2019-07-30

හිතට නිවන දුවට සෙවණ ( සිහිකරමින් සතුටුවියහැකි වැඩක් )

හිතට නිවන දුවට සෙවණ   ( සිහිකරමින් සතුටුවියහැකි වැඩක් )

ඇය නමින්   H , P ඉන්ද්‍රනි සෝමලතා ......  406/22/F/I ,  නව ගම්මානය , ගොජරාගම , ගල්ගමුව ලිපිනයේ තමයි පදිංචිවෙලා ඉන්නේ , .... දැන් ටික දිනකට කලින්  දවසක  සැමදා  පුරුදු පරිදිම වඩු කාර්මිකයකු වන ඇගේ සැමියා බීමත්ව පැමිණ ඇයට සහ ඇගේ දසහැවිරිදි දියණියට හිරිහැර කරන්න පටන්ගත්තා.

ඒ ආරවුල සිදුවන අතරතුර ඔහු විසින්  රැගෙන විත් තිබුන කසිප්පු , කුඩා දියණියටද බලහත්කාරයෙන් පෙවීමට උත්සාහ ගැනීමට සෝමලතා විසින්  දැඩිලෙස විරෝධය දැක්වනවා.

ඒ සමගම දිනපතා සිදුවන ආරවුලට වෙනස්  මුහුණුවරක් දෙමින් නිවසින් පිටවයන ඔහු නැවත නිවසට පැමිනෙන්නේ නැ.

වයෝවෘද්ධ ආබාධිත පියා ජීවත් කරවීම සහ දියණිය පාසැල් යැවීම සහ කුසට යම්කිසි ආහාරයක් ඉදහිට හෝ ලබාගැනීමට තිබුන එකම මාර්ගයත් නොමැති වීමෙන් ඇය අන්ත අසරණ තත්වයට පත්වෙනවා.

කඩයප්පං සැදීම සහ සිගමන් යැදීම මගින් ජීවිතය ගැටගසා ගැනීමට උත්සාහ කලත් , එයත්  ඒ තරම් දුරට සාර්ථකවන්නේ නෑ.

දින ගණනක්  විවිධ හැලහැප්පීම් මැද ජීවත්වන ඇය ... අවසානයේ තීරණය කරනවා  වයෝවෘද්ධ ආබාධිත පියා  නිවසේ  තනිකර ගොස් දියණිය සමග දුම්රියට පැන දිවිනසා ගැනීමට.

දුම්රිය මාර්ගය ආසන්නයේ කාන්තාවක හා කුඩා දැරියක අඬමින් සිටින බව දකින දුම්රිය සේවකයෙක් විසින් ගල්ගමුව පොලිසියට දුරකතන ඇමැතුමක් මගින් දැනුම් දෙනවා , වහාම ක්‍රීයාත්මකවෙන පොලිස් නිලධාරියෙක් අදාල ස්ථානයට පිටත්වගොස් තොරතුරු විමසන අතරතුරේම එම ස්ථානය පසුකර දුම්රියක් ගමන්කරනවා.

සෝමලතා සහ සුරතල් දියණිය තවදුරටත් මිහිපිට ජීවත්වීමට තරම් වාසනාවන්ත වෙනවා.


මියයෑම පහසු දෙයක් බවත් ජීවත්වීම අසීරු උනත් කලයුතුම දෙයක් බවත් , ඔවුන් ගැන සොයා බැලීමට කවුරුන්හෝ සිටින බවත් , තම දියණියට හොදින් අධ්‍යපනය ලබා දී තමන්ට සිදුවු දේ සිදු නොවීමට වගබලාගතයුතු බවත් , සමාජය ඇගෙන් ඒ අභියෝගයට මුහුණදීම බලාපොරොත්තු වන බවත් දැන් ඇය හොදින් දන්නවා.

නමුත් වයෝවෘද්ධ ආබාධිත පියා සහ දියණිය රැකබලාගනිමින් පූර්ණකාලින රැකියාවක නිරතවීමට ඇති නොහැකියාව සහ වයෝවෘද්ධ ආබාධිත පියා සහ දියණිය රැකබලාගනිමින් යෙදීමට  හැකි කෙටිකාලින  රැකියා අවස්ථාවන් ඇය ජීවත්වන ගල්ගමුව  ප්‍රදේශයේ නොමැති වීම ඇයට මුහුණ දීමට සිදුවී ඇති විශාල ගැටලුවක් සහ අභියෝගයක්.

ගල්ගමුව ප්‍රදේශිය ලේකම් ප්‍රියංගනි පතිරාජ මහත්මිය සහ ගල්ගමුව පොලිස් ස්ථානාධිපති දුමින්ද නයනසිරි මහත්මාගේ මැදිහත් වීමෙන් ,  ප්‍රියන්ත සෙනෙරත් මහත්මා සහ ජගත් කුලසිංහ මහත්මා , සියලු පහසුකම් සහිතව නිවසක් තනාදීමට දැනටමත් සැලසුම්කොට තිබෙනවා.

