Popular Posts

2018-05-31

Carrom rules approved by the international carrom federation and Sri Lanka Carrom Association


 , අන්තර්ජාතික කැරම් සංගමය සහ ශ්‍රී ලංකා කැරම්  සම්මේලනය විසින් අනුමත කරන ලද සහ භාවිතාකරන කැරම් නීති මාලාව.


මං කැරම්  බෝඩ්  එකක්  ගත්තනේ  ... පස්සේ  ඉතින්  ගෙදර තියාගන හරියන්නෙත්  නැ ... ඕක දැක්කහම එක එක්කෙනා එනවනේ  සෙල්ලං කරන්ඩ ... පස්සේ  අම්මලැ ගෙදෙට්ට  ටාන්සර්  කලා ... ඒක ගන්ඩ ගියහමත්  හෙන සීන්  අප්පා  ... තුන්දාස්  එක සියේ  ඉදන්  හත්දාස්  ගානට වෙනකං .. කැරම් බෝඩ්  හතරක්  තිබුනා ... ලාබේ බලලා  හැමදාම කෙලවෙන හන්දා  ගණන් වැඩිම එක්ක දෙන්ඩ කියුවහම ... කඩේ ලලනාව කියනවා ගණන්  අඩු  එකට ඩිස්ක් එකක් එක්ක ඉත්හතෝ ටිකත් හම්බුනාට හොද බෝඩ් වලට එහෙම නෑලු , පස්සේ  ඉතින් උන්දැ හොදම එකක් කියලා  ... ඩිස්ක්  එකක් දුන්නා  ඒකටත්  හයසිය අනූවක් කියහංකෝ  ...  ඉත්තොත්  වර්ග දෙක තුනක් පෙන්නුවා  ... ඔයා හොදම බෝඩ් එක ගත්ත හන්දා  මේ ඉත්තෝ ගන්ඩ කියල ගණන්  වැඩි ඉත්තෝ  ටිකකුත්  ඇගේ  ගැහුවා ... හැබැයි ඒකි  කියන එකත් ඇත්ත තමා ... ගැජට් ටික අතගෑවහම  ඒක  මට දැනුනා ... හරිම සිනිදුයි.

පස්සේ ඉතින්  කැරම් ගහන්ඩ ගියහම එක එකා එක එක නීති  කියනවා ... මිණියක්  මැරෙයි කියල බයට ගූගල් කරලා බැලුවා .... සිංහලෙන්  නැ කියහංකෝ  නීතී ....  කැරම් ගැන  සම්බන්දයක් තියන  .. කැරම් වලට සම්බන්ධයි කියලා දැනෙන  හැම තැනකම  හෙව්වා හම්බුනේ  නැ ...



පස්සේ  ඒ තැන්වලට ඒ පුද්ගලයන්ට පුද්ගලියන්ට මැසේජ් හිටං කරලා  ඉල්ලුවා  ... අනේ  මිනියක් මැරෙන්ඩ කලින්  නීති ටික කියලා දෙන්ඩ කියලා .... කිසිම හව් හරක් නැ පින්වතුනි

පස්සේ  මං  ඔය  විදිහට අහපු  නන්නාදුනන https://www.facebook.com/chaminda.polpitiyalakamalage  කියලා කෙනෙක්  කැරම් සංගමයෙන් ගහපු පොත් පිංචක් තියනවා ඒක හොයාගන එවන්නං  කියුවා.

අනේ  කියුවා වාගේම ඒ මහත්තයා මට ඒක ෆොටෝ ගහලා එව්වා ...  ඉතින් මං වගේ  එකෙක්  ගුගල් කරලා හෙව්වොත්  ඒකට හම්බෙන්ඩ කියන උතුම් චේතනාවෙන් මං මේක මගේ  බොගේ  දානවා.















































මට මෙය එවූ චමින්ද මහත්මාටත් , පොත ලියූ ඩී පී හෙට්ටිආරච්චි මහතාටත් , ලැන්ග්ලි මතායස් මහතාටත්  ස්තුතියි.

