2017-12-26

ඇම්බියුලන්ස්



‘‘ ලක්මාල් මහත්තයට  ලයිසන් නැද්ද ‘‘

‘‘ නැ මල්ලි ‘‘

‘‘එහෙනං බයික් පදින්නෙ ‘‘

‘‘ බයික් වලට තියනවා ‘‘

‘‘ ඒක මිසක්  ,   ඉතින් ගත්තනං හරිනෙ ‘‘

‘‘ එලවන්ඩ බෑනේ ‘‘

‘‘මං පුරුදු කරන්නං ‘‘

‘‘ බොසුත් කියුවා ‘‘

‘‘ මොකක්ද ‘‘

‘‘ඔයාට කියල පිට්ටනියට දාගන පුරුදුවෙලා ලයිසන් ගනින් කියලා ‘‘

‘‘ඒකනේ මං පුරුදු කරන්නං .. හැබැයි ඔය පිට්ටනි කතාව කොල්ටි නැ ‘‘

‘‘ඒ කියුවේ ‘‘

‘‘ඉක්මනට හරියට පුරුදු වෙන්ඩ නං පාරටම බහින්ඩ ඕන එකෙන්ම ‘‘

‘‘අනේ මේ .... මං බයික් ලයිසන් ගත්තේ බයික් එකක් අරගත්තට පස්සේ .... කාර් එකක් අරගන පුරුදු වෙනවා ‘‘

‘‘ඔහොම හිතුවනං අපිත් ... හෙහ් හෙහ් ‘‘

‘‘ඇයි  මොකද උඹ හිනාවෙන්නෙ‘‘

‘‘අපේ අයියා මට සෙනග පිරුන බස් එක දීලා තියනවා ලයිසන් නැති කාලේ  හපුතලේ බස්සන්ඩ‘‘

‘‘යකෝ  මිනිස්සු එක්ක‘‘

‘‘ඔව්වයේ  බ්රේක්  ෂුවර්නේ ලක්මාල්  මහත්තය ...  මෙව්වා  වාගේ  නෙමෙයි .... තුන් පාර පැඩල් කරා  .... කරාස් ගාල අඩේට හිට්ටා වාගේ , අයියා ඇන්ජිම උඩ ඉදන් මේ පැත්තට කකුල දාගන ඉන්නේ ...  ඒ පුරුද්ද තමා ... ඔය ගෙදර වාහනේ කොහේ හරි යන්ඩ උනත්  මටම සෙට් වෙන්නේ .... අම්මා උනත් දන්නවා  ... අයියලට වැඩිය මගේ ඩැයිවින් හොදයි කියල‘‘

‘‘ඔව් ඔව්  ඒක තමා ඔය බස්  පල්ලංවලට එහෙම දොක්කං වෙන්නේ .... , ආ මේ   ඒක තමයි .... මමත්  කියන්ඩ හිටියේ ... දඩස්ගාල වීක්එන්ඩ්  එකට එකපාරට නිවාඩු දාන්ඩ එපා   දවස් තුන හතර .... කලිං මට කියන්ඩ‘‘

‘‘හදිස්සියේ  සෙට්වෙන කේස්නේ සර්‘‘

‘‘හරි  හරි  ඔයාගේ නිවාඩු ගත්තට  මට අවුලක් නැ ඒ උනාට මං අනාතයිනේ .... දැං  බලහං ....ගිය සිකුරාද හවස ඇකමඩේෂන්  එකේ ඉදපු එකා  සෙනසුරාද උදේ  නැ  .... ඉරිදත්  නැ ... පස්සේ ඇවිත් ලියූෆෝම් දැම්මට වැඩක්  නැ  ... අන්න තවම මේසය උඩ මම  නං අත්සන් කරන්නේ නැ‘‘

‘‘අනේ ඉතින් එහෙම කරන්ඩ එපා සමාවෙලා චාන්ස් එකක් දෙන්ඩ .... අරයට ගෙදර එන්ඩ ඕන කියල කෝල් එකක් දුන්නා .... කැම්පස් එක ලගට ගිහින් එයාව ඇරගන ආවා ... පහුවදා යන්ඩ ඕන කියුවා ....එදත් යන්ඩ උනානේ‘‘

‘‘ඔය අන්තිම වතාව ආයේ  බෑ  , ආයේ  නොකියා ඔහොම  කරොත්  මට  ත්‍රීවිල් වලට ගිය ගාන ඔයාගෙන් අයකරගන්නවා‘‘

‘‘අනේ ඉතින් එහෙම කරන්ඩ එපා සර්‘‘

‘‘මොකද  ඉතින් බස් රස්සාව අත ඇරියේ‘‘

‘‘අතරින් පතර බස් පැද්දට මට සෙට් උනානේ  ලර්නස්  එක .....  අන්න කොල්ටි ජොබ් එක .... කෙල්ලො එහෙම පුරුදු කරන්ඩ සෙට්වෙනවා  .... පට්ට ආතල් ‘‘

