Showing posts with label නම දාන්ඩ බැරි කතා. Show all posts
Showing posts with label නම දාන්ඩ බැරි කතා. Show all posts

2017-01-24

තෑගී ටොෆී ....බොන්සන් සහ බොන්බොන් ටොෆී සමග මිනී මැරුමක් සහ ඌරු මස්


අක්කේ     අක්කේ ඒ ...

ඉන්නවදෝ ......

‘‘දොරත් ඇරල කොහෙට ගිහින්ද මන්දා....ගෙදර නැද්ද කොහෙද පුතේ ‘‘

ඉන්නවෝ ....මේ එනවෝ ....

‘‘ ආ චන්ද්‍ර නංගිනෙ .....මං ටිකක් ඇලවුනා බං ....මහන්සියට ..කොල්ල බලන්ඩ ගිහිං ඇවිත්  ‘‘

‘‘ දැං කොහොමද අක්කේ කොල්ලට ‘‘

‘‘ අනේ ඉන්නවා පැත්ත වැටිලා ...අතයි කකුලයි ගල් ප්ලාස්ටර් දාලා ....අනිත් අතත් හැම තැනම තැලුං තුවාල ...හොදට තියන කකුලත් හොල්ලන්ඩ බැ තැලුං හන්දා ...ඒ මදිවට ඒ කකුලට දංවැලක් දාලා ඇදේ බැදලා ....මට හිත වාවනේ නැ බං ‘‘

‘‘ අනේ දෙයියනේ   දැක්ක තැන ඔලුව පාත් කරල ...අක්කේ කියල යන කොලුවා ‘‘

‘‘ හැබැයි මං ගියහම නං පොලිස් රාලහමි  දිහාත් බලලා  ...    හිටිය ගාට්  මහත්තයා ...දංවැල ගැලෙව්වා ... මෙහේ හිටිය කෙනෙක් වෙන්න ඇති   මතක නැතෑ අපිව ‘‘

‘‘ පොලිසියෙනුත් දාලද ‘‘

‘‘ ඔව්නේ නංගියේ .... අර බැල්ලිගෙ පුතා මැරෙන්ඩ කලින් මෙහෙ ඉස්පිරිතාලෙටත් පැනලනේ මුල්ලක්කල මිනිස්සු ...මුං දෙන්නව මරන්ඩ ‘‘

‘‘ ආනේ ...එහෙමද ....‘‘

‘‘ ගමේ  කොල්ලොයි පොලිසියයි නොහිටින්ඩ අපේ එකාවත් මරනව මෙහේ ඉස්පිරිතාලෙදි‘‘


‘‘ ඔයින් ගියා මදැ ... මටනං හරි පුදුමයි ... එහෙම දඩබ්බරයෙක් යැ මේ කොල්ලා ‘‘

‘‘ අර මැරිච්ච එකා ගෙනත් දාපු ගිනි ගෙඩියනේ මේ ‘‘

‘‘ මොකක්ද අක්කේ ඇත්තට උනේ ....අපේ එක්කෙනත් කියනවා .....මඩර් කේස් දැකලා අහල තියනවා මෙහෙම කේස් එකක්   ඇහුවමයි අගක් මුලක් හිතාගන්ඩ බැ කියල ‘‘

‘‘ අනේ මහත්තයා තුන් හතරපාරක් ගිහින් තියනවා ...මයේ කොල්ලව බලන්ඩ ....ගාට් මහත්තුරුන්ට කියුවලු ...මේ මගේ කොල්ලෙක් පොඩ්ඩක් බලහල්ලා මල්ලියේ කියලත් ‘‘

‘‘ මා එක්කත් කියුවා ගියා කියල .....සැහෙන කාලයක් යයි කියල කියුවා නිදහස් වෙන්ඩ ..... සාක්කි කියවෙන හැටියටලුනේ දඩුවං කරන්නේ ‘‘

‘‘ මං මේ ගිනි පත්තුවෙලා ඉන්නේ .... උදේම හිස් බඩ එලියට බැහැලා  ගිය එකා එකොලහට විතර ඇවිත් මගෙන් බත් ඉල්ලුවා    .... උයල තිබ්බ පරිප්පුව එක්ක බත් බෙදාගන්ඩ යනකොට කරෝල කෑල්ලක් බැදල දෙනකං හිටහං කියුවහම ...බැ බඩගිනියි කියල බත් හැදි දෙකක් බෙදාගන ...ලිපේ උඩ තිබ්බ පරිප්පුවෙං ටිකක් දාගන ...ඔය බිත්ති කන්ඩිය උඩට ගියා ....මං හෝද හෝද හිටිය ඌරු මස් එක පැත්තකිං තියල තොන්ඩයෝ  දෙන්නෙක්   අරං , තාච්චුව ලිපේ තියල ...ලුණු මිරිස් ...අතගාල බැදගන ඉස්සරහට එනකොට සුදු සරමයි සර්ට් එකයි ගහගන ..අර කාලකන්නියා ...කොල්ලගේ බත් එක කනවා ...‘‘

‘‘ කවුද අක්කේ ඔය ....මල්ලිලා අදුරන්නේ කොහොමද ‘‘

‘‘ ඉස්සර  ඉස්කෝල කාලෙත් ඒකා එනවා ...  ඒ කාලේත්  ඔය පයුරුපාසානමට මගේ කැමැත්තක් තිබුනේ නැ ..... සායංගොඩ පැත්තෙද කොහෙද ....බැන්ද ගෑණිනං මුල්ලක්කල .....අනේ ඉතින් නංගියේ මං අරකගේ අතේ තිබුන පිගානට කරවල කෑලි දෙක දාල .....පුතේ උඹට තව එකක් බෙදාගන එන්ඩද ඇහුවහම ...එපා මට ඇති කියුවා ....මං කුස්සියට ගිහිං ..ටිකකිං ... අරක පිගානත් ඇරං කුස්සියට ඇවිත් පිගාන තියල ...කලෙං වතුර නවාගන බීලා ..ඉතුරු ටික අතට හලාගන ...අත සරමේ පිහාගන ..‘‘

‘‘ මාස නමයකිං බත් ටිකක්  පිරියට කෑවා නැන්දේ ‘‘   කියුවා

‘‘ ඉතිං ‘‘

මං ඇහුවා   ‘‘ඒ මොකද පුතේ ඒ  ‘‘ කියල ....මේකා කියපි ... පවුලගේ නැදැ කට්ටිය මට හරියට කරදර කරා නැන්දේ ..අන්තිමට ....මං මාස නමයක අච්චුවක් ඇදලා ..එන්නේ මේ .... නත්තල් සමාවට මාව අද නිදහස් කලා මං මේ  එන ගමං ලසන්ත බලලා යන්ඩ ආවේ .... කියල .... අනේ මං ඉතින් කියුවා ... දැං ඔව්වා අමතකවෙලා ඇති ... පලයං පුතේ ගෙදර .....කෙල්ල දරුවා එක්ක උඹ එනකං බලාගන ඇති කියල


‘‘ පොඩි දරුවෙකුත් ඉන්නවා ලු නේද අක්කේ ‘‘

‘‘ ඒකනේ ....නංගියේ ....ඌට ඒ ගැන හිතන්ඩ තිබුනා ...මයෙ කොල්ලවත් ...වලට ඇදලා දාන්ඩ කලින් ... දන්නවද එතකොට කියාපු එක .....අනේ කවුද හිතන්නේ මෙහෙම රාජ අපරාදයක් කරයි කියලා ... කාලකන්නියා ‘‘

‘‘ මොනවද අක්කේ ඒකා කියුවේ ‘‘

‘‘ වැඩක් නැ නැන්දේ ....ඒකීත් දැං මෙව්වට හවුල් ...  ඒ ගෙදර උන් ඔක්කොම .... ඔකුන් ඔක්කොගෙම කොළ බොක්ක එලියට අදින්ඩ මට හිතිලා තියෙන්නේ .......කියාගන ...එලියට ගිහින් ...කොල්ලා එක්ක කුටු කුටු ගගා යන්ඩ ගියා ‘‘

‘‘ ඉතින් ඉතින් ‘‘

‘‘ තව පැයක් යන්ඩ ඇති ඕන නං ...අපේ කොල්ලා ඇවිත් තසිමකට ඌරු මස් ටිකක් බෙදාගන වීදුරුවකුත් අරං .අර මහපාරට හැරෙන තැන බෝක්කුව උඩින් ඉදගත්තා ..අර වේසිගේ පුතා එතනට වෙලා හිටියා ...ගෙදර ආවේ නැ ‘‘

‘‘ මං ඉතින් ගෙදර වැඩත් ඉවරකරලා ලිද ලගට ගිහින් රෙදි ටික හෝදලා ඉවරකරලා , නාගන ඇවිත් ඔලුව පිහදානකොට තමයි ... අර සමරෙතුංග ඇවිත් කියුවේ අපේ මල්ලිගේ කඩේ අස්සේ ...ලසන්ත දාසට  පිහියෙන් ඇනලා .. පැනල ගිහිං කියල ‘‘

‘‘ කාර් එකකුත් බලෙං අරං ගිහින්ලු නේද අක්කේ ‘‘

‘‘ ඔව් අර ඉස්පිරිතාලේ ගාව ලානිල් පාට මයිනරය....අනේ පව් පියදාස මල්ලිගේ බෙල්ලටත් පිහිය තියලා ....ඒ මනුස්සයගේ බෙල්ලත් හීරිලා ‘‘

‘‘ ලසන්තව දන්නේ නැද්ද ඒ මනුස්සයා ‘‘

‘‘ මොකද නොදන්නේ ....පියදාස අයියා මට කියුවා ....පිටි පස්ස හැරිලා ..කොල්ලගෙන් ඇහුවලු .......ඇයි පුතේ මට මෙහෙම කරදර කරන්නේ ....මං වයසක මිනිහා ...පුතාල වාහනේ අරං යන්ඩ කියල ....ඒ මනුස්සයා හිතල තියෙන්නේ කාර් එක හොරකං කරන්ඩ හදනවා කියල ....පස්සෙලු ඇගේ ලේ තියනව දැක්කෙ ....එතකොට කොල්ල කියුවලු ....මාමට කරදර කරන්නෙ නැ මාමේ ....මාම අපිව කියන තැනට ගිහින්දාල  යන්ඩ කියල .....‘‘

‘‘ අනේ දෙයියනේ ..ඉතිං ඉතිං අක්කේ ‘‘

‘‘ එතකොට අරක කියුවලු ... නැ උඹට එන්ඩ බැ ...අපි යන වැඩේ ඉවරකරලා ...අපි ආපහු එනකං උඹ ඉන්ඩ ඕන ...කියල ‘‘

‘‘ නංගියේ යේ ...මයේ කොල්ල එතකොට ..කියුවලු ...  මචං මේ මං දන්න කෙනෙක් ..මාමා අපි කියන විදිහට කරයි ..ඔය පිහිය අහකට ගනින් කියල ‘‘

‘‘ අරූ නං මහ තිරිසනෙක් ‘‘

‘‘ පස්සේ එතනට යනකං දෙන්නා කතා බහක් නැතුව ගියාලු ... පාරවල් පෙන්නුවා විතරයිලු... අරූ ගෙයක් ගාවින් නවත්තන්ඩ කියලා ...බහින්නෙත් නැතුව ...කාර් එක හරවගන්ඩ කියලා ...හැරෙව්වට පස්සේ කාර් එකෙන් බැස්සලු ...... පස්සේ අපේ එකත් බැස්සලු ....ගෙදර මිදුලේ ගහක කෙක්කකිං දෙල් කඩ කඩා හිටියලු වයසක මනුස්සයෙක් ....කෙක්ක අල්ලගන ඉන්නකොටම ඒ මනුස්සයට ....ඇන්නලු ....ඊට පස්සේ ...දෙන්නම ගේ ඇතුලට ගියාලු ....පියදාස අයියා ...කෙලින්ම නැවතිලා තියෙන්නේ පොලිසියේ ‘‘

‘‘ මේ කොල්ලත් අර මනුස්සයට පිහියෙන් ඇනලද ‘‘

‘‘ නැ නැ නංගියේ .. ගෑණියි ළමයයි ..ඇරෙන්ඩ ඒ ගෙදර හය දෙනාවම මරලනේ .... අරකගේ ගැණි සාක්කියට කියල තියනවලු ...ලසන්ත කාටවත් ඇන්නේ නැ ...පිහිය උළුක්කරං හිටියා ...අනිකා තමයි ඇන්නේ කියල ‘‘

‘‘ තමන්ට වරදක් නැති කෙනෙකුට නියපිටින් රිදවන්ඩ පුලුවන්ද ...ඒකනේ ...ඒකනේ ...‘‘

‘‘ ඔය සද්දෙට අහල පහල මිනිස්සු එනකොට දෙන්නා පැනල දුහලා ....ගමම වට කරල අල්ලගන අතපය කැඩලා ගස් බැන්දට පස්සේ තමයි පොලිසිය ඇවිත් බේරගන තියෙන්නේ ‘‘

‘‘ ඔය කොහෙද අක්කේ මං ඒ පැත්ත දන්නැ ‘‘

‘‘ ඔය මහපන්සල ලගින් තියන පාරේ ...ලොකු දුරක් යන්ඩ ඕන ....මුල්ලක්කල කියුවහම .....හිරයක්වත් නොදෙන පැත්තක් ....පොලිසියට පණ පිටින් ගේන්ඩ හම්බුනා ඇති ‘‘

‘‘ දැං මොකද අක්කේ ඊලගට කරන්නේ ‘‘

‘‘ අපේ අද්වකාත් මහත්තයානං ..කියන්නේ ....මුල්ලක්කල මරණවලින් ..නං ගැලවෙන්ඩ පුලුවන් ....දාස මරපු  එකට කොල්ලව අහුවෙයි කියල ......ඕකා මගේ මල්ලි තමා ...එහෙම වෙලා මයේ කොල්ලට විරුද්ධව සාක්කි දුන්නානේ ....‘‘

‘‘ වරද හරි කියමුකෝ අක්කේ ....තමන්ගේ දරුවෙක් නේද ‘‘

‘‘ ඒකනේ නංගියේ ...ඔය දාසයා එක්ක තියන  තරහ  ....ඔය දෙන්නම ඌ එක්ක  ජන්මාන්තර   වෛයිරයි ...  ඔය දවස්වල ලසන්තලා ..රුවන්තලා  පොඩි එවුන් ...රුවන්ත ලසන්තට වඩා වැඩිමාල් උනාට දැං වාගෙම ... වැඩි කලබලයක් නැ ...‘‘

‘‘ ඉතිං අක්කේ ඉතිං ‘‘

.‘‘ ලොකු ළමයා හමුදාවට ගිය අලුත  ...අපේ එඩ්වර්ඩ් ... පැන්ෂන් යන්ඩ ලගයි සාජන් මේජර්  වෙච්ච කාලේ....ලැනී අත දරුවා ... කඩේ මල්ලි එතකොට...ඉස්කෝලේ ගිහින් ඉවරයි  ...දාසත් එක්ක දවාලේ රංඩුවක් වෙලා ...  ...ඔය මේසේ ඉස්සර තිබුනේ ඉස්තෝප්පුවේ ....එතකොට කරන්ට් එක ඇවිත් නැ ...අර කබඩ් එකේ තියෙන්නේ පැට්රෝල් ලාම්පුව ...ඕක එල්ලලා තිබුනා ඉස්තෝප්පුවේ ...හතර පස් දෙනෙක් එක්ක දාසයා කඩුවක් එහෙම අරං ඇවිත් ... ඉස්තෝපුවට ගොඩ වෙච්ච ගමං ...ගැහුවා පැට්රෝල් ලාම්පුවට ...  පස්සේ කඩේ මල්ලිට අල්ලගන ගැහුවා කට්ටියම වටකරගන .....එදා එන්ඩ හිටපු දවසකුත් නෙමෙයි ....දෙයියෝ එව්වා වාගේ එඩ්වඩ් ගෙදර ආවා ... දාසය කට්ටියවත් ඇදගන ...පැනල ගියා ....නැත්තං ලසන්ත අතින් නෙමෙයි ...දාසය අතින් මැරෙන්නේ එදයි කඩේ මල්ලි ‘‘

‘‘ ඒ තරහද ඉතින් ඔය ‘‘

‘‘ පස්සේ අපේ එඩ්වර්ඩ් බිම වැටිලා තිබුන පැට්රෝල් ලාම්පුවේ ..බිදිච්ච වීදුරු පටි ටික අයින් කරල ..හුලං ගැහුවා ...කඩු පාරට ටැංකිය තැලුනට හිල් වෙලා නැ ....ලසන්ත ...කබඩ් එක උඩ තිබුන අළුත් මැන්ටලේ ගෙනත් එඩ්වඩ් අතට දීලා ..... තාත්තෙ මං ලොකු වෙලා ඕකව මරනවා ....කියුවා ....කරදඩු උස්මහත් වෙච්චදා ඉදං කීපාරක් නං දාසයා එක්ක ගෝරියට ගියාද ‘‘

‘‘කඩේ ගෙදර කට්ටියත් එක්කත් තරහයි නේද ..අක්කේ ‘‘

‘‘ ඉස්සර මේ ළමයි මල්ලි එක්ක හරි එකතුයි ..ඔය කඩේ දාල තියන ඉඩං කෑල්ලයි , මේ ගෙදරයි දෙකම ඉල්ලපු ආරෝවනේ ඔය ...ලසන්තයි මායි එක්ක කතා නොකලට ....එඩ්වඩ් එක්ක රුවන්ත එක්ක එහෙම කතා බහ කරනවා ‘‘

‘‘ ලසන්තට විරුද්ධව මුදලාලි සාක්කි දීලා කියල අපේ මහත්තය කියුවා ‘‘

‘‘ ඒකනේ නංගියේ ඌට   තමන්ගේ කමට කියන්ඩ තිබුනේ නැද්ද කඩේ ඉදං ගෙදරට ගිය ටිකට සද්දයක් ඇහිලා ඇවිත් බලනකොට දාසය කඩය ඇතුලේ වැටිලා හිටියා කියල ....සාක්කි දිලනේ ....ලසන්ත දාසට   බිමදාගන ඇනලා ...   සාක්කී දුන්නොත් තෝත් මරනවා කියල කිනිස්ස උරුක් කරල පැනල දිහුවා කියල ‘‘

‘‘ මොන බොරුද අම්මේ .....ලසන්ත අයියා නෙමෙයි එහෙම කලේ ....අනිත් අයියා .... ලසන්ත අයියගේ අතේ තිබුනේ කිනිස්සක් නෙමෙයි ...උල් පිහියක් ‘‘

‘‘ හා හා කට කට ....මම උඹට කියුවා නේද ඔය ගැන කට හොල්ලන්ඩ එපා කියල ‘‘

‘‘ මොන ....මොකක්ද නංගියේ මේ කොල්ල කියන්නේ ‘‘

‘‘ නැ අක්කේ ..එදා පුංචිකමට මේ ළමයා ඒක බලාගන ඉදලනේ ‘‘

‘‘ මොනවද පුතේ උඹ දැක්කේ ‘‘

‘‘ මං  ප්‍රසාද්ලගේ  ගෙදර ගියා ...ප්‍රසාද් හිටිය නැති හන්දා මේ මිදුල මැද්දෙන් පාරට  යන්ඩ යනකොට ...බෝක්කුව උඩ ඉදගන හිටියා ලසන්ත අයියා තව අයියා කෙනෙක් එක්ක ....‘‘

‘‘ ඉතින් ‘‘

 ලසන්ත අයියා මට රුපියල් විස්සක් දිලා බිස්ටල් පහක් අරං එන්ඩ කියුවා ...ඒක ගෙනත් දුන්නහම ඉතුරු සල්ලි මට තියාගන්ඩ කියුවා ...අතේ තිබුන තසිමට උල් පිහියෙන් ඇනල මස් කෑල්ලක් මට දික්කරා

