2019-07-26

juki සහ zoje මෙෂින්වල වේගය අඩු කරන්න බැරිද

juki සහ zoje මෙෂින්වල වේගය අඩු කරන්න  බැරිද


පලමුවෙන්ම  අහන්න තියෙන්නේ  ඇයි එහෙම කරන්න උත්සාහ කරන්නේ , හයිස්ෆීඩ් මෙෂින්  එකක්  ඇරගන ඩොමැස්ටික්  මෙෂින් එකක තරමට වේගය අඩුකරගැනීමෙන්  පලක් නැ , පාවිච්චි කරන කෙනා වේගයෙන්  වැඩ කරන්න හුරුවෙන එක තමයි  කරන්න  ඕන.

ඩිරෙක් ඩ්‍රයිව් ( එනර්ජි සේවින්ග් )  මෝටරයක්  සමග එන  නව මාදිලියේ නං කිසිම ගැටලුවක්  නැ  වේගය  වෙනස් කරන්න පුලුවන් ඉතාමත් පහසුවෙන් යූසර් මෙනුවල් එකේ තියන  විදිහට   අදාල බොත්තං සීරුමාරු කිරීම මගින්.

නමුත් ක්ලච්  මෝටර්  සහිත මෙෂින් වලදි නං  එහෙම කරන්න  බෑ , කරන්න තියන  එකම ක්‍රමය මෝටර් පුලිය මාරුකරන එක ( අංක 1 පින්තූරය )

මෝටර් පුලිය කුඩා වීමෙදී වේගය අඩු වීමත්  ,  මෝටර්  පුලිය  විශාල  වීමේදි  වේගය වැඩි වීමත් සිද්ධවෙනවා






මහන  යන්ත්‍රය භාවිතා කරන්නන්ට පහසු ලේස අදාල කෙනාගේ උසට සහ රුචිකත්වයට සහ වැරදි ඉරියව් නිසා ඇතිවන අපහසුතා ඇති නොවන පරිදි සවිකරදිය යුතු උනත් .... අලෙවි කරුවන් සහ   සහ කාර්මිකයන්ගේ නොදැනුවත්කම  සහ නොසැලකිල්ල නිසා ...... පෙට්ටිය තුලින් එලියට ගන්න  අලුත් මෙෂින් එක  හෝ  නැවත විකුණන පරණ මෙෂින් එක  එහෙන් මෙහෙන් එල්ලලා හයිකරලා විකුනනවා ........ ඔන්න ඔය කාරනාව නිසා තමයි පාවිච්චි කරන අයට ..හසුරුවා ගැනිමට අපහසුවක් සහ වේගය වැඩි බවක් දැනෙන්නේ. නියමාකාරයෙන්  සවිකර සීරුමාරුකර ඇත්නම්  කිසිදු අපහසුවක් දැනෙන්නේ  නැ භාවිතාකරන අයට.

සමහර අය  කියනවා ... වේගය අඩු කරන්න පුලවන්  කියලා  ,  වේගය අඩුකලා  කියලත්  කියනවා  , බලනකොට අඩුවොල වාගේත්  දැනෙනවා ,  නමුත්  ඇත්තටම  වෙන්නේ වේගය අඩුවෙන එක නෙමෙයි ... හොදින්  සීරූමාරු  වීම නිසා මහන කෙනාට  මෙෂින් එක පහසුවෙන් හසුරවාගන්න හැකි වීම.

හරි දැන්  බලමු  ඒක කරන්නේ  කොහොමද  කියලා





අපි කලින්  ලිපියක කතා කලානේ  නියමිත උසට මෙෂින් එක එජස් කරගන්න එක සහ ගැලපෙන පුටුවක් තෝරාගන්න එකගැන , දැන්  මේ  සීරුමාරු කරන්නේ  අන්න ඒ  අවස්තාදෙකට  අදාල කරගන කියලා මුලින්ම හිතන්න.

