Popular Posts

2018-03-28

ඕලෝන්




වින්කරලත් දෙන්නම

අල්ලපු සත්තු මම

එකදාස් එක සීයද

වෙන්ඩ බැ කොහොමටත්

අඩුවෙං ගෙව්වාද මට

තුන්ඩුව වරද්දල ලියුවද






2018-03-20

පරි ඇටයේ ... පරිවාසේ


තෙමි තෙමිම ඇවිත් .... වැහි සද්දෙටම ගෙට ගොඩ වෙනකංම්ම ඇහුන්නැ ......  අනේ ඒයි  ඔහොම ඇගපිහදගන වෙන සරමක් කමිසයක් ඇදං අපි යමුනේ

අම්මට මිනිහෙක් ‍හොයන්ඩද

ඉදා ... මේ මොකද මේ   ගෙට ගොඩ වෙච්ච ගමං ... උදේ හවා බුදුන් වදින මයේ අම්මට මිනිස්සු හොයන්ඩ යන්ඩ හදන්නේ ..... අනේ මේ ඔයාලගේ අම්මට හොයලා දෙන්ඩ ... අපේ අම්මට නං එහෙම අමාරුවක් නැ

කට වහගන පැත්තකට වෙලා ඉන්නවා ඕයි .......  තවත් මගේ මාරයා අවුසන්නෙ නැතුව

ආ අද මෙයාට ජයයි  වගේ ......... ඒකනේ මේ   කටේ මෙච්චර සැර..... ගෙට ගොඩ වෙන්ඩම කලිං....... ස්ටැන්ලියගේ ගිණි වතුර කටට හලාගන ඇවිත් ............. අනේ අම්මපා ඕකුන්ට බොකු බඩ යන්නේ   නෑනේ

ගියා ස්ටැන්ලියගේ අම්මට........ මම තොට කියන්නැ 
 
කිසිත් නොකියා කුස්සියට පසුබාන සුනීතා ......... කේතලය ලිප තබා .... පිරවූ  ජලයෙන් අඩක්ම කෙමියෙන් පිටව යන තුරු හිද ....  ජොග්ගුවට සීනි දමා ...   තේ ගොට්ට ගෙන වමතින් කොරහට මිරිකුවේය ........ මේ කහට මදෑ  ... මේ තේ කොල ඩිංග හෙට උදේට තියාගන්න වා ....  අද උදේ දාපු තේකොලනේ ..... යැයි සිතමින්  වරිච්චි බිත්තියේ කොහු ළණුවෙන් එල්ලු පිට පලු රාක්කයේ ඇති තේ කොල බෝතලයට ජයග්‍රහී සිනහවකින් සංග්‍රහ කරමින් .... තේ ඩිංග සීතල වෙන තරම්ම කාලයක් හැන්ද කරකවමින් කල්මරමර හිද වමතින් ජෝග්ගුව ගෙන කොහේදෝ නොපෙනෙන ඉසව්වකට ඇස් හොමු කරමින් පැමින බිත්ති කන්ඩිය උඩ හිදගෙන සිටින ජයසේනගේ උර හිසට උඩින් ජොග්ගුව පැවේය

උම්ම්..... කහට ඩිංගක්

කෝ පැටව් දෙන්නා

හවස මල්ලිලෑ ගෙදර ඇරලුවා

ඒ මොකෝ

කෙල්ල කොල්ලව අවුස්සනවා

අර මොනවටද

නැන්ද සුදු ආප්ප හදනවය .........ඒකිව ....බිත්තර  ගේන්ඩ කඩේ ඇරියය...... බිත්තර ආප්පත් හදනවය.... එහේ ගියොත් රසට කෑහැකිය කියල.

ඉතින් මොකට ඇරියද .......... මම තමුසෙට කියල තියනවනේ ඔව්වයේ අරින්ඩ එපා කියලා

ඉතින් හත්වලාමේ ... පිට තැනැක්යැ .... මාමයි   නැන්දයි    ආච්චියි ඉන්න ගෙදරනේ

තමුසෙම ගිහිං එක්ක එනවා .... මම නං යන්  නැ

ඉතිං ඉන්නව  ....  මං ගිහිං එක්කං එන්නං

කිසිවක් නොකියන ජයසේන වැස්ස දිහා බලාගන තේ බොනවා  , කිසිවක් නොකියන සුනීතා වැස්ස දිහා බලාගන   වහලට ඉන්දපු කැටකෑල කනුව කොනහනවා.... පැයක් තරං  දිග විනාඩියක් නැති කාලයක් යනවා .... විසිකරන්ඩ දෙයක් නැති උනත් යාන්තං ඉතුරු උන මංඩි ඩිංග ජයසේන එලියට විසිකරනවා

හොදටම නිමිලා

නැතුවැ ගෙනත් දෙන්ඩ බයේ   මං කොච්චර වෙලා හිටියද

මං බිව්වේ නැ සුනිතෝ

එහෙනං මොකැ මේ

මේ පාරත් අවුරුදු කන්ඩ වෙන්නෙ නැ

ඒ ඇයි ඒයි..... ලියන මහත්තය මොකද කියුවේ

මම කිහිප සැරයක්ම ඇහුවා ..... හා   ... හූම්  ගානව මිසක් වැඩක් නැ ...., කේලං කියනවයි , කොටවනවයි , කාටහරි අඩංතේටං කරනවයි ඇර ඒ කාලකණ්නියගෙන් වැඩක් නැ ඕයි


එහෙම කියල හරියනවද ඒයි  මුදලාලිගෙන් අහන්ඩකො කෙලින්ම

ඇහුවා තමා ඕයි

ඉතින් මොකද උනේ

මොනව වෙන්ඩද .... හවස් අතේ පොල්ලෙලි ගහන තැනට ආපුවහම මං මාසේ ගානේ කපාගන්ඩ .. කියල ඇහුවා

කීයක්ද

කීයක්ද කියල කියන්ඩත් හම්බුනේ නැ බං  , ... ඔය ණය ගනුදෙනු වලට නං මා එක්ක ලෑස්තිවෙන්ඩ එන්ඩ එපා ජයසේනයෝ.... මං කැමති නැ ඔව්වට .... අනික මාසේ ගානේ කපාගන්ඩ තරං සල්ලියක් උඹ හම්බකරනවද .... අරකද මේකද කියාගන කියාගන ගියානෙ

ඉතින් අනේ ඔයා කියන්ඩ එපෑය පොඩි උන් දෙන්නට අවුරුද්දට රෙදි කෑල්ලක් අරං දීලා කටට රහට කෑම වේලක් හදලා දෙන්ඩ ඕන කියල.

ඕකුන්ට දරුවෙක් මල්ලෙක් වෙනුවෙන්වත් හිත උනු වෙන්නෙ නැ සුනීතෝ........ අවුරුද්දට දෙසැරක් අවුරුදු කන්ඩ සල්ලි දෙන්ඩ බෑය .... උෟට නත්තල්ය .... නත්තලට තමයි අවුරුදු සන්තෝසන් දෙන්නෙ කියුවේ.

දෙයි දෙයි නත්තලට  මේං කියල .... කෝ ගියපාරත් දුන්නනේ.... මතකද ... එහෙම හම්බෙයි කියල ..අපි බලාන හිටියා .... ඒකෙන් පොඩි  උන්දෙන්නගේ මේ අවුරුද්දෙ පොත් පත් අරං දීලා ... ගවුමක් කමිසයක් මහලා දෙන්ඩ .... කටින් ඉල්ලලත් දුන්නද ...  කොහේ ඇරං යන්ඩ පොදි ගහනවද දන්නැ ඕකුන්.

අපේ අසරන කම හින්දා ලැජ්ජාවත් නැතිවෙලා සුනීතෝ , ඒකනේ නොදෙන බව දැන දැනම උන්ට පුලන්ඩ යන්නෙ, තව දවස් හතර පහනේ.... අවුරුද්දට ගමේ එන උන්ගෙන් අහගන හරි වෙන රස්සාවක් හොයාගන්ඩ ඕන

ඈ ... ඒයි ... අර කැලේ හෙලෙං කොහිල ගලවලා අවුරුදු පොලට අරං ගිහිං විකුනමුද ....මං දැක්කා ඕසෙට වැවිල තියනවා... එහෙම්ම එන ගමං අවුරුද්දට අඩුම කුඩුම ටිකත් අරං ආවහැකි .... ඔය පලාකොල ... වල් අල එහෙමත් අරං ගියානං විකුන ගතහැකි.

පිස්සුද සුනීතෝ... මේ අවුරුදු කටේ මිනිස්සු ඔව්වා ගන්නේ නැ .... රට එළවලු තමා

ඕකනේ අනේ ඔහෙත් එක්ක බැරි කීපාරක් නං ඔහොම කියල මග ඇරියද ... ඔන්න මේ පාරනං මම කෙල්ලයි කොල්ල එක්ක හරි යනවා.

තමුසෙට පිස්සුද .... දරුවො දෙන්නට ඉස්කෝලේ උං හිනාවෙයි ..... ඉන්නවකො හෙට මම කොහුමෝලේ වැඩ .... ඔපීසිය ගිහින් මුදලාලියට කියනවා අවුරුදු පහුවෙනකං වැඩට එන්ඩ වෙන්නෙ නැ කියල.

රෑට මොකුත් හදන්ඩ දෙයක් නැ.... දවල් ඉතුරු වෙච්ච ඩිංගක් ඇති .....මං ගිහිං කෙල්ලයි කොල්ලයි එක්කං ඇවිත් රත්කරලා දෙන්නං .... .... උං  එහෙං බඩ පුරෝගන්න නැතැ , ලයිට්බෝයි කෑල්ල  දවස් දෙකට දියකරල දානව .... වලං හෝදන තැන සල්ලයිට් පොත්තක් ඇති.

