2018-06-24

Presser Feet Guide Of Household Sewing machines , different presser feet that do a lot of other functions , විශේෂ කාර්ය්‍යන් සදහා භාවිතා කිරීමට ගෘහස්ථ මහන මෙෂින් සදහා නිපදවා ඇති පුට් වර්ග සහ ඒවායෙන් පහසුවෙන් මසාගතහැකි මැහුම්.

ම්  ම්  ම්  ... කොතනින්ද මේක පටන් ගන්නේ .... හොදයි  ...මෙහෙම පටන් ගමුකෝ , අදකාලේ මහන මෙෂින් එකක් සල්ලි දිලාගන්නකොට බොබින් දෙක තුනක් ඇරුනහම වෙන මොකවත් මෙෂින්  එකත් එක්ක ලැබෙන්නේ නැ , ඒ උනාට කාලෙකට ඉස්සර මහන මෙෂින් එකක් ගන්නකොට හොද කතුරක් පවා නිකං දුන්නලු ... ඒ වාගේම මෙෂින් එකත් එක්ක වෙනස් වෙනස් විදිහේ පුට් කිහිපයකුත් ලැබුනා ... හැබැයි ගොඩක් වෙලාවට ...ඒවා  මෙෂින් ලාච්චුවේ ටික කාලයක් තිබිලා ...ඊටපස්සේ  තව කොහේ හරි අස්සක ගහලා තියලා .. මලකඩ කෑවට පස්සේ  විසික්කරලා දැම්මා, එක අතකට දැං නිකං එහෙම පුට් දෙන එක නවත්තපු එකත් හොදයි ... කියල හිතෙන්නෙ ඔහොම ඒවා දැක්කහම තමා.

තව සමහරක්  අයගාව තියනවා ජපානයේ  පාවිච්චිකරලා අයින්කරලා මෙහේ ගෙනත් අළුත්වැඩියා කරල විකුණපු මැෂින්  , අන්න ඒවා එක්කත්  සමහරුන්ට හම්බෙනවා ... ඔය එක එක විදිහේ  පෙෂර් පුට් ... ගොඩක් වෙලාවට ඒවා එක්ක හම්බෙන පුට්  බොහොම සවිශක්තිමත් උසස් නිමාවක් සහිත සහ හිතාගන්ඩ බැරි තරං වැඩකෑලි සහිත ඒවා, ඒවත් අර කලින් කියුව සෙතේම තමයි.

තවත් ඔය විදිහේ ගැජට් බැජට් හම්බෙනවා පිටරටවලින් මිලදීගන්න මහන මෙෂින් එක්ක , හැම එකක් එක්කම නෙමෙයි ... උසස් තත්වයේ  මිල අධික මහන මෙෂින් එක්ක තමයි ගොඩක් වෙලාවට එහෙම ඒවා හම්බවෙන්නේ, ඒවා ගණන් වැඩිකම හන්දයි ...  මේ බලන්ඩ මම අහවල් රටේ අහවල් ෂොපින්මොල් එකෙන් ගත්තේ ... අරවා මෙච්චරක් උනා කියල පෙන්වන්ඩ ඕන නිසා පරිස්සං කරනවා මිසක්  උන්දලත් වැඩක් ගන්නේ  නැ.

ඉතින් මං හිතුවා මතක්වෙන මතක්වෙන විදිහට ඔය එක එක පුට් වර්ග ගැන ලියලා දැම්මානං හොදයි කියලා.  හරි එහෙනං  පීන්තුරයක් සමග කෙටියෙන් පුට්වර්ග ගැන මම දන්න තරමින් හැදින්වීමක් කරන්නං එහෙනං.




Straight stitch Presser foot




ඕකනං ඉතින් දන්නවනේ  , කෙලින් මහන්ඩ ගන්න එක , ගොඩක් වෙලාවට මෙෂින් එක මිලදී ගන්නකොට මේ පුට් එක තියෙන්නේ , අමතරකෑලි බෑලි දාල තියන පෙට්ටියේ හරි පොලිතින් බෑග් එකේ හරි දාල. මේකේ තියෙන්නේ  ඉදිකට්ට බහින්න කෙලින් සිදුරක්  පමනයි.