ඉස්සෙල්ලාම අංක එක කියන ඇණය බුරුල් කරන්න , ඔය මෝටර්  එකේ තියනවා  ක්ලච් බ්රේක් එකක් ඒකෙන් වෙන්නේ  ඔයා මෙෂින් එකේ පැඩල් එක පාගලා අත ඇරියහම ඉක්මනින්  මෝටර් එක නවත්තලා දෙන එක , අන්න ඒ බ්රේක් එක  සවිවෙලා තියන  ඇණය තමයි  ඔය ... ඒ ඇණය  බුරුල් කරනවා  වට දෙකක්  විතර.

ඊලගට අංක දෙක කියන  නට් එක සහ ඇණය  බුරුල් කරනවා , දැන් මෝටර්  එක ඔන් කරලා  හිමිහිට  අංක 2 කියන ඇණය ඉස්සරහට තදකරනවා , එහෙම කරගන යනකොට  .. සර සර ගාලා සද්දයක්  එනවා ... අන්න එහෙම සද්දයක් එනකොට ඇණය ඉස්සරහට කරකවන එක නවත්තලා ... නැවත වට බාගයක් ඇණය පස්සට ඇරගන නට් එක හොදින් තදකරනවා , ඊලගට  අංක එක  ඇණයත් තදකරන්න , එහෙම කරනකොට .... මෝටරයේ  වේගය අඩුවෙනවා  හෝ  ... සර ...සර  .. වැනි හඩක්  නිකුත් වෙනවානං ...  ඉක්මනින්  අංක 1 ඇනය බුරුල්  කරලා ... අංක 2 ඇණය තවත්  වට බාගයක්  පසුපසට ගන්න ........ නැවතත් නට් එක තදකරන්න ........ නැවත අංක 1 ඇණයත් තදකරන්න.......... හඩේ  වෙනසක් හෝ  වේගයේ  අඩුවීමක්  තියනවද කියලා හොදින් නිරීක්ෂනය කරන්න , එහෙම නැත්නම් පවර් ස්විච් එක ඕෆ්  කරන්න.

මෙෂින් මෝටරය සම්පූර්ණයෙන්  ධාවනය වීම නැවතුනහම නැවත ස්විච් එක  ඔන් කරන්න , ..... හම් ....හඩක්  තප්පර පහක් පමණ පැවතීමෙන් පසු මෝටරය ධාවනය වීම ආරම්භවෙන්න  ඕන , එහෙම නැත්තං ... ඔබ විසින්  බ්රේක්  එක සහ කොක් ෂිට්  එක  මෝටරයට  ලංකරලා වැඩියි .... නැවතත් ඉහතසදහන් කල ක්‍රියාවලිය මගින් .... නිවැරදි  ආරම්බයක්  මෝටරයට ලබාගන්න.
කිහිපවරක් ඔන්  ඕෆ් කරමින්  සියල්ල නිවැරදිව  සිදුවෙනවාද කියලා නිරික්ෂණය කරන්න.

ඊලගට  ... මෝටර් ලිවර් පෙෂර් ස්ප්‍රීන්ග්  එකේ  බටර්ෆලයි නට් එක  ඉදිරියට තදකරන්න   ( අංක 3 ) , එය නියමාකාරයෙන්  සිදුවී  ඇති විට ... මෝටර් ලිවරය පහතට අදිනවිට ... පහසුවෙන්  පහතට ඇදීයාමත් සමග  මෝටරය  ධාවනය වීමත් ... අත් හරින විට පහසුවෙන් ... ලිවරය ඉහලට ගමන් කිරීමත්  .... ක්ෂණිකව මෝටරය නැවතීමත්  සිද්දවෙන්න  ඕන .




