Popular Posts
2019-07-23
බල්ලන් කටුවා කනවාට අත්දුටු බෙහෙතක්
ආදරෙන් හදන සතෙකුට හමේ ලෙඩක් හැදුනහම අපි කාටඋනත් හිතට හරි දුකයි , ඉතින් මොකද කරන්නේ උස්සං දුහනවා වෙට් ලගට , දෙනවා ඉන්ජෙක්ෂන් , පලවෙනි එක ගහපු ගමං යාලුවා කසන එක නවත්තනවා , දෙවනි එක ගහපු ගමං වැඩේ ගොඩ.
නමුත් සමහරක් ඩයල් වලට ඔන්න ආයෙත් හැදෙනවා , ඉතින් වෙට්ගේ හත්මුතුපරම්පරාව ඉවරයි , ඒ අහිංසකයා මක්කොරන්ඩද.
අපේ ගොංසන්ලා පාජාවේ ගිහින් පාරේ ඉන්න ඩයල් වලින් ලෙඩේ ආපිට ගේනවා
එක්කෝ මව් සත්තුගෙන් ජානගත රෝගයක් විදිහට ලෙඩේ ඇවිල්ලා.
එහෙම නැත්තං අපි සමබල අහාරවේලක් දුන්නා උනත් බව්සන්ලාගේ තෝරතෝරා කෑමේ පුරුද්ද නිසා සමහර පෝෂන සංඝටක නොලැබීම නිසා රෝගය නැවත මතුවෙනවා.
ඔන්න ඔය මොන කාරනාව නිසා හරි ලෙඩවෙන බව් හමට නොවරදින බෙහෙතක් තමයි මේක , ඉන්ජෙක්ෂන් එක නොදී මේ බෙහෙතෙන් උනත් ලෙඩේ සුව වෙනවා , නැවත මතු උනුනොත් නැවත මේ බෙහෙතම කරන්න.
නමුත් සතාව වෙට් කෙනෙක් ලගට ගෙනිහින් ඉන්ජෙක්ෂන් එක දෙන්න ඊට පස්සේ මේ බෙහෙත කරන්න , ඒ කියන්නේ දෙවනි ඉන්ජෙක්ෂන් එකත් දුන්නට පස්සේ මේක කරන්න , ඒ මගින් නැවත රෝගය නොඑන්නම සුවකරගන්න පුලවන්.
හොදින් ඉදුන තලනබටු ගෙඩි තුනයි
ගෙන්දගම් කුඩු ගෑම් දෙසීයයි
පිරිසිදු කොහොබතෙල් බෝතල් බාගයයි
කොහොඹතෙල් වලට ගෙන්දගම් හොදින් කලවම්කරලා , තලාගත්ත ඉදුනු එළබටු ගෙඩි තුනේ ඉස්මත් හොදින් කලවංම් කරන්න
සතාව හොදින් නාවලා හමේ තෙත නැති උනාට පස්සේ අර හදාගත්ත බෙහෙත ලාවට රත්කරලා අරගන මවිල් වැවෙන අතට විරුද්ධ පැත්ත හොදින් හමේ තැවරෙන විදිහට ගාන්න , මුලු ශරීරයේම ඒ විදිහට ගාන්න ඕන
දැන් සතාව කූඩුවට දාලා තියන්න , නැත්තං මෑන් ඕය බෙහෙත එව්වායේ මෙව්වායේ උලනවා
දවස් පහක් නාවන්න එපා , හයවෙනි දවසේ නාවන්න , එදා දවස නිදහසේ ඉන්න දීලා හත්වෙනි දවසේ නැවත පෙර පරිදිම කරන්න
ඒ විදිහට හතර පාරක් කරන්න , ඒ කියන්නේ මාසයක්
ආයේ ලෙඩේ මතුවෙන්නේ නැ , හදිස්සියේ හරි ඉදුන තලනබටු ( එළබටු ) හොයාගන්න බැරි උනාට ගැටලුවක් නැ , ගෙන්දගම් සහ කොහොබ තෙල් විතරක් උනත් පාවිච්චි කරන්න.