සමහරක් මාදිලි එක්ක මේ විදිහට සිහින්  ෆෙෂර් පුට් එකක් සහ , කුඩා සිදුරක් සහිත තෝත්ප්ලේට් එකක් ( නීඩ්ල් ප්ලේට් ) එකකුත් එනවා , සිග් සැග් පුට් එකෙන් සහ ප්ලේට් එකෙන් මහන්න අමාරු .. ඉතා තුනි සහ අකීකරු රෙදි මැසීමේදි මේවා භාවිතාකරන්න පුලුවන්.


බොහෝ නවතම මාදිලිවල ලෙච් එකෙන් ( පුට් එකේ ඉහල කොටස ) පුට් ප්ලේට් එක පහසුවෙන් ගැලවීමට සහ වෙනත් පුට් එකක් පහසුවෙන් සවිකිරීමට හැකි ලෙස , තෙරපීමට කුඩා පින් එකක් සහිතව නිෂ්පාදනය කර තිබෙනවා ,

මෙම පුට් එක හෝ  ප්ලේට් එක සවිකොට තිබෙන විට සිග් සැග් මෝස්තරයක් මැසීමට උත්සාහකලහොත් ඉදිකටුව සහ නිඩ්ල් ප්ලේට් එක කැඩියාමට ඉඩ තිබෙන අතර , සැම විටම කෙලින් මැස්මක් මැසීමේදි මෙම පුට් එක මාරු කිරීම අවශ්‍ය නොවන අතර ... සිග් සැග් පුට් එක මගිනුත් අදාල කාර්ය්‍යයන් කරගතහැකි බව මතක තබාගන්න.



Zig zag presser foot










මේකත් ඉතින්  ඔයාල දන්න අදුරන එකක් තමයි , මෙෂි්න් එකක්  කඩෙන් ගන්නකොට හයිකරලා තියෙන්නේ  මේක තමයි , සන්නාමය , සහ මාදිලිය වෙනස් වෙනකොට සුලු සුලු වෙනස්කං තිබුනට .. මූලිකව හැම එකක්ම ඔය වාගේ තමා. ඒ වාගේම තමයි සමහරු මේකට මල්ටිපර්පස් පුට් කියලත් කියනවා ... මූලිකව සිග්සැග් මහන්න නිර්මාණය කලාට මොකද , සමහරක්  දක්ෂ මැහුම් කාරියෝ  ... මේ කෙන් ඉන්විසිබල් ෂිපර්  ඇල්ලිල්ල , පැච්වර්ක් කිරිල්ල , වාටි මැහිල්ල පවා කරනවා ... කාගේ මෙෂින් එකක් උනත් වැඩිපුර භාවිතා කරන්නේ  මෙ පුට් එක තමයි ...  කොටින්ම කෙලින් මැහිල්ලත්  ඔය උඩින් කියුව පුට් එක නැතුවත්  යස අගේට මේකෙන්  කරන්න පුලුවන් ...  තව විශේෂ දෙයක්  තියනවා  කියන්න ... මෙෂින්  එක අළුත්  වැඩියාවට අරගන යනකොට මේ සිග් සැග් පුට් එක  අනිවාර්යයෙන් අරගන යන්න , ඔබේ මහන මෙෂින්  කාර්මිකයාට මේ පුට් එක සහ ඔබේ මහන මෙෂින් එක පිටතින් මොස්තර ඩිෂ් මාරුකරන වර්ගයක් නං , නොම්මර එක හෝ නොම්මර බින්දුව ඩිෂ් එක , ( නෝමල් සිග් සැග් ඩිෂ් එක ඔව් ඔව් කෝඩින් ඩිෂ් එක ) අරගන යන්න  , ඒ වාගෙම තමයි ... ඔබ ඒ වෙනකොට මෙෂින්  එකට භාවිතා කරන ෂටල්  එක සහ බොබින්  එකක් අරගන යන්න , භාවිතා කරන ඉදිකටු වර්ගයෙන් එකක්  මෙෂින්  එකට දාල රැගෙන යන්න , ඒ මගින්  ඔබේ කාලය සහ මුදල්  ඉතිරි වන අතර , සමහරක්විට මෙෂින් එකේ  කිසිදු වරදක් නොමැතිබව දැනගෙන ඒ වෙලාවේම ඔබේ  මහන යන්ත්‍රය කිසිදු ගෙවීමක් නොකොට රැගෙන ඒමට හැකිවේවි.




