2013-06-23

අපේ නංගිලා ජිම්නාස්ටික් කරලා නැ




ඉස්සර මම අර යෝගට් කප් හදන රස්සාව කරන කාලේ අපිත් එක්ක හිටියා සමන්ත කියලා පොරක් , කියන කියන ඕන කුණ්ඩවාලියකට ඔලුව වනලා හා කියන හන්දා කොල්ලෝ පොරට කියුවේ ''එළකිරියා'' කියලා. 

ඔව් ඉතින් කාගෙන් හරි ලාභ ප්‍රයෝජන ගන්ඩ බලාගන ඉන්න උන්ටනං සමන්තයා එළ කිරි පොරක් තමා.ඇයි ඉතින් මොකා මොකක් කියුවත් ඒ පිස්සා හා කියලා ඔලුව වනනවානේ ,

''ආ උඹ ඉදිආප්පද ගෙනාවේ , පාං එපා වෙලා බං , උඹ පාං කාහං , මට ඕක දීහං''

'' එළ කිරියෝ මම පෙට්ටි ගොඩ අස්සට රිංගනවා එලිවෙනකං කතා කරන්නේ නැ හරිද''

''ගේට් පාස් එකක් දාගන එළියට ගිහිල්ලා වරෙන්කෝ''

''මගේ පාට්නර් ඇවිත් නැ කවරිං එක ඇදහංකෝ''

මොන මගුල කියුවත් ඌ බෑ කියන දවසක්නං මම දැකලා නැ . ඔය නරක ගතිගුණය හන්දා ඌට දිගටම කරදර තමා යාළුවෝ දුන්නේ , ඒවාට පොර කම්පා වෙන දවසක්නං මම දැකලා නැ. පොර ටිකක් නෝන්ජල් පහේ පොර හන්දා හැමදාම කරදර, ගෑණු කට්ටිය හිටං පොරව කඩේ අරිනවා , කම්මැලි කෙල්ලෝ කැමතියි පොරත් එක්ක එක මැසිමක වැඩ කරන්ඩ , ඇයි ඉතින් ''එළ කිරියා'' උන්ගේ වැඩත් එක්ක කරලා දානවනේ , කෙල්ලන්ට තියෙන්නේ ඉතින් කාව හරි අල්ලාගන තව කාගේ හරි රෙද්දක් අහක් වෙච්ච එකක් පතුරු අරින එක තමා ,



පව් එළ කිරියා හෙන අහිංසකයා . ඒකගේ වැඩ කියන්නේ , දවසක් වෙන වැඩක් කරකර හිටපු ඌට මම කතාකලා , පැලට් ලෑල්ලක් උඩ පතබාවලා තිබ්බ මෝල්ඩ් එකක් උස්සලා ක්රේන් එක ලගට ලං කරගන්ඩ, ( ෆෝක් එකකින් අස්සකට තල්ලු කරලා තිබ්බ හන්දා අතින් ක්‍රීයාකරවන ඒ ක්රේන් එකෙන් උස්සලා ගන්ඩ නං පැලට් එක පිටින්ම එළියට අරගන ඉන්න ඕන) . අපි හතර දෙනෙක් එක්ක අල්ලා එළියෙන් තියන කොට අන්තිමටම පැලට් එක බිම තියාපු එළකිරියා කට බිබීක්කම වාගේ හදාගන අත  ගසගසා යනවා දැක්ක අටංතුමා.

'' සමන්ත ඇයි බං උඹේ අත අහු උනාද ''

'' නැ නැ පොඩ්ඩයි''

'' කෝ කෝ පෙන්නහං''

'' යකෝ නියපොත්තත් ගැලවිලා නේද , වර වර යන්ඩ බෙහෙත් දාන්ඩ''

සාක්කුවේ තිබ්බ ලේන්සුව අරගන තැලිච්ච ඇගිලි ටික බදින ගමන් මම පොරට කියුවා

'' ඕන්නැ බැණුම් අහන්ඩ වෙයි''

''කවුරු බයින්ඩද   -ත්තෝ , යමං යමං''

''අර අපෝන්සු මහත්තයත් ඇවිත්''