‘‘ කොල්ලො උඹ උෟරු මස් කනවද ආ ‘‘

‘‘ මස් කන්නේ පිහියෙන් ඇනලද ‘‘

‘‘ මස් කන්නේ පිහියෙන් තමයි යකෝ ‘‘

...කියල හයියෙන් හිනා වෙලා .....මට තසිම දුන්නා ....මාත් බෝක්කුව උඩින් ඉදගන ඌරු මස් කැවා ....බිස්ටල් දෙකක් පත්තු කරගත්ත ඒ දෙන්නා ..බෝක්කුව පිටි පස්සේ තිබුන අරක්කු බෝතලයෙන් ...වීදුරුවට දාගන අරක්කු බිව්වා ...මගෙන් තසිම අරං ලසන්ත අයියා මස් කැල්ලක් කාලා අනිත් අයියට දික්කරා  එයා  මස් කැවේ නැ , ලසන්ත අයියා මට තසිම ආයෙත් දීලා


‘‘ මේ බලපං මු මස් කනව නෙමෙයි පිබිනවා ‘‘

කියුවා ... අනිත් අයියා මගේ දිහා බලලා ....අහක බලා ගත්තා ...හිනා උනේවත් නැ

‘‘ ඒ දෙන්නා මොනවද වෙන කිියුවේ ‘‘

මොකවත් නැ ...  ලසන්ත  අයියා මා එක්ක කතා කලාට අනිත් එක්කෙනා මං ඉන්නවට කැමති නැ  වගේ හිටියේ් .. ටික වෙලාවකිින් ...මහපාරේ  අෑත ....අඅරර දාස කියන එක්කෙනා එනව දැකලා ලසන්ත අයියා

‘‘අන්න මචං ..  අරු එනවා ... මගේ ගේම ගහලා ....උඹේ ...ගේමට බහිමු කියලා ...ඉතුරු අරක්කු ටිකත් දෙන්නා එක්ක බීලා ...  බෝක්කුව පිටි පස්සේ තිබුන කිනිස්සක් අරං අනිත් අයියා ඉනේ ගහගත්තා ...ලසන්ත අයියත් ...බිම තිබුන කොලයකින් පිහිය  පිහදාල ....ඉනේ ගහගන  .... කඩේ පැත්තට ඇවිදගන ගියා ‘‘

‘‘ ඉතින් පුතා මොකද කරේ ‘‘

‘‘ මමත් එයාලගේ පස්සෙං යන්ඩ හදනකොට .......... මල්ලි උඹ ඔය වීදුරුවත් එක්ක තසිමත් අරං ....ගෙදර පලයං කියල ..මාව එලෙව්වා .......මම තසිම බෝක්කුව උඩින් ..තියල එයාලට යයන්ඩ ඇරලා එයාල පස්සෙං   හිමිහිට   ගියා .....  අර මැරුන කෙනා  ටිකක් ලං වෙනකොට එකපාරටම හැරිලා දිහුවා ....එයාගේ අතේ සිලි සිලි මල්ලක් තිබුනා .....

දුහාගන්ඩ බැරි වෙනකොට එයා කඩේ මාමගේ කඩේ ඇතුලට දිහුවා ....ලසන්ත අයියලත් කඩේ ඇතුලට පැන්නා ...මාත් දුහලා ගියා කඩය ලගට ...

‘‘ අනේ අම්මේ මේකා ....ඉතින් ..ඉතින් ‘‘

‘‘ අර අනිත් අයියා ඉනෙන් කිනිස්ස ඇදලා ඇරං ...අර මනුස්සයට ඇණගන ඇනගන ගියා ....  කඩේ මාමා එලියට පලයව් .....කියල ....කෑගැහුවා......එතකොට ....අර අනිත් අයියා   අර මනුස්සයව අත ඇරලා මුදලාලි මාමට අයින්ඩ පැන්නා .......එතකොට ලසන්ත අයියා.......එපා යකෝ ....ඕකා අපේ මාම කියල කියුවා ..... එතකොට අර අනිත් අයියා .....තෝ අපි ගැන සාක්කි දුන්නොත් ...තොටත් කරන්නේ මූට කරපු දේමයි කියල කියුවා ....මුදලාලි මාමා පිටි පස්ස දොරෙන් පැනලා දිහුවා .....අර සුදු ඇදපු අයියා ....ලසන්ත අයියට .......ඔන්න වට්ටලා දුන්නා ....දැං කාපිය ඕකගේ කැව්තු කියුවා ....එතකොට අර මනුස්සයා වටිලා ඉදලා නැගිටලා දුහන්ඩ හැදුවා .....ලසන්ත අයියා ...ඇගට පැනලා ..ඇග උඩ නැගගන ඇනගන ඇනගන ගියා ......

පස්සේ ඒ දෙන්නා පැනලා දිහුවා ....මං ලගට ගිහින් බැලුවා .....උඩු බැල්ලෙන් වැටිලා හිටියේ ....වටේට ලේ ගලාගන ගිහින් ....ඒ ලේවල තැන් තැන්වල සිලි සිලි මල්ලේ තිබුන ඌරු මස්කැලි විසිවෙලා තිබනා ....ඒ මනුස්සයා ඇස් පිල්ලං ගැහුවා ...අතපය හෙල්ලුවා ......

මාත් ඉක්මනට දුහලා ...උඩහ කඩේට ගිහින් ....තෑගී ටොපියි ....බොන්සන් ටොපියි ....බොන්බොන් ටොපියි ...අරගන ගෙදර ගියා



2016-07-28

සල් ලිඳට බැස නෑම සහ මගේ මැණික ( 3 ) වැටවල්වල අඹ පැලවීම භයානකයි



දෙවැනි කොටස මෙතැනින්

සල් ලිඳට බැහැලා නාපු කෂ්ටියට පෝරියල් සෙට් කරල එහෙම ඔන්න ඉතින් සතියක් දෙකක් ගියා , ඔය  අතරේ ඉතින් අර අයියලා කට්ටිය පාරෙදි එහෙම හමුබුනහම මං අහක බලාගන යනවා ,

‘‘ අඩෝ දෙන්නං තොට ..ඉදපන්කෝ ‘‘

‘‘ පොල් කෝම්බයා ‘‘

‘‘ මීනි ඔලුවා ‘‘

‘‘ රොයිටර් ‘‘

ඔහොම එක එක නං කියනවා , මං ඉතින් නෑහුනා වාගේ යනවා , ඔය පලවෙනි නං දෙකනං කියන්නේ මං ඒ කාලේ හෙන කෙට්ටුයි , ඔලුව විතරයි ලොකුවට පේන්නේ , මංගලයත් හෙන කෙට්ටුයි , මංගලයා මටත් වඩා උසයි. ඇවිදිනකොට දනිස් දෙක එකට වදින හන්දා ඌ පුට්ටුවා.

අනිත් නම නං මට  පටබැන්දේ පැටි කියල  උක්කන්නෙක් , ඔය මොනවහරි දෙයක් ගැන කතා කරන්ඩ ගියහම කරුමෙට මං ඒ ගැන මොකක හරි කියවලා හරි , කාගේ හරි කටක් දිහා බලාගන ඉදල හරි දන්නවා , සමහරක් දේවල් එහෙම දැනගනත් නැ .....කරුමේ කියන්නේ මං ඒක දන්නවා , ඉතින් මං කියනවා

ඕක වෙලා තියෙන්නේ මෙහෙමනේ , නැ නැ ඒක වෙන්නේ මෙහෙමයි , ඕක වෙන්නේ  අහවල් එකට අහවල් එක කලවං උනහම අරහෙම වෙලා

ඉතින් අර උක්කන්නා ඕක අල්ලාගන මට මුනං මාර රොටර් කෙනෙක් කියල , හැම තැනම ඕක කියල මට රෙජිස්ටර් කරල දැම්මා ,   අදටත් මට හිතෙන්නේ ඌ මහම මහ මෝඩයෙක් ......මගේ ඒ නුහුගුනේට දාන්ඩ තිබුනේ   වෙන මොකක්හරි නමක්   ..රොයිටර් කියන පුවත් සේවයක නම නොදා .

ඔන්න ඉතින් ඔහොම ගිහින් එකදවසක් පිට්ටනියේ මොකක්හරි මගුලක් තිබුනා , මට මොකක්ද කියල හරියට මතක නැ ( ඒ දවසේ ඊටවඩා කටුක මතක ගොඩක් සේව් වෙච්ච හන්දද කොහෙද )  , මමත් ඉතින් මගේ ෆොනැක්ස් ස්පෝට් රාජයාගේ නැගිලා  එතනට ගියා  , අරලිය ගහකට තියල කේබල් ලොක් එක එහෙම දාල පිට්ටනියට ගියා , ආ හරි මතක් උනා .....ඒත් එකට කියන නම මතක නැ ...ඔය  ග්‍රම සේවා වසම් මට්ටමෙන් පවත්වන මළල ක්‍රීඩා තරගයක් ...තමා තිබුනේ ...මම ඉතින් අයිනක් අල්ලාගන අක්කලා රනින්ග් සෝට් දාගන දුහනවා බලාගන ඉදලා , ..ඊටත් හොදයි කියල දුර පනින වල ලගට ගියා ...

ඔව්   ඔව් යකෝ අක්කලා තමයි ඒ වෙලාවේ දුර පැන්නේ  , අනේ ඉතින් ටික වෙලාවක් බලාගන ඉන්නකොට ඔන්න ඒකත් ඉවර වෙලා කට්ටිය එතනින් අහකට යනකොටම අර මදාවියෝ ටික මගේ ලගට ආවා කොහෙන් ආවාද මන්දා ......ලිදට බැහැපු සැට් එකයි .. තව උන් හිටිය ... ඒ මදිවට මංගලයත් ඉන්නවා

‘‘ ආ දැං උඹ මුට බය නැ කියුව නේද .. එහෙනං කනෙන් අල්ලහං ‘‘

මට මොකවත්ම හිතාගන්ඩ බැරි හිස් වෙච්ච හිතක් විතරයි ඉන්නේ .......ලගින් හිටිය මංගලයත් නැ .........

‘‘ ඒයි පුට්ටුවා අල්ලපං නහයෙන් ‘‘

මංගලයත් මා දිහා බලාගන ඉන්නවා මිසක් ඉස්සරහට එන්නෙත් නැ ...අර  කාලකන්නි ටික වටේ..........

‘‘ අඩෝ පුලුවන්නං මුට ගහපං ‘‘

දැං මට ටික ටික සිහිය එනවා ........මට ගැහුවොත් වට පෝරිල් හම්බෙන හන්දා මුන් හදන්නේ මංගලයට කියල මට ගස්සන්ඩ .....මට හිත යටින් හිනා ...මොකෝ මංගලයට ගහන එක මට ගේමක් නැ .....හැන්ඩ් පයිට්   පරාදයි , අපි ඒකාලේ දන්න රෙස්ලින්ග් ,  ගුටි නොගහ අනිකට බැරි වෙනකං පොර බැදිල්ලෙත් උෟ මට පරාදයි , අනික ඌ හොකි අනං මනං කිරිඩා කොළඹ ඉස්කෝලේ කලාට .....මං ...වදෝකායි ......කරාටි කාරයා ...මාස එකොලහක් ඒ වෙනකොට .....කොහොමද ..මොරාල් එක ...හැක් හෙක් ....

‘‘ වලල්ල හදපං වලල් හදපං .....එලියට යන්ඩ බැ .... එකෙක් අත අරිනකං ‘‘

%රි සාරදයා   කියනවා  ( එදා ලිදට නොබැස්සට ලොකු දෙවනි සෙට් එකේ දස %රියා  )  මෙහෙමයි එතකොට කොලු සෙට් තුනක් හිටියා හරියටම

ඒකක් ලොකු සෙට් එක..... රස්සා එහෙම කරන හිරගෙදරට අලුතෙන් වැඩට එන කොල්ලන්ගේ වයසේ ලගට ඉන්න නිළදාරින්ගේ ළමයි , ඒ සෙට් එකේ වල බහින උන් වැඩි හරියක් පැන්සොන් ඇරගන ක්වාර්ටස් වලින් එලියටත් ගිය අංකල්ලැ ...ලොකු පුතා අයියලා

ලොකු දෙවනි සැට් ඒක ....ඔලෙවල් කරල ඇනගෙන ඒලෙවල් නොකර ගෙදර ඉන්න සැට් එක සහ එක එක කෝස් කරන සහ ඒලෙවල් කරන සැට් එක  ( උන් තමයි මට මේ අරින්ට තනන්නේ )

තුන්වැන්නෝ අපි  ( පවුකාර සැට් එක )

අපේ මල්ලිලැ වයසේ ගැන්සියකුත් හිටියා , ලොකු ගැන්සි හිටියට උන්ගේ සැට් එක තමා වැඩි , හැබැයි වැලියුව් එකක් නැ , හැබැයි චාන්ස් කාරයෝ ....ඔය කොලු දෙවනි පරම්පරාවේ වයසේ කෙල්ලන්ගේ සමහරක් වෙලාවට සෙක්ස් ටෝයි ,  එහෙම නැත්තං පියුං මහත්තුරු

දැං ඉතින් උක්කන්නලා වලල්ල හදනවා ‘‘එකදාවැහි ‘‘ ෆිල්ම් එක වගේ ......ඔට්ටුත් අල්ලයි   %$තිගේ  පුතාල ගාව සල්ලි තිබ්බානං

ඒ අවුඅස්සේ මට හිතෙනවා  ... මු මගේ යාලුවා ...ටික කාලයක්   මට කෙනෙහෙලි කං කරාට ....අනික මං පිච්චිලා ඉන්නකොට මට වෙදකං කලේ උන්ගේ තාත්ත .... මං ඒ ගුනේ තියන්ඩ ඕන ....උඹ මට ගැහුවත් මං උඹට ගහන්නේ නැ

අරුන් වටේ ඉදන් කැ ගහනවා ...එක පාරටම මංගලයා ...උගේ දිග අත්   දෙක පොලවට දික් කරල දරදඩු කරගන  උඩ පනින්ඩ පටන් ගත්තා ........මං ඉතින්    .....හැලපයාවාගේ ...ඉන්නවා......මොකක් කරන්ඩද කියල .................  ඔන්න මංගලයා එකපාරටම ... අත් දෙක මිට මොලවලා නහය ලගට ඇරගන   උඩට පල්ලෙහාට මිට මොලවගන වනනවා .......

‘‘ මංගල ‘‘

‘‘ වරෙන් ‘‘

මු අත් දෙකේ මිට මොලවපු දඹර ඇගිලි දෙකෙන් නහයට ගහගන මට ඔලුව වනන ගමං කියනවා   .....ඒ  අතරේ එක්තරා තාලයකට ඇගිලි තුඩු බිම ගගහා උඩ පනිනවා

අර උක්කන්නල හිනා වෙනව ...ගහපිය ගහපිය කියල කෑ ගහනවා ....මම වට පිට බලනවා ....මේක නවත්තන්ඩ හරි ...මට උදව් කරන්ඩ හරි කෙනෙක් ඉන්නවද කියල දුර පනින වල තියෙන්නේ කොරිය කොනේ දැන් අර හිටපු ජන සන්නි පාතෙම පැවිලියන් එක පැත්තට ගිහින් ...දුහන තරගත් නැ ........මං ආයෙත් මංගල දිහා බලනවා .....දැං මට පේන්නේ මංගලයව විතරයි ....  මං ඌගේ ඇස් දිහා කෙලින් බලාගන ඉන්නවා .....සටන් කරනකොට සතුරගේ ඇස්දිහා බලාගන ඉන්න ඕන කෙලින්ම වෙන මොකවත් නොබලා.


ඔන්න එතකොටම කවුද එකෙක් මාව මංගලගේ ඇගට තල්ලු කරනවා.....ඒත් එක්කම මංගලයා අත් දෙකෙන්ම හතරක් පහක් ඇරල දානවා ...ගෑවි නොගැවි යන්ඩයි ලාවට වදින්ඩයි කවර් කරගන්න මං

‘‘ මංගල නිකං හිටපං මට උඹත් එක්ක ගහගන්ඩ බැ ‘‘

කියනවත් එක්ක ඌ යටින් අත දාල ඇරල දානවා එකක් මගේ නිකටට ..දත් ටික ටකස් ගාල එකට වදින ගමං කම්මුල් දෙපැත්තෙන් වදින කරන්ට් එක කන්දෙකෙන් පිට වෙලා යනවා...දැං ඉතින් කරාටි මතක නැ ...මං ඇරල දානවා හොද පොල් ගුටි හතරක් පහක් .......ඒ එකක් තදටම වදිනවා මංගලයගේ ඇහැට  ඌ වම් අතින් ඇහැ අල්ල ගන්නවා....ඔන්න මට ආයෙත් කරාටි මතක් වෙනවා....උගේ වං අතින් අල්ලගන්න මං අත අඹරවලා පස්සට කරකවල ....මුනින් අතට බිම පෙරලගන දකුනු අතිනුත් අල්ලගන ...දකුනු දනිස්ස පිට උඩට තියලා මගේ ඇගේ තියන මුලු හයියම අත් දෙකටයි දනිස්සටයි දෙනවා.

මංගලයා බෙරිහං දීල කෑ ගහනවා

‘‘ මං කියුව නේද තොට තොඑක්ක ගහගන්නේ නැ කියල ‘‘

දැං වටේ ඉන්න උන්ගේ සද්දේ ටිකක් අඩුවෙලා

මංගලය .....ආව් ආ ...අත අත කියල කැ ගහනවා ....ඇස් වලින් කඳුළුත් එනවා ...ඌව අත අරින මම කාදිහාවවත් නොබල අඩියක් දෙකක් ඇවිදගන යනවා ....දැං අර උක්කන්නලා මට නෙලයිද ....පස්ස හැරිල බලන්ඩත් බැ .....එක පාරටම දුහන්ඩ ගන්න මම සාක්කුවට අතදාල බයිසිකලේ යතුර අතට ගන්නවා , සෙනිකයෙන් ලොක් එක පන්නලා වෙනදා වගේ වට දෙකක් කරකවන්නෙම නැතුව නිකං ෂීට් එක වටේ දාන ගමං දුර පනින වල පැත්ත බලනවා ...අරුන් මංගලත් එක්ක පඩිපෙල පැත්තට ඇවිදගන යනවා.

මං දැම්මම ගියොත් මුං පඩිපෙල නැගල කන්ද උඩදි ආයෙත් මූනටම හම්බෙනවා .....මෙතන හිටියෝත් ආයේ අරුන් එන්ඩත් පුලුවං ....කල්පනා කරකර ...කම්මුල් දෙකයි නිකටයි අතගාන මං හති ඇර ඇර කල්පනා කරනවා...කෝකටත් නැලිගම පැත්තේ වටයක් ගහලම ගෙදර යනවා

තව පැය බාගයක් විතර ඉබාගාතේ බයිසිකලේ පැද්ද මං බැරියර් එක පන්නලා ගෙදර එන්ඩ හැරෙනවා , පොලිස් ක්වාර්ටස් හරියේ පොඩි කන්ද හිටගන පදින මට පේනවා මංගලයා ඉන්නවා මහ තාප්පෙට හේත්තු වෙලා .....ඔකගේ දිහා බලන්නෙවත් නැතුව යනවා .....ආයේ එන්නේ නැ ඕකා මා එක්ක පැටලෙන්ඩ ...දුන්නනේ රිදෙන්ඩ කියල ...හිතන මං ...කෙලින් බලාගන බයිසිකලේ පදිනවා.....ඌව පාස් වෙනවත් එක්කම ...ඩකස් ගාල බයිසිකලේ හිරවෙලා මාව උඩින් විසික්වෙලා වැටෙනවා ......තොක් ගාල තලකොල ගොල්ලට මුලු සරුවාගෙම වැදුන හින්දා ....තුවාලයක් සීරිමක් එහෙමට නැතුවට ...මුළු ඇගම රිදුම් දෙන අස්සේ නැගිටින මං බයිසිකලේ දිහයි මංගල දිහායි බලනවා.