Zipper foot










මේ පුට් එක ආදාරයෙන් සාමාන්‍ය ෂිපර් ක්‍රමානුකූලව ඉතාමත් ලගින් අල්ලාගන්න පුලුවන් , සමහරක් ඒවායේ සවිවන තැන කට්ට දෙකකින් යුක්ත වනවා වම්පස ඇල්ලිමේදි වම්පසටත් දකුනු පස ඇල්ලීමේදි වම්පසටත් පුට් එක එජස්කරගැනීම සදහා.



adjustable zipper foot









මෙම පුට් එක වම්පසට සහ දකුනු පසට  සීරුමාරු කලහැකි අතර , ෂිපර් මැසීමට පමනක් නොව , මැස්මේ සිට ඔබ කැමති නිශ්ෂිත දුරකින් පයිපින් එකක් , රිබන් එකක් වැනි දෙයක් ඒකාකාරිම තබාගන මැසීමකලහැක , ( උදාහරන  බැග් එකක මැස්ම වටා ඔබ යොදන පයිපින් එකකින් වැසුන ගනකම කෝඩ් මැසීම ) , අප අපහසුවෙන් සිදුකරනු ලබන සහ අපහසුනිසා අතහැරදමන  මැහුම් බොහොමයක් කලහැකි ...එහෙත් පසකට කොට තබන බොහෝදෙනෙකු ලග ඇති උපාංගයකි.


one side foot







වම් පස සහ දකුනු පස ලෙස දෙකක් ඇති අතර ෂිපර් ඇල්ලිම සහ ඉහත සදහන්කල බොහෝ කාර්ය්‍යයන් සදහා යොදාගනු ලබන අතර , එක් නිශ්ෂිත මැස්මක් පමනක් දිගින් දිගටම කරනු ලබන අවස්තාවල මහන යන්ත්‍රයට යොදනු ලබයි.


piping foot












පයිපින් එක තුලට කොඩ් එකක් වැනි යමක් ඇතුල් කර මැසීම හෝ එසේ නොමැතිව මැසීම සදහා සහ වෙනත් සුලු සුලු වෙනස්කම් සහිතව නිෂ්පාදය කල පුට් දක්නට ලැබේ , සමහරක් ඒවායේ දකුනු පසට සහ වම්පසට වෙන වෙනම කානුවක් වැනි අදරයන් දෙකක් ඇතිව නිර්මානයකොට ඇති අතර ... සමහරුන් මේවා වයර් පුට් යනුවෙන් හදුන්වයි.


Invisible zipper foot








නමෙන්ම තේරෙනවනේ  වැඩේ , ඔය වැඩේ කරන්න බෑ හැබැයි සාමාන්‍ය ෂිපර් වලින් ඒකට ඉන්විසිබල් ෂිපර් කියලම ඉල්ලලා ගන්න ඕන , ඔය පුට් එකත් එක් එක් මාදිලි වලට සහ සන්නාමයන්ට වෙනස් වෙනස් ආකාරයෙන් නිෂ්පාදන කරලා තියනවා , ෂිපර් විතරක් නොමයි තව තව දේවල් කරගන්න පුලුවන් ඔය පුට් එකෙන් ටිකක් නිර්මාණ හීලිව හිතලා බැලුවොත්.