එතකො වෙලාව උදේ අටට විතර ඇති, A M මහත්තයත් වැඩට ඇවිත්

'' අනේ ඌට  හු---ඩ  කියලා වරෙන් යන්ඩ , තොපි තමයි යකෝ මේව්වා කන්නේ , තියන චාන්ස් හිටං නැති කරනවා, මොකටද බොල මුන්ට මෙච්චර ඇඹරෙන්නේ , අපි පිනට පඩි ගන්නවද''

ජාතිය අමත අමතා මම ඌවත් ඇදගන ආවා ''සුපා'' (සුපර්වයිසර්) ලගට

'' පියසිරි අයියේ මුගේ ඇගිලි තැලුනා බෙහෙත් දාගන එන්නං,  නොම්මර තුන ඔන් එකේ කාවහරි එතනට දාන්න''

මහලොකු පැක්ටේරික් උනාට දොස්තර කෙනෙක් නං නැ , නර්ස් කෙනෙක් කියලා මාංදං කාරියක් නං ඉන්නවා, ඒකිලගට ගිහින් සර්ජිකල් ස්පීරීට් දාලා තුවාලය හෝදලා ජෙම්සන් වයර්ලට් දාන්ඩ හදනකොට එපා කියලා , නිකම්ම බැන්ඩේච් එකක් දම්මාගන එන ගමන් මම පොරට කියුවා

''මචං දැන් උඹ සෙක්ෂන් එකට ගියහම සුපාට කියලා වාහනයක් ඉල්ලාගන ඉස්පිරිතාලේ ගිහින් බෙහෙත් දාගන මෙඩිකල් එකක් අරගන නිවාඩුවක් දාහං කියලා ''

මොනවද කාපු උගුඩුවා වාගේ අමාරුවෙන් හිනාවක් දාපු පොර නෙමෙයි මං කියාපු විදිහට කලේ , කට පියාගන දෙක වෙනකං උඩ  බලාගන ඉදලා දෙකට කාඩ් එක ගහලා එලියට ආවා,

මම කොච්චර කතාකලාද වරෙන් දැන්වත් ඉස්පිරිතාලේ යමං කියලා , කොහෙද මූ ආවේ නැනේ, සති දෙකක් විතර අර තුවාලයට කාගෙන්දෝ මන්දා බෙහෙත් දාගන විදව විදවා වැඩට ආවා , ඔන්න ඔයවාගේ මොංගල් වැඩ හන්දානං මටත් සමහරක් වෙලාවට ඕකව පේන්ඩ බෑ ඒ කාලේ , ඒ උනාට මම කවදාවත් අනිත් උන්වාගේ ඌට කරදර කලේ නැ , අපි කිහිප දෙනෙක් ඇරෙන්න අනිත් උන් ඔක්කොම ඌව  බයිට් කරලා කාළකන්නි සතුටක් ලැබුවා. ගෑණු කියලත් වෙනස් නැ , උන්ගේ පරවැඩ කරගන්ඩ මේ අහිංසකයව පාවීච්චි කරපු එක තමා කෙරුවේ.


අනිත් උන් වාගේ පොරව බයිට් නොකරපු හන්දා මං ගැන පොඩි ලෙංගතු කමක් උගේ හිතේ තිබ්බා , ඒකට රුකුල් දුන්න තව එක කාරණාවක් තමයි , කලාතුරකින් දවසක මිසක් මම ඩියුටි වෙලාවට නිදා නොගැනීම , එළකිරියත් එහෙම තමා , මාරුවෙන් මාරුවට නිදාගන්න චාන්ස් එක අනිත් උන් බොහොම කැමැත්තෙන්  කලාට , එළකිරියව  නිදිකරන එක නං ඉතින් හීනයක්ම තමා.

