‘‘ කොහෙද යකෝ මේ හම්බකරන ඒවා තියන්නේ ‘‘
‘‘ තියන්ඩ තැනක් නැති හන්ද හම්බෙච්ච ගමං වියදං කරල දානව බං ‘‘
‘‘ කොහොමද බිස්නස් , කෝ අමාලි අක්ක , මං මේ අහම්බෙං ඇරල තියනව දැකල ගොඩ උනේ ‘‘
‘‘ තොපි ඉතිං අහම්බෙං ගොඩ උනොත් තමා , අමාලි ගෙදර ගියා වෙනදටනං මීටත් පරක්කු වෙනකං ඉන්නව ‘‘
‘‘ එහෙනං වැඩේ නැගල යනව ‘‘
‘‘ එහෙමට අවුලක් නැ ඉස්සර වගේම තමා , නග්ගල ගත්තහම අන්තිමට හොදට යනව ‘‘
‘‘ ඔය ඉතිං කියුවේ .....එහෙම මගුලක් නෙමෙයි යකෝ බිසිනොස් කොහොමද ‘‘
‘‘ අමාලිටනං තියනව බං වැඩ කරගන්ඩ බැරි තරමට , මට නං එහෙමට නැ ‘‘
‘‘ ඒ ඇයි බං ඒ ‘‘
‘‘ එහෙමට මිනිස්සු ගැවසෙන තැනක් නෙමෙයිනේ බං , මෙතනින් යන්නේ එන්නේ අපිව දන්න උන්මනෙ ‘‘
‘‘ අපරාදේ උඹට වෙන තැනකට සෙට්වෙන්ඩ තිබුනෙ ‘‘
‘‘ අතේ තියන ගානටනේ බං තැන සෙට්වෙන්නේ ‘‘
‘‘ මොකෝ මොකවත් කරේ නැද්ද අද ‘‘
‘‘ ඊයෙනං පොඩ්ඩක් දැම්මා , අද නැ බං , දනපාලය දැං මා එක්ක වැඩි පයරු පාසානමක් නැනේ බං දැං ‘‘
‘‘ දනපාල තරහ වෙන එක අහන්ඩ දෙයක්ද මංජු අයියේ , කොහෙද උඹලගේ කිසිපරිස්සමක් නැනේ ‘‘
‘‘ පරිස්සං කරන්ඩ මොනවද බං තියෙන්නෙ ‘‘
‘‘ තියනවෙලාවට කීයක් හරි ඉතුරුකරහං බං ‘‘
‘‘ මචං තියනවෙලාවල් වලට තියන ගාන තියන වැඩ වලට මදිනං ඉතුරුකොරන්නේ #$@$ත්තද ‘‘
‘‘ ඒකනේ බං කියන්නේ දැං බලහං මං වයිෆ්ව කඩේ අරින එක නවත්තල තියෙන්නේ , ඕන කරන බඩු ටික මං ගෙනත් දෙනව , අතට සල්ලි දීමක් නැ , ඕනම වෙලාවට ඒ වැඩේට ඇතිවෙන්ඩ විතරක් සල්ලි දෙනව , ඔය මාලු කඩේට ගිහිං පොඩි මාළු කිලෝ එකක් දෙකක් අරං , එන ගමං කරි චිකන් ටිකකුත් අරං ඇවිත් කපලා කෑලි පහ හය ගානේ මලු පහලවක් විස්සක් හදල පීජ් එකට දානව , ආයේ ඉතින් මාසෙටම ඇති , එළවලු ගත්තත් එදාට ලාබ එව්වා තමා ‘‘
‘‘යකෝ තොගේ ගැනී නිකං ගෙදර ඉන්න හන්දා තොට ඔය ඔක්කොම කොරතහැකි , වෙලාවකට මං නැත්තං අමාලි යන්නේ ඉස්කෝලෙට ෂොප් එක වහල ‘‘
‘‘ උඹ ඉතින් අති පන්ඩිතනේ ...හා කියහං උඹලට ගෑස් එක මාස කීයක් පාවිච්චි කරත හැකිද ‘‘
