Popular Posts

2026-07-24

ඉස්සර පවුල් සංවිදානේ

 පවුල් සංවිදාන සංගමයෙන් දුර ඈත ගමකට ගිහින් ගෑණු කට්ටිය ....     රෑස් කරලා ......ආපු  මිඩ්වයිෆ්ලා...කැමති  අයට උපත් පාලන පෙතිත්    ඒකට අකමැති අයට   උපත්  පාලන කොපුත් බෙදලා  දුන්නලු ,   ඒකරලා  කියුවලු  ...  මහත්තුරු කැමතිනං  වාසෙත්මී  කරගන්ඩ  ඉස්පිරිතාලෙට  එවන්ඩ ............ එයාල අකමැතිනං  ........... ඔයාල ඇවිත් ....ලූප්  එකක්  දාගන්ඩ .......බබාල දෙන්නෙකුට වඩා ඉන්න අය ඔපරේෂන්  කරගන්ඩ   කියල ..........


ඔන්න  ඉතින්  එක ගෑණු  කෙනෙක්  ගෙදර  රෑ  නිදාගන්ඩ ගිහිං   මිනිහට කියුවලු  කතාව  ..........

‘‘ මට නං  බයයි  ඒයි උපරේසන් කරන්ඩ .... ඔයා කරගන්ඩකෝ ‘‘

‘‘ පිස්සුද ඔයි  ඔව්වා කරහම  බරවැඩ කරන්ඩත්  බැරිවෙනවලු ‘‘

‘‘ ඒ මිසිලනං  කියුවේ  එහෙම  නැ ... කියල ‘‘

‘‘ කෝ  අර දුන්නයි කියුව කෙහෙල්මල ගන්නවා බලන්ඩ ‘‘

‘‘ මෙට්ටේ  අස්සේ  ගැහුවා  අර මලයක්කුන්ට අහුවෙයි කියල .......... ඔය පැත්තේ  කොට්ටෙ හරියේ තියෙන්නේ ... අත දාල ගන්නවා ‘‘

මිනිහත්  ඉතින්  එකක්  ඇරං  පැකට් එකත්  කටින් කඩලා  අරං බලනවලු

‘‘ තල තෙල් ගාලද මන්දා  ඕයි  මේකේ  .......... අම්ම අප්ප කාලේ  දැකලද මෙව්වා ........... අෑ  ඕයි  ..... අර ගෑණු  ....... ඔච්චර ගොඩක්  ඉස්සරහ  දිවේ  කටේ නොගෑවී ඔව්වා කොහොම කියෙව්වද ‘‘

‘‘ මිසීල විතරක්   නෙමෙයි    ඩැයිබර්උන්නැහෙයි  .... අතට මේස්  දාපු තව එකෙකුයි  ....දොස්තර හාමුයි  ........තවත්  එකෙකුයි  පිරිමිත්    හිටියා  ඒයි  ........... අර අරඹේ ගෙදර තේ උඩිච්චි අහන එව්වට පැන පැන උත්තර දුන්නේ ...... ඕකිටනං  මොකද  මහපාරේ  හරි රෙද්ද උස්සයි ‘‘

‘‘ ගමේ  එකාල ඔක්කොම හිටියද ‘‘

‘‘ නැතුව .......... පදු ගොඩැල්ලේ  උනුත්  ඇවිත්  හිටියා .............. මං නං ඉන්නවට හිටියා ....... පැද්දියෝ  එක්ක එක බංකුවේ  කවද ඉදගනද ............. මේ.... ඒයි ‘‘

‘‘  ..ඇයි  ‘‘

‘‘ අපි  ඕක අන්දවලා  ඉදල බලමුකෝ ‘‘

‘‘ මට බෑ ඕයි  රෙද්ද ‘‘

‘‘ අනේ  ඒයි   ...බලමුකෝ ....... කල් අල්ලනවත්  කියුවා ‘‘

‘‘ හම් ‘‘

පස්සේ  ඉතින්  කොන්ඩම්  එක දාල  වැඩේ   කරල  අරූ  වඩු පට්ටලෙං  බැස්සලු .... ගෑණි  කියනවලු