hemmer foot



වාටි වැනිතැන් ක්‍රමානුකුලව නවමින් මසාගැනිමට යොදාගනු ලබයි , මූලික වශයෙන් අඩියේ අදරයක් සහිත සහ රහිත වශයෙන් වර්ග දෙකකි , පුට් ප්ලේට් එකේ ග්රූ එක සහිත වර්ගය නයිලොන් කෝඩ් යොදමින් ගවුම් වාටි රැලි සහිතව මැසීම වැනි කාර්ය්‍යන්ටද, පුට් ප්ලේට් එකේ ග්රූ එක රහිත වර්ගය සාරිවාටි වැනි ප්ලැට් හෙම් මැසීමටද යොදාගනු ලබයි ,























හැඩයෙන් සහ ප්‍රමාණයෙන් මෙන්ම මැස්සේ ප්‍රමානයෙන්ද එකිනෙකට වෙනස්  බොහෝ මාදීලි දැකගැනිමට ඇත.



standard  buttonhole foot















පියවරෙන් පියවර සිලෙක්ටරයක් කරකවමින් හෝ ලිවරයක් දෙපසට හෝ උඩට පහලට කරමින් කලින් ඔබ විසින් සලකුනුකල බොත්තං කාස මැසිමට හැකි මහන මෙෂින්වලට යොදාගනි , සාමාන්‍ය හැඩය සිග්සැග් පුට් එක ලෙසින්ම දිස්වූවද  ඉදිකටුව ගමන් කරන සිදුර විශාලව සහ මැහෙන මැස්ම පහසුවෙන් දැකගත හැකි ලෙසහෝ අවර්ණව නිර්මානයකොට ඇත  , ප්‍රමාණයෙන්  සහ හැඩයෙන් බොහෝ වෙනස්කම් ඇති පුට් දැක ගැනිමට ඇත.



automatic one step buttonhole foot










නුතන ඉලෙක්ට්‍රොනික් සහ පරිගණකගත මහන මෙෂින්වල ඇත්තේ මෙම බොත්තං කාස මැහුම් ක්‍රමයයි , ඒක් පියවරකින් ස්වය්‍යක්‍රීයව තෝරාගනු ලබන මොස්තරයක බොත්තං කාසයක් පහසුවෙන් මසාගතහැකි අතර , බොත්තම් කාසය මැසියයුතු බොත්තමක් පුට් එකට සවිකල යුතු අතර ඒම ප්‍රමාණය ගනනය කර බොත්තම් කාසය මැසීම සිදුවේ , පුට් එක සවිකොට මැසීම ආරම්බකිරීමට පලමුව  පුට් බාර් එක අසල ඉහලින් ඇති ස්විචියක් සහිත බ්ටන්හොල් ලිවරය පහතට ඇද නියමිත පරිදි බට්න් හොල් පුට් එකට සම්බන්ද කල යුතුය.

මූලික සැකැස්ම සහ ක්‍රියාවලිය මෙසේ වන නමුත් , නිෂ්පාදකයා සහ මොඩලය වෙනස්වන විට සුලු සුලු වෙනස්කම් දැකගතහැක. මෙම මාදියේ මහන මෙෂින්වලින් විවිද අවශ්‍යතාවයන් සදහා විවිද මෝස්තරයෙන් බොත්තාංකාස මැසීමට හැක.



Button Attaching foot








මේ වැඩේ කරන්න කලින් පීඩ් රෙගියුලේටරය සීරෝකරන්න ඕන , ඒ කියන්නේ පීඩොක් එක ඉස්සරහට පස්සට යන එක නවත්වන්න ඕන , ඒක කරන්න සමහරක් මෙෂින්වල ෆීඩ් ඩ්රොප් ලිවර් එකක් හරි සුවිච් එකක්හරි තියනවා , එහෙම නැත්නම් මැහුම් පරතරය ඇත්කරන ලිවර් එක හරි නොබ් එක හරි බින්දුවට ගෙනත් දැති සෙට් එකේ ගමන නවත්වන්න. පීඩොක් කවර් ප්ලේට් එකක් ( එම්බෝයිඩරි ගාඩ් එකක් ) තියනවනං ඒක සවිකලහම පුට් එක අතරේ බොත්තම සහ රෙද්ද රිංගවන්ඩ ඉඩ තියනවනං ඒකත් නිඩ්ල් ප්ලේට් එකට සවිකරගත්තට කමක් නැ ,

දැං අවශ්‍ය තැනට බොත්තම තියලා පුට් එක ඒ උඩින් පහත් කරලා සිග් සැග් සීරු මාරු කරන්න බොත්තමේ සිදුරු අතරින් යන විදිහට , ඒක හොදින් පරික්ෂා කරලා බලන්න ඉදිකටුව බොත්තමේ වැදුනොත් කැඩෙනවා.