ඔහොම ගෙදර උන්දැත් එක්ක දොඩන ජයසේන නාකියාගන ඇවිත් තියන දෙයක් ගිලලා දාල ... පහුවදා උදේ   ගිහින් , මුදලාලි එනකං බලාගන ඉදලා ..... කොහු මෝලේ ඔපිස් එක ඉස්සරහට ගිහින් මුදලාලි තමන්ව දකින කං බලාගන ඉන්නවා

ජයසේනයෝ මොකද උඹ ඔතන හොරගල් අහුලන්නේ..... වරෙං ඇතුලට

මේ .... මේ මං  මුදලාලි

මං උඹට ඊයෙත් කියුවා සල්ලි නං නෑ

නැ මං මේ ... මුදලාලි ..අවුරුදු පහුවෙනකං වැඩට නෑවිත් ඉන්ඩ අහන්ඩ කියලා

මොකක්.... වැඩට නෑවිත් ඉන්ඩ ...මේ අවුරුදු කටේ..... අනික ඕන ඕන වෙලාවට නෑවිත් ඉන්ඩ උඹ හිතාන ඉන්නෙ මේක ආණ්ඩුවේ කන්තෝරුවක් කියලද

අනේ නැ මුදලාලි ... වහලේ පොල් අතු හොදටම දිරලා... අපේ ගෑණි පොල් අතු ටිකක් වියලා  ගොඩ ගහලා දැං සෑහෙන කාලයක් ... දිරංඩත් අරං යට තියන එව්වා... තව කාලයක් තිබුනොත් අහකට තමා

ඉතින් ඕකට දවස් ගානක් මොකටද එක දවසෙං බැරුවයැ ... ඕන්නං වරුවක්යයි

අත්තමටනෙ මුදලාලි මිනිස්සු එන්නේ .... මගේ වැඩේ කරගන මග අරින එක නාකයිනෙ...  අහල පහල ගෙවල් හතරපහකම උන්ට කතා කරගත්තා , උන්ටත් අවුරුද්දට කලින් හෙවිල්ලන්ඩ ඕනලු... ඉතින් එක හුස්මට කරල දාන්ඩ තීන්දු කරගත්තා.

එහෙම වැඩට නෑවිත් ඉන්ඩ ... තීරනේ කරේ උඹ මගෙන් අහලද

අනේ නැ   මුදලාලි.... මුදලාලි අකමැති වෙන එකක් නැ කියලා හිතුවා

මේ දඩි බිඩියෙනං ඔව්වා කරන්ඩ හම්බෙන්නෙ නැ බං.... මම මේ උඹව අද ගෙන්නගෙන කියන්ඩයි හිටියේ .... අපේ ගෙදර වත්තෙ හොදටම කැලේ වැවිලා හැඩිවෙලා ... වහලේ කොල රොඩුත් රැදිලා මේ දවස් දෙක තුනේ උඹ වත්තෙවත් කොහු මෝලෙවත් වැඩ කරන්ඩ ඕන නැ. කෙලින්ම ගෙදරට වරෙන්.

අනේ එතකොට මුදලාලි මගේ වැඩේ

ඒක ඔය අවුරුද්දෙං පස්සේ කරගන්ඩ බැරුවයැ , අවුරුදු දවස්වල යාලු මිත්තරයෝ ගෙදරට ගොඩ වෙනවා ..... වත්ත පිටිය කලඑලියට තියෙට ඕන

අනේ මන්දා මුදලාලි ... අවුරුද්දෙං පස්සෙ රස්සාවලට ගියහම අහල පහල එකාල අත්තමට අල්ල ගන්න එක තමා වැඩේ.... ඇරත් මං උන්ට උදව්වට නොයා

අනේ ජයසේනයෝ... තොගේ ඔය ලුනු ගොරක මදි මාව තම්බන්ඩ ... ඔය මගෙන්   සල්ලි ඉල්ලලා නොදුන්නට ... මාව මට්ටු කරන්ඩ දාන උප්පරවැට්ටියක්නෙ , හොදට   හිතේ තියාගනිං .. ඔව්වයෙං බෑ මාව මට්ටු කරන්ඩ ... මට රැස්පොට් පෙන්නන්ඩ ... තෝ මොකෙක්ද ...  දනිං වැටීගෙන දෙපතුල්  ලෙවකාගන රස්සාවල් ඉල්ලන්ඩ එනකොට නං තොපේ ඔය හයි කාරකං නැනේද බොල..... දැං පල දෑහැට නොපෙනී....ගිහිං ඔය තියන වැඩ ටික ඔක්කොම අද ඉවරයක්ට කරලා දාල ....හෙට  උදෙන්ම අපේ ගෙදරට වර ... මගෙන් තව කුණුහබ්බ නාහා .

ආයේ දවස් කීයකට පොල් වත්තෙයි  , කොහුමෝලේ වැඩට එන්ඩ නොවුනත් .... එහෙම වෙන්නේ  මුදලාලිගේ ගෙදර වැඩට යන්ඩ උන නිසා කියලා කිසිම අනුකම්පාවක් බුරුලක් නොලැබෙන බව දන්න ජයසේන පුලුවං තරං .... තියන වැඩ ඉවර කරලා .... එදත් ගෙදර යනවා

ඔහේ මොකද අද පරක්කු ,  රෑ අටත් පැනලා  ... හෙට ඉදං වැඩට එන්ඩ වෙන්නෙ නැ කියල මුදලාලිට කියුවද , ඒ හන්දා දවස් දෙක තුනක වැඩ ගත්තද

ඒ වැඩේ හරියන්නෙ නැ සුනීතෝ  .... හෙට උදෙන්ම ඒකගේ වත්ත පිටිය සුද්ද කරන්ඩ එන්ඩයි කියුවේ .... අම්මා පල්ල මට වෙලාවකට හිතෙනවා ඕකගේ තට්ටෙ කුඩුවෙලා යන්ඩ පොල් උලෙං කෙලලා පතබාවන්ඩ

හත්දෙයියනේ..........  පිස්සුද මිනිහෝ ....... එල්ලුං ගස් යන්ඩද හදන්නේ .....

මට මගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්ඩ දීහං හුත්තියේ ..... කෝ තියනවනං දීහං මට කීයක් හරි

කොහේ තියන සල්ලියක්ද මනුස්සයෝ  ..... රෑට කන්ඩ පාං ගෙඩියයි ..සීනි තේකොල ටිකයි   කඩේ හාමිනේ දුන්නෙත් කනුකුනු ගාල කියවලා..... එහෙම හරි ඒ මනුස්සය දෙන හන්දා හොදයි .... දැං කඩේ ගාන තුන්දාහත් පැනලා

ඔලුව විකාරයි .....මං පාර පැත්තට ගිහිං එන්නං , උඹ දොර වහලා නිදා ගනිං

ණයට ගිණි වතුර කටේ හලාගන ... මුදලාලි එක්ක ආරෝවට යනවා එහෙම නෙමෙයි ..... ඔන්න මං නං එන්නැ ... හිරගෙවල් ගානේ

ඔහේ පාර දිහාට ගාටන ජයසේන ...ඉබේම වාගේ  ස්ටැන්ලිගේ තිත්පොල දිහාට පය ඉක්මන් කරනවා.... කනිපින්දං ගහල ගහල කසිප්පු ජෑං බෝතලයක් තියන ණය ගොඩට තව එකතු කරගන්නවා.... ඊට පස්සේ  එතන තැග් ගැහි ගැහි ඉදං තව කිහිප දෙනෙක්ගෙන් පෙරේත උගුරු කිහිපයකුත් බොක්කට හලාන ඇවිත් .... පිලේ දපලා පහුවදා උදේම  මුදලාලිගේ ගෙදරට ..........හිස් බඩම ගිහිං ..ගොඩ වදිනවා.

ආ උඹ ආවද ජයසේන ... මුදලාලි නං ඔන්න උදෙන්ම ටවුමට ගියා ...... අපේ දුවයි බෑනයි ළමයි දෙන්න එක්ක එනවනේ මෙහේ ... අවුරුද්දට බෑනගේ ඔෆීසිය නිවාඩු දෙනවලු... ටික දවසකට මෙහේ නවතින හන්දා මහ කාමරෙන් අපේ බඩු ටික ඇදලා එහා කාමරයට දාගන්ඩ ඕන ... ඒකේ හතර දෙනෙක්ට ඉන්ඩ ඉඩමදි .... අනික ඉතින් අපි දෙන්නට දැං මහ කාමරයක් මොකටද , දිගටම ළමයි ආවහම ඉන්ඩ ලොකු කාමරේ ලෑස්ති කරල තියනවා.............මට පුලුවන් විදිහට පුලුපුලුවන් දේවල් අස්කරා .... උඔ පරිස්සමට අල්මාරිය, ඇදයි ,  ගලවලා ඒ කාමරයට ඇදලා  හයිකරලා ,  මේසෙයි අනිත් බඩු ටිකයි ඇදලා දියං , ..... ඊට පස්සේ මකුලු දැල් කඩලා අතු ගාල ගේ හෝදලා දාහං. හෙට වත්ත පිටිය සුද්ද කරලා , අනිද්දට බැරියැ  වහලේ සුද්ද කරලා එහෙට්ට මෙහෙට්ට වෙච්ච උළුකැට ටික හදලා දාන්ඩ.. ...........උඹ තේ බීල ... උදේට කාල එහෙමනේ එන්ඩ ඇත්තෙ