‘‘ මේ  ඒ්යී  ....... ‘‘

‘‘ ඇයි  ඕයි ‘‘

‘‘‘‘‘‘‘‘ ඒක  හරියන්නැ  ... නිකං  මොකදෝ  මොකදෝ  වාගේ  ............ අර දවසක්  තමුසෙගේ  සරම අහු උනේ  ...ආං එදා වාගේ ‘‘‘‘‘‘‘‘‘‘

2022-06-13

ඉස්සෙල්ලම ගහපු එකා

                                      

" ඕක දීපං යකෝ .. ⁣ලොන්තේ දාලා ගත්ත කේජී කෑල්ල ඔලුවම කන්ඩ ඕනවට ... ඔතන්ඩ ගන්නවා, පරයෝ  තව අපි තුන් දෙනෙක් ඉන්නවා,  තෝ සිකරට් එකක් පත්තු කළත් ඔහොමයි, ආර් අකුරත් පහුකරලා තමයි අනිකට  දෙන්නේ ...... බලපිය භල්ලෝ  මෝල්කෙන්  බාගයක්ම තෝ ගහලා "


" සිරාවටම  බොක්ක .... මාත්  ඕක කියන්ඩමයි  හිටියේ "


" හරි හරි  බං ආ , කෝ ගැජට් කෑල්ලක් දීපං "


" ආ ඉදා .... කිරි ටොපී කෑලිටික  ඔක්කොම කන්ඩ එපා හොදද... අපිටත් දියං "


" කෝ බං කලවං කරපු සිකරට් එකේ ඉතුරු බාගේ "


" තෝනේ  එතුවේ ..... තෝ ගාවම ඇති .... ඒකත් පැලිය තනියම "


" ඈ බං සුසන්තයෝ ..  කවුද අර පල්ලෙහා පාරේ නලව නලව එන  ඇන්ටිපා එක ........ පට්ටයි යකෝ "


" ආ ඔය අර ..... සරත් අයියගේ පවුල  කාන්ති අක්කනේ "


" මොන "


" ඇයි බං අර ... මහ ඉස්පිරිතාලේ වැඩකරන්නේ ...... බෙහෙත් දාන ගෙදර "


" අඩේ  ඒකීද  ...... කොන්ඩේ  ස්ටේට්  කරලා ....... ඩෙනිමක් ගහලා කොහේ අදුරන්ඩද  යකෝ "


" හම්මෝ මේ ...... මං  අර  බ්රේක්  ගහන්ඩ පස්ස රෝදෙට කකුල  තියලා ...... කකුල ඇබරිලා ගිහින් හිරවෙලා වැටිලා..  දනිස්ස බරුගැහුන වෙලාවේ  ..... ගියානේ  බං  බෙහෙත්  දාන්ඩ ..... දවල්නේ .... සරත නෑනේ ...... ගෑණිනේ ඉන්නේ ..... ඔය හුයන්නි  තුවාලේ  වැලි පිරිලා  කියලා ..... කතුරට ගෝස් කෑල්ලක් දවටලා ඇරං සර්ජිකල්  ස්ප්‍රීට් පොගවලා ..... ඇතිල්ලුවා  බොල ....... මට ගූ හුජ්ජ ගියේ  නැති ටික විතරයි "


හේහේ  හ්  හේ 


" හිනාවෙන්ඩ එපා වේසාවනේ  ...... ඉහලුම් නැතිකමට මට පඩයකුත්  ගියා  ....... ඕකී ..... කිසි අනුකම්පාවක්  නැතුව බං තුවාලේ  ඇතිල්ලුවේ .....  ඒ කරලා කහපාට බෙහෙතක් ගාලා  ගෝස් කෑල්ලක්  තියලා ..ප්ලාස්ටර්  කෑළී තුනක්  ගහලා  ⁣එකසිය පනහක්  ගත්ත බොල "


" මේ  ඕක  හෙන සීන්  එක හරිද ...... දැන් පදින්නේ ....  815 බස් එකේ කොන්දා "



" එකෙක්  කියලද යකෝ ...... කඩේ සිසිරයා...... අර ටැපික් එකේ ඉන්න කොන්ඩෙ බොකුටු පොලිස්කාරයා.... ග්‍රමසේවක රාළහාමිත්  කොටුව පනිනවලු   බං " 


