Showing posts with label ලට්ට පට්ට. Show all posts
Showing posts with label ලට්ට පට්ට. Show all posts

2017-02-15

මිනී පෙට්ටියක් කරගහගන යනකොට බර වැඩි වෙනවාද


මිනී පෙට්ටියක් කරගහගන යනකොට බර වැඩි වෙනවා කියල මතයක් තියනවා , ඉස්සර කාලේ ඉදන් කියවෙන ආකාරයට තුංමංහන්දි  හතරමංහන්දි වලදී තමයිලු මේක වෙන්නේ , මටනං හිතෙන්නේ ඕක වෙනවා ඇත්තේ මෙහෙමයි.

සිහිය නැති වෙලා ඉන්න කෙනෙක් උස්සන කොට දැනෙන බර ගොඩක් වැඩියි සිහිය තියන කෙනෙක් උස්සනවට වඩා , මට හිතෙන්නේ එහෙම වෙන්නේ සිහි නැති කෙනෙක් ඔහේ පරඩැලක් වාගේ කඩා වැටිලා ඉන්න හන්දයි කියල

මැරිලා ටික වෙලාවක් ගිය කෙනෙක් පෙට්ටියක් නැතුව උනත් උස්සනකොට සැහෙන බරක් දැනෙනවා කියලා එහෙම අවස්තාවකට මුහුණ දුන්න කෙනෙක් ඉන්නවා නං දැන් මතක් වෙයි.

යම් බර දෙයක් කර තියාගන දුරකට යන කොට එන්ඩ එන්ඩ බර වැඩි වෙනවා .

ඒ වාගෙම තමයි දිග පුවක් ගහක් දෙන්නා එක්ක කරගහගන යනකොට දැනෙන බරට වඩා බරක් දැනෙනවා කොන්ක්‍රීට් වැට කනුවක් කරගහගන යනකොට

මිනී පෙට්ටිය උස්සගන යන කොට එකපාරටම  බර වෙනස් වෙනවා , සමහරක් වෙලාවට කලින් කරගහගන ගිහින් තව කට්ටියකට දීලා දෙවනි පාර කර දෙනකොට කලිනු තිබුනට වැඩිය බරක් දැනෙනවා

වමට හරි දකුනට හරි හැරෙනකොට .... උස්සගන යන අය අඩිය තියන රිද්මය වෙනස් වෙනකොට ..... කන්දක් නගිනකොට  එකපාරට බර වැඩිවෙනවා ....දරාගන්ඩ බැරි විදිහට ....එතකොට අපි කර දෙනවා හොදට .....පෙට්ටිය සහ බර අපේ කරට හොදට සෙට් වෙනවා .... ඉතින් එතන ඉදන් දිගටම බර තමයි

දෙනකට පලවෙනි පාර කර තියන්නේ පුරුදු කාරයෝ .....මාරුවෙන් මාරුවට උස්සගන යන්ඩ උසින් සමාන අය කන්ඩායම් බෙදිලා  හිටියත්  .....දෙවනි , තුන්වෙනි පාර කර ගහනකොට සාමාජිකයෝ  වෙනස් වෙනවා .....සමහරු හැලිලා ...... එක්කෝ වෙන මොකක් හරි උවමනාවකට දෙන ලගින් අහකට ගිහින්. ඔය ඉන්න කවුරුහරි කර තියනවා.

   නිදි මරල නොකා නොබී  ...පාං වෙලා ඉන්න උන් ....තමන්ගේ නෑයගේ මිනියට කරගහනවා කියල නිකං පෙට්ටිය අල්ලං යනවා .....( සමහරක්  උස්සං යනවා නෙමෙයි පෙට්ටියේ එල්ලිලා යනවා ) හරියට කර දීලා ඉන්න එකාට බුදු සැප.

අනික බාල ලී වලින් හදනවා කියුවට  මිනී පෙට්ටියකත් සැලකියයුතු බරක් තියනවා.

ඔය කාරනා ටිකත් එක්ක අපේ  යටි හිතට වැඩිහිටියෝ ඔබ්බලා තියන .....තුන්මං හන්දි කතාවයි .......යක්කු නගින කතාවයි ...කනත්ත ලංවෙනකොට පොඩි උත්තේජනයකුත් දෙනවා.

අනික තමයි ...ඔය යක්කු මිනීපෙට්ටියට නගින කතාවට ...මිනියට කර ගහන උනුත් උල්පංදං  දෙනවා....මොකද  හැමෝම මිනීවලට කරගහන්නෙත් නැති එකේ ...පොඩි පොරත්වයක් ...ලකුණක් දෙකක් දාගන්ඩත් පලුවන්නේ

‘‘ ඈ නිමල් අයියේ .... වැලි පාරෙන් මහපාරට ගන්නකොට පට්ට බරක්නේ ඕයි ආවේ ‘‘

‘‘ මගෙත් කොන්ද ඇඹරිලා ගියා ....මල්ලියා....‘‘

‘‘ කනත්තේ වැට පයිනකොටනං මට කෙදිරිගෑවෙන සයිස් ‘‘

‘‘ උඔ දන්නේ නැ ....අර ලයිසාච්චිගේ මිනිය ..ගෙනියනකොට ...බොරුනං අහපන්කෝ   උඹලගේ බාප්පත් එදා හිටියා ....  බර උහුලාගන්ඩ බැරුව කර මාරු කරනකොට තව ඩිංගෙං පෙට්ටිය බිම ‘‘

ඔන්න ඉතින් එතකොට ජීවිතේ පලවෙනි පාරට මිනියක් කරගහපු එකෙකුත් මැද්දට පයිනවා.

‘‘ ඇත්තටම ඇයි අයියේ එච්චර බර ...මං අදමනේ   මිනියක් කරගැහුවේ ...මං හිතුවේ මිනී පෙට්ටි කොහොමත් බරයි කියලා ‘‘

‘‘ ඔව්වා ඔහොම තමා බං ....  අන්න  මල බතට බෝතලෙත් තිබ්බා ...වරෙන්කෝ කන ගමං කියලා දෙන්නඩ ‘‘


// හිතට කාවැදිලා තියන දේවල් අයින් වෙන්නේ නැ , ලේසියෙන් අයින් කරන්නත්  අමාරුයි ......මොකෙකුටවත්  බය නැති මම එලියක් නොපෙනෙන අදුරට  හුස්ම හිරවෙන තරමටම බයයි //

මේ ගැන ඔබේ අදහස් දැනගැනිමට කැමැත්තෙමි



දිනියස් එකතුවට මා දැමු කමෙන්ටුවක් අනුසාරයෙන් ලියුවෙමි .....