දැන් අංක 4 ඇණය මගින්  මෝටර් පැඩල් එක  මහන කෙනාට පහසු  සහ නිවැරදි ආනතියෙන්  සීරිමාරු කරන්න.
මෙෂින් එකේ පැඩල් එක මෙන්න මේ වාගේ සාමාන්‍ය ආනතියකින් තියන එක වටිනවා , පැඩල් එකේ ආනතිය වැඩි වීම සහ අඩුවීම නිසා විලුඹ ආශිතව සහ කකුලේ ඉහල කලවා ප්‍රදේශයේ වේදනාවන් ඇතිවෙනවා , පැඩල් එක පාගන කොට ගොඩක් ප්ලේ ( මෙෂින් එක දුහන්න ගොඩක් යටට පාගන්න ඕන ) තියෙන්න බෑ ,  ඒ  වාගේම පාලනයකින්  තොරව  කඩා  බිදගන යන්නත්බෑ ,  ඒක මෝටර් ක්ලච් එජර්ස්මන්ට් එකෙන් එජස් කරලා තියෙන්න ඕන.







මේ  සමගම  ෆුට් ලිප්ටර්  එකත් මහන කෙනාට පහසු විදිහට  එජස්වෙන්න  ඕන , එතකොට තමයි මහන කෙනාට නියම පහසුව  දැනෙන්නේ. බොහෝ මෙෂින්වල  මෙතැන ගැටලු සහගතතත්වයන් තියනවා.
ෆුට් ලිප්ටර්  ශාෆ්ට් එකේ  ප්ලේ  එකක්  තියනවානං  , අංක 5 ඇණය මගින් තදකරගන්න පුලුවන්

අංක 6  ඇණය මගින්  පුට් ලිප්ටර් එක අනවශ්‍ය ලෙස පාදය දෙසට යොමු වීම සහ වෙහෙසකාරි ලෙස දකුනු පසට දණහිස්ස යොමු කිරීමට සිදුවීම පාලන කරන්න පුලුවන්. ( අර පුට් එක උස්සන්ඩ  දනිස්ස බස් එකක පටවන්ඩ වෙන සීන් එක )

අංක 7 ඇණය මගින් පුට් එක අනවශ්‍ය විදිහට ඉහලට එසවීම සහ   දණහිස්සට අනවශ්‍ය වෙහෙසකාරී බව නැති කරගන්න පුලුවන්


අංක 8 සහ අංක 9 ඇණ දෙක මගින්  අවශ්‍ය ප්‍රමාණයට  ෆුට් ලිප්ටරය  පාදයට ලංකරගැනීම සහ ඈත්කරගැනීම කරගන්න පුලුවන්.

දැඩි සැලකිල්ලක් දැක්විය යුතු විශේෂ කරුණ
මෝටරය සීරූමාරු කිරීමේදි ... දැඩි සැලකිල්ලකින් සහ මනා අවබෝධයකින් සිදුකල යුතු අතර , සුලු අතපසු වීමකින් උවද ... මෝටරයට දැඩිලෙස හානී සිදුවීමට පුලුවන.

0778707807
ලක්මාල්


2019-07-24

තමාට සිදු වූ හිංසනයන් පිළිබඳව පොඩි හාමුදුරු නමක් කළ මහපොලව නුහුලන හෙළිදරව්ව




මෙන්න තවත් වීඩියෝ ලින්කුවක් 



What is the reason for aches in Neck, Back and Legs while using sewing machine ? Is there a standard height for seating and the machine ?

Sewing machine එකේ වාඩිවෙලා මහද්දි  කොන්ද , බෙල්ල සහ කකුල් රිදෙන්නේ ඇයි , මෙෂින් එකට සහ ඉදගන්න පුටුවට සම්මත උසක් තිබෙනවාද

දීර්ගකාලීනව  මහන අයත් එක්ක වැඩ කරලා ලැබුන අත්දැකීම් එක්ක , ඒ අයගේ බෙල්ලේ වේදනාව , කොන්දේ අමාරුව , උරහිස් සහ අත්වල වේදනාව , කකුලේ ඉහල කලවා ප්‍රදේෂයේ වේදනාව , සහ විලුඹ අවට වේදනාව , කියන හැම අපහසුතාවයකට හේතුව මෙෂින් එක උස වැඩි වීම , සහ ඉදගන්න පුටුවේ උස නොගැලපීම කියන කාරනාව මේ වෙනකොට මට හොදහැටි අවබෝදවෙලා තියනවා.