රෝගයක් නැති සතෙකුට උනත් නෑවීමෙන් පස්සේ හම වේලෙනකං ඉදලා ශරීරය පුරාම කොහොඹ තෙල් ගැල්වීමෙන් කෙස් හොදින් වැඩීමත් , ලස්සන දිලිසෙන පෙනුමක් ලැබීමත් , මැක්කන් කිණිතුල්ලන් කෑම අවම වීමත් සමග හමේ රෝග වැලදීමේ අවධානම අඩුකරගන්නත් පුලුවන්.
2019-07-05
ඌරු මස් රසට ඌරු මස් කෑමට හැකි අටං රෙසපිය ( එක් අයෙකුට තනියම බයිට් එකට ගැනීමට සහ බත් වේලක් කෑමට )
ඌරු මස් රසට ඌරු මස් කෑමට හැකි අටං රෙසපිය ( එක් අයෙකුට තනියම බයිට් එකට ගැනීමට සහ බත් වේලක් කෑමට )
තෙල් සහ මස් සමානව ඇති 500g පටියක හැඩයේ කුට්ටියක් ගෙන කුඩා ගොරකා බික් දෙකක් සහ ලුණු පුරවලා තේ හැදි 1 ක් සහ කහ තේ හැදි කාලක් සමග පියන සහිත උස් බාජනයකට වතුර කෝප්පයක් යොදා පියන වසා විනාඩි 10 ක් තම්බාගන්න , දැන් බාජනය විවර කර මස් කැබැල්ල අනිත් පසට පෙරලා තවත් විනාඩි 10 තම්බාගන බාජනයෙන් ඉවතට ගෙන නිවෙන්නට තබන්න.
නිවුනාට පසු පිටත හම තෙල් කැබැල්ලේ ඉහල කෙලවරෙන් කපා ඉවත්කොට තෙල් සහ මස් දෙකම එකකෑල්ලට සෙට් වෙන විදිහට සිහින් දිගු කැබලි කපාගන්න පසෙකින් තබාගන්න.
තරමක ලොකු ළූණු ගෙඩි 2 රවුම් කපාගන්න , අමු මිරිස් කරල් 6 ක් දිගට පලාගන්න .... ඒ දෙකම එකට දමාගන ගම්බිරිස් පුරවලා තේ හැන්දක් සහ ලුණු තේ හැදි බාගයක් දමා හොදින් අතගාලා පැත්තකින් තියාගන්න .
සුදු ළූණු බික් හතරයි
අබ තේහැදි කාලයි
නියපොත්තක් තරමේ ඉගුරු කැබැල්ලයි
එනසාල් දෙකයි
කරාබු නැටි දෙකයි
කුඩා කුරුදු පොතු කැබැල්ලයි
හොදින් තලාගන පසෙකින් තබාගන්න
දැන් බාජනයක් ලිප තබා පොල් තෙල් මේස හැදි තුනක් දමාගන්න ... එයට රම්පේ කැබැල්ලක් සහ කරපිංචා සමග කලින් තලාගන සූදානං කරගත්ත
සුදු ළූණු බික් හතරයි
අබ තේහැදි කාලයි
නියපොත්තක් තරමේ ඉගුරු කැබැල්ලයි
එනසාල් දෙකයි
කරාබු නැටි දෙකයි
කුඩා කුරුදු පොතු කැබැල්ලයි
සියල්ල දමාගන නහයට ලාවට බැදෙන සුවද එනකොට කලින් සූදානම් කරගත්ත , ලොකු ළූණු , අමු මිරිස් , ගම්බිරිස් , ලුණු සියල්ලම එකතුකර හොදින් පෙරලන්න ... ලොකු ළූණු බැදෙන සුවද නහයට දැනෙන විට ... මස් ටිකත් එකතු කර ... හොදින් පෙරලමින් කලවම් කොට ... පියනකින් වසා ... ගින්දර අඩු කොට ... විනාඩි තුනක් ලිපේ තබන්න.
දැන් ලුණු සහ සැර මදිද කියලා බලන්න ... තමන්ට මදියි කියලා හිතෙනවානං පමණක් ..ගම්බිරිස් සහ ලුණු තමන්ට උවමනා ප්‍රමාණයට එකතු කර හොදින් පෙරලමින් ... විනාඩි දෙකක් පමන තවදුරටත් බැදගන්න.
කරලා බලලා හොදද කියලා කියන්න බලන්න.