ඔය පහතම රූපය බලන්න සමහරක් බට්න් මහන පුට් වල තියනවා ඉදිරියට තල්ලු කරන්න පුලුවන් කුඩා කොටසක් , ඒකෙන් කරන්නේ බොත්තම මැහෙනකොට  යම්කිසි බුරුලක් තියාගන්න එක නුල්වල , ඒ මගින් ඇදුම ඇදිමේදි පහසුවක් ලැබෙනවා සහ මහලා ඉවර කරලා බොත්තම පුට් එකෙන් ගලවා ගැනිමේදි පහසුවක් ලබා දෙනවා ... ඔයාගේ පුට් එකේ  ඒ කෑල්ල තියනවානං ..ඒකත් ඉස්සරහට තල්ලු කරන්න.

දැන් හිමිහිට බොත්තමේ සිදුර වැහිලා යන විදිහට මහන්න , ඊලගට අර ඉදිරියට තල්ලු කරපු කොටස නැවත පසුපසට තල්ලු කරලා බොත්තම පුට් එකෙන් එලියට ඇරං බලන්න , මේ ක්‍රමයෙදි අතින් බොත්තං අල්ලනවා වාගේ  නෙවෙයි ... බොත්තම්  හොදින් රෙද්දට සවිවෙනවා.


open-toe foot








ඉදිරි පස විවෘර්තව ඇති අතර ක්විල්ට්න්ග් කිරිමේදි සහ පැච්වර්ක් කිරිමේදි භාවිතා කරනු ලබයි , ඉදිරිපස හොදින් දර්ෂනය වීම සහ ඉදිරිපස දාර දෙක ආදාරයෙන් රෙදි කැබලි හැසිරවියහැකි නිසා භාවිතයේදි මනා පහසුවක් සලසා දෙයි. විවිද මාදිලි සහ විවිද සන්නාමයන් සමග ප්ලාටික් වලින් සහ ලෝහයන්ගෙන් ප්‍රමාණයේ වෙනස්කම් සහිතව දැකිය හැක.


Quilting foot












නොවෙනස්ව එකම ප්‍රමාණයක් එකම දුරක්  පවත්වාගනිමින් මැසීමට උපකාර වෙන අතර , විවිද මාදිලි සහ විවිද වර්ග අතර වෙනස්කම් සහ , කරගතහැකි කාර්ය්‍යයන්ගේ බොහෝ වෙනස්කම් තිබෙන අතර , උපයෝගිතාවය සහ පලදායිතාවය භාවිතාකරන්නාගේ දක්ෂතාවය මත රදාපවති.



Gathering  foot











රෙදි රැලිකරමින් මැසීමට යොදාගන්නා අතර . මහන මෙෂින් වර්ගය පුට් වර්ගය , රෙදි වර්ගය මත රැලිවන ප්‍රමාණය සහ නිමාව තිරනයවේ. සීරුමාරු කිරීමට ඇනයක් ඇති  වර්ගයේ ඒවා මගින් වැඩි පලදායිතාවයක් ලබාගතහැක.




applique stitch foot










ඇප්ලික් සහ පැච්වර්ක් කිරීම සදහා යොදාගනි , සිග් සැග් පුට් එකක් මෙන් පෙනුම තිබුනද ප්‍රමානයෙන් තරමක් කුඩාවන අතර පතුලේ පැහැදිලිව පෙනෙන අදරයක් ( ගෘරූ එකක් ) සහිතය.