 ඒ ගැටලුව තියන   මගේ සේවාලාභින්ට  මම දෙන විසදුම් ටික මේ විදිහට මෙතැනට එකතු කරන්න හිතුවා , ඔයාලත් කරලා බලන්න.

සාමාන්‍ය ස්ටැන්ඩ් තියන මෙෂින් එකකදී නං මෙෂින් එකේ උස වෙනස් කරන්න බෑ , එතනදී අපිට කරන්න පුලුවන් ඉදගන්න පුටුව වෙනස් කරන එක , එතනදි හම්බ උන හොදම පිලිතුර තමයි , කුෂන් රහිත ,සීරුමාරු කරන්න පුලුවන් පුටුව. කුෂන් තියන පුටු  සහ  පුටුවට අමතරව  කොට්ට එකතු කරගැනීමත් නරකයි , මම දැකලා තියනවා කුෂන් සහ කොට්ට නිසාත් අපහසුතාවයන්ට ලක්උන අය.

පිටිපස්සේ හේත්තුවෙන ඇන්ද තියන එකක් වෙන්න ඕන ඒ පුටුව , එතකොට මහන අතරේ ලැබෙන සුලු විවේකයන්ගේදී පිට හේත්තු කරලා කෙලින්වෙලා ඉන්න එකෙන් බෙල්ලට , අත් වලට , උරහිසට සහ කොන්දට සහනයක් ලැබෙනවා , පුටුව එජස් කරගන්න තමන්ට පහසු විදිහට.


පැඩල් එක පාගලා මහනවනං මෙෂින් එකේ හිරයක් හෝ බෙල්ට් එකේ තද ගතියක් තියනවනං පාදයේ වේදනා ඇති වෙනවා , මෙෂින් එකට මෝටර් එකක් හයිකරලා නං , කවදාවත් පාගන පැඩල් එක උඩින් මෝටර් කන්ටෝලර් එක තියා ගන්න එපා


මෙෂින් එක අස්සක මුල්ලක වෙනත් උපකරන , බඩුගොඩවල් , ගෘහභාන්ඩ ලගින් තියාගන ඒවායෙන් බේරෙමින් වැරදි ඉරියව් වලට ඉන්න එපා


මෙෂින් එකේ ඉන්න ගමං යම් යම් දේ ගැනීම පිටු පසට ඉදිරියට හෝ දෙපසට අනවශ්‍ය විදිහට .. ඇලවීම හෝ දිගඇදීම කරන්න එපා , අලසකම අමතක කරලා නැගිටලා උවමනාදේ අරගන්න , එක දිගටම මෙෂින් එකේ  ම ඉන්න එපා  ටිකක්  නැගිටලා ඇවිදින්න.


මට හමු උන ගොඩ දෙනෙකුට තිබුන අපහසුතාවය නැති උනා මේ විදිහේ පුටු පාවිච්චියට ගත්තහම , හැබැයි ඉදගන්න කොටසේ කුෂන් එකක් තියන ඒවා නෙමෙයි , අමාරුයි කියලා කොට්ට තියාගන්නත් එපා , ඒක විසදුමක් නෙමෙයි. සමහර අයට  කොට්ටය හෝ  කුෂන් එක ඉවත් කලහම අපහසුතාවය මගහැරුන වෙලාවලුත් තියනවා.


හිස ඔසවා බැලීමේදි හැකි තරම් දුරක් ඇසට දර්ශනය වෙන තැනක මෙෂින් එක තියාගන්න , වරින් වර මහන එක නවත්වලා ටික වෙලාවක් තමන්ට පෙනෙන ඈතම තියන ගසක් වාගේ වස්තුවක් දිහා හොදින් ඇස්පිය හෙලමින් බලාගන ඉන්න , බෙල්ලේ , කොන්දේ වේදනාවන් විතරක් නෙමෙයි ඇස්වල ඇතිවන අපහසුතා නැතිකරගන්නත් පුලුවන් , වැඩිකාලයක් පාවිච්චිකරන්න ඇස්දෙක පරිස්සං කරගන්නත් පුලුවන්


මෝටර් කන්ටෝලර් පාගන පැඩල් එක උඩින් තියාගන්න එපා.


