2018-07-09

කබරයා


මාගේ වයස අවුරුදු 11 දී පමණ සිදුවූ පෙරළියත් සමග, අපහට පදිංචි වීමට සිදුවූ නිවස ඉතා කුඩා (අන්සතු) එකක් විය, එහි එක් කමරයකුදු නොවීය, වැඩිවිය පැමිණීමට නියමිත දියණි වරුන් (මාහට වැඩිමහලු සහෝදරියන් පමණක් සිවු දෙනෙකි) සිටි බැවින් පසු කලෙකදී මවුගේ සහෝදරයින් ඔවුන්ගේ ශ්‍රමයෙන් එක් කාමරයක් නිවසට සම්බන්ධ කර ඉදිකලෙන්, මව හා සහෝදරියන්ගේ නිදන කාමරය බවට එය පත්විය. මාද පියානන්ද සාලයේ හෝ ඉස්තෝප්පුවේ නිදාගැනීම කල අතර, සඳහන් කරන වකවානුවේදී පියා නිවසට පැමිණියේ දින 2-3ක් ඇවෑමෙනි.

සහෝදරියන්ගේ ආරක්ෂාවට, ඔවුන් යන ගමන් වල ගෙනගොස් ඇරලීම්, රැගෙනඒම් ආදියෙන් ආරම්භ වූ මගේ කර්තව්‍යයයන් යුතුකමක්, වගකීමක් මට්ටමින් භාර ගැනීමට මා නොපැකිලුනෙමි (ඒ පිලිබඳ ඔවුන්ගේ ආදර ගවුරවය අදද මට හිමිය). රාත්‍රී නින්දේදී වහා අවදි වීම, සැක සහිත යමක්නම් මහාරැජාමේ එලි බැස බැලීම ආදියට අම්මා පුරුදු වුයේත් කෙල්ලන්ගේ ආරක්ෂාව සලකාය. මේ සම්බන්ධයෙන් මවුතුමිය අපෙන් හොඳහැටි බැනුම්ද අසා ඇත.

විදුලි බලය නොතිබුණු නිවසේ භූමිතෙල් මගින් දැල්වූ චිමිනි ලාම්පු දෙකක් හා කුප්පි ලාම්පු දෙකක් විය. එක් චිමිනි ලාම්පුවක් එලිය අඩු කොට නිවස තුල රැය පහන් කල අතර, හදිසි අවස්ථාවක් සඳහා කුප්පි ලාම්පුවක් හා විසිකැත්ත (වත්තේ පිටියේ වැඩ සඳහා භාවිතාකළ) අම්මා ළඟ තබාගැනිණි. වත්ත බලාගැනීම සඳහා වූ "මුර කුටියක්" ලෙස ඉදිවූ නිවස පිහිටියේ අක්කර භාගයක් වූ භුමියකය.

කෙමෙන් කෙමෙන් අප ගම් ප්‍රදේශයට හුරුවූ අතර හිතවතුන් හා මිත්‍රයන්ගේද අඩුවක් නොවීය. ගමේ කා අතරත් අප ප්‍රසිද්ධ වුයේ "කෙල්ලෝ හතරදෙනාගේ ගෙදර" ලෙසය. කෙල්ලන් සමග සිටි මාද කෙල්ලෙක් තරමට ගම්මු දුටුවේය. මාද ඔවුන්ට එසේ දකින්නට ඉඩ හැරියේය ("හොඳ" ඇසීමේ ආසාවක් එවකට මාහට තිබිණ). "කෙල්ල වගේ", "කළු උනාට හරිම සීදේවි කොල්ල", "උදේට දැක්කම දවසම සුභයි", ගමේ cctv ක්‍රියාත්මක උනේ එලෙසයි.

මා ගැන අදටත් දන්නේ ගමේ පාසලේ සමවයසේ උනුත් (අදද ඒ යහළුකම ඒ ආකාරයෙන්ම පවතියි), මරදාන ටෙක්නිකල් කොලීජියේ සමවයසේ උනුත් (බොහොමයක් අද මා සමග ඕමානයේ සිටියි), රැකියාව කල ස්ථාන වල උනුත් පමණි.

වැඩක් තිබුනද නැතිවද අප සියල්ලෝ නින්දට යන්නේ රාත්‍රී 11-12 අතරය. උදැසන 5ට පමණ මා අවදිවන නිසා ඒ අතරතුර අවදිවීම සිදු නොවූ තරම්ය, යම්හෙයකින් අවදි වුවහොත් යලි නිදා ගැනීම සුළුපටු කාරියක් නොවීය. කොටින්ම නින්ද කැඩුනොත් යලි මාගේ අහලට නොපැමිණීමට තරම් නිදිදෙවුදු ආඩම්බර කාරියක් විය.

සුළු ශබ්දයකින් පවා අවදිව කුප්පි ලාම්පුව හා විසිකැත්ත අතැතිව එලියට යන මව, මා අවදි නොවන පරිදි හැසිරෙන්නට වුයේ මා අවදි වුවහොත් ගැටුමක් අනිවාර්යය බැවිනි. එහෙවු සමහර දිනයන්හි අම්මා එළිබැසි වග මා දැනගන්නේ පසුදින අක්කලාගේ ගෝරනාඩු වලිනි. "ඔයාට පිස්සුද අනේ, රැ තිස්සේ එලි බහින්නේ ..." ආදී සංවාද වලින් පටන්ගෙන "මෙයාට නම් බෝම්බ ගැහුවත් ඇහැරෙන්නේ නෑ" ලෙස මාගේ පිටින් යන අවස්ථාද තිබුණි. "අම්මව එලියට නොයා උඹ පලයන්, උඹ කොල්ලෙක්නේ" අක්කලාගේ සිතුවිලි එසේ වන්නට ඇත.

සහෝදරියන් හැරුණු කොට ආරක්ෂා කිරීමට ගෙවත්තේ රන්,රුවන් නොතිබි අතර ගෙඩියක් අඩුවුවද වත්තේ හිමිකරුගෙන් ඇනුම්පද ඇසීමට සුදුවූ "පොල් ගස්" දහයක් පහලවක් විය. වරක් මා මාගේ මිතුරන් එක්ව හොරෙන් කැඩූ කුරුම්බා ගෙඩි කිහිපය හැරුණු කොට නොකා හිටියද වත්තේ පොල් ගෙඩියකට අත නොතැබීමට මාගේ මව පියවරගෙන සිටියාය.

වයස 11 සිට ලඟින් ආශ්‍රය කල ගමේ මිතුරන් තුන්දෙනෙකු විය. ඉන් එකෙකු කුඩා කල සිට "හොරෙකු" ලෙස හංවඩු ගැසී සිටිඅතර, ගුටිකා පදම්ව සිටිනිසා අපහට ඌ "කබරයා" විය. ඔහු ආශ්‍රයට ගෙදරින් මෙන්ම ගමේ වැඩිහිටි බවලතුන්ගේද නොකැමැත්ත විටින් විට ප්‍රකාශවිය. "ඕක ආශ්‍රය කරලා ඔයාලත් උගේ ගානට වැටෙන්න එපා පුතේ" කීවිට අහිංසකව සිනාසී හිස බිමට හරවා ගත්විට ඔවුන් කී දේ මා පිලිපදිනු ඇතැයි ඔවුන් සිතන්නටද, මන් "හොඳ කොල්ලෙකු" ලෙස ලකුණුද ලබාදෙන්නට ඇත.

පාසල් නිවාඩු මාසයම වත්ත පිටිය වැඩට ගෙවීගියේ, මා කුඩා එකකු නිසා අක්කර භාගයක් පිරිසිදු කර එහි වගාවන්ද තනිව (අම්ම හැකි අයුරින් දායකවිය) කිරීමට වූ අපහසුවය.

සාමාන්‍යය පෙළ වනතෙක් අමතර පන්ති සඳහා සහභාගී නොවුයේ මුදල් මෙන්ම කාලයද හිඟ වූ නිසාය. මිට අමතරව දරමඩුවක අත් උදවුදී පාසලේ වියදම් මෙන්ම මවටද යම් මුදලක් දෙන්නට ලැබීම අදද මට ගෙන එන්නේ අභිමානයකි.

කරුණු කාරණා මෙසේ තිබියදී ලද සෑම අවස්ථාවකම "ක්‍රිකට්" සෙල්ලම් කිරීමට අප සිවුදෙන එක්වුයේ ගමේ පොඩිඋන් මෙන්ම පිටගම් වලින් ගෙන්වාගත්වුන්ද සමගිනි. සෙල්ලමට දායක වීමේදී, මාගේ ප්‍රමාදය වත්ත පිටියේ වැඩ නිසානම්, "ශරීර හොරුන්" වූ අනිකුන් බලාසිටියදී යකකු මෙන් වැඩට බැසීමට "කබරයා" ඉදිරිපත් විය.