අදත් හැදුවා , ටිකක් කලු පාට කරියක් .......... මේ රෙසපිය ඉක්මනටම හදලා හරි පින්තුරය දාන්නං , නිතර හැදුවට ..... පින්තුර ගන්නේ නෑ අප්පා ........... හදාගත්තා කෑවා.......... දුහන පුහුල් කියන්නේ පින්තුරක් ගන්ඩවත් ඉවසිල්ලක් නැති කෑමක්.
2019-07-01
ජාබා නොහොත් මගේ චූටි පුතාගේ දුක්බර ආදර අන්දරය
මේකා ඇවිල්ලා කිරෙන් බාලවෙච්ච මං වාගේම හාන්චිපයිස් ඩයල් එකක් , පිස්සු යකෙක් , ගෝත කරුමයක් ... කොටින්ම වැක්සීන් දුන්නහම අඩුම දවස් පහක්වත් බෙහෙත් විද්ද තැන පෙන්න පෙන්න සියලු සැප විදින්ඩයි බලන්නේ , බෙහෙත් ගේන්ඩ ඇරන් යනවා කියලා දැනගත්තහම අල්ලනවා බොරු ....... අල්ලගත්තහම උස්සලම පටවන්ඩ ඕන , වැක්සීන් කාඩ් එක එලියට ගත්තත් මූ වැනිෂ් වෙනවා , එක දවසක් උස්සගන ඇවිත් ත්‍රීවිල් එකට නගින කොටම ඇගේ චූ කරා ......... ගහන්ඩද බයින්ඩද ..... ත්‍රීවිල් මල්ලිට ඉන්ඩ කියලා දෙන්නම නාලා ආයෙත් පටවන් ගියා.
ගෙදර වහලෙට ලේනෙක් මීයෙක් ආවොත් බිත්තියට කටුස්සෙක් හූනෙක් ආවොත් . වත්තට හරකෙක් ...... පිට බල්ලෙක් ආවොත් වෙන බල්ලෝ ගේම ඉල්ලුවට ......... මූ එන්නේ බුර බුරා අපි ගාවට ... අපි තමයි මූට අදාල සතාව එළවලා දෙන්ඩ ඕන ........... අපේ දෝනිලා ..... ලගට දුහගන ඇවිත් බිත්තිය හරි වහලේ හරි පෙන්න පෙන්න බුරනකොට ....... ළමයි දෙන්නා .එහෙම උඩ ඉන්න උන්ට උඩිහප්පෝ කියලා නම දැම්මා ............. බුවා ඒ වචනය ඉක්මනට අල්ල ගත්තා ........... පස්සේ ජාබා වාත වෙනකොට ළමයි කරන්නේ ....... අන්න උඩිහප්පෙක් ඉන්නවා කියන එක ......... එහෙම කරලා උඩ පෙන්නුවහ ........ මූ ගේ ඇතුලෙයි ........ ගේ වටෙයි උඩ බල බලා ..... වහලෙට බුර බුර යනවා.......... පස්සේ මූ බොරුවටත් ඌට අවදානය ගන්න ඕන උනහම .......... අපිට උඩිහප්පෝ පෙන්වනවා .......... ඇති උඩි හප්පෙක් නෑ.
දැන් මූ හෙන නැඩයා ........ තාත්ත පාරේ හිටිය පොරක් අම්මා පොමනේරියන් ......... අම්මගෙන් ඇවිත් තියෙන්නේ ඇගේ සයිස් එක ......... තාත්තගේ පාට ............ දෙවියන් වහන්සෙගේ අප්සට් නිර්මාණයක් ......... කෑලි ටොක් කරනවා .... එක කෑල්ලක් වත් හරියට ටෝක් වෙන්නේ නෑ ..... පාරේ ෆයිට් කරලා පොර වෙලා කෑලී ලයින් කරගන්ඩත් බෑ ........ දවසක් බුවා නෑ අපි හතර දෙනාම හතී රටේ ඇවිද්දා ... මේකව හොයන්ඩ .......... පස්සේ පාන්දර දෙකට විතර මෙහෙයුම අවලංගුකලා ..... පහුවදා දවල් එකොලහට විතර බුවා ආවේ ........ හම්මේ තිබ්බ හොර ලෙඩ ......... දෙන දේ කාගන්ඩත් බෑ ...... හැබැයි ඇගපුරා තුවාල ........... ගෙදර උන් රවට්ටගන පුල් සැපක් ගත්තා සතියක් විතර.
