2018-03-28

ඕලෝන්




වින්කරලත් දෙන්නම

අල්ලපු සත්තු මම

එකදාස් එක සීයද

වෙන්ඩ බැ කොහොමටත්

අඩුවෙං ගෙව්වාද මට

තුන්ඩුව වරද්දල ලියුවද






2018-03-20

පරි ඇටයේ ... පරිවාසේ


තෙමි තෙමිම ඇවිත් .... වැහි සද්දෙටම ගෙට ගොඩ වෙනකංම්ම ඇහුන්නැ ......  අනේ ඒයි  ඔහොම ඇගපිහදගන වෙන සරමක් කමිසයක් ඇදං අපි යමුනේ

අම්මට මිනිහෙක් ‍හොයන්ඩද

ඉදා ... මේ මොකද මේ   ගෙට ගොඩ වෙච්ච ගමං ... උදේ හවා බුදුන් වදින මයේ අම්මට මිනිස්සු හොයන්ඩ යන්ඩ හදන්නේ ..... අනේ මේ ඔයාලගේ අම්මට හොයලා දෙන්ඩ ... අපේ අම්මට නං එහෙම අමාරුවක් නැ

කට වහගන පැත්තකට වෙලා ඉන්නවා ඕයි .......  තවත් මගේ මාරයා අවුසන්නෙ නැතුව

ආ අද මෙයාට ජයයි  වගේ ......... ඒකනේ මේ   කටේ මෙච්චර සැර..... ගෙට ගොඩ වෙන්ඩම කලිං....... ස්ටැන්ලියගේ ගිණි වතුර කටට හලාගන ඇවිත් ............. අනේ අම්මපා ඕකුන්ට බොකු බඩ යන්නේ   නෑනේ

ගියා ස්ටැන්ලියගේ අම්මට........ මම තොට කියන්නැ

2018-03-12

දියව් දියව්..... අපිට දියව් ..... නෙට් නිදහස අපට දියව්



මං දන්න වයසක නෝනා කෙනෙකුයි මහත්තයෙකුයි ඉන්නවා අපේ මේ ගෙවල් ලගම  , මම එයාලව අදුරගත්තේ ඒ නොනගේ මහන මෙසිම හදලා දෙන්ඩ ගිහින් , දැ ඒ ඇදුනුං කමට අවුරුදු ගානක් වෙනවා. පස්සේ ඉතින් ඔය , පිච්චිච්ච බල්බ් මාරුකරන ඒවා  කොමිපිටරේ ස්කයිප් එහෙම දාල දෙන ඒවා වාගේ පොඩි පොඩි වැඩ එහෙමත් කරලා දෙනවා. මොකද ඒ ගෙදර මහ ජෝඩුව ඇරුනහම වෙන කවුරුත් නැ , කෙල්ලයි කොල්ලයි දෙන්නම රට ,  පෙරෙයිද  ඒ ඇන්ටි අපේ ගෙදර එනවා ළමයින්ට කතා කරන්ඩ බැ කියල ෆෝන් එකත්  උස්සං , ඉස්සර කොම්පියුටරෙං ස්කයිප් පාවිච්චි කලාට දැං එයාල පාවිච්චි කරන්නේ , වයිබර් , ෆේස්බුක් මැසෙන්ජර් එහෙම .... අනේ  ඉතින් වැඩේ  ගොඩ දාල දුන්නා .... මෙන්න  ආයෙත්  දැං ටිකකට කලින් ආවා ආයෙත් වැඩ නැ  කියල , ආයෙත් වෙන එකක් දාල දීලා ඇරියා. කොච්චර කාලයක් අල්ලලා හිටීද දන්නේ  නැ.

2018-03-08

singer zig zag sewing machine 974 , 1288 , 288 , 247 නූල් බුරුල් ලෙඩේ , නූල් කැඩෙන ලෙඩේ හදාගන්නේ කොහොමද

මේ මොඩල් එකේ සිග්සැග් මෙෂින්  තමයි ලංකාවේ ගෙවල්වල වැඩියෙන්ම තියෙන්නේ , මොඩ්ල් නම්බර් එක වෙනස් උනහම සුලු සුලු වෙනස්කම් කිහිපයක් තිබෙනවා උනාට මූලික සැකැස්ම සහ උපාංග බොහෝදුරට සමානයි. පාවිච්චි කරන අයට නිතරම එන ප්‍රශ්න දෙකක් තමයි , නූල් කැඩෙන ලෙඩෙයි යට නූල් බුරුල් ලෙඩෙයි , ඒ දෙකට තමන්ටම කරන්ඩ පුලුවන් අත් බෙහෙත තමයි මේ ලියන්ඩ යන්නෙ.