හොදයි නෝනා ..... කෝ පොඩි බේබි ලගකදි එන්නේ නැද්ද

පුතාට හරියට වැඩ ජයසේන ... දැං හිටපු විස්සවිජ්ජාල නෙමෙයි , වෙන එකක  තව උසස් උපාදියක් කරනවා... තව අවුරුද්දකට හමාරකට එන්ඩ වෙන එකක් නැ

අනේ වාසනාවන් .... පොඩි බේබී අපිට හරිම කරුණාවයි

ලොකු කං මහකං මහත්තුරු කං නැති අහිංසකයෙක් වෙච්ච මුදලාලිගේ පුතා , ගෙදරින් වත්තට ... වත්තෙං කොහු මෝලට ... එතනින් ගෙදරට .... එක්කං ගිය එව්වා.... කරපු දගකාරකං මහ දෙන්නට නොකියා ... හංගපු හැටි .... පොඩි බේබිගේ  තමන් දැක්ක මනුස්ස කං ගැන හිත හිතා ජයසේන වැඩ කරනවා .... එහෙම ගත්තහම මගේ දරුවෝ කොච්චර අවාසනාවන්තද .... නෑ නෑ .... මේක උන්ගේ කරුමයක්  නෙමෙයි .... අවාසනාවන්ත කාලකන්නියා මම... ඔහොම හිත හිතා .......මුදලාලි  හාමිනේ පවරන වැඩේ ඉවර කරන ජයසේන .... එදත්  ගෙදර ගිහින් ... තියන දෙයක් කාල  නිදාගන්නවා

මොකද ඔහේ ඇදේ දපලා බලාගත්තු අත බලාගන ඉන්නේ .. ඊයේ රෑ ඉදන් මං බලාගන .... අදත් මුදලාලිගේ ගෙදර වැඩට යන්ඩ ඕන කියුවා නේද.... යන්නේ නැද්ද

මගේ හිතට හරි නැ බං

අර මොකද ඒ පාර

මහ බයක්  දැනෙනවා

කියනවකෝ වදේ තෙපර බාන්නෙ නැතුව

කෝ පොඩි උන් දෙන්නා

දැං අටත් පැනලා ... උන් දෙන්නා ඉස්කෝලේ ගියා

ඒක හොදයි

මොනවද

ළමයි නැති ඒක , උන්ට මේවා ඇහෙන්ඩ නරකයි

මොකද උනේ

ඊයේ මුදලාලි හාමිනේ මට අල්මාරිය ගලවලා අනිත් කාබරෙන් හයිකරලා දෙන්ඩ කියුවා

ඉතින්

උන්දැ උන්දැගේ වැඩ , පැත්ත පලාතකවත් ආවේ නැ ,

ඉතින්

කලින්ම ගලවලා මුදලාලිලැ කාබරෙන් අනිත් කාබරයට ගෙනිහිං තියල තිබුන අල්මාරි ලාච්චු........ තියන තැනට රිංගවන්ඩ ගියහම ඉබේම ඇරුනා .... බලනකොට යතුර දාල නැ ලාච්චු දෙකේම

ඉතින් මොනවද තිබුනේ

එකක ලියුං කියුං එක්ක සල්ලි කොල පුරවලා , අනිකේ රත්තරං බඩු

ගොඩක් තිබුනද ඒයි

ආයෙත් අහලා .... මයේ හිතේ කිලෝ ගානක් ඇති.... මාල , වළලු , මුදු , මාලපෙති පුරවලා , සමහරක මැණික් ගල් හිටං අල්ලල තිබුනා ,  එක තැල්ලක් තිබ්බා මේං  මෙච්චර විතර ඇති.

ඉතින් ඔහේ විස්සෝප වෙන්නේ අහවල් එකකටද , උං අපේ රීරි මාංස උරාගන බීල ඔව්වා ගොඩ ගහනවා   , මේ අපේ ලැබීම .... පෙර කල කුසල් අකුසල්

මගේ අතිං නොහිතාම වරදක් උනා බං

ඒ මොකද්ද

මං හිතලා කලේ නැ සූනීතෝ .... ඒත් කොහොමහරි උනා ... එතන තිබුන හීං මාල පොටක් මං ඉනේ ගහගත්තා

 ඉතින්

ඉතින් ....කියන්නෙ බං ... කවදාකවත් වැටුන පොලයක් දෙකක් , ගඩාගෙඩියක් , හෙරලි ගෙඩියක් ඇරුනහම යංකිසි දෙයක් නොකියා මම මේ ගෙදරට අරං ඇවිත් තියද

ඉතින් කෝ දැං ඒක

අන්න අර පාංපැලේ තිබ්බා .... බුදු පිලිමේ උස්සලා බලහං

මනුස්සයෝ මේක ... ජාති චේං පොටක්නේ

හා   හා....හා  ඕක ඔහොම කරවටේ දවටන්ට එපා ....... අනුන්ගේ ගින්දර

ඉදා .........මේ මිනිහ බලහල්ලකෝ ....හොරකං කරං ඇවිත් ... හරියට මං ගෙනාවා වාගේනේ කතාව

ඔන්න ඕක පරිස්සං තැනක .. පොඩි උන්ට අහුනොවී ඇරං තියහං .... අද වත්තේ පිටියේ වැඩ .... හෙට වහලෙ සුද්ද කරන්ඩ තියනව .... ඒ අල්ල පනල්ලේ මං ඕක ආයෙමත් තිබුන තැනින් තියනවා

අනේ මන්දා .....ආයේ දෙන්ඩ නං මොකට උස්සං ආවද කියල........... බාගදා ... ආයේ තිබුන තැන තියන්ඩ ගිහිං ඔහේ අහුවෙයිද කියල

මේ මේ මේ .... ඕකට තන්නාසේ ගන්ඩ එපා ..... තිබුන තැන තියන්ඩ බැරිනං ... මං ගෙනිහිං වහලේ ඉදං කාබරේ අස්සට හරි  දානවා

ඉතින් මං එපා කියුවයෑ

උඹට ඕක පරිස්සමට තියාගන්ඩ බැරිනං ..මෙන්න මෙහේ දියන් .... මං සරං ගැටේටම තදකරගන්ඩ

අනේ ඔහේගේ සරං ගැටේ පරිස්සම මං නොදන්නවයැ ..... අන්තිමට ගහටත්  බඩටත් දෙකටම නැතිවෙයි.... මං මේක ටංකා පෙට්ටියෙං ඇරං තියනවා

අන්න අර කමිසෙකුයි .... කන්ඩ තියන තියන දෙයකුයි ඇරං වරෙන් .... හොදටම පරක්කු උනා

ඇයි වදේ මූණ කටවත් හෝදන්නේ නැද්ද

මං රජ දැක්මට යන්ඩද බං

මූණ කටවත් නොසෝදන ජයසේන  .........තමන් අතින වෙච්ච වරද ගැන පසුතැවෙමින් ඒ වරද හෙට නිවැරදි කරන අදහසත් ඇතුව  එදත් මුදලාලිගේ ගෙදර වැඩට ගිහින් , හවස් අතේ තමන්ගේ පැලට ගොඩ වෙනවා.

ඔහොම් ගොහුං නාකියාගන ආවානං ... උණු උණුවෙං බත් ඩිංග කාල හිටින්ඩ

තමුසෙ අද රෑටත් ඉව්වද

හම්

එහෙනං ගන්නවකො බෙදලා ..... මං එන ගමං ඇලට පැනල ආවේ .... ඉන්ඩ හිටින්ඩ බැ ... කැප්පෙටියා ඕසේට ..........  කාටුව වැදිලා ඉන්ඩ බැරුවට වතුරට බැස්සට පස්සේ තමයි ඕයි කොරාපු ගොංකම තේරුනේ ..... ඉහලු අම්මා අතේ ගියා කොරස වැල් වලට හමගිය එව්වට වතුර වදිනකොට

ඒඅම්

යකෝ  තීරං කරවල නේද .... කඩේ හාමිනේ   දුන්නද බං

ජාතකේ අහන්නෙ නැතුව කාල ඉන්නවකෝ

යකඩෝ ඒ මදිවට පොඩි ඇට හාල් .... සුනීතෝ ... මට කියහං කොහෙන්ද උඹට සල්ලි

කට වහගන කාහන්කෝ මිනිහෝ

අර මොකක්ද බං  අර දෙවට ගාව නැවැත්තුව වාහන දෙක ....

සීවරං දෙයියනේ .....මුදලාලියගේ කාර් එක ..... පස්සේන් නැවැත්තුවේ .... පොලිස් ජිප් එක නේද..... සුනීතෝ .... තක්කෙටම ඔය එන්නේ  මං  මාලේ ගත්තා කියල සැකයට .... තියන තැන කියහං ..... මම ඒකත් ඇරං  පස්සෙ දොරෙන් දුහන්ඩ ...දැං නං මොකක් කියුවත් බේරුමක් වෙන්නෙ නැ .............