ඉඩක් ලද විටක ඡායාරූප ලෙස තිබෙන  මේ පිටු හතලිහ .... සරල සිංහල භාශාවෙන්  අන්තර්ජාලයේ  ලිවීමට බලාපොරොත්තු වෙමි.

2018-05-29

අටමට පුරස්න දෙකක් , (1) ගූ ගල් කරන සිතියං අක්කට අපිට පාරවල් කියලා දුන්න හැක්ද , (2) නොපෙනෙන කෙනෙක් ලග ඉන්නවා කියලා කවදහරි දැනිලා තියනවද.


(1)
අද මං ජීවිතේ පලවෙනි වතාවට google map පාවිච්චිකරලා  ගමනක් ගියා , ගෙදරින් පිටවෙනකොට යන්ඩ ඒන තැන දුන්නහම මට යන්ඩ ඕන තැනට යන්ඩ , පාරවල් තුනක්  පෙන්නුවා , එකෙන්  මම තෝරගත්තේ දුරම පාර , මොකද අනිත් පාරවල් දෙකට වැඩිය දුර පාර මට හුරුයි .... අනික ඒ පෙන්වන පාරේ එහෙන් මෙහෙන් පනින කෙටිපාරවල් ටිකක්  මම දන්නවා  ... ගූ ගල් කරන සිතියං අක්ක කියන දුරට වඩා කිලෝමිටර් 12 ක් විතර අඩුවෙන් ගමන යන්ඩ පුලුවන් , ඔන්න ඉතින් මං ගූ ගල් කරන සිතියං අක්ක කියන පාරේ යනවා ... ඒ අතරේ මං දන්න කෙටි පාරවල් වලත් යනවා ... ආයෙත් ගූ ගල් කරන සිතියං අක්ක කියන පාරට වැටෙනවා ... ආයේ එයා කියන විදිහට ... ඔහොම දෙතුන් පාරක් ගියා ,  පස්සේ  මං ආයෙත් එනකොට ඒ පාරෙම ආවා අර විදිහටම .... මෙන්න යකෝ  ගූ ගල් කරන සිතියං අක්ක කලින් මට නොකියුව ... මං  දන්න  මං උදේ ගියපාර මටම කියනවා ............. 

මං මෙහෙම අහන්නේ  මං නොදන්න හින්දා  .......... අපි යන හැම පාරකම .... අපි ඔය යන කෙටි පාරවල් වල
ගූ ගල් කරන සිතියං අක්කව
එක්කාගන ගියොත් එයා අපෙන් ඒවා ඉගනගන අනිත් අයට කියලා දෙනවද ... දෙයිද .... එහෙම වෙනවනං එහෙම කරන එක  අපේ  යුතුකමක්නේද.

(2)
මට ඉස්සර සීන් එකක් තිබුනා කවුරුහරි මගේ ලග ඉන්නවා ... මා දිහා බලාගන ඉන්නවා ..මා එක්ක ඉන්නවා වාගේ  සීන් එකක් ...ඒක වැඩිපුර දැනෙන්නේ  .. මං තනියම ඉන්නකොට .. මොකක්හරි ගැටලුවකට මැදිවෙලා ඉන්න වෙලාවට එහෙම .... නමුත් ඒක හැම වෙලාවෙම  හැම තැනම වෙන්නෙත් නැ  ... සමහර තැන්වල විතරයි ... එහෙම වෙලාවට මට දැනෙනවා හරිම තද සුවදක් ... සිද්ධාලේප සුවද වාගේ  එකක් .... ඒක හෙන තදට දැනෙනවා ... කවුරුහරි  සිද්ධාලේප ගාගන ලග ඉන්නවා වාගේ , මුල් දවස්වල මම හැරිලා බලනවා  , කවුද පිටිපස්සේ  ඉන්නේ  කියලා ... , එලියටත්  ඇවිත්  බලනවා ගෙදරින් .... පස්සේ  පස්සේ  ලග අහල පහල උන්ගෙනුත්  අහනවා ... උඹ සිද්දාලේප ගෑවද ... ටිකකට කලින්  ජම්බු ගහ ගාවට ආවද  , ජනේලේ  ගාවට ආවාද කියලා ...ගෙදර අයගෙනුත්  ඇහුවා ....... එයාල මට ආඩපාලි කියනවා .. ඔයාගේ  මේසය උඩ තියන සිද්දාලේප එක   අපි කොහොමද ගාන්නේ .... ඒ සුවද නැතුවත් මට දැනෙනවා කවුරුහරි   මාලග මා දිහා බලාගන ඉන්නවා කියලා .... මං මේක සමහරක් බ්ලොග්  යාලුවනටත් කියලා තියනවා......