2016-11-17

නිල් වෙරළු ( රුද්‍රාක්‍ෂ ) , nil veralu , elaeocarpus ganitrus , blue olives


යාළුවෙකුගේ හාඩ්ඩිස්ක්  එකක තිබිලා අහම්බෙන් මම මේ ෆෝටෝ එක දැක්කේ , පොරගෙන් ඇහුවහම පොර කියනවා මේ නිල් වෙරළුලු , රසත් වෙරළු වාගේමලු , ඇටයත් ඒ වාගේ මලු , ඔය පිටින් තද නිල්පාට උනාට ගෙඩිය පොඩිකරහම සාමාන්‍ය වෙරළු වාගේම කොලපාටයිලු , මේ ගහ තියෙන්නේ කොළඹ නගරයේමයි, ඒ ගෙදර අය දන්න තරමට තව මේ ජාතියේ ගහක් තියනවලු පේරාදෙනියේ , මයේ හිතේ මල්වත්තේ වෙන්ඩ ඇති ,

ඒ ගෙදර අය දන්න දවසේ ඉදං ඔය ගහ මිදුලේ තියනවලු හැබැයි ඇටයක් පැලවෙන්නේ වත් , මුලකිං පැලයක් දාන්නේවත් නැලු , කිහිප විටක්ම විදුලි බල මණ්ඩලයෙන් ගහ කපන්න  කියලා බල කලත් අතු ටිකක් විතරක් කපලා ගහ බේරාගත් බවත් , එන්න එන්නම ගහ ලොකුවෙන හන්දා ඉදිරියට මුලින්ම කපන්න වෙයිද දන්නැ කියලත් කියුවලු ,

මේ ෆෝටෝ එක අරගන තියෙන්නේ 2011 අවුරුද්දේ , සමහරක්විට දැං ගහ කපලද දන්නෙත් නැ , යාළුවගේ  පරණ හාඩ්ඩිස්ක් එකේ තව ගහේ සහ ගෙඩිවල ෆෝටෝ තිබිලා තිබුනත් , රිකවරි කරද්දි අස්ථාන ගතවෙලා , මට හොයාගන්න ලැබුනේ මේ ෆොටෝ  දෙක විතරයි , මං කවදාවත් දැකලා තිබුනේ නැති නිසාත් , කියවන අය මේ ශාකය ගැන දන්නවානං ඒ තොරතුරු දැනගන්නත් , මං වගේ නොදන්න අයට දැනගන්නත් මේක මෙහෙම ලියලා දාන්ඩ හිතුවා . ( කමක් නැ නේ..ඒ.. )






2016-11-15

ඉදිරි වසර සදහා මෙවර සුපිරි අයවැයෙන් අප නිවසට ලැබුනු සුවිශේෂී වාසි




සමහරු නං කියනවා මේ තමයිලු මේ ආන්ඩුවේ අන්තිම අයවැය , ඒ උනාට මං නං හිතන්නේ නැ ඉතිහාසේ කවදාවත් මෙහෙම ජනතාවාදි අයවැයක් ඉදිරිපත් උනා කියල , මේ ලැබුන සහන කවදද කවුද දුන්නේ.

මුං ඇට කිලෝවක් රුපියල් 15 අඩුකර ඇති අතර අවම වශයෙන් වසරක් සදහා අප නිවසේ මුංඇට කිලෝ 4 පමන පරිබෝජනය කරන අතර ඉදිරි වසර සදහා මිල අඩුකිරිම නිසා ලැබෙන සහනය රුපියල් 60 කි.

පරිප්පු කිලෝවක් රුපියල් 10  අඩුකර ඇති අතර අවම වශයෙන් වසරක් සදහා අප නිවසේ පරිප්පු කිලෝ 15 පමන පරිබෝජනය කරන අතර ඉදිරි වසර සදහා මිල අඩුකිරිම නිසා ලැබෙන සහනය රුපියල් 150 කි.
සීනි කිලෝවක් රුපියල් 2 අඩුකර ඇති අතර අවම වශයෙන් වසරක් සදහා අප නිවසේ සීනි කිලෝ 36 පමන පරිබෝජනය කරන අතර ඉදිරි වසර සදහා මිල අඩුකිරිම නිසා ලැබෙන සහනය රුපියල්  72 කි.

හාල් මැස්සෝ කිලෝවක් රුපියල් 5 අඩුකර ඇති අතර අවම වශයෙන් වසරක් සදහා අප නිවසේ හාල් මැස්සෝ කිලෝ 24 පමන පරිබෝජනය කරන අතර ඉදිරි වසර සදහා මිල අඩුකිරිම නිසා ලැබෙන සහනය රුපියල් 120 කි.
අල කිලෝවක් රුපියල්  5 අඩුකර ඇති අතර අවම වශයෙන් වසරක් සදහා අප නිවසේ අල කිලෝ 36 පමන පරිබෝජනය කරන අතර ඉදිරි වසර සදහා මිල අඩුකිරිම නිසා ලැබෙන සහනය රුපියල් 180 කි.

ගෑස් සිලින්ඩර් රුපියල් 25 කින් අඩු කර ඇති අතර අවම වශයෙන් වසරක් සදහා අප නිවසේ ගෑස් සිලින්ඩර්  7 පමන පරිබෝජනය කරන අතර ඉදිරි වසර සදහා මිල අඩුකිරිම නිසා ලැබෙන සහනය රුපියල් 175 කි.

භූමි තෙල් ලීටරයක් රුපියල් 5 අඩුකර ඇති අතර අවම වශයෙන් වසරක් සදහා ඔය බයිසිකලේ මොනවහරි කරනකොට , මැෂින් එකක් හදනකොට මජං හෝදන්ඩ භූමි තෙල් ලීටර් 5 පරිබෝජනය කරන අතර ඉදිරි වසර සදහා මිල අඩුකිරිම නිසා ලැබෙන සහනය රුපියල් 25 කි.

දේශීය ටින් මාළු කියන්නේ අර ගණන් අඩු ගද ගහන එව්වා වෙන්ඩ ඇති 
දේශීය කිරිපිටි අනේ මන්දා රත්ති හරි ඇන්කර් හරි නැවුම් කිරි හරි තමා


ඉදිරි වසර සදහා මෙවර සුපිරි අයවැයෙන් අප නිවසට ලැබුනු සුවිශේෂී  වාසි

මුං ඇට = 60

පරිප්පු = 150
සීනි = 72
හාල් මැස්සෝ = 120
අල = 180
ගෑස් = 175
භූමි තෙල් = 25

සමස්ථ එකතුව රුපියල් 782 කි.






2016-11-10

කිරි ටොයියන්ට පරණ ජනේල අකැපද - how to install windows xp core i5 or core i7 new computer


දැං ඔය අපේ සමහරක් ඈයොන්ට තියනවනේ පරණ ඒවා අත අරින්ඩ බැරි පුරස්නයක් , කසාදත් බැදලා ගෙවල් වල තොවිල් , මොකද බැලුවහම කේස් එක ගෙදර අළුත් එක තියෙද්දි පරන එකක් යූස්කරල , අළුත් එක යූස් කරන්ඩම හිතෙන්නේ නැ .

පරණ බඩු මුට්ටු වලටත් ඔය සෙතේ ඔහොම්මමයි , හැබැයි කොම්පියුටර් වලදි නං ඕකේ තව පැත්තක් තියනවා ,

සමහරුන්ට තියනවා විශේෂ අවශ්‍යතා , එක්කෝ තමං පාවිච්චි කරන පරණ සොප්ට්වෙයාර් එකක් එහෙමත් නැත්තං උපකරණයක් හරි උපාංගයක් හරි අළුත් මෙහෙයුම් පද්ධතියක් එක්ක සහයෝගයෙන්  වැඩ කරන්නේ නැ , අන්න එතකොට ඕන වෙනවා අළුත්ම අළුත් කම්පියුටරයට තියන අළුත් මෙහෙයුම් පද්ධතිය අයින් කරල , එතෙක් මෙතෙක් ආපු හොදම මෙහෙයුම් පද්ධතිය කියල බොහෝ දෙනෙක් කියන වින්ඩෝස් එක්ස් පී දාන්ඩ , ඉතිං සමහරක් වෙලාවට දානවා තියා බූට් ඕඩර් එක වෙනස් කරල ප්‍රස්ට් බූට් ඩිවයිස් එක සිලෙක්ට් කරන්ඩත් බැ ,

දැං මං කියන්නේ ඔහොම උනහම මං කරන දේවල් ටිකක් , පලමුවෙන්ම කියන්ඩ ඕන මං මේ කරන දේවල් විදිමත්ව ඉගන ගත්ත දේවල් නෙවෙයි , මම හැමදේම අතගාල ඉගනගන්න , ඉගන ගත්ත එකා , කොම්පියුටර් සම්බන්දව ඔය කතාව තවත් ටිකක් අන්දබජල් , මොකද මට කඩ්ඩ බැනේ , දකින හෝයාගන්න දෙයක්  ගැටගහල කියවගන්නේ අමාරුවෙන් නෙමෙයි .....කියව ගන්ඩ බැ.