''අපෝ ඔහොම නිදාගත්තහම තවත් අමාරුයි ''

කියලා ඒ වාසනාවට පයින් ගහන එක තමා හැමදාම ඌගේ පුරුද්ද. මං ඉතින් ටී ටයිම් තුනටම තේ එකත් අරං එළියට ගිහිල්ලා සිකරට් එකක් ගහලා එනවා මිසක් , අසනිපයක් තිබ්බ දවසකට මිසක් නිදාගත්තේ නැ , හැමදාම වාගේ පාන්දර 4.30 ටී ටයිම් එකට මම එළ කිරියයි විතරයි  එළියට එන්නේ . අනිත් උන් ඒ පැයකාලත් පඩ ඇර ඇරා බුදියනවා,

එය කාලේ රෑට වැඩ කරන උන්ට  කිඹුල්ලු . අලිකකුල් , අඩ , ඉස්පංචී , ගල්බනිස්  එහෙම දුන්නා තේ බොන වෙලාවට කන්ඩ ,  '' නිදියන උන්ට මොන මගුලටද බනිස් කියලා ''  අපි දෙන්නා ඉතින් හතර හමාරට එව්වා දෙකතුනක් එක්ක තේ කෝප්ප දෙකත් අරගන එළියට ඇවිත්  ''කස ගස් ''  පේලිය යට ඉදගන කයියක් ගහගන ඉන්නවා . ඔය වාගේ එක දවසක එළකිරියා මට කියනවා.

''අයියේ අපේ අම්මලා මට කෙල්ලෙක් කතා කරානේ ''

'' අප්පට සිරි එළ එළනේ ''

'' කොහේ කෑල්ලක්ද බං''

'' ආනමඩුවේ ''

'' ආ කෙල්ල ලස්සනද ''

එළකිරියා ලැජ්ජාවේ ඇඹරෙනවා

'' කෑල්ල හොදද බං''

'' හම් ......ටිකක් කළුයි ''

'' අප්පට උබටත් කළු කෑල්ලක්ද ''

'' අප්පෝ ඔයාගේ කෙල්ල තරං කළු නැ ''

( $$$%^676&88 උගේ අම්මට )

'' ආ .....එහෙමද ''

'' හැබැයි ඒ වාගේම තමා  ''

'' ඒ කියන්නේ ''

''හෙමින් ගමනක් නැ . හයියෙන් ඇවිදිනවා ''

'' හෙහ්.... හේහ්.......  ඒකත් දුහන කෝච්චියක්ද ''

'' ඔව් අයියේ මාර හයියෙන් ඇවිදිනවා  , දේදුණු වාගේ ''

( $$%$$%$^&*()_ කොච්චර එපා කියුවත් ඌ මට අයියමයි කියන්නේ , මට වඩා අවුරුදු හතරක් වැඩිමාලුත් එක්ක )

'' දැන් වැඩේ ඉස්තීරෙටම සෙට්ද ''

'' ඔව් ඔව් එයාලගේ කට්ටිය අපේ ගෙදරත් ආවා , දේදුණු වාගෙම තමා මහන්ඩත් දන්නවා''

'' එහෙනං උඹට හොදා මේ පඩියෙන් කොහේ ජීවත් වෙන්ඩ ද , මේ වියදමත් එක්ක ''

'' එයා හරි හොදයි ''

'' ඇයි උඹ එහෙම කියන්නේ ''

''  මම එහේ ගියානේ තනියම එක දවසක් , එහෙට ටෙලිපොං තියනවා , මම යන්ඩ කලින් කතා කරා , අපේ අම්මා කියුවා එයාට මොනවද ඕන කියලා අහන්ඩ කියලා''

''ඉතින් ඉතින් ''

'' එයා කියුවා මොකුත් එපා ඔයා එන්ඩ කියලා ''

'' අනේ -කෝ උඹ අත්දෙක වනවනා ගියාද ''

'' පිස්සුද රුපියල් 90ක් දීලා කේක් එකක් අරං ගියා''

'' හෙහ් .....හෙහ් .... ඉතින් ගියහම කෙල්ල මොකද කියුවේ ''

'' මොකුත් නැ ''

'' කාටද කේක් ගෙඩිය දුන්නේ ''

'' එයාගේ අතට ''

'' ඉතින් මොකද කියුවේ ''

'' මොනවද මේ කියුවා ''

'' ඉතින් ඉතින් ''

'' මං කියුවා කේක් කියලා ''

'' මොකද එතකොට කියුවේ ''

'' මොකුත් කියුවේ නැ පුටුව උඩින් තිබ්බා ''