නව නිවස ඉදිකිරීමට , ඔවුන් තිදෙනාගේ එදිනෙදා ජීවිතය පවත්වාගන යාමට , දියණියගේ අනාගතය වෙනුවෙන්  හෝ වෙන කුමානාකාරයකින් හෝ පිහිටවන මෙන් හිතවත් ඔබෙන් ආදරණියව ආයාචනා කරමි.


H P ඉන්ද්‍රනි සෝමලතා
ගිණුම් අංක - 84586962
ලංකා බැංකුව
ගල්ගමුව


V K අමාෂි සෙව්මිණි විජේසිංහ
ගිණුම් අංක - 184200160069007
මහජන බැංකුව
ගල්ගමුව
( වයස 18 සම්පූර්න වූ විට මුදල් ලබාගතහැකි ළමා ඉතුරුම් ගිණුමකි )


H P ඉන්ද්‍රනි සෝමලතා
දුරකතන අංකය - 0724103877


ගල්ගමුව ප්‍රදේශිය ලේකම්
ප්‍රියංගනි පතිරාජ මහත්මිය
037 2253038

ගල්ගමුව පොලිස් ස්ථානාධිපති
දුමින්ද නයනසිරි මහත්මා
0718591286

ප්‍රියන්ත සෙනෙරත් මහත්මා
ප්‍රජා පොලිස් ඒකකය - ගල්ගමුව
0716542026

ජගත් කුලසිංහ මහත්මා
පොලිස් මහජන සම්බන්ධතා අංශය - ගල්ගමුව
0705783678

















නිවස ඉදිකිරීමට යෝජිත සහ දැනට පදිංචිව සිටින ස්ථානය , ගූගල් මැප් ඩිරෙක්ෂන්
https://www.google.com/maps/place/8%C2%B000'38.0%22N+80%C2%B017'07.9%22E/@8.0152461,80.2750191,6209m/data=!3m1!1e3!4m5!3m4!1s0x0:0x0!8m2!3d8.01056!4d80.285533

මේ  සම්බන්දව අන්තර්ජාලයේ පලවු ලිපියක්
https://www.facebook.com/lankaVnews/posts/2382740048473152

බ්ලොග් සටහන
https://atampahura.blogspot.com/2019/07/blog-post_30.html

මේ උතුම් කාර්ය්‍යට මා යොමුකරවූ නම සදහන් කිරීමට අකමැති මිතුරාට පිං.

13 comments:

  1. Replies
    1. ස්තුතියි මචං ......පිං සිද්දවෙච්චාවේ

      Delete
  2. Replies
    1. ස්තුතියි මචං ......පිං සිද්දවෙච්චාවේ

      Delete
  3. බලමු මොනවා හරි කරන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං ......පිං සිද්දවෙච්චාවේ

      Delete
  4. Replies
    1. ස්තුතියි මචං ......පිං සිද්දවෙච්චාවේ

      Delete
  5. මචං. උබ නිසා එකෙකුට උදව් කළා. ඒ මහත්තය දැන් දිවියලෝකේ ඇති. මට අදටත් සන්තෝසයි උබ නිසා. උබ සිරා පොරක් බං. උබට නැති උනත් අනිත් මිනිස්සුන්ට කරන්න උබ හෙන මහන්සියක් ගන්නව. උබෙන් අහන්නෙ නැතුව එකෙකුට සල්ලි දීල සල්ලි ලැබුනද කියල කෝල් දහ පහළොවක් දුන්නට පස්සෙ ඌ මට ඉංගිරිසියෙන් කතා කළා. ඒකත් කමක් නැහැ බං. මම ඒක ඌ එක්ක බලාගන්නම්. දැනට මගේ කිසිම කෙනෙක් ලංකාවේ නැහැ. මම එත් මගේ සල්ලි වලින් ට්‍රාන්සර් කරන්නං පුළුවන් ගානක්. මේ කරන්නෙ උබට තියෙන ලෙන්ගතු කමට මිසක් මට දිවියලෝකේ යන්න නෙමෙයි. උබ පලයන් දිවියලෝකෙට. පුලුවන්නම් මාවත් ගෙන්න ගනිං. හැබැයි පොඩ්ඩක් අමාරු වෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං ......පිං සිද්දවෙච්චාවේ

      Delete
    2. හුටා ........... උඹවත් කැමරා කටාට අහු උනාද මචං

      Delete
    3. කැමරා ඩයල් එකක් නෙමෙයි බං.. ඔය හැමතිස්සෙම දුකම විකුණන එකා.. මම ඔය කතාව ගැන පෝස්ට් එකක් ලියල තියෙන්නෙ පින්තූර එක්කම. ඉස්සරහට උබල කාට කාටත් බුවා කවුද කියල පෙන්නන්නං.

      හා හා... 😂

      \\.....ජය ශ්‍රි මහා බො සමිදු පිහිටයි...උබට..//

      Delete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>