පට්ට කම්පියුටර් කාරයන්ට මේක හූනු බිජ්ජක් වෙන්ඩ පුලුවන් හැබැයි මං මේවා ලියන්නේ මං වාගේ මැට්ටෙක් උනාට ගැට්ට කහන උන් තව ඇති කියල හිතාගන.

මේ කතන්දරය මට කිහිප සැරයක්ම වෙලා ගොඩ දාගන තියනවා , ඔය අල්ල පනල්ලේ මේ ලගදී දවසක යාළුවෙක් ඒකගේ   බඩරස්සාව කරන තැන  කොම්පියුටර් දෙකක් අරගන ආවා  xp  දාලා දෙන්ඩ පුලුවන්ද අහගන .

මං පුලුවංය කියවහම මේක කියපි ,

මේවා අපිට විකුනුව කොම්පැනියට කිව්වහම අළුත් එව්වට xp  දාන්ඩ බෑ ය , අනික එහෙම දැම්මහම වොරන්ටි දෙන්ඩ බෑය කියුවය , පස්සේ  කරදර කරනකොට එකෙක් ඇවිත් අතගගා ඉදලා ගියාය ,  මයික්රෝසොෆ්ට්  ඒජන්තයට    කතාකලාය  ,  ඒකලා..... අර්ලි වර්ෂන්  දාලදෙන්ඩ බෑය ....ඕන නං   තියන  වින්ඩෝස් 8 එකයි  වින්ඩෝස්  10 එකයි අයින් කරල වින්ඩෝස් 7 දාල දෙන්නං කියල කියුවය .....අනේ බං ....ඔෆිස් එකේ  පේරෝල   දාන්ඩ පුලුවං    xp වලට විතරයි   හන්දා   ඔෆිස්  එකේ  ටිකක් වැඩ දන්න පොරක් එක්ක දාන්ඩ හැදුවාය ...ඒත් හරිගියේ   නැතුව පිටින් පොරක් ගෙන්නුවාය .....ඌත්   xp වලට ඩ්‍රයිවර්ස්  නැය කියල දමල  ගහල ...ගියාය කියල  කෙදීරි ගාන්ඩ ගත්තා.

හා එහෙනං බලන්ට තියලා පල කියල

දැං ඉතින් ඔන්න  වින්ඩෝස් සීඩි එක දාල  මෙෂින් එක රීස්ටාට් කරල   esc  හරි   f10 ගහල බයෝස් සෙටින්ග් වලට ගිහින් බූට් ඕඩර් එක වෙනස් කරල ප්‍රස්ට් බූට් ඩිවයිස් එක විදිහට බූටබල් පෙන් එක හරි , ඩී වී ඩී එක හරි සිලෙක්ට්  කරගන්නවා  , සමහරක් වෙලාවට ඕක වෙන්නේ නැ , ඒ වෙලාවට මදර් බෝඩ් එකට ගහල තියන කේබල් ඔක්කොම ගලවලා cmos බැට්රියත් ගලවලා  clr ජම්පර් එක ගහලා විනාඩි 10 විතර තියලා cmos clr   කරගන්නවා. ජම්පරේ නැත්තං බැට්රි පින් දෙක මොකකින් හරි ෂෝට් කරනවා ,  ආයේත් ගලවපු බඩ කඩුත්තු ඔක්කොම ගහලා රීස්ටාට් කරල බලනවා

සමහරක් වෙලාවට එහෙමත් හරියන්නැ ....බූට්වෙන්නෙම නැ මෙෂින් එක , එහෙම වෙලාවට  හාඩ් ඩිස්ක් එකේ කේබල් එක ගලවලා රීස්ටාට් කරල , සී ඩී එකේන් මෙෂින් එක බූට් වෙච්ච ගමං   ආයෙත් කේබල් එක ගහනවා .

සමහරක් විට ඒත් හරියන්නෙම නැ  . එතකොට පිහිටට එන්නේ  ලිනක්ස් තමයි ,  මොකක්හරි ලිනක්ස් වර්ෂන් එකකින් කම්පියුටරය සම්පූර්නයෙන්ම ෆෝමැට් කරල දානවා , එතකොට ඉතින් පැටියා හිලැ වෙනවා  හරියට නිකං  උණු කරපු ලුණු වතුර දුන්න මුගටියා වාගේ .

දැං ඔන්න xp cd  එක ගත්තා කියමුකෝ  ඔන්න එකිං එක ෆයිල් ලෝඩ් වෙවි ගිහිං  , එක පාරටම නතර වෙලා  එනවා කියහංකෝ ඔය පල්ලෙහා තියන බ්ලු ස්ක්‍රීන්  එක හරි  , ඒ සමාන වෙන එකක් හරි ,  සමහරක්   වෙලාවට ඔතනදි කියනවා   f7  ගහන්ඩය අරකය මේකය කියලත්  , ඒක එක එව්වායේ එක එක විදිහට වෙනස් වෙනවා , එන මැසේජ් එක , ඒත් ඉතින් මක්කා කරත් ඉස්සරහට යන්ඩ බැ කියමුකෝ , වෙන xp cd එකකින් බලනවා ඒත් හරියන්නේ නැ.





මේක ගිගාබයිට් කෝර් අයි සෙවන්  කම්පියුටරයක් , දාන්ඩ ගියේ වින්ඩෝස් එක්ස් පී සර්විස් පැක් ටූ එකක් , පස්සේ ඉතින් ආයෙත් බයෝස් වලට ගිහින් ඔය පල්ලෙහායින් දාල තියන විදිහට සෙටින් හැදුවා.










මේක ඇවිල්ලා එච් පී කෝර් අයි ෆයිව්   මෙෂින් එකක්  , මේකට වින්ඩෝස් එක්ස් පී සර්විස් පැක් ටූ දාන්ඩම දුන්නේ නැ , පස්සේ වින්ඩෝස් එක්ස් පී සර්විස් පැක් ත්‍රී එකක් දැම්මේ



මේකෙදී   uefi boot sources  කියන මංගල්ලෙත්  disabled  කරන්ඩ උනා



මෙතනදී  ide  ඔෆ්ෂන් එක පෙන්නුවේ  වෙනස් විදිහට , හැම එකේම  එකම විදිහට නෙමෙයි සිමොස් සෙටින්ග්   මුහුනත  , එකින් එකට වෙනස් උනත් හොයාගන්න අමාරු නැ .