දවසක් මම මගේ  ජීවිතේ  තීරනාත්මක ගමනක් ගියා .... ඒක  මගේ  ජීවිතේ  ටර්නින්ග් ෆොයින්ට් එකක් .......... හැබැයි  ලැබුන අභියෝගය පුලුවන්  උපරිමයෙන් මට පුරුදු අවංක කමෙන් කරනවා , මේක මට කරන්න පුලුවන්ය කියන එක ඇරුනහම , මං මේක මෙහෙම කරනවා කියන දිගුකාලීන ප්ලෑන් එකක් ඇරුනහම එ් ගැන  ... මං මේකෙන් ගොඩ යනවා .... කියන හැගීමක් තිබුනේ නැ ...... බයක්වත් ආසාවක්වත් ... පොර මානසිකත්වයක්වත් තිබුනේ නැ ... මං මට පුරුදු සිම්පල් විදිහට ගියේ ...

ඒ ගමන පටන්ගත්ත වෙලාවේ  ඉදන්  මට අර හැගීම ඇති උනා .... නිකම්ම ... මට ඒක මතක් නොවීම ... කවදාවත්  නොදැනෙන තරමට ... සුවදත් වැඩියි .. බලපෑමත් වැඩියි... කොටින්ම  ct 100 එකක km 115 ක් වාගේ  දුරක්  යන්න   මට පැය තුනයි  විනාඩි පහක් විතර ගියා .... පස්සේ  මං අදාල තැනට ගිය ගමං ඒක  නැති උනා  .... එකපාරටම  හෙන තදට දැනුන  සුවද ....

ඊට පස්සේ  කවදාවත් මට ඒ සුවද  දැනුනේ  නැ




2018-05-06

How to automatically redirect Blogger blog to another blog or website , බ්ලොග් එකකට පැමිනෙන අමුත්තන් වෙනත් බ්ලොග් එකකට හරවා යවන ආකාරය


<script type='text/javascript'>
2  var d='<data:blog.url/>';
3  d=d.replace(/.*\/\/[^\/]*/, '');
4  location.href = 'හරවා යවන ලින්ක් එක';
5</script>



පහත තියන කෝඩ් එකේ ලින්ක් එක දෙන්න තියන තැනට හරවා යැවිය යුතු බ්ලොග් එකේ  ලින්ක් එක දාන්න ,

 ඊටපස්සේ  ඒක කොපි කරගන හරවා යවන බ්ලොග් එකේ ඩෑෂ් බෝඩ් එකට ගිහින් , 

ටෙම්පලේට් සිලෙක්ට් කරලා , එඩිට්   HTML  සිලෙක්ට් කරලා ඔබට පෙනෙන ටෙම්පලේට් කෝඩ් එකේ කැමති තැනක් ක්ලික් කරලා   CTRL + f   ඔබලා දකුනු කෙලවරේ උඩින් මතුවන පොඩි සර්ච් බොක්ස් එකේ    <head>   කියලා ටයිප් කරලා එන්ටර් ඔබන්න. 

එතකොට ලාකොල පාටින් හයිලයිට් වෙච්ච හෙඩ් එක ඔයාට පෙනෙයි ... අන්න ඒ <head>    එකට යටින්   කොපිකරගත්ත කෝඩ් එක දාල සේව් කරලා , බ්ලොග් ලිපිනය සර්ච් කරලා බලන්න.


<script type='text/javascript'>
2
  var d='<data:blog.url/>';
3
  d=d.replace(/.*\/\/[^\/]*/, '');
4
  location.href = 'මෙතනට ලින්ක් එක දාන්න';
5
</script>

ස්තුතිය// කාලිංග ඇතුලත්මුදලි