Popular Posts

2019-06-30

ඔසාකී ට්‍රීබල් එක්ස් විකාශනය



ඔන්න එකෝමත් එකකාලේක මං වීඩියෝ සෙන්ටර් එකක් කලානේ , පාර අයිනේ කඩයක් කුලියට  අරගන තමයි ඒ වැඩේ කොලේ , කඩේ අයිතිකාරයාගේ ගේ තියෙන්නෙත්  කඩේට අල්ලලාමයි ,   මේ කියන කාලේ  vcd සහ vhs කරට කර යන කාලේ ...  සොනී ඩෙක් එකක් සහ සොනි වි සී ඩී එකක් තිබුනා  උනත් සමහරක්  රයිට් කරපු වි සීඩී   සොනි එකේ  දුහන්නේ නැතිනිසා  .. ඔසාකි කියන චයිනීස්  ප්ලේයර්  එකකුත් ගත්තා. ඒක අර සෝනි එක වාගේ පතරංග ප්ලේයර් එකක් නෙමෙයි දැක්කහම හරි ආසයි.... හුරුබුහුටි භාණ්ඩේ.

ඒක ගෙනාපු  මුල් කාලේ දවසක උ‍දේ වරුවේ බුදුපහන තියලා හදුන්කුරු එහෙම ගහලා ,සාම්බ්‍රනි දුම් අල්ලා එහෙම ටිකක් වෙලා  හිටියා  ..උදේ  නමය හමාරට විතර ඇති .. වස කම්මැලියි .... සෙනසුරාදා  උදෙන්ම කට්ටිය එනවා අඩුයිනේ ... අලුතින් බැස්ස ෆිල්ම් ඔක්කොම වාගේ  බලලා තිබුන නිසා , දාගත්තා ලේස්බියන් ට්‍රීබලක් ......... ඔව් ඔව්  එකපාර දෙක තුනක්ම බලාගන්ඩ පුලුවන් හින්දා  පොඩි එකෙක්  වෙච්චමං ඒ කාලේ වැඩිපුර බැලුවේ එව්වා තමයි.

ටික වෙලාවකින්  පෙරලගන දුහගන එනවා කඩේ ගෙදර  කොල්ලා

අයියේ  අයියේ  ..   මොනවද ඔය  කරන්නේ .. අන්න අපේ තාත්ත tnl බලන්ඩ ටීවි එක ටියුන් කරනකොට ... තමුසේ බලන  බ්ලූ එක අහු උනා ... වහනවා ඔයි ඕක.

අප්පටසිරි ඒ කොහොමද බං

මං දන්නේ කොහොමද , අම්මයි අක්කයි අපි ඔක්කොම සාලේ  හිටියා

කියලා මට බැන බැණා අරූ යන්ඩ ගියා

පස්සේ  ටිකක් හොයලා බලනකොට තමයි  දැනගත්තේ osaki  ප්ලේයර් එකේ ආපු  Radio Frequency අවුට් එක කේබලයක් සම්බන්ද නොකලත්  ට්‍රන්ස්මීටර් එකක් වාගේ  වැඩකරලා ටීවී වලට කනෙක්ට්  වෙනවා කියලා

ඔයාලටත්  මෙහෙම අකරතැබ්බ වෙලා තියනවද