දැං ඔන්න ඒ කරල ආයෙත් රීස්ටාට් කරල  සීඩි ඒක රීඩ් කරනකොට  එන්ටර් බට්න් එක ගහල ඉස්සරහට යනවා ,  දැං ඉතිං බබා වගේ වැඩේ යනවා ......නැ  යකෝ නැ  .......setup is starting windows  කියන තැනට ආපුවහ   ...කෙලා හුටා ...ආයෙත් හිරවෙනවා  , සිඩි මාරු කරනවා , වෙන හාඩ් ඩිස්ක් මාරු කරනවා , රැම් මාරු කරනවා ,  මොන මොකවත් අහන්නේ නැ ,


 පස්සේ setup is starting windows කියන තැනට ආපුවහම f7  ගහනවා f6 ගහනවා තියන හැම බට්න් එකම මිරිකනවා  එව්වා උඩ නැගගන ඉන්නවා  , මොන ඒ හරියන්නෙක්වත් නැ



පස්සේ මොකද කරන්නේ  , ආයෙත්   මුල ඉදං  පටං අරං සීඩී එක කියවන්ඩ ගත්ත වෙලාවේ ඉදං එකම රිද්මයකට නොනවත්වා f7  එක මිරිකගන මිරිකගන යනවා  , setup is starting windows කියන තැනට ආපු ගමං  තප්පරේකට ඒකපාරක් වාගේ වෙන්ඩ වේගය  වැඩිකරගන f7 එකට   ගහගන ගහගන යනවා , එකපාරටම  මොනිටරය කලුවෙලා යනවා ........අයින එක නැවැත්තුවද ....නැ ..නැ  ඔන්න ඔය පල්ලෙහා තියන එක  නිල්  වෙනකං වැඩේ කරගන යනවා



හම්මේ දැං සුරාන්ත සැප , වැඩේ ගොඩ ...සමහරක් වෙලාවට ...ඔය පිටුව  ඔයිට ටිකක් වෙනස් විදිහටත් එනවා ...  ඇග්රි වෙන්ඩ  f8  ඔබන්ඩ වාගේ එව්වා එක්ක , ඒක   සීඩි එකින් එකට වෙනස්  , දැං ඉතින් කී එක එහෙම දීලා , ඉන්ස්ටෝල් වෙලා ඉවර උනහම  ඔය පල්ලෙහා තියන එක වාගේ කළු වෙයි



දැං  N  අකුර ගහලා එන්ටර් කරලා දාන්ඩ ,  වැඩේ තක්කෙටම අහවරයි .

දැං ඉතින් දන්න එවුං රීගන හත්පොලේ ගාගන කියල කමෙන්ට් දානවා එහෙම නෙමෙයි

මේ වැඩෙං පස්සේ මට මෙහෙම අදහසකුත් ආවා , windows xp  පයිරට් කොපියක් හොයාගන්ඩ හැදුවට හරි අමාරුයි දැං ,  ඒක එක්කෙනා වෙනස් කරපු එකම සර්විස් ෆැක් එකේ වර්ෂන් සියගානක් ඇති , මට මතකයි එකක් තිබුනා  ..බීල් ගේරේට්ස් ...එඩිෂන්   කියලත්  , ....ඒක ඉන්ස්ටෝල් කරන්න කී එකක්  ඕනත් නැ ......ඔය  හොර කොපි ඔක්කොම එක තැනකට එකතු කරොත්   අමුතු වටිනාකමක්   ..තියන අපූරු  එකතුවක් වෙයි නේද .....මොකද කියන්නේ   ඔයාල ලග තියන  windows xp  CD  වල  කොපියක් අටමට දෙන්ඩ කැමතිද.

2016-08-16

අටං කැමති ගී සමග , හිත ගාව දඟදාන , සැලෙනා හඳකින් සහ අටං ලියපු මනා හදපු සින්දු


අපේ ඉයන්  මහත්තැං කැමති සින්දු දාසයක් දාල තිබුනනනේ , ඊටස්සේ කලාහිතේ මහත්තැනුත් පෝස්ට් එකක් දාල තිබුනා , ඉතින් මටත් හිතුනා මං ආසම සින්දු වලින් ටිකක් දාන්ඩ , ආසම ඒවා ගොඩක් තියනවා මේ ටික විතරක් නෙමෙයි මං කැමති. අනික ඔය පැටලෙනවට එක දෙක දැම්මට එහෙම එකක් ඉස්සරහට ගන්ඩ
පුලුවන් බෙහෙත් පෙති නෙමෙයි මෙව්වා.


( 1 )   උලලේනෝ



පාළුව දෙවනත් කරලා
නාඩන් උලලේනෝ
කාටත් නපුරුදා තනිකම් ඇතිවෙනවා
උලලේනෝ ....!!

හීත හුළං හිරිකඩයි
කැලේ අපට උරුමේ
උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ
උලලේනෝ ......!

ඉහිරුණ කිරි කොතලෙට
ඉකිබිඳලා ඵල නෑ
උඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ
උලලේනෝ ........ !

සංසාරේ හැටි තමයි
වියෝග ඇතිවන්නේ
නිවනට ගිය දා මේ හැම දුක් නැතිවන්නේ

උලලේනෝ ........ !

මේ මයේ හිතේ සින්දුවකට කියල හිත ගිය පලවෙනි සින්දුවද කොහෙද . ඉස්සර රේඩියෝ එකේ මේ සින්දුව යනකොට අපේ ආතා අහගන ඉන්නවා හෙන ආසාවෙන් ,  මට ඒ කාලේ නං හිතට ආවේ බෙල්ල කඩාගන කන්ඩ බලාගන ඉන්න යස්සනියක් ගැන කියවෙන ගීතයක් කියල , මයිල් කෙලිං කරගන අහගන ඉන්නේ

( 2 ) පබලු නගේ නා මල් තිලකේ




පබලු නගේ නාමල් තිලකේ  
පුංචි ඔසරි මැණිකේ
සුමනෝ නුඹ ඇයි නැතතේ

වැවේ දියේ ඇති නිකින් ඉනිල්ලේ
අඩ හඳ යායට කෙකටිය පිපිලා
වැව් කනදේ බෝ ගස් හෙවනේ
මම අද තනියෙම ඔළිඳ ගනිනවා
වෙනදා වාගේම තලමල පිපිලා      
තිබුනට ඇළ ලඟ වත්තේ
සුමනෝ නුඹ ඇයි නැත්තේ

මළ හිරු එළියෙන් කොක්කු ගියාදෝ
මිහින්තලා ගල පැත්තේ
පිරුවට හැද පෙට්ටියක තියාලා
පහන් දෙකක එළිමැද්දේ
මදටිය වැටත්දි හඳ කැලතෙන ඇල
ඒදණ්ඩේ හිස් මත්තේ

සුමනෝ.......නුඹ ඇයි නැත්තේ.....
සුමනෝ.......නුඹ ඇයි නැත්තේ.....
සුමනෝ.......නුඹ ඇයි නැත්තේ.....
සුමනෝ.......නුඹ ඇයි නැත්තේ.....

මොන මගුලකට මං මේකට ආසයිද මන්දා , දෙකක් දාගත්තහම මේක කියන්ඩ මං හරි ආසයි , කොහෙද එක    වෛශ්‍යපුත්තරයෙක්වත් මට මේක කියන්ඩ දෙන්නේ නැනේ , අපේ කලු මලය විතරයි ..ආ මංජු අයියේ කියහං උබේ සින්දුව කියල මලබෙරේ ගහන්නේ


( 3 ) වක්කඩ ලග දිය වැටෙන තාලයට


වක්කඩ ලඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩ පැන නැටුවා
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වලාකුලෙන් විදුලිය කෙටුවා
කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොළු මල් වැට වට කෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කලු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා.......

ගල මතුපිට මල පිපෙන්න
මල වට බඹරිඳූ නටන්න
වැහි වැහැලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න....
ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
හිනාවෙයන් කලු හිනාවෙයන්
වෙලා මගේ හිත ඉනාවකින් තව

හිනාවෙයන් කලු හිනාවෙයන්.....