'' මචං මේ එපා කියුවට එහෙම යන්ඩ එපා කෙල්ලට චොකලට් එකක් වත් අරගන පලයං , ගෑණු එහෙම කරනවට කැමතියි''

'' කව්ද දන්නේ ඔව්වා ''

'' ආයේ යනකොට එකක් අරගන ගිහින් කාටවත් දෙන්නේ නැතුව තනියම කන්ඩ කියලා ගෙදර උන්ට හොරෙන් දියං''

'' ආයේ යනකොට එකක් අරගන යනවා ''

'' දැන් කවදටද වෙඩින් එක ''

'' ගෙයි වැඩ ඔක්කොම ඉවරයි , පිට කපරාදුව  ගහලා ඉවර වෙලා අගෝස්තුවේ ගන්නවා ''

'' තෝ නොබිව්වට කමක් නැ , අපිටත් කියලා අරක්කු ටිකක් බොන්ඩ දියං හරිද ''

'' මං කොහොමත් එව්වා කරන විදිහ අහන්ඩ හිටියේ , අපේ අයියත් බොන්නැ , තාත්තත් බොන්නෙත්  නැ , බොන්ඩ දෙන්ඩ කීයක් විතර යයිද ''

'' ඒවා ගැන එහෙම වද වෙන්ඩ එපා බං . අපේ උන්ට ගල් අරක්කු දුන්නහම ඇති , කෙල්ලගේ පැත්තේ උන්ට රිදෙන්ඩ සලකහං ''

එදා  ටී ටයිම් එකත් ඉවර වෙලා උදේ ගෙදර යන කල්ම අපි දෙන්නා කතා බහ කලේ උගේ වෙඩිම ගන්න හැටි තමා ,

මගේ අවාසනාව කියන්නේ ඒ ප්‍රීතිමත් අවස්ථාවට මට යන්ඩ අවස්ථාව ලැබුන් නැනේ , මගේ දකුණු අත මෙෂීන් එකකට අහුවෙලා ගෙදර හිටිය හන්දා ,

වෙඩින් එකෙන් මාසකට විතර පස්සේ මාව බලන්ඩ කොල්ලෝ කට්ටිය එක්ක අපේ ගෙදර ආපු එළ කිරියා

'' ඔයාට එන්ඩ බැරි වෙච්ච එක මටනං හිතට මදී , කමක් නැ ඔයාට සනීප නැනේ ''

කියලා කියන කොටනං මට හිතුනේ , අපරාදේ අමාරුවෙන් හරි යන්ඩයි තිබ්බේ කියලා , කොහෙද එතකොට මගේ අතේ මැහුම් කපලාවත් තිබ්බේ නැනේ .

ඉතින් ඔන්න ඔහොමයි එළකිරියගේ කැවුත්තේ වර්ණනාව.

උගේ ඔය සමහරක් අවුල්කේස් හන්දා අනිත් උන් පොරව බයිට් කලාට මට නං එහෙම හිතුන් නැ . මට හැමදාම හිතුනේ අපිට එහෙම ඌ ගැන හිතෙන්නේ පොරගේ අහිංසක කමයි , අවංක කමයි හන්දා කියලා , අම්මෝ දවසක් ඕකව කට්ටයිය මළ පන්නලා පොර අතට අහුවෙච්ච 65mm යතුර අරං එලෙව්වේ නැද්ද අරැං පස්සේ , අපි දෙතුන් දෙනෙක් එකතුවෙලා අල්ලා නොගන්ඩ හැංගිලා ඉන්න තැනක් හොයාගන ගිහිල්ලා ඔලුකටු කුඩු කරනවා .