" ඇයි යකෝ සමනා , මාළු ප්‍රීයන්තයා, එතකොට ගුණේ මාමා "


" අඩෝ  උඹලැ  ගුණේ මාමද "


" ඔව්  බං  බැදලත් නැති එකේ  ඌත් වතුර  මාරු කරගන්න එපෑය ..... අපි නොදන්නව  වගේ  ඉන්නව ඉතින් ...... හැබැයි ඕකී ...... ඌගෙන්  තදේට දත ගලවනවා "


" හම්මට සිරි එහෙමද "


" ඉතින් බං සරත් ලොක්කා දන්නැද්ද බං ඔව්වා "


" සමහර විට දන්නවත් ඇති බං ..... කරගන්ඩ දෙයක් නැතුවහරි කපටිකමට හරි ...සද්ද නැතුව ඉන්නව ඇති "


" ඒ  මේ මචංලා ...... අර කාන්ති අක්කගේ  ලොකු  කොල්ල ඉන්නව නේ ..... මම දවසක් උඹලා එක්ක  සෙට්වෙලා  ඉදල  ගෙදර යනකොට ..... ඔය වත්තේ  ඉදන්  පාරට ගොඩ උනා බං "


" අඩෝ .....නෑ ..... ඌ  හෙන පොඩි   එකෙක්  නේ  බං "


" මෝල් අමාරුව තද උනහම .... ඔව්වා අදාල නෑ බොල ...... අහලා   නැද්ද බුරියෙන්  පල්ලෙහාට ...නෑදෑකං  නෑ  කියලා "


" මචං  මේ  අහපල්ලා හරියට  ඇත්ත නැත්ත නොදැන ඔය වගේ    දේවල්  කියන්ඩ එපල්ලා බං ...... උඹලා හරියට කතා කරන්නේ  එකීගේ  අහවල් එකට අත තියං හිටියා වගේනේ "


" අනේ  මේ  සුසන්ත .... බෝකාපං ... තෝ  ඒ ඒසිව සුද්ද කරන්ඩ එන්ඩ එපා ..... අපි දන්නවා තෝත්  සරත් ලොක්කට අයියේපයියේ ගාගන එහේ රිංගනවා කියල "


" අනේ  යකෝ තොපේ කටේ මහගෙඩි දාන්ඩ ඕන ..... මට එහෙම මෝල් අමාරුවක්  නෑ ..... මම කියුවේ  ...... ඔහොම කථාකරන  එක  හරි නෑ  කියලා ..... තොපි ඕන වේසාපාරක්  ගහගනියව් "


"  අනේ  මේ පල  පල යන්ඩ ..... අපි නොදන්න සුද්දවන්තයා .... තෝ බුදුවෙලානේ "


" ඕකට ඔය සෙට් එකටම කලින්  ගැහුවේ ...... අර එස් එප් එකේ  ඉන්න අරවින්දයා "


" නෑ බං ..... ඊට කලින්  ...... ඉහලගම චන්දනයත්  එක්ක සීන් එකක්  තිබ්බා "


" ඇයි බං ..... ඔය ළමයි එහෙම පොඩිකාලේ සාන්තයත්  ඇද්දා ඕක "


" හරි හරි .... දැන්  උඹලා .  බලාගන හිටියා වාගේ කියනවනේ  අරූ ගැහුවා මූ ගැහුවා කියලා ...... එහෙනං  ..... කියහල්ලා බලන්ඩ ....... කවුද  ඕකට ඉස්සෙල්ලාම ගැහුවේ  කියලා " 


" වෙන කවුද සුසන්තයෝ  ..... තෝම වෙන්ඩ ඇති ...... දැන් ටිකකට  කලින්  ඒකිට පත්තිනි වරම දෙන්ඩ හැදුවෙත් උඹනේ ..... එහේ රිංගන්නෙත්  අපිද  .....නැනේ  නෑනේ ... උඹනේ  ....... ඒ     නිසා  ඉස්සෙල්ලම  පට්ටලේ  දාන්ඩ  ඇත්තේ  උඹ "