ඒ සඳහා මගේ මවුතුමියගේ විරොදයක් නොවුයේ ඈ තුල මා පිළිබඳව වූ අනුකම්පාව නිසා වන්නට ඇත. සම වයසේ අනෙක් දරුවන්ට හිමි නිදහස මා විසින්ම නිවසට කොටු කිරීම පිළිබඳව ඇය විස්සෝප වන්නට ඇත.

වැඩට උදවු කල කබරයා හට මවුතුමියගේ කුලුණුබර වදන් මෙන්ම රසවත් "ප්ලේන්ටියක්" ද හිමිවිය. ඒ ප්ලේන්ටිය "අරිෂ්ඨය" ලෙස නම් කලේ සෙල්ලම් කර හෙම්බත් වූ උන්ට නව පණක් එතුලින් හිමිවූ නිසාය.

කබරයාගේ උදවු මා ප්‍රිය නොකළේ "කොලිටිය" පහල මට්ටමක පැවතීම හා කයිවාරුව නිසාවෙනි. නමුත් ඒකාට එහි වගේ වගක් නොවීය. සම වයසේ එකකු ඌ කබරයා මාහට ඇමතුවේ "උපුල් අයිය" ලෙසය. ඒ ඌ මට ගවුරවය දැක්වූ ආකාරයයි. කෙතරම් උදවු කලද ඌ උදවු කල දින රාත්‍රියේ ඒ පිලිබඳ වර්ණනාකොට "මිනිහව අතේදුරින් ආශ්‍රය කරහන්" යැයි මව පැවසීම මට නොරිස්සුම් විය.

ප්‍රදේශයේම නම ගිය හොරකු වුවද අද දක්වා මාගේ නම ගෑවුණු තැනක යමකට අතනොතැබීමට කබරයා වගබලා ගැනීම පුදුමයට කාරණාවකි. මිත්‍රත්වයට වසර 20ක් ඉක්මවුවද මාගේ පවුලේ සාමාජිකයෙකු හමුවුවිට "අක්කේ උපුල් අයිය අවදා?, දැන් කොහොමද?" ආදිලෙස වගතුග අසන්නට හේ හිතවත්ය. එවන් විටෙක, "මල්ලි හම්බුනොත් කතා කරලා යනවා හලෝ, ඌ අපිට වරදක් කරලා නැනේ" මාගේ සහෝදරියන් මට උපදෙස් දෙයි.

ගමේ පාසැල මා යන වකවානුව වනවිට ක්‍රීඩාව අතින් ඉහල ස්ථානයක තිබුණි, හැකියාව අනුව කල හැකි සෑම ක්‍රීඩාවකටම යොමුවූ මා කෙටිදුර ධාවනයේ සමතෙකු විය. ගමේ පාසලෙන් ඉවත්වී උසස් පෙළ සඳහා ගම්පහ උසස් පිරිමි විදුහලකට ඇතුල්වූ පසු ක්‍රීඩාව සම්පුර්ණයෙන්ම නතර වුවද උදැසන අවදිව පැයක් පමණ ශාරීරික අභ්‍යාස කිරීම මාගේ දින චර්යාවේ අනිවාර්යය අංගයක් විය. මීට අමතරව ආත්මාරක්ෂක සටන් කලා දෙකක් (කෙටි කාලීනව) හදාරමින් සිටි අවදියක් විය.

නිවස ඉදිරිපිට හරි හතරැස් පර්චස් විස්සක ඉඩමක් විය. ශුෂ්ක කාල වලදීද වතුර නොහිඳෙන ලිඳක් එහි විය. අදාල වත්ත බලාගැනීම, ලිඳ පාවිච්චිය එහි හිමිකරුවන් මට පැවරුවේ, ප්‍රධාන හිමිකරු විදෙස්ගතව සිටිනිසාත්. ඔවුන්ගේ නිවස මෙහි සිට යම් තරමක් දුරින් පිහිටි නිසාත්ය. "පුළුවන් කාලෙක මන් මේක ගන්නවා" හිතා හිටියද වත්මන වන විට එහි හිමිකාරත්වය මුස්ලිම් ජාතිකයකු සතුව ඇත.

ඉහත කාරිය (වත්ත පිටිය බලාගැනීම) වෙනුවෙන් ඉඩම් හිමිකරු වසර දෙකකට වරක් විදේශයෙන් රැගෙනා "ටීෂර්ට්" මා හට ප්‍රධානය කිරීමටද, ප්‍රති උපකාර ලෙස ඔවුන්ගේ අගනා පොල්ගසකින් ඉඳහිට කුරුම්බා කඩා සාක්කියක්වත් එහි නොතැබීමට මාගේ මුලිකත්වයෙන් අපි හතරදෙනද කටයුතු කළහ.

කාලයාගේ අවෑමෙන් "විස්සේ කෑල්ලේ" හිමිකරු විදෙස් රැකියාව අහිමිව විත් ලෑලි වලින් නිවසක් තනා එහි පදිංච වුයේ අලුත බැඳී බිරිඳද සමගය. කාටත් එකසේ හිතවත් වූ මා නිවස ඉදිරිපිට විසූ මෙම යුවලත්, ගමකෙලවර සිටි පවුලත් එකම ලෙන්ගතුකමකින් ආශ්‍රය කල අතර, විශේෂ හිතවත් කමක් (නිවෙස් වලට යන එන) නොවීය.

අපගේ ක්‍රිකට් ක්‍රීඩාව අසල් වැසියන්ට බාදාවක් විය. අපට කරුණු කාරණා කියාදී පලක් නොවූ කල අප නිවැසියන් හටද ඇසෙන ලෙස ඉල්ලීම් කරන්නට විස්සේ කෑල්ලේ අයියා පියවර ගති.

ඔහු තම දැනුම පමණින් දියුණුවීමේ අටියෙන් "වෑල්ඩින්" කටයුතු සඳහා රැස්කළ උපකරණ නිවස තුල මෙන්ම නිවස ඉදිරිපසද තැබුයේ ඉඩකඩ මදිපාඩුව නිසාය.

එක්තරා දිනෙක, වෙලාව රාත්‍රී දෙක දෙකහමාර තරම් වූ මොහොතක මා අවදි වුයේ අවට බල්ලන්ගේ කන්දොස්කිරියාව මෙන්ම, දොර හැරගෙන අම්මා ලාම්පු කුප්පියද විසිකැත්තද අතැතිව මුමුනමින් ඉන්නා දසුනද සමගිනි. මෙවන් අවදිවීම් වලදී පපුව වේගයෙන් ගැසෙන ස්වභාවයක්ද මාහට පවතී.

මා සමග මාගේ යකාද අවදිවිය, අම්මාහට මැසිවිලි නගමින් විසිකැත්තද උදුරාගත් මා කරුවලේම එලි බැස්සේ කවුරුන් මා ඉදිරියට ආවද මාගේ නින්ද කැඩූ වාඩුව උගෙන් ගන්නා අටියෙනි.

විස්සේ කෑල්ලේ අයියා ඔහුගේ නිවස ඉදිරියේය. මලානික ගතියක් පෙන්නුම් කල හේ මා දුටුකල අමුතු පණක් ලද්දෙකුමෙන් කඩිසර විය.

"මගේ ගෑස් ටැංකිය උස්සලානේ මල්ලියේ, වැඩි වෙලාවක් නම් වෙන්න බෑ ෂුවර් එකටම අරූ (කබරයා) තමයි, ඔයාල සෙල්ලම් කරද්දී මන් දැක්ක ඕකගේ ඇහැ මේ පැත්තේ තියෙනවා". පොල්ලක් වැනි ආයුදයක් අතැතිව හිටි හේ කියාගෙන ගියේය. මට ඔහු ගැන අනුකම්පාවක් ඇතිවිය.

දෙබස නිමවන්නට මත්තෙන් අයියා යමක් දැක මාහට එය පෙන්වීය. මහර බන්දනාගාරයේ සීමා මායිම් වැටී ඇත්තේ අප ඉඩම් ආසන්නයෙනි, ආරක්ෂාව වෙනුවෙන් හතරකොනේ "ගාර්ඩ්ල" සිටියද උන් නිදිවදිනු ඇතැයි අදද අප විශ්වාසයයි. නමුත් ආරක්ෂාව සඳහා ඇති විදුලි ආලෝකය රාත්‍රිය පුරා ක්‍රියාත්මකය. ඒ තුලින් අප ඉතා අසීරුවෙන් යමක් ඔසවා ගත්තකු ගමන් කරනු දුටහ.

ඒ කවුරුන්ද කුමක්ද යනවග ඒත්තු යන්නට මත්තෙන් අපදෙදෙන ක්‍රියාත්මකවිය. අයිය හා මා මෙන්ම මගේ යක්ෂයාද එකවර එදෙසට දිවීම ආරම්භ කළහ

මගේ යලි නොඑනා නින්ද, එතුලින් පසුදින මාහට වන අපහසුව හිතේ පෙරලිකරන්නට විය.