ඉස්සෙල්ලාම ටෙන්ෂන් කප් එක එලියට ඇදලා ගලවලා කෑලිටික අනාගන්නෙ නැතුව පිලිවලින් තියාගන්න

2018-03-06

How to maintain swimming pools , පිහිනුම් තටාක නඩත්තුව සරලව සිංහලෙන්




                                                     
 ( මල්ටි ෆෝට් වෑල්වය )


( 1 )

පිහිණුම් තටාකයේ පතුලේ රැදෙන අපද්‍රවය්‍ය වැකියුම් කර ෆිල්ටරය මගින් පිරිසිදු කොට නැවත පිහිණුම් තටාකයට එක්කිරීම

2018-03-03

වඳ සැත්කම්


මගේ ප්‍රීයාදර දයාබර පාඨක පාඨිකාවන්ට මතකද දන්නේ නැ අර හොදට පස්සෝනවා  කතාවේ අනුරයයි දම්මිකයයි , ඔන්න ඉතින් තව දවසක් අපි මැටි ගහලා හදාපු දම්මිකය තනියම ජීවත් වෙච්ච ගෙදර තුන්දෙනා එක්ක කයියක් ගහගන ඉන්නවා , ඔව් ඔව් එදත් මලක් ලයින් කරන ගමං තමා , ඒ  ගෙදර ඉතින් හෙන නිදහස් දම්මිකයා විතරයි හිටියේ  ඒ වත්තේ මීටර් සීයකටත් එහා පැත්තේ උන්ගේ මහ ගෙදර තිබුනේ ..... සමහර වෙලාවට කොල්ලො පිරිලා , ඔය එහෙං මෙහෙං හොයාගත්ත වේට් සෙට් එකක් , බංකු , ඇදක් , පැදුරු තව දම්මිකයගේ  පොත් පත් මේසය ආ තව ලොකු කන්නාඩියක් තිබුනා. ඊට අමතරව එහා කෑල්ලේ පොඩි කුස්සි කෑල්ලක් තිබුනා .... වෙන මොකවත්ම නැ .... බෝල කුඩුවෙයි .... ඉස්කීරීමෙයි .... රෙදිනං තිබුනා එක එකාගේ. කොල්ලොන්ගේ වැඩේ සිකරට් ගහනවා මල් ගහනවා අරක්කු බියර් ලැබුනොත් ඒවත් බොනවා .... වේට් කරනවා , කන්නාඩිය ඉස්සරහට ගිහිං පුම්බල බලනවා ..... බලාන ඉන්දැද්දි ඇට ගැහෙනවා ගැන්සියම.

2018-03-01

ටැබ් දුන්නොත් මක් වෙයිද


ඕක දැන් කෙරෙන්නේ නැ කියුවට අකිල කියල තියනවනේ කොහොමහරි කරනවා කියල , ටීචර්ල නං කියනවා මුං හොරාට ෆෝන් ඇරං ඇවිල්ලත් බ්ලූ බලනවා ... ටැබ් දුන්නොත් අම්මට සිරි වෙයි කියල .... දැං එහෙම නැතෙයි කියල මුං බ්ලූ නොබල ඉන්නවද. ඔය අපේ කාලේ ටීචර්ලා ප්‍රජනනය පාඩම කොරන එක මග ඇරලා , එක පාර කොල දෙකක් පෙරලලා අනිත් පාඩමට ගියා .... අපි වල් පත්තර බැලුවා .... යාළුවන්ගේ ගෙවල් වල ගිහින් වී එච් එස් බැලුවා .... ගැරිජ් වල ඉන්න උන්ගෙනුයි ... මේසන් බාස්ලගෙනුයි .... නෑදැ අයියල ගෙන් ටීචර්  පෙරලපු කොල දෙක ඉගන ගත්තා. ( ප්‍රයෝගික ක්‍රීයාකාරකං අක්කල කියල දුන්නා . නංගිල එක්ක වැඩිදුර අද්‍යයන කටයුතු සිද්ධකලා ) දැං ආන්ඩුවෙං  ටැබ් නොදුන්නා  කියල මුං බ්ලූ නොබල ඉදි නේ  .... පව් ඉතින්.


ඇයි යකෝ  අම්මලා නිදහසේ  අම්මලගේ වැඩ කරගන්ඩත් , තාත්තල තමන්ගේ  වැඩ කරගන්ඩත් ... ළමයින්ට දෙන්නේ  මහ උන් දෙන්නගේ ෆෝන් එක ,

ඒ දෙන ගමං  කියලමයි දෙන්නෙ

මේකත් කාල  ඉවර කරයි දැං  ... බේරෙන්ඩ බෑ අනේ කියල... ෆෝන් එකමයි ඉල්ලන්නේ කියල

ඒ මදිවට ඉස්කෝලේ යන ලොකු එකීල එකාල ඉස්කෝලේ යන්නේ කඩවසං දුරකතන අරං මයි

ඔව්වා නිකං ගොං පාට් ඒක නෙමෙයි තියන කතන්දර ටික

1) දෙන ටැබ් එක මොකක්ද , හොද එකක්ද දෙකයි පනහේ බාල එකක්ද.

2) ටෙන්ඩරය දෙන්නේ කාටද , අඩුම මුදලට හොදම එකක් දෙන කෙනාටද.

3) උඩ ඉන්න දේසපාලුවන්ට , නිලදරුවන්ට අතරමැදියන්ට කොමිස් කට්ටය තියන කෙනාටද.