" මගුලක් කියනවා ....නැ  යකෝ ....... පුලුවන්   නං  කියහල්ලා ..... උඹලා  හොඳට  දන්න  එකෙක් "


" අබේපාල මාමද "


" නෑ "


" එහෙන් හාඩ්වෙයාර්  එකේ  බර්ටියා "


" නෑ  "


" තැපැල් පියුං "


" නෑ "


" ලයිට් බිල් කාරයා "


" පිස්සුද ඕයි "


" එහෙනං "


" දැන් තොපි හෙන නං ලිස්ට් එකක් කියුවනේ ..... ඒ උනාට ඉස්සෙල්ලම ගහපු එකා දන්නෑ ..... උඹල හොඳට දන්න එකෙක් ..... පුලුවන්  නං කියහල්ලා "


" ලොකු හාමුදුරුවෝද "


" පිස්සුද යකෝ  ...තෝව අපායේ  යයි "


" එහෙනං  ඉස්කෝලේ මහත්තය "


" නෑ "


" ගුනේරිස් ආතා "


" පිස්සුද  බං  ...ඒ වයසක මනුස්සයා නෙමෙයි "


" අඩෝ  නාකියා උනාට ගුනේරිස්  පට්ට කොබා "


" නෑ  නෑ බොලව් ඔය එකෙක්වත්   නෙමෙයි " 


" අඩෝ කියහංකෝ  කවුද කියලා අගය නොකර "


" බෑ "


" එහෙනං තොපේ මහ එකාද "


" හේහ්  .. හේහ් ... යකෝ කාන්ති අක්කට ඉස්සෙල්ලාම ගැහුවේ ....  මිනුවන්ගොඩ ඉදන් කසාද බැදලා කැන්දං ආපු සරත් අයියා "


2021-10-05

අන්න පුතේ අහස දම්පාට වෙලා



අන්න පුතේ අහස දම්පාට වෙලා ලස්සන බලන්ඩ.

හා.

බලන පාටක් නෑ.

ඔය ෆෝන් එක පැත්තකින් තියලා අවට පරිසරයත් බලහං.

දඩබඩ ගාලා නැගිට්ටා , ජනේලේ ඇරියා , ගත්තා පින්තූරයක් , ආයේ ඇදේ දපලා ෆෝන් එක ඔබනවා.

තව කතාවට ගිහිං හන්දුරුකං නැති කරගන්නේ මොකටද.

මාත් ඒ අහසෙම පින්තූරයක් ගත්තා.

බලන්න යාලුවනේ ...... අහසේ ලස්සන.

2020-09-24

මේ කෙහෙකන අපි දෙන්නෙක් කනවා


මේ කෙහෙකන අපි දෙන්නෙක් කනවා

මේක  මං  පොඩි   කාලේ  උන වැඩක් , මම මේ කියන ඩයල් එක මට වයස  දාසයක්  විතර කාලේ වයස  විසිපහක  විතර පොරක්, පට්ට ආතල් ඩයල් ඒකක් පස්සේ  කාලේ  කුඩු ගහන්ඩත් ගත්තා,    හම්මෝ  ඒ් කාලේ  අපිව  හිනස්සලා  මැරුවේ  නැති ටික විතරයිි ඒ්කා , කුඩු බොන්ඩ පටන් ගන්ඩ කලින්  ඌ කරපු වැඩක් මේක. 

මම  නම කියන්නැ  මේ  ඩයල් එක  දන්න  බුවාල කිහිපයක්  බුකියෙ  එකේ  ඉන්නවා , බාගදා  මම  නොදැක්කට ඩයල්  එකත්  ඇති ,  බුවා දැන් බව්වා දාන්නේ  නෑ   ඒ්කනං ලොකු දෙයක් හිත හොද ඒකෙක් ඌ.

ඔන්න  මමත්  කඩය ඉස්සරහ  දාලා  තියන කැරම්  බෝඩ් එකේ  ඉන්නවා   කතානායකයා  එන්ටර්  උනේ  එතකොට ඩයල්  දැක්ක  ගමං සීන්  වෙනවා  මලක්  ගහලා  සලුවෙලා  ඉන්නේ  කියලා  මූ  ඇවිත්  ගෝල්ලිප්  තුනකුයි  මස්කට්  කෑලි  තුනකුයි  ඇරං  කැරම්  ගහන  අපි  දෙන්නට  කිසිවක්  නොකියා බෝඩ්  එක  උඩට  දෙක දෙක  විසිකරා.