බය නැතුව ඉදිං වාහේ ... ඒක දැං ගේ අස්සේ නැ .... තමුසේ දන්නෙත් නැ ..........දැක්කෙත් නැ  කියල කියනවා

කුණු හබ්බ කතා නොකර දීපං ගෑණියේ .... දෙවට දිගේ මෙතනට එන්ඩ කලින් මට දුවතහැකි

සෙක්කුවට බැන්ද ගොනා වගේ තමුසෙ මුදලාලි වටේ කැරකි කැරකි ඉන්නවා.... පොල්කුඩු පුන්නක්කුයි තණ කොලයි විතරයි ....... පලා කොලයක් ...කොහිල අලයක් ... ගඩා ගෙඩියක් විකුනලා ..... මේ පැටව් දෙන්නට රෙදි කෑල්ලක් අරං දෙන්ඩ හැදුවා ... ඒකටත්  ඉඩක් නැ ........... මං චේං පොට උගස් තිබ්බා ... ඒ සල්ලි වලින් උයන පිහන බඩු එක්ක කෙල්ලටයි කොල්ලටයි රෙදි කෑලි දෙකක් ගත්තා

ගොං හුත්ති තෝ මාව කෑවනං හොදයි ඔයිට වැඩිය

ආ මේ ඉන්නේ ... කන්ඩ දුන්න අත හපාකන ගුණමකු බල්ලයි බැල්ලියි දෙන්නම .... ඈ පරයෝ තෝ හිතුවද ... මගෙං හොරකං කරං ඇවිත් මගේ ඇස් වහල  වලබොඩගං ටවුමේ ... බඩු උගස් තියන්ඩ ............. මම තක්කෙටම හිතුවා පෙරෙයිදා ... චේන් එක නැ කියල හාමිනේ කියුව ගමංම , තෝ ඒක ඇරගත්තා කියලා ....... ඒ විතරක් නෙමෙයි .... සක්කිලි බල්ලෝ .... තොගේ පාංකඩ ගෑණිව යවලා ඒක උගස් තියනවා ... කියල ත් .... ඔය ටවුමේ ... එක කඩකාරයෙක් ඉන්නවද මට ඉහලිං යන ....  ඈ බොල ගෑනියේ තොගේ මිනිහා මගේ පුක ලෝලා ගන්න එකෙන් දංකුඩ ගිලින තෝත් මට කෙලින්ඩ හවුල් උනා එහෙනං ..... නැගපිය පරයා ජිප් එකට .... චටාස් ..... උග්... තග්

අනේ මාමේ අපේ අප්පච්චිට ගහන්ඩ එපා

ආ තොපි දෙන්නත් ආවද ... හොර හැතිකරේ............... මුංගේ රෙදි ගලවලා පාරවල් ගානේ ඇවිද්දවන්ඩ ඕන

හා හා මුදලාලි .... නීතිය අතට ගන්ඩ එපා ............කරුනාකරලා ගිහින් වාහනයට නගින්ඩ ... අපි ඉන්නෙ  නීතිය ක්‍රීයාත්මක කරන්ඩ ... උසාවිය තියෙන්නෙ දඩුවං කරන්ඩ..... ඔබතුමාට තියා අපිටවත් බැ මෙහෙම සැකකරුවන්ට පහර දෙන්ඩ..... ඩබ්ලියු පීසි .... ඔය ගෑණු කෙනාව අරං ගිහින්  ජීප් එකට දාන්ඩ .... කෝ   උඹ අත් දෙක පස්සට දාපං

අනේ  මාමේ අපේ අප්පච්චිව බදින්ඩ එපා මාමේ

අනේ මහත්තයෝ  මම එන්නං .... මයේ ගෑණිව තියලා යන්ඩ බැරිද .... දරු දෙන්නා කොහොමද ........... තනියම ඉන්නේ

ඇයි වෙන කවුරුත් නැද්ද ගෙදර

අනේ නෑ මහත්තයෝ...........

අපේ අම්මනං ටිකක් දුරින් ඉන්නවා ............. ඒත් මල්ලිගේ ගෙදර ...... නෑනා කැමති වෙන එකක් නැ දිගටම මුං දෙන්නව එහේ තියාගන්ඩ.... අනේ නෝනා .... නෝනත් ගෑණියෙක් නේද ............ මාව බේරලා අරින්ඩකො නෝනා

දැන්ද උඹටත් ගෑණු කම මතක් උනේ ..... මිනිහා උස්සං එන ඒවා උගස් තියලා ..........  ළමයින්ට ඉන්ඩ තැනක් නැත්තං උසාවියෙං දායි පරිවාසෙට................  සර්  මොකද දැං කරන්නෙ.



හා ... හා ... ඔය ළමයි දෙන්නත්  ඇඩිල්ල පැත්තකින් තියල ගිහින්  නගිනවා ජිප් එකට




2018-03-06

How to maintain swimming pools , පිහිනුම් තටාක නඩත්තුව සරලව සිංහලෙන්




                                                     
 ( මල්ටි ෆෝට් වෑල්වය )


( 1 )

පිහිණුම් තටාකයේ පතුලේ රැදෙන අපද්‍රවය්‍ය වැකියුම් කර ෆිල්ටරය මගින් පිරිසිදු කොට නැවත පිහිණුම් තටාකයට එක්කිරීම






මල්ටි පෝට් වෑල්වය ෆිල්ටර් මෝඩ් එකේ තිබිය යුතු අතර  වැකියුම් පෝට් එකට සම්බන්ද නලයේ ස්ටොප් වෑල්වය  ( V ) විවෘතව තිබිය යුතුය.


පිහිණුම් තටාකයේ වැකියුම් පෝට් එකට සවිකල වැකියුම් හෝස් එක සහ වැකියුම් හෙඩ් එක තුලින් ඇදී එන අපද්‍රව්‍ය ෆිල්ටරය හරහා ගොස් පිරිසිදුවී නැවතත් පිහිණුම් තටාකයට එකතු වීම මේ මගින් සිදුවේ.
මුලින්ම ජල පොම්පය ක්‍රීයාත්මක කරන්න , වැකියුම් හෙඩ් එක තටාකයෙන් පිටත තබාගන වැකියුම් හෝස් එකට ජලය පුරවාගැනිමෙන් පසු , වැකියුම් හෙඩ් එක තරමක් ජලයේ ගිල්වා තබාගනිමින් වැකියුම් ෆෝට් එකට වැකියුම් හොස් එකේ අනෙක් කෙලවර සම්බන්දකොට තරමක වේලාවක් තටාකය තුලට ජලය පිරෙන ආකාරය නිරික්ෂණය කරන්න , හෝස් එක තුල වතුර පොම්පය තුල හෝ ජලනල තුල රැදි ඇති සියලුම වාතය පිටවී ගොස් වැකියුම් හොස් එක තුලින් පැමිනෙන ජලය පමනක් පිහිනුම් තටාකයට එක්වන බව සැකහැර දැනගන්න.
















ඉන් පසු ජලය නොකැලෙත්තෙන ආකාරට සෙමෙන් වැකියුම් හෙඩ් එක ජලය තුලට ගිල්ලවා එක් කොනක සිට ක්‍රමානුකුලව පතුලේ ඇති අපද්‍රව්‍ය උරාගන්නා ආකාරයට ඉදිරියට ගෙන ගොස් නැවතත් ඒ සීමාවේම පසු පසට ගෙන එන්න






මෙම ක්‍රියාවලියෙන් පසු බැක්වොෂ් කිරීම සහ රින්ස් කිරීම අනිවාර්යෙන් සිදුකල යුතුය.


( 2 )
පිහිණුම් තටාකයේ පතුලේ රැදෙන අපද්‍රවය්‍ය වේස්ට් මෝඩ් එක මගින් ඉවත් කිරීම (වැඩි අපද්‍රව්‍ය ප්‍රමාණයක් ඇති විටදී පමණක්)



මල්ටිපෝට් වෑල්වය වේස්ට් මෝඩ් එකේ තිබිය යුතු අතර වැකියුම් පෝට් වෑල්වය ( V ) විවෘතව තිබිය යුතුය

 මේ මගින් ෆිල්ටරය තුලට ජලය ගලායාමක් සිදු නොවන අතර කෙලින්ම අපද්‍රව්‍ය පිටාර නලය තුලින් ඉවත්වීම සිදුවේ.

 ජලය අපතේ යාමක් සිදුවන බැවින් වැඩි අපද්‍රව්‍ය ප්‍රමාණයක් ඇති විටදී පමණක් මේ ක්‍රමය භාවිතාකල යුතුය.

මෙම ක්‍රීයාවලියෙන් පසු සුලු වේලාවක් රින්ස් කිරිම සිදුකල යුතුය.


( 3 )
බැලන්සින් ටෑන්ක් එකෙන් ජලය ලබාගනිමින් ෆිල්ටරය බැක්වොෂ් කිරීම






බැලන්සින් ටෑන්ක් ස්ටොප් වෑල්වය ( B ) විවෘතව සහ මල්ටි පෝට් වැල්වය බැක්වොෂ් මෝඩ් එකේ තිබිය යුතුය

ෆිල්ටරය තුලට එකතුවූ අපද්‍රවය්‍ය පිටාර නලය තුලින් ඉවත්ව යනතුරු මෝටරය ක්‍රීයාත්මක කල යුතු අතර ඒ සදහා විනාඩි 1ක පමන කාලයක් ගතවේ , සමහර අවස්ථාවල මේ කාර්ය්‍ය සම්පූර්න විමටගතවන කාලය වැඩි වීමට හැකි අතර , පිටාර නලය තුලින් පිටවන ජලය නිරික්ෂනය කිරීම මගින් සියලු අපද්‍රව්‍ය පිටවූවාදැයි සහතික කොට දැනගත හැක.

මෙම ක්‍රීයාවලිය සිදුකිරීමේදි සැලකිලිමත්ව කටයුතු නොකලහොත් , රීසර්කියුලේට් කිරිමේදි සහ ෆිල්ටර් කිරිමේදි ෆිල්ටරය  තුල එකතුව ඇති අපද්‍රව්‍ය නැවතත් තටාකය තුලට ගමන්කල හැක.