ඔන්න තව දවසක් පාන්දර හතරට විතර ( ඒ වෙලාවට තමා කට්ටිය හොදම පිස්සු නටන වෙලාව , ඇයි ඉතින් නිදි මත කෙලින්වෙන වෙලාවනේ ) කට්ටිය දැන් එක එක එව්වා කිය කියා එළකිරියව බයිට් කරනවා ,  මූත් දැන් ඉතින් සැරින් සැරේ ලාවට හිනාව දාගන අහගන ඉන්නවා , ඌට දෙන්ඩ උත්තර තියන එව්වට හීනියට උත්තර දෙනවා , වැඩේ කියන්නේ පොර ඔහොම ඉදලා එකපාරටමනේ දුම්මලවරම අතට ගන්නේ , ඒ වෙලාවට තනි මිනිහෙට්ට නං පොරත් එක්ක දගලන්ඩ බෑ , ඇටයා වාගේ හිටියට පුදුම හයියක්නේ ඒකට තිබුනේ,

 ( මේ ලගකදී මට හම්බුනා කදාන පල්ලිය ඉස්සරහදි , පවුලව පොල්ල උඩ ඉන්දවලා . පොඩි දරුවා හැඩල් එක උඩ , ලොකු දරුවා ලැගිජ් එකේ , දැන්නං එළකිරියව ගොඩාක් දිරලා ගිහිල්ලා , මහන්සිවෙනවා ඇති අම්බානකට , දුක්වෙනවා ඇර වෙන මොනවා කරන්ඩද , පව් හිත හොද එකා , ඒ උනාට ඌ මට වඩා වාසනාවන්තයි , සාර්ථකයි , දක්ෂයි , මම ඒ කාලේ පිස්සු කෙලියට ඌ බදින්ඩ කලින් ගෙයක් හදාගත්තා , මට තාම ගේ හදලා ඉවර කරන්න බැරි උනා )

අපේ එකෙක් හිටියා දීමන්ත කියලා පොරට අපි ආදරේට කියුවේ   -තුකටා කියලා , නමෙන්ම හිතා ගත්ත හැකිනේ බුවාගේ තරම , දැන් පොර එක එක එව්වා කිය කියා එළකිරියව අවුස්සනවා , එළ කිරියා දත්මිටිකකා  වැඩ කරන ගමන් මෙෂින් එක යට තිබ්බ හැටපහේ යතුර කකුලෙන් එළියට අදිනවා දැක්ක රුවනා

''  -තු කටෝ ඔන්න තෝ දැන් හැටපහේ යතුරු පාර කන්ඩ ආසන්නයි ''

කියලා කියන ගමන් කෝකටත් සූජානං සරිරේ කියලා ඉදගන හිටපු ස්ටූල් එකෙන් නැගිට්ටා , අපි ඔක්කමලත් ඉතින් සුදුසු පියවරක් ගන්ඩ සූදානං සරීරෙන් සීරුවෙන් ඉන්නවා , එළකිරියා ලගට එක පාරටම පැන්න  -තු කටා , අත් දෙකත් එක්කම කිටි කිටියේ බදලා එළකිරියව අල්ලගෙන .

'' පිස්සුද ...පිස්සුද උඹලට .....මූ මට එහෙම කරන් නැ , මං මුගේ මස්සිනානේ , නංගි දෙන්නේ මටනේ ''

එහෙට්ට මෙහෙට්ට දගලලා අරූගේ අත්දෙක බුරුල් කරගත්ත '' එළකිරියා '' දකුණු අතේ වැලමිටෙන්  පපුවයි බඩයි අතරට හොද පාරක් ඇනලා , අරූගේ අත් දෙක අත ඇරෙනවත් එක්කම මෙෂින් එක යටට නැමිලා හැටපහේ යතුර අතට අරගන පණ එපා කියලා දුහන  '' -තු කටාට '' කෙලලා ඇරියා , අපි හැමෝගෙම වාසනාවටයි , අධික කේන්තිය හන්දා නිවැරදි ඉක්කය ගන්න බැරි වෙච්ච හින්දයි , එදා අරු නොමැරී බේරුනා ,

අත් දෙකෙ මිට මොලවාගන දත්මිටි කාගන මේසය උඩ තිබ්බ යෝගට් කෝප්ප අට්ටියක් චොරචොප්පං වෙන්ඩ දැතින්ම දීලා ඇද්ද එළකිරියා සෙක්ෂන් එකටම ඇහෙන්ඩ හයියෙන් කෑගැහුවා චීටව නැති වෙච්ච ටාසන් වාගේ

''' තොපිට දෙන්ඩ අපේ නංගිලා ජිම්නාස්ටික් කරලා නැ යකෝ '''