මට හිතෙන්නේ මේක තරහ වෙච්ච ගෑනි යාලු  කරගන්ඩ කියන සින්දුවක් කියල , සමහරක් දැන උගත් මහත්තුරුනං කියනවා මාස මාරු වෙච්ච එකක් ගැනලු කියන්නේ ....අනේ මන්දා ඔව්වා


( 4 ) පෙනේ දියං නයි හාමී





නා කොල අන්දම් පෙන නොවටින්නේ 
බෝකොල අන්දම් පෙනය දියන්නේ
පෙනය නැතිව අපි කොහොමද ඉන්නේ
සමාවෙයං නයි හාමී සමාවෙයං නයි හාමී

දරමිටි බදිනා කඹය කියාවි
දරනුව හදලා වලඳ තියාවි
කැබිලිති අරගන පෙරලි නටාවි
පෙනය නැතිව අපි අසරනවේවි
පෙනේ දියං නයි හාමි
පෙනේ දියං නයි හාමි

ඉහිං කනින් විස වැගිරෙන ලෝකේ
විසෙන් නුබේ පල නැති බව තේරේ
සුරම්ය වු මේ සර්ප විමානේ
හොදින් ඉන්න අපිටත් සන්තෝසේ
පෙනේ දියං නයි හාමි
පෙනේ දියං නයි හාමි

මේකනං සහතික ඇත්ත කතාවක් , අපි ඉන්නේ සර්ප විමානෙක ඉදල හිටල පෙනය පුප්පල පුෂ් පුෂ් ගාල ඉන්ඩ ඕන නැත්තං කොහෙං ඇරෙයිද දන්නේ නැ , අර කතාවක් තියෙන්නේ කට නැත්තං බල්ලොත් කෙලලා කියල

( 5 ) සිහිල් සුළං රැල්ලේ




සිහිල් සුළං රැල්ලේ
ඔබේ සුවඳ මුසුවේ...
ආදරයේ මඳ සිනිඳු පහස ලැබ
හදවත දළු සෙලවේ...

සුදු වැලි කතරේ පිපුණු මල වගේ
ලොව්තුරු රස ගංඟා
ඔබේ ආදරේ වරුසා වැහැලා
කතර දෙව්ලොවක් වේ....

සීත හිමව්වේ කඳු ගැට අතරේ
සෙනෙහස දිය දහරා
ඈත හිමේ කඳු අතරේ පාවෙන 
අමා සුවය පැතුවේ.....

මේ ගැන ඉතින් කවර කතාද , පට්ටකුල් ලව් සින්දුවක් .ඔය ඉදල හිටල  එලියට ගිහින් ඉන්නකොට නිදාගන්ඩ ගිහින් ඇස්දෙක පියාගන එලියට නැහෙන්ඩ හිතෙන් කියන දොයිය බබා සින්දුව , මේක එක දිගට දෙපාරක් තුන්පාරක් කියනකොට ඔලුව යටින් අල්ල තියාගන ඉන්න දකුනු අතේ වැලමිට උඩින් ඔලුව තියාගන්න අටමි මගේ කෙස් අස්සෙන් ඇඟිලි දාල සොරයිසීස් අතගානවා , ....එහෙමත් නින්ද ගියේ නැත්තං ඉතින් ..ගස්ලබ්බගේ .....එක අලි පැටියෙක් ආවා .....දෙවනි අලි පැටියත් ආවා .....ඔන්න තුන්වෙනි අලි පැටියා ..... දැං අලි පැටවු හතරයි .....සෙල්ලම තමා. ඔය මොකක්වත් නැ බුරිය උල් වෙන්ඩ බිව්වහම



( 6 ) ඇයි නාවේ මා සොයලා





ඇයි නාවෙ මා සොයලා
හිතේ සංකා මවා තියා
ඇයි නාවේ සොයා //

කී දේ කළ දේ
දැන සිටියේ මා පමණයි
අවසානෙ දුක යැයි
මා හට දැනුණේ පසුවයි
ඇයි මා ඇයි මා තනිකළේ ඔබ
වැරදී මා නොවෙයි

ඇයි නාවෙ මා සොයලා....

සොඳුරේ ඔබගේ
ප්‍රේමෙ පතා මා සිටියේ
ඇයි මේ වගේ දුක්‌
සාගරයක මා හෙළුවේ
ඇයි මා ඇයි මා තනි කළේ ඔබ
වැරදී මා නොවේ

ඇයි නාවෙ මා සොයලා....

මං දවසක් එකෙකුට කියුවහම   මේ සින්දුවට ආසයි කියල
‘‘ අප්පෝ මහ ගූනේ ‘‘
‘‘ ඇයි ඒ ‘‘
‘‘ හෙන පොන්න සින්දුවක් ‘‘


( 7 ) මෙ භවයෙදි මුළු දිය දායෙ




මේ භවයෙදි මුළු දිය දායේ                                             
එකතු නොවෙනු ඇත අප ආයේ
පවස නිවන දිය පොදක්ම වී ඔබ 
ඇයි මහ සාගරයක් වුයේ

ඔබ ගැන ඉපදෙන සිතුවිල්ලේ
අවසන මුල වේ ලතවිල්ලේ
වෙරළෙහි ගල් පරයක් විය හැකි නම්
තෙමුනත් ඇත කරදිය රැල්ලේ

මේ භවයෙදි මුළු දිය දායේ

සුදු මුදු වැල්ලෙහි නතර වෙලා
රළ පිට රළ ලුහු බඳිනු බලා
සුසුම් වළලු උඩු ගුවනට යවන්නෙමි
පැතුම් සදුන් හද ගලෙහි උලා

ඉස්සර පත බූට් එකක් කාල ඉන්න කාලේ දවසක  මං මේ සින්දුව කිය කියා ටැප් එකක් තද කලා , කොච්චර ආසාවෙං සින්දුව කියුවද කියුවොත් අලුතෙං හදාපු බාත් රූම් එකේ ටයිල් දෙකක් කඩලා පෝසට් සොකට් එකත් මාරු කරල තමයි , වැඩේ ඉවර කලේ ......නැ නැ ....අතිං කාල හරක් බලපු වැඩක් හින්දා ගුටි කැවේ නැ , වැඩිපුර ටයිල් කැට ටිකක් තිබුනා ...පෝසට් සොකට් එකක් ඒ කාලේ රුපියල් නමයද කොහෙද ...ගොල්ඩ්ලිප් තුනක සල්ලි විතරයි අතින් කයිට් උනේ


( 8 ) ලක් වැසියන් කෙරෙහි නැමී



ලක් වැසියන් කෙරෙහි නැමී
අරහත් මහ මිහිඳු හිමි
පෙව්වෙ උතුම් සදහම් මී
පුත නුඹටත් පොවමි එමී

ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය ‍රැකගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ

මෙබඳු උතුම් ලංකාවේ
දසතින් දුසිරිත් බෝවේ
මේ ගැන වැඩ කොළොත් ලොවේ
නුඹෙත් මගෙත් නම කියැවේ

ඉටු කොට කළ යුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුළුවන්නම්
නුඹයි මගේ පුතා උතුම්

තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකොළොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි පලක් නැතේ

මේ ගැන වැඩ කොට ඉමහත්
ලැබෙන දුකක් හිරිහැරයත් 
නිවනට සරිකොට සිතතොත්
නුඹයි මගේ පුතා සමත්

කාටත් හිමි පොදු දේ නම්
නැති බැරි හිඟ අවහිරකම්
මේ දේ මැඩගෙන දස්කම්
පෑම තමයි සුරුවිරු කම්

උස් තැන් දැක හැකිලෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ

ගොඩාක් බ්ලොග්කාරයෝ අහන්ඩ ඕන ( අඩු තරමේ දරුවන්ටවත් අහන්ඩ දෙන්ඩ ඕන සින්දුවක් ) .....ඔව් හුත්තෝ දුපත් මානසිකත්වේ තමා


( 9 ) කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී



කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී…
නැවතී බලනවා මොහොතක් කොහොම හරී…
කතා නැතුව හිටියත් ගොළු වෙලා අපී…
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී…

ගහකොළ වලට දාහක් ඇස් ඇති හින්දා…
සුඟළට සියුම් දාහක් කන් ඇති හින්දා...
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා…
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා…

සයුර මොටද දිය දෝතක් බොන්න බැරී…
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරී…
දෑස මොටද සිතුසේ දැක ගන්න බැරී…
කුසුම මොටද ලංවී රොන් ගන්න බැරී…


මේකත් කැරි සින්දුවක් , නැන්දා මාලනි නොකියා පිරිමි කෙනෙක් කියන්න තිබ්බේ



( 10 ) ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි



ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි
නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි...

