2013-12-29

අටමා rotelle ( wagon wheel ) උයාපු හැටි

අනේ ඉතින් අටමා එදත් මේ සීන් එක ලියන්න ගිහින් තමා අන්තිමට මස්සිනාල ගැන ලිය උනේ , සමහරක් කට්ටිය  කියුවා වාගේ ඒක නොලියුව යුතු ලිපියක්ද මන්දා , මේක ඉතින්  ''පිළිවෙලක් නැති ජීවිතේ අපිළිවෙල අකුරු ගෙත්තම''  ගෙත්තම හන්දා ඔන්න ඔහේ කමක් නැ ,  හරි හරි ආයෙත් කතාව කානුවේ පනින්ඩයි යන්නේ , අනං නං නැතුව කතාවට බහිම , පදුරු තලන ස්ටයිල් එක ලියන්ඩ ඉතින් ඔය හැලප මහත්තයා ඉන්නේ , ඇයි ඉතින් රවී මහත්තයත් ඉන්නව‍නේ . ඒ උනාට රවීගේ පදුරු මොනවද හැලපයා තලන එව්වත් එක්ක බලනකොට හන්දියක් හන්දියක් ගානේ ගෙස්ට් හවුස් තියන හන්දා හොදයි , නැත්තං හැලප අයියට ගුටි කන්ඩ තමා වෙන්නේ , රහස් කම්සැප විදින උන්ගෙන් . ඇයි හත් දෙයියනේ මේ මනුස්සයා යන යන පාරක් තොටක් අයිනේ එක පදුරක් ඉතුරු නොකර ඔක්කොම තලනවනේ , හදිස්සියකට ශිලා කරුමාන්තයක් කරගන්ඩ විදිහක්වත් ඉතුරු නොකර .
අපොයි ආයෙත් පැන්නා පිට , ඔන්න දැන්නං මේ ගැන ලියනවාම තමා 

අටමිට මේ දවස්වල හෙනට වැඩ හන්දා කුස්සිය මට බාරදීලා තියෙන්නේ , මං ඉතින් පුළුවන් වෙලාවට මම මොනවා හරි උයනවා , වෙලාව මදිනං කඩෙන් කඩෙන් කෑම ගේනවා , ඒත් ඉතින් මම නං කැමතියි ගෙදරම මොනවා හරි හදන්ඩ , හැබැයි ඉතින් ලොකු කෙල්ල නං මනාප කඩේ කෑම වලටම තමා , මං උයන්ඩ ගියහම අටමී උයනවට වඩා වියදම වැඩියි , ඉතින් මේ මනුස්සයා හැම තිස්සෙම මොනවා හරි කියනවා.

'' අම්මෝ ලොකූ ඔයා බිත්තර පහම දැම්මද අරකට ''

'' එච්චර ළුණු මොකටද ''

ඒ උනාට කන්ඩ ගියහම

'' කොහොමද අනේ ඔයා මෙච්චර රහට හදන්නේ , මං උයපුවහම මෙහෙම රහ නැනේ ''

ඔන්න ඔහොමයි සීන් එක , එදා නත්තල් දවසේ කොහෙවත් ‍නොගිහිං ගෙදර හිටපු මට දවල් වෙද්දි මෙෂින් එකක් හදන්ඩ කෝල් එකක් ආවා , ඒ ගිහිල්ලා එන ගමං මැකරෝනි පැකට් දෙකක් අරගන ආවා තව අවශ්‍ය   අඩුම කුඩුම එක්ක 

මේ තියෙන්නේ

අරගන ආපු අහිංසක කුරුල්ලගේ මස් කෑලි ටික හොදට හෝදලා අරගන දැම්මා වතුරට , තව ඒකට දැම්මා ලණු ඩිංගක් එක්ක කහ ඩීංගක් , හොදට තම්බා ගත්තා

මේ තියෙන්නේ වතුරෙන් අයින් කරගත්ත මස් කෑලි ටික

මැකරෝනි ටික මස් තම්බපු වතුරට දාලා , කලවම් කරමීන් ගානට තම්බා ගැනීම



මේ තියෙන්නේ ගානට තම්බිලා

තම්බපු චිකන් කෑලි ටිකත් පොඩියට කඩාගත්තා

එළවලු ටිකත් හොදට සෝදාගත්තා

බෝන්චි , ගෝවා , කැරට්

ළුණු කොල , මාළු මිරිස් , තක්කාලි 








කහ , කෑලි මිරිස් , ගම්මිරිස් , කුරුදු පොතු ,රම්පේ , කරපිංචා , එනසාල් . කරාබු නැටි , සුදු ළුණු , රතු ළුණු , අබ කුඩු කරපුවා ( මේ ඔක්කොම තෙම්පරාදුවට දැමිම සදහා )


බිත්තර ටිකක් උට්ටුං බුට්ටුං කරගත්තා

චිකන් කැලි ටිකත් බැද ගත්තා 

බිත්තර ටික සහ කුකුල් මස් එකට කලවම් කරලා

කහ , කෑලි මිරිස් , ගම්මිරිස් , කුරුදු පොතු ,රම්පේ , කරපිංචා , එනසාල් . කරාබු නැටි , සුදු ළුණු , රතු ළුණු , අඹ කුඩු කරපුවා සෙට් එකම පොල් තෙල් දාලා හොදට තෙම්පරාදු කරගත්තා 

බටර් ටිකකුත් 

ඊලගට ඉතින් එකින් එක එළවලු එකතු කරා පිලිවලින් බෝංචී , ගෝවා , කැරට් .ළුනු කොල , මාලුමිරිස් . තක්කාලි

මේ තියෙන්නේ ලස්සනට පාටට ගානට බැදිලා

ඒකටම දානවා බිත්තර සහ මස් 

ඔක්කොම කලවම් කලාට පස්සේ

දැන් ඉතින් තියෙන්නේ මැකරෝනි කලවම් කිරිම

මෙන්න අහල පහල ළමයින්ට දෙන්න

මෙන්න අපි හතර දෙනාට කන්ට

මස් තම්බනකොට ඒ වතුරට ලුණු ඇති පදං දැම්ම හන්දා මං අනිත් ඒවට ලුණු දැම්මේ නැ , ඔය ෆ්‍රයි කරන වැඩේට හොදම ක්‍රමය තමයි ලොකු තාච්චිය ගින්දර වැඩි ලිපක දඩ බඩ ගාල  ඉක්මනට බැද ගන ඒකටම තම්බපු මැකරෝනි එකතුකරගන එකත් ෆ්‍රයි කරගන්න  එක තමයි හොදම ක්‍රමය , එතකොට ලස්සන පාටක් එක්ක , හොද රසයකුත් ගන්න පුළුවන් , අටමිගෙ කුස්සියේ කොහෙද එව්වා , ඉතින් මම ඔහොම පොඩ්ඩ පොඩ්ඩ වරින් වර බැදලා මැකරෝනි වලට කලවම් කලේ , පිලිවලට එකදිගට එකින් එක සැර ගින්දර ලිපක . තියාපු ලොකු තාච්චියක කරලා බලන්ඩ කො ඔයාලත් දවසක .

කොහොම හරි ඉතින් මට පහුවදත් මැකරෝනි හදන්ඩ උනා ලොකු කෙල්ලගේ ඉල්ලිම හන්දා , මේ තියෙන්නේ ඒක , එදා හැදුවේ අර කැරකිලා ඇඹරිලා තියන මැකරෝනි ජාතිය , එදා කූකුල් මස් තිබුනේ නැ , තක්කලිත් නැ , හැබැයි මම ඒකට සුප් කැටයකුත් එකතු කරා , බටර් තිබ්බේ නැ ඇස්ට්‍රා ටිකක් දැම්මා , අටමියි ලොකු දුවයි කියුවා , එදාට වඩා අද රසයි කියලා .මෙන්න තියනවා ඒක.



2013-12-27

පත සයිස් කබරයෙක්



















අනේ ඉතින් තවත් නත්තලක් ආවා , අපේ පැත්තේ ඉතින් වැඩිපුරම ඉන්නේ කිතුනු භක්තිකයෝ හන්දා කෑම පිගන් එහෙම මදි නොකියන්ඩ ලැබුනා , බොන පාටි දෙකකටත් ආරාධනා ලැබුනා උනාට ඒ තැන් අටමට එච්චර දිරවන තැන් නොවෙන හන්දා හිමිහිට බොරුවක් ගහලා ෂේප් උනා , අනික අපේ අක්කත් නත්තල් කාරි , එහෙ එන්ඩ කියලත් උන්දැ දවසකට දෙකකට කලින් කියුවා උනාට අටමිට හම්බෙච්ච හොද මගුල් ඇදුම් මැහිල්ලක් තව දවස් දෙකින් දෙන්ඩ තියන හන්දා අටමි පටට බිසි , ඒකෙන් එහේ යන එකත් එහෙම්මම නැවතුනා ,

අනික ඉතින් මස්සිනාකාරයා නිකං හම්බුනොත් ඔය වීදුරුවක් දෙකක් බොනවා ඇරෙන්ඩ නත්තලටවත් බෝතලයක් ගේන පොරක් නෙමෙයි හන්දා , ඒ ගෙදර කොහෙද නත්තලක් , ඔන්න හාර පංදාහක බෝතලයක් අරගන අටම ගියොත් නං පොරත් දෙකක් දාගනී , ගිය ආත්මේ මං බොන උන්ට බොන්ඩ නොදි කරදර කරන්ඩ ඇති , අරක්කු හලන්ඩ ඇති , නැත්තං අරක්කු විකුණනවට බොනවට විරුද්ධ අමද්‍යප පොරක් වෙන්ට ඇති  ඒකනේ මට මේ ආත්මේ ඔහොම මස්සිනෙක් ලැබුනේ , අනේ සමහරක්ට ඉන්න රත්තරං මස්සිනාල දැක්කහම දුකේ බෑ , අරක ඉන්න තැනකට හොයාගන ගිහින් අනින්ඩ හිතෙනවා හොම්බට දෙකක්.

අපේ ලොකු මස්සිනානං ඉතින් බොන කන එකා , ඒ උනාට ලොකු ලයින් දෙන එක තමා අවුල , හැබැයි ඉතින් බොන කන එකට නම්දරාපු පොර , අපරාදේ කියන්ඩ බැ බෑන්ඩ් වලින් අරක්කු මැනිල්ලක් නැ , ජාතිය මොකක් උනත් කැත නැතුව බෝතලයක් ගහනවා , ඒ උනාට ලොකු අක්කා දිවිය ලෝකේ ගියාට පස්සේ පොර ඈත් උනා , අනික ඉතින් අපි ඉන්නෙත් හෙන ඈත පලාත් දෙකකනේ ඒක හන්දා සෙට් වෙන්නෙම නැ .

අනිත් අවාසනාව තමා අටමිගේ මල්ලිලා දෙන්නා , පොඩි එකා ගැනනං කතා කරලා වැඩක් නැ , අයියෝ ...ඒ ගැන නං කියලම වැඩක් නැ , අර අපේ මල්ලි කියලා එකෙක් ඉන්නවා , අන්න ඒකට හපං මේකා , දවසක් ඔකුන් දෙන්නා එක්ක බීලා මට කරපු හරියක් , තව පොඩ්‍ඩෙන්  ගමේ උනුත් මට ගහලා පන්නනවා , උන්  දෙන්නම අඩු වයසෙන් අපි එපා කියද්දිම නල්ල මලේ භාංඩ දෙකක් සෙට්කරගන කසාද එහෙමත් බැදගන , අවුරුදු විසිපහක් වෙන්ඩත් කලින් පවුල් ජීවිතෙත් කඩා ගත්ත උන් දෙන්නා , ලගින් ගියොත් ඇහැක් නැ , කට ඇරියොත් බොරුවක් ,

ලොකු එකා අපේ අක්කගේ මිනිහට දෙවනි නෑ , කොහෙං හරි හම්බ උනහම පැලෙනවා අරක්කු පැලිල්ලක් ආයේ , බොක්ක පුපුරන්ඩ , ගෑණි ගමේ ගියහම එහෙම ඉතින් පොරට රජ මගුල් , යාළුවෝ කාර් වල , ත්‍රීවීල් වල එහෙම තමා ගෙදර ගෙනත් දාන්නේ . අනේ ඉතින් උගේ ගෑණි ගමේ ගිහින් හන්දා . අපේ ගෑණි තමා දෙහි උලන්නේ ,

2013-12-18

ටොකටටොකෝ



මොකක්ද  යකෝ වෙලට වැටිච්ච ලානිල් පාට එලිය  වෙලාව බැලුවා පාන්දර දෙකයි , මේ දෙගොඩ හරි ජාමේ මොන මංගල්ලයක්ද , ගත්තා තාත්තගෙන් උස්සගෙන ආපු කලුවර බැටන්පොල්ල මොකැ මන්නයක් කියල එකක් තිබ්බට කුකුල් කට්ටවත් කපන්ඩ හැකැ ඒකෙන්, මොකක් නමුත් මහ විපරියාසයක් වෙනවා ...නිදාගන ඉන්න අටමිටත් කතා කරනවද .....එක්කො ඕන්නැ ඕකි හිතයි මං එළියට බහින්ඩ බයේ කියලා , විචාරක ගොයියත් කියුවනේ ප්‍රහාරයට කලින් සතුරා පරික්සා කොරන්ඩ නිරික්සනේ කොරන්ඩ ඕන කියලා . ගියා පිටි පස්සේ ජනේලය ගාවට .....හුකා මොකක්ද යකෝ මේ ‍හබරල ගාලට උඩුන් පාවී පාවී තියන ගැජැමැටික් එක , සුළු පටු සයිස් එකකුත් නෙමෙයි හරියටම  අර දෙමටගොඩ ඇන්ජින් කරකවලා හරවන රවුම සයිස් ...ගනකම මීටර් හතරක් විතර ඇති , ඒක යටින් හතරපස් පොලකින් ලානිල් පාට එලියක් වැටෙනවා බීමට , ඒ එලියෙන් පලාතම එලිය වෙලා , පොලවට මීටරයක් විතර තියලා ඒක පාවී පාවී තියනවා එකම තැන. ...හත්දෙයියනේ ..ඒලියන්ලම.... තමා සද්දයක් බද්දයක් නැති ගැජට් එකක බහින පොරවල් ගාව මොන මොන ආයුධ ඇද්ද , ..මට වෙන්නේ බැටන් පොල්ල පුකේ ගහගන්ඩ තමා , කෙල්ලො දෙන්නයි ගෑණිවයි නැගිටිටවාගෙන හතර දෙනාම පණ බේරගන දුහන්ඩ ඕන .....