ඉස්සරහ රෝදය අස්සේ වැටමාර පොල්ලක්  , ඉස්පොක් තුනක් කැඩිලා ....තව පොල්ලක් මංගලයගේ අතේ ....මට දැං ඕනනං මුව මරන්ඩත් පුලුවං ....ඊඊඉඉඊඊඊඊඊඊඊඊ......ඒත් ඕන නැ ...ගෙදර උන්ට කියුවට වැඩකුත් නැ හරි වැරද්ද කොහොම උනත් මහ ජෝඩුව කන්නේ මාවනේ , දැං පෙන්නන්ඩ දෙයකුත් තියන එකේ ......මුන්ගේ ගෙදරට කියල ..ඉල්ලලා දෙන්නං.....පොල්ල ගලවලා පැත්තකින් තියන මං කැඩුන ඉස්පොක් තුන ගලවලා ඉනේ ගහගන ....පොල්ලත් අරං බයිසිකලේ උන්ගේ ගෙවල් පැත්තට පදිනවා , ඇදවෙච්ච රෝදය .....බරස් .....බරස් ....ගාල බ්රේක් පලුවේ වදින වාරයක් වාරයක් ගානේ මට දත්මිටි කැවෙනවා.

ඇරල තියන ගේට්ටුවෙන් ඉස්තෝප්පුව ගාවට පදින මං

‘‘  අංකල් ....ඇන්ටි .....අංකල් ...අංකල් ‘‘

‘‘ ඇයි ...මංගල නැ ‘‘

‘‘ ඇන්ටි මංගල පිට්ටනියෙදි ලොකු අයියල එක්ක එකතුවෙලා මට ගැහුවා ....ඒකරල   ...මං එනකොට මගත් රැකල ඉදලා බයිසිකලේ අස්සට මේ පොල්ල දාල ..මාව වැට්ටුවා....මේ ඉස්පොක් තුනත් කැඩුනා .....මං ..ඇන්ටි දිහාට පොල්ලයි ඉස්පොක් තුනයි දික්කරා ‘‘

‘‘ ඉතින් තමුසේ කියන්නේ ඔය පොල්ලෙන් මංගලට ගහන්ඩ කියලද ‘‘

ගුරු හොරියක් වෙච්ච ඒ වේසි මගෙන් ඇහුවා .......මේ උක්ත හරියන්නේ නැ , ඉස්පොක් තුන පොලවේ ගහන මම පොල්ලත් අරගන ආපහු හැරිලා මගට එනකොට අරූ ඇවිදගන එනවා , කිසිත් නොවුන ගානට ලගට බයිසිකලේ පැදගන එන මං   බයිසිකලේ පාරේ අතඇරල දාල මොංගලයා දිහාට පනිනවා  ...ඒත් එක්කම මොංගලයා දුහන්ඩ ගන්නවා .

ටිකක් ඉස්සරහට එලවගන යනකොට අතදිග ඇරලා පිට මැද්දට පතබාවන්ඩ පුලුවන් වෙනවා , ඒත් එක්කම උගේ වේගය අඩු වෙනවා මම තව පාරවල් දෙකක් තුනක් ගහනකොට ඌ නවතිනවා .....කොච්චර ගැහුවද දන්නේ නැ , ලාඩප්පා පොල්ල ඉස්සරහ පැලිලා පාරවල් දෙක තුනක් වදිනවා එක පාරට ....බිම පෙරලි පෙරලි ඌ මගෙන් බේරෙන්ඩ හදනවා . සමහරක් පාරවල් බිමටත් වදිනවා ...ටික වෙලාවකින් පොල්ලෙන් ගහන්ඩ බැරි තරමට කෙටි වෙනවා ....ඒක පැත්තකට දාන මං ..හති ඇර අැර බසිකලේ කෙලින් කරගන ගෙදර එනවා.

ඇදට පෙරලෙන මගේ ඇගේ වේදනාවට වැඩිය හිතේ වේදනාව වැඩියි , ඊටත් වැඩිය බයයි , අරූ මැරෙයිද , ඉස්පිරිතාලේ ගෙනියයිද , .......ඒ කොහොම උනත් ....අපේ මහ ජෝඩුව මාව මරල ...එල්ලයි .....ඕන එකක් දැං වෙන වෙන්ඩ දෙයක් නැ ....මං හිතහාගන්නවා ....මීක් නොකියා මරණයට මුහුන දෙන්ඩ....ඇගෙන් දාඩිය ගලනවා ......නැගිටලා ගිහින් වතුරටිකක් බොනවා ...ආයෙත් ඇවිත් ඇදට වැටෙනවා .....කොච්චර වෙලා ගියාද ....වෙලාව කීයද මතක නැ ....

නින්දකුත් ....නිදි නැත්තේත් නැ අවස්තාවක මං ඉන්නකොට තාත්ත ඇවිත් බෙල්ලෙං අල්ලලා උස්සල බිමට ගත්තා .....පාරවල් දෙක තුනකුත් වැදුනා ......මට කියපු ..දේවල් නං මතක නැ ....මාවත් ඇදගන එලියට එන ගමං මේසය උඩ තිබුන පිහියත් ගත්තා .......අම්මත් මොන මොනවදෝ කිය කියා මට බැන බැන පස්සෙං ආවා ....ගේ ගාවම වැටෙන් තඩි පාවට්ටා ගහක් කපාගත්තා ඒකෙන් පාරවල් හත අටක් වැදුනා .....අත පය පුපරලා ලේ ගලනවා , ගහනකොට අත දාපු පාර ඇගිල්ලක් කැඩුනද මන්දා ....බැරැක්කේ හරියට යනකොට ඒ පොල්ලේ එල්ලිලා අල්ලගන දෙකට කඩලා විසික් කරා ......ඒත් මං ඒක කරේ වැරදි තැනක ....වැටේ වදමල් ගස් සරුවට වැවිලා තිබුනා ........මොන මොනවදෝ කිය කියා අරකට නොදෙවෙනි පොල්ලක් කපාගත්තා........මට දැං රිදෙන්නෙත් නැ එහෙමට ......අනේ තාත්තේ ගහන්ඩ එපා කියල නං කියුවේ නැ .....ගහන ගහන පාරට කෑගගහ අරුන්ගේ ගෙවල් පැත්තට යනවා. ගේ ඉස්සරහට යනකොට ඒ පොල්ල කැඩිලම ඉවර උනා .

 මාව වත්තට තල්ලු කරගන යනකොට ම අර හුත්තිත් එලියට ආවා , අම්මා හිටියද නැද්ද මතකත් නැ , මොන මොනවදෝ කියුවා ...දෙන්නා දෙපැත්තට ....අපේ තාත්තට අරකිගේ කටත් එක්ක හැප්පෙන්ඩ බැරුව පච වෙනවා කියල නං මට දැනුනා .....කොහෙද වෙච්ච දේ සහසුද්දෙං මගෙන් දැනගත්තෙත් නැනේ....අන්තිමට කතාව ඉවර උනේ .....මගේ කොන්ඩයෙන් අල්ලලා බෙල්ලට පිහිය තියල

‘‘ මං මුගේ බෙල්ල මෙතනම කපන්ඩද ‘‘

කියල අහලයි , මං ඇස්දෙක පියාගත්තා .....ටිකක් වෙලා ගියා ....බෙල්ල කැපිල ගියේ නැ .....ඒත් තව ටිකකින් මට හිතුනේ එහෙම උනානං හොදයි කියල. උන්ගේ වැටේ සරුවට පැලවෙලා තිබුන සයිස් අඹ පැලයක් කපා ගත්ත තාත්ත මම අරුට ගැහුවා වගේ බිමදාගන ගැහුවා ...මම නැගිටලා ගේ පැත්තට දුහනවා ....ඒත් කලින් පාරවල් වල සැරට කකුල් ඇදුං දෙනවා .හයියෙන් දුහන්ඩ බැ , .ඔලුවත් ටිකක් පැලිලා ...ඇගපුරාම තුවාල .....මම අඩනවා ..කෑ ගහනවා ....ඒත් ගහන්ඩ එපා කියුවේ නැ .....බේරගන්ඩ කියුවෙත් නැ ...කවුරුවත් බේරන්ඩ ආවෙත් නැ , ..අතරින් පතර පාර දිගේ පස්සෙං ඇවිදගන එන තාත්ත තව තට්ටුවක් දෙකක් දැම්මා , ගෙදරට ආවට පස්සේ නං එක පාරක්වත් ගැහුවේ නැ.


2016-05-26

සල් ලිඳට බැස නෑම සහ මගේ මැණික ( 2 ) පිට එවුන් තුන් දෙනෙක් සහ වැඩේ කිරිමෙල් කිරීම



පලවෙනි කොටස


තව ටිකක් ඇවිදගන යන මං වම් පැත්තේ කම්බි වැට අස්සෙන් බාල්දියයි බෙසමයි රිංගවල , දෙවනි කම්බියයි තුන්වෙනි කම්බියයි අතරෙන් රිංගනවා කොරිය ඇතුලට , නිවාඩු දවසක්ද  කොහෙද කොරියේ කවුරුවත් නැ , එහෙම දවසට ඩියුටි ඉන්න නිලධාරියා මෙන් ගේට් එකේ පෝස්ට් එකට වෙලා ෂපාන් එකේ ඇති , වැටෙන් රංගන මැනිකත් මගේ පස්සෙන් ඇවිදගන එනවා , වැට මායිමේම සල් ලිදට සමාන්තරව තියන ඒ ලිද පාවිච්චි කරන්නේ හිරකාරයෝ විතරයි , පෝලිම් දෙකතුනක් හැදිලා පිලිවෙලින් එන එක එකා නාගන්නවා , ඒ අතරේ සබන් ගානවා , එකෙක් නාල ඉවර උනහම කාලින් නාපු එකෙක් සබන් ගානවා , ඒ කියන්නේ එකෙකුට වතුර බාල්දි දහය ගානේ දෙන්නෙකුට විස්සක් වැටෙනකොට තව එකෙක් එකතු වෙනවා , හරියටම කියුවොත් සබන්ගාන්ඩ කලින් විස්සයි , ගෑවහම තව විස්සයි , වෙන තැනකදි ගත්තහම මේක හොද චාන්ස් එකක් , සමහරකාලවල ඇතුලෙදි බාල්දි හතරක් ලැබෙන දවස් තියනව.

එහෙම කාල වල පොලිස් පෝස්ට් එක ලග තියන අවුසද පොකුනටත් ගේනව කොල්ලන්ව නාන්ඩ . ඒකේ වතුර ගලා යෑමක් නැ . කොලම කොල පාටයි , කොල කැද හැලියක් වාගේ , ඒකෙන් නානව කියන එකනං හිතාගන්ඩ බැ , අනික තව එකක් කොච්චර නෑවත් ඒකේ වතුර අඩු වෙන්නෙත් නැ , හැමදාම එකම ලෙවල් එක. වතුරේ කොල පාටත් අඩුවෙන්නේ නැ , ලස්සන ගප්පිත් ඉන්නවා , මං හිතන්නේ තද ඈල්ගී ගහනයක් තියන නිසාද කොහෙද.

බේසමයි බාල්දියයි ලිං පඩියේ තියන මං ඌරු කොටුව ගාව තියන අඹ ගහේ අඹ වැටිලද බලන්ඩ යනවා , කෙල්ලත් ඉතින් එටෝ මැටිකල මයේ පස්සෙං එනව. ඒක ගෙඩියක්වත් නැ , ආයේ එන්ඩ හැරෙනකොට.

‘‘ ඒයි මොකටද ඇතුලට ආවේ ‘‘

‘‘ නාන්ඩ ආවා අංකල් ....ඒ ගමං අඹයක්වත් වැටිලද බැලුවා ‘‘

මොකාද යකෝ මේ .....අළුතින් කොහෙන් හරි මාරුවෙලා ආපු කෙනෙක් වෙන්ඩ ඇති

‘‘ ඉතින් එහා ලිදට නොගියේ ‘‘

‘‘ එතන නාන්ඩ බැ අංකල් අයියල කට්ටියක් ලිඳට බැහල නානව , අපිව එලව ගත්තා , මැනික්ට ගලකිනුත් ගැහුවා‘‘

කියන මං ලිද දිහාට ඇවිදගන එනවා , පොර තව මොකවත් නොකියා ආපහු හැරෙනවා. රෙදි ටික හොදට හෝදගන . නිල් එහෙම දාල නාගන ඉවරකරන මම ආයෙත් එන්ඩ පිටත් වෙනවා , හැබැයි පරන පාරෙන් නෙමෙයි , දැං ආපු තැනින් කම්බි වැටෙන් රිංගල සල්ගහ ඒදන්ඩෙන් යන්ඩ ගියොත් ආයෙත් අරුන්ට මාට්ටු වෙනවා, ඒක හන්දා ලිද අනිත්  පැත්තේ වැටෙන් පැනල කැලය අස්සෙන් පේර ගෙඩි හත අටකුත් කඩල බාල්දියට ඔබාගන කන්දට ගොඩ වෙනවා , හප්පේ රෙදි බේසමේ බර , අමාරුවෙන් කන්ද නැගල ජා පල්ලිය පාස්කරල බැරැක්කේ ගාව හතරමං හන්දියට එනව. හිරගෙවල් පැත්තේ ඉදන් බැටන් පොල්ලත් කරකව කරකවා එනව විජේතුංග අයියා . දවල්ට කන්ඩ එනවද කොහෙද ,

තාත්තල එක්ක වැඩ කරන කසාද බැදපු නැති උන් අයියල , බැන්ද එවුන් අංකල්ලා , ඔය දෙගොල්ලන්ටම අපි පුතාල , එක්කෝ මල්ලිලා , හැබැයි වැඩිපුර මල්ලි කියන්නේ කසාද බැන්ද එකාලම තමා .ඔය විජේතුංග අපේ ගමට අල්ලපු මානියංගම කොල්ලෙක් වෙච්ච හන්දද මන්දා අපිට හරි හිතවත් . අනික අනිත් කැරියෝ වගේ නෙමෙයි පොඩි ලමයින්ට එහෙම විහිලු කරන්නේ ත් නැ . පොරට හිනාවක් දාන මං ගෙදර ඇවිත් වැලට රෙදිටික දාල , පේර ගෙඩි ටිකත් එක්ක බාල්දිය පැත්තකිනි තියල , පිගාන ඇරං කුස්සියට දුහනව.

තම්බපු හාල් බත් එක්ක අල එක්ක කීරමීන් සාලයෝ කරවල හොද්දයි ගෝවා කොල සම්බෝලයයි , මගේ ෆේවරිට් පිගානක් ඒ කාලේ , බත් එක බෙදාගන්ඩවත් දෙන්නේ නැනේ මේ කී කුක් කුක් ගගා රෙද්ද අස්සේ රංගනවා , මගේ පිගානෙන් අරං කීරමින් කෑල්ලක් බිමට දාන මං .

‘‘ අයියා කාල දෙන්නං මනික ‘‘

 ඒක හනිකට ගිලල දාන මැණික් කියන එක අහන පාටක් නං නැ. අල කෑල්ලක් එක්ක තව සාලයෙක් ගෝවා කොල ටිකක් එක්ක පිගානෙන් බාගයක් බත් එක්ක අනන මං බැල්ලිගේ පිගාන හොයනවා , කොහේ විසික් කොරලද මන්දා , උස්සාන ගිහින්  කොහේහරි මුල්ලක විසික් කොරල ඇති . අනික කතාවක් තියනවනේ ඔය පිගන්වලට බත් දීලයි ඔනවට වඩා සැපදීලයි සත්තු හදන්ඩ හොද නැ කියල.

එතකොට තිරිසන්නුන්ගේ පව ගෙවෙන්ඩ පරමාද වෙනවලු , ඒ ඇරියස් අදින්ඩ තව ආත්මයක් බල්ලො බළල්ලු වෙනවලු , මේකිත් තනිපාට බැල්ලි වෙච්චි මොකටද තව ආත්මයකට ඉඩහදල දෙන්නේ , මැණික්ගේ සසර ගමන කෙටි කරන උතුම් චේතනාවෙන් මං බත්ටික ගෙමැද්දේ දානව.

දැං ඉතින් දැම්ම බත් ටිකට හරියන්ඩ බත් බෙදාගන්ඩ ආයෙත් මුට්ටිය ලගට යනවා , ශික් දැං ආයෙත් අත හෝදාගන්ඩ වෙනවා , වං අතින් බෙදිල්ල හරියන්නෙත් නැ , මට ඔය පෙන්වන්ඩම බැරි වැඩක්නේ සමහරක් ඉන්නවා ඕන සභාවක් මැද්දේ අතලෙවකනවා , චක් චක් ගගා කනවා , වැඩේ කියන්නේ මම කනකොටත් එලියට සද්දේ ඇහෙනවා , ඒ හන්දා හෙන පරිස්සමින් හිමිහිට කන්නේ ඒත් සමහරක් වෙලාවට දෙකක් දාගන එහෙම ඉන්නකොට ඕක අමතක වෙනව.

අපේ දොස්තර මහත්තැං කෙනෙක් ඉන්නවා මේකා දවසක් මේසෙට ඉදගන කන ගමන් දුහන පුහුල් දීසියට අතදාල මස්කෑලි ගන්නවා කියන්ඩකෝ , සරීර සවුක්කේ ගැන හෙන සැලකිලි මත් හන්දාද කොහෙද මස් කැල්ල ගන්නේ ඇඟිලි වලින් අල්ලලා තෙල් කෑල්ල කඩලා දාන ගමං.

බත් එක පැත්තකින් තියන මං ටැංකිය ලගට ගිහින් අත හෝදාගන ඇවිත් ආයෙත් බත් බෙදන්ඩ ගන්නා , හුටා කලින් බෙදුවේ මුඳුන් හැන්දනේ , තාත්ත තාම කන්ඩ ඇවිත් නැනේ , අම්ම තාත්තට බත් බෙදලත් නැ , සමහරක්විට උසාවි ගිහින් වෙන්ඩ ඇති , කොහොමටත් කලින් ගානම බෙදාගන්ඩ බැ බත් හැදි තුන් කාලක් විතර දාගන්නවා , කරවල නං ගන්ඩම බැ හොදි ටිකක් එක්ක අල කෑල්ලක් දාගන්නවා , ගෝවා කොලනං තියෙන්නේ හරක්ට කන්ඩ . කොහෙද මේකිට කාල ඉවර වෙලා දෙනකං ඉන්ඩ බැරි උනානේ , බලං ගියහම මේකිනේ යකෝ ගෙදර වැඩියෙන්ම බඩ පැලෙන්නේ , පස්දෙනාම කාල ඉවරවෙලා ඉතුරු ටික දෙනවා , ඒ මදිවට අන්තිමට වලං ටිකත් හුරල කන්ඩ දෙනවා , එහෙම ගත්තහම මේකි දවසකට දහ පාලොස් පාරක් කනවනේ.

හනිකට බත් කාල ආයෙත් ඉතුරු කරපිංචා නැටි ටිකයි බත් ඇට ටිකයි කෙල්ලට දාන මං අත හෝදගන අම්මා ගිය තැනකින් එන්ඩ කලින් එලියට බහිනවා , උන්දැ ආවොත් එහෙම.

