2018-05-31

Carrom rules approved by the international carrom federation and Sri Lanka Carrom Association


 , අන්තර්ජාතික කැරම් සංගමය සහ ශ්‍රී ලංකා කැරම්  සම්මේලනය විසින් අනුමත කරන ලද සහ භාවිතාකරන කැරම් නීති මාලාව.


මං කැරම්  බෝඩ්  එකක්  ගත්තනේ  ... පස්සේ  ඉතින්  ගෙදර තියාගන හරියන්නෙත්  නැ ... ඕක දැක්කහම එක එක්කෙනා එනවනේ  සෙල්ලං කරන්ඩ ... පස්සේ  අම්මලැ ගෙදෙට්ට  ටාන්සර්  කලා ... ඒක ගන්ඩ ගියහමත්  හෙන සීන්  අප්පා  ... තුන්දාස්  එක සියේ  ඉදන්  හත්දාස්  ගානට වෙනකං .. කැරම් බෝඩ්  හතරක්  තිබුනා ... ලාබේ බලලා  හැමදාම කෙලවෙන හන්දා  ගණන් වැඩිම එක්ක දෙන්ඩ කියුවහම ... කඩේ ලලනාව කියනවා ගණන්  අඩු  එකට ඩිස්ක් එකක් එක්ක ඉත්හතෝ ටිකත් හම්බුනාට හොද බෝඩ් වලට එහෙම නෑලු , පස්සේ  ඉතින් උන්දැ හොදම එකක් කියලා  ... ඩිස්ක්  එකක් දුන්නා  ඒකටත්  හයසිය අනූවක් කියහංකෝ  ...  ඉත්තොත්  වර්ග දෙක තුනක් පෙන්නුවා  ... ඔයා හොදම බෝඩ් එක ගත්ත හන්දා  මේ ඉත්තෝ ගන්ඩ කියල ගණන්  වැඩි ඉත්තෝ  ටිකකුත්  ඇගේ  ගැහුවා ... හැබැයි ඒකි  කියන එකත් ඇත්ත තමා ... ගැජට් ටික අතගෑවහම  ඒක  මට දැනුනා ... හරිම සිනිදුයි.

පස්සේ ඉතින්  කැරම් ගහන්ඩ ගියහම එක එකා එක එක නීති  කියනවා ... මිණියක්  මැරෙයි කියල බයට ගූගල් කරලා බැලුවා .... සිංහලෙන්  නැ කියහංකෝ  නීතී ....  කැරම් ගැන  සම්බන්දයක් තියන  .. කැරම් වලට සම්බන්ධයි කියලා දැනෙන  හැම තැනකම  හෙව්වා හම්බුනේ  නැ ...

2018-05-29

අටමට පුරස්න දෙකක් , (1) ගූ ගල් කරන සිතියං අක්කට අපිට පාරවල් කියලා දුන්න හැක්ද , (2) නොපෙනෙන කෙනෙක් ලග ඉන්නවා කියලා කවදහරි දැනිලා තියනවද.


(1)
අද මං ජීවිතේ පලවෙනි වතාවට google map පාවිච්චිකරලා  ගමනක් ගියා , ගෙදරින් පිටවෙනකොට යන්ඩ ඒන තැන දුන්නහම මට යන්ඩ ඕන තැනට යන්ඩ , පාරවල් තුනක්  පෙන්නුවා , එකෙන්  මම තෝරගත්තේ දුරම පාර , මොකද අනිත් පාරවල් දෙකට වැඩිය දුර පාර මට හුරුයි .... අනික ඒ පෙන්වන පාරේ එහෙන් මෙහෙන් පනින කෙටිපාරවල් ටිකක්  මම දන්නවා  ... ගූ ගල් කරන සිතියං අක්ක කියන දුරට වඩා කිලෝමිටර් 12 ක් විතර අඩුවෙන් ගමන යන්ඩ පුලුවන් , ඔන්න ඉතින් මං ගූ ගල් කරන සිතියං අක්ක කියන පාරේ යනවා ... ඒ අතරේ මං දන්න කෙටි පාරවල් වලත් යනවා ... ආයෙත් ගූ ගල් කරන සිතියං අක්ක කියන පාරට වැටෙනවා ... ආයේ එයා කියන විදිහට ... ඔහොම දෙතුන් පාරක් ගියා ,  පස්සේ  මං ආයෙත් එනකොට ඒ පාරෙම ආවා අර විදිහටම .... මෙන්න යකෝ  ගූ ගල් කරන සිතියං අක්ක කලින් මට නොකියුව ... මං  දන්න  මං උදේ ගියපාර මටම කියනවා .............