විහිළුව ඇස් රතුවෙන මට්ටම ඇවිත් ටී ටයිම් එකත් ලං වෙච්ච හන්දා කට්ටිය එකා දෙන්නා . අහුමුලු වලට රිංගා ගත්තා නිදාගන්ඩ කියලා , ටික වෙලාවකින් හතර හමාරේ බෙල් එක වැදුන හන්දා මම තේ එකයි ස්පංචි දෙකකුයි අරං එළියට ඇවිත් කසගහ යට සිමෙන්ති පඩිය උඩින් ඉද ගත්තා , මෙන්න එනවා එළකිරියා පාං කාලක් පොගවාගන්ඩ මූනේ ලේ කදුලක් නැතුව , යකෝ මම මොන මගුලක්වත් නොකර මෙන්න මූ මා එක්කත් තරහාවෙලා , කතාවක් බහක් නැ.

'' ඔව්වා ගණන්ගන්ඩ එපා බං''

ම් .....හූ  .. පොර සද්දයක් නැ

'' එළ කිරියෝ ''

මෙන්න මූ බීරෙක් වාගේ තේ එක සුරුස්    සුරුස්  ගාලා  උඩට අදිනවා

'' එළ....කි....රි....යෝ ''

ඇති යාන්තං හැරිලා බැලුවා

'' ඇයි මචං උඹ අරූට නංගි ජිම්නාස්ටික් කරලා නැ කියුවේ ''

තේ එකෙන්වත් කෙලලා අරීද කියලා බයෙන් බයෙන්  මම ඇහුවා ,
අතේ තිබ්බ තේ එක '' චස් '' ගාලා කස ගහේ මුල නෑවිලා යන්ඩ විසික් කරපු ...එළකිරියා...

'' ගෑණුත් එක්ක මහත්තුරු වාගේ පණ දෙන්ඩ කතා කර කර ඉදලා ,   උන්ට යන්ඩ ඇරලා ....ඕකිට අරහෙම තියලා මෙහෙම කරන්ඩ ඕන.... කියලා  කෙල පෙර පෙරා යන ගෑණිගේ  පුක දිහා බලාගන ඉන්නේ ,   ඕකුන්  ගෑණුන්ට කරන්ඩ හිතාගන ඉන්න එව්වා කරන්ඩ ඉතින් ගැණු ජිම්නාස්ටික් කරලම තියෙන්ඩ ඕන ''

2013-06-14

how and when to change machine oil for a high speed sewing machine?

  1. ජුකී මැසිමේ ( හයිස්පීඩ් ) තෙල් මාරු කරන නිවැරදි ක්‍රමය
  2. How to replace oil of High Speed Sewing Machines

    '' ජුකි මැසිමට දාන තෙල් තියනවද ''

    '' ඔව් වන් ලිටර් එකක් තුන්සිය හැත්තපහයි ''

    '' පොඩි බෝතල් නැද්ද ''

    '' නැ ලීටර් එකේ බෝතල් තමා තියෙන්නේ ''

    '' අර සිංගර් පොඩි ඔයිල් බෝතල් දාන්න බැරිද ''

    '' ජුකි එකට ඒවා හරියන්නේ නැනේද ලක්මාල් අයියේ ''

    කෙල්ල සින් එක මට පංගඩත්තු කරලා ෂේප් වෙනවා

    '' මොකක්ද මැඩම් මෙෂින් එක ''

    '' සිංගර් එකෙන් ගත්ත ජුකියක් ''

    අපේ කෂ්ටිය singer soje මෙෂින් එකට කියන්නේ එහෙම නේ

    '' ඒකට ඔහොම ‍අඩුවෙනකොට පොඩ්ඩ පොඩ්ඩ දාලා වැඩක් නැ , ලෝ ලෙවල් එකට ඔයිල් බහිනකොට තියන තෙල් ටික අයින් කරලා අළුතින් ලීටර් එකක් දාන්න ''

    '' අපි කවදාවත් එහෙම දැම්මේ නැනේ ටික ටික තමයි දැම්මේ අඩු වෙනකොට බලලා ''

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>