‘‘ බත් ඇට ටික පෙරලෙන්ඩත් කලින් තෝ ඔය පාජාවේ යන්ඩ නේද හදන්නේ , අංඩක් කඩල දානව මුල්ලකට පල කියුවේ ගෙට  ‘‘

කියල බන්ධනාගාර දෙපාර්තමෙන්තුවටම ඇහෙන්ඩ කෑගහනවා. පාරේ ගැලවෙච්ච ගලක් අරගන්න මං ඉස්සර ගෙදර වැටේ තියන මී අඹ ගහේ ඉදිලා වාගේ පේන ගෙඩියකට මානල දත්මීටි කාගන ගල විසි කරනවා,

....තටස් තට පටස් ...ගාල ගෙඩි තුනක් වැටෙනවා ..ගල කොහේ ගියාද මන්දා .....හොදට ඉදුන ගෙඩිය අතට ගන්න මං අනිත් ගෙඩි දෙක එහෙම්ම තියල ජෑම් ගහ යට පඩි පෙලේ ඉදගන අතුරුපස වලදනවා.

ඔය අපි මී අඹ කියුවට ඇත්තටම ඒ මී අඹද කියල නං මට ෂුවර් නැ , ඔය ජාතියේ ගස් ඕන තරං හිරගෙදර වත්තේ තිබුනට මං වෙන තැන්වල දැකල නැ , කරත්ත කොලොන්බං ගෙඩියේ හැඩය සහ පාට තියන පොඩි අඹ ජාතියක් , හරියටම සයිස් එක ඇටඹ ගෙඩියට වඩා ටිකක් දිගයි , ඉදෙනකොට  නැට්ට හරිය කහපාට වෙනවා , ගහක ගෙඩි හැදෙනවා මයේ හිතේ ලස්සයක් , එක වල්ලක ගෙඩි තිහ හතලිහක්වත් තියන ඔය අඹ වලට කවදාවත් පනුවෝ ගහන්නේ නැ , උදේට ගහ පල්ලේ වැටිල තියනවා ඕන තරං. රසයනං ඉතින් මී පැණිම තමා වෙන කිසි අඹයක නැ ඒ රස , කොහු ගතියකුත් නැ , ඇටඹ ගෙඩිය වගේ පොඩි කරල එක තැනක් හිල් කරල උරා බොන්ඩත් පුලුවන්. මං දැක්ක හැම ගහකම පොලව මට්ටමෙන්ම කඳ තුනට හෝ හතරට බෙදිලා තියනවා මහා රූස්ස ගස් , පලාතම වැහෙනවා.

දැං ඉතින් අඹ ඇටය සූප්ප සූප්පා ඉන්නකොට විජේතුංග අයියා සරමකුත් කැහැපට ගාහගන බාල්දියකුත් අරං ජා පල්ලිය පැත්තේ ඉදන් එනවා මට පේනවා , මාව දැක්ක පොර පස්සේ ගේට්ටුවෙන් බැරැක්කේ ඇතුලට  නොයා මගේ දිහා බලාගන කෙලින්ම එනවා . එන ගමනෙන්ම මට තේරුනා කාරනාව , ගෙදරට කියුවත් මටම ඇඟ තලා ගන්ඩ වෙන එකේ , මගේ බෙල්ල මිරිකල බැල්ලිට ගලෙන් ගහපු වාඩුව විජේතුංගයා ලව්වා ගත්ත හැකි ,  දෙන්නං සද බොදවෙන්ඩ.

‘‘ ලොකු පුතා නෑවා නේද ලිඳට බැහැල ‘‘

‘‘ නැ අයියේ ..මං නැවේ කොරියේ ලිඳෙන් ‘‘

‘‘ බොරු එපා ....ආ...සල් ලිඳ තියාගන මොකටද කොරියට රිංගන්නේ ‘‘

‘‘ නැ ඇත්තමයි බොරුනං කොරියේ ඩියුටි ඉන්න අංකල්ගෙන් අහන්ඩ ....එයත් මගෙන් ඕකම ඇහුවා ‘‘

‘‘ හරි එතකොට මට කියහංකෝ උඹ කොරියට යනකොට සල් ලිඳේ නැවේ කවුද ‘‘

‘‘ අම්මෝ මට බැ ..අදත් මගේ බෙල්ල මිරිකුවා මැණික්ටත් ගැහුවා .....මට නං බැ මටනං බැ ....‘‘

‘‘ හරි ඉතින් මම කියන්නේ නැනේ කවුද කියුවේ කියල ‘‘

‘‘ ඒ උනාට දැක්කේ මං විතරනේ ..කොයි වෙලාවක හරි මාව අල්ලගනි ‘‘

‘‘ හරි මම කියන්නං උඹට මොනවහරි කරල එහෙම අහුවෙන්ඩ එපා කියල ‘‘

‘‘ එයාල හැමදාම මට ගහනවා ‘‘

.....මං තව ටිකක් අහිංසක වෙනවා .....

‘‘ හරි ඉතින් කියහංකෝ කවුද කියල මං දෙන්නං උන්ට හොද සබ්බුවක් ‘‘

‘‘ හැබැයි අයියේ මෙව්වා අපේ ගෙදරටත් කියන්ඩ එපා .....හරි වැරැද්ද කොහොම වෙතත් එයාල ගහන්නෙත් මට ‘‘

‘‘ හරි හරි උන්ට මං කරන්නං හොද වැඩක් ...ආයේ උඹට විහිලුවක්වත් නොකරන්ඩ ..වචනයක් හරි කියුවොත් ආයෙත් මට ඇවිත් කියපං ....මං උන්ව බිජ්ජෙං හිටවලා තියන්නං ‘‘

හම්මේ මට යන හිනාව ........අඩෝ උඹලා හැප්පුනේ වැරදි මිනිහා එක්ක බලාගනිල්ලා මං තොපිට කරනදේ .......දැං ඉතින් මගේ යටි හිත මුනු මනු ගානවා

‘‘ මම මැණික් එක්ක සල් ලිදට නාන්ඩ ගිහින් ...කං පොටවත් ගහන්ඩ නොදී ( මං ලිඳේ පිරිසිදු කම ගැන ඕනවටත් වැඩිය හිතන හොද ළමයෙක් කියල තව දුරටත් ඒත්තුගන්වන්ඩ එපැය ) මැණික්ව නාවල අයියේ සල් ගහයටින් බැඳලා රෙදි හෝදනකොට .....අර අක්කත් ආවා ...... මං රෙදි හේදුවා ...ඒ අක්කා නෑවා .....ටිකකින් කවුදෝ කෑගඟහ කන්ද බහිනවා ඇහිල ......අදවත් නාගන්ඩ වෙන්නේ නැ නිකල බාගෙට නාපු ඒ අක්කත් ගෙදර ගියා ‘‘

‘‘ ඉතින් කවුද ආවේ ‘‘

‘‘ අක්කා කන්ද නැගඟන උඩට යන කොට ඒ අක්කට යන්ඩ නොදි සින්දු කිය කියා බාල්දියෙන් එහෙමත් ඇද්දා ....අතිනුත් ඇල්ලුවද කොහෙද ‘‘‘


‘‘ කවුද , කවුද ‘‘

‘‘ඒ කරල ලිද ගාවට ඇවිත් ලිඳට පයින්ඩ හදනකොට ....ලිඳට පැනල ලිඳ බොර උනහම මගේ සුදු ඇදුම් වලට නිල් දාන්ඩ බැරි වෙනවා කිව්වහම මට ගහල මගේ බෙල්ලත් මිරිකුවා ......මේ බලන්ඩ මගේ බෙල්ල ..‘‘

 ( පාර හිටියා මොකෝ නැතා මොකෝ මං විජේතුංගයාට බෙල්ල දික්කරා ) ..‘‘

‘‘ ඉතින් පුතේ කවුද කියල කියුවේ නැනේ ‘‘

.....දැං විජේතුංගට ලිඳට පැන්නට වඩා දුකයි මං වගේ හොද ළමයෙකුට අඩංතේට්ටං කරපු එකට .... . , දැං සත්වකරුනාවත් ....පිබිඳුවාහං ..වැඩේ හරියටම හරි...

‘‘ ඒ කරල මැණික්ටත් පයින් ගහල අපි දෙන්නව එලව ගත්තා ....අපි දුහනකොට අපිට ගල්වලිනුත් ගැහුවා ....අපි දෙන්නා දුහල ගිහින් කොරියට රිංගල ඒ ලිඳෙන් නෑවා ......ඒතකොට කොරියේ ඩියුටි හිටපු අදුරන්නේ නැති අංකල් කෙනෙකුත්  ඇවිත් මට බැන්නා .......එයා හිතුවද දන්නේ නැ මං අල්ල ගත්ත ඉඩංවල  ළමයෙක් කියල, ( හීනිට ඌටත් ඇරල දෑම්මා ) ..... ආයෙත් එනකොටත් උන් ලිඳට පැනල නානවා , අපි දෙන්නා ආයෙත් ඒ පාරෙන් ආවොත් ගහයි කියන බයට කැලේ අස්සෙන් රීංගල බේරිලා එනකොට තමා ඔයා දැක්කේ ‘‘

....මගේ ඇස්වලට දැං කඳුළු බින්දු දෙක තුනකුත් ඇවිත් , බාගෙට කාපු අඹ ඇටේ අල්ලේ මිරිකෙනවා...

‘‘ කිසිදේකට බය නැතුව කියහංකෝ පුතේ කවුද කියල , මං උඹව බලාගන්න ‘‘

‘‘ මට ඒ ගොල්ලෝ ගහන එකක් නැ නේද අයියේ ....සිල්වා අංකල්ගේ පුතාල තුන් දෙනාම හිටියා , පෙරේරා අංකල්ගේ පුතත් හිටියා , රණසිංහ අංකල්ගේ පුතාල දෙන්නයි , ගමගේ අංකල්ගේ පුතා තමයි මගේ බෙල්ල මිරිකුවේ  , විට්ටච්චි අංකල්ගේ පුතා මැණික්ට පයින් ගැහුවා ....අපි දුහනකොට ගල්වලින් ගැහුවේ කවුද කියල නං දැක්කේ නැ , තව කවුද අදුරන්නේ නැති අයියලා තුන් දෙනෙකුටත් හිටියා ‘‘

...........එතන හිටපු සහ නැති මට ඇරියස් තියන තව එකෙක් දෙන්නෙකුත් එකතු කරල ....සොයා ගැනිමේ පහසුවට තාත්තගේ නමින්ම නම් කරපු මම ක්වාටස් වල නොවන පිට එවුන් තුන් දෙනෙකුත් හිටිය විදිහට  වැඩේ තව ටිකක්  කිරිමෙල් කරා.......

‘‘ ආ ..ආ....වේසා කොල්ලෝ ඔක්කොමටික ඉදලා නේද .......උඹ බය නැතුව හිටහං ලොකු පුතේ ...මිං මනත උඹට වචනයක් හරි කියුවොත් මට ඇවිත් කියහං ‘‘

හවස් අතේ චූටි මාම ආතට අළුත් ඩබල් ස්පිකර් නැෂනල් පැනසොනික් කැසට් එකක් ගෙනත් දුන්නට පස්සේ පැත්තකට දාපු  ලුමිනස් කොල පාට සන්යෝ රේඩියෝ එකට කිට්ටුවෙලා සිටි එප් එම්ද කොහෙද අහං හිටපු මට සිල්ව අංකල්ලැ ගෙවල් පැත්තෙන් කෑ ගහනවා ඇහෙනවා ,

‘‘ අනේ තාත්තේ මං මැරේයි ගහන්ඩ එපෝ  ‘‘

‘‘ අම්මෝ ..අම්මේ මාව බේරගන්ඩෝ ‘‘

රේඩියෝ එකට අමුනපු සුරුට්ටු පෙට්ටි පවර් පැක් එක ප්ලග් එකෙන් ඇද දැම්ම මං ලා අදුරේ එලියට පනිනවා.

‘‘කොහෙද යකෝ යන්නේ ....අර මනුස්සය ඇවිත් දැං මගේ ඔලුව කයි ‘‘

‘‘ කොහෙවත් යන්නේ නැතෝ , නිකං පාර පැත්තට යන්නේ ‘‘

‘‘ අහවල් එකා හොයන්ඩද ......මගුලේ යනවා ‘‘

කියාගන අම්මා ගෙට යනවා , මං හිමිහිට අර පැත්තට දුහනවා

සිල්වා පැලස් එකේ පාර අයිනේ කට්ටිය පොදි කනවා , සමහර ඇන්ටිලා නයිටිය විතරක් දාගන , සමහරු උඩින් හවුස් කෝට් එක දාගන , වැඩට යන ඇන්ටිලා ගෙදර ඇවිත් උයන ගමන්ද කොහෙද ...හැන්ද අතේ .....පව් වොෂ් දාලත් නැ

‘‘ පවුනේද මෙයා දඩබ්බර උනත් ඒ ලමයි .....ඔය අපේ මහත්තය ඉන්නවනේ ....අපේ පුතාට තම නිය පිටින් පාරක් ගහල නැනේ ‘‘

‘‘ නැ මිසිස් අතුකෝරල ..මං නං කියන්නේ හොද වැඩේ ... ඔයා දන්නවද ... ඔය ලොකු කොල්ලා මං නානකොට ඒ පැත්තේ ඉදන් බාත් රූම් එකට එබෙනවනේ ‘‘

‘‘ ඇයි අනේ ඔයාලගෙත් දොර නැද්ද ‘‘

‘‘ අපේ එක නං තිබුනා එත් කැඩිලා ගියාට පස්සේ කොච්චර කියුවත් හැදුවේ නැනේ , අපේ අතින් හදන්ඩද අනේ , ඔය දෙවනි එකා ......සාන්ත ...අනේ සාන්ත කම ....අපේ සමාදිගේ ඉස්කෝලේ ගාවට එනවලු අනේ , මං අහන්නේ කන්නංගරයට යන එකා කොහොමද , ඉස්කෝලේ ඇරෙන වෙලාවටම හරියට විහාරමහා දේවි එක ලගට එන්නේ ......අනේ අපේ කෙල්ල ඉතින් තැලිල පොඩි වෙලා නැනේ ...ඒ ළමයට ඕවා තේරෙන්නේවත් නැ .... මට කියනවා

‘‘ අම්මේ අර සාන්ත අයියා දැං ඉස්කෝලේ ගිහින් එන්නේ දෙසිය පහලවේ ....හරි විහිලුයි ....හැමදාම රටකජු පැකට් එකක් අරං ඇවිත් මං එනකං සීට් එකක් අල්ලං ඉන්නවා ‘‘

කියල , මං දවසක් කිරිබත් ගොඩටම ගිහින් , උන්දැට කියුවා හොදට ....දැං එන්නේ නැලු ‘‘

ඇන්ටිලා අස්සෙං රිංගලා බැලුවා ඒ පැත්ත , ලයිට් දාල සීන් එක හොදට පේනවා , ‘‘ දහම් පහන දල්වමු ‘‘ සල්පිල වාගේ , සමනවයි සාන්තයවයි අල්ලලා ජනෙල් කුරකට දාල මාංචු දාල . නිරෝෂයව පේන්ඩ නැ , ෂුවර් එකට සිහි නැති වෙන්ඩම ගහල බිම වැටිලා ඇති , අංකල්ගේ අතේ ඉනේ බදින පටිය ගාංචුව පැත්තෙන් අල්ලාගන  ,

‘‘ තෝත් ..තෝත් වේසා කොල්ලා ...මං හිතාන හිටියේ තෝ හැදෙයි  කියල ...තෝත් දැං මුන් දෙන්නගේ රැලටම වැටිලා  වල් බල්ලා ‘‘

තටාස්

තඩාං

පටාස්

මට දැං පේන්නේ ජනේලේ අස්සෙං අංකලයා බිමට ගහනවා වාගේ

අහාංආ....ආආආආ ...ආආ ...අම්මා........ආව්වෝ.......ක්රිංංංංංංං

අප්පට සිරි මැරිලා නැනේ , ඔය ඉන්නේ ...තාම මැරිලා නැ ....එක අතකට ඌට ගහල වැඩක් නැ ....තනියම අහු උනහම මටත් ගහත හැකිනේ ...අර කැරියො දෙන්නට තමා දෙන්ඩ ඕන .

එතකොටම ඔන්න ඇන්ටි පනිනවා මැද්දට බේරන්ඩ ...මොන මොනවද කියනවා මටනං මෙලෝ දානයක් තේරෙන්නේ නැ , කොහොමටත් නිකං කතා කලත් සර බර ගොර ගොර ගාන එකනේ ....

‘‘ පල හුත්ති අහකට ‘‘

අපරාදේ කියන්ඩ බැ අංකල් ඇන්ටිටත් දෙක තුනක් ඇරල දානවා හරක් හං පටියෙන් .. බේරෙන්ඩ දික් කරන අත් වලට වදින අතරේ , බෙල්ට් එක රිංගවල නමල හරවන සුදු යකඩ මුද්ද මූනේ වදිනවා , අයියෝ අම්මෝ කියාගන ඇන්ටිත් , ආරක්ෂක උපක්ක්‍රමයක් අනුගමනය කරනවා ,

...හොද වැඩේ ඔය ගෑනිටත් .. ඕකුන්  තුන් දෙනාගේ වරදක් කියුවත් පිලිගන්නව යැ ,

අපරාදේ අංකල් අරක්කුත් බොන්ඩයි තිබ්බේ ....එහෙම උනානං ...හතර දෙනාටම තව හම්බෙයි

ඇන්ටිටත් ගහන්ඩ වෙච්ච එකට අංකල්ට දුකයි වගේ ......ඔන්න දානවා කවර් ටොක් එකක්

‘‘ ඉන්ද්‍රනි අහකට වෙලා හිටහං ...මං උඹට කියුවා .... උඹගේ තොදොල් හින්දා තමයි මුන්ව හදාගන්ඩ බැරි .... අැයි යකෝ අවුරුදු විස්සක් මේ රස්සාව කරා ...කාගෙන්වත් කතා අහන්නේ නැතුව .... මුං හන්දා මං .....ඊයේ පෙරෙයිදා වේසිගේ පුතාලගෙන් කුනු  කතා අහන්ඩ ඕන ‘‘

‘‘‘ අම්ට හැමනේන්ඩ තොපි දෙන්නා ‘‘‘

කියන අංකල් ජනේලේට මාංචුවෙන් ගැට ගහල ඉන්න උන් දෙන්නට සමසේ ගහනවා ‘‘

උන් දෙන්නා කෑඈඈඈඈ  .... ගහනවා ....මගේ පපුව සංතෝෂයෙන් පිරිල යනවා

ඒ අස්සේ ආයෙත් අර ඇන්ටිලාගේ කතාව

‘‘ මෙහෙම ගහනවද අනේ ලමයින්ට ...හරියට හිරකාරයන්ට වාගේ ...මාචුත් දාල ‘‘

‘‘ අපේ සීරි කියනවා අනේ සිල්වයියා ඔය බිම බලාගන ගියාට හරි දරුණුයිලු ... හිරකාරයන්ට ගහනවලු , සිහිය නැතිවෙන්ඩ ‘‘

ඒ හිරකාරයෝනේ අනේ ...මේ තමන්ගේ දරුවොනේ

දැං ඉතින් ඇන්ටිලගෙත් අ*&^5 කියල මට හිතෙනවා

ඒ අස්සේ චෝයි ඇන්ටියෙකුත් ඉන්නවා

‘‘ අද දවල් මේ ළමයි සල් ලිදට පැනල නාල .... අර රත්නපාල අයියලැ ලොකු ලමයටත් ගහල ....නාන්ඩ ගිය සකුන්තලාගේ දිය රෙද්දත් කඩලලු ... මමනං කියන්නේ දඩුවං කරන්ඩම ඕන ‘‘

ෂික් යකෝ අපරාදේ මං දැක්කේ නැනේ අරකිගේ රෙද්ද කඩනවා ....ඇත්තද බොරුද මන්දා ..... එකත්  එකටම ... මං ලිද ලගින් පඩි දෙක තුන නගින අතරේ තමයි ඕක වෙන්ඩ ඇත්තේ .....