‘‘ හරියටම මන්දා බං ඕන්නං මාස එකහමාරක් තියෙයි ‘‘
‘‘ ඕයි මංජු අයියේ තමුසෙ දන්නවද අපේ ගෙදර ගෑස් සිලින්ඩරේ දැං හරියටම මාස අටක් ‘‘
‘‘ ඇ යකෝ අර ගේන මාළු මස් තොපි අමුවෙන්ද කන්නේ ‘‘
‘‘ ඔෆිස් වාහනයක් මේ පැත්තට එනවෙලාවට මං පැලට් ලෑලී ටිකක් පටවල එවනව , දරවලින් තමා උයන්නේ ‘‘
‘‘ අර දිවියලෝකයක් වගේ කුස්සයේ ‘‘
‘‘ නැ බං එලියේ ලිපක් හදල තියෙන්නේ ‘‘
‘‘ ඇ බං ගෑණි උදේට උඹ ගෙනියන බත් ගෙඩියත් , මහ පාන්දර නැගිටගන එලියේ ලිපේ උයනවද ‘‘
‘‘ ඒක තමා කියන්නේ එහෙම නැතුව ගොඩ යන්ඩ බැ , කොටින්ම පොඩි උන්ට ගෙදර හදන දෙයක් ඇරෙන්ඩ , කඩෙන් ඇරං කිසිම දෙයක් දෙන්නැ ‘‘
‘‘ අනේ බං ඒ උනාට අයිස් කිරිමක් , කිරි පැකට් එකක් ඉල්ලුවහම කොහොමද ඇදං එන්නේ ....හිත වාවන්නේ නැනේ ‘‘
‘‘ එහෙම තමා බං කැපකිරීම් කරන්ඩ ඕන ‘‘
‘‘ අනේ මන්ද මට ඔය බෙට්ටට ඇඩිල්ල පුරුදු නැ බං ‘‘
‘‘ අන්න හරි උඹ දැං මට ඕන තැනට ආවා ‘‘
‘‘ මං කියන්නං උඹට කෙලවෙන්නේ ඇයි කියල ‘‘
‘‘ හම් කියහංකෝ ‘‘
‘‘ මං මේ උදාහරනයක් දෙන්නේ ....ඊලගට මේක අල්ලගන අම්මට අප්පට කියන්ඩ එපා ‘‘
‘‘ හරි හරි කියහංකෝ %7ත ‘‘
‘‘ උඹට මතකද එදා ධම්මිකයගේ වෙඩින් එකට ගිහින් කට්ටිය කට්ටිය සිකට් නැ කියල ගේන්ඩ යන්ඩ හදනකොට ..සුද්දා වගේ එලියට ඇදල මේසේ උඩට දොලැහේ පැකට් එක විසික්කෙරුවා ‘‘
‘‘ ඉතින් &කෝ මං ඒක දුන්නේ තොපිටනේ ‘‘
‘‘ හරි හරි අනිත් එවුන් කඩේ යන්ඩ යන්ඩ කිය කිය ඇද ඇද ඉන්නකොට උඹ ඒක දුන්නේ අපිට තියන පිට් එකට තමා , ඒක නෙමෙයි පොයින්ට් එක ...ඊලගට ඒකත් ඉවර උනහම උඹ අමාලි අක්කා ලගට ගිහින් සල්ලි ඉල්ලගන විස්සේ පැකට් එකක් ගෙනත් මේසය උඩට දැම්මේ ඇයි .....අන්න ඒවාගේ දුර්වල කං තමා උඹ හදාගන්ඩ ඕන ‘‘
‘‘ ඇ වේ& ගේ පුතෝ සිකරට් ඉවර වෙලා තෝ නේද ඇහුවේ .....මංජු අයියේ සිකරට් ඉවරද බං කියල ‘‘
‘‘ අඩේ මං එහෙම ඇහුවද බං ‘‘
‘‘ මේ අහපං මං කාගෙවත් බාග ඉල්ලං ගහන්නැ ඒ ලොකු කමකට නෙමෙයි , මට බාගයක් ගහල මදි හන්දා ,