Darning foot















දුනු ස්ප්‍රීන්ග් එකක් සහිත මාදිලියක් කොයිල් ස්ප්‍රීන්ග් එකක් සහිත මාදිලියක් සහ ස්ප්‍රීන්ග් නොමැති වශයෙන් තුන්වර්ගයක් ඇති අතර
දුනු ස්ප්‍රීන් එකක් ඇති මාදිලිය රෙද්ද මතට සියුම් තෙරපුමක් ලබාදෙන අතර , කොයිල් ස්ප්‍රීන්ග් එකක් ඇති මාදිලිය ඉහල පහල යමින්  රෙද්ද නොසිල්වි පවත්වාගන්නා අතර ස්ප්‍රීන්ග් නොමැති මාදිලිය චලනය වීමක් සිදුනොවේ
මෙම පුට් සවිකිරිමේදි ඉහල ඇති ලිවරය නිඩ්ල් ක්ලෑම්ප් එකට හේත්තුවන ලෙස සවිකල යුතුය , ඉදිකටුව ඉහල පහල යන අවස්තාවේදි ලිවරය තල්ලු වීම මගින් රෙද්ද නිසියාකාරව හැසිරවීම සිදුවේ
රාමුව සහිතව සහ රාමුව රහිතව නිදහස්ව කෙරෙන එම්බෝයිඩර් මැස්මේදි සහ ඇප්ලික් , පැච්වර්ක් වැනි බොහෝ කාර්ය්‍යන්ට යොදාගත හැක



Knit Foot




ගොතන ලද රෙදි සහ මැසීමට අපහසු ටීෂර්ට් රෙදි ඇදෙන රෙදි වැනි අකීකරු රෙදි වර්ග මැසීමේදි යොදාගනු ලබයි , මෙහි ඉහලට තිබෙන ලිවර් එක නිඩ්ල් ක්ලැම්ප් එකට හේත්තුවන ලෙස සවිකල යුතු අතර , ඉදිකටුව ඉහල පහල යන අවස්තාවේදි ලිවරය තල්ලු වීම මගින් රෙද්ද නිසියාකාරව හැසිරවීම සිදුවේ




satin stitch foot






බැලු බැල්මට සිග් සැග් පුට් එකක් ලෙසින්ම පෙනුනද මැසිමට අපහසු සැටින් රෙදි වැනි ලිස්සන සුලු  රෙදි මැසීමට උපකාරි වන පුට් එකකි , ප්‍රමානයේ සහ හැඩයේ වෙනස්කම් ඇති මොඩ්ල් කිහිපයක් දක්නට ඇත




Stitch Guide feet







සමාන්තර ගතව සිදුකරනු ලබන මැහුම් නිවැරදි පරතරයක් සහිතව තබාගැනිම සදහා උපකාරිවන පුට් එකකි
අගල්වලින් කොටස් හෝ සෙන්ටිමීටර් වලින් කොටස් ලෙස පාධාංක සටහන්කොට ඇත.



overlock foot ( Overcast stitch foot  )


ඇත්තටම මට මේ පොස්ට් එක ලියන්න හිතුනෙත් මේ පුට් එක හන්දමයි , මේ පුට් එක ගොඩ දෙනෙක් ලග තියනවා උනත් පාවිච්චි කරන්නේ නැ , හිතේ සතුට වෙනුවෙන් මහන කෙනෙකුට , තමන්ගේ ඇදුමක් තමන්ම මහගන්න කෙනෙකුට විතරක්  නෙමයි , ඔය සාරි බ්ලවුස්  එකක් , ගවුම්ක් කලිසමක්  මහලා ගතමනාවක් ගන්න කෙනෙකුට උනත්  ඔවර්ලොක් මෙෂින් එකක් අවශ්‍ය නැ  ඇත්තටම , මේ පුට් එක මගින් ලස්සනට ඒ වැඩේ කරගන්න පුලුවන් , දවසකට ඇදුම් දෙකතුනක් මහන කෙනෙකුට උනත් ..බේබ් ඔවර් ලොක  එකක් ගන්න එක අපරාදයක් කියලයි  මම  හිතන්නේ