කතරෙ වැලි කැට හිරුට පෙම්
බැඳ ඇතත් ලෝ දහමෙන්
සොඳුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණ මෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
ඒ වගේ මනරම්
කරනු බැරි තහනම්..

ගහක මල් පිපිලා …
සඳට සදහට සෙනේ පෑ මුත්
උදුල තරු කැටයම්
හිරුට පෙම් බැඳි එකද තරුවක්
සිටිය නොහැකිද යම්
නුඹට නොහැ‍‍‍ඟෙන මගේ ප්‍රේමය
ඒ වගේ මනරම්
පුදුම වෙයි නුඹ නම්
ගහක මල් පිපිලා …


සමහරක් කියනවා මේක ආනමාලු සින්දුවක්ලු , තව සමහරක් කියනවා මේක ලියාපු ගැණු ළමයා ලියල තියෙන්නේ ආප්ප  සින්දුවක් විදිහටලු , ඉතින් යකෝ අර සත පහක් වාගේ දිවුල් ගොයියට මේක දුන්නේ ඒ ඇත්තිට අමු කැවිලද , මට නං මේක ඇහෙනකොට මතක් වෙන්නේ මෙෂින් හදලා දෙන ඇන්ටි කෙනෙක්ව ,  ආප්ප කන අය ආප්ප කාපුවාවේ , ආනමාලු කන අය ආන මාලු කාපුවාවේ , දෙකම කන අය මාරුවෙන් මාරුවට හරි එකට එක ඇදේ තියාගන හරි දෙකම කාපුවාවේ , මාත් තියන දෙයක් කාල සින්දු අහනවා

( 11 ) ඇස රැදුන රැදුන තැන්වල




ඇස රැදුන රැදුන තැන්වල 
මුව මඩල හිනැහුනා
ඔබ මතක නැති කරන්නට 
මට මතක නැති වුණා ..//

දුක්‌ පැදුර දිගැර අලසව ඇත
හද ගිමන් හලේ
නින්දකට නොවැටි තැවි තැවි
මුලු රැය පහන් කලේ ..//

ඇස රැදුන රැදුන ..// 

රෑ කවුද හෙමින් එලබී 
මගේ කනට මුව තියා
මින්දදගේ දුන්නේ මල් හී 
අහකැයි කියා ගියා ..//

ඇස රැදුන රැදුන ..//

වැසු විමන් පියන් පියවා 
රදවන්නට මට හිතයි
උඩු හිතට වැඩිය ඔබ ගැන 
විමසන්නේ යටි හිතයි ..//

කාලයක් අමතක නොකර දවසට හත් අට වතාවක් කියාපු සින්දුවක් , මල් දෙකක් ගෙනත් සම්පා එක්ක මෝල්කයක් ඔතාගන ගහල , ඉතුරු පේපර් තුනට පැට්ටෝ තුනක් ඔතාගන තව ටිකකින් තව පැට්ටෙක් ගහලා ......කියාපු සින්දුවක් .....තව සින්දු ගොඩක් නිය පිටින් තට්ටුවක් නොදා කියල ...දොලහට එකට ...අන්තිම චොක්ලට් කෑල්ලත් කාල ..ස්ටෝබෙරි ඩේලි කිරි අන්තිම බින්දුවත් බීලා ...හොල්මං වලට බයෙත් තනියම ගෙදර යන ගමං කෑගහල කියන්නෙත් ඕක .....අම්මගේන් කන හරහා දෙකක් කාල කුස්සියට යන කොට එනවා තාත්ත ......කොහෙද වේසිගේ පුතෝ යන්නේ මහ රැ ........මෝඩ හිනාවක් දාල බත් බෙදාගන්නවා .....යකෝ අදනං පට්ට ....පොලොස් මැල්ලුං ....කීරමිං සාලයෝ අලදාල උයල ...අතර මැද්දේ තක්කාලිත් දාල ....පට්ට පට පට ..... ඒක කන කොට රහ දැනෙන්නේ මොලේ  සෛල වලට ..ඒ ආතල් එක නාකි වෙලා කේජි ගහල ගන්ඩ බැ මහත්තයෝ .....ඉස්සර මල් ..කුෂ් වලට පරාදයි....කොහොමහරි මහ ඩබලගේ ඇස් වහල සිකරට් එකකුත් ගහල නිදාගන්ඩ යනවා කොට්ටයක් තුරුල් කරං ....ආයෙත් හිතට එන්නේ අරකි ....ඊට පස්සේ ඇස් තෙමෙනවා ....හිමිහිට මේ සින්දුව මුමුනනවා ....නින්ද යනවා ....මට තාම ඒක අමතක කරන්ඩ බැනේ

හයියෝ බැ බං දැං සින්දු සීයකට වඩා මතක් උනා , බරට සින්දු ඇහුවත් එක්ක , නිවාඩු දවසම මේ ආතල් එකට එකක් හලලා තව එකක් එකතු කරන්න බැ , මං කැමති එව්වා කොච්චර තියනවද , මට දැං මහන්සියි , මේ සින්දු දෙක එකතු කරනවා මං ආසම පට්ට දෙකක් ඔයා බටේ නං නැ ,

මේ දෙක අහලා බලන්න පට්ට ලස්සනයි , ලියුවේ නිමාලි කියල ගෑණු ලමයෙක් , කියන්නේ දිනේෂ් කියල මීගමුවේ ආතල් ඩයල් එකක් , දැනට අවුරුදු දහයකට විතර කලින් සන්රයිස් බීච් සෙට් උන වෙලාවේ මේ ‘‘හිතගාව දඟදාන‘‘ සින්දුව කියනකොට සුද්දෝ සුද්දියෝ සෙට් එකකුත් අපිට සෙට් උනා කොල්ලගේ ගිටාර් පාරට , බොන්ගෝ එකත් නවත්තලා ගිටාර් එකෙන් මේ සින්දු දෙක පණ පිහිටවනකොට කියල වැඩක් නැ , මේ දෙකම ඔයා බටේ නං නැ . කාලෙකට කලින් එලකරියටනං අප්ලෝඩ් කරල තිබුනා. දිනේෂ් නං  ඔටුදේසේ රස්සාවක් කරනවා කියලයි ආරංචි , නිමාලි නං කොහෙද දන්නේ නැ.

 ( 12 ) මෙන්න මෙතනින් අහන්න ‘‘ හිත ගාව දඟදාන ‘‘

2016-07-25

අටං දැක්ක කුරුඳු තැලිල්ල




ලොරේසියේ කුළයට හා සිනමෝමම් ඝණයට අයත් ශාකයක් වන කුරුඳු වගාව පොල් වගාවේ යටි වගාවක් විදිහට හරි තනිකරම කුරුඳු හරි තමයි වගාකිරිල්ල කරන්නේ සෝදා පාලුව නැති කරනඩ අගල් කැපුවට පස්සේ අඩි හතරයි හතර පරතරයක් හිටින විදිහට අඩියක පමන වලවල් හාරලා තමයි කුරුඳු හිටවන්නේ , එතනදි ඔය උඩ රූපයේ පේන ඇටවලින් ලබාගන්න පැල හරි , ඳඩු සිටවීමෙන් ලබාගන්න පැල හරි යොදාගන්නවා , පැල සිටවීමෙන් පස්සේ වරින් වර භුමිය එලි කිරිමත් මාස හයකට වරක් පොහොර යෙදීමත් කරන්න ඕන , ඒ අතරතුරු අනවශ්‍ය පැල ඉවත් කිරිමත් සමහරක්විට කෙලින් අතුවැඩිමට පුහුනු කිරිමට අතු එකිනෙක බැඳිමත් කරන්න ඕන


මේ වැඩිගන එන කුරුඳු ශාකයක්


මේ අස්වැන්න ලබාගන්න පුලුවන් මට්ටමට වැඩුන ශාකයක් , අළුත් පැල මේ මට්ටමට වර්ධනය වෙන්න අවුරුදු තුනක් විතර යනවා , අක්කරයක් මේ මට්ටමට වසර තුනක් නඩත්තුවට  පොහොර සහනාධාර නොගෙන සේවකයන් කුලියට යෙදෙව්වොත් රුපියල් 40000 විතර වැයවෙනවා.