‘‘ඉස්ටීරියන් එකේ ඉඩ තිබ්බට අල්ලනෙම අතින් , බ්රේක් එහෙම පාගනවනේ කකුලට උඩින් කකුල තියල‘‘

‘‘මහ බලුවැඩ බං ... ඔව්වා ලිංගික අතවර .... ලංකාවේ නීතියෙ  හැටියට  වරදක් ... උඹ දන්නවද‘‘

‘‘අප්පට එහෙමද ....  ඒ උනාට ලර්නස්වල ඔය සීන් එක හැමෝම කරනවා සර් .... බොසත් එහෙමයි‘‘

‘‘ඒ උනාට චාටර් මල්ලි‘‘

‘‘ඒ ජොබ් එකත් මරු  ... පුරුදු  කරන එකාට බයින්නේ චාටර් කරන්නේ නැතුව ... වැඩේ ගොඩ දාලා එක්සැමිනර්ට කියල කවර් කරල ට්‍රයල් එක ගොඩ දම්මලා දුන්නහම   දාහක් පන්සීයක්  ෂුවර්‘‘

‘‘ඉතින් මොකද ඒ රස්සාව අත ඇරියේ ‘‘

‘‘ඇමතිතුමාට චන්දෙට වැඩකරන්ඩ බැස්සනේ‘‘

‘‘මොන පිස්සු වැඩක්ද  ඒ‘‘

‘‘ඉතින් බැහැල වැඩ කරපු ඔක්කොම ගොඩනේ .... ඔක්කොමලට   සෞඛ්‍ය අමාත්‍යන්සේ  ජොබ් හම්බුනා‘‘

‘‘නෑ  ... ඉතින් උඹට හම්බුනේ නැත්තෙ ඇයි‘‘

‘‘නැත්තේ මොකද ... ලයිසන් තියන තුන් දෙනෙකුට තමයි ඉස්සෙල්ලම ජොබ් හම්බුනේ .... ඇම්බියුලන්ස්  ඩ්‍රයිවර්  තමයි තුන්දෙනාවම දැම්මේ ‘‘

‘‘අම්මට  එහෙමද .... ‘‘

‘‘තුන් දෙනාටම ට්‍රයල් දුන්නා ..... කොළඹ එළවලත්  පුරුදු නැ නේ ....  පාරේ අනිත් පැත්තට දාලා  ඇරලා  දාල කලර් ලයිටි වලින් ලග නමලා දැම්මා වැඩේගොඩ ‘‘

‘‘තුන්දෙනාටම හම්බුනාද .... නැ කෙලින්ම ඇම්බිලන්ස් වලට දැම්මේ  මාව .... එකෙක්වනං වෙන වාහනයකට  එකකට දාල පස්සේ  ඇම්බියුලන්ස් වලට දැම්මා .... අනිකට රස්සාව හම්බුනාට කොහේ ඉන්නවද දන්නෙ නැ‘‘

‘‘එහෙම එකපාරට ඇම්බියුලන්ස් වලට දාන්ඩ පුලුවන්ද බං .... මං හිතාන හිටියේ ඔය ඉස්පිරිතාල වල වැඩකරල පුරුදු හොද ඩ්‍රයිවර්ලව ඔව්වට දානවා කියල‘‘

‘‘මොකැ බැරි ඔය දැම්මේ.... අනික ඇමති තුමාට වැඩ කරපු උන්වයි ...එහෙම නැත්තං උන්ගේ පවුල්වල කාවහරිවයි අනිවා ජොබ් වලට දැම්මා ....‘‘

‘‘මොනවටද‘‘

‘‘ඉගන ගත්ත උන්ව ලිපිකරු එහෙම දැම්මා .... අනිත් උන් ඇටෙන්ඩන් ... ආතල්  ජොබ් එකනේ .... ස්ටාප් දාල බෙහෙත් ඇරං දීලනේ  හවසට ආතල් දාන්නේ  ... අනික පැන්ෂන් එකකුත් තියනවනේ‘‘

‘‘ඉතින් කොල්ලො  ඇයි ඒ රස්සාව අත ඇරියේ ‘‘

‘‘වැඩක් නැ  කතා කරල ...මගේ කොල්ටි නැතිකම‘‘

‘‘ඇයි ඒ

‘‘මට ඔය  ලේ දකින්ඩ එහෙම බෑනේ .... ඔය මස් ගන්ඩ ගියත්  සං ගාල මිසින් වෙන්නෙ ඒකයි   ඒ සීන් මට සෙට් වෙන්නෙ නැ‘‘