එහෙම හිතාගන අනිත් පැත්ත හැරුනත් මට එක අඩියක් තියන්ඩ බැ , මාව එකතැන ගල්ටික් වෙලා , හිතට හිතෙනව අනතුරක් නැ යන්ඩ එපා , මේ ඇවිල්ලා ඉන්නේ චෝයි ඒලීයන්ලා කියලා . ඒ උනාට අර එක්ස්ෆයිල්වල  ෆොක්ස් අයියගේ කෑල්ලත් උස්සපු එකේ මම මොන රට කජ්ජක්ද , ඒ උනාට මාව ගෙනි හිල්ලා කපන කොටන එකක් නැ...අපේ ගෑණි කියනවා වාගේ මගේ අතුනුබහන් , කැවුතුවහලු තැම්බිලා නැතැ , තැම්බිලා කරවෙච්චා  ‍ගන්නවාද කපලා බලන්ඩ , අනික මේ ගේම කොහොමහරි ගහගත්තොත් හෙට උදේට මුළු රටම මං ගැන කතාකරයි , නාසා එකේ සෙට් එකකුත් මාව හොයාගන ඇවිත් විස්තර අහයි , බාගදා මම බාස් කෙනෙක්ය , එක එක ගැජමැටික් හදන්ඩ දන්නවාය කියුවහම මාව අරගන යන්නැතේ එහේ , එහෙම උනොත් මගේ බ්ලොග් එකට උනත් පට්ට ප්ලේස් එකක් එයි , ... ඇයි ඉතින් රටපිට ඉදන් ලියන බ්ලොග් එකක්නේ , බුකියෙත් ඉතින් කට්ටිය චැට් එකට එයි පෝලිමට .... ඔෆ් ලයින් දාගන ආඩම්බර කමට ඉන්ඩ ඕන , ඔය කුරුම්බැට්ටියක් , පොල් සම්බෝලයක් , හනස්සක් , මලක් ෆොටෝ අල්ලලා මොකෙක් හරි දැම්මහම ලයික් කොරලා , ..........මාව අතීතයට රැගෙන ගියාය ..මෙහේ සම්බෝල කන්න බෑය  පොල් හරි ගණන්ය කියලා දැම්මහම හරි.

යකෝ අන්න ඒක පොලව උඩට පාත් උනා , මෙච්චර සද්ධන්ත යානාවක් වෙලත් මේකේ මගේ බයික් කට්ට තරංවත් සද්දයක්  නැති හැටි , ඇරුනා නේද දොරක් හප්පච්චියේ බිමට බැස්ස එකාගේ කැත ලා කොල පාටයි ඇගට වඩා ඔලුව ලොකුයි , උණ හපුලුවෙක්ගේ වාගේ ඇස් , ....නීල් අයියල හදට යනකොට උස්සං ගිය එක ගැජට් එකක්වත් මේ යකා ගාව නැ . අතෙවත් මොකුත් නැනේ .... මට කරදරයක් කරන්ඩ ආවොතින් දෙනවා බැටන් පොල්ලෙන් තට්ටෙ පැලිලා පිටසක්වල ලේ ගලාගන යන්ඩ ..මෙන්න මූ අපේ ගෙවල් පැත්තට එනවා .....මාත් දඩ බඩ ගාලා ඉස්සරහ දොර ඇරගන පැන්නා එලියට ............. ඒ එක්කම මගේ හිතට කවුදෝ මන්දා කියනවා

2013-12-13

බැරි උන හරිය ඔයාම කාගන්ඩ



'' ඇයි ඔයා අලි පේර කන් නැත්තේ ''

'' මට බැ ''

'' බෑ කියල බෑ මේවා ළමයින්ට ‍හොද ගුණ කැම ''

'' අනේ මං කන්නැ ''

'' මේ නැලවි නැලවි ඉන්ඩ බැ මට වැඩ තියනවා අරින්ඩ කට ''

'' ඇහ හඅහම්ම්ම්ම්......මට එපා''

'' ටාටා මල ජරාව පැකට් නං ලොරියක් හරි කයි , ඇයි මෙව්වා කන්ඩ බැරි වහද , දෝණි කට අරිනවා නැත්තං මම බිම පෙරලන හැන්දක් දාලා උගුර‍ටම ඔබනවා''

'' ඇහැංංංම් ම එපා ...බෑ ''

'' ලොකු මෙයා ඊයෙත් කැවේ නෑ . මේ අන්තිම ගෙඩිය කන්ඩ කියන්ඩකෝ ''

(ඔන්න ඉතින් අම්මයි දුවයි අදත් පටන් අරන් , මං ඇහුන්නැ වගේ හැලපයගේ කොටාට කම් සැප දුන්න පෝස්ට් එකට ආයෙත් එබුනා , ෂීක් ආතල් එක කෑවා)

'' ඒ අනිත් කෙනා , බීරෝ කන් ඇහෙන්නේ නැද්ද .... වැඩට ගිහින් ඇවිත් ඕක බදාගත්තහම සිහියක් තියද . අරක්කු සිකරට් නං බොයි , තාත්තල දුවලට හොද දෙයක් කන්ඩ බොන්ඩ තමා බැරි , කන්නේ නැත්තං මලු ගණන් උස්සං එන්නේ මොකටද , නිකං නරක් වෙලා වේලිලා යනවා , ආ දොණියැන්දට බැරිනං අප්පවත් කන එකයි ඇත්තේ ''

'' මටත් එපා චූටීට දෙන්ඩ ''

'' චූටියි මම කෑවා , ඔයාල තමයි කන්නැත්තේ , මස් කුට්ටියක් දුන්නොත්නං ගිලියි, එළවලුවක් පළතුරක් තමා බැරි , කන්නේ නැත්තං මීට පස්සේ ගේන්ඩ එපා ''

(හං හං ගගා නහයෙන් පිබ පිබා කම්පියුටර් ටේබල් එක උඩින් මග් එකයි හැන්දයි තියලා පොඩ්ඩිවත් උස්සං ගස්ස ගස්සා යන හැටි නිකට දික්කරලා ලොක්කි මට පෙන්නල  හිනාවෙනකොට මට හුකාස් ගාලා ලාවට හිනාවක් ගියා .)

'' කා එක්කද දන්නැ කැකිරි පල පල චැට් කරන්නේ , දෙගොඩ හරි ජාමේ කෑමත් හිතල වෙනකං හැම දාම කොට කොට , ඊයේ රැත් බත් ඉතුරු කරලා උයන්නැ මං හෙට අද බත් ඔක්කොම කාලා තිබ්බේ නැත්තං , තාත්තල දුවල ඕන දෙයක් කන එකයි ඇත්තේ . උය උය විසික් කරන්ඩ මෙතන ''

'' ඉතින් රැටත් මට සුප් හදලා දෙන්ඩකෝ ''

(කෙල්ලත් අරින් නැ)

'' මුළු දවසම සුප් බීලා හරියනවද , තාත්තා.......ඔයාට  ඇහෙනවද මෙයා උදේ කිරි එක බිව්වෙත් නැ , කෑවෙත් නැ , ඉස්කෝලෙට ඇරිය ඉදි ආප්ප කාලත් නැ , එක්ක ගෙන එනකොට මට කරදර කරා අයිස් කොන් ඉල්ලා , ත්‍රීවිල් එකට දෙන්ඩ අරගන ගිය එකසිය විස්සත් දාලා හැත්තැවේ කෝන් දෙකක් අරගෙන මේ දෙන්නට දීලා පයින් ආවේ චූටිවත් වඩාගන , දවල් මාළු කෑල්ල කෑවෙත් නැ , .... අඩුම තරමේ නිකං බත් ටිකක් .... බිත්තරයක් කුරුටු ගාලා දුන්නා ඒක කෑවෙත් නැ , ... මං දන්නැ අනේ රෑට කෑවෙත් නැ .... ඔයා මෙයාට ඉල්ලනකොට දහය විස්ස දෙන්ඩ එපා ....අර බයිට් පැකට් අරගන කනවා ..... දැන් දවල්ට තනියම කඩේටත් යනවා ..... පාරේ වාහනත් යනවා ''

2013-11-26

ආදරණිය මිනීමරුවා



'' ලොකු මහත්තයා ඇවිත් කොල ටික අත්සන් කරලා දෙනකං මෙතන ඉදගන හිටහං''

මකුනන් පිරුන බංකුවට අත දික්කරපු ඔවර්සියල් මහත්තයා ඔෆිස් එක ඇතුලට ගියා ,  තව ටිකකින් මම නිදහස් , තාම හත හමාරයිනේ වැඩිම උනොත් පැය බාගයයි , නැත්තං පැයයි , ලොක්කා ආව ගමන් ජම්පරය ගලවල  මගේ ඇදුම් ටිකත් ඇදගන යකඩ ගේටුව පැනලා ලී ගේට්ටුවෙන් මම එලියේ ,    ෂික් ‍මේ කාලකන්නියා තාම නැනේ , ඉවසපං පපුව කියුවට කොහොම ඉවසගන ඉන්ඩද ,    ..ඉවසීම අම්මගේ රෙද්ද , ඉවසුවොත් එලියට වෙලා බල්ලා වගේ හිටිය හැකි , ඉවසුවේ නැත්තං ඇතුලට වෙලා බල්ලා වගේ හිටිය හැකි , ඇතුලේ බල්ලා වෙන්නේ ගාට්ලා සියකට එකසිය පනහකට විතරයී , එහෙමද එලියේ බල්ලා උනහම , ගමට රටට ලෝකෙට ඔක්කොටම බල්ලා , ලගින්ඩ අගුපිලක් නැ , ... අනික තමන්ගේ බැල්ලි වෙන බල්ලෙක්ට අල්ලපුවහම , බල්ලොත් එන්නේ මට අරින්ඩ .

ඉස්කෝලේ යන කාලේ ඉදන් ලව් කරපු බැල්ලි , මම ඔලෙවල් කරලා එලියට බැස්සට පස්සේ 'ඒකි' වෙන ඉස්කෝලෙකින් ඒ ලෙවල් වලට ආපු එකෙකුට කොක්ක ගැහුවා , අනේ මං 'ඒකිට' ආදරේ කරපු තරමක් , හවසට වාට්ටු වැහුවට පස්සේ කරුවලේ පැය ගානක් ලෝකේ වටේ කරක් ගැහුවෙත් 'අරකි' ඒක්ක නෙමෙයි 'ඒකිත්' එක්ක , මාව පාරවල් ගානේ කොච්චර පාච්චල් කරාද 'ඒකී' , රැලේ වැටෙන කාලෙට බල්ලෙක් හොරි කහ කහ බඩගින්නේ අනිත් බල්ලෝ අත පය බරු ගහද්දි කලින් වාරේ පිටට නැග්ග බැල්ලි පස්සේ යනවා වාගේ කොච්චර මං චාටර් උනාද. අන්තිමට 'ඒකි' ගැන තොරතුරක් වත් දැනගන්ඩ බැරි වෙනකොට ම‍ට 'ඒකී' ගැන තොරතුරු හොය හොයා මාව හොයාගන කියුවේ 'අරකී'' , 

මට හිර බත් කන්ඩ පාර කැපෙන්ඩ මූලික අඩිතාලම වැටිච්ච දවස උදා උන දවස මට අදවාගේ මතකයි. ඒ මම ඉස්ඉස්සෙල්ලම තොරණක චිත්‍ර ඇදලා විදුලි රටා මවපු දවස . අවුරුදු තිහක් වෙන ලයිට් බාස්ලා . චිත්‍ර බාස්ලා කරපු තොරණ මම ගමේ කොල්ලොත් එක්ක කරන්නං කියලා ලොකු හාමුදුරුවන්ගෙන් ඉල්ලා ගත්ත වෙසක් මාසේ . වයස හතේ අටේ ඉදන් , තොරණ ගහන තැනයි , වඩු මඩුවෙයි , කම්මලෙයි , කොටින්ම දෑතේ වැඩක් ‍කරන අපේ ගමේ හැම තැනකම තැක් ගැහිලා , අත් උදව් දීලා අල ගිය තැන් මුලගිය තැන් අල්ලාගන ඉන්නවා කියලා අපේ ලොකු හාමුදුරුවන්ට තිබ්බ විස්වාසේ හන්දා මට මගෙ ලොකුම හීනය එලි වෙච්ච දවසේ

2013-11-23

දෙන්නං ජම්ඹු



අටංපැල අටවගන මෙතන පදිංචියට එන්ඩ කලින් ඉදන්ම අටමයි අටමියි දෙන්නා පැලක් අටවන්ඩ ඉඩ තියලා වත්ත වටේට , ඔය එක එක ජාතියේ ගහ කොළ හිටෙව්වා , දෙළුම් පැල , කරපිංච පැල , ගස්ලබු පැල , කෙසෙල් පැල , පේර පැල , ගැට පිච්ච , සමන් පිච්ච , රම්පේ පදුරු දෙකක් වගේ එක එක ජාතියේ ගස් , 

කරුමේ කියන්නේ ඔය ගස්ටික මොකක් හරි ආසානාසියක් වෙලා විනාසවෙලා ගිය එක තමා , අර මතකනෙ දවසක් මම කියුවා අපේ ''දොඩම් ගහට වෙච්ච හරිය'' ,   තව වත්තේ තිබ්බා දඩාර සයිස් ඇම්ඹරැල්ලා ගහක් අනේ ඒක කපන්ඩ උනානේ බවුන්ඩේසමට අහුවෙන හන්දා , තැඹිලි ගස් දෙකක් තිබ්බා ඒව්වායේ අතු අහල පහල වතු වලට යන හන්දා එව්වත් කපලා දැම්මා .

අන්න ඒ වාගේ තවත් දුක්ඛිත සිද්ධියක් තමා වත්තේ තිබ්බා හොද ගස්ලබු ගහකටත් උනේ, ඒ ගස්ලබු ගහ  ඔය රෙඩ්ලේඩි මළජරාවක් නෙමෙයි , අර මතකද අපි පුංචිකාලේ කෑවා මදය කහපාට දිගැටි හීන් 
ගස්ලබු ජාතියක් , එන්න එව්වා ගහක් මටත් වඩා අඩියක්දෙකක් උසට හැදිලා මල් පිපිලා ගැටයක් දෙකක් හැදිලත් තිබුනා, 

දවසක් අපේ අගුරුවාගේ සුදුපාට සුදු මල්ලිත් එක්ක රතු වෙද මහත්තයෙක් ගෙදරට වඩම්මලා අර අපේ ''විකියටත්'' කතා කරා , අර අර මාත් එක්ක බයික් එකේ පාටියකට ගිය පොර  අන්න ඌ , ඉතින් විකියට කෝල් කරනකොටත් පොර කොහෙද මන්දා හොදට අනුමත වෙනවා , ඌට එන්ඩ බැ අපිට කර ගන්න දෙයක් කරගන්න කියලා කියපු හන්දා අපි දෙන්නා , අර ගස්ලබු ගහ යටට අරු කොයි වෙලේ හරි එයි කියලා පුටු තුනක්ම අරගන වැඩේ පටන් ගත්තා , අඩිය පේන නොපෙනන ගානට එනකොට මෙන්න ආපි විකියා පිංපොං බෝලය වාගේ පොලා පැන පැන .