මගේ ධාවනය අසලකටවත් ඒමට අයියා අපොහොසත්ය. මීටර් 20-25ක් තියා අපගේ ආගමනය අගන්තුකයාට දැනිණි හිසමත වූ ලෝහ කුට්ටිය බිමහෙලි හේ දිවීම ආරම්භ කළහ.

මීටර් 100ක් යන්නට මත්තෙන් කබරයාගේ කරට අතදමාගෙන දිවීමට තරම් මන් ඌට ලංවිය, අධික භියකින් සිටි හේ වේගයෙන් හුස්ම ගන්නා හඬද මාහට ඇසේ.

"ගහපිය මල්ලි ඕකට, ගහපිය" ඈතින් කෑගසන්නේ විස්සේ කෑල්ලේ අයියාය.

මාගේ කෝපය නිවෙමින්ද, කබරයාගේ මිත්‍රාදී ගුනාන්ගද සිහිවිය, අයියාට අහේනියක් නැත ඔහුගේ ගෑස් සිලින්ඩරයද හිමිය.

එබඳු වේගයකින් දුවන අවස්ථාවක පුංචි තල්ලුවකින් කළහැකි දරුණු අනතුරක් පිලිබඳ ප්‍රත්‍යක්ෂ අවබෝදයක් මට තිබිණ

ඉතුරු ටික මෙතනට ගිහින් කියවනවා හොදයි
https://nishanthaya1.blogspot.com/2018/07/blog-post_56.html


දාන කමෙන්ට් එකක් එතනට දානවා හොදයි
මෙතන කමෙන්ට්  දාන උන්ට කොන්ඩෙ ගැලවිලායන්ඩ කියලා සාපකරනවා

2018-07-04

අර ගෑනු දෙන්නව එක්කරගෙන එන්න



රාජකාරි මේසය වෙත පැමිණ විගස සැකකාරියන් දෙදෙනා කැඳවාගෙන ඒමට මම කාන්තා නිලධාරිනියකට උපදෙස් දුන්නෙමි. මොහොතකින් ඇය ඔවුන් මා ඉදිරිපිටට කැඳවාගෙන ආවාය.

“මේ ඔයා ඩී.අයි.ජී ට බැරිනම් ඊට වැඩි කෙනෙකුට හරි කම්ප්ලේන් කරන්න... මානව හිමිකම් බැරි නම් ඕන තැනක ගිහින් කම්ප්ලේන් කරන්න..., හැබැයි මම ඒ එකකටවත් බය නෑ..., මොකද, මම මගේ රාජකාරිය අවංකව කරන නිසා...”

මගේ සිතේ කැකෑරෙමින් තිබූ කලකිරීම, කෝපය වචන වලට හැරවිනි.

“අනේ සමාවෙන්න සර්..., සර් ගැන නම් මගේ ඊනෙකින්වත් අයිතක් ඉතන් නෑ... මෙතන සර්ගේ රාජකාරිය අවංකවම කරනවා කියලා අපි දෙක්කා... ඒත් සර්ලගේ පොලීසිය ගෙන නම් කියන්න ලෙජ්ජයි....”

කාන්තාවගේ ප්‍රතිචාරය මම කිසිවිටකත් බලාපොරොත්තු නොවූවකි. මා බලාපොරොත්තු වුයේ ඈ මේ අවස්ථාවේ සිතින් මට දොස් පවරමින් නිහඬව සිටී යන්නයි. එහෙත් ඇයගේ ප්‍රතිචාරය මා කිසිසේත් බලාපොරොත්තු නොවුවකි. ඇයට පවසන්නට ලොකු කතාවක් ඇති හැඩකි.

“ඒ මොකද ..?”

විශ්මය මිශ්‍රිත හැඟීමෙන් මම ඈ විමසුවෙමි.

“සර් ඊයේ රෑ ඉදලා අපට උදව් කරන්න තමා කට්ටිය ඉදිරිපත් වෙනවා.... සර්ට විරුද්ධව අතෙන්ට මෙතෙන්ට කම්ප්ලේන් කරන්න කියාගෙන...., ඕන උදව්වක් ඉල්ලන්න කරනවා කියාගෙන..., ටෙලිෆෝන් නම්බර්ස් දෙනවා බේරෙන්ඩ බේ සර්..., හරිම ලෙජ්ජයි සර්...”

ඇයගේ ප්‍රකාශය සත්තකින්ම මා හතර විලිලැජ්ජාවට පත් කලේය. ඇය මා සිතුවාට වඩා අත්දැකීම් සහිත බුද්ධිමත් කාන්තාවක් බව මට තේරුම් ගියේය. මේ ගෙන්දගම් පොලොවේ මැනවින් තෙම්පරාදු වී ඇය ලබා ඇත්තේ විශිෂ්ඨ දැනුමකි. මට ඇය ගැන සංවේගයක් හා පැහැදීමක් ඇති වුනි.

“හැමතැනම ඔහොම තමයි..., ඔයාලට විරුද්ධව කරලා තියෙන කම්ප්ලේන් එක අනුව, අරූව අල්ලගන්න ඔයාලව ඇරෙස්ට් කරලා ප්‍රශ්න කරන් නැතිව බෑ... ඔයා ඒ මිනිහගේ විස්තර ටික දුන්න නම් ඔයාට මේ මොකුත් කරදර නෑ... දැන්වත් ඇත්ත කියන්න කෝ... මට උදව් කරන්න මූව අල්ලගන්න මම ඔයාට ඇප අරන් දෙන්නම්...”

මට ඇයට දෙන්නට වෙනත් උත්තරයක් නොවිනි. කාන්තාව මා කෙරෙහි පැහැදීමක් ඇති කරගෙන තිබීම ගැන මම සතුටු වුයෙමි. විමර්ශනය සාර්ථකව කරගෙන යාමට ඇයගේ උදව් ද ලබාගත හැකි බව ඒ තුල විය.

“සර් කුමාරගේ ටෙලිෆෝන් නම්බර් එක නම් මගේ ළඟ තියෙනවා....”

සුවිශේෂී තොරතුරක් ...සැකකරු අත්අඩංගුවට ගැනීමට මාර්ගය පාදාගැනීමට අතිශයින්ම වැදගත් වන. ...

සැබැවින්ම මේ කාන්තාව හා තරුණිය මා අත්අඩංගුවට නොගත්තේ නම් ඇයගෙන් මේ තොරතුරු කිසිවක් හෙලිදරව් වන්නේ නැත. ඇය අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ ඇය උත්සාහ කලේ මේ මුදල් වංචාවට ඇය කිසිසේත් සම්බන්ධ නොවු බව පෙන්වා මඟහැර යාමටයි. උසස් නිලධාරීන්ගේ උදව් ඉල්ලමින් ඇය උත්සාහ කලේද ඒ සදහායි. එහෙත් මේ වනවිට ඇයගේ ඒ මුරණ්ඩු හැසිරීම නැතිවී කෙසේ හෝ ඇය මුහුණ දී සිටින කරදරයෙන් මිදීමට උත්සාහ දරමින් සිටියාය.

“ආ.... මිනිහගේ ටෙලිෆෝන් නම්බර් එක ඔයා ළඟ තියෙනවා...? ඔයා පුදුම එක්කෙනෙක්නෙ...., ඇයි ඕක මට කලින් නොකීවේ....?

මුල් අවස්ථාවෙම මෙම තොරතුර ලබානොදීම ගැන මම ඇයට දොස් පැවැරුවෙමි.

“අනේ නේ සර්..., හිතලා නෙවෙයි..., මේක මට අමතක වුනා.., එත්තටම කීනවනම් මේ මනුස්සයා තුන් හතර සැරයක් තමයි මගේ ඒජන්සියකට එවිත් තීනවා..., මේ නම්බර් එක මිනිහා දුන්නේ මේ නෙංගිට දෙන්ඩ කියලා..., එයා මේ නෙංගිට කෙමෙතියි කීලා මට කෝම අරි මෙයාව යාලු කරලා දෙන්ඩ කීවා..., මෙනියා වෙඩිපුරම මගේ ඒජන්සියට ආවේ ගියේ මේ නෙංගිව යේලු කරගන්ඩ.....”

ඇයගේ ප්‍රකාශයෙන් සැකකරුගේ එක් දුර්වලතාවයක් මම ක්ෂණිකව හඳුනා ගත්තෙමි. ඔහු ස්ත්‍රී ලෝලියෙකි. ඔහුගේ මේ දුර්වලතාවය උපයෝගී කරගෙන ඔහුව කොටුකරගැනීමට ඇති හැකියාව මම වටහාගත්තෙමි.

“හ්ම්..., හරි දැන් ඉතිං මට ඇත්ත කියන්න..., එතකොට ඔයාලා මුකුත්ම දන්නේ නැද්ද ..., මේ කොල්ලන්ගෙන් සල්ලි ගත්තා කියලා...?”

මට තවදුරටත් ඇවැසි වුයේ මොවුන් දෙදෙනාගේ කිසියම් හෝ සම්බන්ධතාවයක් ඇත්දැයි සැකහැර දැනගැනීමටයි. එය බොහෝ සීරුමාරුවෙන් කල යුත්තකි.