2018-05-06

How to automatically redirect Blogger blog to another blog or website , බ්ලොග් එකකට පැමිනෙන අමුත්තන් වෙනත් බ්ලොග් එකකට හරවා යවන ආකාරය


<script type='text/javascript'>
2  var d='<data:blog.url/>';
3  d=d.replace(/.*\/\/[^\/]*/, '');
4  location.href = 'හරවා යවන ලින්ක් එක';
5</script>



පහත තියන කෝඩ් එකේ ලින්ක් එක දෙන්න තියන තැනට හරවා යැවිය යුතු බ්ලොග් එකේ  ලින්ක් එක දාන්න ,

 ඊටපස්සේ  ඒක කොපි කරගන හරවා යවන බ්ලොග් එකේ ඩෑෂ් බෝඩ් එකට ගිහින් , 

ටෙම්පලේට් සිලෙක්ට් කරලා , එඩිට්   HTML  සිලෙක්ට් කරලා ඔබට පෙනෙන ටෙම්පලේට් කෝඩ් එකේ කැමති තැනක් ක්ලික් කරලා   CTRL + f   ඔබලා දකුනු කෙලවරේ උඩින් මතුවන පොඩි සර්ච් බොක්ස් එකේ    <head>   කියලා ටයිප් කරලා එන්ටර් ඔබන්න. 

එතකොට ලාකොල පාටින් හයිලයිට් වෙච්ච හෙඩ් එක ඔයාට පෙනෙයි ... අන්න ඒ <head>    එකට යටින්   කොපිකරගත්ත කෝඩ් එක දාල සේව් කරලා , බ්ලොග් ලිපිනය සර්ච් කරලා බලන්න.


<script type='text/javascript'>
2
  var d='<data:blog.url/>';
3
  d=d.replace(/.*\/\/[^\/]*/, '');
4
  location.href = 'මෙතනට ලින්ක් එක දාන්න';
5
</script>

ස්තුතිය// කාලිංග ඇතුලත්මුදලි

2018-05-05

උතුරු කොරියාවයි දකුණු කොරියාවයි .... ආයෙත් වෙන් නොවෙන්ඩම ... එකතු උනොත්





උතුරු කොරියාවයි දකුණු කොරියාවයි .... ආයෙත් වෙන් නොවෙන්ඩම ... එකතු උනොත් ... අපේ අතිගරු ජනාදිපති තුමා රටවල් දෙකටම සම්බාධක දායිද , ආ  නැනේ  එතකොට එක රටක්නේ  .... එහෙම එක රටක් වෙනකොට අකුල ගන්නේ උඩහ එක්කෙනාද පහල එක්කෙනාද ... එහෙම වෙන එකක්  නැ නේද  ... ඔය මොකක් හරි ජිල්මාට් එකක් දෙන්න එකතු වෙලා දාගනී නේද ... එතකොට උන් දෙගොල්ලෝ කෙලගන්නකං බලාන හිටපු උන්ට මක් වෙයිද .... එහෙම නැති උනත් , එහෙම උනත්  අපිට කෙලවෙයිද ... බොහොම  අමාරුවෙන් ජීවත් වෙන ... එකම භාෂාව කතා කරන සැට් එකක් , අල්ලපු රටේ  ඉන්දැද්දි ... අපේ  කොල්ලන්ව වැඩට ගනීද , මේක අපිට කෙලවෙන පොටක්  නෙමෙයිද සහෝදරවරුනි.

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>