අවස්ථානුකුලව විශේෂ අවශ්‍යතාමත වැකියුම් ෆෝට් එක හරහා හෝ ඩ්රේන් ෆෝට් එක හරහාද ජලය ලබාගනිමින් මේ ක්‍රීයාවලිය සිදුකිරීමට පුලුවන.

මේ ක්‍රීයාවලියෙන් පසු පයිප්ප තුල ඉතිරිවන අපද්‍රව්‍ය ඉවත්ව යනතුරු රින්ස් මෝඩ් එක ක්‍රීයාත්මක කල යුතුය.




( 4 )
බැලන්සින් ටෑන්ක් , වැකියුම් ෆෝට් හෝ ඩ්රෙන් ෆෝට්  එකෙන් ජලය ලබාගනිමින් රින්ස් කිරීම






බැලන්සින් ටෑන්ක් ස්ටොප් වෑල්වය , වැකියුම් ෆෝට් ස්ටොප් වෑල්වය , ඩ්රේන් ෆෝට් ස්ටොප් වෑල්වයන්ගෙන් එකක් හෝ දෙකක් නැතිනම්  අවශ්‍යතාවය පරිදි තුනම විවෘතව සහ මල්ටි පෝට් වැල්වය රින්ස් මෝඩ් එකේ තිබිය යුතුය.

 මේ මගින් සිදුවන්නේ පයිප්ප තුල රැදී ඇති අපද්‍රව්‍ය පිටාර නලය තුලින් බැහැරකිරීමයි.
සෑම බැක්වොෂ් කිරීමකින් සහ වේස්ට් කිරීමකින් අනතුරුව මේ ක්‍රීයාවලිය සිදුකලයුතු අතර ක්‍රීයාවලිය සම්පූර්න වීමට විනාඩියක පමණ කාලයක් ගතවිය හැක.

පිහිනුම් තටාකයට සහ බැලන්සින් ටෑන්ක් එකට මෝටරයේ සහ ෆිල්ටරයේ සිට ඇති දුර වැඩිවන විට මෙම ක්‍රීයාවලිය සම්පූර්න වීමට ගතවන කාලය වැඩිවිය හැක.



( 5 )
ස්ටොක් ටෑන්ක් එකෙන් ජලය ලබාගනිමින් ෆිල්ටර් කිරීම







බැලන්සින් ටෑන්ක්  ස්ටොප් වෑල්වය ( B ) විවෘතව සහ මල්ටි පෝට් වැල්වය ෆිල්ටර් මෝඩ් එකේ තිබිය යුතුය

ස්ටොක් ටෑන්ක් එකේ ඇති ජලය ෆිල්ටරය හරහා ගොස් පිහිනුම් තටාකයට එකතුවන අතර , පිහිනුම් තටාකයේ ඇති ජලය උතුරා යමින් නැවතත් ස්ටොක් ටෑන්ක් එකට එකතුවේ.

මෙම ක්‍රීයාවලියෙන් පසු සැම විටම බැක්වොෂ් කිරීම සහ රින්ස් කිරීම සිදුකල යුතුය.

පිහිනුම් තටාකය භාවිතා කරන අවස්ථාවලදි මෙම ක්‍රීයාවලිය නොකඩවා සිදුකලයුතුය

පිහිනුම් තටාකය භාවිතා නොකලද දිනකට පැය 4 ක් පමන මෙම ක්‍රීයාවලිය සිදුකිරීම මගින් ජලයේ පැහැය සහ පිරිසිදු බව උසස් ආකාරයෙන් පවත්වාගත හැක.



( 6 )
පිහිණුම් තටාකයේ ජලය රීසර්කියුලේට් කිරීම









මල්ටි පෝට් වෑල්වය රීසර්කියුලේට් මෝඩ් එකේ තිබිය යුතු අතර ඩ්රේන් පයිප්පයේ වෑල්වය ( D ) විවෘතව තැබිය යුතුය.

පිහිණුම් තටාකයේ ජලය මෝටරය හරහා ගොස් නැවතත් පිහිනුම් තටාකයට එක්වීම මේ ක්‍රීයාවලියේදි සිදුවේ , පිහිනුම් තටාකය උතුරා යමින් බැලන්සින් ටැංකියට ජලය ගලායාමක් මෙහිදී සිදුවන්නේ නැත.


 ජලයට එක්කල රසායනික ද්‍රව්‍ය හොදින් ජලයට කලවම්  කරගැනීම වැනි විශේෂ අවස්ථාවන්දී භාවිතාකල හැක

මෙම ක්‍රීයාවලියෙන් පසුවද බැක්වොෂ් කිරීම සහ රින්ස් කිරිම සිදුකල යුතුය
( 7  )
ෆුල් පම්ප් ස්ටේනර් බාස්කට් එක පිරිසිදු කිරිම








මුලින්ම සියලුම ස්ටොප් වෑල් සහ මල්ටිපෝට් වෑල්වය වසා දමන්න

දැන් ස්ටේනර් බාස්කට් එකේ ලිඩ් එක ගලවන්න
ස්ටේනර් බාස්කට් එක ඉවතට ගෙන ඒ තුල රැදී ඇති කොල රොඩු වැලි කැට වැනි අප ද්‍රව්‍ය ඉවත් කර පිරිසිදු වතුරෙන් සෝදන්න


නිවැරදි පරිදි ස්ටේනර් බාස්කට් එකේ යොදා ඇති කට්ට නිසි තැනට සිටින සේ තබා , ලිඩ් එක ගෙන , වාතය ඇතුලු නොවන පරිදි තදකරන්න.


( 8 )
පිහිණුම් තටාකයේ ජලය සම්මත ගුණාත්මක මට්ටමෙන් පවත්වාගන යාම , පරික්ෂා කිරීම සහ අනුමත රසායනික ද්‍රව්‍ය අවශ්‍ය පරිද එක්කිරීම.









පිහිණුම් තටාකයේ ජලය පරික්ෂන උපකරනයේ ආධාරයෙන් දිනපතා පරික්ෂා කල යුතුය.

පරික්ෂන උපකරනයෙන් පෙන්වන ආකාරයට අවශ්‍ය විටක අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් ක්ලෝරින් සහ සෝඩාඈෂ් එක්කල යුතුය.

ජලයේ ක්ලෝරින් මට්ටම 1.0 ත් 1.5 ත් අතර පවත්වාගත යුතුය.
ක්ලෝරින් මට්ටම අඩුවන අවස්ථාවන්ගේදී ....70% ක්ලෝරින් භාවිතා කරනවානම් පිහිණුම් තටාකයට එක්කල යුතු අතර , 90% ක්ලෝරින් භාවිතා කරනවානම් ස්ටොක් ටෑන්ක් එකට එක්කල යුතුය.

70% ක්ලෝරින් යෙදුවේනම් අවම පැය 6 කට  පසු පිහිනුම් තටාකය වැකියුම් කල යුතු ඌවද , 90% ක්ලෝරින් භාවිතා කරනවානම් එසේ කිරීම අවශ්‍ය නොවේ.

ක්ලෝරින් එක් කරන්නේ කොතරම් ප්‍රමාණයක්ද යන වග තීරණය වන්නේ පරික්ෂන උපකරණය පෙන්වන අගයන් සහ කාලගුණ තත්වය සහ පිහිනුම් තටාකය භාවිතා කරන්නන්ගේ සනීපාරක්ෂක පුරුදු මතය.

ක්ලෝරින් මට්ටම අඩුවී නොමැති අවස්ථාවන්ගේදි , එය නියත අගයක දිගින් දිගටම පවත්වාගැනීමට ලීටර් 60000 ක ජල ධාරිතාවයකින් යුතු පිහිනුම් තටාකයකට ආසන්න වශයෙන් , 90% ක්ලෝරින් 50
gm හෝ 70% ක්ලෝරින් 100gm පැය 48 කට වරක් යෙදිම හොදටම ප්‍රමාණවත්ය. 70% ක්ලෝරින් එක්කරන්නේ නම් එය සිදුකල යුත්තේ , පිහිනුම් තටාකය භාවිතා නොකරන අවස්ථාවන්ගේදීය.

 70% ක්ලෝරින් එක්කල අවස්ථාවන්වලදී පැය 6 පසු වැකියුම් කිරීම සිදුකල යුතුය

ජලයේ
PH අගය 7.2 ත් 7.6 ත් අතර පවත්වාගත යුතුය.
PH අගය 6.8 දක්වා අඩුවන විට සෝඩාඈෂ් එක්කල යුතු අතර කොතරම් ප්‍රමාණයක්ද යන වග තීරණය වන්නේ පරික්ෂන උපකරනය පෙන්වන අගයන් සහ කාලගුණ තත්වය සහ පිහිනුම් තටාකය භාවිතා කරන්නන්ගේ සනීපාරක්ෂක පුරුදු මතය.


ජලයේ
PH අගය 7.2 ත් 7.6 ත් අතර පවතින ලීටර් 60000 ක ජල ධාරිතාවයකින් යුතු පිහිනුම් තටාකයකට එම PH අගය නියත අගයක් ලෙසින් තබාගැනීමට පැය 48 කට වරක් 100gm සෝඩාඈෂ් එක්කිරීම හොදටම ප්‍රමාණවත් වන අතර , සෝඩෑෂ් එක්කල යුත්තේ හාවිතා නොකරන අවස්ථාවක පිහිණුම් තටාකයටය , සෝඩෑෂ් එක්කිරීමෙන් අවම පැය 6 පසු වැකියුම් කිරීම සිදුකල යුතුය.