'' දැන් එතකොට මං කොල්ලට නැ ''

''ඉදගනින් බං ඔය තියෙන්නේ උඹගේ  කොටහ බීපං ''

'' ඔය කොට බොන්ඩ උඹ හිතං ඉන්නේ විකී මහත්තයා කවුරු කියලද ''

''කොහෙද ගිහිලා බඩ පැලිලා ඇවිත් , අනේ මේ  බොනවනං කටයි  පුකයි වහගන බීහං ''

'' හරි හරි ඉතින් උඹලට විහිලුවක් වත් තේරෙන්නේ නැනේ ''

ඔන්න දැන් ඊලගට පුටුව ගස්ලබුගහට හේත්තු කරපු විකියා , පුටුවේ කකුල් දෙකකින් ඉදගන ගස්ලබු ගහත් පුටුවත් පද්දනවා , 

'' විකියේ ඔය ගහ පද්දන්ඩ එපා බං ඕක ගැලවෙයි ''

'' මේක ගස්ලබු ගහක්ද යකෝ කොළ කොඩවෙලා , වදපීදිලා , මෙහෙම ගස් ගේ දොරකඩ තියන්ඩත් හොද නැ මූසලයි , මට මෙතන ඉන්ඩත් ඉඩ නෑ ..''

කියලා එකපාරටම නැගිට්ට විකියා අපි දෙන්නට අල්ලා ගන්ඩවත් ඉඩක් නොතියා පුටුව පස්සට විසික් කරලා කෙලලා ඇරියා උඩ පැනලා පයින් පාරක් ගස්ලබු ගහ දෙකට මැද්දෙන් කඩලා යන්ඩ , ඒ ගස්ලබු ගහත් එතනින් ඉවරයි, 

2013-10-25

මහගස් ඉරන්නෙත් බිමදාලා



මගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා කට්ටිය උන් දෙන්නට කියන්නේ ‍මෝඩ ජෝඩුව කියලා , දන්න උන් නං දන්න්නවා මෙහෙම කියාපු ගමන් මේ කා ගැනද කියන්නේ  කියලා , ඔය වාගේ යුගල පද වලින් හැදිච්ච නං කොච්චර නං තියනවද මුං දෙන්නට, එව්වා මෙහෙම මේ තැන්වල කියන්ඩ බෑ , ඒ තරම්ම ලස්සනයි . අනික එහෙම කියුවොත් ටක්ගාල නොදන්න එකෙකුට උනත් කා ගැනද කියන්නේ කියලා මාට්ටු වෙනවා . මේ ඩබල ඉතින් හැම වෙලාවෙම පුකයි අමුඩෙයි වාගේ එකට බැදිලා තමයි ඉන්නේ , පහේ සිස්සත්තේ කාලේ ඉදන්නම තියන යාළු කමක් ලුනේ, මොන සීන් එකක් උනත් මේ දෙන්නා ඉස්සෙල්ලම කතා කරලා කියන්නේ අනිකට තමා , කතාව කියාගන්ඩ ලේසියට අපි මුන් දෙන්නට දාමුකෝ නං දෙකක් , එකෙක් පුකා . අනික අමුඩයා , ඔන්න අපි කතා කරනවා කියමුකෝ අමුඩයට

2013-10-12

vehicle emissions inspection certificate මිහිමඩල සුරැකීමක්ද , රට වැසියාට කෙලවීමක්ද



මගේ බයික් පොඩ්ඩට ආදායං බලපත්තරේ ගන්ඩ කියලා ඔන්න මම අද බඩගෝස්තරේටත් නොයා ගියා කියන්ඩකෝ , දැන් අවුරුදු පහ හයකට කලින් අපේ බුදුවෙලා වගේ ටෝක් කරන පරිසර ඇමතිතුමෙක් ගෙනාවනේ නීතියක් ආදායං බල පත්තරේ ගන්ඩ කලින් ගන්ඩ ඕන කියලා දුං පරීක්සන සහතිකයක් , ඒ රස්සාව කොරන කොම්පැණියකට මම දැක්කුවා මගේ දඩු මොනරේ ,

ගෙව්වා net fee කියලා එකක් රුපියල් 370.54 ක් , ඒකට එකතු කොරලා තිබ්බා , vat කියලා එකකුත් රුපියල් 44.46 ක් රුපියල්ම , ඔක්කොම 415 ක් slr ,

ඒ සල්ලි ටික ගෙව්වට පස්සේ දුන්න කොල කෑල්ලක් ඒකත් අරගන ගියා දුම සැරද බලන මැසින් තියන තැනට  . එතන ඒ ගැජට් හය හතක්ම තිබ්බා , සමහරක් කට්ටිය හරි කැමැත්තෙන් එක මැසිමකට තමන්ගේ වාහනේ දාන්ඩ පොරකනවා , එතන වැඩකරන කට්ටියගේ අදුරන වාහන දාන්නෙත් එතනට හන්දා ඒ මැසිමට සමූපකාර පෝලිම වාගේ පෝලිමක් , කලින් පාර වෙන මෙෂිමකට දාලා අලවෙලා , දෙවනි  පාර ගියහම එතන වැඩ කොරන උන්දල.

'' ආ ඕක මෙතනට ගන්ඩ ''

 කියල කතා කරලම ගන්නේ ඒ මැෂිමට හන්දා මමත් ඒ පෝළිමේ කොනටම ඇල්ලුවා.

ටිකකින් පොරක් ඇවිත්

'' ආ ඕක මෙතනට දාන්ඩකෝ කියලා ''

මගේ අතේ තිබ්බ කොලය අරගන බල්ලෙක්වත් වාහනේ දාලා නැතු ව තිබ්බ මෙෂින් එකක් ඉස්සරට මගේ දුප්පත් සයිකලේ මාත් එක්ක දක්කලා , වටේට කැරකිලා  මොන මොනවද අර කොලයේ ලකුනු කොරලා , බයික් එක ස්ටාට් කොරන්ඩ කියලා . බරබර ගාලා ඇඹරිලා යන්ඩ රේස්කරලා  , අර මෙෂින්පතය ලගට ගිහිල්ලා මොන මොනවදෝ මිරිකලා , ආයෙත් ඇවිත් කිසි හිරිකිතක් නැතුව සයිලන්සරේ අස්සට පත යකඩ පොල්ලක් බස්සලා , ආයෙත් සැරයක් බස්නාහිර පලාතටම ඇහෙන්ඩ රේස් කලා බයික් එක , ඊට පස්සේ උගේ ගෑණිගේ හොර මිනිහා දිහා බලාගන ඉන්නවා වාගේ ඔරවගන අර පරිඇටයේ තිරය දිහා ටිකක් වෙලා බලාගන ඉදලා . කට බඝමණියවාගේ කරගන පොලවට සමාන්තරව අත ඒ පැත්තට මේ පැත්තට හෙල්ලුවා , හරියට සල්ලි දීලා මම එතනට බයික් එක ගෙනිච්චට ඌ හෙන තරහයි වාගේ , එහෙට්ට මෙහෙට්ට අත හෙල්ලුවේ හරියට

2013-09-16

තාත්තෙක් මං



රූස්ස ගස් වලින් හැදිච්ච
තනි කැළැ මන්ඩියක
අවාරෙට වැටිච්ච
ඇටයකින් පැලවෙච්ච
පළ දරපු ගහෙත්
පරාග දුන්න ගහෙත්
හෙවන අතරින් පතර ලැබිලා
මහ රුස්ස ගස් අතරෙත්
කටු පදුරු අතරෙත්
ඉහට හෙවනක් නැති
තණකොළ පිට්ටනිවලත්
සරනක් නැතුවත්
අතරින් පතර සරණක් ලබමිනුත්
කොඩෑරිව හැදිච්ච
කනාටු ගහක් වෙච්ච
උඹලගේ තාත්තා

නොලැබිච්ච ආදරය
ගස්වැල් වලින්
සතා සිව්පාවගෙන්
යාළු මිත්තරයන්ගෙන්
හිත වැටුන කෙල්ලන්ගෙන්
උණ ගැනුන එකෙක්
වතුර හොයනවා වාගෙ හොයාපු
උඹලගේ තාත්තා

තැන් තැන් වල තැක් ගැහි ගැහි
නන්නත්තාරේ ඇවිදලා
අරමුනක් නැතුව
හැමතැනම කැරකිලා
අළුගුත්තේරුකං ඔක්කොම කරලා
වලගං පිටියට ඔන්න මෙන්න ඉදලා
යාන්තං හරි පාරක් හොය හොයා ඉන්නකොට
උඹලගේ අම්මව හමුවෙලා
උන්දැ පෙන්නපු පාරේ
ටික දුරක් ඇවිදලා යාන්තං ඔලුව උස්සපු
උඹලගේ තාත්තා

වේලිලා ඉදිරිලා වැටෙන්න
ඔන්න මෙන්න ඉන්නකොට
කඨෝර පරිසරයක හැදිච්ච
වැඩකට නැති ගහක්ට උනත්
හයියක් දෙන්න පුළුවන්
වැලක් වෙච්ච උඹලගේ අම්මා
මට ආදරය කලා
මාත් ආදරය කලා
ඒ ආදරයේ උපරිමය
අපි වින්දා උපරිමයෙන්
ඒ ආදරයේ ප්‍රථිපල දෙකක් විදිහට
උඹලව මගේ අතට
ගෙනත් දුන්නා
උඹලගේ අම්මා

යාන්තං කතා කරන වයසේ
නංගි නැති කාලේ
උඹේ වයසේ ළමයි ඇවිදිනකොට
එක දනිස්සක් විතරක් බීමට ඇන ඇණ
ලොක්කියේ උඹ ගේ හැම තැනම
හක්කලං කරා
අයියෝ මේකිගේ පංඩිත කතා විතරයි
තාම ඇවිද ගන්නවත් බැ
අම්මත් එක්ක ආඩපාලි කියපු
තාත්තා මං

එහෙම බැන බැනා
තාත්තා ඉන්නකොට
එකමත් එක දවසක
ගේ සන්තකයටම තියන
එකම කාමරයේ ඉදන්
මේ දුව දුහන්නේ කියමින්
දුහං ආවා මතකද
උඹටත් හපං බං
උඹේ පොඩි නංගියා
වයස දෙකකුත් නැතුව
උඹ බෙහෙත් නොබිව්වොත්
තාත්තට ගතු කියනු
බලාගන හිනැහෙන්නෙ
තරහ යන්නැද්ද බොට
හිතෙනවා ආදරෙට
චූටි ගුටියක් දෙන්න
තාත්තට නං

තාත්තගේ කිපෙන බව
අම්මගේ ඉවසීම
තාත්තගේ නාස්තිය
අම්මගේ ඉතුරුවයි
තාත්තගේ නොනැමීම
අම්මගේ නැමෙන බව
තාත්තගේ රළු වීම
අම්මගේ උණුවීම
සමපතයටම ගෙන

කවද හරි මතු දාක
ඉගනගන ලොකු අකුරු
ලොකු ගැහැණියන්වී
උපයපං මිළ මුදල්
පණනලට පමණක්ම

2013-09-02

නියපොතු පාට කල හන්දයි බේරෙන්නේ

ඉස්සර වගේ නෑනේ බං සෙට් වෙන්නේ
කතා කලත් හිමිහිට මාරුව යන්නේ
බ්ලොග් කටු අටවගන කෙලියේ අපිටමනේ
ඉස්සර එවුන් දැන් තොට මතකත් නැනේ

මතකද උඹට ඉස්සර අපි බිව්ව හැටි
ලොන්තය දාල බාගය අරගත්ත හැටි
බයිට් එකට ටිපි ටිප් අරගත්ත හැටි
බාගය නමාගන්නට ඇඹරිච්ච හැටි

එදා කියුව එව්වා මතකද උඹට
දුන්න පොර ටෝක් බොකු ගලවල දෙන්ට
අමතක කරල දැම්මේ  ඇයි මේ ලෙසට
දෙයියෝ වරෙන් අනිවා හවසට බොන්ට

හරි බං යකෝ හවසට අනිවා එනවා
උඹ හරි කැමති ගල් චුට්ටක් ගෙන එනවා
රෙස්ටුරන්ටු  අපි එනකං වේලෙනවා
ෆුඩ් සිටි එකෙන් බඩු අරගන මම එනවා

මිතුරා එක්ක චුට්ටක් අනුමත වෙන්ට‍
අරවා එකක් අරගන හැරුනා එන්ට 
බඩු ගොන්නකුත් පටවාගන ට්‍රෝලියකට
හැප්පුනේ ඇයිද අක්කේ උඹ මගේ ඇගට

සොරි සොරි කියල අක්කා දැන් ඇඹරෙන්නේ
ඒකට කමක් නැ කියලා මම එන්නේ
ලස්සන නංගියට බිල් එක ගෙවමින්නේ
අටමා හිමින් පුටු පුටුවට ලං වෙන්නේ

ස්කුටර් පොජ්ජේ ෂීටය උස්සමිනේ
අර අක්කියා දැන් අටමට හිනැහෙන්නේ
කවුන්ටරේ ලගදි නොවෑ මම දන්නේ
සල්ලි පර්ස් එක මට අමතක වෙන්නේ

බයිසිකලය පිටි පස්සේ වම් පැත්තේ
ගහලා තියන ඉස්ටිකරය දැකගත්තේ
කැඩුන මහන මෙෂිමක් නේ මට ඇත්තේ
හදාගන්න කියලා මට  හිත ඇත්තේ

දුරබණු ඇමතුමක් දෙන්නකෝ මට හේනං
වෙලාවක් නැතේ අයියෝ  දහවලනං
හවසට හයෙන් පසු නෝනට හැකි වේනං
ඕනම දාක අටමානං සූදානං

දහවල් වෙලාවක ඇවිදින් කරනවනං
ඕනම දාක මේ අක්කා සූදානං
පිරිමී කෙනෙක් රාත්‍රීයට හිටියානං
රෑකට උනත් කරන් තිබුනා එහෙනං

අගහරුවාද දවසට මට වැඩ නැත්තේ
අල්ල ගන්න කලින් දවසේ කිවයුත්තේ
ඇවිදින් බලමු අපි මොනවද වියයුත්තේ
අටසිය පණහක්ම රුපියල් දිය යුත්තේ