‘‘ අනේ නිකං ඉන්ඩ අක්කේ ... අපි නොදන්න එයා ... අර පාලු ක්වාටස් අස්සේ ඉදන් සාය හද හදා කොල්ලොත් එක්ක එනවා මං මේ ඇස් දෙකෙන්ම දැක්කනේ ‘‘

යකෝ එහෙමත් එකක්ද ... ඔය අර කියන්නේ කොයි පාලු ක්වාර්ටස් එකද දන්නේ නැ

ඔව්වා හිත හිතා ඉන්න මං තව හොදට සීන් එක බලන්ඩ හිතාගන ඇන්ටිලාගෙන් ඈතට යනවා , ඒ අස්සේ කවුද එකෙක් මගේ කලිසමේ පිටි පස්සෙං අස්සට අත දාල අල්ලගන පැත්තකට තල්ලු කරං යනවා.  හුකා ..රනසිංහ අංකල්ගේ පුතයි , පෙරේරා අංකල්ගේ පුතයි

‘‘ තෝ අපි ලිදට බැස්සා කියල විජේතුංග අයියට කියුවා නේද ‘‘

‘‘ නැ නැ මං එහෙම කියුවේ නැ ....මං කියුවේ මං නාගන එනකොට ඔයාල නාන්ඩ ගියා කියල විතරයි ‘‘

එහෙම කියන කොටම  රණසිංහ ලොකු  කොල්ලා මගේ කලිසම එක්ක මිට මොලවලා , බඩ අඹරවලා මාව උඩට ඉස්සුවා , අනිත් අතින්  මගේ වම් අත නොපිටට හරවලා ඇරගන ඇඹරුවා . හෙනට රිදෙනවා වාගේ පෙන්නුවට එච්චර රිදුනේ නැ

‘‘ ආව් ..ආ ... අම්මෝ ......මම කියුවේ නැ අයියේ .....එයත් මට ඔයාල වාගේ ගහල අහගත්තා , මං එයා ගෙං ගුටි කන්ඩත් ඕන ඔයාලගෙන් ගුටි කන්ඩත් ඕන ‘‘

‘‘ බලපිය තෝ හන්දා අරුන් තුන්දෙනා ගුටි කනවා ‘‘

කියන උන් දෙන්නා මාව අත අරිනවා ...එක්කම ඈතට දුහන මං ....

‘‘ඉදපියව් තොපි දෙන්නට දෙව්වන්නං විජේතුංග අයියට කියල ‘‘

කියන මං විලුඹ තට්ටමේ වදින වේගයෙන් බැරැක්කේ පැත්තට දුහනවා , මැද්දේ දොරෙන් බැරැක්කෙට ඇතුල් වෙන මං ටීවි බලන කට්ටිය අස්සේ හොයනව විජේතුංගයව .....ෂික් නැනේ ...... ෂුවර් එකට කාමරේ ඇති .....හම්මේ ගැලවුං කාරයා ඉන්නවා පොතක් කියව කියවා කාමරේ ඇලවෙලා ....

‘‘ අයියේ ..අයියේ ...ඔන්න ඔයා කියුවනේ මට ගහන්ඩ දෙන්නේ නැ කියල .....රණසිංහ අංකල්ගේ පුතාල දෙන්නා මට ගැහුවා ඔයාට ලිදට බැස්සා කියල කියුවා කියල ...‘‘

‘‘ ආ....අනිත් හැමෝවම දැනුවත් කලා මට රණසිංහ මහත්තයව හම්බුනේ නැ .....යමං  පුතේ ....මාත් එක්ක , ගෙදරටම ගිහින් කියමු‘‘

ඒ කියන්නේ අනිත් උන්ට ඔක්කොටොම සබ්බුව හම්බෙන්ඩ ඇති මුන් දෙන්නා විතරයි මිස් වෙලා තියෙන්නේ

මාවත් ඉස්සරකරගන්න  විජේතුංගය අපේ ගෙදරට හැරෙන තැනට ඇවිත්

‘‘ ගෙදර දුහලා අම්මට කියල වරෙං පුතේ ‘‘

‘‘ ඕන නැ .....දැං ගියොත් මාව එවන එකක් නැ ‘‘

‘‘ එහෙනං ගෙදර යන්ඩ මම ගිහින් කියල එන්නං ‘‘

‘‘ මාත් එන්නංකෝ ඔ ‘‘

‘‘ හම් ‘‘

කියන විජේතුංග ඉස්සර වෙනවා  ....මාත් ඉතින් යනවා අතපය විසික් කරල පුතය වගේ ......අඩෝ දන්නවනේ අපිට අත තිබ්බොත්

‘‘ රණසිංහ මහත්තයා ‘‘

‘‘ ටොක් ටොක් ටොක් ‘‘

‘‘ රණසිංහ අයියේ ‘‘

‘‘ අයියා  අද කැස්බෑව උසාවිනේ මල්ලි ‘‘

‘‘ ආ එහෙමද ...මං එහෙනං අට හමාරට නමයට එන්නං ‘‘

‘‘ එන්ඩ ඇතුලට ..ඇයි මොකද මල්ලි උවමනාවකටද ආවේ ‘‘

‘‘ නැ ඕන නැ අක්කේ ..... මේ අක්කලාගේ පුතාල දෙන්නා ....සිල්ව අයියලැ කොල්ලෝ දෙන්නයි ...අනිත් කොල්ලෝ ටිකයි සල් ලිඳට බැහැල නාල , ...මං නාන්ඩ යනකොට මේ රත්නපාල අයියගේ ළමයව තමයි අහු උනේ .....බලනකොට මේ ළමය ලිදට බැහැල නැ ....මෙයා ලිදට බහින්ඩ එපා කියුවහම මෙයාට ගහල එලවගන .... සැහෙන දවසක ඉදන් අපි මේ වැඩේ අල්ල ගන්ඩ හිටියේ .......හැමදාම අපි නාන්ඩ යනකොට ලිඳ බොර කරල ........මම ඉතින්දැං කොල්ලෝ ටික ඔක්කොම අල්ලගන පොඩ්ඩක් අවවාද කරා ,  මේ පොඩි එකා මට ඒක කියුවා කියල අක්කලැ පුතාල දෙන්නා අයෙත් අල්ලගන ගහල‘‘

‘‘ ඇත්තද පුතේ ....කොයි එක්කෙනාද පුතාට ගැහුවේ ‘‘

‘‘ ලොකු අයියයි පොඩි අයියයි දෙන්නම ....පෙරේරා අංකල්ලැ සමන්තත් ගැහුවා ‘‘

‘‘ පුතාට ආයේ මොනවහරි කරොත් මට ඇවිත් කියන්ඩකෝ ..මං අංක්ල ආපුවහම මේක අගිස්සවන්නං කෝ ‘‘

‘‘ සකුන්තලා අක්කටත් කරදර කලා ...එයත් බාගෙට නාල ගෙදර ගියා ...එයාට යන්ඩ දෙන්නේ නැතුව අල්ලගනත් හිටියා ‘‘

‘‘ අනේ අක්කේ සමාවෙන්ඩ ඇ මෙහෙම ගෙදරට ආවාට ....මං හින්දා මේ කොල්ල ගුටි කෑවා කියල රත්නපාල අයියා දැන ගත්තොත් අපේ හත්මුතු පරම්පරාවටම කුණුහාරප අහගන්ඩ වෙන්නේ ‘‘

‘‘ ඒකට මක් වෙනවද මල්ලි ....මම නං කියන්නේ වැරැද්දක් දැක්කොත් එතනම කන රත් වෙන්ඩ දෙකක් ගහන්ඩ ...අපි එන්නේ නැ ඇයි අපේ ළමයට ගැහුවේ ඇයි අහන්ඩ ....‘‘

‘‘ එහෙනං අක්කේ මං ගිහින් එන්නං අයියා ආවහම කියන්ඩකෝ ටිකක් අවවාද කරන්ඩ කියල ‘‘

‘‘ අයියා ඕන නැ ... දෙන්නං මම අද දෙන්නටම ....පේනවනේ තාමත් නැ . කරුවලත් වැටිලා ‘‘

අපි ඉතින් ආපහු එන්ඩ හැරෙනවා .........දෙන්නම හිටියෙත් නැනේ ....මට නොගැහුවට ඒකත් අලි පඩියා  දෙක තුනක් වැදිච්චාවේ .... ගහනකොට කියයිද දන්නේ නැ ....අසංකය හිටියේ නැ කියල ..... ආයේ අගිස්සවන්ඩ අපේ ගෙදර ආවත්  මම නැ නොකියා ඔව්මයි කියනවා .......කල්පනාවේ වැටෙන මං විජේතුංග පස්සේ ගෙදර එන්ඩ එනවා

‘‘ අයියේ ‘‘

‘‘ අයියේ ඒ ‘‘

‘‘ හම් ‘‘

‘‘ අපි පෙරේරා අංකල්ලැ ගෙදර යං මේ ගමන්ම ‘‘

‘‘ ඒ මොකටද ‘‘

‘‘ ඉතින් එයත් මට ගැහුවනේ ‘‘

‘‘ ඕන නැ අද උදේ මං පෙරේරා මහත්තයට කියුවා , තවම ගෙදර ඇවිත් නැතුව ඇතිනේ .... ඕන නං ආයේ හම්බුනහම කියන්නං ‘‘

‘‘ මට ආයෙත් උන් කරදර කරොත් ‘‘

අනිත් පැත්ත හැරිල නවතින විජේතුංගය

‘‘ මොකක්ද බං ගෑණියෙක් වගේ ඇඹරෙන්නේ ...ගමේ නමටත් ලැජ්ජා කරනවනේ .....ගැහුවොත් ගලක් ඇරං ඔලුව පැලෙන්ඩ ගහපං ‘‘

‘‘ හා ‘‘

‘‘ අනික ලොකු පුතේ උඹත් උන්ගේ අස්සෙම යන්නේ නැතුව ටිකක් මග ඇරලා ඉදහං , දැං මේ කරුවල වැටෙන වෙලාවේ උඔ කොහෙදිද උන්ට අහු උනේ , රස්තියාදු නොගහ පොතක් පතක් බලාගනින් ‘‘

‘‘ ඉතින් මං අම්මට පොල් තෙල් ගේන්ඩ අතුකෝරල කඩේට නේ ගියේ ‘‘

‘‘ ඉතින් උන්ව මඟඇරල ටේලර් කඩේට යන්ඩ තිබුනනේ ‘‘

මූත් දැං මග අරින පාටයි , මගේ ආරක්ෂාව මටම සලස්ස ගන්ඩ වෙනවා ......ඒත කමක් නැ ...ලොකු ගැන්සියටම පුඩියක් සෙට් කරානේ කියල හිතන මං ..යන්නං වත් නොකියා අපේ ගෙවල් පැත්තට හැරෙනව

තුන්වැනි කොටස මෙතැනින්

2016-04-04

සල් ලිඳට බැස නෑම සහ මගේ මැණික ( 1 ) එපා එපා කොල කඩන්න ගහදන්නව නේද.....

ඒ කාලේ අපි හිටපු ගෙවල්වලට ජලය සැපයුවේ දවසකට තුන්පාරක් පැයක් බැගින් විතරයි , උදේ හයට හතට එකපාරයි , දවල් දොලහට එකට එකපාරයි , ආයෙත් හවස පහට හයට , ඒකත් සමහරක්දාට වෙනස් වෙනවා පායන කාලවලට එහෙම , සමහරක්දාට ඔය සුද්දන්ගේ කාලේ හදාපු වතුර ටැංකි , සම්ප් , විදුලි රැහැන් වල දෝෂයක් ආවත් ඉතින් එහෙම්ම තමා. ඉතින් සමහරක් දාට උදේට විතරයි වතුර හම්බෙන්නේ ඒකත් පැයක් විතර ලැට් එකටම අල්ලලා තියනවා වතුර ටැංකියක් ඒකට තමා වතුර පිරෙන්නේ . ගෙදර උයන පිහන වැඩ වලට ඉතින් වතුර එන්ඩ පටන් ගත්තහම පුරවගන්ඩ ඕන . 


(ඔන්න අපේ ගේ පිටිපස්සේ වතුර ටැංකිය තාම තියේ)

උදෙන්ම ඉතින් හෙන ජෝගී , නයිටි ගහගත්ත අක්කල ඇන්ටිල වතුර ටැංකිය ලගට ඇවිත් ටැංකියට වතුර වැටෙන බටේ ගාව නැවිලා , බාජන වලට වතුර පුරවගන්නව , අක්කා ලොකු ඉස්කෝලෙකට යන හන්දා ගමේ ඉස්කෝලෙට යන මට තමා ඔය ඉස්සෙල්ලම එන මඩ මලකඩ ටික ඇරල හොද වතුර එනකොට ගෙට වතුර ගන්න වැඩේ පැවරෙන්නේ මං ඉතින් දෙපැත්තේ ගෙවල් දෙකේ උන්දැල උන්ගේ ටැංකිවලට නැවෙන දර්සනේ ඉස්සරහින් වත් පස්සෙන්වත් නොපෙනෙන විදිහට බිම බලාගන කලයටයි අනිත් බාජනවලටයි වතුර පුරවගන ගෙට ඇවිත් , බැරල් එකත් අරගන ආයෙත් ටැංකිය ගාවට ගිහින් බිම බලාග ඉන්නව , ටැංකියේ වතුර උතුරල ගියොත් වැඩි වතුරටික පුරවගන්ඩ .

ඔය අහල පහල හැම ගෙදරකම තිබුනා ඔය වගේ බැරල් , ඒවා ඔය නිකම්ම නිකං තෙල් බැරල් නෙමෙයි , බාල්දි පාටියේ කොල්ලෝ හෙන ගණකම් ගැල්වනයිස් තහඩුවලින් කට වටේට සහ යට අඩිය වටේ සිරප් බදින කම්බි වටේට තහඩුව දාල නමල වැරගන්නපු , කට දෙපැත්තට කල්දේරං රවුම් අඩු දාල හදාපු සුපිරි බඩු , ඔය අඩු දෙක අස්සෙන් මෝල් ගස් දාල තමා වතුර පාටියේ කොල්ලෝ වතුර උස්සං යන්නේ , එතකොට බත් කල්දේරං හොදි කල්දේරං උස්සං යන්නේ.



ඉතින් ඔහොම ජල හිගයට මුහුනපාන කාලවල අපේ පිහිටට එන්නේ සලි ගහ යට ලිද, අපි ඒකට සල්බාත් කියලත් කියනවා , ඉස්සර වරාය හදන්න රේල් පාරට එහෙම ගල් කඩල තියෙන්නේ ඔය ගල් වලෙන් පස්සේ කාලෙක පොලවෙන් උඩට මතුවෙලා තිබුන ගල යටට හාරගෙන ගිහින් එක ලෙවල් එකකට කඩල නවත්තල . හිරකාරයන්ට ගල් කඩන කෝස් එක දෙන්ඩ තිබිල තියෙන් මහර හිරගෙදර විතරයි මයේ හිතේ . ඔය එක පැත්තකින් විතරක් පිහිටි පොලවට ලෙවල් වෙන්ඩ අනිත් පැති ඔක්කොම එක්කොම ගල් සහ පස් කදු වලින් බැවුමක් තියන පිට්ටනිය සහ ගවගාල , වගා පාටිය සහ පන්සල තියෙන්නේ ඔය පරණ ගල් වලේ දැන් නං ඒක ගල් වලක්ද කියලත් හොයන්න බැ




ඉතින් ඔය කාලේ ඉදන්ම ගල් කඩාපු තව ගල් වලවල් දෙකක් අදටත් තියනවා ඔය පලාතේ , එකක් නං අවුරුදු විස්සකට විතර කලින් ගල් කඩන එක නවත්තල , පස්සේ මිනිස්සු අල්ල ගත්තා , ඊටපස්සේ ඒ ලගම තිබුන දඔුව කැලයත් අල්ලගත්තා , ඔය කැලැව පොඩි එකක් උනාට ඒකේ දිවියෝ , වල් ඌරෝ , පිඔුරෝ හිටං උන්නා , අනික ඒ කාලේ ඒ අවට ගොඩක් ඉඩම් ගණ කැලැ වෙච්ච හන්දා ඒක එහෙම වෙන්ඩ ඇති , හිර ගෙදර ඉඩමත් හෙන කැලැවක් , කොටින්ම ඔය දැං මෙඩිකල් කොලෙජ් එක හරියේ ඉදන් ටිකක් ඉස්සරහට ගියහම  හම්බෙන , ලෙන්චියාවත් අන්නාසි හේන , අඹ කොටුව ඇරුනහම හිර ගෙවල් ගාවට යනකං ගණ කැලේ , අනිත් පැත්තෙං ගල්වල හරියේ ඉදන් සියබලා ගහවත්තේ ඉදන් , කැන්දලියද්ද පාලුවෙත් අතරින් පතර ගෙවල් , තිබුනට , මහ විසාල ජයකොඩි වලව්වට අයිති වෙලා තිබුන ඉඩං , ගල්වල හන්දිය පැත්තට මහර නුගේ ගොඩ පැත්තටත් එහෙමයි ,

ගොඩක්ම ඉස්සර ඔය කඩවත මහබාගේ පාර බොහොම කුඩා අතුරු පාරක්ලු , ප්‍රධාන පාර වෙලා තියෙන්නේ ඔය මහර හන්දියෙන් හැරිල එඩේරමුල්ල හරහා වත්තලට යන පාර , ඒ පාරේ දළු පිටියෙන් හැරිලා , තට්ටමේ කන්ද නැගල දෙල්පේ හන්දියෙන් එන පාරලු ඒ කාලේ මහර හිර ගෙදරට එන්ඩ පාවිච්චි කලේ .

මයේ හිතේ තවමත් නැලිගම ගල් වලේ ගල් කැඩිල්ල කෙරෙනවා , කාලයක් ඩෙවුකෝෂොවා කියන ජපං කොම්පැණියෙන් ඒ ගල්වල කරගන ගියා . ඒයාල කරේ වැඩියෙන්ම ඔය ගල් යොදාගන පෙරසවි කොන්කීරිට්  කෑලි හදන එක , ඔය පාරවල් අයිනේ තියන කාණු ගැටි , එතනින් ගියහම මුහුදු රළ නවත්තන ගැජට් වගේ කොන්කිරිට් කුට්ටි,

ඉස්සර ඒ ගල්වල අයිති වෙලා තිබිල තියෙන්නේ ප්‍රංශ කොම්පැණියකටලු , අදටත් ඒ ගමේ ඉන්නවා ලස්සන ඇස් එක්ක තඹ පාට කොන්ඩය තියන ළමයි.

ඔය දඹුව ගල් වලෙත් ( ගල්වල වත්ත ගල්වල ) ඉඩං අල්ල ගත්ත කාලේ . එක එක්කෙනා ටික ටික ගල් කැඩිල්ල කරා . එහෙම ගල් කඩාපු කෙනෙක් දැං රටේ නං දරාපු කපු මහත්තයෙක් , හිර ගෙදර ගල්වල හිර ගෙදරට අයිති උනාට , ගල් කඩපු කොම්පැනි යනවත් එක්ක එව්වායේ අයිතිය ගියේ වරාය අධිකාරියට , දඹුව ගල් වල මිනිස්සු අයිති කරගන්නකොටත් , නැලිගම ගල් වල අයිතිවෙලා තිබුනේ ඩෙවුකෝ ෂොවා එකට ඊට පස්සේ ජනාකීර්න වෙන අහල පහලින් එන විරුද්ධවාදකං , සේවක ප්‍රශ්න , උද්ගෝසනත් එක්ක එයාල දාල යනකොට , වරාය අධිකාරියෙන් සිකුයුරිටිලව දැම්මා ඔය ඉඩමට , සමහරක්විට අල්ලගනි කියල බයට වෙන්ඩ ඇති . ගල් වලේ වැඩ නොකෙරෙනකොට කලින් මෝටර් දාල ඇදල දැම්ම වතුර ඇදල දැමිල්ල නැවතුනා , ගල් වලට සුපිරියටම වතුර පිරුනා.