මෙෂින් එකේ ඉදගන අතේ යට කොටස මෙෂින් එකේ ටේබල් එක උඩින් සමාන්තරව තියාගත්තහම , වැලමිට ලගින් අංශක 90 ට තියෙන්න ඕන , අතේ ඉහල කොටස සිරුරට ලම්ඹකවත් වැලමිටෙන් පහල කොටස මෙෂින් ටේබල් එකට සමාන්තරවත්අපේ සාමාන්‍ය උසත් එක්ක ගත්තහම පොලවේ ඉදන් සෙන්ටිමීටර් 75 උසින් මෙෂින් එකේ බෙඩ් එක තියන එක තමය හොදම උස , බොහෝවිට ජුකි මෙෂින් මීට වඩා උසින් සහ පහතින් සවිකරලා තියනවා දකින්න පුලුවන්


මෙෂින් එකේ පැඩල් එක මෙන්න මේ වාගේ සාමාන්‍ය ආනතියකින් තියන එක වටිනවා , පැඩල් එකේ ආනතිය වැඩි වීම සහ අඩුවීම නිසා විලුඹ ආශිතව සහ කකුලේ ඉහල කලවා ප්‍රදේශයේ වේදනාවන් ඇතිවෙනවා , පැඩල් එක පාගන කොට ගොඩක් ප්ලේ ( මෙෂින් එක දුහන්න ගොඩක් යටට පාගන්න ඕන ) තියෙන්න බෑ , ඒක මෝටර් ක්ලච් එජර්ස්මන්ට් එකෙන් එජස් කරලා තියෙන්න ඕන








මහනකොට විතරක් නෙමෙයි මොන වැඩේ කරද්දිත් නිවැරදි ඉරියව්ව වැදගත් , නැත්තං දීර්ඝකාලිනව අපහසුතාවන්ට ලක්වෙන්න වාගේම , සුවකල නොහැකි ආබාධයන්ට ලක්වෙන්නත් පුලුවන්.

0778707807 - ලක්මාල්


2019-07-23

බල්ලන් කටුවා කනවාට අත්දුටු බෙහෙතක්


ආදරෙන්  හදන සතෙකුට හමේ ලෙඩක් හැදුනහම අපි කාටඋනත් හිතට හරි  දුකයි , ඉතින්  මොකද කරන්නේ  උස්සං දුහනවා වෙට් ලගට , දෙනවා  ඉන්ජෙක්ෂන් , පලවෙනි එක ගහපු ගමං  යාලුවා කසන එක නවත්තනවා , දෙවනි එක ගහපු  ගමං වැඩේ ගොඩ.

නමුත් සමහරක් ඩයල් වලට ඔන්න ආයෙත්  හැදෙනවා , ඉතින්  වෙට්ගේ  හත්මුතුපරම්පරාව ඉවරයි , ඒ  අහිංසකයා මක්කොරන්ඩද.

අපේ ගොංසන්ලා පාජාවේ ගිහින්  පාරේ ඉන්න ඩයල් වලින්  ලෙඩේ ආපිට ගේනවා

එක්කෝ මව් සත්තුගෙන් ජානගත රෝගයක්  විදිහට ලෙඩේ  ඇවිල්ලා.

එහෙම නැත්තං අපි සමබල අහාරවේලක්  දුන්නා උනත් බව්සන්ලාගේ තෝරතෝරා කෑමේ පුරුද්ද නිසා සමහර පෝෂන සංඝටක නොලැබීම නිසා රෝගය නැවත මතුවෙනවා.

ඔන්න ඔය මොන කාරනාව නිසා හරි ලෙඩවෙන බව් හමට නොවරදින බෙහෙතක් තමයි මේක , ඉන්ජෙක්ෂන් එක නොදී මේ බෙහෙතෙන්  උනත් ලෙඩේ  සුව වෙනවා , නැවත මතු උනුනොත්  නැවත මේ බෙහෙතම කරන්න.