‘‘අනේ මේ පලයං බං යන්ඩ .... ඔය හොදට කන්නේ උඹ ‘‘

‘‘නැ සර්   මම හරක් මස් ඌරු මස් කන්නේ නැ ...  මාළු  චිකන්  එහෙම කෑවට ‘‘

‘‘ඇයි ඒ සත්තු ලොකු හන්දද‘‘

‘‘එහෙම නෙමෙයි මට සෙට් වෙන්නෙ නැ ‘‘

‘‘හරි හරි  ඉතින් මොකද අච්චර හොද රස්සාව අත ඇරියේ‘‘

‘‘ඔහොම වැඩකරන් ඉන්න කොට දවසක් අපි ලෙඩෙක් කොළඹ අරං ගිහින් එනවා .... කොහොමටත්  මට ඒ වෙනකොටත්  ඔය පණ අදින ලෙඩ්ඩු  අරගන ගිහින්ම එපාවෙලා හිටියේ ‘‘

‘‘එපා වෙන්නේ මොකටද ... ඒක ලොකු පිනක් නෙ  අනික පඩියක් ලැබෙනවට වඩා හිතට කොච්චර සතුටුයිද ඒක .... ජීවිතයක් ගොඩ දැම්මා කියල දැනෙන සතුට‘‘

‘‘ඒකම තමයි හේතුව‘‘

‘‘ඒ කියන්නෙ‘‘

‘‘ඕකෙම අනිත් පැත්ත .... වැඩේ කනේ ගියහම .... එපා වෙනවනේ‘‘

‘‘ඉතින් ඒක ඔයාගේ වරදක් නෙමෙයිනෙ  ... ඔයා හෙන ගේමක් දෙනවනෙ ඒක වෙනස් කරන්ඩ‘‘

‘‘සත්තු මරන්ඩ දුක නැද්ද සර්ට‘‘

‘‘නැ කොහොමටත් නැ...  මම සත්තු මරන්නේ.....  එක්කෝ ඒ සතා මරන්ඩම ඕන එකෙක් නං විතරයි , එහෙම නැතුව මම කෑමට ගන්ඩත් සත්තු මරලා තියනවා , මම අදහන කතාව ඇතුලේ මට මිනිහෙක් උනත් මරතහැකි..........  ඕකට  පැහැදිලි කතාවක් තියනවා  වෙඩික්කාරයා සහ දඩයක්කාරයාගේ වෙනස කියලා .... , ඒක පස්සේ .... දැං කියන්ඩකෝ  ඔය රස්සාව දාල ආව කතාව‘‘

‘‘දවසක් අපි ලෙඩෙක් අරං කොළඹ ගිහින් එනවා ...පාර බ්ලොක් වෙලා ස්ලෝ උනහම මිනිස්සු වටවෙලා  දැම්මා මනුස්සයෙක්..... ඔයා වගේ  සයිස්  ඔයාලගේ  වයසේ පොරක් .... බයික් එක හැප්පිලා තාප්පෙකට ... පොල්කුඩු සම්බෝල වෙලා  , ඇදුමේ පාට හොයන්ඩ බැ , ලේ වලින් නැ විලා ....‘‘

‘‘මැරිලද‘‘

‘‘කුඩු පට්ටන්  වෙලත් කතා කරනවා  .... එක දිගට කියවනවා...... මාව බේරගන්ඩඅ  .... බේරගන්ඩ  අ   කියල  .... මල්ලියේ  ... කියනවා  අයියේ  කියනවා ...මහත්තයෝ  කියනවා .............. ඉක්මනට යං  ... මගේ  ලේ  ගොඩක් යනවා  මං මැරෙයි  මාව ඉක්මනට ඉස්පිරිතාලෙට ඇරං යන්ඩ කියනවා ,  බ්රේක්  හිර උනා  කවදාවත් බයික් එකෙන් වැටිලා නැ කියනවා............. මිනිහා  කෑ ගහනකොට  මට  පාර බලාගන යන්ඩ  බැ  ...   මගේ ස්පීඩ් එකෙන්  මට  වාහනේ ඇරගන  යන්ඩ බෑ  ..............   අන්තිමට හැප්පෙනවනං හැප්පියං කියල මම  ගියේ .....  ‘‘

‘‘තව කවුද හිටියේ වාහනේ‘‘

‘‘නර්ස්  කෙනෙකුයි  ඇටන්ඩන් කෙනෙකුයි ‘‘

‘‘ඇයි  මල්ලි  දොස්තරල යන්නේ නැද්ද  ලෙඩ්ඩු අරං‘‘

‘‘එහෙම යන්ඩ දොස්තරල මහ ගොඩක් නැ සර්‘‘

‘‘ඉතින් ඊට පස්සේ‘‘

‘‘නර්ස් නෝනා  කියුවා  අපේ  ඉස්පිරිතාලෙට  නෙමෙයි ලගම තියන එකට අල්ලන්ඩ කියල .... ඒක  චාටර්  පොට්  එකක්‘‘