හා හා කියා අක්කා ආපසු යන්නේ
හිතට ආපු දේ මොකටද සගවන්නේ
අක්කගේ පස්ස ඒමේ අත ලෙල දෙන්නේ
අමුතු මිහිරකින් හදවත කිති කැවුනේ

හතලිහ පැනල අනිවා අක්කට ඇත්තේ
පොඩි කෙල්ලෙක්ගේ ශරීර හැඩරුව ඇත්තේ
කටහඩ නලව නලවා එළකිරි සත්තේ
මං ස්කුටරය ඇයි දෙයියෝ උන් නැත්තේ

සදුදා දිනක අක්කා මට අමතන්නේ
මතකද මලේ ෆුඩ් සිටියෙදි හමුවන්නේ 
විසිටිං කාඩ් එක මම ඉල්ලා ගන්නේ
මහන මෙෂිම ඇවිදිං මගේ හදපන්නේ

ඇයි අමතක මට නං හොද හැටි මතකයි
ඇමතුවේ ඔයා හරියට හරි යන දිනකයි
අලස සුවය සදහා වෙන්කල දිනකයි
දහය හමාරට එනව එනවාමයි

ඈ කිවු මග දිගේ ඇගේ නිවහන සොයලා
හමුවෙන එකාලගේ මග සලකුනු අහලා
ඇගේ තඩි ගේට්ටුවටත් මම පත බාලා
එක්කං ගියා මා ඇතුලට කැදවාලා

කැඩිලා බොහොම කාලයකුත් ගතවෙන්නේ
තැනකට අරන් යන්නට කෙනෙකුත් නැනේ
අපේ මහ තැනත් පිටරටකයි පසුවන්නේ
හැමදේ තනිව මට කරගන්නට බෑනේ


දරුවන් දෙන්නා පාසල වෙත ගොස් ඇත්තේ
තනිකම තමයි දහවල් කල මට ඇත්තේ
ඔහු එවු බඩුයි මේ ගෙයි හැම තැන ඇත්තේ
මට කිසි වැඩක් මෙව්වායෙන් නොම ඇත්තේ

ගෙයක් හදාගන්නටනේ මම යන්නේ
ඉන්පසු පිට රටට ආයේ නොම යන්නේ
එහෙම කියුව හන්දයි යන්නට දුන්නේ
වසර ගණන් නැ දැන් ගෙදරට එන්නේ

වැඩේ කරන්නට පැය දෙක ගතවෙන්නේ
අක්කා ඇගේ දුක් කරදර පවසන්නේ
මොකටද යකෝ මේ උන්දැ මේ එන්නේ
ඉවෙන් වගේ අටමට දැන් තේරෙන්නේ

මෙෂිම හදන තැන ඉස්සරහා පුටුවේ
ඇදගන කොට සාය දපලා ඒ  පුටුවේ
අටමා හොරෙන් බලනා බව ඈ දුටුවේ
තව තව පළල් කරනවා වාගෙයි දුටුවේ

එතනින් නැගිට මා අසලට පැමීනෙන්නේ
ටේබල් එකට දෑත් තබා නැමෙමින්නේ
කර ලොකු හැට්ටයේ අස්සේන් පනිමින්නේ
අක්කගේ කුක්කු දැන් අටමට හිනැහෙන්නේ

අටමා මහන විට මැසිමෙන් සාම්පල් 
නැමෙමින් කර උඩින් බලමින් සාම්පල්
ඇතිල්ලෙමින් ලාවට  දුන් සාම්පල්
දෙන්ඩත් හිතුන මට අක්කට සාම්පල්

කොහොමින් කොහොම හරි ඒ මැසිමත් හදලා
එන්නට මගට බැස්සා මම ගේ බලලා
ගෙඩි රුපියල්ම දාහක් මගේ අත තියලා
අයියෝ එපා ඉතුරුත් අක්කා කියලා

පැය දෙක තුනක් ගතවුන හැටි තේරුන්නැ
කවුරුන් හරි ඇතොත් මට තනිකමක් නැ
ඕලොක් එකක් තියනව මගේ මැහෙන් නැ
දවසක ඇවිත් හැදුවෝතින් දොසක් නැ

බලෙන් වගේ එකසිය පනහක් දිලා
ඕලොක් එකත් හදලා දෙන්නං කියලා
එහෙනං අක්කේ මම යනවා ඈ කියලා
ආවා අටං හනි හනිකට පදවාලා

අක්කා මොනව හිතුවාදෝ නැ දන්නේ
ලාවට ගදක් ඇගේ මුවෙනුත් ආවානේ
සංකර ගෑණු කොහොමත් නැ අල්ලන්නේ
නියපොතු පාට කල හන්දයි  බේරෙන්නේ 

2013-08-17

බාස්ලා.... හොරුද ......

මේක ලියන එකත් වැඩක් නැති වැඩක්ද මන්දා , වෙච්ච දවසෙම ලියනවා කියලා හිතාගන පීන්තූර කෑලි ටික ෆොන් එකට ඔබා ගත්තාට මොකද 

 ''මේ වෙලාවේ හිනා වෙන්ඩ මොනවාහරි ලියුවානං මිට වඩා හොදයි ''

කියලා හිතුන හන්දා ඇදි ඇදි තිබුනා , දිනපතා සිදු වෙන අන්දබජල් සීන් හන්දා ලියන්ඩම හිතෙනවා , මිනිස්සුත් එක්ක වැඩ කරන කොට හැමදාම හිත් රිදවීම් වෙනවාමයි , බොරු චෝදනාවන්ට ලක්වීම් , හිත් රිදවීම් සමහරුන්ටනං ගානක්වත් නැ , ඒ ඒ වෙලාවට මොන මොනවා හරි කියලා ෂේප් වෙලා එතනින්ම අමතක කරලා දානවා . ඒත් හිතට එකගව අවංකව වැඩ කරන කෙනෙකුටනං එහෙම බැ , දවස්ගානක් , සතියක් දෙකක් සමහරක් විට ජීවිත කාලයටම අමතක කරන්න බැ.

 සියල්ලන්ටම අවංක සාධාරණව කටයුතු කරන්න හැකි හැම විටම උත්සාහ කරන මිනිස්සු හැමදාම දුක්වෙමින් ජීවත් වෙනවා , එයාලට දරාගන්න බැ අනිත් අයගෙන් වෙන වෙනස්කම්. එයාල බලාපොරොත්තු වෙනවා අනිත් අයත් එහෙම කටයුතු කරයි කියලා ,

එහෙම නොවෙන කොට එයාල ඉක්මනින් කිපෙනවා , වරද කරන කෙනා විවේචනය කරනවා , ඒ අයට අභියෝග කරනවා , නිර්දය විදිහට අනිත් අයගේ වැරදි පෙන්නලා දෙනවා , ඉතින් හැමදාම අවංකයා අනිත් අයගේ දෝෂ දර්ශණයට ලක්වෙනවා ,  අනිත් මිනිස්සු එතකොට අර මිනිහම දකින්නේ

'' මහ මෝඩ යකෙක් ''
'' ඒ යකාට පිස්සුද කොහෙද ''
''හිතාගන ඉන්නේ අලි පොරක් කියලා ''
'' අනේ ගොං -කා ගහන්ඩ හිතෙනවා දෙකට කැඩෙන්ඩ ''
'' අනේ බොරු සිල් මෙයා ...ඔහොම පෙන්නන උන් තමා එපාම කරපු උන් ''

ඔය මොන මොන අපහාස අපහාසයන්ට ලක් උනත් ඒ මිනිස්සු ඒ මිනිස්සුන්ගේ ගමන නවත්තන්නේ නං නැ . හිතන විදිහ වෙනස් කරන්නේ නැ. සමහරක් විට අවස්ථානුකූල වෙයි . හැබැයි අවස්ථාවාදි වෙන්නේ නැ ,

එහෙම මිනිස්සුන්ට අනිත් උන් මොනවා හිතුවත් මොනවා කියුවත් මොනවා කෙරුවත් වැඩක් නැ . එයාල ඉන්නේ එයාල හරියි කියන මතයෙම තමයි , ආයේ ඉතින් ඒක කෝටී විසිපහක් දුන්නත් (දයාසරිට වාගේ) වෙනස් වෙන්නේ නැ. කවුරු එයාලගේ මතය පිලිගත්තත් නොගත්තත් එයාල එයාලට ඕන විදිහට එයාලගේ ගමන යනවා . එයින් ලැ‍බෙන ලාබය පාඩුව එයාලට වැඩක් නැ , තමන් හරියි කියලා හිතන මතයෙම තමයි ඉතින්.
ඔන්න ‍මේ ලගකදී දවසක මම හැමදාම වාගේ මෙෂින් හදන්න යන එක ෂොෆ් එකකට ( ඔය සෑම් කොලුවා , වැප් අයියා එහෙම දන්නවා පොට් එක ) ආවා දවල් වරුවේ පොරක් , ඒ මහත්තයාගේ ප්‍රීයම්බිකාවත් එක්ක මෙෂින් එකක් උස්සාගන හදාගන්න කියලා. ඒ වෙලාවේ හදලා දෙන්ඩමයි කියලා මැරෙන්ඩ  හැදුවත් ගත්ත වැඩ තිබ්බ හන්දා,

2013-07-16

තවත් එක් කක්කා කතා වස්තුවක්



මේ ලගකදී දවසක මට උනානේ මාර සීන් එකක් , එක අතකට මම මේක ලියන එක හරිත් නැ . අපේ මායියත් ‍කලින්ම දෝස්මුරයක් දැම්මා ලියන්නේ එහෙම නැ ඔව්වා පව් ඒ මල්ලි කියලා . ඒ උනාට මේක මට ලියටන්ඩම ඕන මගේ අටම්පහුර කියවන ඔයාලට බලන්ඩ . අටමී කියනවා වාගේ මේ කතාව ටිකක් කැත කතාවක් තමයි , ඒ උනාට බ්ලොග් කියවන උන්දලා කුණු රසයට කැමතියි. නැත්තං අටං කතා මෙහෙම නැගලා යයිද , තව උදාහරණ ඕන තරම් දෙතහැකි උනත් ඉල්ලගන කන්ඩ ඕන නැති හන්දා කෙලින්ම බහින්නං කතාවට .

කපිල මගේ පැරණි මිත්තරයෙක් , ඉස්සර කාලේ මම රස්සාව කරපු තැනක වැඩ කරපු පොරක්. ඇත්තටම පොරට එහෙම කොළඹ ඇවිත් කාටහරි කඹුරන්ඩ තරම් අහේනියක් තිබ්බේ නැ, පරම්පරාවෙන් පොරට සැලකියයුතු දේපලක් ලැබිලා තිබ්බා . අනික පොරගේ මායියගේ පැත්තේ පට්ට සල්ලි . ඒ මිනිස්සු පොරට බනිනවා ඒ දේපොල බලාගන ඉන්නැ කියලා. එහෙම තියෙද්දිත් පොර අපේ ආසරයට වැටුනේ එනකොට ගෙනාපු කැඩිච්ච බිදිච්චට තියන ආදරේ හන්දා  , කාලයත් එක්ක පොරට කැඩිච්ච බිදිච්චා  එපාවෙලා කොළඹ එන එක නැවැත්තුවා .තමුන්ගේ පවුලගෙ ගමේ හන්දියටම වාගේ වෙන්න පාර අයිනේ තියන ඉඩමේ කඩ කාමර හතරක් අටවලා තුනක් කුලියට දීලා එකක මැෂින් රස්සාව පටං ගත්තා . දැන් ගජ පෝසතා වැන් එකක් හිටං තියනවා . අනේ ඉතින් ඔව්වා කවදාහරි කාටද , මොකාට දෙන්ඩ කියලා ද , දරුවෙක් මල්ලෙක්ද  , එහේ ගිය ගිණි දවාලක කඩේ පිටි පස්සේ කෑල්ලේ දෙන්නා එක්ක ගල් බෝතලයක්  කඩාගත්ත දවසක කපිලයියම මා එක්ක කියනවා.

''වෙලාවකට හිතෙනවා බං මොකට මෙහෙම නැහෙනවද කියලා , මං ඉන්නකං මෙව්වා මෙහෙම තියෙයි , නැති කාලෙක අපරාදේ''

''ඔය උඹලගේ සහෝදරයෙක්ගේ කොල්ලෙක්ටවත් රස්සාව පුරුදු කොරහංකෝ , එතකොට ඉවරනේ''

''වැඩක් නැ බං එකෙක්ට උවමනාවක් නැ , අර තාරකයට නං මැසිමක ටයිමීන්ග් තියන්ඩ හිටං පුළුවන් . දැනුත් ඔය නිවාඩුවට ගෙදර ආපුවහම දුහගන එන්නේ මේ පැත්තේ , තව අවුරුද්දකින් හමාරකින් ඌත් හොද රස්සාවකට යයි , අනිත් -ත්තලා ගැන නං කතා කරලා වැඩක් නැ ,  උන් එන්නේ කෙල්ලො එක්ක රවුං ගහන්ඩ යන්ඩ සල්ලි ඉල්ලන්ඩ විතරයි ''

''කාටද බං තාරක කියන්නේ''

''ඇයි බං අර ගියපාර උඹ මෙහේ ආපු වෙලාවේ අපිත් එක්ක බීච් ගියේ  .....ඉබ්බා..... , අර එනකොට වැන්එක අරගන ආවේ''

''ආ පොරද . ඉබ්බා ..ඉබ්බා කියුවට නම දන්න එකක්ද , ඌ මරු පොරනේ බං , අක්කලාගේ සහෝදරයෙක්ගේ පුතෙක්ද ''

'' එහෙම ලග නෑකමක් නැ බං , නැයොත් වෙනවා , ඊට වඩා තියෙන්නේ යාළු පිට්එක , ඉස්සර මං චම්පත් එක්ක යාළුවෙලා ඉන්න කාලේ ගෙදෙට්ට හොරෙන් ලියුං ගණුදෙනු කලේ ඕකගේ අතේ , ඔය පල්ලෙහා කඩේ ඉස්සරහා තමයි ඉස්සර උංගෙ ගේ තිබ්බේ , ඒ කාලේ ඕකා හෙන පොඩියි , මම කඩේ ඉස්සරහා බයික් එක නතර කරපු ගමං පොර දුහගන එනවා එක අතකින් ඉලස්ටික් කලිසන්කොටෙත් උස්සගෙන , මම ඉතින් කඩෙං සිකරට් එකක් එහෙම පත්තු කරගන , හීංසැරේ කඩේ එකාටත් නොපෙනෙන්ඩ මුගේ සාක්කුවට ලියාගන ආපු ලියුමයි , චොකලට් එකයි දානවා ''