අපිත් ඉතින්  මස්කට්  කාලා  සිකරට් දෙක  පත්තු  කරං ඌ  එක්කත්  කයිය  ගගහ  කැරම්  ගහනවා 

ඔන්න  එතකොටම  කඩය  ඉස්සරහ  එල්ලලා  තිබුන  කෙහෙල්  ඉවර  උන  පරන  ජේ  අකුරක්  ගලවලා හොදටම  ඉදුන  ඇංඹුං  කෙහෙල්  කැනක් මුදලාලි ගෙනත්  එල්ලුවා.

මුදලාලි  හර්බට් ඌත් අපේ  යාලුවා ඌ  නැති  තැන  අපි  ඌට  කියන්නේ  පුබ්බඩයා  කියලා  මොන  හේතුවට  ඒ  නම  දැම්මද  කියල  නං  මතක  නෑ 

අපේ  ඩයල්  එකේ   නම  නොකියා  වෙන  නමක්  කියන්නං  නැත්තං  ඕකා  මාව  මරනවා කලින් දවසක  ඕකා  ගැන    මම බ්ලොග්  එකේ    ලියලා  පාරේ  අහුවෙච්ච  වෙලාවක  අම්මට  අහවල්  එක   කරගන්ඩ  එපා කියලත්    කියුවා  
 එක  නිසා  මම  සිදත් කියලා කියන්නං  කතාව  කියන්  යන    පහසුවට  නමක්  ඕන  නිසා 

 මුදලාලි  කෙහෙකන   එල්ලලා  හැරෙනකොට

ගෙඩි හැලෙන්ඩ  ඉදිලා .....  කීයද

රුපියල්  තුනයි

හෑ ....  යකෝ  අපේ  ගස්වල  කුණු වෙලා  වැටෙනවා

කුණු   වෙන්ඩ  අරින්නේ   කාහල්ලකෝ

කනවා තමා  .... කාගන්ඩ  බැරි එව්වා තමා කුණු  වෙන්නේ

එල්ලපු  ගමං  බඩු  බාල්දු  කරන්ඩ  එපා .... ගන්නවනං  ගනිං  .... නැත්තං  කට පුක  වහගන  පලයං ...... අනේ  තොපි  කන  කෙහෙකං

ටිකක්   වෙලා    කල්පනා  කරපු  සිදත්  ලල්  හිනාවක්  දාා 

අපේ  ගෙදර  උන් දෙන්නෙක්ට  මේ  කෙහෙකන  මදි ...... දාහක්  ඔට්ටුයි  අපි ⁣ දෙන්නෙක්   මේක  කනවා  

කියලා   සරමත්  කැහැපොට   ගහං  පාරට     ගොඩවෙලා  උන්ගේ  ගෙවල්  පැත්තට  ගියා,  අපි   දෙන්නා  කැරම්  අත   ඉවරවෙලා  දෙවනි අතට   ඉත්තෝ  සැට්   එක   හදනකොට   සිදත්   ගෙදර  ඉන්න  වැස්සියෙක්   දක්කං  ඇවිත්   කඩය  ඉස්සරහා   කණුවක  බැදලා    කඩේ   එලිපත්තට  ගොඩවෙලා කෙහෙකන  බාලා  ඇරගන  ගෙඩි  හත අටක්  කාලා, ඒකත් ඇරං  ගිහින්   කෙහෙල්  ගෙඩි  එක එක   කඩලා  ඇරං   වැස්සිට  කවන්ඩ  ගත්තා  අපි   දෙන්නගේ   කට  දැං  කනේ  ...... ඒක  දැක්ක   පුබ්බඩයා.