පිහිනුම් තටාකයේ ජලය බෙහෙවින් අවර්ණව ඇති විට ඇලම් ( ඇලුමීනියම් සල්පේට් ) භාවිතයෙන් ජලය නිල් පැහැයට හරවාගත හැකි අතර , ඒ මගින් සිදුවන්නේ ජලයේ කලවම්ව ඇති , කුඩා අපද්‍රව්‍ය අංශූ තටාකයේ පතුල වෙත ඉක්මනින් රෑගෙන යාමයි , ඇලුමීනියම් සල්පේට් යෙදීමට පැය දෙකකට පමන පෙර අවශ්‍ය ප්‍රමාණයට ක්ලෝරින් සහ සෝඩා ඈෂ් ජලයට එක්කර ඇලුමීනියම් සල්පේට් එක්කිරීම සිදුකල යුතු අතර , ඇලුමීනියම් සල්පේට් යෙදීමෙන් අවම පැය 8 පසු වැකියුම් කිරීම සිදුකල යුතුය. ලීටර් 60000 ක ජල ධාරිතාවයකින් යුතු පිහිනුම් තටාකයකට එක්වරකට 1000
gm ඇලම් යෙදීම හොදටම ප්‍රමානවත්ය.

හයිඩ්රක්ලෝරික් ඇසිඩ් භාවිතා කිරිම නිතරම අත්‍යඅවශ්‍ය නොවන අතර , ජලය බෙහෙවින් කොලපාටට හෝ දුඹුරු පාටට හැරුනු විට සහ ජලයට ආගන්තුක විෂබීජ එකතුවී ඇතැයි සැක සිතෙන මොහොතක භාවිතා කිරීම ප්‍රමාණවත්ය.


 ක්ලෝරින් හෝ සෝඩාඈෂ් අනුපාතය වැඩිවූ අවස්තාවන්ගේදි භාවිතා කිරීමට හැකි උවත් ජලයේ ආම්ලික ගතිය බෙහෙවින් වැඩිවන නිසා විශේෂ අවධානයකින් භාවිතා කල යුතුය , ලීටර් 60000 ක ජල ධාරිතාවයකින් යුතු පිහිනුම් තටාකයක් බෙහෙවින්ම අපවිත්‍රව ඇති විටක උවද හයිඩ්රක්ලෝරික් ඇසිඩ් ලීටර් 4ක් යෙදීම හොදටම ප්‍රමාණවත්ය.

හයිඩ්රක්ලෝරික් ඇසිඩ් භාවිතා කරන විට ආඝාහනය නොවිමට වගබලාගත යුතු අතර , මුව ආවරණයක් පැලදිය යුතුය. හයිඩ්රක්ලෝරික් ඇසිඩ් ආඝාහනය වීම නිසා අදික කෑස්ස , හිසේ රුදාව සහ හුස්ම ගැනිමේ අපහසුතා ඇතිවේ , සමේ තැවරීමෙන් අධික කැසීමක් සහ දැවිල්ලක් ඇතිවේ. ආඝාහනය වීමකදී පිරිසිදු වාත්‍රශය ඇති තැනකට විගස දිව යාම සහ සමේ තැවරීමකදි ගලා යන ජලයට අල්ලා සම සේදීම ප්‍රමාණවත්ය.


ඇළුමීනියම් සල්පේට් සහ සෝඩාඈෂ් සිහින් දුහුවිල්ලක් මෙන් කුඩු වර්ගයක් නිසා , දුහුවිලි වලට ආසත්මිකතා දක්වන පුද්ගලයන්හට ආඝාහනය වීම හිතකර නොවේ.

ක්ලෝරින් ද ආඝාහනය වීම  නිසා හිසේ රුදාව සහ හුස්ම ගැනිමේ අපහසුතා ඇතිවේ , විශේෂයෙන් 90% ක්ලෝරින් භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතුය.



ප.ලි//   මා මේ පිලිබදව විදිමත් පුහුණුවක් හෝ විශේෂ දැනුමක් ලත් අයෙක් නොවන අතර , කල පුරුද්දේ පලපුරුද්දෙන් සහ කිහිප දෙනෙකුගෙන් අසා දැනගත් සහ බලාසිට ඉගනගත් දැ ඇසුරෙන් ලියූ ලිපියක් බව සැලකුව මනාය.

2018-03-03

වඳ සැත්කම්


මගේ ප්‍රීයාදර දයාබර පාඨක පාඨිකාවන්ට මතකද දන්නේ නැ අර හොදට පස්සෝනවා  කතාවේ අනුරයයි දම්මිකයයි , ඔන්න ඉතින් තව දවසක් අපි මැටි ගහලා හදාපු දම්මිකය තනියම ජීවත් වෙච්ච ගෙදර තුන්දෙනා එක්ක කයියක් ගහගන ඉන්නවා , ඔව් ඔව් එදත් මලක් ලයින් කරන ගමං තමා , ඒ  ගෙදර ඉතින් හෙන නිදහස් දම්මිකයා විතරයි හිටියේ  ඒ වත්තේ මීටර් සීයකටත් එහා පැත්තේ උන්ගේ මහ ගෙදර තිබුනේ ..... සමහර වෙලාවට කොල්ලො පිරිලා , ඔය එහෙං මෙහෙං හොයාගත්ත වේට් සෙට් එකක් , බංකු , ඇදක් , පැදුරු තව දම්මිකයගේ  පොත් පත් මේසය ආ තව ලොකු කන්නාඩියක් තිබුනා. ඊට අමතරව එහා කෑල්ලේ පොඩි කුස්සි කෑල්ලක් තිබුනා .... වෙන මොකවත්ම නැ .... බෝල කුඩුවෙයි .... ඉස්කීරීමෙයි .... රෙදිනං තිබුනා එක එකාගේ. කොල්ලොන්ගේ වැඩේ සිකරට් ගහනවා මල් ගහනවා අරක්කු බියර් ලැබුනොත් ඒවත් බොනවා .... වේට් කරනවා , කන්නාඩිය ඉස්සරහට ගිහිං පුම්බල බලනවා ..... බලාන ඉන්දැද්දි ඇට ගැහෙනවා ගැන්සියම.


අපි තුන්දෙනා එදා කතා බහ කරකර හිටියේ උන් දෙන්නගේ නෑදෑ සහෝදරයෙක් වෙච්ච කපිලය උන්ගේ නෑදෑ සහෝදරියෙක් වෙච්ච චන්දිමාව උස්සං ගිය කතාව .... එතකොට ඕන්නං ඔය සිද්ධිය වෙලා දවස් පහක් ඇති.ඔය කපිලය ට ඇවිල්ලා අනුරයගේ වයස , චන්දිමා මටත් බාලයි , ඕකුන් දෙන්නගේ හුට පටය අපි තුන්දෙනා දැනගත්තා මුලදිම සහෝදරයෝ විදිහට අනුරයයි , දම්මිකයයි දෙන්නා තදින්ම අකමැත්ත ප්‍රකාශ කෙරුවා කපිලයට , ඒකට හේතුව තමයි ඔය ජෝඩුවගේ තිබුන නෑදෑකම. ඔය කපිලයගේ තාත්තගේ මල්ලිගෙ කෙල්ල තමයි චන්දිමා .... ඉතින් දෙයියනේ මිනිස්සු යාලුවෝ වශයෙන් අපෙන් අහනකොට අපි එපැයි උත්තර දෙන්ඩ.

ඔය චන්දිමා අපේ ඉස්කෝලෝ ... මං එතකොට ඕලෙවල් කරලා ඉවර උනත් ... එක හමාරට ඉස්කෝලේ ගාවට යනවා ... ඇයි දෙයියනේ මොනතරං රාජකාරි තියනවද එතකොට ඉස්කෝල ගේට්ටුව ගාව. සමහර දවසට ඕකි මාත් එක්ක එනවා ඉස්කෝලෝ ඉදං එහෙම දවසක මාත් ඔය ගැන ඒකි එක්ක කතා කරල තියනවා .... මොන කිසිම අංගපුලාවක් නැ ඒකිගෙත් ... කියන දෙයක් කනකට ගත්තෙම නැ ..... අන්තිමට කියුවේ ඉන්නවකො මම කියන්නං කපිල අයියට කියලා ..... මට ඉතින් අසුහාරදාහට මල පැන්නා හොදක් කරන්ඩ ගිහිං තව කුණු කතා අහන්ඩ..... කපිලට කියල තොපේ අම්මට අහවල් එක කරගනිං කියල .... ගෙදර ආවා ..... කපිලය නෙමෙයි ඔව්වා මගෙන් අහන්ඩ ආවේ.

කොටින්ම ගෙවල් දෙකේම මහ එවුන් කැමති නැ .... හත්මුතු පරම්පරාවම කැමති නැ .... කොටින්ම නහර කාරයෝ වෙච්ච අනුරලාගේ ... දම්මිකලගේ  තාත්තල දෙන්නට අහුවෙන්ඩ යන්නේ නැ කපිලයයි .. චන්දිමයි.