2013-07-06

සිංහල බ්ලොග් කීයක් විතර තියනවද කියලා දන්නවද

''මම නං දන්නැ දන්න කෙනෙක් කියනවද''


ඉස්සරවගේ නෙමෙයි අප්පා මට දැන් ලියන්ඩ කම්මැලියි , අනික දැන් විවේකයත් අඩුයි  , අටම්පවුලට කලින් අටමට දුන්න නිදහස දෙන්න අමාරුයි දැන් පොඩි කෙල්ලත් දැන් යමරෙට වදදෙනවා , කොහෙද එයාටත් ඕන අම්මගේ ඔඩෙක්කේ ඉන්ඩ හරි තාත්තගේ පපුව උඩ ඉන්ඩ හරිනේ , කොහෙද අක්කෙක් හිටියට වැඩක් ඇතෑ එයාට එයාගේ නංගිට වඩා ලොකුයිනේ අහල පහල නංගිලා මල්ලිලා ,බොරුවට එනවා චුචි චුචි කියාගන නංගි නිදාගත්තහම නං ඇහැරවන්ඩ ,

ඔය කාරණා  දෙක තුනම  කොහොම හරි ජයගත්තා කියමුකෝ ඒත් ඉතින් ඔය සමහරක් සිද්ධඋන , සිද්ධවෙන සිද්ධි හන්දා මොකට ලියනවද කියලා හිතෙනවා , ලියන්ඩ පටං අරගන මගදි බැ කියලා හිතිලා අත ඇරලා පැත්තකට කරපු ලිපි මයේ හිතේ පනහක් විතර තියනවාද කොහෙද. වෙලාවකට මට හිතෙනවා අපරාදේ අටම්පහුර ඇටෙව්වේ ඔය කියන්ඩ තියන කතාවක් කාගේ හරි බ්ලොග් එකක් කමෙන්ට් එකකට කොටලා නිකා ඉන්ඩයි තිබ්බේ කියලා.කොහොම උනත් මට දැන් ආපහු හැරෙන්ඩ බැ .බැදගත්ත බෙරේ ඉදලා හිටලා හරි ගහනවා. ඔක්කොටම කලින් කොටලා ඉවරකරන්න ඕන අර අතපිච්චිච්ච සීන් එක . කොහෙද ඒකත් මම හිතුවට වඩා පතරංගයක් උනානේ.

අර දැන් මාසෙකට දෙකකට කලින් තිබ්බනේ ''සව්බර බක මහ උලම'' අර මට සම්මානයක් ( දන්නැති කට්ටිය මෙතනින් බලන්ඩ ) එහෙම ලැබුනේ , ඒකට ගියානේ මම අපේ ලොකු ළමයත් එක්ක , ඉතින් ඒ ගිහිල්ලා එන ගමන් රාගමින් කෝච්චියෙං බැස්සා විතරයි මෙන්න මේකී කියපි

''තාත්ති අපි චිල්රන් පාක් යං''

''හා යං...... හැබැයි ඉක්මනට දෙර යමු හරිද , අම්මිච්චා බලාගන ඇති''

''අයිස් ක්‍රීම් අරගන යංද''

'' අයිස් ක්‍රිම් කකා කොහොමද ඔන්චිලි පදින්නේ , යනකොට ත්‍රීවිල් එකේ කමු''

''අනේ''

''එහෙනං අන අනා ගෙදර යං''

'' හම්''

( මට ලාවට ඇහෙනවා චුට්ටං දත් කිරි කිරි ගානවා , අටමි හිටියානං කියයි තාත්තට වාගේ මූලග්ගාය කියලා )

'' කෝ චුටී එකකවත් ඉඩක් නැනේ''

''එයාල ගියහම අපි පදිමු''

''එහෙනං අපිට හෙට තමා ගෙදර යන්ඩ වෙන්නේ''

අපි දෙන්නා දැන් මැද්දේ හිටගන බලාගන ඉන්නවා , කෙල්ල පට්ට සන්තෝසෙන් අනිත් ළමයින්ගේ ආතල් බල බලා හිනා වෙනවා . මට කොහෙද ඒවායෙං එහෙම ආතල් එකක් දන්න කියන කෙනෙක්වත් ඉන්නවද කියලා ඇහැ වටේට අරිනවා ඇරෙන්ඩ . පිරිමි කියලා නාමෙකට හිටියේ දෙතුන් දෙනයි , උනුත් ජිවිතේට නොදැකපු උන්  , මෙහෙම තැන්වලට එන මට්ටමේ පවුල්වල තාත්තලට කෝ නිමාඩු , ලෙඩක් දුකක් නැත්තං  තුන්සිය හැටපස් දවසෙම දරු පවුලේ බඩ ගින්දර නිවන්ඩ ඒකලා‍ වැඩ  වැඩ වැඩ. අර හිටපු එකාල දෙතුන් දෙනත් මං වාගේ අහම්බෙන් කඩම්බාල්දු උන උන්ද කොහෙද. සතියකට නිවාඩුවක් දෙකක් තියන වාහන තියන උන් මේ වාගේ තැන්වල දරු පවුල් චාටර් කරන්නේ නැ . අදිනවා කෙලින්ම ලෙෂර්වර්ල්ඩ්.

අපිට පිටි පස්සේ බංකුවක හිටියා පොඩි පුතෙක් එක්ක බඩදරු අම්මෙක් . ඇවිත් හිටියේ එයාගේ මහත්තයත් එක්ක . පොර ෆෝන් එකෙන් හෙන අවුලක් ලිහනවා .

'' නැ නැ බොසා මේ දැනුත් පවුලගේ ලේ එකක් බලවාගන එන ගමං කොල්ලව ඔන්චිලි පදින්ඩ එක්ක ආවා, හෙට අනිවා දලඹේ ගාන්ඩ පටං ගන්නවා''

ඔන්න ඔහොමයි එතන සමාජ නියෝඡනය

''තාත්ති මේ පාක් එක කාගෙද''

''මේක අයිති ආණ්ඩුවට''

''ජනාධිපතිතුමා ගෙද''

මට දැන් මේක තේරුම් කරන විදිහ හිතාගන්ඩ බැ

'' නැ නැ හරියට බැලුවොත් මේක අපේ අපි ඔක්කොටම අයිතියි , අම්මලා තාත්තලා වැඩ කරලා හම්බෙන සල්ලි වලින් තමයි මෙව්වා හදන්නේ , චූටි බබාලට සෙල්ලං කරන්ඩ ''

කෙල්ලගේ කට ටික ටික ඇරෙනවා තව මොනවාහරි කියුවොත් හක්කත් පණින නිසා කතාව වෙන අතකට හැරෙව්වා

''අර එකපාරක් ඔයාට උණ හැදිලා ඉන්නකොට ලේ ගන්ඩ ගිහිල්ලා අක්කා කෙනෙක් කටු ගහලා රිද්දපු ඉස්පිරිතාලේ මතකයිද , අර  ලීසන්ස් කියන්නේ අපි දෙන්නා රස කොත්තු ගන්ඩ යන ක‍ඩේ ඉස්සරහ තියෙන්නේ , අන්න එයාල තමයි දැන් මේක ලස්සනට හදන්නේ''

අන්න ඒ පාර නං කෙල්ල කට පියාගන ඔලුව වැනුවා

( ඇත්තටම මේක හෙන ජරාවාස වෙලා තිබ්බේ , කාක් බෙටියි , කොක් බෙටියි හැම තැනම , ලීසන්ස් එකේ  උන්දලා තමා වටේට තිබ්බ ගස්ටික කපලා , කැඩිච්ච බඩු මුට්ටු හදලා ලස්සන කරලා අරගන උන්දලගේ තඩි බෝඩ් එකක් ගැහුවේ )

අපි දෙන්නත් එක්ක බංකුවක් නැති හන්දා වටේට ගහලා තියන එයාපෝට් දැලේ ගැට්ට උඩින් වාඩි වෙලා වටපිට බලන කොට තමා මම දැක්කේ දැකලා පුරුදු මුහුණු දෙකක් , අපේ කෙල්ලගේ පන්තියෙම කොල්ලෙග්ගේ අම්මයි තාත්තයි . කොලු පැටියයි , ඒකගේ අතදරු නංගි බබයි හතර දෙනා අපි ඉන්න පැත්තට එනවා . දැකලා තිබ්බට මොකද හිනා වෙනවා ඇරෙන්ඩ කතා බහක් නං අපි අතර කලින් තිබිලා නැ , කෙල්ලව උදේට ඉස්කෝලෙට දාලා කොල රොඩු අතු පතු ගාලා හනිකට රස්සාවට දුහනවා ඇර කෝ කඩයක් තියා ලෑලී තට්ටුවක් දාන්ඩවත් වෙලාවක්.ඒ දෙමාල්ලන්ටත් එහෙමයි.

 ඒ නංගි බබා ලොකු හන්දා ඒ අම්මයි තාත්තයි දෙන්නම ඉස්කෝලෙට ආවාට අපේ නංගි බබා පොඩි හන්දා හැමදාම උදේට ඉස්කෝලෙට යන්නේ අටංතුමානේ , අටං අම්මා යන්නේ දවල්ට අටං අක්කි එක්කරගන එන්ඩ විතරයි ,

දැන් ඒ මහ ඩබල අපි ඉන්න පැත්තට එනවා වෙනදා වාගෙම පනාව දාගන

''දෝණි අන්න ඔයාගේ ඉස්කෝලේ යාළුවෙක් එනවා , මොකක්ද එයාගේ නම ''

'' ආ තිසරු ''

'' ඔයාගේ යාළුවෙක්ද ''

'' ටිකක් යාළුයි ''

දැන් අර බුවා කටහඩ අවදි කරනවා

'' ආ අයියේ දුවව එක්කරගන ආවද ''

'' ඔව් මේ වෙන ගමනක් ගිය ගමං , මෙන්න මෙයාට එන්ඩ ඕන කියුවා''

''අපිත් මේ මෙහෙට්ටම ආවා . ගේ අස්සෙමනේ අයියේ ''

පොරගේ පවුලත් පොරගේ පස්සට වෙලා පොඩ්ඩිවත් වඩාගන දත්තිස්දෙක පෙන්නනවා

'' අයියලගේ ගේ තියෙන්නේ කොහෙද''

ඔන්න එහොම පටං ගත්ත කතාව දැන් දස අතේ ඇදිලා යනවා, පොරගේ ගම , පවුලගේ ගම , මගේ ගම , මගේ රස්සාව ( පොරගේ රස්සාව ගැන මට අහන්ඩ උවමනාවක් තිබ්බේ නැ , මොකද පොර රස්සාවට යන ගමන් ඉස්කෝලෙට  එන හන්දා , රස්සාවට යන කොට දාන හැව හන්දා මම තක්කෙට දන්නවා සතා මොකාද කියලා )

'' අයියා දෙකක් දාලා නේද ඉන්නේ''

'' ඔව් මල්ලි මේ පොඩි සීන් එකකට ගිහිල්ලා එන ගමං''

'' කොහෙද වැඩ පලේද ''

'' නැ නැ අවුරුදු උත්සවයක් , සිංහල බ්ලොගස්ලගේ''

හුටා එතකොට තමයි මට මතක් උනේ ''ක්‍රිකට් පිස්සා'' කෙල්ලට අරගන දුන්න තඩි චොකලට් එක ඒකි මගේ සාක්කුවට එබුවා නේද කියලා.

''ආ පුතේ අර මාමා දුන්න චොකලට් එක යාළුවා එක්ක කන්න''

මම කෙල්ලගේ අතට චොකලට් එක දෙන කොටම

'' මට තේ රුන් නැ අයියේ මොකේද ''

''ඔයා ඉන්ටර්නෙට් යූස් කරනවද ''

'' ඔව් ඔෆිස් එකේදි''

'' ගූගල්ලගේ තියෙන්නේ බ්ලොගර් කියලා ඔ‍‍ෆ්ෂන් එකක් , ඕන කෙනෙකුට ‍‍ෆ්‍රී වෙබ් සයිට් එකක් වාගේ එකක් කරගන යන්ඩ පුළුවන් සීන් එකක් ''

( මමත් ඉතින් දන්න විදිහට පොරට බ්ලොග් ගැන කියනවා )

'' මම යාහු මේල් එකක් පාවිච්චි කරන හින්දද මන්දා , මට සෙට් වෙලාම නැ නේ අයියේ ඕක ''

'' මමත් මෙව්වා ගැන හරියට දන්නැ , කම්පියුටර් එකක් පාවිච්චියට අරගනත් තාම අවුරුදු දෙකක් නැ , මටත් ඕක සෙට් උනේ අහම්බෙන් ''

'' දැන් මොනවද ඔව්වායේ තියෙන්නේ ''

'' හැම දෙයක්ම , කවි , කෙටි කතා , එක එක රස්සාවල් ගැන , රස කතා . ඕපාදූප හැම දෙයක්ම , නැති දෙයක් නැ ''

මම මගේ සාක්කුවේ තිබ්බ එදා මට හම්බෙච්ච සෝනියර් එක පොරට පෙන්නුවා

'' මේක හෙන වටින වැඩක් නේද අයියේ .අවස්ථාවක් නැති කෙනෙකුට කියන්ඩ තියන දෙයක් කියන්ඩ මරු ක්‍රමයක්නේ''

මටත් දැන් මාර චුන් ඇයි යකෝ මම මේ පිටස්තරයෙක් එක්ක බ්ලොග් ගැන කතා කරනවාමයි . පොරගේ හැටියට පොරට හොදට බුද්ධි ගෝචරවෙයි කියලා හිතුන හන්දා අර පිටින් නොපෙන්නුවට පුතෙක් නැ කියලා හිතෙන් වැලපෙන අංකල්ගේ  බ්ලොග් කට්ට ගැන එහෙම හෙන සවිත්සරයක් දුන්නා පොරට ඇඩෙන්ඩ.

'' කොහොමද අයියේ මෙව්වා බලන්නේ ''

මම ඉතින් අටම්පහුරට එනපාර  ලියලා , ඒකට යටින් ෆෝන් නම්බර් එකත් ලියලා පොරට දීලා තව වල් පල් ටිකක් කතා කර කර ඉදලා කෙල්ලත් ඇදගන ගෙදර එන්ඩ පිටත් උනා ,

පාරට බහිනකොටම බයිසිකල් එකක් තියාගන අයියා කෙනෙක් අයිස් ක්‍රීම් විකුණනවා

''තාත්ති මට අරවා එකක් ඕන''

''අනේ පුතේ වොන්ඩර්බාර් එකක් අරගන දෙන්නං කඩෙන් ,  ඔව්වානං බැ''

'' ....අ...නේ.....''