මේ තියෙන්නේ නෙලාගත්ත කුරුඳු දඩු


මේ තියෙන්නේ පදුරේ ඉතිරිකරල තියන නොවැඩුන දඩු , දැං ආයෙත්  සම්පුර්ණයෙන් භුමිය එලිපෙහෙලි කරල  අතු කෙලින් කර බැදල , පොහොර යෙදීම කරන්න ඕන , තව මාස හයකින් හතකින් ආයෙත් අස්වනු නෙලන් පුලුවන් වෙන්නේ එතකොට




ඔය උඩින් තියෙන්නේ කුරුඳු කෝටු වල පිට පොත්ත සුරල ඉවත් කරන්න යොදාගන්න ආයුධ


මේ තියෙන්නේ සුරල ඉවත් කරන කුරුට්ට සහ අනවශ්‍ය පොතු කැබලි


ඊලගට මෙන්න මේ පිත්තල ආයුධයෙන් කුරුඳු කෝටුව හොදින් අතුලා මදිනවා , එතකොට තමයි පොත්ත කෝටුවෙන් බුරුල් වෙන්නේ


මෙන්න මේ පිහියෙන් තමයි පොත්ත ඉවත් කරගන්නේ





මේ තියෙන්නේ පොත්ත ඉවත්කරපු කුරුඳු පොලු , මේවා ඉතින් දරට තමා , කාට හරි තඩිගහන්ඩත් මරු
                             

මෙන්න කුරුඳු තලන විදිහ , එයාල වැඩකරන්නේ තුන් දෙනෙකුගේ කණ්ඩායමක් විදිහට බොහෝවිට , උදේ ඉර එලිය වැටෙනකොටම එයාල කුරුන්ඳට යනවා , එදා දවසට තමන්ට තලන්ඩ පුලුවන් ප්‍රමාණයට කුරුඳු කපාගන ඇවිත් , එක්කෙනෙක් කෝටු සුද්ද කරල දෙනවා අනිත් කෙනා තලලා පොත්ත ඉවත් කරනවා , අනිත් කෙනා ( ගොඩක් වෙලාවට කණ්ඩායමේ නායකයා ) තමයි පොතු ටික එකලස් කරල ලස්සනට හදන්නේ


එක එක සයිස් එකට තියන කුරුඳු පොතු


ලොකු පොතු අස්සට කුඩා කැබලි එකතු කරල ලස්සනට පැක් කරනවා


මේ තියනවා නේද අමුතු කෝට්ටක්  ඕක තමයි මීම්ම , පොතු පුරුද්දලා අඩි තුනහමාරක් උසට සකස් කරගන්නේ ඔය කෝට්ට ආධාරයෙන්


දැං ඉතින් මද පවනේ වේලෙන්ඩ උඩින් ඇද්ද ලණු පොටවල් උඩ පැදුර වගේ හිටින්ඩ අඩුක්කරනවා


සතියක් විතර යනකොට බඩු ගානට වේලිලා එනවා ,


ඊලගට පොඩි මිටි බැදලා ඔක්කොම නෙලලා ඉවර වෙනකං පැත්තකට කරල තියනවා , මේ වේලාගන්න වැඩේ හරියට නොවුනොත් , පාට වෙනස් උනොත් , රස වෙනස් උනොත් , පුස් කෑවොත් එහෙම  විකුණන්න ගියහම මිළ අඩු වෙනවා , ඒ නිසා ඒ වැඩේ කරන්නේ  බාහොම පරිස්සමින්





සම්පූර්ණයෙන් අස්වනු නෙලලා ඉවර උනයින් පස්සේ අර බැද ගත්ත මිටි ටික ආයෙත් ලෙහනවා


ලස්සන පොතු එලියට හිටින්ඩ අප්සට් කේස් මැද්දට දාල ලොකු මිටි බදිනවා එක මිටියක් කිලෝ හතලිහකට වඩා වැඩිය හිටින විදිහට



කොටයක් ආධාරයෙන් දෙපැත්තට තට්ටු කරල මට්ටං කරගන්නවා . මේවැඩේට එයාල කියන්නේ මනමාලි සරසනවා කියල

දෑං ඉතින් තියෙන්නේ කුරුඳු එකතු කරන තැනකට ගිහින් දීලා සල්ලි ගන්න එක තමයි , හැබැයි ඉතින් එතනිනුත් මේ සකස් කිරීමේ ක්‍රියාවලිය  ඉවර වෙන්නේ නැතිලු , එයාලගෙනුත්   කුරුඳු  මිළදි ගන්න දේශිය වෙළද පොලට  සහ අපනයනයට යොමුකර අය ඔය කුරුදු මිටි නැවතත් ලෙහලා  , ගෙන්දගං දුම් ඇල්ලිමෙන්  හොද පැහැයක් එහෙම ලබාගන  ( ජාතී නේ )  , අදාල වෙළද පොලට අවශ්‍ය ලෙස වර්ගීකරනයට  ලක්කරල වෙළදපොලට යොමුකරනවලු.

කුරඳු තැලිල්ල හැමෝටම කරන්ඩ පුලුවං රාජකාරියක් නෙමෙයි , ඒ නිසා එයාලට බොහොම ඉල්ලුමක් තියනවා , කුරුඳු තලන්න කෙනෙක් හොයාගන්න එක  මහා අමාරු කාරියක්  , හරියට නියම කාලයට අස්වනු නෙලිම නොකලොත් ලබන කන්නය වෙනකං අත ඇරලා දාන්න වෙනවා , මොකද මේ වැඩේ වගාවේ අයිතිකාරයට ගෙදර අය එක්කවත් නුපුහුනු ශ්‍රමිකයන් යොදවලාවත්  කරන්න පුලුවන් දෙයක් නෙමෙයි .

ඉතින් ඒ තියන විශේෂ ඉල්ලුම හින්දා එයාල එක්ක වැඩකරන එක ටිකක් කරදර වැඩක් , අස්වැන්න නෙලන්න කලින් වගා භුමිය වෙනත් කම්කරුවන් යොදවලා එලි පෙහෙලි කරල දෙන්න ඕන , කුරුඳු තලන අය  වැඩ කරන්නේ කුලියට නෙමෙයි , අවශ්‍ය පහසුකං වගාවේ අයිතිකාරයා ලබාදීමෙන් පසු අස්වැන්නෙන් 50% එයාල අයකරනවා , හරියට ගත්තහම කුරුඳු අයිතිකාරයාට වඩා තලන අයට ලාබයි.