ඈ  බොල  දහබලු   ඒසිගේ පුතෝ  මගේ  කෙහෙකන  හරකට  කවන්ඩ  තොට  මොන  හයියක්ද   කියාගන  පැන්නා  එලියට

මේකිත්   ඉන්නේ  අපේ  ගෙදර ..... මන්  අපි  දෙන්නෙක්ට  මේ  කෙහෙකන  මදි  කියුවේ  මේකිටයි  මටයි .....😜

2020-04-10

මනමාලියෝ හෙවිල්ලයි මනමාලියෝ කොං කිරිල්ලයි




මේ කොරෝනා කාලේ  මගේ  වේලි වේලි හිටිය  ගජයෙක්  මනමාලියෙක් බලන්ඩ  ගිහින් .... ඒ .... සීන්  එක මා එක්ක කියුවා ........... ඒ දේවල්  සහ  ... බුකියේ  දැක්ක  .අලුත ගෙනා මනමාලියන්ට දෙන ... බුද්ධි සහ ප්‍රයෝගික පරික්ෂණයක්  ගැනත්  පෝස්ට්  එකක් දැක්කා ........ ඒක දැන් හොයාගන්ඩ  බෑ  කැකිරි  සීන් එකක් ......... කාරනා දෙක හින්දා  මේක  ලියන්ඩ හිතුවා .......... ජීවිතේට  නොකරපු  දෙයක්  ...... නිකොටින් සහ ඇල්කොහොල් නැතුව ලියන පලවෙනි  එක මයේ  හිතේ ........

ඉස්සර ඉතින්  ලව් මැරේජ් හරි  අඩුයිනේ  ........ නැගලම යන්නේ  ඇවැස්ස නෑකං වලින් කරේ ගැහිල්ල හරි  .කරගහගන්න එකනේ  .......... ඔව්  ඔව්  ..... තන්නාසේ  ... දේපල පිට යනවට ........ ඔය අස්සේ  පට්ට සිරා  ඇවැස්ස ලව් නොතිබුනාමත්   නෙමෙයි..........  ඒ ඇරුනහම ඉතින්  ... කපුවෝ  ලව්වා  හිර හෙවිල්ල තමයි  නැගලම ගියේ  ............ අනිත්  ක්‍රමය  තමයි  කාගේ  හරි  රෙකමදාරුවක්  ...... මාර්ගෙන්  .ගෑණියෙක්  මිනිහෙක්   හෙවිල්ල .......... මට නං  ඔය  දෙකම  හෙන කොයිල්  .... 

ලව් කරනවා කියන්නේ  ...... තමන්ට  හොදයි  වාගේ  හිතෙන  කෙනෙක්  සෙක්ස්  කරන්ඩ  ....  දීර්ඝ කාලින වැඩසටහනකින්  කැමති  කරගන්න  එකනේ   ( සරලව ) ...... ඒකවත්  නැතුව  ........ ජීවීත කාලයම  නිදාගන්න ඇද බෙදාගන්ඩ  එකෙක්  ...... කොහෙවත්  ඉන්න  කපුවෙක්ට හරි  ...දන්න එකෙකුට හරි  කියලා හොයාගන්නවා  කියන්නේ  ........ මොන නවනිංගිරා  වැඩක්ද  ........ අනේ  මන්දා  මටනං  හිතාගන්ඩ බෑ .....  සන්තානං  මෑණියනේ  ..... නොදන්න එකෙකුට රෙද්ද උස්සන්නේ  කොහොමද ...... නොදන්න එකියෙකුට බිජ්ජ පෙන්වන්නේ  කොහොමද.

හාහා  .ඒක පැත්තක තියමුකෝ  ....... ඉස්සර  ඔය දන්න කියන  කෙනෙක්  මාර්ගෙන් හරි  .... කපුවෙක්  හරහාහරි  .... ගෑණියෙක්  ගන්ඩ  ගියහම  ... අදාල  තරුණයාට  එක එක පරීක්ෂාවන්ට  ලක් වෙන්න වෙනවලු. ඇවැස්ස නෑනා  මස්සිනාගේ  නං  ඉතින්  මොනවා  බලන්ඩද  ...... සියලු  තතු  දන්නවනේ  ...සනුහරේට  පිටින්  එකෙක්  ගන්ඩ ගියහමනේ  මේක  වෙන්නේ  .......