“දෙයියම්පල්ලා යෙපි දෙන් නේ සර්...”

ඇයව මට විශ්වාස කල නොහැක. දෑස් පනාපිට සොරකම් කල සොරෙකු වුවද පොලීසිය ඉදිරියේ මුලදී දිව්රුම් ප්‍රකාශ ලබාදෙන්නේ මෙසේය. මම තවදුරටත් ඇයව ප්‍රශ්න කලෙමි.

“එහෙම නම් ඔයාල මොකද මිනිහගේ වෑන් එකේ නැගලා කොටහේනට ආවේ...?”


ඉතිරි හරිය  කියවලා  කමෙන්ට් පාරක් දාල ....ෆලෝ පාරක් දාල අප්කරලා ගන්න ... යාලුවනේ 

ඉස්සුවේ  මෙතනින් 

ලියන්නේ  මෙයා 




2018-07-01

අවුරුදු 50හ පැන්නට පස්සෙ පිරිමියෙකුට එන මාර අදහස්




අවුරුදු 50හ පැන්නට පස්සෙ පිරිමියෙකුට මාර අදහස් එන්නෙ. සමහර වෙලාවට රගර් ගහන්න හිතෙනව. සමහර වෙලාවට පීනන්න හිතෙනව. සමහර වෙලාවට මහණවෙන්න හිතෙනව. සමහර වෙලාවට...නෑ ඕන් නෑ..

මේ නානප්‍රකාර සිතුවිලි එන්නේ ඇයි? සමහරක් ගොඩක් කල් රස්සාව කරල ඇති වෙලා ඉන්නේ. සමහරක් තමන්ගෙ මුලු ජීවිතේම හොඳටම හම්බ කරන කාලේ හින්ඳා සන්තෝසෙන්. සමහරක් ණය බරින් මිරිකිලා. සමහරක් ලෙඩ වෙලා. සමහරක් දරුවන්ගෙ වියදම් වලින් චප්ප වෙලා. සමහරකට බය හිතෙනවා අනාගතේ ගැන හිතල.. ෂුගර්, ප්‍රෙෂර්, කොලෙස්ට්‍රොල් වගෙ අලුත් 'යාලුවෝ' ගොඩක් ඇවිල්ල! උන් යන්නෙත් නෑ. උන්ව ගනන් ගන් නැතුව ඉන්නත් බෑ. ඔන්න ප්‍රෙෂර් චෙක් කරන මැෂින්, සීනි චෙක් කරන ඉඳිකටු ගෙදර 'ගෘහ භාන්ඩ’ බවට පත් වෙනව. ඒ අස්සෙ එකට හිටපු එකෙක් දෙන්නෙක් මැරිලත් යනවා.. වෙන එකෙක් බලන්න විතරක් ගිය ඉස්පිටිතාල දැන් දැන් පුරුදු තැන් බවට පත් වෙලා! දොස්තරලව අඳුනනව. ලස්සන නර්ස්ලා කොහොමත් අඳුනනව...

50හ පැන්න පිරිමියෙකුට ජීවිතේ ගැන මාර අදහස් එනව. ගොඩක් අත් දැකීම් තියන හින්ඳා හිතට එන හැම සිතුවිල්ලම හරි කියල හිතෙනව. සමහර වෙලාවට හිතට එන සිතුවිලි ඔක්කොම වැරදියි කියලත් හිතෙනව! ‘මන් මැරුනොත් ඔයා ආයේ බඳිනවද’ කියන ගෑණුන්ගේ යුනිවසල් ප්‍රශ්නෙ ගැන හිතෙනකොට වික්ටර් රත්නායක මතක් වෙනවා. බැන්කු ලෝන්, කාර් ලීස්, යුනිවසිටි ෆීස්, ස්කූල් ෆීස් මතක් වෙනකොට සෝමසිරි අලකොලන්ඟ මතක් වෙනවා...

දැන් දැන් වයිෆුත් ජම්බු කඩන්න වැඩි ආසාවක් නැති හින්ඳා 'යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද' කියල හිතෙනව! ඉතින් බැඳල ඉන්න 'යුද්දෙ' දිහා බලපුවහම ‘කඩුවෙන්’ කොස් කෙටුවත් කමක් නෑ හිතෙනව.. බුදු බණ අහන්න ඕනෙ කියලා youtube එකේ තියන ඔක්කොම බණ අහන්න යනවා. එකක්වත් ඉවරවෙනකන් අහන් නෑ. පන්සලුත් යනව. හිතුනොත් සිලුත් ගන්නව. සිල් ගන්නකොට එහෙන් මෙහෙන් බැල්මත් දානවා උපාසක අම්මලට. ඇයි ඉතින් ‘උපාසක අම්ම’ කිව්වට ඒ අයත් ඉතින් මේ වයසෙමනේ..

ඇඟේ පතේ හය්ය අඩු වෙනවා. ලෙඩ හැදෙනවා. මේවා එකක්වත් පිලිගන්න කැමති නෑ. ඇහුවම තදත් වෙනවා. අලුත්ම රනින් ෂූස් දාගෙන දවසක් දෙකක් පොර වගේ ඇවිදින්න යනවා. පලතුරු බොනව. එලවලු තම්බල කනවා. ඊට පස්සෙ දවසෙ මස් ගාතයක් ගෙනත් ඇරල දානව කොලෙස්ට්‍රෝල් වලට කුද ගහගනින් කියලා.

සල්ලි වියදන් කරල ජිම් එකක් හොයා ගන්නව. ඇහුවම ආඩම්බරෙන් කියනව 'ජිම් ගියා' කියල. ඒකෙදි කරන්නෙත් ඇවිදින එකම තමා! හෙණ ආසාවෙන් ඒකට යනවා. දවස් 18යි වැඩිම ගිහින් තියෙන්නේ! ඊට පස්සෙ ට්‍රෙඩ් මිල් එකක් ගන්නව. පලවෙනි දවස්වල පිස්සු බල්ලෙක් වගේ ඕකෙ ඇවිදිනවා. දිව දනිස් ලඟට එල්ලගෙන හති අරිනව. දවස් 21යි ඕකෙ යන්නේ! ඊට පස්සේ වයිෆ් ඒකෙ රෙදි වනන්න ගන්නව. බර බලනවා. කිලෝ එකක් අඩුවුනොත් මුලු ලෝකෙටම කියනවා.. ජිම් ගියත්, ඇවිද්දත්, ට්‍රෙඩ් මිල් කරත්, ප්‍රෙග්නන්ට් වෙලා වගේ බඩ එනවා!

ඒ අස්සේ ඔන්න වයිෆ් මෙහෙම කියනවා 'අපි මයිග්‍රේට් කරමුකු අනේ. අර ඉන්ද්‍රලා මයිග්‍රේට් කරලා ජොලියෙ ඉන්න හැටි බලන්නකො අර ෆේස්බුක් එකේ' කියනව. ඔන්න ඉමිග්‍රේශන් සයිට් එකට ගිහින් බලද්දි වයස වැඩියි!

ඔන්න දැන් දැන් දරුවො බඳින වයස එනවා. උන්ගේ මගුල් වියදම අපෙ මුලු ජීවිත කාලෙම වියදමට වැඩියි. ෆොටෝ ගන්න එකාගේ ගාන අපේ වෙඩින් එකේ මුලු වියදමට වඩා වැඩියි. ඔන්න ඔලුවයි තව තැනුයි කසමින් කල්පනා කරනව. කොහොම හරි බන්ඳල දෙන්නත් එපායැ. ඒ අස්සෙ අනිත් දරුව තාම ඉස්කෝලෙ! ඒකිවත් ගොඩ යවන්න එපෑයැ! ආයෙත් කසමින් කල්පනා කරනවා.

'උයන්න මෙලෝ දෙයක් නෑ'

කියලා ඔන්න ගෑණි ගෝරනාඩුවක්. මාර්කට් එකට යනවා. එළවලු තෝරමින් ඉන්න 40ක විතර ‘තරුණ පහේ’ ගෑණියෙක් රබර් බැල්මක් දානවා. පොඩි කුකුල් කමක් හිතට එනව 'හ්ම් තාමත් මා දිහා ගෑණු බලනව' කියල මාර චූන් එකක් එනව. එතකොට දාර්ශනික සිතුවිලි එනවා. ඒවා කවි සිතුවිලි වලට පෙරලෙනවා. ගෑණියෙක්ගේ බැල්ම ගැන කියවෙන කවි දන් නැති හින්ඳා 'මාතර ගඟේ ඉන්නා කිඹුලිගෙ පැටියා' කවිය කියනව. සන්තකේටම දන්නේ ඉතින් කවි දෙකයිනේ. එකක් ඒක, අනික 'මා වැනි බිලින්ඳා'! කවි දන් නැත්තන් සින්ඳුවක් හරි උරුහන් බාන්න හදනවා. එතකොටත් මතකෙට එන්නෙ රස්තියාදු කාර සින්ඳු..'ගෝවේ ගෑණු පරාදයි' සින්ඳුව උරුහන් බානව.