ඒත් ඔවුන් කියන විදිහට වැඩක් හම්බ උනහම කණ්ඩායමක් හදාගන්න එක හරි අමාරුලු , තරුණ අය මේ රස්සාවට යොමු වෙන්නේ නැහැලු ,

දවසට රුපියල් තුන්දහසක් පමණ උපයන්න පුලවන් රස්සාවක් වෙච්ච මේකට අළුතින් ශ්‍රමිකයන් යොමු නොවන කාරනාව හොයලා බලනකොට තමයි දෑනගත්තේ ,

වැඩවසම් සමාජ ක්‍රමයේ පහත්යැයි සම්මත කුලයකට අයත් රැකියාවක් විදිහට තවමත් සමාජයේ තියන පහත් ආකල්පය නිසා යැයි කියල.

නව නිපැයුම් කරන කවුරුහරි අයිඩියානන්ද කෙනෙක් කුරුඳු කෝටුවෙන් පොත්ත ඉවත්කරගන්න ගැජට් එකක් නිර්මාණය නොකලොත් , තව අවුරුදු පහලවක් විස්සක් යනකොට කුරුඳු වගාව පුහුණු ශ්‍රමිකයන් නැතුව නැත්තටම නැතිවෙලා යයි

2016-06-23

ඇයි යකෝ ඔය


                                                                                                                        

ඇයි යකෝ ඔය
බීපිය හෙමිහිට
බලාපිය ඔය
දාල සීයක්ම
අරක්කු විඳපං
හෙට උදේට
විදවන්නේ නැතුව

අටමා බලාපං
ජෝනට සලකන
පට්ට සැලකිල්ල
හිතාපං පවුලගැන
පොඩිත්තියෝ ගැන
ඊ සිගා එක බොන්න
මේ එක එක රස
බස්සන්න එක දෙකට

බොලා ඔය කියුවට
මම නං රැවටෙන්නේ නැ
මේ මගේ බොක්කවල්
වසර විස්සක් තිස්සේ
දුකට සැපට හිටිය

පලි//  මගේ oppo ජංගමයාගෙන් මීවිත සැලක සිට ලියුවක් බව සැලකුව මනාය

2016-06-08

‘‘ සොයා සොයා ආවේ ඒ සෙව්ව මැණික හම්බුනා ‘‘ Oppo Neo 5 - 1201 - 16gb rom + 1gb ram , අඩු ගානකට හොද ෆෝන් එකක් හොයන අයට rashain mobile kiribathgoda





ඔය එක එක ෆෝන් කෑලි පාවිච්චි කර කර හිටපු මං , අන්තිම පාරට ගත්තා සැම්සුන්ග් එකක් , ඒකත් ඉතින් ඉක්මනට වලගං පිටි ගියා . කොහොමටත් ඉතින් මහලොකු ගණන් දීලා ෆෝන් ගන්ඩ අපි කෝටි පතියෝ යැ , අපිට ඉතින් ගන්ඩ වෙන්නේ ඔය විසිදාහට අඩුවෙන් තියන එව්වා තමයි , එහෙම සැම්සුන්ග් එකක් ගන්ඩ ගියහම ඉතින් හොද මට්ටමේ වේගවත් එකක් ඒ වාගේ අඩු මුදලකට ගන්න අමාරුයි ,

ඒ ගන්න ඒවායේ ඉතින් වේගය බොහොම අඩුයි , ගොඩක් වෙලාවට රැම් එක එහෙම 512 තමා , සමහරක් වෙලාවට වයිබර් ඉදං අවුල් යනවා , බ්ලොග් කාරයෙක් විදිහට බ්ලොග් එකක් ඕපන් කරගන කියවන්ඩ කොමෙන්ට් එකක් කොටාගන්ඩවත් බැ.

හොද ස්ප්‍රීඩ් ගණන් අඩු චයිනීස් එව්වා තිබුනට මොකද , ඒවායේ සිංහල පේන්නේ නැ , ඉතින් බ්ලොග්කාරයෙකුට ඒකෙන් වැඩක් නැ.


ඔය අස්සේ තමයි මට මේක මාට්ටු උනේ , ටෙම්පඩ් ග්ලාස් එකක් , රබර් කවරයක් එක්ක 17000 කට , අවුරුදු දෙකක වොරන්ටියකුත් දෙනවයි කියුවා ,

මේක මම ගත්තේ කිරිබත්ගොඩ rashain mobile එකෙන් කිරිබත්ගොඩ හන්දියෙම විජය විමලරත්න මහත්තයගේ පිලිරුව පිටිපස්සේ තියෙන්නේ . කඩේ වැඩකරන කොල්ලො ටිකත් හොදයි , ලොක්කත් හොදයි.



( ඔය  පේන්නේ තඩි සැම්සුන්ග් බෝඩ් එකක් )

Oppo Neo 5 - 1201 - 16gb rom + 1gb ram  ෆොන් එකේ පෙර නිමිත්තෙන්ම සිංහල තියනවා


අපිට ඕන නං කීබෝඩ් එකේන් කෙලින්ම සිංහල කොටන්ඩත් පුලුවන් , දැං ඉතින් හෙලකුරු වලට පුරුදුවෙලා හන්දා මං ඒක දාගත්තා , අකුරු හොදට පේනවා ඉස්පිලි පාපාලි කොම්බු වරදින්නේ නැතුව.







මේ තියෙන් ඇන්ඩෝයිඩ් වර්ශන් එක  ගැන  සහ ධාරිතාවය ගැන තොරතුරු



මේ තියෙන්නේ පිටි පස්සේ  8MP කැරමාවෙන් ගත්ත ෆොටෝ ටිකක්  ඉස්සරහට  2MP එකක් තියනවා








මෙන්න මේ විඩියෝ දෙකෙන් බලන්නකෝ තව තොරතුරු

http://www.ebay.in/itm/OPPO-NEO-5-1201-Dual-Sim-3G-Camera-8MP-2MP-RAM-1GB-ROM-16GB-BLACK-/322027182074

මෙන්න මෙතනින් තව ටිකක් බලාගත්තහැකි තොරතුරු

මේ තියෙන්නේ එයාලගේ වෙබ් අඩවිය

මෙතන තියනවා එයාලගේ ෆෝන් මොඩ්ල් ඔක්කොම වාගේ

http://www.oppo.com/lk/index.html

මේ තියෙන්නේ මේකත් බලන්න

මම ගත්තේ Oppo Neo 5 - 1201 කියන මොඩල් එක උනාට , තවත්  Oppo Neo 5 මොඩ්ල් තියන පාටයි , ජංජාලේ සැරිසරල බලනකොට , තව එයාලගේ තියනවා මොඩල් කිහිපයක් , විසි තිස් දාස් ගණන් වලට තියන ඒවා දැක්කහම නං ඇඩෙනවා ඉතින් පට්ටයි. මං ලොකු උනහම ඒ වාගේ එකක් ගන්ඩයි ඉන්නේ.

මම එකපාර , ස්කයිප් , වයිබර් , ඉමෝ , වත්ස්අප් එහෙම දාල තව ගේම් ටිකක් එහෙම දාල ටිකක් දුහලත් බැලුවා , අවුලක් නැ පැට්ටා හොදට බර ඇදගනත් දුහනවා , බැට්රියත් හොදයි ඩේටා ඔන් කරගන තියන අනං මනං හිටං ඔන් කරගන බැට්රිය ෆුල් චාර්ජ් කරගන එලියට බැහැල කෝල් එහෙමත් අරං රෑ දහය පහලවට ගෙදර එනකොටත් පණ තියනවා,

මේක බ්ලොග්කාරයොන්ටම හදාපු එකක් කියල මටනං හිතෙන්නේ

මං කොම්පියුටරෙන් ඉන්ටර් නෙට් යන්නේ ෆෝන් එකේ usb tethering හරහ නේ ඒකටත් මේක පංකාදු පහයි


පලි//

මෙන්න මේක ගිහින් බලහල්ලා පට්ට බොගක්