‘‘ඉතින් ‘‘

‘‘බල්ලෙක්වත් නැ  .... ටොලියේ  ඉස්සරහ  පැත්ත ගත්තෙත්  මං .... පොරගේ සද්දෙත්  හොදටම අඩුවෙලා තිබුනේ  .... බිමට ගන්න කොට කෙදිරි ගානවා  විතරයි ... ටොලියේ ඉස්සරහ  පැත්ත ගත්තේ  මං  .... ඇතුලට අරං  ඩොක්ට ලගට ගන්නකොටම  තුවාල වෙලා තිබුන  අත උස්සලා උඩට අරං  ටොලිය තල්ලු  කරන මගේ අත අල්ලගන  කෙදිරිගාන එක නැවැත්තුවා  .... පස්සේ  නිකංම  ඒ අත අතඇරුනා‘‘

‘‘ලේ ගිය හන්දා  සිහි නැතිවෙන්ඩ ඇති‘‘

‘‘නැ  පණගියා‘‘

‘‘ඉතින්‘‘

 ‘‘එදා ඉදං මට නින්ද ගියේ නැ ,  හැම වෙලේම  ඒ මනුස්සයව පේනවා ‘‘

‘‘ඇම්බියුලන්ස්  එක  එලවගන්ඩ බැ  ... යන්නේ තිහට හතලිහිට  ....  ස්පීඩ්  කරන්ඩ හිත දෙන්නෙ නැ  ...  ඒ  මදිවට  අර මනුස්සය කෑගහනවා ,  මට කතා කරනවා ඇහෙනවා‘‘

‘‘ඉතින් ඊටපස්සේ‘‘

‘‘මාසයක් හමාරක්  ඔහොම අමාරුවෙන්  ජොබ් එක  කරගන ගියා , දවසක්  මම  හොදටම රෑ  වෙලා  ගෙදර එනවා බයික් එකේ‘‘

‘‘ඉතින්‘‘

‘‘අපේ ගෙවල්  පාර මට ඉතින් ලොවෙත්  නැනේ .... අනික  මම මගේ වාහන රෙපයාර් කරල  සර්විස් කරල  පාවිච්චි  කරන  විදිහ ලක්මාල් මහත්තය දන්නවනෙ ..........   බ්රේක් හිරවෙන්ඩ නං  කොහොමටත්  විදිහක් නැ.‘‘

‘‘ඉතින්‘‘

‘‘වංගුවක්  එක්ක  පාර අප්සට් තැනක  බයික්  එක ස්ලෝ කරනවත් එක්ක   බයික්  එකට  කවුද ගොඩ වෙනවා වගේ  දැනුනා  ...  ඒතකොට  බැලන්ස්  නැති උනා  ‘‘

‘‘ඉතින්‘‘

‘‘කවුරු  හරි  මගේ  කකුලට  උඩින්  කකුල තියල  පස්සේ බ්රේක්  පාගන  ගමං  මගේ  ඇගිලි  උඩින්  අත තියල ඉස්සරහ බ්රේක් ගැහුවා‘‘

‘‘ඉතින්‘‘

‘‘ඉතින්  මොනවද  බෙල්ල නොකැඩි බේරුනේ ‘‘

‘‘ආයේ හිමිහිට  නැගිටලා  හැඩල් එක ඇද වෙච්ච  එක එහෙම තියං   අමාරුවෙන් ගෙදර ගියා  ,  සතියක් විතර ඇදේ ඉදලා තුවාල හොදකරං  ඉස්පිරිතාල රස්සාවට නොගිහින් ඉදලා  තමයි මෙහේ වැඩට  ආවේ‘‘

‘‘කෝකටත්  මම  අර  හැමදාම කියනව  වගේ  ඔයා හතලිහට එහා  ස්පීඩ් කරන්ඩ  එපා  ..........  ආයේත්  කවුරු හරි බ්රේක් පෑගුවොත්‘‘



2017-12-21

මරණය



මට දැං ඇති වෙලා
මේ ජීවිතය
උඹ ලගට එන්ඩ
ලේසීම
වේදනා රහිත
තාක්ෂණික
විද්‍යත්මක
නිර්මාණාත්මක
සාර්ථක
පහසුම ක්‍රම
බොහොමයක්ම
දන්නවා උනාට
කවරදාකවත්ම මම
කිසි දෙයක්
හොයාගන
ගියේ නැ
උඹවවත් එහෙමයි
වරෙන් මාලගට
මට දැං
වෙහෙසයි දුකයි
ඇති වෙලා තියෙන්නෙ