2019-03-18

සන්නා මුන්නා

ඔන්න ඉතින් පෝං එක අඩනවා  , ඇයි යකෝ  මෙච්චරවෙලා ඉදලා බයික්කෙට නැග්ගා විතරයි  ... හැම වෙලේම ඔහොම්මයි රෙද්ද ... පාරෙදිමයි කෑගහන්නේ .... යන ගමන්ම එලියට ඇදලා බැලුවා ... ගෙදරින්... ගෙදර යන එකනේ තව අඩි කීයද  ... ආයෙත් එබුවා සාක්කුවට , බයික්කේ  මිදුලේ නවත්තලා .. ගෙට ගොඩවෙනකොට කවදාවත් නැතුව... පිලිගන්ඩ ගෑණු , දරුවෝ නෑ .... ජාබයි , ජුල්බුලියයි , සනී අංකලුයි නං පුල් රෙස්පට්එක දෙනවා .... අංකල් සනී අනිත් දෙන්නට මගේ ඇගට නගින්ඩ එපා කියල ගර් එකකුත්  දානවා ... ඒ වලියත් ෂේප් කරලා ... තුන් දෙනාවම සිප සනසලා බලනකොට...  අනාධිපතිතුමිය ... වැඩ ඉන්නවා පුටුවක් උඩ .. අම්මද බොල .. කකුල් දෙකත් පුටුව උඩ .... කෙල්ලෝ  දෙන්නත්  එනවා  මුකබානෝ  දෙන්නෙක් වාගේ ... ගේ අස්සේ ඉදලා.

‘‘ මොකෑ  ඔය පුටුව උඩ ලැගගන ‘‘

‘‘ ලැගගන තමයි අපිට දැන් ඉන්ඩ වෙලා තියෙන්නේ ‘‘

‘‘ ඒ මොකැ .... මොකද පුතේ  ...   කේස් එක ‘‘

‘‘ ඔය ඇගේ  නගින්නේ  ... අහගන්න එකයි ඇත්තේ ‘‘

මේකි  යකෝ .... පුටුව උඩ ඉන්න ගමන්ම සනියව පෙන්න පෙන්න ඔරවනවා , කෙල්ලො  දෙන්නත් මීක්  නැ  ... ෂුවර්  එකටම  බලු කේස්  එකක් ... කෙල්ලෝ  දෙන්නටත්  ... දෝස්මුරයක් ලැබිලද කොහෙද ... අපේ අනාදිපතිතුමිය ඉන්නවා නේ  ... නිතර තරහා යන්නේ  නැ  .. තරහ ගියහම නං  ඉතින් අම්මෝ   ... හොදි ඕන්නැ , සද්දේ  වහලා හිටියා  ටිකක්.... කොහෙද  ඒ ඉන්ඩත් නැ.

‘‘ මේ වැඩේනං කරන්ඩ බෑ ‘‘

මං ඇහුන්නැ වාගේ ... බිමින්  ඉදගන සනියට ඔලුව තියාගන්ඩ කකුල දුන්නා... ඌ මේ  දවස් කිහිපයට ඒකට පුරුදු  උනා  ... මගේ  කකුල  උඩින්  ඔලුව තියාගන ඉන්ඩ හරිම මනාපයි.



‘‘ ඔයා කියුවා  නේද මෙයා වස නැ කියල ... මූ හෙන වසයි .... ඇදුම් මහන්ඩ ආපු නංගි කෙනෙක්ව කෑවා දැන් ... බේරන්ඩ ගියහම මාවත් කන්ඩ පැන්නා .... හිනාවකුත්  නැ මූනේ  ... යටින් ඇවිත් හොරෙන්ම කයිද කවුද දන්නේ  ඒකයි මං මේ උඩට වෙලා ඉන්නේ ‘‘

‘‘ ගොඩක්  තුවාල උනාද ... ඒ ළමයව ... බෙහෙත් දාන්ඩ එක්කං යන්ඩ එපෑය ‘‘

‘‘ ඒ  එයා  හොද හින්දා හොදයි ... යනගමං බෙහෙත් දානවා කියුවා ...‘‘

‘‘ එහෙම කියලා  හරියනව යෑ අපේ  සතෙක් කෑවහම අපි බලන්ඩ එපෑය ‘‘

‘‘ ඒක තමයි කෝල්  කරේ .. කෝ  ඉස්සුවද ෆෝන් එක ‘‘

‘‘ මහපාරේ බයික් එක පදින ගමං කොහොමද ආන්සර් කරන්නේ ‘‘

‘‘ සනීව හිටපු තැනකට ගිහින් දෙන්ඩ  ආයේ  ‘‘

‘‘ ඒකනං කරන්ඩ බෑ  ... මේ  ඉන්න විදිහ බලන්ඩ  ... කොච්චර අහිංසකද .. ඌ අපිට කොච්චර ආදරේද ‘‘