පස්සෙකාලේ කොම්පැනියෙන් ගල් වලේ වැඩ කරන එකා දෙන්නා වරින් වර ජපානෙට එහෙම ටික කාලෙකට රස්සාවට ඇරල හොදට අතමිට එහෙම සරු කරා , එහෙම මනුස්සයෙක් ජපන් ඉදන් එනකොට ගෙනාපු ටිවී එකකට ඇන්ටනාවක් හයි කරගන්ඩ කතා කරගන්ඩ ආවා . මමයි මගේ යාළුවෙකුයි ඒ කාලේ ඇන්ටනා හැදිල්ල ජයට කොරගන ගියා . පස්සේ ඉතින් අපි දෙන්නා කසිප්පු කට්ටක් එහෙම ගහල හිටපු පොරත් එක්ක එහෙට ගියා ඇන්ටනාවක් එහෙම අරගන ,

ඒ කාලේ හැටියට මරු බඩු කන්දරාවක් ගෙනත් තිබුනා , වැඩියෙන්ම අපි දෙන්නට හිතගියේ වීසිඩි සෙටප් එකටයි , ටිවී එකටයි . බ්‍රෑන්ඩ් එක ගුන්ඩ්රිච්, ඒ කාලේ ලංකාවේ ගුන්ඩ්රිච් බඩු තිබුනේ බොහොම ටිකයි. හිතේ ආසාවට මං සෙටප් එක අතගානකොට යාළුවා රිමෝට් දෙක අතට අරං බලනවා , අපි දෙන්නගේ කතාව දැං මෙව්වායේ අළුත් තාක්ශනය , නිමාවේ තියන හුරුබුහුටි බව එහෙම.

‘‘කොහොමද මල්ලි හොදයි නේද , අතට අරං උස්සල බලල බරම බඩු තමයි මං ගත්තේ , අපේ මෙයාට මිරිස් කොටන එකක් ගෙනාව ඒක මිරිස් ගලට වඩා බරයි ‘‘

කටට ආපු තද හිනාව නවත්ත ගත්තේ අපි හරිම අමාරුවෙන්




මට මතකයි එක පාරක් වරාය සකුරිටි කෙනෙක් නාන්ඩ ගිහින් ගිලිලා මරිල අපි ගියා බලන්ඩ , මාළු රුවනා තමයි හොයල හොයල අඩි පනහ හැට ජඹුර වතුරෙන් මිනිය ගොඩ ගත්තේ , පොලිසිය එනකොට , මහා පස්කදු බඩගාල කොල්ලා මිසින්ග් , ගොඩ ගත්ත එකාට කට උත්තර දෙන්ඩ පොලිසිය කතා කරනකොට හිටියනං , තියන වරෙන්තු වලට උෟව ගෙනියන හන්දා ගානට කැපිල ගිහින් ඌ ආරස්සා උනා , නීතියට වරදකාරයෙක් උනාට හොද කොල්ලෙක් . මං හරි කැමතියි ඌට , ගොඩ කාලෙකින් දැක්කේ නැ.

 අතීතේ එහෙම උනාට ඒ අල්ලගත්ත ඉඩම් දැං පර්චර්ස් එක ලක්සගානකට විකිනෙනවා , ඒ දවස්වල අපේ යාළුවෝ ඔය ඉඩං අල්ලන්ඩ යනකොට .

‘‘තාත්තේ මාත් කෝටු ටිකක් කපාගන ගිහින් ඉඩමක් අල්ලගන්නං ‘‘

කියුවහම අපේ තාත්තගේ මහකමට

‘‘ගුටි නොකා ගෙදරට වෙලා හිටහං ‘‘

කියුව හන්දා මාත් කරබාගන නිකං හිටියා , තාත්ත මොන හේතුවකට එහෙම කියුව උනත් මටනං දැං හිතෙන්නේ මහම මහ අපරාදයක් කියල,

ඔය ගල් වලවල් තුනෙන්ම කඩන ගල් අතීතේ ගෙනියල තියෙන්නේ කෝච්චියෙන් , ඒ රේල් පාර ඇවිත් තියෙන්නේ රාගම ඉස්ටේසමට කලින් සමගි මාවත ( ඒ කාලේ කියුවේ දෙමළ පුරය කියල ) මන් දන්න කාලෙටත් ගොඩක් කලින් තමයි ඒ රේල් පාරේ මිනිස්සු ගෙවල් හදල තියෙන්නේ, මේ මැතක් වෙනකං ඔය පාරවල් වල රේල් පිල , යකඩ ටෙලි ෆෝන් කනු තිබුනත් දැන් ඒවා මිනිස්සු ගලවලා





මේ ලාරෝස පාට කැත සහ ඇද ඉරක් ඇදල තියෙන්නේ රාගම ඉස්ටේසමට ටිකක් කලින් ඉදන් හැරිලා ඔය ගල් වලවල් තුනට එන්න රේල් පාර පටන් ගත්ත හැටි, ටිකක් ඉස්සරහට ඇවිත් වයි හැඩයට උඩට බෙදිලා යන්නේ දඹුව ගල්වල වත්තට යන පාර , එතනින් යටට බෙදිලා යන්නේ හිරගෙදර ගල්වලට සහ නැලිගම ගල්වලට යන රේල් පාර ( පීන්තුරය උඩ ක්ලික් කරල ලොකු කරගන්න )






එතනින් ඇවිත් ඔය ආයෙත් උඩට බෙදෙන්නේ හිර ගෙදර ගල්වලට යන පාර , යටට බෙදිලා යන්නේ නැලිගම ගල් වලට යන පාර. ඔය ගල් කිරනවත්ත කියන හරියේ තමයි ගල් මැනල කරල පටවලා තියෙන්නේ , පොලවේ කළු ගල් කෑලි සහ ගල්කුඩු බහුලයි




ඉස්සෙල්ලම උඩට බෙදුන පාර දැන් ලංකාමාතා පාර කියන පාර දිගේ ගිහින් අන්නාසි හේන හන්දියෙන් රිංගුවා දමුව කැලය මැද්දට එතනින් කෙලින්ම ගල්වල වත්ත ගල්වලට



ඔය නිල්පාටින් සලකුනු කරල තියන තැන තමයි රේල් පෙට්ටිය තිබුනේ



මේ රාගම කඩවත පාර හරහා ගිය ප්‍රධාන රේල් පාර



මෙතනින් වමට දඹුවට දකුනට නැලිගමට සහ හිරගෙදරට



නැලිගම ගල්වලට සහ හිර ගෙදර ගල්වලට රේල් පාර බෙදෙන තැන
නැලිගම ගල්වලට යන රේල් පාර


මං රාගමට ආපු මුල් කාලේ දඹුව කැලය මැද්දේ රේල් පීලි උඩ තිබුන කෝච්චි පෙට්ටියක දිරාගිය යකඩ කොටස් තිබුනා , එතන තිබුනා දඹුව කැලයටම තිබුන අසාමාන්‍ය ප්‍රමාණයේ එරමිනියා හැදෙන වැලක්  , මගේ යාළුවෙක් කියපු විදිහට උෟ පොඩිම පොඩි කාලෙත් ඒ කෝච්චි පෙට්ටියේ  ලෑලි වලින් කරපු කොටස් හොදට තිබිලා තියනවා , නොතෙමී ඉන්න තරමටම , ගොඩාක් ඉස්සර පොරගේ ආච්චිම්මා ඉදලා තියෙන්නේ කෙල්ල කාලේ ඒ පෙට්ටියේ , හැබැයි ඔය ඉඩං අල්ලාගන්න කොට උන් කවුරුවත් ඒක ඉන්නක් හිටවලා එක බිම් අගලක් ඇල්ලුවේ නැ , සමහරක් විට අක්කර ගානක් තිබුන නිසා හරි ඒ මිනිස්සු එදා වේල ගැන විතරක් හිතලා ජීවිතේ සතුටින් විදින අය හින්දා වෙන්න ඇති. සමහරක් වෙලාවට මට හිතෙනවා එහෙම හිතන එක තමයි නෝමල් කියල , ඇයි දෙයියනේ අපි සත්තුනේ , අපි කරන විගඩං කන්දරාවක් , මේක වෙලාවකට මහ පිස්සුවක්.

ඔය කෝචිචි පෙට්ටිය සහ ඒ අවට ඉස්සරම ඉස්සර  කාලේ තිබුන සුන්දරත්වය , වෙච්ච කෙරිච්ච දේවල් , මිනී මැරුම් , ප්‍රභූවරුන්ගේ ආතල් ජීවිත , ඒ කාලේ හිටිය ප්‍රභූවරුන්ගේ සහ දැන් ඉන්න ධනකුවේරයන්ගේ වතුර මාරුකරගැනිමට ලැබෙන තුටු පඩුරු , දැන් ඇත්තන්ගේ සහ පෙර ඇත්තන්ගේ වෙනස , හැම දාම නැත්තාට වෙන අසාදාරනකං සහ හිලේ බලේ අනුසාරයෙන් ගොඩ යෑම , ඒ බලෙන් අඩුම තරමේ ඉස්සරහට පරංපරා දෙකතුනක්වත් ගොඩ යෑම ගැන මං කතා කරන්ඩ යන්නේ නැ .

මොකද ඔව්වා කියන්ඩ නං දැං ඉන්න උන් ගැනත් කතා කරන්ඩ වෙන හන්දා.මං අවුලක් නැතුව ලියයි හැබැයි මේවායේ අගක් මුල්ක හොයාගන්ඩ පුලුවන් උන් අල කරලා වන කරල දැම්මොත් අනුන්ගේ පවකට මට නිරපරාදේ අපාගත වෙන්ඩ වෙනවා , මැරුනට පස්සේ වෙන දේවල් නෙමෙයි මිහිපිටම.

ඉතින් ඔය කියාපු පිට්ටනියේ තමයි මං ඉස්සෙල්ලම බයිසිකලයක් පැද්දේ , ඒ මංගලගේ බයිසිකලේ ඒක බී එම් එක්ස් එකකුත් නෙමෙයි චොපර් එකකුත් නෙමෙයි වගේ එකක් , දෙක මැද්දේ කොහෙන් හරී  ඌට තාත්ත ගෙනත් දුන්න එකක් ,මට ඒ කාලේ බයිසිකලයක් තිබුනේ නැ , සැහෙන කාලයක් ඉන්ටර්ඩික් වෙලා ඉදල රස්සාව හම්බෙච්ච ගමං අපේ තාත්තට රේස් දිනුමක් ලැබිලා තමයි ඒක මට මගේ බයිසිකලය ඇරං  දුන්නේ , ෆෝනැක්ස්ද කොහෙද නම මේරුන් පාටට හුරු රතු පාට ස්පෝට් එකක් , බයිසිකලේ ගත්තේ මායාදුන්න එකෙන් , ඒක ගන්න යනකොට තාත්ත ටිකක් දාල හිටිය හන්දා ඩයිනමෝවක් , බැට්රිදාන හොන් එකක් , අයිස්කිරිං නලාවක් වගේ හෙන සද්දෙ එකක් , ස්පෝක් වලට දාන ලයිට් , හැඩල් එකට දාන්ඩ ස්පොන්ජ් ඒක එහෙම ගන්ඩ අමාරුවක් උනේ නැ , ගෙදර ගෙනාපු ගමං බැනුං අහගන හැඩල් එක ගලවලා යටි අතට හයිකරල චෙන්ජරේ වගේ හදාගත්තා , නැත්තං හෙන පප්පා මොඩල් . බයිසිකලේ ගෙනාපු අලුත පැදගන පාරේ යනකොට

‘‘ආ කොල්ලෝ රේස් ඇරියස්ද ‘‘

කියල එහෙම අහනවා , මං ඉතින් හිනාවෙලා යනවා , ඔව්වට උත්තර දෙනවට වඩා බයිසිකල් ආතල් එක මට වටිනවා. ඔය බයිසිකලේ මට ලැබෙනවත් එක්කම මංගලයා ටික ටික වෙනස් උනා , අනං මනං හින්ට් පාස් කරන්ඩයි , මගේ බයිසිකලේ ඇදකුද කියන්ඩයි , රේස් එකක් යන්ඩ කතා කලත් ඔය ඉන්දියන් චයිනිස්  බයිසිකල් වලට වඩා උගේ ජපං එක සැහැල්ලු නිසා ගේමක් නැ කියල මග අරින්ඩයි , ඉරිසියාව කියන එක හරියටම තේරුංගත්තේ මං උගෙන් තමයි. පස්සේ පොර මාව හලලා සෙට් උනා නිශාන්තත් එක්ක , හැබැයි ඒකෙන් මට එක හොදක් උනා ,

ඊට ටික දවසකට පස්සේ නිශාන්තයා එක්ක ලී ගෙට්ටුව ඉස්සරහින් හැටට හැටේ පල්ලම බස්සල , වංගුවත් කෙලින් කරගන බැරියර් එකට එහා පැත්තෙන් දාගන්ඩ බැරිවෙලා , බැරියර් එකට උම්මා දීලා සතියක් දෙකක්  ඉස්පිරිතාලේ හිටියා , මංගලටත් වඩා එදා තුවාල වෙලා තිබුනේ නිශාන්තට , මංගල මා එක්ක විරසක නොවෙන්ඩ එදා ඌත් එක් හොම්බ තලාගන්නේ මං



හොම්බ එහෙමත් තලාගත්ත මංගලට බයිසිකල් තහනමක් ගෙදරින් පැමිනුනා , පස්සේ ඉතින් ඌ ඒ වාඩුවත් ඇරියේ මගේම පිටින්ම තමා , ඉස්සර තිබුන කතා බහත් නැවැත්තුව පොර මාත් එක්ක නිකං ගේමට  වාගේ ආවත් කවදාවත් චැලෙන්ජ් කරල ගහගන්ඩ නං ආවේ නැ , අත පය හෙන දිග හන්දා මට පොඩි චකිතයක් හිතේ තිබුනත් ගැහුවොත් ගහනවා , මට පයිට් එකක් දෙන්ඩ පුලුවන් කියන විස්වාසේ තිබුනත් මට හැම වෙලේම තිබුනේ ඌත් එක්ක ආයෙත් යාළුවෙන්ඩ උවමනාව , ගෙදරින් පදින්ඩ  බයිසිකලය හදලා නොදෙන , මට උගේ බයිසිකලෙන් බයිසිකල් පදින්ඩ පුරුදු  කරපු ඌට මගේ බයිසිකලේ පදින්ඩ දෙන්ඩ උවමනාව තමයි මගේ හිතේ කැරකුනේ.

අනික අපි දෙන්නා හෙන ලගින් හිටියා , මට තවමත් පාරේ බයිසික්ල පැදං යන කෙසග කොල්ලෝ දැක්කහම ඌව මතක් වෙනවා , ඌත් හරි කෙට්ටුයි , හෙන උසයි , අතපය දිගයි , ඇවිදිනකොට දණහිස් එකට වදිනවා , මම නං කවදාවත් එහෙම කතා නොකලට හැමෝම ඌට කියුවේ ......පූට්ටුවා.... කියල , කොටින්ම ....බැරැක්කේ උන් .....( අපේ තාත්තල එක්ක වැඩකරන තනිකඩයෝ සහ ක්වාර්ටස් නැති දුරපලාත්වල කසාද බැදපු උන් ) හිටන් ඌට කියුවේ ඒ නමම තමයි. හොද එකෙක් විදිහට දැනගන උන්න ඌට කවදාවත් එහෙම කියන්න මගේ දිව නැවුනේ නැ , උන්ගේ මල්ලිට නං හෙන කැරි ලයින් තිබුනේ , මං උෟට අපේ මල්ලිටත් වැඩිය කැමති නැ ,  අනික කැත නමකින් ආමන්ත්‍රනය කරනකොට දැනෙන වේදනාව මං හොදටම දන්න හන්දා.

මට මං හිතන්නේ ...කන්දෙ විදානෙලාගේ මංජුල ලක්මාල් රත්නපාල ...කියන නමට අමතරව පට බැදිච්ච නං තිහකටත් වැඩිය තියනවා .....මං ඒ ගැන පෝස්ට් එකකුත් දාල තියනවා , ඒකේ තිබුනා ඔය නං ඔක්කොම මැෂින් බිජ්ජා , අටං පකයා , අටපාස් නුගත් වේසිගේ පුතා වෙනකම්ම , මං බ්ලොග් එකට ලොග් වෙන්න මුල් කාලේ පාවිච්චි කරපු සහ මේ මෑතක් වෙනකං පාවිච්චි කරපු lakmal1325@gmail.com කියන මේල්ලුවට මට ලොග් වෙන්න බැරි වෙනකම්ම ඒ පරණ පෝස්ට් තිබුනා , එකපාරටම සමහරක් පොස්ට් වලට යන්ඩ බැරි වෙන්ඩ ගත්තා , සමහරක් එව්වායේ ( විශේෂයෙන් මහන මෙෂින් ගැන ලියපුවායේ පීන්තුර  ඩිලිට් වෙන්ඩයි ගත්තා ) . එත් මට ඕක එක පාරටම තේරුනේ නැ හරියකට. කොහොමහරි සමහරක් පරණ පෝස්ට් වල ෆොටෝ , සමහරක් පෝස්ට් එහෙම දැං නැ , මහන මෙෂින් ගැන ලියාපු සමහක් පෝස්ට් වල තිබුන පීන්තුර නැති එක තමයි ලොකුම පාඩුව , පස්සේ ඔක්කොම ඩ්රාප්ට් වලට ඇදල , බේරගන්ඩ පුලුවන් ඒවා , ආයෙත් හදල පබ්ලිෂ්කලා ,

අනික මං ටික කාලයක් බ්ලොග් අත ඇරලා වගේ හිටිය මාව කියවන අය වෙනුවෙන් සාදාරණයක් කරන්ඩත් බැරි තරම් බිසි පටන්ගත්ත බිසිනොස් එක වැඩේ ගොඩ දාගන්ඩ උර දීලා .දැං මට වඩා හොදට හාමිනේට වැඩ  හැදෙන විදිහක් අපේ චුට්ටං බිසුනොස් එකේ  දැක්ක හන්දා ( බොරු මොකටද මුලදිම මටත් ඒකෙන්  ටිකක් රිදුනා ) පස්සේ ඉතින් මට එන වැඩක් දෙකක් කරගන උන්දැට සප් එකක් දීගන ඉන්නවා කියල හිත හදාගත්තා.

හැබැයි අපේ උන්දැට නං ඒ වැඩ පිලිවල  එච්චර හිතට ඇල්ලුවේ නැ , අදටත් විස්සෝප වෙනවා , මං උදය වරුවේ බත් ඉවිල්ලයි , ළමයි බැලිල්ලයි කොරනවට , උදෙන්ම උන්දැව කඩේ අරින්ඩ ඇරල ළමයි ඉස්කෝලේ දාල , බත් උයල , ගෙදර අනිත් සකලමනාවම කරල , හවස පන්තියක් ඇතොත් ඒකට ළමයි දාල ( හරි හරි ඒ අතරේ බුකියට බ්ලොග් වලටත් ගොඩ වෙනවා තමා ) කඩේට මැසිමක් දෙකක් ආවොත් ඒකත් හදලා දාල , උදේ ඉදන් එන කෝල් එකකින් දෙකකින් සෙට් වෙන ගෙවල් වලට ගිහින් කරන වැඩක් දෙකක් තලාගන එනවා , මං එනකොට ළමයි දෙන්නා පන්තිවලින් ඇරගන කඩේ තියාගන වැඩ කරල අට නමය වෙනකොට  අටමි ගෙදර ඇවිත් ළමයින්ට කවනවා.