උන් නැදැයෝ කියමුකෝ ...ගමේ උන්ට ඊට වැඩිය පුකේ අමාරුව, වැඩිය වදේ විදින්නේ මමයි ධම්මිකයයි අනුරයයි, අපෙන් තමයි අහන්නේ .... අයියල නංගිලා  නාඩගං නටනවා ... උඹලා සහෝදරයෝ  යාළුවෝ වෙලා උල්පන්දං දෙනවා කියල. ඔහොම ටික ටික ගෙවල් දෙකේ එවුන් ජම්මන්තර වෛයිරයි .... සතියට දවසක් දෙකක් වලි , මුන් දෙන්නට ගානක් නැ. කොහොමහරි වැඩේ ඇදගන යනවා. ඔහොම ගිහින් ගිහින් තමයි රස්සාවකුත් හරියට නැතුව කෙල්ලට ඔලෙවල් ඉවර උන ගමං කපිලය කෙල්ල ඇරං පැනලා ගියේ ... අනුරය දන්නෙත් නැ , දම්මිකය දන්නෙත් නැ ... මම දන්නෙත් නැ .... යාළුවෝ කාටවත් යන එන තැනක් කියලත් නැ , මුං  ගාව සල්ලිත් නැ කියල අපි දන්නවා ... අපිට හෙන අප්සට් ......එකට හිටපු එකානේ .... මොනව උනත් කෙල්ලත් එහෙමයි ... හොර කුකුලෙක් .... ඉත්තැවෙක් ලිපේ තියාගන්ඩ බැදපු තුනපහ ටිකක් ඉල්ලන්ඩ ගියත් ......හප්පෝ තමුසෙලගේ මලවදේ අයියේ කියල .... සුදුළුණු බිකක් දෙකකුත් දෙන එකී..... ගෙට ගොඩ උනොත් ප්ලේන්ටියක් වරද්දන්නේ නැ .... හැබැයි නයිස් බිස්කට් පැකට් එකක්නං ... කොහොමහරි කඩාගන්නවා.

ඔය කතාව තමයි දැං අපි කතා කර කර ඉන්නේ .... ජනේලය ගාව හිටිය මං පේනවා නිමල් අංකල් එනවා ... නිමල් කියන්නේ අනුරගෙයි , දම්මිකයගෙයි දෙන්නගෙම මාම...

‘‘ ඒ  මචං නිමල් ලොක්කා එනවා ගහපං මෙට්ටේ අස්සේ ‘‘

‘‘ අපේ නිමල් මාමද  .... හරි මංජුවෝ  පොර අවුලක් නැ ‘‘

‘‘ ....අම්මට හුඩු සතර පතර ....මයේ බෑනල දෙන්නම ඉන්නවා ‘‘

‘‘ නිමල් මාමේ  කොහොමද ‘‘

නිමල් ලොක්කා හොදට ගහලා  ... පොර බිව්වට වැනෙන්නේ නැ .... බහුබූත විකාර කියවන්නෙත් නැ ..... බීලද නැද්ද හොයන්ඩත් බෑ .... බොන එකේ සීමාවකුත් නැ .... හැබැයි පොර බීලා කියල අපි දැන ගන්නේ පොඩි සීන් එකකින් ..... මෑන් .... බීලා ඉන්න වෙලාවට .... අම්මට උඩු සතර පතර  .... කියල කියනවා .....  කොටින්ම දැං මාස කිහිපයකට උඩදි .... මං මාස ගානකට පස්සේ  අපේ හෝම් ටවුන් බැස්ස වෙලාවක ... හැනපියර් බාගයක් ඇරං බයික් එක පැත්තට හැරෙන කොට ... මෑන් මගේ ඇගේ  හැප්පුනා  ... දැං ගොඩක්  වයසයි ... කටේ දතුත් හැලිලා .... මං .... අනේ   සොරි අංකල්  කියුවා  .... මට පොරව අදුරගන්ඩ බෑ   .... මෑන් මාව අදුරගත්ත  කියහංකෝ   ..... ඉස්සර හෙන කැහුටු   .... නොදන්න කෙනෙක්ට හොයන්ඩ බැරි විදිහට මුහුනුවර වෙනස් වෙච්ච ..... නෑදෑයන්ට අදුරගන්ඩ බැරි ... මාව ... මේකා   එකපාරට අදුරගත්තා කියහල්ලකෝ.

‘‘ අම්මට හුඩු සතර පතර .... මංජු කොලුවා  නේද මේ ‘‘


ඔන්න ඔහොමයි පොරගේ හැටි

ඔන්න ඉතින් දම්මිකයා කොහොමද   අහලා   .... ගානක් නැතුව මල ඔතනවා

‘‘ආ උඹලා හදට යන්ඩද හදන්නේ ‘‘

‘‘ඔව් මාමේ  අපි වෙන මොනවා කරන්ඩද ‘‘

‘‘ හා හා ඒක හොදයි   .... මොනවහරි   කරමුකෝ  එහෙනං ‘‘

‘‘ මාම  කොහෙද ගියේ ‘‘

‘‘ මං මේ සිකරට් ගන්ඩ කඩේ ගිහින්  එන ගමං බං .... ලාම්පු  එලිය දැක්කා   ... උඹල කතා කරනවත් ඇහුනට ගොඩ උනේ ‘‘

‘‘ කොහෙද අනේ   හිටියේ  පහුගිය ටිකේ  දැක්කෙත්  නැනේ ‘‘

‘‘ නෑ නෑ ඒක නෙමෙයි  ... දැං මං එනකොට උඹලා කතා කරකර ඉදලා නැවැත්තුවේ  මොකක්ද ‘‘

‘‘ මේ  කපිලයගේ   කේස් එක අනේ   .... අනාතයි ගූ හතයි ‘‘

‘‘ ඇයි දැං උඹල එහෙම  කියන්නේ ‘‘

‘‘ ලැජ්ජයිනේ නිමල් මාමේ  අපි කොහොමද රෙද්දක් ඇදං පාරේ  යන්නේ  ... මූ  නංගිලව  උස්සං ගියහම ‘‘

‘‘ හරි දැං  උඹ කවුද  ඒකිගෙයි .... ඒකගෙයි ‘‘

‘‘ මං .... ඉතින්   .... ඉතින්  ... මං ... කපිලගේ  යාලුවනේ .. .... ..අනික අපේ  ඉස්කෝලේ නංගි කෙනෙක්  .... ඒකිත්  යාලුවෙක් තමා...‘‘

‘‘ හරි එතකොට  දම්මිකයි ... අනුරයි කවුද  ......‘‘

‘‘ මුන් දෙන්නා  අරුන් දෙන්නගෙ  අයිය‍ෙනේ ‘‘

‘‘ ඉතින් උන්ට  නැති  අමාරුවක්  මොකෝ  උඹට ‘‘

‘‘ උන්ටත්  එහෙමයි .... නේද  ...අ ... නේද මචං ......... අනික නිමල්  අංකල්  ලේ නෑයෝ  බදින්ඩ හොදත් නැ.... ලූ ....  අංගවිකල ළමයි හිටං හම්බෙනවලු   ‘‘

‘‘ මේකනේ   ලොකු  මාමේ  සීන් එක පට්ට අවුල් නේ   ....  ගමම කැලබිලා ‘‘

‘‘ මොනවටද දම්මික කැලබෙන්නේ ... අනුර පුතේ  ... යාලුවටවත්   කියල දුන්නේ  නැද්ද ‘‘

‘‘ මොකක්ද ලොකු මාමේ ‘‘

‘‘ මං හිතුවා  මහ උන්ට විතරයි ලෙඩේ  තියෙන්නේ  කියල ........ තොපිත්  මැරිල ඉපදිලාද ‘‘

‘‘ ඇයි මාමේ  එහෙම කියන්නේ ‘‘

‘‘ තොපි ඔක්කොම බබ්බු ‘‘

‘‘ කියන දෙයක් කියන්ඩ අනේ  ....වාත කරන්නේ  නැතුව .... ආ පත්තු කරනවද  ‘‘

‘‘ එපා   උඹල ඔලුව කාල මට නැට්ට හරිය දීහල්ලා ..... හරි හරි  .... දැං මට මෙව්වට උත්තර දීහල්ලකෝ ‘‘

‘‘ දැං ලොකු අයිය කවුද ‘‘

‘‘ ලොකු අයියා කියුවේ  නිමල් අංකල් ‘‘

‘‘ යකෝ මේ අනුරයගේ  තාත්ත .... ඒ දවස්වල මුන්  හතර දෙනාවම හදලා ‘‘

‘‘ ඉතින් ‘‘

‘‘ පොඩි අයියා මුන් හතර දෙනා හදලා .... කේල්ලෙක්  ඕන කියලා .... සදුනිත්  බඩේ ‘‘

‘‘ ඉතින්  ‘‘

‘‘ අර අපේ  බැල්ලිගෙ  පුතාල දෙන්නත්  හම්බෙලා  ... පොඩි එකත්  ඉස්කෝලේ   යනවා ‘‘

‘‘ ඉතින් ‘‘

‘‘ ඔය අරුණයයි ... සංජීවයි  දෙන්නාවත් දාල උන්ගේ  අම්මා  ගල්කොරියෙ  ඩයිබර් කෙනෙක් එක්ක පැනල ගියානේ , එදා ඉදන් තමයි අපේ අම්මා ඔය  කොල්ලො දෙන්නව හදාගත්තේ ,  චන්දරය ලෙහල ඇරපු ගොනා වගේ වටේ කොට කොට හිටියා ‘‘

‘‘ ඉතින් ‘‘

‘‘ ඉතින් කියන්නේ  දවසක්  .....  කයිබාන් එකක් නැතුව .... අපෝ වෙලා ඉන්නවා  පොඩි අයියයි  , ලොකු අයියයි  , මායි ..... අරක්කු ටිකක් බොන්ඩ විදිහකුත් නැ , ෂුවර්  අස්සයෝ  දෙන්නෙකුත්   ඉන්නවා ‘‘

‘‘ ඉතින් ‘‘

‘‘ ඉතින්  මම කියුවා  තුන් දෙනා එක්ක  ගිහිං ඔපරේසන්  කරගන පන්සීයත් අරං එමු කියල ‘‘