‘‘ බෑ බෑ  ඒකනං කරන්ඩ බැ .. අන්තිමට මිනිස්සු මහන්ඩ එන එකකුත්  නැ ‘‘

‘‘ මේකනේ  .. මූ පාරෙත් ඉදලා ඉස්පිරිතාලේත්  ඉදලා  .. මෙහෙට ගෙනාවහම ළමයි එක්ක සෙල්ලං කරලා  නිදහසේ ඉදලා ..  සන්තෝසේ  වැඩිකමට නේ ඔය ... ඩියුටිය වැඩිපුරත් එක්ක කරලා අපෙං තව ලකුනු දාගන්ඩනේ හදන්නේ ‘‘

‘‘ මමත්  ආදරෙන් සැලකුවනේ  ... කවුද හිතුවේ මෙහෙම කරයි කියලා ‘‘

‘‘ ඉතින් ඔයා හා කියුව හන්දනේ  මම ගෙනාවේ  .... පව් අනේ අරං එන්ඩ කියුවේ ‘‘

‘‘ කියුවා තමයි .. ඔයා කියුවේ  හරි අහිංසකයි කියලනේ ... ජාබයි දෙන්නා එක්කත් මරාගන්නවා ........ ඔයා ගිය ගමං ඔයාව හොයන්ඩ පාරට යනවා ... මං පාරවල් ගානේ යන්ඩ ඕන අල්ලං එන්ඩ ... මං මොකවත් කියුවට ගන්නෙත් නැ .... ඔය  ඔය දැන් බලනවා හොරෙන් ... මොනවද බලන්නේ  .. මාවත් කන්ඩ හැදුවා නේද ... බූරුවා .... මොකවත් නොදන්න ගානට ඉන්න හැටි ‘‘

‘‘ පව් මූට හොදට තේරෙනවා ... ඔයා බයිනවනේ  ... හොදට අහගන ඉන්නේ ‘‘

‘‘ ඔයා එක්කෝ  සනීව ගිහින් දෙන්ඩ , නැත්තං කුඩුවක් හදලා ඒකට දාන්ඩ ‘‘

‘‘ මම සත්තු කුඩුකරලා  හදන්නේ  නැ කියල  දන්නවනේ ... ජාබා වගේම නිදහසේ  සනියත්  මේ ගෙදර ඉන්ඩ ඕන ‘‘

‘‘ එහෙනං  අර එලියේ  කාමරයට දාන්ඩ ‘‘

‘‘ එහෙනං  මාත්  යනවා  ජාබයි සනියයි  එක්ක එලියට ... යමං පුතේ  අපි  ... හිටහංකෝ  කම්පියුටරෙයි මගේ  ලට්ට ලොට්ට ටිකයි ඒකට ඇදගන්ඩ ‘‘

‘‘ විකාර කියවනවා ඒ පාර ... කියන දෙයක් තේරුං  ගන්නැ  ... ඉස්සරහ කාමරයට නෙමෙයි  ... ඕන දිහාක යන එකයි  ඇත්තෝ  බල්ලොත් ඇරගන  ... මට මොකද ‘‘

‘‘ කාමරයක් කුලියට ඇරං බල්ලොත් එක්ක මම යනවා  තමයි ... එතකං විතරයි  එලියේ කාමරේ ඉන්නේ  ... ඔයා මං නැතුව සතුටෙන් ඉන්ඩකෝ හොදේ ‘‘

අපේ අනාදිපති තුමිය පුටුවෙන්  බැහැලා ගස්සගන යන විදිහ දැකලා මට ඉතින් හිනා  .. මාත් ඉතින්  සනියව ඉස්සරහා කාමරයට දාලා .. දොරත් හරස්කරලා මගේ  වැඩක්  කරගන ඉන්නවා .... ඔහොම ඉතින්  රෑත්  උනා  කියමුකේ  ... මට ඇහෙනවා සද්දයක්  අනාධිපතිතුමිය කා එක්කදෝ  කතා කරනවා  එලියේ... හිමිහිට ඔලුව දාලා බැලුවා

.... ඔයාට තව බත්  ඕනද  ජාබා මල්ලි  කාලා ඉන්නේ  ආ මේ ටිකත්  කන්ඩකෝ  .... ඔයා වසයිනේ  පුතේ  ... ඒකනේ මං ගිහින් දෙන්ඩ කියුවේ  .... කාවවත්  හපන්නේ නැතුව  ඉන්ඩකෝ  ඈ ...

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>