'' කොහේ හදනවද , කක්කා දාලා ඇවිත් සබන් දාලා අත සෝදන්නේ නැතුව ඔව්වා අල්ලනවද කවුද දන්නේ  .ත එව්වානං අරන් දෙන්නේ නෑ''

'' එහෙනං අර අනිත් අය කන්නේ''

'' එයාලත් කක්කා සෝදලා අත සෝදන්නේ නැතුව ඇති ''

කෙල්ල කට පියාගන නිකා හිටියා , කඩයකට ගොඩවෙලා වොන්ඩර්බා දෙකක් අරගන එකක් අටමිට දෙන්න තියාගන්න , කෙල්ල එක්ක ගෙදර ආවා.

දවස් දෙකකට පස්සේ මට එනවා කෝල් එකක්

'' අයියේ මම අටම්පහුර බැලුවා , කොහොමද එයා ඔව්වා ලියන්ඩ වෙලාව හොයාගන්නේ ''

'' අර දකුණු පැත්තේ තියන අනිත් අයගේ ලින්ක් ක්ලික් කරලා එව්වටත් යන්ඩ''

පොර දැන් බොහොම උනන්දුවෙන් මා එක්ක බ්ලොග් ගැන අනං මනං කතා කර කර ටිකක් වෙලා ඉදලා ෆෝන් එක තිබ්බා , ඊට පස්සේ දවස් කිහිපයක්ම ඉස්කෝලය ලගදී හම්බ උනත් ‍කතාකරන්න දෙන්නටම වෙලාවක් නැති හන්දා එන්නං මචං යන්නං මචං විතරයි , කොහොමින් කොහොම හරි දවසක් අපි දෙන්නට  කයියක් ගහන්ඩ ආයෙමත් අවස්ථාවක් ලැබුනා.

'' ලියහං කෝ උඹත් බ්ලොග් එකක්''

'' ලියන්ඩනං ආසයි අයියේ කොහොමද හදා ගන්නේ''

මම ඉතින් දන්න තරමින් පොරට වැඩේ කොරගන්න විදිහ කියලා දුන්නා, මගේ බ්ලොග් කට්ට මට අටවලා දුන්නේ අර  බක්තිමත් කිතුණුවා , මම ඉතින් ඔව්වා ගැන එහෙමට දන්න පොරක් යෑ. දවසක් දෙකක් ගෙවිලා ගිහිල්ලා ආයෙත් දවසක පොර මට කෝල් කරනවා.

'' අයියේ හෙන ට්‍රයි එකක් දුන්නා බැරි උනානේ අප්පා එකක් හදාගන්ඩ  , ඔයාට බැරිද මට එකක් හදලා දෙන්න''

'' හරි මම එනකොට රෑ නමය විතර වෙනවා . මම ඇවිත් ඔයාව ගන්නං''

කොහොම හරි පොරවත් වැඩට ගොහින් එන ගමන් දක්කාගන ඇවිත්  දන්න විදිහට බ්ලොග් එකක් අටවලා දුන්නා . පොරත් දැන් ඒක ලියාගන ලියාගන ලියාගන යනවා , ඔයාලත් කියවලා බලලා අඩු පාඩු එහෙම පෙන්නලා දුන්නා නං රටක් වටිනවා.


මෙන්න තියනවා ''වැව් ඉස්මත්ත''






2013-06-23

අපේ නංගිලා ජිම්නාස්ටික් කරලා නැ



මට මේ ‍ලිපිය ලියන්ඩම හිතුනේ අපේ මාතලං ගොයියා ඊයේ පෙරෙයිදා ලියාපු මෙන්න මේ ලිපිය දැක්කට පස්සේ ,  ( කාටද අප්පච්චියේ එහෙම සුන්දර ලළනාවක් හන්දා දික්කසාද වෙන්ඩ නොහිතෙන්නේ , ඔන්න ඉතින් හයිය අත්තක් අල්ලාගන්ඩ ඕන නං අපේ  ගෑල්ළමයින්ටත් තියෙන්නේ ජිම්නාස්ටික් කොරන එක තමා ) .

මාතලං ලොක්කා දාලා තිබ්බ පූටින් අංකල්ගේ  අළුත් කෑල්ගේ පොටෝ කෑල්ල  ( ඔය උඩින් දාලා තියෙන්නේ ) දැක්කට පස්සේ එක පාරටම මට මේ සීන් එක මතකයට  ආවා.

ඉස්සර මම අර යෝගට් කප් හදන රස්සාව කරන කාලේ අපිත් එක්ක හිටියා සමන්ත කියලා පොරක් , කියන කියන ඕන කුණ්ඩවාලියකට ඔලුව වනලා හා කියන හන්දා කොල්ලෝ පොරට කියුවේ ''එළකිරියා'' කියලා. 

ඔව් ඉතින් කාගෙන් හරි ලාභ ප්‍රයෝජන ගන්ඩ බලාගන ඉන්න උන්ටනං සමන්තයා එළ කිරි පොරක් තමා.ඇයි ඉතින් මොකා මොකක් කියුවත් ඒ පිස්සා හා කියලා ඔලුව වනනවානේ ,

''ආ උඹ ඉදිආප්පද ගෙනාවේ , පාං එපා වෙලා බං , උඹ පාං කාහං , මට ඕක දීහං''

'' එළ කිරියෝ මම පෙට්ටි ගොඩ අස්සට රිංගනවා එලිවෙනකං කතා කරන්නේ නැ හරිද''

''ගේට් පාස් එකක් දාගන එළියට ගිහිල්ලා වරෙන්කෝ''

''මගේ පාට්නර් ඇවිත් නැ කවරිං එක ඇදහංකෝ''

මොන මගුල කියුවත් ඌ බෑ කියන දවසක්නං මම දැකලා නැ . ඔය නරක ගතිගුණය හන්දා ඌට දිගටම කරදර තමා යාළුවෝ දුන්නේ , ඒවාට පොර කම්පා වෙන දවසක්නං මම දැකලා නැ. පොර ටිකක් නෝන්ජල් පහේ පොර හන්දා හැමදාම කරදර, ගෑණු කට්ටිය හිටං පොරව කඩේ අරිනවා , කම්මැලි කෙල්ලෝ කැමතියි පොරත් එක්ක එක මැසිමක වැඩ කරන්ඩ , ඇයි ඉතින් ''එළ කිරියා'' උන්ගේ වැඩත් එක්ක කරලා දානවනේ , කෙල්ලන්ට තියෙන්නේ ඉතින් කාව හරි අල්ලාගන තව කාගේ හරි රෙද්දක් අහක් වෙච්ච එකක් පතුරු අරින එක තමා ,

පව් එළ කිරියා හෙන අහිංසකයා . ඒකගේ වැඩ කියන්නේ , දවසක් වෙන වැඩක් කරකර හිටපු ඌට මම කතාකලා , පැලට් ලෑල්ලක් උඩ පතබාවලා තිබ්බ මෝල්ඩ් එකක් උස්සලා ක්රේන් එක ලගට ලං කරගන්ඩ, ( ෆෝක් එකකින් අස්සකට තල්ලු කරලා තිබ්බ හන්දා අතින් ක්‍රීයාකරවන ඒ ක්රේන් එකෙන් උස්සලා ගන්ඩ නං පැලට් එක පිටින්ම එළියට අරගන ඉන්න ඕන) . අපි හතර දෙනෙක් එක්ක අල්ලා එළියෙන් තියන කොට අන්තිමටම පැලට් එක බිම තියාපු එළකිරියා කට බිබීක්කම වාගේ හදාගන අත  ගසගසා යනවා දැක්ක අටංතුමා.

'' සමන්ත ඇයි බං උඹේ අත අහු උනාද ''

'' නැ නැ පොඩ්ඩයි''

'' කෝ කෝ පෙන්නහං''

'' යකෝ නියපොත්තත් ගැලවිලා නේද , වර වර යන්ඩ බෙහෙත් දාන්ඩ''

සාක්කුවේ තිබ්බ ලේන්සුව අරගන තැලිච්ච ඇගිලි ටික බදින ගමන් මම පොරට කියුවා

'' ඕන්නැ බැණුම් අහන්ඩ වෙයි''

''කවුරු බයින්ඩද   -ත්තෝ , යමං යමං''

''අර අපෝන්සු මහත්තයත් ඇවිත්''

එතකො වෙලාව උදේ අටට විතර ඇති, A M මහත්තයත් වැඩට ඇවිත්

'' අනේ ඌට  හු---ඩ  කියලා වරෙන් යන්ඩ , තොපි තමයි යකෝ මේව්වා කන්නේ , තියන චාන්ස් හිටං නැති කරනවා, මොකටද බොල මුන්ට මෙච්චර ඇඹරෙන්නේ , අපි පිනට පඩි ගන්නවද''

ජාතිය අමත අමතා මම ඌවත් ඇදගන ආවා ''සුපා'' (සුපර්වයිසර්) ලගට

'' පියසිරි අයියේ මුගේ ඇගිලි තැලුනා බෙහෙත් දාගන එන්නං,  නොම්මර තුන ඔන් එකේ කාවහරි එතනට දාන්න''

මහලොකු පැක්ටේරික් උනාට දොස්තර කෙනෙක් නං නැ , නර්ස් කෙනෙක් කියලා මාංදං කාරියක් නං ඉන්නවා, ඒකිලගට ගිහින් සර්ජිකල් ස්පීරීට් දාලා තුවාලය හෝදලා ජෙම්සන් වයර්ලට් දාන්ඩ හදනකොට එපා කියලා , නිකම්ම බැන්ඩේච් එකක් දම්මාගන එන ගමන් මම පොරට කියුවා

''මචං දැන් උඹ සෙක්ෂන් එකට ගියහම සුපාට කියලා වාහනයක් ඉල්ලාගන ඉස්පිරිතාලේ ගිහින් බෙහෙත් දාගන මෙඩිකල් එකක් අරගන නිවාඩුවක් දාහං කියලා ''

මොනවද කාපු උගුඩුවා වාගේ අමාරුවෙන් හිනාවක් දාපු පොර නෙමෙයි මං කියාපු විදිහට කලේ , කට පියාගන දෙක වෙනකං උඩ  බලාගන ඉදලා දෙකට කාඩ් එක ගහලා එලියට ආවා,

මම කොච්චර කතාකලාද වරෙන් දැන්වත් ඉස්පිරිතාලේ යමං කියලා , කොහෙද මූ ආවේ නැනේ, සති දෙකක් විතර අර තුවාලයට කාගෙන්දෝ මන්දා බෙහෙත් දාගන විදව විදවා වැඩට ආවා , ඔන්න ඔයවාගේ මොංගල් වැඩ හන්දානං මටත් සමහරක් වෙලාවට ඕකව පේන්ඩ බෑ ඒ කාලේ , ඒ උනාට මම කවදාවත් අනිත් උන්වාගේ ඌට කරදර කලේ නැ , අපි කිහිප දෙනෙක් ඇරෙන්න අනිත් උන් ඔක්කොම ඌව  බයිට් කරලා කාළකන්නි සතුටක් ලැබුවා. ගෑණු කියලත් වෙනස් නැ , උන්ගේ පරවැඩ කරගන්ඩ මේ අහිංසකයව පාවීච්චි කරපු එක තමා කෙරුවේ.

2013-06-14

how and when to change machine oil for a high speed sewing machine?


  1. ජුකී මැසිමේ ( හයිස්පීඩ් ) තෙල් මාරු කරන නිවැරදි ක්‍රමය
  2. How to replace oil of High Speed Sewing Machines

    '' ජුකි මැසිමට දාන තෙල් තියනවද ''

    '' ඔව් වන් ලිටර් එකක් තුන්සිය හැත්තපහයි ''

    '' පොඩි බෝතල් නැද්ද ''

    '' නැ ලීටර් එකේ බෝතල් තමා තියෙන්නේ ''

    '' අර සිංගර් පොඩි ඔයිල් බෝතල් දාන්න බැරිද ''

    '' ජුකි එකට ඒවා හරියන්නේ නැනේද ලක්මාල් අයියේ ''

    කෙල්ල සින් එක මට පංගඩත්තු කරලා ෂේප් වෙනවා

    '' මොකක්ද මැඩම් මෙෂින් එක ''

    '' සිංගර් එකෙන් ගත්ත ජුකියක් ''

    අපේ කෂ්ටිය singer soje මෙෂින් එකට කියන්නේ එහෙම නේ

    '' ඒකට ඔහොම ‍අඩුවෙනකොට පොඩ්ඩ පොඩ්ඩ දාලා වැඩක් නැ , ලෝ ලෙවල් එකට ඔයිල් බහිනකොට තියන තෙල් ටික අයින් කරලා අළුතින් ලීටර් එකක් දාන්න ''

    '' අපි කවදාවත් එහෙම දැම්මේ නැනේ ටික ටික තමයි දැම්මේ අඩු වෙනකොට බලලා ''

2013-05-20

සුපවයිසර් කෝ



මේ චාටර්ම චාටර් සිද්ධිය උනේ කාලයකට ඉස්සර මම යෝගට් කෝප්ප නිෂ්පාදනය කරන ආයතනයක වැඩ කරන කාලේ , ඒ ආයතන‍යේ වැඩ රාජකාරි සිද්ධ උනේ සේවාමුර ක්‍රමයට, උදේ හයට වැඩට යන කෂ්ටිය දවල් දෙකට ගෙදර  යනවා . දෙකට එන කට්ටිය රැ නමය වෙනකං වැඩ කරලා ගෙවල් වලට යනවා . නමයට එන එකාල නං ඉතින් උදේ හය වෙනකං තපින්ඩ ඕන , 

දවල් වරුවට කෙල්ලෝ එහෙම ඉන්නවා උනාට කොල්ලන්ට බයිට් එකට ගන්ඩ කොහෙද රැට උන්වත් නැනේ, කැගහගන , කුණුහාරප කියාගන , පිස්සු නටාගන තමා සෙට් එකම ඉන්නේ , ඒක වෙනමම උප සංස්කෘතියක් මෙහෙම වචන වලින් විස්තර කරන්ඩ පුළුවන් දෙයක් නෙමෙයි .කොහොම උනත් වෙන තැන් වල නැති සමගියක් ඔයවාගේ තැන්වල තියනවා. ගෙදරින් ගේන දෙයක් බෙදා හදාගන කාලා , සිකරට් එකක් බුලත් විටක් තියනවානං ඒකත් බෙදා හදා ගන්න එක ඉතින් සිරිතකටත් වඩා නීතියක් වාගේ  අනිවාර්යෙන් කරන්ඩ ඕන දෙයක් , සමහරක් වෙලාවට එකෙක් ගේන කැම එකක් දිග ඇරලා අනිකලටත් කතා කරන්නේ කොහෙවත් ඉන්න එකෙක්.