 ඒ අස්සේ එක එක හීන පේනවා.. හීනෙන් ක්‍රිකට් ගහනවා. ගමේ ඒ කාලේ හිටපු කෙල්ලො පේනව. උන් අත්පුඩි ගහනව පේනවා. සනත් ජයසූරිය වගේ පපුව ඉස්සරහට දාගෙන බැට් කරන්න යනව පේනවා. ඊට පස්සෙ වසිම් අක්‍රම් පිස්සු බල්ලෙක් වගෙ දුවන් ඇවිත්, ‘අර දෙක’ කටින් එන බෝලයක් දාලා ඉස්පිටිතාලේ ගෙනියනව පේනව. ලස්සන දොස්තර නෝන ඒ හරියෙ බෙහෙත් කරන්න හදනකොටම ඔන්න වයිෆ් කෑ ගහනව

'අනේ එහාට යන්නකො මෙතන ඇඳ බදු ඇරන් වගේ නිදන් නැතුව'

කියල. ඔන්න අර ලස්සන හීනෙ ඉවර වෙනවා.. උදේම එන්නෙ කවුද? ගෙවල් අයිති කාරය කුලිය ඉල්ලන්. ඌත් එක්ක අම්බානෙක වලි. ඇයි දැන් ඉතින් වලි දාගන්න බය නෑනේ. මුකද මුකෙක්වත් නාකියෙකුට ගහන් නෑනේ! උගෙ කන්දොස්කිරියාවෙන් බේරිලා පොඩි අඩියක් ගහන්න හිතෙනවා. සාලයෙක් බැදල ගත්තනන් නියමයි කියල නෝනට කියනව

 'ඔයාගේ අර සාලයෝ බැදුමනන් ඉතින් ටොප් ක්ලාස්. එකෙක් දෙන්නෙක් බැදල දෙනවද'

 කියල අහින්සකවක අහනව

'සාලයෝ?? ඇයි උදේම බොන්නද? ඇයි අද අපේ අම්මලගෙ ගෙදර යන් නැද්ද??'..

ඔන්න එකත් ඉවරයි.

50හ පැන්න පිරිමියෙක්ගේ ජීවිතේ ඉතාම අමුතුයි. රිටයර් වෙලත් නෑ නොවෙලත් නෑ! රෙස්පොන්සිබිලිටීස් ඉවර කරන්න ප්ලෑන් කරේ මීට ගොඩ කාලෙකට ඉස්සෙල්ලා. නමුත් ඒවා වැඩිවෙලා මිසක් අඩු වෙලා නෑ!

‘මා දැන් මහලු වයසේ බැරිය වෙණ ගායනා පෙරසේ’

කිය කිය පරන කෑලි මතක් කර කර අඩියක් ගහනවා..ඒ අස්සේ කොන්ඩෙ ඉදෙනව ඕසෙට. කොලෙස්ටෝන් ගගා තරුණ වෙන්න බලනවා. කොන්ඩෙ කලුයි රැවුල සුදුයි. දෙකේම ගාගත්තට T-Shirt එක ගලවලා නාන්න බෑ පපුව සුදුයි! හන්ඟන්න බෑ. ඉස්සර වැඩ බෑ. හැබැයි පොර ටෝක් වල අඩුවකුත් නෑ! මනමාලකමේ අඩුවකුත් නෑ.. එහෙම තමා පිරිමි! කටින් හරි 'පොරවල්'...නැද්ද මන් අහන්නෙ?

p.s. මා ලියන්නේ මා ගැනවත් මගේ ගෙදර ගැනවත් මගේ අත් දැකීම්වත් නොවන බව කරුණාවෙන් සලකන්න. රාහුල හාමුදුරුවෝ කසාද නොබැන්ඳාට පවුල් ජීවිතය ගෙනියන හැටි කියූ ලෙසම... මට 50හ පිරුනම බලමු එහෙම වෙයිද කියලා..


මේක ලියුවේ  කවුද කියා නොදන්නෙමි ... නමක් ගමක්  නොමැතිව පැමිනි පණිවිඩයකි .... ලිපියේ අයිතිය කවුදැයි සොයාගත නොහැකි  ලියු කෙනා සතුය.

2018-06-29

සාර්ථක කළැමණාකරුවෙක් වීමේ පළවෙනි අඩිතාලම



අහවල් සින්සියර් සමාගමේ හලාවත ශාඛාවේ කඩිනමින් පිරවීම සදහා ඇබෑර්තු.ඔබත් කළමණාකරුවෙකු වී 50,000ට වැඩිය උපයන්න.පුහුණුවෙන් පසු විදේශ සංචාර"

ආර්ථික අවපාතයකට ලක් වී තිබ්බ ගෙදරින් පිටවෙන්නෙ කවද්ද කියල හිතන් ඉන්න සන්ධියෙ ඔන්න ඔහොම ඇඩ් එකක් දැක්ක පත්තරේ. සා.පෙළ කරල ගෙදර ඉන්න කාලෙ.අනිත් එවුන් ටියුෂන් ගියත් මට සල්ලි දෙන්න කවුරුත් හිටියෙ නැතිකොට මම එක හිතින් හිතා ගත්ත කළමණාකරුවෙක් වෙල හෙන පිරිසක් පාලනය කරන ටයි පොල්ලක් එල්ලගත්ත කාර් එකක යන බඩ මහත ඩෑල් එකක් වෙන්න.පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියපු මම සෙනිකව සයිකල් කට්ටයි පත්තරෙයි අරන් ටවුමට බඩ ගෑව.ටවුමෙ කොමියුනිකේෂන් සේවා සපයන කඩෙන් ගත්ත කෝල් එකක්.හලාවත අහවල් මාවතේ තට්ටු 2 බිල්ඩින් එක කීව.දැන් හෙන සෙටිස්.පහුවදාම කුලීවැඩ ටිකක් සෙට් කරන් ගතමනාව හොයාගෙන ගෙදරට කීව රස්සාවකට යනව කියල.ගෙදරිනුත් උන්නත් දාහයි මලත් දාහයි නිසා කියාපු දවසෙ කුකුලත් අතේ අරන් හලාවතට නැව් නැග්ග එකල පදිංචිය වුන රජරට රාජධානියේ අඹන්පොල සිට.

හලාවත කුරුණෑගල පාරේ අහවල් ප්‍රනාන්දු මාවතේ තැන හොයාගන්න මහ වෙලාවක් ගියෙ නෑ.ඩිජිටල් ප්‍රින්ට් එකක් ගහපු පට්ට පරණ ගොඩනැගිල්ල දැක්කම හිත කඩන් වැටුනෙ සුනාමියකට අහුවුන බිල්ඩිමක් වගේ.කමක් නෑ ඕන මගුලක් කියල හිතන් ඇතුලට ගියාට දොර වහල.කමක් නෑ ටිකක් ඉමුකො කියල හිතනකොටම ඔන්න ලේඩිස් බයිසිකලයක් පැදන් ඩෑල් එකක් ආපි දත් 42ක් විතර එලියට දාල හිනා වේගන.බලාපුවාම පොරලු කළමණාකාර තැන.හත් ඉලවුවට ගහපු කලාබරේ කීවලු ඇගත් හීතල වුනා මේ මොන කෙංගෙඩියක්ද ඔලුවට කඩන් වැටුනෙ කියල.කමක් නෑ ආපු එකේ ඕන මගුලක් කියල එල්ලුම් ගහට ගිය සූර සරදියෙල් වගේ ඉන්ටවීව් එකට තිබ්බ කබල් මේසෙ ගාව ප්ලාස්ටික් පුටුවෙ වාඩි වුනා.

පොර සෙනිකව මගෙ ඔලුව හෝදල දැම්ම හාපික් අධි සාන්ද්‍රණයක් දාල.ඊට පස්සෙ හිටෙව්ව කළමණාකාර බීජ එසැනින්.ඔල්මොරොන්දම් වෙලා හිටපු මන් එලියට ආවෙ කළමණාකරුවෙක් වගේ ගාම්භීර අඩි තියමින්.ඒ තරම් හෙන බුද්දිමත් ඈ ඒ කාලෙ.ගෙදර ගියපු මම රෙදි කබල් ටිකත් අරන් සෙනිකව හලාවතට මාරු.හම්මට හුඩු ආවම තමා දන්නෙ මේකෙ කරන්න තියෙන්නෙ ටයි පොල්ලක් දාල බඩු මල්ලක් කරේ තියන් ගෙයින් ගෙට ගිහින් අලෙවිය කළමණාකරනය කරන්න තියෙන්නෙ.කමක් නෑ ගෙදරට දීල ආව ටෝක්ස් හැටියට ආය රෙද්දක් ඇදන් ගෙදරට සම්ප්‍රාප්ත වෙන්න බෑ පිංවතුනි.එහෙම්ම සාර්ථක කළැමණාකරුවෙක් වීමේ පළවෙනි අඩිතාලම දැම්මා.