දැං ඉතින් මට මංගලය එක්ක යාළුවෙන්ඩ ඕන උනත් ඌට එහෙම උවමනාවක් නැ , පාරක හම්බුනත් කතා බහක් නැතුව යනවා , පස්සේ පස්සේ දැං මටත් මේකා එක්ක හෙන තරහයි . මාත් මගේ පාඩුවේ යනවා , ඔන්න ඉතින් ඔය කාලෙම ආවා දැඩි නියගයක් , වතුර එන්නේ දවසට එකපාරයි ඒකත් කොයි වෙලාවෙද දන්නේ නැ , පැයක්වත් එන්නෙත් නැ , නිල නිවාස වලට එහෙම නං ඇතුලට කොහොමද කියල හිතාගත්තහැකි නේද , ඇතුලේ ඉන්න උන්ට වතුර ඇත්තෙම නැ කියුවොත් හරි , එක බවුසරයෙන් පුකත් හෝදල , මූනත් හොදල අතපයත් හෝදන්න ඕන .

ඔය බවුසරේ කියුවහම මතක් උනේ එක පාරක් එක හිරකාරයෙක් මැරෙන්ඩ කියල හිතාගන බ්ලිජින්පවුඩර් දියකරල බීලාලු හවස්වරුවේ , ඒ වෙලාවට පී එච් එකෙත් දොස්තරල නැති හන්දා වාහනයක පටවගන ගියාලු ඉස්පිරිතාලේ. දැං ලෙඩ්ඩු ඇතුල් කරගන්න තැනදි දොස්තර මහත්තය විස්තර අහනවාලු.

‘‘මොකක්ද නම  ‘‘

හිරකාරය උත්තර දේන්නැ ඔහේ බලාගන ඉන්නව

‘‘නම....නම මොකක්ද ‘‘

දොස්තර ආයෙත් අහනව

‘‘ එ්යි උබේ නම කියපං ‘‘

අරූව කන්ඩ තරං කේන්තියෙන් ඉන්න උෟගේ නොම්මරය විතරක් දන්න බන්දනාගාර නිලධාරිය සැරදාල කියනවා

‘‘යාපගේ කරුනාදාස ‘‘

‘‘වයස කීයද ‘‘

‘‘පනස්තුනයි ‘‘

‘‘ මොනවද බියුවේ‘‘

‘‘ කක්කුස්සි බෙහෙත් ‘‘

‘‘කොච්චර බියුවද ‘‘

‘‘බවුසර් තුන්කාලක් ‘‘

කියාපු ගමං අරූගේ මුනට නැවිලා හිටිය දොස්තරය පස්සට විසික් උනාලු , ආයෙත් මැද්දට පැන්න ගාට්මහත්තය

‘‘ නැ නැ ඩොක්ටර් මෙයාල මේ බවුසරේ කියන්නේ ලීටර් දෙකක්වත් නැති ටින් එකකට‘‘


ඉහල නිලධාරි එක්ක සම්බන්දකං පවත්තන්ඩ පුලුවන් මට්ටමේ උන්ට නං වතුර හොදට ලැබෙනවා , පහල මට්ටමේ නිලදාරි එක්ක හිතවත්කම් තියන උන්ටත් වතුර ටිකක් ගන්න එක අපහසුවක් නැ , එතනින් ගියහම මොනවාහරි නිලධාරින්ට පලදායකවෙන වැඩක් කරන්ඩ පුලුවන් උන්ට කොහොමටත් රජසැලකිලි , එහෙම අය තමා ඉතින් ඔය ලෝයර් මහත්තුරු , සිත්තර අදින්ඩ පුලුවන් අය , එතකොට රේඩියෝ රෙපයාර් දන්න උන් , වයිරින්ග් වැඩ දන්න උන් එහෙම වාගේ පොරවල් , ඇත්තටම ඉතින් සල්ලි විසිකරන්ඩ පුලුවන් උන්ට වඩා ඇත්තටම සුපිරියට ඉන්නේ මෙහෙම පොරවල් , ඒකට සැකකරුද සිරකරුද කියල වෙනසක් නැ , සැකකාරයෙක් උනත් මාස හතරක් පහක් හිටියොත් හෙන පොරක් වෙනවා වැඩකාරයෙක් නං , සල්ලිකාරයන්ට සල්ලි විසිකරල  සැපට තපින්ඩ පුලුවන් උනාට ඌ පොරක් වෙන්නේ නැ , ඌ පොර කරන්නේ ඌගේ සල්ලි බුක්ති විදින පොරවල් විතරයි , එහෙම නැතුව අර විදිහට හිරකාරයන්ට හරි වැඩක් වෙන පොරවල් නිකම්ම පොරවල් වෙනවා , එයාලට ඉතින් තමන්ට ඕන දේවල් සපයාගන්ඩ පහසුයි.

වතුර ටිකක් වැඩිපුර පරිබෝජනය කරන්ඩ , තේකුඩු  ලිපක් , කම්බි හීටරයක් ලගතියාගන්ඩ , පොඩි රේඩියෝ කෑල්ලක් ලග තියාගන්ඩ , කාගේ හරි වැඩකට ගේට්ටු දෙක පනිනකොට සබං කැට කැටයං දෙකක් තුනක් අරගන යන්ඩ , ආයේ එද්දි හකුරු කෑලි ටිකක් , ගිනි පෙට්ටියක් දෙකක් , දුංකලයක් දෙකක් එතනිං ගියහම බීඩියක් සිකරට් එකක් අරගන එන්ඩත් තහනමක් නැ , ගේට්ටුවේ ඉන්න එකා ඊට වැඩි දෙයක් අරගන එනකොට මුඩ්ඩ ඇද්දත්

‘‘අහවල් මහත්තයගේ අහවල් වැඩේට ගිය ගමං මේ ඒ මහත්තය දුන්නා කියුවහම කතන්දරේ ෂේප්‘‘

දැං මේ වර්ථමාන කාලේ නං හිරගෙවල් ඇතුලේ පට්ටෙට දිලිසෙන්නේ පොරවල් තමයි , මොබයිල් ෆොන් වැඩ්ඩෝ , මහලොකු දෙයක් කරගන්න ඕන නැ , ඔය ඇප් එකක් එහෙට මෙහෙට කරගන්ඩ , ඊසීකෑෂ් ඇක්ටිව් කරගන්ඩ පුලුවන් උනානං ඇති.

ඉතින් ඔන්න ඔහොම වතුර නැති කාලේ සෙනසුරාදා දවසක සතියකම එකතු වෙච්ච මගේ රෙදි ටිකත් තඩි බේසමකට දාගන . කිත්තං කඹේ ගැට ගහපු බාල්දිය අතින් ඇරගන , අර රෙදි බේසම ඉනට හිරකරලා අනිත් අතින් අල්ලගන , උඩට ෂර්ට් කබලක්වත් නැතුව යාන්තං විලි වැහෙන කලිසං කොටයකුත් ගහගන සල්බාත් එකට නාන්ඩ යන්ඩ කියල ගෙයින් එලියට බහිනකොටම ඉස්සර ගෙදර උළුඅස්සට බරදීගන උන්න මැණික් මාව දැකල ඇඹරෙන්ඩ ගත්තා.

‘‘ දාඩි සස්නෙයි නේද මා මනික නන්ද දෝ නාන්ද‘‘

අනේ .....කියාපු ගමං කෙල්ල වනවනා ඇවිත් මා එක්ක එකතු උනා

ඔන්න ඉතින් ජෑම් ගහලග පඩි පෙලෙන් නැගලා පරන බාල්දි කක්කුසියත් පහු කරන් මං යනවා සල් ලිද පැත්තට , වම් පැත්තේ තනිකඩ නිවාසය පැත්තෙන්  ඇහෙනවා සද්දයක් , සද්දය මිසක් කියන එකාව පේන්නේ නැ ,

‘‘ අඩෝ විට රත්නපාලයගේ කොල්ලා කෝ තොපේ නාකියා ‘‘

‘‘ ඇයි තොගේ ගෑනිට පැටියෙක් හදාගන්ඩ එක්ක යන්ඩද ‘‘

‘‘ ගලක් කපමුද ‘‘

‘‘ ගිහින් කපාපිය තොපේ අම්මට ‘‘

කියාගන මම කෙල්ලව ඉස්සර කරනවා

‘‘ නං මනික ඉක්මනට ‘‘

අනේ ඉතින් කෙල්ල මං කෑගහන පැත්ත ඉස්සි ඉස්සි බල බලා මොකවත්  නොකියා ඉස්සර වෙනවා , බෙලි ගස් මන්ඩියම වහගන හැදුන මහ රසකිද වැලත් පාස් කරගන අපි දෙන්නා ජා පල්ලිය ඉස්සරහටත් එනවා ,

ඔය රසකිද වැල මං දැක්ක ලොකුම එක බෙලිගස් හත අටක් වහගන හැදිලා තිබුනේ , වැල පටන් ගන්න මුල හරියෙන් බෙලි ගහක් වගේම මහතයි , ඒ වැලේ සමහරක් කොන් සල් බාත් එක උඩට එනකම්ම එල්ලි එල්ලි හැදිලා තිබුනා මීටර් තිහක්හ තලිහක්  විතර , කොතනවකවත් එහෙම හැදෙන්නේ නැ රසකිද ආදාරකයක් නැතුව , මෙතන ඒවා එල්ලෙන්නේ හරියටම නුග මුල් වාගේ

ඔය ජා පල්ලියත් මාර ඉතිහාසයක් තියන තැනක් , ඔය ඉස්සර පොලිසියේ , හිරගෙදර එහෙම වැඩිය වැඩ කරල තියෙන්නේ  මැලේ ජාතිකයොනේ ඒ අය වෙනුවෙන් තමයි හදල තියෙන්නේ ඔය පල්ලිය , ඔය මුස්ලිම් ලගේ තියන ෂීයා  ,  සුන්නි බේදය හන්දා ඒකාලේ මැලේ වරු විතරක් ඔය පල්ලිය පාවිච්චි කලාට , ( ඉස්සර විතරක් නෙමෙයි මං මේ කියන කාලෙත් එහෙමයි , ඔය පල්ලියට ආවේ අර ගෝනි ඇදුම් ඇන්ද රැවුල් වවාගත්ත දෙමල කතා කරන තලෙයිබාන්ල නෙමෙයි ) වැඩිපුර ඉංගිරිසි කතා කරන ඩෙනිම් ටිෂර් ගහපු පොරවල් සමහරු ගාව කොයි පැත්ත දැම්මත් ඉස්සරහට හිටින තොප්පි තිබුනෙත් නැ , පල්ලිය ගාවට ඇවිත් ලේන්සුව ඔලුවේ බැදගත්ත එක තමා කලේ.

අදටත් ඔය හිරගෙවල් අවට මේ පලාතෙම ඉන්න මැලේවරුන්ගේ සීයල හිරගෙදර වැඩකරපු ඈයෝ , බොහොම මිත්තරසීලී  ජාතියක් , වැඩි හරියක් පුට්බෝල්කාරයෝ , පඩත්තල තම්බින්ගේ පර ගතිනං කොහොමටත් නැ . ගෑනු ලමයිනුත් බොහොම නිදහසේ අනිත් මිනිස්සු එක්ක සහජීවනයෙන් හැසිරුනා , බුද්දාගංකාරයෝ , කතෝලිකයෝ , හින්දු අයත් එක්ක විවාහ උනා.

මැලේෂියන් මුස්ලිම් කියල සියල්ලන්ටම දැන් උප්පැන්න වලට යෙදුවත් මටනං හිතෙන්නේ එයාලගේ ජනසංයුතිය ඇතුලේ තවත් වර්ගීකරනයන් තියනව කියල , සමහරක් අය අපිටත් වඩා කළුයි , සමහරක් අයට තියෙන්නේ චීන පෙනුමක් , තවත් සමහරක් පවුල් වල අය බටහිර අයට සමානයි , හැබැයි සමස්තයක් විදිහට ගත්තහම ඒ හැමෝගෙම පා ඇගිලි වල සහ නියපොතුවල ස්වභාවය ගල් තම්බින්ට සමානයි.

ටිකක් මේ ගැන හිතල බලන්ඩ ඕන කෙනෙක් ඉන්නවානං , දන්න කියන කමල්ඩීන් කෙනෙක් , තාජුඩීන් කෙනෙක් , ලන්ත්‍ර කෙනෙක් , මිස්කිම් කෙනෙක් , ලායි කෙනෙක් , හසන් කෙනෙක් , අමීන් කෙනෙක් , ජයා කෙනෙක් ඉන්නවානං ටිකක් විමසිල්ලෙන් බලන්න , වෙනස්කම් ගොඩක් ඔයාලට පෙනෙයි.

ඒ කොහොම උනත් ආතල් ඩයල් , ඔන්න එක පොරක් හිටියා ඩීන් කෙනෙක් අපිටත් වඩා කලු උස පොරක්  හිරගෙදරට ඒකාලේ  කිසිම සම්බන්දයක් නැති උනත් , තාත්තල සීයල වැඩකරපු හන්දා තිබුන සම්බන්දකං එක්ක හැමදාම පුට්බොල් ගහන්ඩ එනවා , අයියලා මල්ලිලා සෙට් එකක්ම හිටියා , ඔක්කොම නමින් කියුවහම හෙන ජනප්‍රීය පොරවල් , ආතල් ඩයල් , කොයි වෙලේ බැලුවත් එක්කෝ ඉස්සරහට දාල නැත්තං පස්සට දාල , එක්කෙනෙක් හිටියා ඒ පවුලේ හොදම එකා බ්රේක් ඩාන්ස් කප්පිත්තා , ලොකු එකානං අපිට එහෙමට ලග නැ ඒ කාලෙත් මැරබැහපු නාකියා , හෙන තඩි පොරක් , ලොකු එක දීගනමයි හිටියේ , හැබැයි අර බ්රෙක් ඩාන්ස්කාරයානං හෙන හොද එකා , හිත හොද එවුන් ඉක්මනටම බව්වා දාන සීන් එක ඔප්පු කරමින් පොර තදේටම බව්වට සැට් උනා ,

පස්සේ ඉතින් මුට හොලන්ඩ් කාරයෙකුත් සැට් උනා , ගම්මුනං කියුවේ ඌ සුද්දට පස්ස දුන්නා කියල , පස්සක්නං මන්දා ඉස්සරහකටවත් දාගන්ඩ බැරි තරමේ නාකි සුද්දෙක් , ඉඩං අරං ගෙවල් හිටං හදලා දුන්නා ,
අවුරුද්දකට දෙපාරක් විතර සුද්දා එනවා ලංකාවට ආපුවහම රට වටේ යනව , ගෙදර ඉන්නදාට සුද්දා කැම උයල කොල්ලට කන්ඩ දෙනවා , පලාතේ ඉන්ඩ බැ මොනව දාල උයනවද මන්දා සුවද.

පස්සේ ඉතින් පොර කසාදයකුත් බැන්දා ඒකත් බව්වා කෑල්ලක් කියල තමයි රට්ටු කියුවේ , අම්මත් පට්ට  වේසාවියෙක්ය , හොර මිනිහව ගේ අස්සේ කසාද මිනිහා මැරුවහම මිනිය හංගලා කසාද මිනිහව බේරගත්තය ඔන්න ඔහොම කතා  ඉතින් , ඒ දෙන්නට පස්සේ ලස්සන  කෙලි පැටික්කියෙකුත් ලැබුනා , හැබැයි හැමදාම වලි මොනවට රංඩු වෙනවද මන්දා , සුද්දා ලංකාවට එනකොට පැටියවයි ගෑනිවයි පටවනවා මහගෙදර.

ඔහොම තව කාලයක් ගිහින් එකපාරක් සුද්දා තව සුද්දෙක් එක්ක ලංකාවට ආවා , ඔන්න ගමේ උන් කියන්ඩ ගත්තා ඒ සුද්දා අර නාකි සුද්දා ඒ රටේ පවුල් කන සුද්දය කියල , මොකදෝ මන්දා ඒ මාස ගානටම ඒ ගෙදර හෙනවලි , කොහොම කොහොමහරි සුද්දා ගියා ගියාමයි ආයේ ආවේ නැ ,

ගෑනි ආයෙත් ආවා ළමයත් එක්ක , ටික දවසකින් ඔන්න ආයෙත් වලි , මිනිහ රංඩු කරනවා ගෑනි උගේ යාලුවොත් එක්ක බුදියනවා කියල , ගෑනි රංඩු කරනවා සලකන්නේ නෑය කියල. පස්සේ අන්තිමට අර පොඩි කෙල්ල තාත්තගේ ආච්චිට බාර උනා , අම්මා යන්ඩ ගියා . තාත්ත ඉස්සෙල්ලම ගෙදර තියන බඩු මුට්ටු විකුනුවා , ඊලගට වාහන විකුනුවා , ගේත් විකුනුවා .

ඔන්න රට්ටු කියන්ඩ ගත්තා ගෑනිට නොදි මිනිහ කුඩු ගහන හන්දා ගෑනි මිනිහගේ යාලුවොන්ට අල්ලල කුඩු ගෙන්නගෙන ගැහුවා ඒක මිනිහට අහුවෙලා එලෙව්වාය කියල.

ඉතින් කියන්ඩ බැරි උනානේ පොරගේ මලයගේ සීන් එක , පොර දවසක් පුට් බොල් ගහනකොට තව එකෙක් ගහපු පාරක් කකුලට වැදුනා දනිස්සයි විලුබයි අතරින් කකුල දෙට කැඩිලා කොල්ලව බිම වැටුනේ ඇටකටු මස් හම ඉරාගන එලියට පැනල , ඌගේ කටු දිරලය කියල ඉස්පිරිතාලෙන් යකඩ එහෙම දාල කකුල හරි ගස්සල එවල තිබුනේ ආයේ බෝල ගන්ඩ නෙමෙයි ඩබල් දාල බයිසිකලයක්වත් පදින්ඩ එපාය කියලලු , යාන්තං අඩිය බිම ගහන්ඩ පුලුවන් වෙච්ච ගමං මේකා පිටිටනියට බැස්සා කියන්ඩකෝ.

ඔය ජා පල්ලියේ ඉස්සරහ තිබුනා යකඩ කනුවක් ඒකට ලයිට් කනුවෙන් වයර් ඇදලා තමයි පල්ලියට කරන්ට් එක ඇරගන තිබුනේ තව ඉතින් ඔය මුස්ලිම් උත්සවකාලවලට ඕකේ කොඩි වැල් බදින සීන් එකකුත් තිබුනා , තව ඔය කුනුවේ රුපියලේ දෙකේ පහේ එහෙම පඩුරු බදින සීන් එකකුත් තිබුනා ,  හම්මෝ කාගේ උනත් මොකා උනත් දෙයියෙක්නේ එකෙක්වත් ඒ පඩුරු ගලවන්නේ නැ , හැබැයි මට වරමක් ලැබිලා  තිබුනා යන එන ගමං චැක් කොරල පඩුරක් බැදල තිබිබානං ගලවා ගන්ඩ.

ඒ කාලේ ගෝනි පොරවගත්ත රැවුලේ ඒ පල්ලියට නාවට අහල පහල පල්ලියක් නැති හන්දද මන්දා , දැන්නං තලෙයිබාන්ලත් ඒ පල්ලියට එනවා , අර නිදහසේ ජීවත් වෙච්ච ඒ කාලේ පොඩි අතදරු කෙල්ලෝ හදුන්කුරු සුවද බාච්චු රැවුලේ බැදගන , ඔලුවේ ඉදන් පොරවගන ඉන්නවා.

