කර්මාන්තය කරගෙන, පොස්ට් එකක් දෙයක් ලියන් පාඩුවේ හිටපං.

      -රසික

      Delete
    4. නරක කාලෙට දෙයියොත් බට කොල කෑවා යාලුවා ............. අපි බලමු .... මට ...හින්නිත්තර සහන කාලයක් දෙන්න

      Delete
  2. මුත්තාගේ හුත්ත. අටම්ගේ යටි බඩ. අටම්පහුරගේ චූ පැටියට ඉරටු කුරක් අරං දෙකක් දෙන්න ඕනි. මල්ලි සමලිංගිකද? බඩු.

    ReplyDelete
    Replies
    1. දෙලොවටම වැඩක් නැති කමෙන්ට් දාන අතරේ අතනට ගිහින් කමෙන්ට් එකක් දාපන්කො

      Delete
    2. දෙලොවටම වැඩක් නැති පොස්ට්ස් වලට ඒ වගේම කොමෙන්ට් තමයි මචං වැටෙන්නේ.

      Delete
  3. ලියපා........................ං

    ReplyDelete
  4. sinhala kament karanda ba. MamMa hithuve ube ekak kiyala.

    ReplyDelete
  5. එතනට ගිහිල්ල පොඩ්ඩක් කඩාල්ලල බැලුව. තව ටිකක් කියෝලම කොමෙන්ට් කරන්න බලමු.

    ReplyDelete
  6. එතනට ගියා හොඳ ලිපි කිහිපයක් තිබෙනවා කතාවකුත් හිමිට යනවා.

    ReplyDelete
  7. අටං සෑර්ගේ කිව්ව නිසා ඔන්න ගියා.
    ජයවේවා!

    Myself Hattor

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං දෙන සහයෝගයට

      Delete
  8. කියෝගෙන එද්දී ඔයාගේ ස්ටයිල් එක නෙමේ කියලා තේරුනා. තැන්කිව් ඔයා කොහොමත් ලියන අයගේ ඒවා ශෙයා කරන්නේ ඒ අයට තව ලියන්න පොළඹවන හොඳ චේතනාවෙන් කියලා අපි දන්නවා

    ReplyDelete
  9. දෙයියන් පල්ලා මම මේක කියවන්ට පටන් ගත්ත ගමන් ලිපියේ අන්තිම ටික බැලුවේ කවුරු හරි ලියපු එකක් කියලා හිතුණ නිසා මයි...

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් මොකද බං කරන්නේ .... හිත හීලැ ...නැ හරිම මුරන්ඩුයි

      Delete
  10. උඹ දාල තියෙන ලින්ක් එකෙන් පොරගේ බ්ලොග් එකට ගියාට මේක තියෙන්නේ කොතනද කියල හොයා ගන්න බැරි උනා නේ.. හිතට අල්ලල ගියා.. ආයි ගිහිල්ල කොනක ඉඳන් කියවන්න ඕනි..

    ReplyDelete
    Replies
    1. අන්න ඒකමයි ලින්ක් එක මෙහෙම දැම්මේ ............. මට ඕන මේ වැටෙන කමෙන්ට් එතනට දම්මවන්ඩ ... මේ කමෙන්ට් එක උනත් උඹට දාන්ඩ තිබුනේ එතන

      Delete
  11. සරල විදිහට කමෙන්ට් කරන්න ඒ බ්ලොග් එක හදාගන්න හැටි ප්‍රදීප් මහත්තයට කියල දීපන් බං...
    ඒ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දාන්න ගිහින් ඒකත් බැරි උනා...
    ආයේ හැරිලා ආවා...

    ReplyDelete
    Replies
    1. තමුන්ගේ බ්ලොග් එකවත් හරියට සරල විදියට හදාගන්න බැරි අටමා කොහොමද අනික් එවුන්ට උපදෙස් දෙන්න යන්නේ බ්ලොග් එක සරලව හදා ගන්න විදිය ගැන.

      අනේ මේ අටමෝ, උබ නිකං එතන ගිහිං උපදෙස් දීලා උගේ බ්ලොග් එකත් කන්න එපා.

      තොගේ බ්ලොග් එකේ හතර වටින් එල්ලෙන අනුන්ගේ බ්ලොග් වල ලින්ක් කෑලි ටික අඩු කරලා, උබේ පොස්ට් එක පේන තීරුව වැඩි කරපන්. තොගේ බ්ලොග් එක අඩුම ගානේ ෆෝන් එකෙත් වත් කියවන්න පුලුවන්ද කියපන්කො වාත නොවී. ගොබ්බයා තොට තොගේ බ්ලොග් එකේ අවුල පේන්නේ නැහැ. අනුන්ගේ බ්ලොග් හදා ගන්න විදිය ගැන කියන්න යනවා. අම්මපා තෝ මේක හැදුවේ නැත්තන් මහන මැෂිමක් හදන්න තියෙනවා කියලා කෝල් කරලා තෝව කොහෙට හරි ගෙන්නන් ඇට දෙක තලනවා දනගන්.

      Delete
    2. //අම්මපා තෝ මේක හැදුවේ නැත්තන් මහන මැෂිමක් හදන්න තියෙනවා කියලා කෝල් කරලා තෝව කොහෙට හරි ගෙන්නන් ඇට දෙක තලනවා දනගන්.//

      ඒකට කමක් නැ මචං ... සල්ලි දීහං

      Delete
    3. මචං අටමො සිරාවට විහිලු නෙවේ, උඹේ මේ අටමගල ෆෝන් එකකින් කියවන එක මාර අමාරුයි. බ්ලොගර් වල මොබයිල් විව් එක එනෙබල් කරපන් බන් පින් පිං සිද්දවෙයි.

      Delete
    4. Enable Blogger Mobile Template : Blogger Guide
      -https://www.techprevue.com/enable-blogger-mobile-template/amp/

      Delete
  12. thank u boss. that is a good blog. lot to read

    ReplyDelete
  13. එළ මචං... ගියා. කමෙන්ට් කළා ෆලෝ කළා
    බ්ලොග් රෝලටත් දාගත්තා
    උඹ එල කොල්ලෙක්.. ජයවේවා

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Blog Archive

popular articles of today

Popular articles of this year

Always popular articles