Popular Posts

2015-01-11

how to repair computer Washed clean with tap water . නල ජලයෙන් සෝදා පරිඝණකයක් පිරිසිදු කර අළුත් වැඩියා කරගන්නා ආකාරය.

අනේ ඉතින් බොග කොටන්ඩ ගත්තු දා ඉදන්ම පාවිච්චි කොරපු ගොන්පීතරේට කෙල උනා කියන්ඩකෝ පහුනු දවස්වල , වැඩේ කියන්නේ මේ මංගල්ලේ ඕනම කරන ඡන්දේ දවස්වලම බඩු පැකට් වෙච්ච එකට මං හරි හිතේ අමාරුවෙන් හිටියේ , දන්න සෙල්ලං ඔක්කොම දැම්මත් හරි ගියේ නැ ,

 කෙහොමටත් මේ උලව්ව සැහෙන දවසක ඉදන් නන ලල ගගා තිබ්බේ . එක්කො ඔන් වෙන්නැ නැත්තං රීස්ටාට් වෙනව හැමදාම  මොනවහරි මගුලක් , දෙතුන් පාරක් පොලවෙ ගහල හප්පල එහෙම බලලත් මේ පාරනං කිසි හාහුවක් නැති හන්දා දෙන්නං තොට වැඩේ කියල අන්තිම බෙහෙත දෙන්ඩ අටම සැට් උනා ,

හිතේ තියන තරහටත් එක්ක උස්සං ඇවිත් එලියෙන් තියල හෝස් එක ටැප් එකට ගහල උන්දැව හොදට නාවල ගත්තා.



අපේ චුටී බට්ටිත් ඉතින් වැඩේට සැට් උනා , මෙව්වගේ වැඩ මේකිට මාර ලල් , අපේ අනාධිපති තුමිය නං වැඩේට බොහොම විරුද්ධ උනා , ''ඔලමොට්ටල ගොං වැඩ කරකර තව පොටොත් ගහනව , දැම්මොත් එහෙම බලාගනයි මයේ කෙල්ලගේ ෆොටෝ ,පොඩි එකාටත් ලැජ්ජ කරන්ඩ''

හරි කෙලියක්නේ යකෝ  ළමයි කොක්කු ගෙනත් දෙනවනං තව කමක් නැ , නහය මැද්දෙන් ඉරක් ගහල ළමයගෙන් හරියට භාගයක් මගේ



මෙයා පවර් සප්ලයි උනාට මට පාං යැ , දෙකක් දාගත්තහම මාත් හොද පවර්පුල් පවර් සප්ලයි  කොල්ලෙක් තමා
                                                කරන්ට් නැතුවට ඔය ෆෑනුත් කැරකෙන්නේ


ෆොසෙසර් හීට් සීංක් රෙද්දෙ ඇල්මීනියං . ඉබ්බා උඩ ඉත්තැව නැග්ගුවා වාගේ

              කනට ගැහුවත් දෙපැත්තට කියලයි මං අහල තියෙන්නේ නැත්තං බැලන්සින් අප්සට් යනව


මේ තියෙන්නේ ලෙඩ දෙන අනිත් මකබාව vga කියල නෙමෙයි නමදාන්ඩ තිබ්බේ vog කියල


මුං දෙන්නා නං අළුත් අර නිමෝ කොලුවට ගෙඩි රුපියල් පාලොස් දාහක් දීලයි ගත්තේ ( මාව ඇන්දුවද මංදා )  කෝකටත් උන් දෙන්නවත් නැව්වා නැත්තං පුංචී ඕකුන් දෙන්න ලෙඩේ අදින්ඩ බැරි කමක් නැ අනිත් උන්ව නෑව්වා අපේ පුකවත් හේදුවේ නැ කියල


හාඩ් කියුවට බිදක් පන හයිය නැ , පොමනේරියන් බල්ලො වගේ , සෙරෙප්පු පාරටත් මැරෙනව , දැනට දෙකක් විසික්ක කරල තියනව


දැන් ඉතින් මං ගිහීං කීයක් හරි හොයාන එනකං වේලි වේලි ඉන්න එකයි ඇත්තේ , හොදට වේලුනාට පස්සේ හෙයාඩ්‍රයර් ආතල් එකත් දෙන්නං


සැරිං සැරේ තෝ මට දෙන සැප සාත්තුව හන්දා අන්දන්නේ නැ ආයේ වස්තරයක් , ඉදපිය අට්ටාලේ උඩට වෙලා හෙලුකොට්ටෙං



දැන් ඉතින් මට ආයෙත් බර බර ගාල බොග දැම්මහැකි

පලි// මේ ෆොටෝ කෑලි ටික ගැහුවෙත් ඔය විදිහට සර්ප්එක්සෙල් දාල හෝදල ගත්ත ෆෝන් එකකින්