‘‘ ඉතින් ‘‘

‘‘ ඔන්න එතකොට ... අරුන් දෙන්නත් ආවා ‘‘

‘‘ කවුද ‘‘

‘‘ යකෝ  චන්දිමාගේ  මහ එකයි ... කපිලයගෙ  මහ එකයි ‘‘

‘‘ හෑ ඈ ... චන්දරේ  අංකලුයි ... සුමනෙ අංකලුයි ‘‘

‘‘ ඔව් බං ‘‘

‘‘ පස්සේ  අපි චිට් එකකුත් දාල  හම්බෙච්ච දෙදාස් පන්සීයෙම බීලා ගෙදර ආවා ‘‘

‘‘ ඉතින් ‘‘

‘‘ ඉතින් කියන්නේ ....  ඊටත් අවුරුද්දකට දෙකකට පස්සේ තමයි  ඔය කාන්ති  රට ඉදන් ආවේ , දැං වගේ නෙමෙයි ඒ කාලේ ටිං ටිං ගානව ‘‘

‘‘ ආ චන්දිමාගේ  අම්මා .... එතකොට එයා කලින්  බැදලද ‘‘

‘‘ බැදලද  .... යකෝ  දෙපාරක්  ලෙහලා තුන්වෙනි පාරට චන්දරේ  බැන්දේ ‘‘

‘‘ඉතින් ‘‘

‘‘ ඉතින් කොහොමද බූරුවෝ  .... අපි හතර දෙනා එක්ක  නහර කපලා පන්සීය ගත්ත එකා  අවුරුදු දෙකකට පස්සේ  දෙවනි ගෑණිට ළමයෙක් හැදුවේ ‘‘


2018-03-01

ටැබ් දුන්නොත් මක් වෙයිද


ඕක දැන් කෙරෙන්නේ නැ කියුවට අකිල කියල තියනවනේ කොහොමහරි කරනවා කියල , ටීචර්ල නං කියනවා මුං හොරාට ෆෝන් ඇරං ඇවිල්ලත් බ්ලූ බලනවා ... ටැබ් දුන්නොත් අම්මට සිරි වෙයි කියල .... දැං එහෙම නැතෙයි කියල මුං බ්ලූ නොබල ඉන්නවද. ඔය අපේ කාලේ ටීචර්ලා ප්‍රජනනය පාඩම කොරන එක මග ඇරලා , එක පාර කොල දෙකක් පෙරලලා අනිත් පාඩමට ගියා .... අපි වල් පත්තර බැලුවා .... යාළුවන්ගේ ගෙවල් වල ගිහින් වී එච් එස් බැලුවා .... ගැරිජ් වල ඉන්න උන්ගෙනුයි ... මේසන් බාස්ලගෙනුයි .... නෑදැ අයියල ගෙන් ටීචර්  පෙරලපු කොල දෙක ඉගන ගත්තා. ( ප්‍රයෝගික ක්‍රීයාකාරකං අක්කල කියල දුන්නා . නංගිල එක්ක වැඩිදුර අද්‍යයන කටයුතු සිද්ධකලා ) දැං ආන්ඩුවෙං  ටැබ් නොදුන්නා  කියල මුං බ්ලූ නොබල ඉදි නේ  .... පව් ඉතින්.


ඇයි යකෝ  අම්මලා නිදහසේ  අම්මලගේ වැඩ කරගන්ඩත් , තාත්තල තමන්ගේ  වැඩ කරගන්ඩත් ... ළමයින්ට දෙන්නේ  මහ උන් දෙන්නගේ ෆෝන් එක ,

ඒ දෙන ගමං  කියලමයි දෙන්නෙ

මේකත් කාල  ඉවර කරයි දැං  ... බේරෙන්ඩ බෑ අනේ කියල... ෆෝන් එකමයි ඉල්ලන්නේ කියල

ඒ මදිවට ඉස්කෝලේ යන ලොකු එකීල එකාල ඉස්කෝලේ යන්නේ කඩවසං දුරකතන අරං මයි

ඔව්වා නිකං ගොං පාට් ඒක නෙමෙයි තියන කතන්දර ටික

1) දෙන ටැබ් එක මොකක්ද , හොද එකක්ද දෙකයි පනහේ බාල එකක්ද.

2) ටෙන්ඩරය දෙන්නේ කාටද , අඩුම මුදලට හොදම එකක් දෙන කෙනාටද.

3) උඩ ඉන්න දේසපාලුවන්ට , නිලදරුවන්ට අතරමැදියන්ට කොමිස් කට්ටය තියන කෙනාටද.

4) ඒ කොහොම දුන්නත් මුදල් සපයාගන්නේ කොහොමද , ණයක්ද , ආධාරයක්ද , ණය ආධාරයක්ද , ණය ගෙවන්නෙ කොහොමද.

5) ටැබ් සපයන ආයතනයෙන් වගකීමක් සපයනවද.

6) උපකරණයේ  දෝෂයක් නිසා ක්‍රීයා විරහිතවීමක් සිදු උනහොත් ඒ අවස්ථාවේදිම අදාල ආයතනය විසින් පාසල වෙත ලබාදී ඇති අමතර ටැබ් එකක් ලබා දෙනවාද.

7) දරුවාගේ අතින් සිදුවන වරදක්නිසා උපකරණයට හානි වීමකදි , හෝ අදාල උපකරන සොරාගැනීමකදි...සහනයක්  ලබා දෙනවාද ..... එසේ නොමැතිනම්   සිසුවා විසින් සම්පූර්ණ මුදල ගෙවා වෙනත් උපාංගයක්  සපයාගත යුතුද.

8) අංක 6 හෝ 7 ක්‍රීයාවලියන්ගෙන්  එකක් සම්පූර්න වනතුරු ( පාසැලේ සියළු ඉගැන්වීම් ටැබ් එක සමග කරනවා යැයි උපකල්පනය කරමින් ) දරුවා අධ්‍යපන කටයුතු සිදු කරන්නේ කෙසේද.

9) දැනට ඉගැන්වීම් කරන විෂය නිර්දේශය හෝ අළුතින් නිර්මාණය කරන විද්‍යත් විෂය නිර්දේශයක් ටැබ් ආධාරයෙන් ඉගැන්වීමට ක්‍රමවේදයක්  දැනට නිර්මාණය කර හෝ සැලසුම් කොට තිබනවාද.

10) එසේ නිර්මාණය කොට  හෝ සැලසුම් කොට තිබෙන ක්‍රමවේදය ප්‍රයෝගික ක්‍රීයාත්මක කිරීමට මුදල් ප්‍රතිපාදන තිබනවාද , නැත්නම් සපයාගන්නෙ කෙසේද.

11) අදාල නැවුම් අධ්‍යපනික ක්‍රමවේදය ප්‍රයෝගික ක්‍රීයාත්මක කිරීම , අවශ්‍ය අනධ්‍යයන කාර්ය්‍ය මංඩලයන් සපයාගන්නේ කෙසේද.

12) නව ක්‍රමය සදහා ගුරුවරුන් පුහුණු කරන්නේ  කෙසේද , සාම්ප්‍රදායික සහ ගතානුගතික හණමිටි ගුරුවරුන් මේ ක්‍රමයට කෙසේ අණුගත වෙයිද ... එසේ නොවන අවස්ථාවන්ගේදි  ගන්නා පියවර කුමක්ද.

13) අවශ්‍ය අන්තර්ජාල පහසුකම් සපයාගන්නේ කෙසේද , පන්ති කාමරය තුල සිටින සියලු දරුවන් අන්තර්ජාලයට සම්බන්දකිරීම සහ අවස්තානුකුලව ඇතිවන ගැටලුවලට මුහුන දෙන්නේ කෙසේද , මුදල් සපයාගන්නෙ කෙසේද

14) වාර පරික්ෂන සහ කඩඉම් විභාග වලදි , විභාග වංචා සිදු නොවීමට සකස්කල ක්‍රමවේදයන් මොනවාද , ඒවා ක්‍රීයාත්මක කිරීමට මිනිස් සම්පත් සහ තාක්ෂණක ක්‍රමවේද ... සපයාගන්නේ කෙසේද ... වරදක් සිදු නොවන බවට සහතික වන්නේ කෙසේද

ඔය දේවල් මොනවා හරි  කරලා ගොඩදාගත්තත් ......තමන්ගේ වැඩේ ගොඩදායිද අපේ .... දැං ඉතින් මොකවත් හරියන්නේ නැ අප්පා  .... නර්සිං යන්ඩත් බැ.... ටීචිංවත් යනවා කියල ... රස්සාවට ආපු ඉස්කෝල මහත්තුරු නෝනලා...


ප.ලි. //


සමන් බන්ඩාර හේරත්

ලක්ෂ්මන් තිලකරත්න

වත්සලා විජේරත්න

තිලිනි ෂැල්වින්

නිනි සෙනෙවිරත්න

සංජීව විතානගේ

සුරංග බණ්ඩාර

මනෝෂ් සදරුවන් 

වත්සලා උපමාලි

ශානිකා හේවගේ

වාගේ පුකේ කඩිය ඉන්න උන්නං වැඩේ යසට කරයි , අනිත් ඈලි මෑලි දුබල ගුරු චරිත නං අදෝමයි කියල දැම්මම කියත හැකි , අකිල නෙමෙයි සක්කරය නෙමෙයි ..... මොකා ඇවිත් මොන ප‍්‍රතිසංස්කරණය ගෙනාවත් ... ඔය අපේ .. ගුරු වලිගෙනං ඇද අරින්ඩ හම්බෙන්නේ නැ මේ කපේ.