මූ හෙන බූරුවා ... පාරේ ඉන්න කෑලී ටොක් කරලා එක්ක එනවා ......... මූ ඒකිව එක්කං එන්නේ බත් දෙන්නං කියලා ........... කෙල්ලව ගේ එහා පැත්තෙන් එක්කං ඇවිත් කුස්සියේ තියන බත් එක ඒකිට දීලා ....... අපි ලගට ඇවිත් .දගර ඩාන්ස් , කොක් ඩාන්ස් දානවා අපේ අවධානය කුස්සිය පැත්තට නොයන්ඩ ........ ඔඩෙක්කෙට පයිනවා .උම්මා දෙනවා .එක විකාරයයි .......... අරකි හොදට බත් එක කාල .. මූට පුක පෙන්නලා මාරු වෙලා යනවා ........... මේකා ඊලගට ඉතින් ඉන්නවා ... ඉස්සරහ අත්දෙක උඩින් ඔලුව තියාගන ......... හිමාලයා මැරිච්ච ලේස්ටර් පිගොට් වාගේ.
දවසකින් දෙකකින් මට වැඩේ මාට්ටු .... මම පාරම්බබා හිටියේ දෙන්නං තොට කියලා ......... කොහොමහරි මම අලස සුවය විදිමින් ඉන්න වෙලාවක ... ඒ මොහොත උදාඋනා ......... මට හරි චූන් ඉතින් ....... ප්‍රර්ථනාකරපු කාළකන්නි සතුට විදින්ඩ පුලුවන්නේ තව මොහොතකින්.
ඩයල් එක ටෝක දාලා ලයින් කරගන කෑල්ල එහා පැත්තට කුස්සියට දක්කනවා මගේ ගූ ඇහැට මාට්ටු .... මම සීං ගාලා දුහලා ගිහින් ....... අයිස්පෙට්ටිය ගාව බිමින් ඉදගන හැංගුනා ......... මේකා කෑම එක ගාවට ආවා ...... මූ පන්නං ආපු ....... ඇන්ටී ...... දොරගාව ........ ඒ පැත්ත බලලා ....... ලව් ඇක්ෂන් එකක් දැම්මා ......... අර ඇන්ටි ...... ( හෙන වයසයි පන්සලේ ඉන්නේ ) බත් එක ලගට ආවා ..... චූටි පුතා කූක් කූක් එකක් දාලා .නෑට්ට වනලා ......... පස්ස නටවලා ........ නට්ට උස්සලා .බෙල්ල කෙලින් කරලා ........... චූචූ පැත්තට හොම්බ දික්කරා ........... අරකි පඩේකට ගණන් ගන්නේ නැතුව බත් කෑවා.
අන්න එතකොට තමයි බුවාට අපිව මතක් උනේ ...... දැන් අපිව බැලන්ස් කරන්ඩත් ඕනනේ ........ ඉස්සරහට එන්ඩ ඕනනේ ........ මම ඉන්න තැන පාස් කරන්ඩ එන කොටම මම ඉන්න තැනින් හිට ගත්තා .............
මොකෝ චූටි පුතා
මූ නැට්ට එක්ක ඇගත් වනලා ... දගර ඩාන්ස් එකක් දාලා .......... චූට්ටකින් ......... වටේ කැරකි කැරකි වහලේ දිහා බල බලා බිත්තියට කකුලුත් තිය තිය ... වහලෙට බුර බුරා
මට උඩිහප්පෝ පෙන්නුවා කියන්ඩකෝ
මූ වාගේම දෝදූ කෑල්ලක් ගෙදර ඉන්න කවුරුහරි ඉන්නවානං දවස් දෙක තුනකට මූට පොඩි නිවාඩුවක් ගතකරන්ඩ චාන්ස් එකක් දෙන්ඩ.............ප්ලීස් ,මොකද ඉස්සරහට මට ගෙදර ඉන්ඩත් නැති වෙන ලයින් එකක් තියෙන්නේ මූ පන්සල් සූදුවටත් නැඔුරු වෙනවා වාගේ ... ජුල්බුලියට ෂොට් එක දෙන්ඩ ෆුල්ට්‍රයි.
Subscribe to:
Posts (Atom)










