දිවිමගේ දින ගෙවෙන තරමට වෙයිද වියපත් කවි හිතක්
මල් ලොවේ මල් අතර සරලා දුටුව මුත් නෙක මල් ගොඩක්
ඉවත යන්නට හිත් නොදෙන මට දෙව් ලොවින් ආ රන්මලක් එන්න තිබුනේ මාවෙතට නුඹ අතීතෙයි ඇතක දුරක්
දුටුවදා සිට සිසිල දෙන්නට පෙරුම් පුරනා දුක් සිතක්
ලඟින් ඉන්නත් වරම් නැ මට බැබලුවේ ඇයි වෙන ගසක්
අපේ සුන්දර මතක සැමරුම් වෙන්නෙ ඇයි මට ගිනි ගොඩක්
අකීකරු හිත හිරකරන්නට දන්නවද නුඹ ගල්ලෙනක්
නුඹේ දෙනයන සිහින් කටහඩ මවනවා මුත් රසවිතක්
සිනිඳු අතැඟිලි පිරිමදිනු මිස ගන්නේ නැ මං රොන් බිදක්
ලොවම වරදක් ලෙසට දැක්කත් තියනවාදෝ මට වගක්
හදවතක් නැති ලොවට නොහැඟෙන නමක් නැති ලෙන්ගතු කමක්