ඔය එක එක විදිහට තිබුනට ඔය ඔක්කොම එකයි , කරන්න තියනදේ  හරිම සරලයි  , ඉස්සෙල්ලාම ඕවර් ලොක් කරන්න තියන ටික කතුරෙන්  පිරිසිදුව කපාගන්න , ඊලගට Overcast stitch foot  පුට් එක සවිකරන්න , ඊලගට තමන්ගේ  මෙෂින්  එකේ  තියන  රෙද්දේ  කෙලවර නුල්  මැහුවට පස්සේ ගැලවිලා නොයන  ඕවර් ලොක් කලහම ලස්සනට පේන  මෝස්තරයක් තෝරලා ... වැඩිය දුරත්  නැතුව ලගත් නැතුව මැහෙන විදිහට  මැහුම් පරතරයත්  සකසලා මහන්න.

ඔබ හරියටම සිග්සැග් පරතරය සීරුමාරු කලානං , නිවරුදිම මෝස්තරය තේරුවානං , මැහුම් දෙකක් අතර පරතරය  නිවැරදි  සැකසුවානං  , ඔබේ  මිතුරියට බෑ  අදුරාගන්න මේ  ඔවර්ලොක් මෙෂින් එකකින් මහපු එකක් නෙමෙයි  කියලා අදුරගන්න.

( කතුරෙන් පිරිසිදුව රෙද්දේ අග්ගිස්ස කැපීම කරන්නම ඕන ... නැත්තං කිසි ලස්සනක් නැ )




edge joining foot










රෙදි දෙකක කෙලවර දෙකක් , රේන්දයක්  සහ රෙද්දක් මූට්ටු කිරිම වැනි  කාර්ය්‍යන් සිග් සැග් මෝස්තරයක් ආදාරයෙන් සිදුකරගැනීමට මෙය යොදාගනි




blind stitch foot










නොපෙනෙන මැස්මක් මසාගැනිමට බොහෝ විට උපකාරවෙයි , හිතන්න කලිසමක යට වාටිය ... අතින් නුල් ඇද ඇද ඉන්න ඕන නැ



walking foot







මෙම පුට් එකේ  පුට් බාර් එකට සවිවෙන කොටසට අමතරව නීඩ්ල් ක්ලැම්ප් එකට සවිවන කොටසක් සහ  පුට් ප්ලේට් එකේ පිඩොක් එක මෙන් කොටසක් තිබේ ... මෙය සවිකොට මැසිමේදි ... පීඩොග් එකට සමගාමීව පහතට පීඩනයක් හොදමින් පසුපසට තල්ලු කිරිමක් සහ ... පාලනයකින් තොරව රෙද්ද එහේ මෙහේ යාම වැලැක්වීම සිදුකරයි.

මැසීමට අමාරු නුල් පාර නොවැදෙමින් ස්ලිප් වදින අමුද්‍රව්‍ය , ලෙදර් , රෙදි තට්ටු කිහිපක් සහ මැසීමට අපහසු  ඕනැම දෙයක්  මැසීමට යොදාගත හැකි අතර , මෙහි මූලික සිද්ධාන්තය  වාණිජ මට්ටමේ  හෙවි ඩියුටි ටොප් ෆීඩින්ග් මහන මෙෂින්වල ක්‍රීයාවලියට සමානවේ.



Teflon foot










ලෙදර් සහ ප්ලාස්ටික් , පොලිතින් , රබර්වල වැනි ගතිකලක්ෂණ පෙන්වන අමුද්‍රව්‍යයන් මැසීමට යොදාගනු ලබයි , පසු පසට තල්ලු නොවීම , ලිස්සා යාම වැනි කරදර අවම වීමක් මේ මගින් සිදුවේ , ලෝහයෙන් සෑදු පුට් වලට සහයෝගය නොදක්වන සියලුම පැබ්රික් සදහා මෙය යොදාගත හැක , මැසීමට අපහසු සීරියාම්  , ඉරීයැම් , කැබලි ගැලවීම් සිදුවන අමුද්‍රවය්‍යට සාර්තක විසදුමකි.



ruffler foot













ගැදරින්ග්  පුට් එකෙන් මසාගත නොහැකි විශාල ,  ක්‍රමානුකුල , සමානුපාත රැලි මසාගැනීමට යොදාගනි , නිඩ්ල් බාර් එකේ ඉහල පහල යාම උපයෝගිකරගනිමින් රැලි සාදාදීම සිදුකරනු ලබයි



Braiding foot












රෙද්දට  මතට සීකුවින්ස් , කෝඩ් , ලේස් , වැනි ඕනැම දෙයක්  මසාගැනීමට භාවිතාකරනු ලබයි.