පැට්ටේරියටම නාකි වෙච්ච උන් සෙට් එකක් හිටියා උන් නං ඉතින් රැට වැඩට එන්නේ දෙකක් දාගන මලක් එහෙම ගහල තමා . ඔය මොකක් හරි අයිස් ජොබ් එකක් කරන හන්දා උන් කොහොම ආවත් අපිට නං අවුලක් නැ , උන්ගේ වැඩ ටිකත් එක්ක අළුත් කොල්ලෝ කරල දානවා , පාලන අධිකාරියටත් ඔව්වා ගානක් නැ නොදන්නවා වාගේ ඉන්නවා , 

එතන ඉන්න මැනේජර්ලා , සුපවයිසර්ලා ,
ඩබ්ලියු  එස්ලා , ඒ එම්ලා , ගොඩක් උන් මෙතනම ඉදලා ඉහලට ගිය අය, වෙන තැනකට ඔය ලෙවල් එකට රස්සාවට යන්ඩ බැරි හන්දා මොනවා දැක්කත් , අඩු පඩියක් ලැබුනත් , කට පියාගන වෙන දෙයක් බලාගන ඉන්නවා ,

පහල ඉදන් ඉහලටම ඉන්න සේවකයෝ සේවා මුර ක්‍රමය නිසා ලැබෙන නිවාඩු වෙලාවේ මොනවාහරි තව අමතර දෙයක් කරනවා . නැත්තං ලැබෙන පඩියෙන් ජීවත් වෙන්න බෑ , ලංකාවේ අඩුම පඩි ගෙවන ආයතන වලින් එකක් තමා ඔය ආයතනය , ජිවත් වෙන්න අමතර දෙයක් නොකරන්නේ එහෙමත් එකෙක් තමා . දවල් දෙකට ඔ‍ෆ් වෙලා ගෙදර ගියහම සමහරක් දවස්වලට ආයේ වැඩට එන්ඩ තියෙන්නේ පහුවදා රැ නමයට , ඉතින් කම්මැලියෙක් නොවෙන එකෙකුයට ඕන තරම් වෙලාව තියනවා තව මොනවා හරි කොරන්ඩ , අටමනං ඉතින් ඒ කාලේ ඔය නිවාඩුවේ වැඩකට ඇති වැඩක් කලේ නැ රස්තියාදු ගහනවා මිසක්.

අපිත් එක්ක හිටියා ප්‍රීයන්ත කියලා පොරක් මම ඔය නොදන්න දෙයක් එහෙම අහගන්නේ පොරගෙන් තමා . ''තර්මෝෆෝමින්ග්'' ගැන පරතෙරටම දන්නවා කොරල කොරලම පුරුදුවෙලා . මිනිහා නිවාඩු වෙලාවට සුවිප් ටිකට් වික්කා . තව ලග තිබ්බ ''ඉන්ජෙක්ටින්ග් මොල්ඩින්'' වැඩ පලක පාටිටයිම් වැඩ කලා.
කිසි දියුණුවක් ඒත් තවම නැ , අදටත් එතනම වැඩ . පව් හරියන්ඩ ඕන ඌට , ඌ හෙන අහිංසකයා.

ගොඩක් පරණ ආයතනයක් හන්දා එතන වැඩ කෙරෙන්නේ හරිම ගාතානුගතික ක්‍රමයට , හරියට ආණ්ඩුවේ කර්මාන්ත ශාලාවක් වාගේ , 


අපි වැඩ කරපුවානං හෙන හද්ද පරණ එව්වා .සමහරක් මෙෂින් කෑලි හැලෙන යකඩ ගොඩවල් . මෙෂින් එක ගෙනාවට මොකද අමතර උපාංග කිසිවක් ගෙන  එන්නේ නැති නිසා වැඩ කරන සේවකයෝ ඒ මෙෂින් වල කොටසක් බවට පත්වෙලා තමයි වැඩ කරන්ඩ ඕන . කොච්චර ලොකු මෙෂින් උනත් අදාල අමතර  තියනවනං තනි පුද්ගලයෙක්ට පහසුවෙන් හසුරවන්ඩ පුළුවන් , ඔය අමතරව සවිකරන කෝප්ප එකතු කරන උපාංග , අමුද්‍රවය ලබාදෙන උපකරන ‍, ආරක්ෂක උපකරණ වාගේ දේවල් නොමැතිකම නිසා ගොඩක් අනතුරු හිටං වෙනවා , ඒවා ගැනනං අපේ රටේ කොහොමත් සැලකිල්ල අඩුයිනේ . සේවකයන්ගේ ජීවිතවල වටිනාකමක් නැ පාලකයන්ට වැඩ ගන්නවා විතරයි. 

 ''තර්මෝෆෝමින්'' කියලා හදුන්වන යෝගට් කෝප්ප නිෂ්පාදනයෙදි යොදා ගන්නේ  p.p සහ hips  කියන ප්ලාස්ටික් වර්ග දෙක , 

මෙෂින් වර්ගත් කිහිපයක්ම යොදා ගන්නවා 

ප්ලාස්ටික් ෂීට් නිෂ්පාදනය කරන මෙෂින්
කෝප්ප සහ පියන් නිෂ්පාදනය කරන මෙෂින් 
කෝප්ප සහ පියන් මුද්‍රණය කරන මෙෂින්
අපතේ යන ප්ලාස්ටික් කැබලි නැවත භාවිතා කලහැකි ලෙස සකසන මෙෂින්

ඊට අමතරව මුද්‍රණ යන්ත්‍ර වලට යොදන බ්ලොක් නිමකරගන්නා කුඩා මෙෂින්

ඉතින් මටත්  ඔතන වැඩට ගියාට පස්සේ ටික දවසක් අනිත් හැමෝටම වාගේ එය කියන හැම තැනකම වැඩ කරන්ඩ සිද්ධ උනා , මමත් ඉතින් ඔය යකඩ කෑලි වලට පණ ඇරලා ඉන්න එකා හන්දා හරිම කැමැත්තෙන් ඉක්මනටම වැඩටික අල්ලා ගත්තා , දැතේ වැඩත් උපතින්ම පිහිටපු එකා හන්දා ඉක්මනටම මට ආයතනයට අළුතින්ම  ගෙනාපු  p.p කප් සහ ලිඩ් ම්‍රද්‍රණ යන්ත්‍ර දෙකේ වැඩකටයුත් ටික බලාකියාගන ඉන්ඩ අවස්ථාව ලැබුනා . 

මට ඉතින් කරන්ඩ තියෙන්නේ , එක් එක් ප්‍රමාණවලට , එක් එක් වර්ගවලට , එක් එක් වෙළද නාමයන්ට අදාල විදිහට යන්ත්‍රය  සකස් කිරීම , දෝෂ නිවැරදි කිරිම , මුද්‍රණයේ ප්‍රමිතිය පවත්වා ගැනීම වාගේ වැඩ ටිකක් තමයි , නඩත්තු අංශයක් වෙනමම ආයතනය තුල පවත්වාගන ගියත් මේ යන්ත්‍ර දෙකේ නඩත්තු කටයුතු පැවරිලා තිබුනේ සේවා මුර තුනේ අපි තුන් දෙනෙකුටම තමයි. ඒමොකද කියනවානං කලින් ආයතනය තුල ඒ වර්ගයේ මුද්‍රණ යන්ත්‍ර භාවිතා නොකර තිබුන නිසා නඩත්තු අංශයේ කාර්මිකයන්ට ඒ ගැන දැනුමක් නොමැතිවීම සහ ඒ යන්ත්‍ර පිලිබදව අපිට ඔවුන්ට වඩා දැනුමක් සහ පුහුණුවක් තිබීම නිසා .


ඔය කාරණාවම මූලික කරගනිමින් පස්සේ කාලයක වෙනමම තිබුන නඩත්තු අංශය විසුරුවා හැරලා. එතන සිටි කාර්මිකයින් එක් එක් නිෂ්පාදන අංශයන්ට යොමුකලා. 

( මේ කියන ආයතනය හරිම විශාල එකක් මීටර් එකසිය පනහක් විතර දිගයි, මීටර් සී‍යක් විතර පළලයි ,, තනි වහලයකින් වැහිලා තියන ගොඩ නැගිල්ල ඇතුලේ එක එක ප්ලාස්ටික් බඩු වර්ග හදන අංශ හත අටක්ම තියනවා , ඉඩම කොච්චර ලොකුද කියලා හිතා ගන්ඩකෝ , සමහරක් නිෂ්පාදන අංශ ඒ ගොඩ නැගිල්ලට පිටින් වෙන පොඩි ගොඩනැගිලිවලත් තියනවා )

කොහො හරි ඉන් පස්සේ නඩත්තු අංශයේ සිටි අතිරික්ත සේවක  සංඛ්‍යව නිකම්ම අඩු උනේ , එක එකාගේ දැන හැදුනුම් කම් වලට පින්සිදුවන්නට නඩත්තු අංශයට එකතු වෙලා හිටිය වැඩබැරි ටාසන්ලගේ රෙදි තමන් අනුයුක්ත කල සේවා අංශයන් තුලදි ගැලවිලා ගිය ලැජ්ජාවට ඉල්ලා අස්වෙලා ගිය හන්දා.

ඹන්න ඉතින් මම මේ කියන දවසෙත් රාත්‍රී සේවා මුරයට වැඩට ගියා , එදා මගේ ඇගට ටිකක් අමාරු දවසක් , නිකං උණ ගැනෙන්ඩ වාගේ, නිවාඩුත් ඉවර වෙච්ච අවුරුද්දේ අන්තිම මාසයක හන්දා කෙදිරි ගගා ගියා වැඩට,  

අත්සන් කරන්ඩ කියලා මේසය ලගට ගියහම අපේ සුපවයිසර් උපුල් අයියා මට බ්ලොක් වාගයක් දික්කරලා , 

''ලක්මාල් ලිඩ් පින්ටර් එක තව තිස්දාහක් ගහලා නවත්තන්ඩලු , හදිස්සියෙම   ----- හවුස් ලක්ෂ දෙකක් ඉල්ලනවා''

''අද මගේ ඇගටත් අමාරුයි , එහෙනං හොද ජොකියෝ හතරදෙනෙක් දාන්ඩ , එළිවෙනකොට මාරුකරන්ඩ බලමු''

''අම්මෝ ඔව් නැත්තං උඹට හයයි දෙකත් ඇදලා තමා යන්ඩ වෙන්නේ හෙට ඉන්නේ ''නානා පතේකාර්''

( අපේ දයසිරියට අපි කියන්නේ නානා පතේකාර් කියලා , වැඩ අනාගන නාගන , ගාගන්න හන්දා)

කොහොමහරි උපුල් අයියත් එක්ක කතා කරකර මම අතට දුන්න බ්ලොක් ටික එකින් එක බැලුවා , 

''කෙලියා උපුල් අයියේ තාප්පෙට අලියගේ හොඩවැල නැ ...මේ ''

''අප්පට දැන් මොකද කරන්නේ ''

'' බ්ලොග් එකක් ගහමු ''

'' w s ගෙන් යතුර ගන්ඩ ගියහම කේස්නේ බං , නෙගටිව් ඔෆිස් එකේ කබඩ් එක ඇතුලේ , හෙට දෙන්නට ලියුං දෙකකුත් දෙන්ඩ වෙයි''

''දැන් ඉතින් වෙන කරන්ඩ දෙයකුත් නැනේ''

''පරණ බ්ලොක් නැද්ද අටවාගන්ඩ පුළුවන් එකක්''

''හරියන්නැ ගැලවෙනවා''

''මම කොල්ලෝ ටික මෙෂින් වලට දාලා එන්නං . ඔයත් මෙෂින් එක පොඩ්ඩක් බලලා එන්ඩ , පේමදාස කාරයා ඉන්නේ ,අවුලක් නැතිවෙයි යතුර ඉල්ලගන එමු , අර   --තියන්ට බ්ලොක් හෝදන්ඩ දෙන්ඩ එපා බං . ඕපා දූප කියව කියවා බර බර ගාලා අතුල්ලලා කෙලලා දානවා බ්ලොක් ටිකට''

සුපවයිසර් ලොක්කා කෙල්ලන්ගේ පතුරු අරිනවා හිටගන , මම ඉතින් මෙෂින් දෙකේ සාම්පල් බලලා , ට්රේවලට තීන්ත  ටිකක් එහෙම දාලා , රබර් බ්ලැන්කට් මාරු කරලා , එළට ප්‍රීන්ට් එක සෙට් කරලා හිතට මෙෂින් දෙක ෆිට් උනාට පස්සේ කොල්ලන්ට පොඩ්ඩක් බලන්ඩ කියලා   ''සුපා'' එක්ක ගිහිල්ලා ws ට කනුකුණු ගාලා ඔෆිස් එකේ යතුර ඉල්ලාගන ඇවිත් නෙගටිව් එක අරගන ආයෙත් ws ට යතුර ගිහින් දුන්නා , පොතේ අපි යතුර ගන්නවා කියලා නොලියපු නිසා හෙට උදේට උත්තර බදින්ඩ ඕනත් නැ . 

බ්ලොක් හදන කාමරය තියෙන්නේ ඔෆිස් එකත් එක්ක අල්ලා වෙනමම , එකේ තමයි තීන්ත එහෙමත් ගබඩා කරලා තියෙන්නේ , අපිට සැරින් සැරේ තීන්ත ඕන වෙන නිසා ඒ කාමරය කවදාවත් ලොක් කරන්නේ නැ . නිකං ලොක් කරන්නේ නැතුව කොන්ඩි පට්ටමට ඉබ්බා අමුනනවා විතරයි , යතුර තියනවා උනත් සුපවයිසර්ගේ ලාච්චුවේ කවුරුවත් නිකං ඉබ්බා අමුනනවා මිසක් ලොක් කරන්නේ නැ, 

බ්ලොක් එකක් හදාගන්න එකත් ලස්සන වැඩේ , බ්ලොග් එකක් හදන්නේ රබර් වාගේ තැඹිලි පාට ප්ලාස්ටික් එකක් ගානට මිම්මට තවරලා තියන තහඩුවකින්, ඒ තහඩුවෙන් අපිට ඕන සයිස් එකට කෑල්ලක් කපලා අරගන නෙගටිව්  (ඔව් ඔව් ෆොටෝ නෙගටිව් එකක් වාගේ ප්ලාස්ටික් කොලයක් තමා . ඕන කරන තැන් ටික අදුරු කරලා අනිත් ටික ඉතුරු කරලා තියෙන්නේ)  එක තියනවා තහඩුව උඩින් .