පහුවෙනිද උදේ ලෑස්ති වුනා ෆීල්ඩ් එකට බහින්න.ඊට කලින් මීටිමක් කීව.දැන් මන් මීටිමේ හිටියට මෙලෝ දෙයක් තේරෙන් නෑ,උන් ඉංග්‍රීසි කෑලි වගයක් කිය කිය බෙරිහන් දෙනව.නායක යා නොහොත් කළමණාකරණ තැන මොනවදෝ අහනව බෙරිහන් දීල.අරුන් ඒකට උත්තර දෙනව බෙරිහන් දීල.අන්තිමට එකම වාක්‍ය කියල බෙරිහන් දෙනව සේරමල.නායක තැන මටත් ඇවිත් කියාපි උන් කියවන එකම කියන්න.මාත් කෑ ගහන්න පටන් ගත්ත බෝංචි ලීස් බෝංචි ලීස් කියල.බලාපුවාම උන් කියලතියෙන්නෙ "බෝර්න් ටු ලීඩ්" කියල.මන් දන්නවැයි ඔය කුණුහරුප

කොහොමින් කොහොමින් හරි මාස 6ක් ගෙවුන බඩු විකුණනකාලකන්නි මැනේජර් ජීවිතේ.මට තේරුණා මේක හරියන මගුලක් නෙවේ කියල.අවුරුදු නිවාඩුව එනකන් ඇගිලි ගැන ගැන හිටියෙ පඩිය අරන් මාරුවෙන්න.කොහොමහරි පඩිය ලැබුන කලින්ම.අපට කියල තිබ්බෙ බඩු කෑලි 10ක් විකුණන්න ඕනෙ කියල දවසට.ඊට අඩු වුන දවසට බලු බැනුම්.නොවිදිනා දුක් වින්ද.දැන් පඩියත් අතේ නිසා පැනගන්න සහතික ටික ගන්න පොටක් පෑදෙනකන්හිටියෙ.මුන් සහතික තියාගන්නා පැනල යන්න බෑනෙ එතකොට.කොහොම හරි අපිත් බඩු විකුණන්න ඕන බොරුවක් ගොතල ඇගේ ගහල එන්න තමා බලන්නෙ.දවසක් මමත් මාව ට්‍රේනින් කරපු නුවන් සර් කියන හිපාටුවත් දෙන්න බැස්ස වෙන්නප්පුවෙ වැල්ලට.කියන්න ඕනෙ නෑනෙ ආය වැල්ල ගැන.වැල්ලනම් කොහෙත් එකයි.සමහර අයනම් හිටිය හොද අය.ඒත් බහුතරයනම් කියල වැඩක් නෑ.අපි ගාව තිබ්බ පැගිරි තෙල් දාපු බාම් එකක් මදුරුවන්ට හොදයි කියල ඇගේ ගාන.වැල්ලෙ මේ බාම් එක විකුණුන මොකද වැල්ලෙ මැසි මදුරු කරදරය වැඩි නිසා.

අපිත් අලි කොටි එලවන්නත් බාම් එක හොදයි කියන සයිස් එකේ තමයි මේක මාකට් කරන්නෙ.වැල්ලෙ ටිකක් දුර ගියාම අපට තේරුනා අජපල් පොට් එකකට තමා ඇවිත් තියෙන්නෙ කියල.කමක් නෑ අවසාන ගෙවල් රොත්ත ඇතුලටත් රිංගල බිස්නස් එකක් කරගන්න ඕනෙ කියල අපේ හිපාටු නුවන් මාවත් ඇදගෙන ගියා.මට ඕකා උදේ හවස සර් පට්ටම අතට අරන් දෙන ටෝක් හින්ද ගේමක් දෙන්නෙ කවද්ද කියල හිත හිත ඉන්න සමය උදාවෙලා තිබුනෙ පින්වතුනි.ඔන්න ඉතින් වැල්ලෙ ගෙදරකට ගොඩවෙලා ලස්සන ඇක්ක කෙනෙක්ට මිස් අපි මේ අහවල් සින්සියර් කියද්දිම ගෙදර හිටපු මරුමුස් ඩයල් එකක් එලියට ඇවිත් ඔයාල ගාව නේද අර මැස්සන්ට මදුරුවන්ට ගාන්න කියල බාම් තියෙන්නෙ කියල අහපි.අපේ හිපාටු නුවන් සර් සතුටින් බැබලි බැබලි ගත් කටටම ආ ඔවු සර් කියාපි.

පොර ටිකක් ඉන්නකො කියල ගෙට ගිහින් ගෙනාපි නේද තඩි පොල්ලක්.එන පොට හොද නෑ.මම හෙමීට කඩුල්ල පැන්න.අරූ තාම එතන.සෙනිකව මම දැක්ක පොලුපාරක් එල්ල වෙනවා.ඊත් එක්කම මර හඩක් ඇහුනා.මම ඉතින් බඩු බෑග් එකත් එතනම දාල රණ මයුරා තමා ඉතින් ආය.පස්ස බැලිල්ලක්නම් නෑ.ගෙවල් අස්සෙන් දුවල දුවල බලද්දි මම ආයෙ ඇවිත් තිබ්බෙ නුවන් කාරයට තඩිබාන තැනට කිහාල්ලකො.දුවන ගමන්ම මම දැක්ක අරූව දණ ගස්සල.ඌට බඹරුඇනල වගේ ඉදිමිල පෝරියල් එකට.

මම හූවකුත් දාල ඌට මගෙ පස්සෙන් පන්නන ඉදල් අතු රැගත් ගෑනු සේනාවට අහු නොවී කොහොම හරි පාරට පැනල බෝක්කුවක් අස්සෙ හැංගුනා. එහෙම ඉද්දි එතනින් ගිය එකියක් කියනවා ඇහුන කතාවෙන් තමා මට මේ ගුටිකෑමේ හේතුව සක්සුදක් සේ පහැදිලි වුනෙ.අරූට නෙලපු පොරගෙ වයසක අම්මන්ඩිට අරු කලින් මදුරු බාම් එකක් විකුණල කැරපොත්තන්ටත් හොදයි කියල.උණුවතුරෙ දිය කරල ඉහින්න කීවලු.අනේ ඉතින් ලොක්කිත් ඒක උණුවතුරෙ දියකරල ඉහල.ඒකෙ තෙල් ගතිය නිසා ටයිල් පොලවෙ ලොක්කිව ලිස්සල වැටිල කොන්ද කඩිල අතකුත් එක්කම.ඒකෙ ගුටි පූජාව තමා පොරට සෙට් වුනෙ.මට ඉතින් ඉත සිතින් සතුටුයි.මටත් ඌ එක්ක තරහක් තිබ්බනෙ.

මම ශේප් එකේ ටයි එක ගලවල එලියට ඇවිත් එහෙමම ඔෆිස් එකට ආව.එද්දි සහතික අල්මාරියෙ යතුර මේසෙ උඩ.මැනේජරය ටොයිලට් එකේ.සෙනිකව ගත්ත සහතික ටික.ඇදුම් කඩමලු ටික එක්කම.පඩියත් අතේ එදා බිස්නස් සල්ලිත් අතේ.කොල්ල සෙනිකව මාරු රජරට රාජධානියටම.පළවෙනි රස්සාව ඔන්න ඔහොමයි නිමාවුනේ පින්වතුනි.තවමත් මතක් වෙනව බඹරු ඇනපු අරූගෙ මූන.



2018-06-26

තත්කාල




ඔන්න මං දවසක් යනවා යාලුවෙකුගේ ගෙදර
ඒ ගෙදර ඇවිල්ලා අවසර ඇරං යන ගෙදරක් නෙමෙයි  මගේ වාගේ තමයි ඒ කාලේ , මං යනකොට උන්ගේ අම්මා ඉන්නවා සාලේ .... යටිතොල යාරයක් විතර දිගයි ... එහෙං මෙහෙං සාරියක් පටලවං ... මූණ තඩිස්සිවෙලා අඩලා වාගේ  ... කොහොමටත්  උන්දැ එහෙමයි .... කදුලු නාවට හැම වෙලේම කංකෙදිරි තමා.
කෝ .. තාම බුදිද

අනේ පුතා ...ආව එක හොදයි ...ලොකු ලමය නැ ..මාතර ගියා

යකෝ  මූ කියුවෙත් නැනේ

ආරංචි නැද්ද වැඩේ

මංජු අයියා කොහොම දැනගන්ඩද අම්මේ .. අර බූරුවා අම්ම එක්ක තරහවෙලා කොහෙද ගිහින් දැං දවස් තුනක් , අයියා පාන්දරම මාතර ගියා එහේ ගිහින්ද බලන්ඩ

ගෙදර පොඩි එකී උත්තර බැන්දා

මගුලයි

අම්මට කියුවට වැඩක් ඇතැ මල්ලි .... ගමටම ඇහෙන්ඩ කෑගහනවා ... පාරදිගෙත් බැන බැනා එන්නේ ... ලැජ්ජාවටමයි  කොහේහරි ගියේ ... මං කියුවා කට කැඩෙනකං කියුවා .... කටේ සද්දෙං ඔක්කොම කරන්ඩනේ හිතං ඉන්නේ ...දැං හරිනේ

අම්මෙක් විදිහට කොහොමද..... ළමයා .... මම කට පියාගන ඉන්නේ  ...ආසරය කරන්නේ  කුඩුකාරයෝ ...ගංජා කාරයෝ ....ඒකටම හරියන මුඩුක්කුවකින් නල්ල මලේ බඩ්ඩක්කුත් ලෑස්ති කරං

හරි ඇන්ටි හරි ... ඒ උනාට කොල්ලා මෝඩයෙක්  නෙමෙයිනේ ... ඌ මෝඩයෙක්  නෙමෙයිනේ කේස් දාගන්නේ නෑ
පුතා කාලද ... මේ ආප්ප තියනවා කන්ඩ

පුටු සෙට් එකේ ටීපෝ එක උඩ තඩි ආප්ප උරයක්  ... මුං වලදක්වත් ලිපේ තියල නැති පාටයි ....