4) ඒ කොහොම දුන්නත් මුදල් සපයාගන්නේ කොහොමද , ණයක්ද , ආධාරයක්ද , ණය ආධාරයක්ද , ණය ගෙවන්නෙ කොහොමද.

5) ටැබ් සපයන ආයතනයෙන් වගකීමක් සපයනවද.

6) උපකරණයේ  දෝෂයක් නිසා ක්‍රීයා විරහිතවීමක් සිදු උනහොත් ඒ අවස්ථාවේදිම අදාල ආයතනය විසින් පාසල වෙත ලබාදී ඇති අමතර ටැබ් එකක් ලබා දෙනවාද.

7) දරුවාගේ අතින් සිදුවන වරදක්නිසා උපකරණයට හානි වීමකදි , හෝ අදාල උපකරන සොරාගැනීමකදි...සහනයක්  ලබා දෙනවාද ..... එසේ නොමැතිනම්   සිසුවා විසින් සම්පූර්ණ මුදල ගෙවා වෙනත් උපාංගයක්  සපයාගත යුතුද.

8) අංක 6 හෝ 7 ක්‍රීයාවලියන්ගෙන්  එකක් සම්පූර්න වනතුරු ( පාසැලේ සියළු ඉගැන්වීම් ටැබ් එක සමග කරනවා යැයි උපකල්පනය කරමින් ) දරුවා අධ්‍යපන කටයුතු සිදු කරන්නේ කෙසේද.

9) දැනට ඉගැන්වීම් කරන විෂය නිර්දේශය හෝ අළුතින් නිර්මාණය කරන විද්‍යත් විෂය නිර්දේශයක් ටැබ් ආධාරයෙන් ඉගැන්වීමට ක්‍රමවේදයක්  දැනට නිර්මාණය කර හෝ සැලසුම් කොට තිබනවාද.

10) එසේ නිර්මාණය කොට  හෝ සැලසුම් කොට තිබෙන ක්‍රමවේදය ප්‍රයෝගික ක්‍රීයාත්මක කිරීමට මුදල් ප්‍රතිපාදන තිබනවාද , නැත්නම් සපයාගන්නෙ කෙසේද.

11) අදාල නැවුම් අධ්‍යපනික ක්‍රමවේදය ප්‍රයෝගික ක්‍රීයාත්මක කිරීම , අවශ්‍ය අනධ්‍යයන කාර්ය්‍ය මංඩලයන් සපයාගන්නේ කෙසේද.

12) නව ක්‍රමය සදහා ගුරුවරුන් පුහුණු කරන්නේ  කෙසේද , සාම්ප්‍රදායික සහ ගතානුගතික හණමිටි ගුරුවරුන් මේ ක්‍රමයට කෙසේ අණුගත වෙයිද ... එසේ නොවන අවස්ථාවන්ගේදි  ගන්නා පියවර කුමක්ද.

13) අවශ්‍ය අන්තර්ජාල පහසුකම් සපයාගන්නේ කෙසේද , පන්ති කාමරය තුල සිටින සියලු දරුවන් අන්තර්ජාලයට සම්බන්දකිරීම සහ අවස්තානුකුලව ඇතිවන ගැටලුවලට මුහුන දෙන්නේ කෙසේද , මුදල් සපයාගන්නෙ කෙසේද

14) වාර පරික්ෂන සහ කඩඉම් විභාග වලදි , විභාග වංචා සිදු නොවීමට සකස්කල ක්‍රමවේදයන් මොනවාද , ඒවා ක්‍රීයාත්මක කිරීමට මිනිස් සම්පත් සහ තාක්ෂණක ක්‍රමවේද ... සපයාගන්නේ කෙසේද ... වරදක් සිදු නොවන බවට සහතික වන්නේ කෙසේද

ඔය දේවල් මොනවා හරි  කරලා ගොඩදාගත්තත් ......තමන්ගේ වැඩේ ගොඩදායිද අපේ .... දැං ඉතින් මොකවත් හරියන්නේ නැ අප්පා  .... නර්සිං යන්ඩත් බැ.... ටීචිංවත් යනවා කියල ... රස්සාවට ආපු ඉස්කෝල මහත්තුරු නෝනලා...


ප.ලි. //


සමන් බන්ඩාර හේරත්

ලක්ෂ්මන් තිලකරත්න

වත්සලා විජේරත්න

තිලිනි ෂැල්වින්

නිනි සෙනෙවිරත්න

සංජීව විතානගේ

සුරංග බණ්ඩාර

මනෝෂ් සදරුවන් 

වත්සලා උපමාලි

ශානිකා හේවගේ

වාගේ පුකේ කඩිය ඉන්න උන්නං වැඩේ යසට කරයි , අනිත් ඈලි මෑලි දුබල ගුරු චරිත නං අදෝමයි කියල දැම්මම කියත හැකි , අකිල නෙමෙයි සක්කරය නෙමෙයි ..... මොකා ඇවිත් මොන ප‍්‍රතිසංස්කරණය ගෙනාවත් ... ඔය අපේ .. ගුරු වලිගෙනං ඇද අරින්ඩ හම්බෙන්නේ නැ මේ කපේ.

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>