බ්ලොක් සෝදන මෙෂින් එක ලොකු අවන් එකක් වාගේ. එකේ ‍අරින්න දොරවල් දෙකක් තියනවා . එක දොරක් ඇරියහම තියනවා uv ලයිට් එකක්, අර නෙගටිව් එක ටේප් කෑලි දෙකකින් අලවපු බ්ලොග් තහඩුව තියනවා ඒ ලයිට් එක යටින් , (තියන කාලය බ්ලොග් එකේ ප්‍රමාණයත් එක්ක වෙනස් වෙනවා) නියමිත කාලකට පස්සේ ඒක එළියට ගන්නවා , අරගන අනිත් දොර ඇරලා ඒ කොටසේ තියන බ්‍රස් ‍එකට මුහුණ හිටින විදිහට ඩබල් සයිඩ් ටේප් වලින් අනිත් පැත්තේ තියන කැරකෙන තැටියට අලවලා ස්වීච් එක දැම්මහම අවශය කොටස් ඉතුරු වෙලා අනවශ්‍ය කොටස් ඉවත් වෙනවා . 

බ්ලොක් කාමරය වෙනමම හදලා තියෙන්නේ . ඒ බ්ලොක් එකක් හදන්න ගන්න තහඩුව ආලෝකයට සංවේදී හන්දා වැඩ කරන වෙලාවට කළුවර කරගන්න ඕන හන්දා . අපි දෙන්නත් එක්ක කාමරයට ගිහිල්ලා ටික වෙලාවක් කයිය ගගහ ඉදලා ඔය රාජකාරියට පැය දෙකක්වත් යන හන්දා ඇගටත් අමාරු එකේ ටිකක් නිදා ගන්නවා කියලා හිතලා 

''උපුල් අයියේ මම ටිකක් නිදාගන්නවා , ඇගට අමාරුයි''

''හා මම මේක හදාගනම ඉවරවෙලා එන්නං , අරුන්ට කියහං ඩැමේජ් වදින්ඩ දෙන්ඩ එපා කියලා , රන්දිල්ට කියහං බලන්ඩ කියලා''

මමත් ''හා'' කියාගන කාමරේ දොර ඇරගන එලියට බැහැලා ආවා මෙෂින් දෙක ලගට , 

''මේ මට නිකං උණ වගේ . මම නිදාගන්නවා හරිද තිහක් ගහලා නවත්තලා , රෝල් ටිකත් හෝදලා , මෙෂින් එක ගලවලාම මට කතා කරහල්ලා හරිද''

'' එළ එළ ...ලකා...එළ ''

වැඩට ගිහිලා නිදියන එක මම කලාතුරකින් කරන වැඩක් . අපේ අනිත් ටෙක්නීෂියන්ලනං ඉතින් දහය එකොලහ වෙනකොට බුදියනවා , කොල්ලන්ට මැෂින් බලාගන්ඩ කියලා , උන් ඉතින් ආයේ නැගිටින්නේ පහුවදාට  තමා, කලාතුරකින් හරි ආයේ අතර මැද්දේ ඕකුන් ඇහැරෙන්නේ ඉතින් මැෂින් එකක් කැඩුනොත් හරි , බ්ලොක් එකක් මාරු කරන්ඩ හරි තමා, ඉතින් හැමදාම මොකක්හරි කේස් එකක් , එක්කෝ ඩැමේජ් වැඩියි , නැත්තං ටාගට් එක ගහලා නැ , එහෙමත් නැත්තං වැඩිපුරත් එක්ක කෝප්ප පීන්ට් කරලා , මොකක් හරි මගුලක් , පහුවදාට නිකං අපරාදේ එක එකාට ඇඹරෙන්ඩ ඕන

ඔන්න ඔය කාරනාව හන්දා මම නං නිදාගන්නේ එහෙමත් දවසක තමා ඔන්න , මෙහෙම බැරිම අවස්ථාවකම  තමා , මං ඉතින් කරන්නේ පැයකට හමාරකට කොල්ලෝ එකා , එකා නිදා ගන්ඩ අරින එක ඒක , මෙෂින් දෙක අතරේ එහෙටයි මෙහෙටයි ඇවිද ඇවිද ‍මොනවාහරි කියව කියවා . දෙපැත්තටම  උදව් කරන කොට නිදි මතක් එන්නෙත් නැ . මෙෂින් දෙකේ වැඩ කරන එවුන් දෙන්නෙක්ට එකපාර නිදා ගන්ඩත් පුළුවන් , වැඩ දෙකම කෙරෙනවා , පහුවදාට ලොක්කො ඉස්සරහා ඇඹරෙන්ඩ  ඕනත් නැ ,

හැබැයි ඉතින් හොර කොටන එකෙක් , කම්මැලියෙක් එහෙම ම‍ට සෙට් උනොත් දවසක් දෙකක් හොදින් කියලා , තිත්ත කුණුහාරපෙන් බැනලත් දවස් දෙකතුනක් කියලා බලලා හරි යන්නැත්තං , සුපවයිසර්ට කියනවා 

''අනේ මේ   --තා එක්ක වැඩ කරන්ඩ බැ '' වැන්ඩෑම් '' පැත්තේ ආයේ මූව එවන්ඩ එපා''

 කියලා , අනිවා එවන්නේ නැ ඊට පස්සේ පොරව ඒ පැත්ත පලාතේ  , මොකද කියනවනං ඒ වෙන කොට අපේ කස්ටමස්ලා වැඩිහරියක් ඉල්ලන්නේ ඔය ''වෑන්ඩෑම්'' මෙෂින් දෙකේ ප්‍රීන්ට් කරපුවා හන්දා , වැඩේ අල උනොත් අනිවා බඩු බනිස් වෙන හන්දා,

අපේ එකාල ඉතින් මම ඉදලා ඉදලා දවසක බුදියගන්නවා  කියුවහම  පුල් සප් එක දෙනවා , ආයේ ඉතින් මට කතා කරන්නේ නැ මොකටවත් මම ඇහැරලා එනකං , හැබැයි ඉතින් උන් ටික එකතු වෙලා මම ටී ටයිම් තුනට බොන්ඩ අරගන යන සිකරට් තුනටනං වැඩේ දෙනවා එක ටී ටයිම් එකකට එක ගානේ , හැමදාම ඕක ගන්නේ රංදිල් තමා , අනිත් උන් මොනවා උනත් මගේ දෙයක් එහෙම ගන්නේ නැ , නැගිටලා ඇවිත්  ''පැනල් බෝඩ් එක '' එක අරින මං,
(මම ෆෝන් එකයි ,පර්ස් එකයි , ලයිටර් ,සිකරුට් ,තියන්නේ එතන)

'' කෝ මොතන තිබ්බ සිකරට් දෙක ''

'' අනේ බලහංකෝ අපි ඔතනින් යනකොට සිකරෑට් එක කෑගැහුවනේ බං , අනේ මාව බොන්ඩ කියලා . හරි නැනේ බං ඉතින් අපි දෙකට ඒක බිව්වා''

''එතකොට කෝ  යකෝ අනිත් එක''

''තනියම ඉන්ඩ බැ කියලා ඒකත් කැගැහුවා . ඉතින් අපි හතර හමාරට බිව්වා''

''දැන් එතකොට මං බොන්නේ   --යද ''

'' බොනවනං ඉතින් මගේ අකමැත්තක් නැ ......ආ... ''

තොගේ  -----  කියලා පටන් අරගන මම ඉතින් අරුගේ පරම්පරාවෙම ගුණවර්ණනා කරලා , විනාඩියක් දෙකක් කෑගහනවා , ඒ උනාට ඌ නෙමෙයි මා එක්ක තරහා වෙන්නේ ,   ඔෆ් වෙලා යන කොට දුහගන ඇවිත් බයික් එකට පණිනවා , 

'' අනේ  ලකා මාවත් රාගමින් හලාගන පලයන්කෝ''

 කියලා , එක අතකට ඉතින් ඌ යැ තරහා වෙන්ඩ ඕන මමනේ 

කොහොම හරි ඉතින් මේ කියන දවසෙත් මම රැ දහය හමාරට විතර ගිහිල්ලා නිදාගත්තා , මළා වාගේ එක නින්ද , පාන්දර තුන හමාරට විතර ඇහැරිලා ආවා මෙෂින් එක ලගට , කොල්ලෝ ටික මෙෂින් එක ගලවලා හෝදලා ඉවර කරන්ඩත් ලගයි , මම නැගිටලා තියෙන්නේ නියම වෙලාවට. මෙෂින් එක ලගට එනකොටම නුවන් මල්ලි කෑගහනවා.

'' ලක්මාල් අයියේ හරි වැඩෙනේ බං උපුල් අයියට වෙච්ච දෙයක් නැනේ ''

'' මක්වෙලාද , එළියට යන්ඩ ඇති ''

'' නැ නැ බං අපි දොලහේ ඉදන් පොරව හොයන්නේ , බැරිම තැන ws  ටත් කියලා රංදිල්ලා ඔන්න එළියේ හොයනවා කියලා ගියා ''

'' බ්ලොක් එක ගෙනත් දුන්නද උඹලට ''

'' නැ ඒක ඉල්ලන්ඩ ගිහිල්ලා කාමරේ නැති හන්දා තමයි අපි හෙව්වේ , සිකුරිටි එකෙන් ඇහුවහම කියුවා පාරට ගියෙත් නැ කියලා''

'' අම්මට  --ලා  තියෙන්නේ ''

කියලා දෙලොව රත්වෙච්ච මං නුවනවත් පෙරලගන දුහන්ඩ ගත්තා

'' කොහෙද උඹ දුහන්නේ ''

'' මට අමතකවෙලා බ්ලොක් කාමරේ ඉබ්බා දැම්මා   --තෝ '' 

2013-05-08

නුඹ දුටිමි අද දිනේ සමගිනේ නුඹ පුතුන්





අතීතේ සියවරක් මා ඔබව බලා උන්
දොඩමළුව සිනාසුනු දෑත් යුග පටලවන්
ගොඩනැගු අපි එදා අනාගත සිහිනයන්
දකීදෝ කවුරුවත් අපි දන්න යැයි බියෙන්

මා දමා ගිය දිනේ පැතුමු මල් පොඩි කරන්
කියන්කෝ කල වරද අහන්නට ලංකරන්
බලා උන් මං එදා දෑස් යුග තෙත් කරන්
මගී බස් නැවතුමේ මග දෙසට නෙත් යොමන්

අපේ පෙම ටිකින් ටික අතීතෙට එක් කරන්
ගෙවී ඇත විසි වසක් අතීතෙට එක්වෙමින්
උලුප්පා මතුකරන් වල දැමු මතකයන්
නුඹ දුටිමි අද දිනේ සමගිනේ නුඹ පුතුන්





2013-04-25

කකුල කඩාගනවත් නිකා ඉදලා නැ




මම මේ කියන්ඩ යන පොරගේ ඇත්ත නම හරි , ඒකටත් වඩා දන්න අනවර්ථ නාමය හරි කියුවෝතින් ඉතින් අහල ගං හතක් දන්න හන්දා මම ''බුකුං'' (මේ නමත් රෙජිස්ටර් වෙයිද දන්නැ) කියලා කියන්නං , මේ මලයා ම‍ගේ අතීතයේ ඉදන්ම යාළුවා වෙච්චිකොට මම කොහොමද මේක නොකියා ඉන්නේ,

ඇත්තම කියනවානං මූ හෙන හොද එකා, දස්සයා, කැඩිච්ච බිදිච්චා හදන්ඩ හෙන සමතා, හැබැයි ඉතින් උපංගෙයි කම්මැලියා, බුකුං අකමැතිම වැඩේ තමයි වැඩ කොරන එක, නැත්තං උන්ගේ තාත්තා කොච්චර දැගලුවද අවුරුදු තිහ හතලිහක් ලකේට කොරගන ආපු වයිරින්ග් කොන්තරාත් ටික මේකට පවරලා දෙන්ඩ , කොහෙද කම්මැලි කොමට කර ඇරියනේ, අපරාදේ සුළු පටු වැඩ කන්දරාවක්ද අංකලයට එක මාසෙකට සෙට්වෙන්නේ, ලොකු සයිස් එක දීගන වැඩ කලාට මොකද කොරන වැඩේ හරියට කොලා, ඒකනේ බිල්ඩින්වල අයිතිකාරයන්ට හෙනට පකුං දාද්දිත් ඒ මිනිස්සුම තව එකෙකුට රෙකමන් කරන්නේ

''ගාණ වැඩි උනාට , කට හොද නැති උනාට ''ලෝගුස් '' වැඩකාරයා'' කියලා

කොහොම හරි තාත්තා වයරින්ග් රස්සාවට දක්කගෙන යන එකෙන් ගැලවෙන්ඩ බුකූං කලේ . එකක් ඉවරවෙන කොට එකක් කෝස් කරන එක , ඒකෙන් ඉතින් නරකක් උනෙත් නැ, මේකා ඉතින් දෑතේ වැඩට හෙන බ්‍රයිටා උන එක මිසක්,

ඒ උනාට මූ අපරාදේ තාත්තා පස්සෙන් නොගියේ , ඒ මනුස්සයා පස්සේ ගිහිල්ලා පිට උන්ම කී දෙනෙක්නං ගොඩ ගියාද , මොකෝ අපිට සෙට්වෙන දෙකයි පනහේ වැඩ වගේද එව්වා , ඔක්කොම බරකාරයන්ගේ , දළ කාරයන්ගේ වැඩ , සල්ලී නිකං නෙල්ලි වගේ. එදා වාගේම අදත් මම ඕකට බනින්නේ ඔය කරපු ගොංකමට තමයි,

අනික ඉතින් බ්‍රුකුං කරන ගොං වැඩවලට කෑගැහුවට අංකල්කාරයත් අවුල් සහගත පොරක් නෙමෙයි එළ බුවා. නැත්තං ඉතින් ඉදලා හිටලා අපි බුකුංව හම්බෙන්ඩ ගියහම ....................

'' ආ ගොඩ දවසකින්නේද , කොහෙද ඉතින් කෝල් කරලවත් අල්ල ගන්ඩ පුළුවනැ , දැන් ඉතින් අපිව ගණන් ගන් නැ ..හරි ගිහිල්ලා , අන්න ඒකට ''විකියා'' පෙරෙයිදත් ආවා , ''පොඩි මල්ලිනං''  ඉතින් මගේ පොඩි පුතා  වගේ නේ . කෝල් එකක් හරි දීලා අහනවා ....ආ අංකල් කොහොමද කියලවත්.......කමන් නැ , කමන් නැ''