එපා මං කාල ඉන්නේ

එහෙනං තේ එකක්

එපා  ඇන්ටි 

මං මේ පොලිසියට ගිහින් පැමිනිල්ලකුත් දාල ආවේ ... ගෙදර මිනිස්සුන්ට ඕන කමක් නෑ කියල ... මමත් අත පය බැදං ඉන්ඩද

ඔන්න එතකොට  මොකවත් නොවුන ගානට  මේසය උඩ තියං හිටිය පොතකට ඔලුව ඔබං හිටිය අංකල් නැගිටලා යන්ඩ හදනවා

තාත්තේ  ආප්ප කන්ඩ ..මං තේ  හදන්නං ...

අක්කා කියනවා
 වතුර  එකක් ගහන්ඩකො මං හදන්නං

අංකල් එහෙම කියාගන කුස්සිය පැත්තට යනවා , ඔය දැං උන්ට බොන්ඩ ඕනවට නෙමෙයි මට දෙන්ඩ ඕනවට ......... ඒ ගෙදර හැමෝම එහෙමයි ... මටත් හෙන අප්සට්  ..මට මේක උනා වගේ
මොනව කරන්ඩත්  කාල ඉන්ඩ එපැ ... මං නං කනවා ... කන්ඩ මංජු අයියේ
නංගි එහෙම ඩයල් එක ... ඒ ගෙදර හොදටම පොලවේ පය ගහල ඉන්නේ  ඒකි... අදටත් එහෙමයි

අනේ මයේ කොල්ල කෑවද දන්නෙත් නැ

කියල ඇන්ටිත්  ආප්ප වාටියක් කැඩුවා

පස්සේ ඉතින්  අක්කයි අංකලුයි තේ හදං ඇවිත් ගෙදර කට්ටිය පොඩ්ඩ පොඩ්ඩත් ..මං බඩ පැලෙන්ඩත් ආප්ප කෑවා .... චෑ  ඈ  ඇන්ටි පොලිසි ගිහින් එනගමං  ආප්ප ගෙනාපු  එයාල හිතේ දුකට  නොකා නොබී හාමතේ ඉන්න වෙලාවේ බිත්තර ආප්ප  ගේනඩ හිතුන්නැනේ කියල මට හිතුනැ ..නෑමයි යකෝ
ඔය ඇන්ටි හරි තරහයි කෑම නාස්ති කරනවට ... මේ කරදර කලබල වෙලාවේ  ... ආප්ප ඉතුරු උනොත් ඇන්ටිගේ හිත රිදෙනවා ...එයාලගේ බඩ පිරුනා නැතා.... හිතවතුන්ගේ  හිත් සවුත්තු කරන එක නරක හන්දා  මං ඉතුරු  ආප්ප ඔක්කොම කෑවට මොකද .. බඩේ  ඉඩක් තිබුනේ   නැ  ... කලින් දවසේ  ඉතුරු උන හරක් මස් ඇතිලියට ... රත්කරපු  හීල් බත් ගිලලානේ  ගියේ

පස්සේ  ඉතින්  හොද ටී එකකුත්  ගැහුවා.... දැං ඕන සිකරට් එකක් ගහන්ඩ ... මං තේ  බීලා නැගිට්ටහම ඔය ගෙදර අය පස්සෙං එන්නේ  නැ  එලියට ... මගේ  යාලුවා ඇරුනහම.

ඒ වැඩෙත්  ඉවරවෙලා  මං ආයෙත් ඇතුලට ආවා විතරයි  ලෑන්ඩ් ෆෝන් එක රින්ග්  උනා , ( ඒකාලේ මොබයිල් ෆොන්  නෑ  හැමෝටම )  කතා කලේ  යාලුවා  ෆෝන් එක ඉස්සුව අක්කට විස්තරය කියුවහම , මං ඇව්ත් ඉන්න බව එයා කියුවා , මට ෆෝන් එක දෙන්ඩ කියල , මං ගත්තා ෆොන් එක ... ඒ ලමයි  අපි වගේ  කුනුහරප එහෙම කියන්නේ  නැ ...හැදිච්ච ලමයි.

බලපං බං මේ  ඌරා මෙහේ ඇවිල්ලත් නැ ... මං ගෙදර එන්නේ නැ .... මෙහෙම්ම යනවා හගුරංකෙත ... සමහරවිට එහේ ගිහින් ඇති 

යාලුවත් ඇවිත්  මොකවත් කියලා තේරුම් කරන්ඩ පුලුවන් ... කවුරුවත්  කියන එකක් අහන පොරක් නෙමෙයි... කෝකටත් කියලා

හරි එහෙනං ගිහින් බලහං ... මං ඕකගේ  යාලුවන්ගේ  ගෙවල්වල බලන්නං

මං බැලුවා බං උන්  එකේක්වත් දන්නේ නැ

කමක් නැ ආයේ අහලා බලමු

අරකි ගෙදර ඉන්නවද බලපං , පුලුවන්නං ඒකිගෙනුත්  අහලා බලපං ... උන් තමයි ඕකව කෑවේ

මං ඉතින් ෆොන් එක තියලා එලියට බැහැලා ඇවිත් පුටාර් එක ඇරං පාරට දාන්ඩ හදකොට

මංජු පුතා ...මංජු පුතා

අංකල් එනවා මං දිහාට පොරගේ සාන්ත ගමනෙං

කොහෙවත් දුහා ඇවිදින්ඩ එපා

නෑ අංකල් මං පොඩ්ඩක්  වටේ  පිටේ බලන්නං ආයෙත් ..කොහේ හරි ලගකම ඉන්නවද දන්නේ  නැනේ
අංකල්ගේ මූනේ  කිසිම හැගීමක් තියන පාටක්  නැ  ... පොර කොහොමත් එහෙමයි ... අහුවොත්  දෙයක් ඒ ටූ ඉසෙඩ් කියල දෙනවා මිසක් ... හිනා යන දේකටවත්  හිනා වෙන පොරක්  නෙමෙයි ... නොදන්න දේකුත් නැ ... බැරිවෙලා හරි මොකක්හරි ඇහුවහම ඒ වෙලාවේ උත්තර දෙන්ඩ බැරි උනොත්  පස්සේ  හරි ... කියනවා මං අරක ගැන අහලා ... බැලුවා නැත්තං හොයල බැලුවා ...මෙහෙමයි ඒක ... කරන්ඩ ඕන මේක ... එහෙම පොරක්. ඒ වෙනකොටත් ආන්ඩුවේ රස්සාවෙන් විශ්රාම අරං ... පොත පත කියවන එක තමයි වැඩේ.

ඔය වෙන්ඩ තියන.... ලියවිලා තියන විදිහ.... ඕවා අපිට වෙනස් කරන්ඩ බෑ .... චූටි පුතා හොදට ඉන්නවා ......... පහුනු දවස් දෙකේ තැං තැං වල ඇවිදලා බැරි කොට ..දැං මාතර යන ගමං ... හවස් වෙනකොට ගෙදරට ගොඩවෙයි... මාසයක් හමාරකින් මොකවත් නොවුන ගානට ගෙදර එයි

අංකල් කොහොමද එහෙම කියන්නේ ... පොඩි එකා කතා කලාද

ඔව්වා කියලා තේරුම් කරන්ඩ පුලුවන් දේවල් නෙමෙයි පුතා ... මෙයාලත් ඔය මං කියුවට අහන්නේ නැති කොට මං මේ කරබාගන ඉන්නේ

කියපු  පොර ගෙට ගියා  , මං දවසම වටේ  ඇසි දිසි වොච් එකක් දැම්මට තොරතුරක් නැ ... හවස මං ආයෙත්  යනකොට මාතරට කොල්ලා ආවා කියල කෝල් එකක් ඇවිත් ... මගේ යාලුවා හගුරංකෙත ගිහින් දත්කූරු කකා පහුවා රෑ වෙනකොට ගෙදරට ආවා.