Double welting foot




















ගණකමින් වැඩි කෝඩ් , පබලුවැල් වැනි දැ , රෙද්ද තුල සගවමින් සහ රෙද්ද මතට මැසීමට භාවිතා කරනු ලබයි ,  එකවර  කෝඩ් දෙකක් රෙද්දට අල්ලාගත හැකි කානු දෙකකින් යුතු මාදිලියක්ද දක්නට ඇත




Bias Tape binder foot












මේ පුට් වර්ගය බයස් පයිපින් ඇල්ලීමට යොදාගන්නා අතර , පයිපින් පටිය රෝලක් ලෙස යොදමින් එකම මැස්මක් නොවෙනස්ව ලබාගැනිමේ පහසුව සලස්වයි



Cording foot










කෝඩ්  නූල් කිහිපයක් සමාන පරතරයකින් යුතුව ක්‍රමානුකුලව මසාගැනීමට උපකාරිවේ





Pintuck Foot









ටුවින්ස් නීඩ්ල් ( ඩබල් නිඩ්ල් ) සහ සිග්සැග් මෝස්තර උපයෝගී කරගනිමින් අලංකාර සමාන්තර රටා මැවීමට සහය දක්වන පුට් එකකි



Fringe foot











ඉහලට නෙරා එන ආකාරයේ  මෝස්තර නිර්මාණය කරගනු ලබන්නේ  මේ පුට් එකේ  ආදාරයෙනි




Flower stitch Foot











ඔබේ නිර්මානශීලිි හැකියාවන්  කරලියට ගෙන ඒමට පහසුවෙන් යොදාගතහැකි පුට් එකකි ,  නීඩ්ල් ක්ලැම්ප් එකේ උපකාරය ලබාගන ක්‍රීයත්මකවේ , මෙය භාවිතා කිරීමේදි ෆීඩොක් එක ස්විචය හෝ ලිවර් එක මගින් ක්‍රීයාවිරහිත කිරීම අනිවාර්යවේ.



කරුණාකර පහත  වීඩියෝව නරඹන්න








Elastic stitching foot











ඉලාස්ටික් මැසීම සදහා යොදාගන්නා අතර විවිද හැඩයෙන් සහ විවිද ප්‍රඹාණ වලින් දැක ගත හැක





Multiple Hole cording foot











කෝඩ්  නුල් රෙදි වලට ඇල්ලීමට යොදාගන්නා අතර කෝඩ්  රිංගවාගැනිමට  සිදුරු සහිතව නිර්මාණය කොට ඇත




roller foot












මැසීමට අපහසු ලෙදර් වැනි දැ මැසීමට යොදාගනු ලබන අතර , මහන යන්ත්‍රය භාවිතා කරන්නාගේ අභිමතය පරිදි මැටීරියල් හැසිරවීම සිදුකල හැක



round bead foot












පබලු වැල් සහ ඒ හා සමාන වෙනත් දැ මැසීම සදහා යොදාගනු ලබයි , පබලු වැල ගමන් කිරීම සදහා පුට් එක යටින් කානුවක් වැනි අදරයක් සමග නිමවා ඇත.

දැන් පෝස්ට් එක ටිකක් දිගයි , පින්තූරත්  සැහෙන ප්‍රමානයක් තියනවා , බ්ලොග් එකට අප්ලෝඩ් වෙයිදත් මන්දා , දැනට මතක් වෙන්නේ  මෙච්චරයි , වරින් වර මතක්වෙන පුට් වර්ගත්  මේ ලිපියටම එකතු කරන්න බලා පොරොත්තු වෙනවා , ගැටලුවක්  තියනවනං කතාකරන්න  0778707807

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>