මම ඒවා  එකක්  දෙකක්  කියන්නං 

ගෑණි  ගන්ඩ යන  එකාව  මාමජ්ජා හරි  .. ඒ  සනුහරේ   වෙන  එකෙක්  හරි ... හොදින්  කතා බහ කරලා  ........ කදේට  දාගන  .... විටක්  කමු  කියලා  එක්කං ගිහිං  ...හෙප්පුව  දෙනවලු ........ පුවක්  කපලා නෑ .... ගිරය  හෙප්පුව  උඩ ...  යෝජිත  මනමාලයා  පුවක්  ගෙඩිය කපන්නේ  කොහොමද ..... තමන්ගේ  කෑල්ල  විතරක්  කපලා කටේ  දාගන්නවද  ... ගෙඩියම  ..... කපලා  කුරුට්ට සුද්ද  කරලා  ...... කෑලි හයට  කපනවද  කෑලි  හතරට  කපනවද ........  තමන්  කන්ඩ  කලින්  ............. ආ මාමා  ...... උඹ කාහං කියලා  දෙනවද   ... බලනවලු  ...........

වැඩිහිටි  බවලතෙක්  ... ගල් අන්නාසියක්  ගෙනත්  .........   මාපුතා  මේක  හොද   කරලා දියං කියලා  ........ මේස පිහියක්   එක්ක  දික්කරනවලු  ....... අර  අසරණයා  අන්නාසිය  ......... ( ගල් අන්නාසි  කැපිල්ල පට්ට අමාරුයි ) ........  පොතු  ගහලා  ගෙඩිය  හීනි  කරගත්තොත්  ........... පට්ට නාස්තිකාරයෙක්  .......... කට කහන ලෙවල්  එකට  ඇස්ස ඉතුරු  කරගත්තොත්  ........ පට්ට  කුනෙක්  .................

දැන්  ඔය  චෑන්ස්  එක හරි  .... පිරිමින්ට  ලැබෙනවා   ........  කලින්  ගැලවෙන්න  ........ ගෑණු  ළමයින්ට   නෝ චාන්ස්  .......... බැන්දට පස්සේ   තමයි   ටොපිය  හම්බෙන්නේ  ........මිනිහා  බින්න බැස්සොත්  ගොඩ ......... නැත්තං  සොරි  ඩොට් කොම්. දීගේක ගියා  කියන්නේ   බඩුම  තමා ........... 

දවසක්   දෙකක්  ගිහින්  ...... මනමාලිට  බාර දෙනවා  ........ කිරි හොද්දක්  හදන්ඩ  ........... කැටි  ගැහුනොත්  .......... වැරදි  වෙලාවේ  ඇඹුල්   දැම්මොත්  සොරි  ඩොට්  කොම්  ........

එහෙම  නැත්තං  කැකිරි  වෑංජනයක් හදන්ඩ දෙනවා  ......... කුස්සිය  පැත්තේ  නොගිය  ළමිස්සියෙක්නං  .... අනාතයි  ........ කැකිරි  කපන්ඩ කලින්   කිරි  අරින්ඩ දන්නෙත් නෑ .......... ඒ දැනගත්තත්  .. පට්ට  උයමං කාරියෙක්   නෙමෙයිනං  .... අමුර්තෙං කලතලා ලිපේ  තිබ්බත්  රස වෙන  කෑමක් යෑ  කැකිරි ..............

ඔය මගුලෙන්  අන්තිමට වෙන්නේ  අර අලුත්  මනමාලිව කුස්සියෙන්  දුරුකරලා ........ සදාකල්  පරිභව කරන එක හරි ....... ඒ  කුස්සියේම  .... නෑනෙකුගේ  හරි නැන්දම්මගේ  හරි  ආවතේවකාරිය  වෙන එක හරි  ......

පිරිමි පරික්ෂණය  හොදයි නේ  ........  ගෑණු  පරීක්ෂණය  හරිම  කුරිරුයි නේද  යාළුවනේ .....

අන්න  බලන්න  ........ ගහක්  මරන්න ගහන්නෙත්  දේවදාර ගහකින්  කපාගන්න ඇණයක් 

 ඉතින්  ඔයාලත්  දන්න මේ  වගේ  චාරිත්‍ර වාරිත්‍ර මතක් වෙනවනං  කමෙන්ට්  එකක්  දාගන යන්න