පොඩි එකා මාසයක් විතර යනකොට බල්ලා වාගේ  ආයේ ගෙට රිංගුවා  , ඌගෙන්  ඇහුවහම යන්ඩ තැනක් නැතුව තැං තැන්වල තැග් ගැහිලා අංකල් මට අර කතාව කියනකොට මාතර කෝචිචියේ.
යාළුවයි මමයි ඊට කාලෙකට පස්සේ හවුලේ වැඩක් පටන් ගත්තා , ඒක පටන් ගන්නකොටත් අංකල් මට අනාවැකියක් වාගේ  එකක් නොකියා කියුවා ...යාලුවටත්  කියුවද මන්දා... ඒකෙන් නොකියා කියවුනේ  ... ඒ වැඩේ හරියන්නේ  නැ , යාලුවා මට අරිනවා , මට කෙලවෙනවා , ඌත් කෙලව ගන්නවා ... පස්සේ අපි තරහා වෙනවා  කියල.

අදටත් එහෙමයි
ඒ අංකල් ඔය නිමිති , සාත්තර , ගුරුකං , යන්තර මන්තර පරම්පරාවක පොරක්  නෙමෙයි .... හොදට පොත පත කියවන , සාමාන්‍ය වැඩිහිටියෙක් ... හැබැයි ඔය වගේ සීන් කියන්ඩ පුලවන් කමක්  එයාට තිබුනා ... ඔය එකක් දෙකක්  විතරයි

මේක මට ලියන්ඩ හිතුනේ අරුණාලෝකයේ පලවුන චතුර ලක්ෂිත ලියු මේ පෝස්ට් එක දැකලා , මෙන්න තියනවා ඒ   ලිපිය


නිමිති බැලීම......

**මුලින්ම කියන්න ඕනෙ මේ පෝස්ට් එක කියවලා අවසානෙදි ඕවා බොරුයි ඇත්තයි කියලා මරාගන්න, බුදුහාමුදුරුවො ඕවා කීවෙ නෑ කියලා මරාගන්න, වෙන රටවල නෑ අපි 2500 හිර වෙලා කියන්න, අන්තිමට ආගමයි නිරාගමයි අතරෙ මරාගන්න පටන් අරන් තමන්ගෙ අඳබාල කම පෙන්නන්නෙ නැතුව මේ වගේ දේවල් එකක තියෙන රසවත් අත්දැකීම් විතරක් බෙදාගමු කියන දේ**

මේ වගේ දේවල් කරේ තියන් හිටියෙ නැති උනාට ලංකාවෙ තියෙන පරණ ශිල්ප වල හොරතුරු හොයන්න තියෙන ආසාව එක්ක මේ වගේ දේවල් වල අත්දැකීම් ගන්න තියෙන අවස්ථාවල් නම් මම කොහොමවත් මග අරින්නෙ නෑ. ඉතින් ඒ නිසාම මේ වගේ තැන් වල ඉන්න තක්කඩි ගැන වගේම හොඳ අය ගැනත් යම් වැටහීමක් තියෙනවා.

මේ මෑත දවසක අපෙ ලඟම ඥාති අයියෙකුට ඕනෙ වෙනවා පොරගෙ පොඩි එකාගෙ කේන්දරේ හදවාගන්නයි උගෙ ගෙදර ගැන බලන්නයි කියලා ජ්‍යෝතිශ්‍ය කරුවෙක් මුණගැහෙන්න යන්න. ඉතින් වාහනේ ඉඩ තියෙන නිසා අම්මත් එක්ක මමත් ගියා. ගමනාන්තය උනේ කෑගල්ලට නුදුරු දේවාලේගම ප්‍රදේශය. පාරෙ තිබ්බ කඩේකින් මග සලකුණු අහගෙන යන්න උනේ කිසිම තැනක කාර්‍යාලයක් හෝ ජ්‍යොතිෂය කටයුතු කරනවා කියලා බෝඩ් ලෑල්ලක් වත් නැති නිසා. කොහොම හරි පාර හොයාගෙන ගෙදරටම යද්දි මැදි වයසෙ කෙනෙක් මග බලාගෙන ඉන්නවා දොරකඩට වෙලා අපි එනවා කියලා කලින් කෝල් කරපු නිසා.

අපිව බොහොම සාදරයෙන් පිලිගත්ත ඒ වෙද මහත්මයා (වචනයේ අර්ථයෙන්ම මහත්මයෙක්) පාර හොයාගන්න අමාරු උනාද කියලා ඇහුවා මිසක් අපි කොහෙද කියලාවත් ඇහුවෙ නැහැ මුලින්. මටත් ඉතින් අර තියෙන කුතුහලේ උපරිම නිසා සේරටම කලින් අම්මට කීවා නිකමට වගේ තත්කාලයක් හෙවත් නිමිත්තක් බලන්න කියලා ඔය අසනීප ගැන, ගෙදර ගැන එහෙම. අම්මත් ඉතින් බුලත් අතක් දුන්නට පස්සෙ වෙද මහත්තයා තත්කාල කේන්දරයක් (ඒ වෙලාවට අදාල කේන්දරය) හදලා ටිකක් වෙලා පොත් එහෙම පෙරලලා අම්මගෙන් අහනවා,

ගෙදරට එන පාර තියෙන්නෙ ගිනිකොණ පැත්තෙන් නේද? (ඒක හරි)

ගේටුව කෙලින්ම ලඟින්ම මැදට වගේ කණුමක් තියෙනවද? (පාරෙ ලයිට් කනුව ගේට් එක ලඟ කෙලින්ම මැද වගේ තියෙන්නෙ. ඒකත් හරි)

ගෙදර දොරවල් තියෙන්නෙ මේ මේ පැති වලටද? (ඒවත් හරි)

කුණු දාන වලක් මේ දිශාවෙ තියෙනවද? (ඒකත් හරි)

ගෙදර කෙනෙක්ගෙ මිනියක් වත්තෙ මේ දිශාවෙ කොණට වෙන්න ආදාහනය කලාද? (හරියටම හරි ඒකත්)

මිනීය ඇරන් ගියෙ මේ වෙනම පාරක් හදලා නේද කියලත් කීවා.

තව වටේ පාරවල් ගැන වගේම ගෙදර පිහිටීම ගැන කියපු සේරම හරි. පරණ ගෙදර කොටසකුත් තාම ඉතුරුයි නේද වෙනම කියලත් කීවා. දැන් මේ සේරම කියන්නෙ අපි කොහෙද කියලවත් නොදැන. ඊට පස්සෙ වෙද මහත්තයා අම්මගෙ අසනීප, කැක්කුම් ගැනත් හරියටම කීවා. ඔහොම කාරණා ගොඩක් විස්තර කරලත් දුන්නා.

ඔතනින් මං බලන් හිටියෙ මේ දේවල් වලට මෙහෙම පූජාවක් තියන්න ඕනෙ (මං ඒවත් කරනවා), මේ යන්තරේ දාන්න ( ඒක මන් හදලා දෙන්නම්), අපලෙට මේ මුද්ද දාන්න (ඒකත් මං හදනවා) කියලා ඔය කට්ටියගෙ සුපුරුදු මන්තරේ කියයි කියලා. අනේ ඒ මොකුත් නෑ කීව එකම දේ ගේ හැදුවට පස්සෙ ගෙදර ආගමික කටයුත්තක් කලේ නෑ නේද පුලුවන් නම් පොඩියට නිර්මාංශ දානයක් දෙන්න තුන් නමකට වගේ කියලා විතරයි. තව පුලුවන් නම් බෝධි පූජාවක් වගේ කලත් කමක් නෑ කිවුවා.

ඔතන හොඳම කතාව මේකයි. අර ගෙදර විස්තර කියද්දි එක පාරම ඇහුව "ගෙදර ගේට්ටුව ඉස්සරහා රෙදි වනලා තියෙනවද? රෙදි වැලක් ඇදලද තියෙන්නෙ.?" කියලා. ඉතින් අපි කවදාවත් ගෙදර ඉස්සරහා රෙදි වනන්නෙ නෑ ඒ නිසා එහෙම එකක් නම් නෑ කිවුවාම වෙද මහත්තයා තනියම හිනා වෙලා ආයෙ ඒ ගැන කතා කලේ නෑ. අපි ගිය වැඩ ටික ඉවර කරන් ගෙදර ඇවිත් ගේට් එක ලඟින් බහිනකොට තමයි දැක්කෙ

ඉස්සරහා පාරෙන් අනිත් පැත්තෙ ගෙදර උන් හරියටම අපෙ ගේට්ටුව ඉස්සරහා උන්ගෙ දැල් වැටේ රෙදි වනලා කියලා....





Blog Archive

popular articles of today

Popular articles of this year

Always popular articles