අනික මට අනිත් එවුන කෙල ගිලිනකොට පැකට් එක සාක්කුවේ දාගන බීලා පුරුද්දකුත් නැ , මං අවුල් වෙන කොට පෙෂර් වෙනකොට නෝමල් වෙන්නේ සිකරට් එකක් ගහල , සමහර වෙලාවට වැඩ කරනකොට පැය හතරපහ මං සිකරට් නොබී ඉන්නව , හැබැයි මං වැඩේ ඉවරවෙච්ච ගමං කරන්නේ සිකරට් එකක් ගහන එක , ඒ හන්දා මං සිකරට් ලග තියාගන ඉන්නේ , කවුරු හරි සිකරට් ඉල්ලුවොත් දෙනව ‘‘
‘‘ හරි හරි උඹට ඉතින් කියල මොකුත් තේරුං කරන්ඩ බැනේ , හිටහං මං සිකරට් එකක් අරගන එන්නං ‘‘
‘‘ උඹ දවසට සිකරට් කීයක් බොනවද බං ‘‘
‘‘ මං උඹ වගේ පවුකාර කමට බොන්නැ ‘‘
‘‘ හරි හරි කීයක්ද කියහංකෝ ‘‘
‘‘ සිරාවටම බං මංජු අයියේ ....මං ඔය ඔෆිස් එකේ කොල්ලෝ දවල්ට කාල ගහනකොට , ආතල් එකට උගුරක් දෙකක් ගැහුවට මේ වගේ වෙලාවකට , පාටියකදී ඇරුනහම සිකරට් බොන්නේ නැ ‘‘
‘‘ ආ එහෙමද ‘‘
‘‘ හුකා අර කඩේ වහලනේ බං ‘‘
‘‘ වරුණ හෝටලේද ...ඒක දහයට වහනව ‘‘
‘‘ දැන් කොහෙද බං සිකරට් ගන්ඩ තැනක් තියෙන්නේ ‘‘
‘‘ රාගම නයිට් කඩේ ‘‘
‘‘ අප්පෝ දැං එහේ යන්ඩ බැ ‘‘
‘‘ එහෙනං නිකා හිටහං ‘‘
‘‘ උඹ ගාව සිකරට් නැද්ද ගෙනාපුව ‘‘
‘‘ තියනව හැබැයි දෙන්නේ නැ ....මොකද මට හෙට උදේට සිකරට් ගන්ඩ සල්ලි නැ ‘‘
‘‘ හරි ඉතින් ආ දියං ..මං සල්ලි දෙන්නං ‘‘
‘‘ සීයකට ‘‘
‘‘ ඔව් දෙකක් දියං ‘‘
‘‘ ආ ඉදා ..හැබැයි මට උඹට ඉතුරු දෙන්ඩ සල්ලි නැ ... සන්තකේටම තියෙන්නේ තිහයි ...මං පස්සේ දහයක් දෙන්නං ‘‘
‘‘හරි බං ..මං උඹෙන් දහයක් අරං අජරාමර වෙන්ඩද ‘‘
‘‘ආ මෙන්න ‘‘
‘‘ අතට දියංකෝ බං ඔහොම මේසය උඩට දාන්නේ ...කස්ටමර්ස්ලටත් ඔහොමද , කෝ ගින්දර ටිකක් දියං ‘‘
‘‘ දැන් එතකොට කෙලත් මගෙන්ද ‘‘
‘‘ ඇතුලෙ බොන්ඩ බැනේ වරෙන් එලියට ‘‘
මේසේ උඩට දාපු සිකරට් එක ආයෙත් අතට අරං මාත් කඩෙං එලියට බැස්සා
‘‘ කෝ දියං ලයිටරේ ‘‘
‘‘ අඩෝ මට වික්ක සිකරට් එක උඹ බොනවද ‘‘
‘‘ ඔව් උඹ කඩේ යන්ඩ ගියේ අපි දෙන්නටම යාළුපිට් එකට බොන්ඩ සිකරට් ගේන්ඩනේ ‘‘
‘‘ ඇ %ත්තෝ දැං තෝ මට ගෝල්ලිප් එකක් හැත්තැවට වික්කේ පිට් එකටද ‘‘
‘‘ ඉතින් බං උඹ මට ගොඩ යන්ඩ කියුවේ එහෙමනේ ‘‘