ඔන්න ඉතින්  ගල් කඩලා ඉවර වෙච්ච බිත්තියක් වගේ පස් කන්ඩිය දිගේ අර රෙදි බේසමත් අරගන බහිනවාට වඩා අමාරුයි මැනිකව බස්සලා එක්ක යන එක , හුරතලේ වැඩි කමට චුට්ටක් ලිස්සන තැනක් හම්බුනත් නැවතිලා බලාගන ඉන්නවා මං උදව් කරන කං , ඔන්න ඉතින් මං බාල්දියයි රෙදි බේසමයි පැත්තකින් තියල අත් දෙකෙන් අල්ලල කෙල්ලව බස්සලා ආයෙත් ඒ දෙක උස්සගන තව ටිකක් බහිනවා ....ඔන්න ආයෙත් ලිස්සන තැනක් ...ඉතින් කනු කුනු ගානවා ...ආයෙත් උදව් කරනවා. කොහොමින් කොහොමින් හරි ලිද ලග තියන ඇලෙන් එගොඩ වෙනවා සල් ගහ මුල දාල තියන රේල් පීලි වලින් .

මං රෙදි ටිකට සබන් ගානකං මෙතනටම වෙලා ඉන්න කියල ටිකක් සැරෙන් කියල මම රෙදි ටිකට සබන් ගාල දෙතුන් පාරක් අපුල්ලල ලිං පඩිය උඩින් දානව , ලිද ලගටම තියන රෙදි වල සබන් උතුරලා යන ලිදේ වතුර වලින් සේදිලා යනව , මම ඒවා ඇරගන සබන් නොසේ දෙන්ඩ අනිත් පැත්තට දානව.

‘‘ කාද කාද දෝ නාන්නේ කෝ මා මනික අයියා දෝ නාවන්න ‘‘

කියනකොටම දිය සෙවල ගොඩේ ලිස්ස ලිස්සා කෙල්ල මා ලගට එනවා



‘‘ මෙතනින් ඉදගන දගලන්නේ නැතුව ඉන්ඩ ඕන ‘‘

කියන මම කෙල්ලව ලිං පඩියේ ඉන්දවල පුරුදු විදිහට  වතුර බාල්දි විස්සක් ඇගට වක්කරනවා , දැන් ඉතින් සබං ගෑම , ලක්ස් කැටේ අරං අත් දෙකේ  කකුල් දෙකේ පිටේ බඩේ , චුපැත්තේ කක්කා පැත්තේ සබං ගාන්ඩ දුන්නට ඔලුවේ සබන් ගාන්ඩ තමා දෙන්නේ නැත්තේ.

‘‘ මා මනිකට බබනි දයියා ...නා..නා මා මනික..... අයියා චුටි ඇසේ බබනි ගාන්නා ‘‘

කියල යාප්පුවෙන් සබන් ගානව.

‘‘ නෝටි උකුනච්චියෝ අයියා කුවා නේ ආයේ උව්වා කලන්න අපා කීල මා මනිකට ‘‘

කියල මං කෙස් අස්සෙං උකුනච්චියෝ ගලවල ගලවා ගලාගන යන වතුරට දානවා , මේකිට ඉන්ඩ බැ එක විදිහකට කැහිල්ල, ඔන්න ඉතින් ඉතුරු බාල්දි විස්සත් වක්කරල වැඩේ අහවර කරල , ලිස්සන්නැති වෙන්ඩ එක්කං ගිහිං  ආයෙත් සල්ගහ මුලින් ඉන්දවල තියනවා.

ඔන්න දැං  ආයෙත් සතියකම එකතු වෙච්ච  සේදිල්ල.

ඔන්න එතකොටම එනවා ඉස්සරහ ගෙදර අක්කා , මොනවා උනත් රත්තරං අක්කා හොදට කතා බහ කරනවා , ඒ වගේම ඔය නැනේ අනිත් උන්ගේ වගේ සදාචාර පඩෂෝ , පුල් ඕපන් ......බාල්දියෙං  දිය රෙද්ද ගත්තා කොන්දෙක කටින් හැපුවා අස්සෙං අත් දෙක දැම්මා ඉස්සුවා ගවුම ඔලුවෙං ගැලෙව්වා . රෙද්ද කටේ තියාගනම පැන්නුවා උක්කුං තොප්පිය .....පවු යකෝ ...පං ...ගාල ... එලියට පනින්නේ කුක්කු දෙක . මං අහන්නේ ඔහොම කරන්ඩ හොදද .....නැ නැ යකෝ පේන්ඩ ගලවන එක නෙමෙයි .....අරහෙම අමානුෂික විදිහට හිරකරගන ඉන්න එක ... ඔන්න ඉතින් ඊලගට ...උඩින් අත දාල බැ , තාම රෙද්ද කටේ , රෙද්දේ ඉස්සරහ කොන් දෙකෙන් අතදාල හොදට පස්සට කරල ..යට සායයි ජංගියයි දෙකම එක පාර අල්ලලා පාත් කරල දානවා ....නැ නැ යකෝ සුටුස් ගාල නෙමෙයි දනිස් දෙකත් එහෙට මෙහෙට වනලා ලතාවට ,  ...බික් රේසර් බංගවේවා .....කැප්චර් කරනවා කැප්චර් කිරිල්ලක් .....එහෙම නෙගටිව් , එහෙම ලෙන්සස් , එහෙම එක්ස්ෆෝසර් ලොවෙත් නැ , දැන්  කාලේ හැටියට නං එහෙම සෙන්සර් ලොවි ගහෙත් නැ ......හම්මේ ..ඉඩක් ලද විගස   දෙවරක් දෙක හතලිස් පන්දාහයි.

‘‘ ඇ ලොකු මල්ලි ඔයා මොකටද අර කැන්දලියද්දපාලුවේ අයියත් එක්ක මං ගැන විස්තර කියන්ඩ ගියේ ‘‘

‘‘ මොනවද ...මං මොකවත් කියුවේ නැ ‘‘

‘‘ එහෙනං එයා කොහොමද මං කුමාර අයියත් එක්ක යාළුවෙලා හිටිය කියල දන්නේ ‘‘

‘‘ ඉතින් ඒක බොරුවක්යැ ....මගෙන් ඇහුවා කාඑක්කහරි යාළුද කියල ....ඉස්සරනං කුමාර අයියා එක්ක යාළුවෙලා හිටිය කියල මං කියුවා‘‘

‘‘ මෝඩය ....සමන් අයියා ගැනත් කියුවද ‘‘

‘‘මං කියුව ඇති එකක් නැ ‘‘

‘‘ එහෙම කවුරුවත්  අහන ඒවා  කියන්ඩ එපා . එයාල කියන එක විතරක් මට ඇවිත් කියන්ඩ ‘‘

‘‘ අනේ මේ මට බැ තමුසෙගේ ගයිඩි වැඩ කරන්ඩ ‘‘

එව්වායෙන් මෙව්වායෙන් මගේ රෙදි සේදිමේ වේගයත් බොහොම අඩාල වෙනවා , මොන විදිහකටවත් හිත එක තැනක තියාගන රෙදි ටික සෝදන්ඩ වෙන්නේ නැ , දිය රෙද්ද කඩාගන පිටේ . පපුවේ ඉස්සරපැත්තේ පස්ස පැත්තේ සබන් ගෑවිලි , එයිටත් හපං කකුල් ලිං පඩියේ කලවා වෙනකං සබන් ගෑවිල්ල , අනේ මන්දා උන්දැට කිසි ගානක් නැ ඔහේ  වල් පල් කියව කියවා නාන ගමං මයේ පැත්තට හැරිල රෙද්ද කඩල ආයෙත් ඇදගන්නවා. දැන් නං උන්දැ හෙන සද්දන්ත ඉස්තිරියාවක් ඉස්සර වාගෙම තමා හම්බුනහම හොදට කතා බහ කරනවා.

ඔන්න එතකොටම කන්ද බැහැගන කවුදෝ කට්ටියක් එන සද්දේ ඇහෙනවා , ලිඳ තියන තැනට කන්දෙ උඩහරිය පෙනෙන්නේ නැ ,

‘‘ හයියෝ අන්න අර වරත්තුවො ටික එනව , දැං ඉතින් ආපු ගමං පනි මේකට , අදත් නාල හමාරයි ‘‘

කියන අක්කා හනිකට බාල්ඳි දෙක තුනක් ඇගට වක්කරගන ගලවලා දාපු කිලුටු ඇදුම් ටිකයි සබන් පෙට්ටියයි බාල්දියට ඔබාගන

‘‘ මං යනව ලොකු මල්ලියෝ ‘‘

කියාගන දිය රෙද්ද පිටින් ඒදණ්ඩෙන් එගොඩවෙලා කන්ද උඩට දුහනවා , නෙදකිං කාලකන්නි කන්දෙන් පල්ලට පත බෑවිලා අංඩක් දෙකක් කැඩෙන්නේ නැනේ එකෙක් ගේ දෙන්නෙක්ගේ , මට ආතල් එකේ රෙදි ටික හෝදගන්ඩත් නැ ...කියල මට හිතෙනව.

‘‘ මේ... අයින් වෙලා මට යන්ඩ  ඉඩදෙනව හරිද ‘‘

ගෙදර යන්ඩ ගිය එකි කන්ද මැද්දැවේ බෙරිහං දෙනව , කන්ද මුදුන හොදට පේන හන්දා අඩියට දෙකට මම සල්ගහ මුලට එනව.

ලොකු  මදාවි සෙට් එකේ පස්දෙනෙක් උඩට නගින්ඩ නොදි පඩි තියන හරියේ කෙල්ලට පාර හරස් කරගන ඉන්නව , උන් ඔක්කොමල මට වඩා වැඩිමාල් සමහරු අර අක්කටත් වැඩිමාල්

‘‘ ඇයි අනේ හදිස්සියේ දුහන්නේ ..හිටියනං මං ඔයාගේ පිටේ සබන් ගානවනේ ‘‘

‘‘ ගාගනින් තොගේ ..... ‘‘

කියන ගමන් ඉතුරු ටික ගිලගන්න අක්කා අරකගේ මුන ඉස්සරහින් පනිට්ටුව කරකවනවා. බාල්දියෙන් ගැලවෙන්ඩ කොල්ලෝ ටික පස්සට පනින අවසරයේන් උන්ව පාස් කරන අක්කා ගෙදර දුහනව.

........මට එපා එපා කොල කඩන්න ගහදන්නව නේද........

එකෙක් සින්දුවක් පටන් ගන්නවා අනිත් උන් තාලේ අල්ලනව මං ආයෙත් රෙදි ගොඩ බදාගන්නවා , දැං මුං එක්ක මෙතන නාන්ඩ හම්බෙන්නේ නැ කියල හිතන මං ඉස්කෝල ඇදුම් දෙකට නිල් දාල පැත්තකට කරන්ඩ හිතාගන ඒ දෙකේ සබන් ටික හෝදනවා

‘‘ ආ වොලියුම් නොට් කන්ටෝල් නානවා වාගේ ‘‘

ෂර්ට් එකයි කලිසම ගලවලා විසික්කරන එකේක් ලංකට් එකේ දෙපැත්තෙන් මැද ඇඟිලි දෙක දාල පැනල තියන කානුව හදන ගමං ලිඳට බහින්ඩ තියන පඩි දෙකතුන බහිනවා. උන් ගැන තියන අප්පිරියාව වහගන මං ලාවට හිනාවක් දානවා.

.....ජබාං....

ලීං ගැට්ටේ ඉදන් ඌ වතුරට පනිනවා , ඒ එක්කම තවත් එකෙක් පනිනනවා .....දැං හතර දෙනයි එකෙක් උඩ වෙලා බලාගන ඉන්නවා , මගේ ඉවසීමේ සීමාවත් ටික ටික පනිනවා . මෙව්වායේ හොද නරක මව්දෙමව්පියෝ කියල දෙන්ඩ ඕන නේද කියලත් මතක් වෙනවා , මං හිතින් උන්ගේ අම්මලව සිහිකරනව .

ඒත් එක්කම ගෙවල් දොරවල් වලින් නොහැදෙන උන් පිටින් හරි පාඩමක් ඉගනගන හැදෙන්ඩ ඕන කියන කතාවත් මතක්වෙනවා. අනික ඉතින් පොඩිහිටියෙකුට උනත් වැඩිහිටියෙකුගේ වරදක් දැක්කතැන පෙන්වන්ඩ පුලුවන් කියලයි මට දහම්පාසලෙන් උගන්නල තිබුනේ. ඒ විතරක් යැ නන්දා මාලනි ....පවනේ... කියනවා .........වරදට කිපෙනු සටනට වැද ජය ලබනු කියලත් .......මට දැං හිතෙන්නෙම අවවාද කරල මුන්ව හරි මඟට ගන්ඩ.

‘‘ මොනවද අයියේ මේ වැඩ ...තව මිනිස්සු මේකේ නානනවා නේද , ඔයාල මෙහෙම මේකට පැනල මඩ කරහම ඊලගට එන අය නාන්නේ කොහොමද .....බලන්ඩ මං තාම මගේ සුදු රෙදි වලට නිල් දාලත් නැ ...පොදු දේවල් පාවිච්චි කරනකොට අනිත් අයටත් පාවිච්යට ඉඩ තියල නේද අපි පාවිච්චි කරන්ඩ ඕන ‘‘

කියපු ගමං ලිඳට නොබැස ගොඩ හිටිය එකා මගේ අවවාදය ඉස්මුදුනින් පිලිගත්තා.

‘‘ මොනවද @රියො තෝ කියුවේ ‘‘

කියාගන කගවේනා වාගේ ඌ මාලගට එනව , කෝකටත් සුදානං සරීරේ කියල අතේ තියන සබන් කෑල්ලයි රෙද්දයි බිමදාන මං ඇන තියාගන හිටපු තැනින් නැගිටිනවා.

දකුණු අතින් මගේ බෙල්ල මිරිකල අල්ලගන්න ඌ මාව අගල් බාගයක් විතර පොලවෙන් උඩට උස්සනව, මැරුනත් මැරෙන්ඩ ඕන සටන් කරල සිංහයෙක් වගේ කියල කතාවක් තියනවනේ මං අත් දෙකෙන් මගේ බෙල්ල මිරිකගන ඉන්න උගේ අත තදින් අල්ලගන්නවා. දැං මලත් කමක් නැ මං සටන් කරනවනේ.

‘‘ ගහනව බලාගනින් මෙහෙම්ම උස්සල පොලවේ ‘‘

මටත් හිතාගන්ඩ බැරි වේගයෙන් මේ හැම දෙයක්ම සිද්ධවෙනවා , ඒත් එක්කම මයේ මැණික මං වෙනුවෙන් ඉදිරිපත්වෙනවා ,ඉදගන හිටපු  සල්ගහ මුලින් නැගිටින මැණික දුහගන එනකොට දිය සෙවෙල ගොඩේ ලිස්සලා ගියත් හොම්බ රිවට් නොකරගන ලිස්සලගිය ගැම්මත් තමන්ගේ ආ වේගයට එකතු කරගන පනිනවා අරකගේ ඇඟට.

මගේ බෙල්ල අත අරින ඌ ලිද වටේ වටයක් දුහල ලිදෙන් ගොඩවෙලා සල්ගහ දිහාට දුහනව , දඩබඩ ගාල රෙදි ටිකත් බේසමට දාල බාල්දියත් ගන්න මං

මැණික් ..මැණික්  ...එපා එපා.....කියල කෙල්ලව නවත්තගන , කන්දට නොනැග අනිත්පැත්තේ අඩි පාරට ගොඩවෙනවා  වැටෙන් රිංගල කොරියේ ලිදටවත් ගිහින් රෙදිටික හෝදලා නාගන්ඩ කියල , අරුව කන තරම් කෙන්තියෙන් ඉන්න කෙල්ල පස්ස හැරි හරී බල බලා මගේ පස්සෙන් වැටෙනව.

ලිඳ බැහැල ඉන්න උන් හතරදෙනා මගේ අවවාදය ඉස්මුදුනින් පිලිගත්ත එකාව බයිට් එකට ගන්නව , දත්මිටි කකා මයේ මැනිකට ගලකින් කෙලල අරින ඌ

‘‘ හරි $ත්තක්නෙ යකෝ මේක කොල්ලන්ට නාන්ඩ හොද නැ කුණු බැල්ලියෝ නාවන්ඩ හොදයි ‘‘


දෙවැනි කොටස මෙතැනින්

2015-11-16

දොස්තර කලබල උනාට පිස්ස කලබල නැ


.....මේක වෙන්ඩැති කාමරේ ....

..... ම..නෝ  වෛ..ද්‍ය   විශේ...ෂ...ඥ   සූරී...ය     ගමගේ......

...හරි ..හරි මේක ...තමා ....කොච්චරවෙලා ඉන්ඩ වෙයිද මන්දා .....එපා වෙන්නේ   මේ වාත සිස්ටම් එක තමා ලංකාවේ ....හරියටම වෙලාවක් පේෂන්ට දීලා ඒ වෙලාවට ගෙන්න ගත්තනං  ඉවරනේ ...අපරාදේ මගේ කාලේ .....අදත් නිවිහැනහිල්ලේ අඩියක් ගහන්ඩ වෙන්නැ .............එහෙමටත් අවුලක් නැ වගේ .....මේ ඉන්නේ මිනිස්සු හතරපස්දෙනයිනේ ..... ආ අරතියෙන්නේ තාම යන්නේ නොම්බර පහ ......ඒකවත් හරියට පේන්නේ නැති හැටියක් ....මේ පාරත්   කන්නාඩිය දෙපාරක් මාරු කරලත් හරිගියේ නැනේ .....පරන කන්නාඩියනං ..කැඩුන උනත් හොදට වැඩ .....කන්නාඩියේ අවුලම තමා මොකැ මං වයසට ගිහිල්ලා යැ ....මෙහෙං අරං හරියන්නේ නැ .............ලබන පාර ටුවර් එකේදි මොන වැඩක් පස්සට දාල හරි එහෙන්ම කන්නාඩිය හදං එනවා....

.......කෝ නොම්මර හයත් වැටුනා ඇතුලේ හිටිය සමයමත් එලියට ආවා .....ඒක නං හොදටම අප්සට් කේස් එකක් ....ඒකනේ දත් තිස්දෙකම පෙන්නල මා එක්ක හිනා උනේ ...කෝ ...නම්බර් සික්ස් .......සෙවන් .....එයිට් .....සීඊඊඉ  ...නමයත් වැටුනා ...යාන්තං ඇති නමයනං ඉන්නව ............මං දහයනේ   ඉක්මනට ගියහැකි ..............චැනල් කරලත් නෑවිත් ඉන්නේ මොකද මන්දා .......බාගදා ඊ වැනල් කරල නෑවිත් ඉන්නව ඇති .............එක්කෝ මං වගේ ඩයිවර්වත් නැතුව හොරාට එන්ඩ හිටපු ඈයෝ වෙන්ඩැති , බාගදා ගෙදරිං බලෙන් එක්ක එන්ඩ ඉදලා ...කැලේ පැනලද කවුද දන්නේ .....හේහ් හෙහ්

..............අන්න දහය වැටුනා .........මං දැං ඇතුලට ගිහිං මොනවද කියන්නේ .......ඩොකාම කතාව පටං ගත්තොත් හොදා ..... කොහෙන්ද කොතනින්ද මං මේක පටං ගන්නේ .........

....කරාස් ........දික්....

...දොරවත් හරියට මේන්ටෙන් කරල නැ  ආංඩුවේ  ඉස්පිරිතාලයක් වගේ ..............යකෝ          මේකගේ කිසි හිනාවක් නැනේ .....දෙකට බෙදල පැත්තට පීරල ....ගොලු සමයං ඩයල් එකක් .... අම්මට සිරි ඇදගන ඉන්න සපත්තු දෙක යුරෝප්  දෙකක් උනාට මේස් නං සිකුරාද පොලෙන්ද කොහෙද අරං තියෙන්නේ ...හයියෝ.......මේසෙං ඉස්සරහට කකුල්  දික්කරහම පුටුවේ ඉදගන්න එකා කකුල් මේසේ උඩින්ද දන්නැ ....තියන්නේ ........කෝකටත් පුරුදු හිනාව දාල බලනව ....