නමුත් සතාව වෙට් කෙනෙක් ලගට ගෙනිහින් ඉන්ජෙක්ෂන් එක දෙන්න ඊට පස්සේ මේ බෙහෙත කරන්න , ඒ කියන්නේ දෙවනි ඉන්ජෙක්ෂන් එකත්  දුන්නට  පස්සේ මේක  කරන්න  ,  ඒ මගින්  නැවත රෝගය නොඑන්නම  සුවකරගන්න පුලවන්.

හොදින් ඉදුන තලනබටු ගෙඩි තුනයි
ගෙන්දගම් කුඩු ගෑම් දෙසීයයි
පිරිසිදු කොහොබතෙල් බෝතල් බාගයයි

කොහොඹතෙල් වලට ගෙන්දගම් හොදින් කලවම්කරලා , තලාගත්ත ඉදුනු එළබටු ගෙඩි තුනේ ඉස්මත් හොදින් කලවංම් කරන්න

සතාව හොදින් නාවලා හමේ  තෙත නැති උනාට පස්සේ   අර හදාගත්ත බෙහෙත ලාවට රත්කරලා අරගන මවිල් වැවෙන අතට විරුද්ධ පැත්ත හොදින් හමේ තැවරෙන විදිහට  ගාන්න , මුලු ශරීරයේම ඒ විදිහට ගාන්න ඕන

දැන්  සතාව කූඩුවට දාලා  තියන්න , නැත්තං මෑන්  ඕය බෙහෙත එව්වායේ මෙව්වායේ  උලනවා
දවස් පහක්  නාවන්න එපා , හයවෙනි දවසේ  නාවන්න , එදා දවස නිදහසේ ඉන්න දීලා හත්වෙනි දවසේ නැවත පෙර පරිදිම  කරන්න

ඒ  විදිහට හතර පාරක්  කරන්න , ඒ කියන්නේ  මාසයක්

ආයේ ලෙඩේ මතුවෙන්නේ  නැ , හදිස්සියේ  හරි ඉදුන තලනබටු ( එළබටු ) හොයාගන්න බැරි  උනාට ගැටලුවක්  නැ , ගෙන්දගම් සහ කොහොබ තෙල් විතරක්  උනත්  පාවිච්චි කරන්න.

රෝගයක්  නැති සතෙකුට උනත්  නෑවීමෙන් පස්සේ හම වේලෙනකං ඉදලා  ශරීරය පුරාම කොහොඹ තෙල් ගැල්වීමෙන් කෙස් හොදින් වැඩීමත් , ලස්සන දිලිසෙන පෙනුමක් ලැබීමත් , මැක්කන් කිණිතුල්ලන් කෑම අවම වීමත් සමග හමේ රෝග වැලදීමේ අවධානම අඩුකරගන්නත්  පුලුවන්.









2019-07-10

how to Threading 757 Five threads Overlock Machine , 757 ඔවර්ලොක් මෙෂින් එකට නූල් දාන හැටි.

how to Threading 757 Five threads Overlock Machine , 757 ඔවර්ලොක් මෙෂින් එකට  නූල් දාන හැටි.


 නූල් හදුනාගැනීම සදහා  1 , 2 , 3 , 4 , 5 ලෙසින් දකූනේ සිට  පිලිවෙලින් නම්කොට  ඇති අතර.

නූල දැවටිය යුතු  තැන්වලදී .... 1 - 1 , 2 - 5 , 5 - 9 , ආදි වශයෙන්  අනු  අංකයක්  සමගින් පිලිවෙලින්ද දක්වා ඇත.

වැඩිදුර පහසුව සදහා වර්ණ 5කින් නූල් දැවටිය යුතු තැන් වෙන වෙනමද  දක්වා ඇති.

තවදුරත් ගැටලු ඇත්නම්  වීඩියෝව නරඹන්න






















































0778707807 , ලක්මාල්

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>